සයිටම් හා විග්නේස්වරන්ගේ බොරු

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සයිටම් හා විග්නේස්වරන්ගේ බොරු

    සයිටම් ශිෂ්‍යයන් උසස් පෙළ අසමත් වී විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට නොහැකි වූ අය ලෙස හඳුන්වන්න ඇතැමුන් කැමතියි. එවැනි කතාවක් සමාජයේ ඇතැම් උගතුන් අතර තිබෙනවා. මා ඉතා පැහැදිලි ව කියා තිබෙනවා සුදුසුකම් ලැබීම හා විශ්වවිද්‍යාලයට ඇතුල් වීම යනු එකක් නොව දෙකක් කියා. ඒ අතර උසස් පෙළ සමත් වීම කියන්නේ වෙනම ම දෙයක්. උසස් පෙළ විෂය තුන සමත් නම් යමකු උසස් පෙළ සමත්. විශ්වවිද්‍යාලවලට ඇතුල් වීම සඳහා ඒ ඒ පීඨ නිර්ණායක සඳහන් කර තිබෙනවා. ඉංජිනේරු පීඨයකට ඇතුල් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් වෛද්‍ය පීඨයකට ඇතුල් වීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්වලින් වෙනස්. කෘෂිකර්ම පීඨවලට වෙන ම සුදුසුකම් තිබෙනවා. ඉංජිනේරු පීඨයකට ඇතුල් වීමට නියම කර ඇති සුදුසුකම්වලට වඩා වෙනස් භෞතීය විද්‍යා හැදෑරීමට අවශ්‍ය සුදුසුකම්. රසායන විද්‍යා විෂය නැතිව වුවත් භෞතිය විද්‍යා හැදෑරීමට පුළුවන්.

    ඒ ඒ පීඨවලට ඇතුල් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සැපිරූ පමණින් විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න බැහැ.
    විශ්වවිද්‍යාලවල ඉඩ ඇත්තේ සීමිත සිසුන් සංඛ්‍යාවකට. එහි දී දිස්ත්‍රික්ක ක්‍රමයත් බලපානවා. ඇතැම් පීඨ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලට ඇතුල් වීමේ දී තිබිය යුතු ඉසෙඩ් ලකුණ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ සාමාර්ථ තුනක් ගත්තත් වෛද්‍ය පිඨයට ඇතුල් වීමට නොහැකි වන්න පුළුවන්. එවැනි ශිෂ්‍යයකු විභාග මිනුම් දඬු අනුව අදක්‍ෂ ශිෂ්‍යයෙක් ද? ඒ තුන ලබා ගැනීම බුද්ධිය මනින නිර්ණායකයක් නො වෙයි. එහෙත් විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේ දී සුදුසු යැයි කියැවෙන විවිධ නිර්ණායක යොදා ගැනෙනවා. අද දිස්ත්‍රික්ක ක්‍රමය අන්ත දූෂිතයි. කුසලතා පදනමින් ඇතුල් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කළ යුතුයි. උසස් පෙළ ප්‍රතිඵල හා ජීවන ප්‍රතිඵල (කුසලතා) අතර සහසම්බන්ධයක් නැති වුනත් අද උසස් පෙළ ප්‍රතිඵල විවිධ කාර්ය සඳහා යොදා ගන්න වෙලා තියෙනවා. මා දන්නා තරමින් සයිටම් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට සුදුසුකම් ලබා ඇති එහෙත් ශාස්ත්‍රීය භාෂාවෙන් නම් අධ්‍යයන නොවන විවිධ හේතු නිසා ඇතුල්වීමට නොහැකි වූ අය. ඔවුන් ධනපතියන්ගේ මුදලට උපාධි ලබාගන්නා මෝඩ දරුවන් කියා ගැරහීම සුදුසු නැහැ.

    පහේ ශිෂ්‍යත්වය සමත් වූ පමණින් ජනප්‍රිය පාසලක් ලබා ගන්න බැහැ. එහෙත් එලෙස ජනප්‍රිය පාසලකට ඇතුල් නොවූ අයටත් ශිෂ්‍යත්වය ලැබෙනවා. ශිෂ්‍යත්ව පරීක්‍ෂණය සමත්වීම හා ජනප්‍රිය පාසලකට ඇතුල්වීම කියන්නෙ දෙකක්. ජනප්‍රිය පාසලක් නොලැබූ පමණින් ශිෂ්‍යත්වය අසමත් කියලා කියන්න බැහැ. ඇතැම් විට පෞද්ගලික පාසල්වල ඉගෙනීම ලබද්දීම ඒ ශිෂ්‍යත්ව මුදල ලැබෙනවා. ශිෂ්‍යත්ව පරීක්‍ෂණයට පෞද්ගලික පාසලකින් පෙනී සිට රජයේ පාසලකට ඇතුළත් නොවී ද ශිෂ්‍යත්ව මුදල ලබාගන්න පුළුවන්. ජනප්‍රිය පාසල්වලට ඇතුල් නොවන ශිෂ්‍යයන් අතර ශිෂ්‍යත්ව පරීක්‍ෂණය සමත් වූ ශිෂ්‍යයන් ඉතා විශාල ප්‍රමාණයක් සිටිනවා. මේ සයිටම් ගැන අප ඕනෑවටත් වඩා ලියා තිබෙනවා. අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නය සයිටම් නො වෙයි. රට දෙකඩ කිරීම. එයට විරුද්ධව අන්තරේ පෙළපාලි යන්නෙ නැත්තෙ ඇයි?

    විග්නේස්වරන් මඩකලපුවේ දී නැවතත් තම බොරුව කියලා. අවුරුදු දෙදහකට වැඩි කාලයක් තිස්සේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයා පදිංචි වී සිටි බව ඔහු කියලා. දෙමළ ජනයා සෑහෙන ප්‍රමාණයක් මේ බොරුව විශ්වාස කරනවා. අප විශ්වාස කිරීමට කැමති දේ සාධක (හේතු නොව) නැතිව වුවත් පිළිගැනීමට අප කැමතියි. සමහර බොරු අප විශ්වාස කරන්නේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. ඒ වගේ ම අප අනෙක් අය සතුටු කරන්නත් සමහර දේ කියනවා. සමහරු ඇතැම් විට කියනවා දෙමළ ජනයාටත් සමාන ව සලකනව නම් ඊනියා සංහිඳියාවක් ව්‍යවස්ථාවක් ආදිය අවශ්‍ය නැහැ කියලා. මේ රටේ දෙමළ ජනයාට ඇති අසමානත්වය කුමක් ද? උදාහරණයක් දෙන්න පුළුවන් ද? ජනමාධ්‍ය ඉදිරියේ එවැනි ප්‍රකාශ කළ යුත්තේ ඒ ගැන හරියට ම දන්නේ නම් පමණයි. දෙමළ ජනයාට මෙරට අසමානත්වයක් නැහැ. සයිටම් ගැනත් තත්වය එසේමයි. අපේ සමහර උපකල්පන සංකල්පීය අවුල් නිසා ඇතිවන දේ.
    දෙමළ කියා ජනවර්ගයක් අද ඉන්නවා. ඔවුන්ට ජනවාර්ගික විඥානයක් ද තිබෙනවා. එහෙත් ඉතිහාසයේ සෑම දිනක ම එවැනි විඥානයක් තිබී නැහැ. එසේ වුනත් දෙමළ ජනයා විශ්වාස කිරීමට කැමතියි ඔවුන්ට අවුරුදු දෙදහසකට වැඩි දෙමළ විඥානයක් තිබෙනවා කියා. අප බොහෝ විට අප කැමති දේ විශ්වාස කරනවා. දෙමළ දේශපාලනඥයන් දෙමළ ජනයා රැවටීමට බොරු කියනවා. මෙරට දෙමළ කතාකරන ජනයා දහතුන්වැනි සියවසෙන් පසුව සිටියත් ඔවුන්ට දෙමළ කියා කිසිවකු කී බවට සාධක නැහැ. ඔවුන් මලබාර්වරුන් ලෙස නම් හඳුන්වා දී තිබෙනවා. ඒ ඔවුන් දහහතරවැනි සියවසේ මුලින් පැමිණි ප්‍රදේශයේ නමින්. ඉංගිරිසින් අවුරුද්ද හැඳින්වූයේ සිංහල හා හින්දු අවුරුද්ද ලෙස. එය සිංහල හා දෙමළ අවුරුද්ද කියා නොකිවුවේ එකල දෙමළ අනන්‍යතාවක් නොතිබූ නිසයි. කොහොමත් ඒකට හින්දු කියන එක ගැටගහ ගත්තෙ සිංහලයන්ට අසාධාරණයක් කිරීමට. ඉන්දියාවේ හින්දු අවුරුද්දක් නැහැ.

    දහහතරවැනි සියවසේ මලබාරයෙන් පැමිණි සමහරුන් සිංහල සමාජයට අවශෝෂණය වුනා. ඔවුන් ඉන්පසු මලබාර් යනුවෙන් හැඳින්වීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. තවත් සමහරුන් තම මුස්ලිම් අනන්‍යතාව දිගට ම රැකගත්තා. යාපනයට පැමිණි මලබාර්වරුන් දෙමළ වූයේ නැහැ. එසේ දෙමළ වීමට දෙමළ ජනකායක් යාපනයේ සිටියේත් නැහැ. ඔවුන් මලබාර්වරුන් නමින් ම හඳුන්වනු ලැබුවා. යාපනයේ එවකට සිංහලයන් සිටි නමුත් මේ මලබාර්වරුන් සිංහල වූයේත් නැහැ. ඒ ආර්යචක්‍රවර්තීන්ගේ බලපෑම නිසා.

    මෙරට දෙමළ අනන්‍යතාවක් ඇති වුනේ දහනවවැනි සියවසේ අග. එතෙක් මුස්ලිමුන් ද සැලකුණේ දෙමළ කතාකරන ජනයා ලෙස. අනෙක් අතට ඉංගිරිසින් ලංකාව පළාත් නවයකට බෙදුවේ 1889 දී. මේ පළාත් දෙකේ අනන්‍යතාවක් නොතිබූ දෙමළ ජනයා අවුරුදු දෙදහසකට වඩා ජීවත් වුනේ කෙසේ ද? ඉංගිරිසින් මෙරට මුළින් ම බෙදුවේ පළාත් පහකට. එහි දී අනුරාධපුරයත් උතුරු පළාතට අයිති වුනා. බැරි වෙලාවත් ඒ පළාත් පහ දිගට ම තිබුණා නම් විග්නේස්වරන් කියාවි දෙමළ ජනයා අවුරුදු දෙදහස් ගණනක් අනුරාධපුරයේත් හිටියා කියා.

    පඬියකු කියාවි එළාරගෙ කාලයේත් දෙමළ ජනයා අනුරාධපුරයේ සිටියා කියා. එය මුළුමනින් ම වැරදියි. එකල දෙමළ අනන්‍යතාවක් නොතිබුණා පමණක් නොව එළාර දෙමළ නොවෙයි. මහාවංසයේ කියැවෙන්නේ එළාරො නාමො ඛත්තියො, එළාර නම් ක්‍ෂත්‍රීියයා කියා. බ්‍රාහ්මණ කුල ක්‍රමය අනුව දකුණේ (අද දකුණු ඉන්දියාවේ) ක්‍ෂත්‍රියයන් සිටියෙ නැහැ. එහි සිටි පිරිස ශුද්‍රයන්. එළාර පැමිණ ඇත්තේ ක්‍ෂත්‍රියයන් සිටි ප්‍රදේශයකින්. විග්නේස්වරන් ඉතිහාසය හැදෑරිය යුතුයි.

    මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
    https://www1.kalaya.org

    නලින් ද සිල්වා
    2017 පෙබරවාරි 11
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වම අන්තරේ පසුපස යෑම

    ඊයේ නුගේගොඩ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් කුමන නමකින් වුව ද පැවැත්වූ රැස්වීමට ඒකාබද්ධ විපක්‍ෂයේ වම යැයි කියාගන්නා අයත් සහභාගි වුනා. ශිෂ්‍ය රැළිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළින් ඇරඹී නුගේගොඩින් අවසන් වුනා. මෙය නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා කරන සටනක් ලෙස ශිෂ්‍යයන් හඳුන්වාවි. වමත් එසේ සිතනවා විය හැකියි. මේ අය නිදහස් අධ්‍යාපනය කියන්නේ කුමක් ද කියාවත් දන්නවා ද? කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ මුදල් ගෙවා ලබාගන්න අධ්‍යාපනය නැති කරන්න නො වෙයි. ඒ එසේ නම් ශාන්ත තෝමස්, ත්‍රිත්ව, ශාන්ත ජෝසෆ්, ශාන්ත පීතර, කාන්තා, ශාන්ත බ්‍රිජට්, බිෂොප් ආදී පාසල්වලට පැවැත්මක් තිබිය නො හැකියි.

    නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ එවකට මුදල් ගෙවා පමණක් ලබාගත හැකිව තිබූ ඉංගිරිසි මාධ්‍යයෙන් දෙන ලද අධ්‍යාපනය මුදල් ගෙවීමට නොහැකි සිසුන්ටත් ලබා දීමට මිස මුදල් ගෙවා ලබා ගන්නා අධ්‍යාපනය නැති කිරීමට නො වෙයි. එකල ද, සුද්දන්ගේ කාලයේ සිට ම සිංහල හා දෙමළ මාධ්‍යවලින් දෙනු ලැබූ අධ්‍යාපනය ලැබුණේ නොමිළේ. බොහෝ දෙනාට ඒ බව අමතකයි. කන්නන්ගර මහතා තවත් දෙයක් කළා. ඒ අධ්‍යාපන මාධ්‍යය ක්‍රමයෙන් ඉංගිරිසියෙන් සිංහලට හා දෙමළට හැරවීම. මගේ මතකය නිවැරදි නම් 1956 වන විට සාමාන්‍ය පෙළට සමාන පංතිවල ඉගැන්වීම කෙරුණේ සිංහලෙන් හා දෙමළෙන්. 1961 පමණ වන විට විශ්විද්‍යාලයේ අධ්‍යාපන මාධ්‍යය ද සිංහලට හැරුණා. ඉංගිරිසි අධ්‍යාපන මාධ්‍යය සිංහලට හැරුණේ බණ්ඩාරනායක මහතාගෙන් පසුව 1956 දී නො වෙයි. එයත් කන්නන්ගර මහතාගේ උත්සාහයක ප්‍රතිඵලයක්.

    කිරිඇල්ල කීවාට නිදහස් අධ්‍යාපනය එ ජා පක්‍ෂයේ වැඩක් නො වෙයි. නිදහස් අධ්‍යාපනය ඇති කරන කාලයේ එ ජා පක්‍ෂයක් තිබුණේත් නැහැ. කොහොමටත් සේනානායකලා, ජයවර්ධනලා, එස්මන්ඩ් වික්‍රමසිංහලාගේ හා විජේවර්ධනලාගේ ලේක්හවුසිය නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වුනා. නිදහස් අධ්‍යාපනයට පක්‍ෂ වූයේ විද්‍යාලංකාර පිරිවෙන, භික්‍ෂූන් වහන්සේ හා වමේ දේශපාලන පක්‍ෂ. කිරිඇල්ලට නිදහස් අධ්‍යාපනය ගැන උරුමයක් නැහැ. ඔහුත් රනිලුත් රාජකීය විද්‍යාලයේ නිදහස් අධ්‍යාපනය ලැබීම වෙනත් කරුණක්.

    පැරණි වමේ පක්‍ෂවලට නිදහස් අධ්‍යාපනය ගැන කතා කිරීමට අයිතියක් තියෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් සටන් කර තිබෙනවා. එහෙත් ජ වි පෙ, පෙරටුගාමීන් ආදීන් කර ඇත්තේ කුමක් ද? තරුණ ජීවිත බිලි දීම පමණයි. පැරණි වමත් මෝඩකමට 1953 දී හර්තාලයක් කළා. එය නිදහස් අධ්‍යාපනය සඳහා නො වෙයි. හාල් සේරුව ශත විසිපහක් කිරීමට විරුද්ධව. අද හාල් සේරුව රුපියල් අසූවකටවත් ගන්න බැහැ. එහෙත් අද හර්තාල් කරන්නේ නැහැ. ඒක හොඳයි. හර්තාලයෙන් නව දෙනකු මිය ගියා. රටට වූ යහපත කුමක් ද? ඩඩ්ලි වෙනුවට ජෝන් කොතලාවල අගමැති වුනා. කොතලාවල සේනනායකට වඩා හොඳ වුනා ද? 1956 බණ්ඩාරනායක මහතා බලයට පැමිණියේ හර්තාලය නිසා යැයි කීමට වමේ සමහර උදවිය උත්සාහ ගත්තා. බණ්ඩාරනායක මහතා බලයට පත් වූයේ ජාතිකත්වය ඉස්මතු වීම නිසා මිස ජීවිත නවයක් නැති කළ හර්තාලය නිසා නො වෙයි.

    1971 ජ වි පෙ ආයුධ සන්නද්ධ නැගිටීමෙන් සිදු වූයේ කුමක් ද? ජීවිත දසදහස් ගණනක් නැති වීම පමණයි. අවසානයේ දී 1977 ජේ ආර් බලයට පත් වූවා. විජේවීර හිතුවේ එ ජා ප ආණ්ඩුවක් යටතේ විප්ලවය කිරීම පහසු කියා. ජේ ආර් ජ වි පෙ තහනම් කළා. 1987- 90 කාලයේ ජ වි පෙ නැවතත් ආයුධ අතට ගත්තා. ජේ ආර්ටත් වඩා ඒකාධිපතියකු වූ ප්‍රේමදාස බලයට පත්වුනා. 1994 වන තුරු ආණ්ඩුව පෙරළන්න බැරි වුනා. ජ වි පෙරමුණට පමණක් නොව මුල දී ඔවුන් අනුගමනය කළ කොටි සංවිධානයටත් අවසානයේ දී අත් වූයේ පරාජයයි.

    ආයුධ සන්නද්ධ සටන්වලින් බලය ලබා ගැනීම මෙරට සාර්ථක වී නැහැ. පැරණි වම ඒ බව දන්නවා. ජ වි පෙ අද කරන්නේ ආණ්ඩුවේ වුවමනා වෙනුවෙන් බොරු සටන්පාඨ ඇද බෑම පමණයි. ඔවුන් මේ ආණ්ඩුව පිහිටුවීමේ දී කළ දෙයක් නැති වුවත් ඒ පාප කර්මයට සම්මාදන් වුනා. ඔවුන් හා පෙරටුගාමීන් එක් ව අද රනිල් තව තවත් ශක්තිමත් කරනවා. ඔවුන් ශිෂ්‍යයන් මුළා කරනවා පමණයි. අද පෙළපාලි යන ශිෂ්‍යයන්ගෙන් අති විශාල බහුතරය වයස අවුරුදු හතළිහ වන විට ඊනියා විප්ලවය අත්හරිනවා. තම ළමයින් පෞද්ගලික පාසල්වලට යවනවා. බටහිර වෛද්‍යවරුන් ලෙස පත්වන බොහෝ දෙනා පෞද්ගලික රෝහල්වල මුදල් උපයනවා. ඇතැමුන් පිටරට යනවා. ඔවුන් සියල්ලන් ම පාහේ වෛද්‍ය පීඨවලට ඇතුළත් වී ඇත්තේ මුදල් ගෙවා උපකාරක පංතිවලට යෑමෙන් පසුව.

    සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය නැති වන්නේ නැහැ. සයිටම් ප්‍රශ්නයට විසඳුම් අප ඉදිරිපත් කර තිබෙනවා. සයිටම් ප්‍රශ්නය ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. නීතිය ඉක්මවා ගොස් වෛද්‍ය සභාවට සයිටම් සිසුන්ට යාවකාලීන ලියාපදිංචිය දීම නැතිකරන්න බැහැ. අභියාචනාධිකරණ තීන්දුවට පිටින් යෑමට වෛද්‍ය සභාවට බැහැ. මෙහි දී අධිකරණය කරන්නේ වෛද්‍ය උපාධියට ප්‍රමිතීන් නියම කිරීම නොව වෛද්‍ය සභාවට තම නෛතික සීමා මතක් කර දීමයි. ඇතැමුන්ට මේ කිසිවක් තේරෙන්නේ නැහැ. අන්තරේ පඬියන් දන්නා ඉටිගෙඩියක් නැහැ. වෛද්‍ය සභාවට හෝ සෞඛ්‍ය ඇමතිට හෝ උපාධි ලබාදෙන ආයතන පිළිගැනීමට හෝ නොපිළිගැනීමට හෝ බලයක් නැහැ. වෛද්‍ය සභාව කරන්නේ වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍යවරුන් ලෙස සේවය කිරීම සඳහා ලියා පදිංචිය ලබා දීම. එහෙත් එය කළ හැක්කේ නීතියට එකඟ ව මිස නීතිය ඉක්මවා ගොස් නො වෙයි. වෛද්‍ය සභාවට රජයේ විශ්වවිද්‍යාලවලත් ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය තිබෙනවා. 1961 දී පේරාදෙණිය වෛද්‍ය පීඨය පිහිටවූ විට එංගලන්තයේ වෛද්‍ය සභාවටත් එහි ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ඇති වුනා. අද නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න තිබෙනවා. අන්තරේ ඒවාට පෙළපාලි යන්නේ නැහැ.

    ප්‍රේමදාස ඊනියා ප්‍රාදේශීය විශ්වවිද්‍යාල පිහිටු වූ විට එහි ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ඇති වුනා. ඒ සම්බන්ධයෙන් මා ප්‍රශ්න කළ විට පොලිස් භට කණ්ඩායමක් මධ්‍යම රාත්‍රියේ අප නිවසට පැන ජේ ආර් 1984 දී පමණ ඇති කළ, ඩී එස් සේනානායක විදුහල අසල පිහිටි ජාතික බුද්ධි විමර්ශන මණ්ඩලයට මා ගෙන ගියා. ඒ භීෂණ සමයේ. ඔවුන් ගෙදරට කියා ගියේ මා කුරුඳුවත්ත පොලීසියට ගෙන යන බව. මගේ බිරිඳත් ලොකු පුතාත් මා සෙවීමට මහා රෑ ම කුරුඳුවත්ත පොලිසියට ගිය විට ඔවුන්ට කියා ඇත්තේ මා එහි නොමැති බවයි! එකල විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති අර්ජුන අළුවිහාරේ සමග ඇති වූ සටන් ගැන කරුණාරත්න පරණවිතානත් ජී එල් පීරිසුත් දන්නවා. ඒ ප්‍රාදේශීය විශ්වවිද්‍යාල සමහරක් පසුව ජාතික විශ්වවිද්‍යාල බවට පත් කෙරුණා. අද සබරගමුව හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල බවට පත් වී ඇත්තේ ඒ ඊනියා ප්‍රාදේශීය විශ්වවිද්‍යාල දෙකක්. මේ විශ්වවිද්‍යාලවල බටහිර වෛද්‍ය පීඨ ඇති කිරීමට කාලය පැමිණ තිබෙනවා. බොහෝ දෙනා සිතන්නේ මා නිදහස් අධ්‍යාපනයේ හතුරකු කියායි.

    ඒකාබද්ධ විපක්‍ෂයේ ඊනියා වම ශිෂ්‍යයන් පසුපස යෑම ගැන කණගාටු වෙනවා. අන්තරේ අද සූදානම් වන්නේ සයිටම් මුවාවෙන් නැවත භීෂණයක් ඇති කර ජීවිත දහස් ගණනක් බිලි දී ආණ්ඩුවට රට බෙදන ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ පසුබිම සකස් කිරීමට. ඒකාබද්ධ විපක්‍ෂයේ ඊනියා වම කළ යුත්තේ අන්තරේ පිටුපස යෑම නොව සයිටම් ප්‍රමිතිය ගැන විසඳුම් ඉදිරිපත් කිරීමයි. සයිටම් අහොසි කළ යුතු ය ජනසතු කළ යුතු ය වැනි සටන්පාඨ හිස් කතා පමණයි. ඒවාහි ඇත්තේ සද්දයක් පමණයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ද මේ හිස් සටන්පාඨ කියෙවුවා. එකල ප්‍රේමදාස විසඳුමක් සෙවීමට මා කැඳෙවුවා. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කැලණියේ වෛද්‍ය පීඨය බවට පත්කෙරුණේ මා ප්‍රේමදාසට කළ යෝජනාවක් පිළිගැනීමෙන්.

    බොහෝ දෙනා නොදන්නවාට රජයේ විශ්වවිද්‍යාලවල මුදල් අයකර, බටහිර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට වෛද්‍ය උපාධි ලබාගැනීමට ඇති නිර්ණායකයක් පරිදි යම්කිසි සායනික පුහුණුවක් ලබා දීමට කටයුතු කරනවා. අපේ විශ්වවිද්‍යාල ඒ සම්බන්ධයෙන් වෙළෙඳ දැන්වීම් ද පළ කරනවා. මා දන්නා තවත් බොහෝ දේ තිබෙනවා. මෙරට ඇතැම් ශිෂ්‍යන්ට ඇතැම් රටවල සායනික පුහුණුවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් ඒ පුහුණුව ලබා ගන්නේ කෙසේ ද? මා වැඩි විස්තර කියන්නේ නැහැ. එවැනි වෛද්‍යවරුන්ගෙන් අප ප්‍රතිකාර ගන්නවා. අප බටහිර අධ්‍යාපනයේ දී ලබා ගන්නේ ඉහළ ප්‍රමිතියක් ඇති දැනුමක් නො වෙයි. ඒත් අපේ පම්පොරියේ නම් කෙළවරක් නැහැ. අපට හරිහමන් බටහිර විද්‍යාඥයකු බිහි කර ගැනීමට අවුරුදු එකසිය පනහකට පසුවත් බැරි වී තිබෙනවා.

    මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

    https://www1.kalaya.org
    නලින් ද සිල්වා
    2017 පෙබරවාරි 10
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    wave_anim_nobr.gif
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සයිටම් භීෂණය ඈතක නො වේ

    අප සිතූ පරිදි ම සයිටම් භීෂණය එනවා (පෙබරවාර හතර ලිපිය බලන්න. හැකිනම් පෙබරවාරි එක ලිපිය ද කියවන්න). දැනටමත් සයිටම් නිලධාරියකු ගමන් කළ රථයකට වෙඩි තියලා. වෙඩි තිබ්බේ කවුරුන් දැයි දන්නේ නැහැ. කවුරුන් වෙඩි තිබ්බත් ඒ තමයි භීෂණයේ පළමු වෙඩි හඬ. එය අවසන් වන්නේ විසි තිස් දහසකට ජීවිත අහිමි වීමෙන් ද? මෙහි දී දේශපාලන වාසි ගැන නොසිතා කටයුතු කරනවා නම් හොඳයි. ඒත් දේශපාලන පක්‍ෂවලින් හා ක්‍රියාකාරීන්ගෙන් එසේ කටයුතු කිරීමට ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වැනියි. භීෂණය අස්සේ ම ආණ්ඩුව නව ව්‍යවස්ථාවත් සම්මත කර ගනීවි. මා භීෂණය පෞද්ගලිකවත් හොඳාකාරව දන්නවා. 1987- 89 කාලයේ දී ආණ්ඩුවෙන් මෙන් ම ජ වි පෙරමුණෙන් ද මට ජීවිත තර්ජන තිබුණා. මා ඉන් බේරුණේ මගේ ගුරුවරයාගේත් උපකාරයෙන් එංගලන්තයට ගිහිල්ලා. එයට සමහරු විරුද්ධ වෙන්නත් පුළුවන්. ඇයි එංගලන්තයට ගියේ කියලා ඒ අය අහන්න පුළුවන්. සමහරු ඉංගිරිසි වාග් සම්ප්‍රදායෙ ප්‍රකාශ සිංහලෙන් කියනවාටත් විරුද්ධයි. අප විරුද්ධ වුවත් අපට ඒවා යොදා ගන්න සිදුවෙලා. මෙහි සිට මරණයට මුහුණ දුන්නෙ නැත්තෙ එහෙමත් නැත්නම් වෙනත් රටකට ගියේ නැත්තෙ මොකද කියලා අහන්න පුළුවන්. මගේ ගුරුවරයාගේ ද නිර්දේශයෙන් මට ලංඩනයේ රාජකීය සංගමයේ අධිශිෂ්‍යත්වයක් ලැබුණා. ඔහු දැන් මිය ගිහින්. මා තවමත් සයිටම් ගැන කතාකිරීමට ජීවත් ව ඉන්නවා. ඒත් මේ ලිපි කියවන බොහෝ දෙනකු මා කියන දේට විරුද්ධයි. ඔවුන් හොඳ සමාජවාදීන් වෙන්න ඇති. නිදහස් අධ්‍යාපනය රකින්න පෙරුම්පුරා ගෙන ඉපදුණු අය වෙන්න ඇති. මා නිදහස් අධ්‍යාපනය ගැන කිසිම කැක්කුමක් නැති අයකු, නැගපු ඉණිමගට පයින් ගහපු අයකු ලෙසත් හිතනවා ඇති.

    මේ අයගෙන් කී දෙනකු විශ්වවිද්‍යාල පනත, අදාළ අභියාචනාධිකරණ නඩු තින්දුව ආදිය කියවා ඇත් ද කියා මා දන්නේ නැහැ. ඔවුන්ට ඒ කිසිවක් නොකියවා නිගමනවලට ඒමේ හැකියාව තියෙනවා වෙන්න පුළුවන්. මට නම් එහෙම ශක්තියක් නැහැ. මා 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත හා රෙගුලාසි ගැන නම් අවුරුදු හතළිහක පමණ කාලයක් තිස්සේ දන්නවා. අභියාචනාධිකරණ තීන්දුවත් මා කියෙවුවා. මට ඒ තීන්දුව ලබා දුන්නේ වෛද්‍යවරයෙක්. මා ඔහුගේ නම සඳහන් කරන්නේ නැහැ. ඔහු මොන අදහසකින් එය ලබා දුන්නා ද කියාත් දන්නේ නැහැ. අද මුහුණුපොතේ ජාතික චින්තන කණ්ඩායමත් කාලෝ ෆොන්සේකා උපුටා දක්වනවා. ඔවුන්ට මා ද්‍රෝහියකු වෙලා. අනේ කාලේ වනේ වාසේ.

    මට බටහිර වෛද්‍ය විද්‍යාවවත් බටහිර නීතියවත් (රෝම ලන්දේසි නීතියවත්) ලොකු නැහැ. ඒත් අද අධිකරණ නායක හිමිවරුන්ටත් ඇතැම් කරුණු නිරාකරණය කර ගැනීමට උසාවියට වැඩම කරන්න සිදුවෙලා. අපට වෙන කරන්න දෙයක් නැහැ. පාරට බැහැලා ජීවිත නැතිකරන්න වුවමනාවකුත් නැහැ. වෛද්‍ය විද්‍යාව හා නීතිය කියන්නෙ ක්‍ෂෙත්‍ර දෙකක් බව කියලා දෙන්න පඬියන් අවශ්‍ය නැහැ. නීතිය බූරුවෙක් කියන එකත් බටහිර කියමනක්. ඒත් අපට ඒ බූරුව අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවත් අවශ්‍ය වෙනවා.

    නීතියට වෛද්‍යවරයකු බිහි කරන්න බැහැයි කියන එක අන්තිම බාල කියුමක්. එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිහිටුවලා තියෙන්නෙත් නීතියෙන්. ඒ සඳහාත් ආඥා පනතක් තියෙනවා. වෛද්‍ය සභාව ඕපපාතිකව පහළ වුණු දෙයක් නො වෙයි. නීතිය නැත්නම් වෛද්‍ය සභාවක්වත් ඒ සභාවෙ ලියාපදිංචි වෛද්‍යවරුන්වත් නැහැ. කෙටියෙන් කිවුවොත් බටහිර විධියට වෛද්‍යවරුන් නැහැ. අපේ රටේ වෙදමහත්වරුන්ට ඔය නීති තිබුණේ නැහැ. ගුරුවරයකුගෙන් ඉගෙන ගත්ත රෝගීන් සුවපත් කරන වෙදමහත්වරුන් හමුවෙන්න රෝගීන් ගියා. එච්චරයි. කෘෂිරසායනික වකුගඩු රෝගය සුවකරන්න පුළුවන් වෙදමහත්වරුන් ඉන්නවා. වරක් ඒ වෙදමහත්තයකු ගැන වාර්ත වැඩසටහනක් නිෂ්පාදනය කිරීමට එක් නාළිකාවකින් ගියා. ඔවුන් දීන කමට අපෙන් ඉල්ලා සිටියේ රෝගය සනීප වූ බවට බටහිර වෛද්‍ය සහතික දෙන්න කියා. අපේ වෙදකම බටහිර වෙදකමේ ආධිපත්‍යයට යට කරන්න මා කැමති වූයේ නැහැ. කතාව එතැනින් ම අවසන් වුනා. රුපවාහිනි නාළිකා පවතින්නේ මේ දෙරණ මත නොවෙයි.

    වෛද්‍ය සභාවටත් කටයුතු කළ හැකි රාමුවක් නීතියෙන් සකසා තිබෙනවා. එය සකසා ඇත්තේ වෛද්‍ය විද්‍යවෙන් නො වෙයි. වෛද්‍ය සභාව නිසි අයුරෙන් කටයුතු කර ඇත්දැයි නිගමනය කෙරෙන්නේ නීතියෙන්, අධිකරණයෙන්. අප මේ සරල කාරණය තේරුම් නොගෙන වෛද්‍ය විද්‍යාව හා නීතිය යනු ක්‍ෂෙත්‍ර දෙකක් බවටත් නීතිය බුරුවකු බවටත් කරන පඬි ප්‍රකාශ තුට්ටුවකට ගණන් ගත යුතු නැහැ. වැඩිම වුවොත් ඒවා රැල්ල සමග යෑමට, ජනප්‍රිය වීමට කරන බාල හා ලාබ ප්‍රකාශ පමණයි.

    අභියාචනාධිකරණ තීන්දුච අවශ්‍ය වුවහොත් පසු දිනෙක කෙටියෙන් විස්තර කරන්න පුළුවන්. අභියාචනාධිකරණය ඉතා පැහැදිලිව කියනවා වෛද්‍ය සභාව තමන්ට නීතියෙන් දී ඇති බලය ඉක්මවා ක්‍රියා කර තිබෙන බව. නීතියෙන් එයට කියන්නේ අල්ට්‍රා වයිරෙස් කියායි. නීතියෙන් දී ඇති බලය ඉක්මවා කටයුතු කරන්න කිසිවකුටවත් බැහැ. ඇතැම් විට අප කියනවා සියළු දෙනා නීතියට යටයි කියලා. වෛද්‍ය සභාවත් නීතියට යටයි. වෛද්‍ය සභාවටත් නීතිය ඉක්මවා කටයුතු කරන්න බැහැ.

    එමෙන් ම අභියාචනාධිකරණය පෙන්නුම් කර දෙනවා වෛද්‍ය සභාව සයිටම්හි හා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සම්බන්ධයෙන් දෙවිධියකට ක්‍රියා කර තිබෙන බව. අධිකරණය වෛද්‍ය සභාව හිතාමතා නපුරක් (මාලා ෆිඩෙ) කළාය කියා කියන්නේ නැහැ. එහෙත් දෙවිධියකට සලකා ඇති බව නම් කියනවා. පෙත්සම්කාර ශිෂ්‍යාව ඉල්ලා ඇත්තේ වෛද්‍ය සභාවේ යාවකාලීන (ප්‍රොවිෂනල්) ලියාපදිංචියක්. අභියාචනාධිකරණය තිරණය කර ඇත්තේ එකී ශිෂ්‍යාවට ඒ ලියාපදිංචිය දීමට නෛතික බාධාවක් නැති බවයි. වෛද්‍ය සභාව එය නොපිළිගන්නේ නම් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිය හැකියි.

    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් කොතෙකුත් අඩුපාඩුකම් තිබෙනවා. අවශ්‍ය ආචාර්ය මණ්ඩලයක්වත් නැහැ. සයිටම්හි මා හිතන්නේ වෛද්‍ය උපාධියට අමතරව තවත් උපාධිවලට උගන්වනවා. ඒ සම්බන්ධයෙන් අන්තරේට ප්‍රශ්න නැතිවා වගෙයි. සයිටම් වෛද්‍ය පීඨයට ඇතුළු වී ඇත්තේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන්. ඔවුන්ට උසස් පෙළ සම්මාන සාමාර්ථ දෙකක් සහිත ව සාමාර්ථ තුනක් තිබෙන බව කියනවා. ඔවුන්ට රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට නොහැකි වී ඇත්තේ සුදුසුකම් නොමැති නිසා නොව අධ්‍යාපන ක්‍රමයේ හා ඇතුළත් කර ගැනීමේ නිර්ණායකවල ඇති ප්‍රශ්න නිසයි. දිස්ත්‍රික්ක මත පදනම් වී ඇතුල් කිරීම මෙහි දී බලපානවා. මුදල් ගෙවා උපකාරක පන්තිවලට යන්නේ ඒ දිස්ත්‍රික්කයේ ම දරුවන් පමණක් නො වෙයි. අප දැනගත යුත්තේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබීම සහ ඇතුළත් කිරීම යනු එකක් නොව දෙකක් බව. උසස් පෙළ පරීක්‍ෂණයට මෙතරම් වැදගත් තැනක් ලැබී ඇත්තේ තරගකාරීත්වය නිසා. අපේ කාලයේ උසස් පෙළ පරීක්‍ෂණයක් තිබුණේ නැහැ. එකල තිබුණේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය. එකල විෂය හතරකට පෙනී සිටිමට සිදු වුනා. ඉන් විෂය දෙකක් පමණක් සමත් අයත් පසු කලෙක වෛද්‍ය පීඨවලත් මහාචාර්යවරු වුනා. කාලෝගෙන් අහලා බලන්න. :D:D:D

    අප සයිටම් සිසුන්ට අසාධාරණයක් නොකළ යුතුයි. ඔවුන් ඉල්ලන්නේ යාවකාලීන ලියාපදිංචියක්. ශ්‍රෙෂ්ඨාධිකරණයට යන්නේත් නැති නම් සිසුන් ඇතුළත් කිරීම සඳහා ක්‍රමයක් සකස්කර ගැනීමටත් නොහැකි නම් එයින් කියැවෙන්නේ අභියාචනාධිකරණ තීන්දුව ප්‍රතික්‍ෂෙප කිරීමක් හා අධිකරණයට අපහාස කිරීමක් පමණක් නොව බලධාරීන් ලබාගෙන ඇති අධ්‍යාපනයේ ද ඇති දුර්වලකමක්.

    මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

    https://www1.kalaya.org

    නලින් ද සිල්වා
    2017 පෙබරවාරි 08
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලිපි කිහිපය කියවා පමණක් අදහස් පල කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සයිටම් හොද නෑ කියන අයගේ දැනගැනීම පිණිස...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සයිටම් හා පෞද්ගලික අධ්‍යාපන ආයතන අතර වෙනස කුමක්ද? සයිටම් දේශපාලකයන්ගේ අල්ලස මත ඇති වූ ආයතනයක්ද? සයිටම් මීට වසර 5කට පෙර වෛද්‍ය සභාව ඉල්ලූ ගුණාත්මක නිර්ණායක සපිරීමට අපොහොසත් වූයේද?

    මේව දැවෙන ප්‍රශ්න :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Apo nalinda silwage lipi
    කොච්චර කියෙව්වත් ඔලුවට යන්නෙම නෑ නෙහ්?

    "අප කාටත් කාලයේ ඉදිරියට මිස ආපස්සට නො යෑම ප්‍රශ්නයක් වුනා. නිව්ටන්ගේ සම්කරණ කාලය සම්බන්ධයෙන් සමමිතිකයි. එහෙත් කාලයේ ආපසු යෑමක් ගැන කියැවෙන්නේ නැහැ. සාපේක්‍ෂතාවාදයේ අවකාශය හා කාලය එක් කෙරෙනවා. එහෙත් අවකාශයේ ඉදිරියටත් ආපස්සටත් යන්න පුළුවන්. උතුරට ගොස් ආපසු දකුණට යන්න පුළුවන්. එහෙත් අපට අතීතයට යන්න බැහැ. අනාගතයටත් යන්න බැහැ. අනාගතය අප වෙත එනවා පමණයි. මේ වෙනස ප්‍රශ්නයක්. සාපේක්‍ෂතාවාදයට ඒ වෙනස ගැන පිළිතුරක් නැහැ. කාලය ඉදිරියට යන්නේ ය කියන අදහස ඇතිව කාල හීය (ඇරෝ ඔෆ් ටයිම්) යනුවෙන් සංකල්පයක් ද තිබෙනවා. විට්රෝත් ඒ ගැන ලිවුවා. කාල හීය එන්ට්‍රොපිය සමග සම්බන්ධ කිරීමටත් උත්සාහයක් ගත්තා. එන්ට්‍රොපියත් වැඩි වෙනවා මිසක් අඩු වන්නේ නැහැ. එකල කළු කුහර (බ්ලැක් හෝල්ස්) පිලිබඳ අධ්‍යයනය පටන් ගත් අලුත. අංශු විකිරණ කළු කුහරවලට යෑමක් මිස ඒමක් තිබුණේ නැහැ. එකල හෝකීන් විකිරණයක් ගැන දැන සිටියේ නැහැ. මා පසුව බුද්ධඝෝෂ හිමියන්ගේ කෘතිවලින් දැන ගත්තා කාලය පඤ්ඤත්තියක් කියලා. ඉන් පසු අවුල නැති වුනා."
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සයිටම් හා පෞද්ගලික අධ්‍යාපන ආයතන අතර වෙනස කුමක්ද? සයිටම් දේශපාලකයන්ගේ අල්ලස මත ඇති වූ ආයතනයක්ද? සයිටම් මීට වසර 5කට පෙර වෛද්‍ය සභාව ඉල්ලූ ගුණාත්මක නිර්ණායක සපිරීමට අපොහොසත් වූයේද?

    මේව දැවෙන ප්‍රශ්න :lol:
    නෑ බං, දැවෙන ප්‍රශ්නේ 6% GDP ඉල්ලපු හිවල්ලුන්ට මොකද උනේ කියල....:confused:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    නලින් සමඟ කොතරම් මතවාදී ගැටුම් තිබුනද, ඔහු මෙරට අධ්‍යාපනය විසින් බිහිකල අග්‍රගන්‍ය බුද්ධිමතෙක් බව මට පිලිගැනීමට සිදුවේ. නලින්ගේ ආචාර්‍ය උපාදි නිබන්ධනයට ඉදිරිපත් කල ගුරුත්වජ කාච පිලිබඳ භෞතික විද්‍යා සිද්ධාන්තය 1984 දී ඇමරිකානු කන්ඩායමක් විසින් ඔප්පු කර පෙන්වනු ලැබීය. නලින් 1987-1990 කාලයේ අන්තරය සම්ඟ එකඟ වුනත් වයසින් මුහුකුරා යාමත් සමඟ අන්තරය තමන් පාවිච්චි කරන බව තේරුම් ගත්තේය. සයිටම් සම්බන්දයෙන් ඔහුගේ ස්තාවරය ඉතාම ප්‍රගතිශීලි එකක් වන්නේ යම් යම් කාරනා සම්බන්දයෙන් සහ විශේෂයෙන් අද්‍යාපන තලයේ කරුනු කාරනා සම්බන්දයෙන් ඔහුගේ ව්‍යක්ත බව ගැන විවාදයක් නැති බැවිනි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ බං, දැවෙන ප්‍රශ්නේ 6% GDP ඉල්ලපු හිවල්ලුන්ට මොකද උනේ කියල....:confused:
    ඒවා ක්‍රියාත්මක කරන්න මොකො අපේ රටේ මහාලොකු විපර්යාසයක් උනාද?

    6% ජීඩීපී වෙනුවට සයිටම් එකට ණය නම් දීලා