සිංගප්පූරුවේ දින 5ක්.

rajasaba

Active member
  • Jun 3, 2009
    514
    191
    43
    සිංගප්පූරුවේ දින 5ක්.

    ලංකාවෙන් පිට නිවාඩුවක් ගත කරන්න හොදම තැන තමයි සිංගප්පූරුව. මටත් පැණි හද ගතකරන්න එහේ යන්න පුදුම ආසාවක් තිබ්බත් ගෙදරින් බර බරේ දාපු නිසා ඒ අදහස අත ඇර ගත්තා. ඉතින් අපේ පලවෙනි ඇනිවසරියට සිංගප්පූරු යන්න තීරණය කලා. තීරණය කලේ අප්‍රේල් 18, යන්න දින දාගත්තේ අප්‍රේල් 27. දවස් 9යි ලෑස්ති වෙන්න තිබ්ඛේ. එදාම findmyfair එකෙන් ටිකට් එකක් බුක්කර ගත්තා. දෙන්නාටම 62යි. booking.com එකෙන් හොටෙල් එකක් බුක්කලා. fragrance hotel. දවස් 5ටම 30ක් විතර උනා. මූලික වියදම් එච්චරයි.

    Flight එක තිබ්ඛේ 27 රෑ 12.55ට. කෝකටත් කියලා අපි 10.20 වෙනකොට එයාපෝට් එකට ගියා. එතනනම් කිසිම කරදරයක් උනේ නෑ. එතන ඉදන් මැලේසියාවට යන්න MH 616 ෆලයිට් එකට නැග්ගා. හැබැයි නැග්ගේනම් පට්ට බයෙන්. කීයක් කියලනම් ඒ වෙනකොට කඩන් වැටුනද?

    කටුනායකින් පිටත්වෙලා පැය තුනහමාරකින් අපි මැලේසියාවට ගොඩ බැස්සා. එතකොට එහේ වෙලාව උදේ 7.15යි. අපිට එතන ඉදන් සිංගප්පූරුවට පිටත්වෙන්න තිබ්ඛේ 8.15ට. ගොඩ වෙලාවක් නැති නිසා අපි ඉක්මනින්ම ඊලග terminal එකට ආවා.

    මැලේසියාවේ ඉදන් සිංගප්පුරුවට පැයක ගමනක් තිබ්ඛේ. ඒ වෙලාව යනවා දැනුනේ නෑ. කලින් පැය තුනනම් film එකක් බැලුවා. මේ පැයට මොනවා කියලා කරන්නද?

    බැස්සාට පස්සේ තමා වීසා ගහන්නේ. පොඩි ඇප්ලිකේෂන් එකක් තියනවා පුරවන්න. ඒක මැලේසියාවෙන් පිටත්වෙන කොටම දුන්නා. වෙලාවට ඒක පුරවාගෙන බාර දුන්නම අහනවා කීයක් ගෙනාවද, හොටෙල් එකේ නම මොකක්ද, අරවද මේවද විස්තර ටිකක්. ඒ ටිකට උත්තර දුන්නම සීල් එක ගහලා වීසා දෙනවා. එතනදි කොල කෑල්ලක් දෙනවා ඒද නැතිකරගන්නැතිව තියාගන්න ඔන යද්දී ඒක ඉල්ලනවා. නැතිඋනොත් බඩුම තමා.

    වීසා ගහගෙන එලියට ආවාම එයාපෝට් එක ඇතුලෙම ෂොපින් මොල් එකක් තියෙනවා. එහෙම කිව්වට කඩවල් ටිකක්. උදේට එතනින් ලාවට වගේ කෑම කාලා, SMRT කාඩ් දෙකකුයි, Universal Studio යන්න ටිකට් දෙකකුයි ගත්තා.SMRT කාඩ් එකනම් ඩොලර් 7ක් උනේ. Universal Studio ටිකට් එක 68ට හම්බුනා. දෙකටම 136යි. පිටින් ගත්තනම් 74ක් විතර වෙනවා.

    එතනින් MRT එකට ගියා. අපිට එතන ඉදන් කෙලින්ම හොටෙල් එකට යන්න විදිහක් තිබුනේ නෑ. Tanar Merah වලින් බැහැලා වෙන එකක Paya Lebar වලට යන්න උනා. එතන ඉදලා යන්න විදිහක් දැනගෙන තිබුනේ නෑ. Paya Lebar වලින් බැහැලා සිම් එකක් ගත්තා. කෑමත්,කාලා වටපිට ඇවිදලා මැප්එක බැලුවා. බලද්දී පයින් යන්න පුලුවන් දුර. රට බලන්නත් එක්ක අපි පයින්ම හොටෙල් එකට ගියා.

    මේ තියෙන්නෙ හොටෙල් එක.




    16463579_10212498127107358_7460956275089274072_o.jpg


    16386948_10212498130987455_5575825814685644498_n.jpg


    16427511_10212498135147559_5351415232507876410_n.jpg


    16463298_10212498127067357_185774406382159619_o.jpg


    16403091_10212498129747424_5182174064060402221_o.jpg




    12.30ට විතර අපි හොටෙල් එකට ගියේ. චෙකින් ටයිම් එක තිබ්ඛේ 2ට. ඒත් අපිව හොදට පිළිගෙන කාමරේට යන්නත් දුන්නා. ඇගේ මහන්සියටත් එක්ක පොඩි ඇලට් එකක් දැම්මා. ඇහැරිලා බලද්දී 7ත් වෙලා. ඉතින් රෑට කන්නත් එක්ක අපි එලියට ආවා. එතන ඉදන් අපි Katong වලට පයින්ම ගියා. ලස්සන බලන්නත් එක්ක.


    16473349_10212498062585745_602471970244413636_n.jpg



    16426096_10212498050865452_6618239640655860546_n.jpg






    මේහරියෙත් තනිකරම Club තමයි තියෙන්නේ. කාටවත් කරදර කරන්නේ නෑ. තමන්ගේ පාඩුවේ බිස්නස් එක කරගෙන ඉන්න සෙට් එකක් තමයි මෙහේ ඉන්නේ.:yes::yes:

    මේ තියෙන්නේ අපේ පාරක්.:shocked::shocked:


    16473529_10212498047025356_7283985555151083410_n.jpg


    කොවිලකුත් තිබ්බා.


    16423075_10212498058465642_2734372192485467740_o.jpg



    රෑට කලා ශොපින් පාරකුත් දාලා රෑ11ට විතර ආයෙමත් හොටෙල් එකට ආවා. අපේ plan එකේ හැටියට ඊලග දවසේ සෙන්තෝසා යන්න හිටියේ. උදේම යන්න කියලා හිතලා නිදාගත්තා.



    දෙවන දවසේ වෙච්ච දේ වලින් නැවත හමුවෙමු.
    ;);)


     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    2010 දෙසැම්බර් වල ගියාට පස්සෙ අායෙ යන්ඩ හම්බුනේ නෑ බන්. අාසයි අායෙ යන්ඩ
     
    • Like
    Reactions: rajasaba

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    Universal Studio ටිකට් එක 68ට හම්බුනා. දෙකටම 136යි. පිටින් ගත්තනම් 74ක් විතර වෙනවා.


    me machan dollar da
     
    • Like
    Reactions: rajasaba

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    Universal Studio ටිකට් එක 68ට හම්බුනා. දෙකටම 136යි. පිටින් ගත්තනම් 74ක් විතර වෙනවා.


    me machan dollar da

    Singapore dollar :yes::yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Ela ela.

    "එතනදි කොල කෑල්ලක් දෙනවා ඒද නැතිකරගන්නැතිව තියාගන්න ඔන යද්දී ඒක ඉල්ලනවා. නැතිඋනොත් බඩුම තමා"



    Mage oya kola kalla keepa parak nati unaa. eth ban awulak uney naha. un wenama Queue ekakata aran prshna deka tunak ahanawa echcharay. :P
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    Ado Joo Chait wala fragnance eka neda mae. mamath hitiye oya hotel eke. Oya lagama thiyenawa machan podi indian restaurant ekak. Hamadama raeta kaewe ethanin
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    Ado Joo Chait wala fragnance eka neda mae. mamath hitiye oya hotel eke. Oya lagama thiyenawa machan podi indian restaurant ekak. Hamadama raeta kaewe ethanin

    :yes::yes::yes:

    ඔව් බං. මුස්ලිම් අක්කාගේ කඩේ නේද?

    කෑමනම් පට්ට
     
    Last edited: