Doctor Strange - Exclusive සිංහල Review [Scene by Scene]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Doctor Strange - Exclusive සිංහල Review [Scene by Scene]

    c0lHIGk.jpg


    2016 නොවැම්බර් මාස 04 වන දින තිරගතවීම ආරම්භ කෙරුණු Doctor Strange චිත්‍රපටය පැය 1 යි විනාඩි 55ක් පුරාවට දිග හැරෙනව.. Marvel Cinematic Universe එකේ 14 වන වගේම Phase Three වල දෙවැනි චිත්‍රපටයයි. මේ ෆිල්ම් එකේ බජට් එක ඩොලර් මිලියන 165 ක් විතර වෙනවා. ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තාව ඩොලර් මිලියන 675ක් වෙනවා. IMDb වල 7.8 ක අගයකුත් Tomatometer අගය 90% අරගෙන තියෙනවා:D. Marvel Cinematic Universe වල ප්‍රවිනම දක්ෂම නළු නිලියන් පිරිසක් රගපපු ෆිල්ම් එකත් කියලා Doctor Strange හදුවන්න පුළුවන්:cool:. ඒ අතර Benedict Cumberbatch, Tilda Swinton, Mads Mikkelsen සහ Chiwetel Ejiofor සුවිශේෂයි. ඔන්න ඉතින් පොරොන්දු වුන විදියට මේ ෆිල්ම් එකෙත් රිවිව් එක දෙන්නයි යන්නේ. හැබැයි මේ චිතරපටයට ගොඩක් සංකීර්ණ වචන සදහන් වෙලා තිබුණා:baffled:. ඉතින් හැමෝටම ත්රෙන විදියට රිවිව් එක දෙන්න ඕනි නිසා උපරිම ලේසි විදියට වචන යොදාගෙන තමයි තියෙන්නේ. තාමත් මේක බලලා නැත්නම් මෙතනින් එහාට කියවන්න එපා:growl:. හරි එහෙනම් පටන් ගමු;).


    cU3PojE.jpg

    කතාව පටන් ගන්නේ Zealots (Masters of the Mystic Arts වලින් වෙන් වුන පිරිසගෙන් එකතු වූ කණ්ඩායමක්) එනවා නේපාලයේ කත්මන්ඩු වල Kamar-Taj වලට. මේ කණ්ඩායමේ නායකයා වන්නේ Kaecilius.


    කොමික් වලදිනම් Kamar-Taj පිහිටලා තියෙන්නේ ටිබෙටයේ:nerd:. හිමාලයේ පිහිටලා තියෙන මෙය මන්ත්‍රකාරයගේ නිජ බිමක් ලෙසය් හැදින්වෙන්නේ..හැබැයි මෙතනදී මේක තියෙන්නේ නේපාලයේ :)


    P6t0BQu.jpg

    ඔවුන් ඝාතනය කරනවා ග්‍රන්ථ ශාලාව භාරව ඉන්න Masters of the Mystic Arts සාමජිකයෙකුව. පසුව Kaecilius විසින් Cagliostro පොතෙන් පිටු දෙකක් ඉරා ගන්නවා.


    Ad1hNAs.jpg

    මෙතනට එන Ancient One නිසා Kaecilius සහ ඔහුගේ කණ්ඩායම පැන යනවා ද්වාරයකින්. මේ ද්වාරය විවෘත වෙන්නේ ලන්ඩන් නුවර වීදියකින්.


    s2mb8yh.jpg

    පැන යන Zealots කණ්ඩායම Mirror Dimension වල කොටු කර ගන්න Ancient One සමත් වෙනවා.

    ඔවුන්ව මේ කොටු කරගන්න විදිය Shelock ටීවී සිරිස් එකේදිත් දකින්න පුළුවන්:rolleyes:. මේ විදිය කොනේ තමයි Shelock Homes Pub එක තියෙන්නෙත් :D

    කතාව පොඩ්ඩකට නතර කරලා Mirror Dimension ගැන හැදින්වීමක් කරලා ඉන්නම:D..නැත්නම් ඔලුව කුරුවල් වෙයි:eek:. Mirror Dimension කියන්නේ Multiverse වලින් එකක්.. (Multiverse ගැන මන් ඉස්සරහට පැහැදිලි කිරීමක් කරන්නම්. දැනට එක අමතක කරන්න;).) Mirror Dimension ගැන කිව්වොත් මන්ත්‍ර බලයෙන් මෙය නිර්මාණය කලාම ඒ රාමුවට කොටු වුන පිරිස හැර වෙන අයට ඔහුන්ව පෙන්නේ නැති වෙනවා. උදාහරණයකට මේ සිදුවීම ගත්තොත් Ancient One සහ Zealots කණ්ඩායම අතර ඇතිවෙන සටන පාරේ සිටින මහජනතාවට පෙනෙන්නේ නැ. ඒ වගේම භුදර්ශනය චලනය කිරීමේ හා ගුරුත්වකාශය පාලනය කිරීම පවා හැකියාව මේ Mirror Dimension වල පිහිටනවා:yes:.


    n5Zj6MW.jpg

    Ancient One සහ Zealots කණ්ඩායම අතර සටනක් ඇති වෙනවා . නමුත් Kaecilius ද්වාරයක් නිර්මාණය කර ඉන් සටනෙන් ඉතිරි ඉතුරු සාමාජිකයින් සමග පලා යනවා.


    TRdhiYS.jpg

    ඔවුන් පැන ගිය පසු Ancient One ද්වාරයක් නිර්මාණය කර Mirror Dimension වලින් ඉවත් වෙනවා. මේ නිසා පාරේ සිටින මිනිසුන්ට අයව දකින්න පුළුවන්.

    kA3yDMB.jpg

    Stephen Strange එහෙමත් නැතිනම් Doctor Strange පළමු වරට දකින්න පුළුවන් දර්ශනය. Doctor Strange කියන්නේ සුප්‍රසිද්ධ ශෛල්‍ය වෛද්‍යවරෙක්. මෙතැනදී ඔහු ශෛල්‍යකර්මයකට සුදානම් වීමක් දකින්න පුළුවන්. ටැප් එකෙන් අත හෝදන විදිය ඇදුම් අදින විදිය අත් දෙක පපුව ලගට ගන්න විදිය මේ හැම දෙයක්ම හැම ශෛල්‍ය වෛද්‍යවරෙක්ම සිදු කරන දෙයක්. ඔවුන් ශෛල්‍යකර්මයකට පෙර මේ අයුරින් තමා සුදානම් වෙන්නේ:yes:. හැබැයි ශෛල්‍යකර්මය යන අතරතුරේ සින්දු අහන එකනම් Doctor Strange ට අවේනික දෙයක් වෙන්න ඕනි:rolleyes:.


    N9Ww8Qq.jpg

    මේ අතරතුරේ Christine Palmer, Strange ව කැදවනවා තවත් සුක්ෂම ශෛල්‍යකර්මයකට. ඒ පුද්ගලයෙකුගේ මොලයේ ඇති වෙඩි උණ්ඩයක් ඉවත් කිරීමට. Strange ඉතාම සුක්ෂම ලෙස ඒ වෙඩි උණ්ඩය ඉවත් කරනවා. මෙතනදී බලන්න පුළුවන් Strange ගේ අත් දෙක ඔහුට කොච්චර වැදගත් දෙයක්ද කියලා:yes:. ඔහුගේ මුළු වෘත්තීයම රද පවතින්නේ අත් දෙකෙන් කියලා පලවෙනි scene එකෙන්ම ඉගියක් දෙනවා.


    mq4FZO8.jpg

    Palmer, Strange අතර කලින් ආදර සම්බන්ධතාවත් තිබිල තියෙනවා.නමුත් ඒ සම්බන්දය බිද වැටිලා තියෙනවා Strange ගේ අහංකාරකම නිසා:frown:. හැබැයි මේ සිදු වීමෙන් කියන්න පුළුවන් ඔවුන්ගේ දිම තවමත් ලාවට වගේ තියෙනවා කියලා:love:.

    Christine Palmer අපිට කොමික් වලදී දකින්න ලැබෙන්නේ හෙදියක් විදියට. ඒ වගේම කොමික් වලනම් Christine, Doctor Strange හට කිසිම විදියකින්වත් සම්බන්ධවීමක් දකින්න ලැබෙන්නේ නැ:no:. කෙවින් අයිය කියන විදියට ඔවුන් මේ චරිතය මේකට යොදාගෙන තියෙන්න Strange ගේ සාමන්‍ය ජීවිතය (මන්ත්‍ර බලයෙන් තොර) හා සම්බන්ධ කිරීමක් කරන්න සාමන්‍ය පුද්ගලයෙක් වශයෙන්. :D


    LwSMgmg.jpg

    නිව්යෝක් නගරයේ ගොඩනැගිලි කීපයක් දකින්න පුළුවන් ඒ අතර Avengers Tower එකත්. Strange සුදානම් වෙනවා රාත්‍රී භෝජනයකට යාමට.

    ඔහුගේ apartment එක ඒ වගේම ඔරලෝසු, කාර් එක (Q3 2014 Lamborghini Huracan) දැක්කම කියන්න පුළුවන් Strangeට ඇති වත්කම ගැන:shocked:.


    ty5987r.jpg

    ඔරලෝසුවේ තියන දිනය කියන්න පුළුවන් මේ කතාව 2016 පෙබරවාරි 2 පස්සේ සිදු වුන සිදුවීම් ඇතුලත් වෙන්නේ කියලා:yes:. ඒ වගේම Strangeට 2016 හිමි වුන සම්මානයකුත් එතන තියෙනවා.


    7RVLxYi.jpg

    Strange කාර් එකේ යන අතරේ අමතුඅක් ලැබෙනවා. ඒ ඔහුට සම්බන්ධ විය හැකි ශෛල්‍යකර්ම සම්බන්ධ විස්තර.

    මේ විස්තර අතර පළමුවෙන්ම එන විස්තරය තමයි 35 හැවිරිදි ගුවන් හමුදා කර්නල් වරයෙක් ඔහුගේ experimental armor එකත් සමග අනතුරකට ලක්වීමක් ගැන. මේ ඇහුන ගමන් ඔලුවට එන්නේ Rhodey ව (War Machine):rolleyes:. හැබැයි ඒ ඔහුමයි කියලා කියන්න විදියක් නැ වයස නිසා. මොකද Rhodey ට වයස 48යි:D. ඒ වගේම විස්තරයේ අන්තිමට කියන අවරුදු 22ක් වෙන කාන්තාව ඉස්සරහට එන්න තියන Captain Marvel ගේ චරිතයට සමාන වෙනවා. ;)


    mzKjHui.jpg

    Strange ට ලැබෙන scan රුපයක් පරික්ෂ කරන අතරතුරේ ඔහුගේ කර එක තවත් කර එකක ගැටී ප්‍රපාතයකට වැටි අනතුරකට පත් වෙනවා.


    yt4XFkY.jpg

    අනතුරෙන් බරපතල තුවාල ලබන Strange ඔහු සේවය කරන රෝහලටම රැගෙන යනවා. පැය 11 ක ශෛල්‍යකර්මයකින් පසු අවධි වන Strange තේරුම් ගන්නවා ඔහුගේ අතට වී ඇති හානිය, සුදු යකට කටු 11 ක් ඔහුගේ ඇගිලි කටු වලට ගහල ඒ වගේම අත් දෙකට ගොඩක් හානි වෙලා කියලා Christine කියනවා.


    w967ZkR.jpg

    Strange සුව වුනත් ඔහුගේ අත් දෙක සම්පුර්ණ සුව වෙලා නැ. ඔහුගේ දෑත් තවමත් වෙව්ලනවා ස්නායු අප්‍රාණික වෙලා. Strange වෛද්‍ය කණ්ඩායමක් රැස් කරලා සුව කර ගැනීමට උත්සහ කරනවා. ඔවුන් පවසන්නේ එය සාර්ථක විය හැකි බවත් ඒ සදහා විශාල ලෙස මුදල් වියදම් වෙන බවත්.


    pxlReB9.jpg

    Strange ඒ ශෛල්‍යකර්මයකට කැමති වී සම්බන්ධ වුනත් එය අසාර්ථක වෙනවා. උත්සහ කිරීම නතර කිරීමට යන විට ඔහුගේ උපදේශකයා කියන්නේ උත්සහ කිරීම නිසා අංශභාගය සැදුනු අයුකු සම්පුර්න සුව වුන බවයි. Strange එතනදී කියන්නේ එය සිදු විය නොහැකි බවත් ඔහුගේ file එක බැලිය යුතුයි කියලා


    JzOoInh.jpg

    තව තවත් ශෛල්‍යකර්ම සදහා Strange උත්සහ කලත් එය සිදු කිරීම වෛද්‍යවරුන් ප්‍රතිෂේප කරනවා. මෙතනට එන Christine ට කියන්නේ පොඩි ණය මුදලක් ලබා ගත්තොත් තව උත්සහකිරීමක් කරලා බලන්න පුළුවන් කියලා. නමුත් Christine කියන්නේ කොතරම වියදම් කලත් තේරුමක් නැති බව:sorry:. මෙයින් කෝප වෙන Strange, Christine ට බනින්නේ ඔහුගේ තියෙන අහන්කරකම තව තවත් පෙන්නමින්

    ණය මුදලක් ගන්න සුදානම් කියන්නේ Strange මේ වෙනකොටත් ඔහුගේ සයලු ධනය මේ සදහා වියදම් කර අන්ත දුගී බවට පත් වෙලයි.:dull:


    dkKy5ae.jpg

    Christine ගෙනත් දුන්න file එක (අංශභාග වී සුව වූ පුද්ගලයාගේ) Strange ඇති විස්තර අනුව ඔහුව සොයාගෙන යනවා.


    QME0phh.jpg

    Jonathan Pangborn නම වන ඔහු අංශභාග වී සිටියදී Strange හමුවීමට උත්සහ කලත් ඔහුව සුව කල නොහැකි නිසා ප්‍රතික්ෂේප කොට තියෙනවා. Strange ඔහුගෙන් විමසනය සුව වුන විදිය ගැන. ඒ අනුව Pangborn කියනවා තමාගේ මනස සුව කරගැනීමෙන් තමා ශරීරය සුව කරගත් බවත් ඒ ස්ථානය Kamar-Taj වලදී බව


    HNv3v6O.jpg

    Kamar-Taj හොයාගෙන Strange නේපාලයේ කත්මන්ඩු නුවරට එනවා. එහිදී ඔහු මංකොල්ල කල්ලියකට හසු වෙනවා. ඔවුන් ඔහුගේ ඔරලෝසුව ඉල්ලුවත් Strange එකට අකමැති වෙනවා..මොකද එක ඔහුට දීල තියෙන්නේ Christine නිසා


    Ny8UaCg.jpg

    මෙතනට එන Karl Mordo මංකොල්ල කල්ලිය පහර දෙමින් සිටින Strange ව බේරාගන්නවා. ඒ වගේම Strange ව Kamar-Taj වලට රැගෙන යන්න උදව් වෙනවා.

    Karl Mordo කොමික් වලදිනම් අපිට හම්බවෙන්නේ Doctor Strange ගේ ප්‍රධාන හතුරෙකු විදියටයි:rolleyes:. කාලයක් Dormammu වෙනුවෙන් සේවය කරලා ඔහුගෙන් බලයන් ලබාගෙන Strange ව විනාශ කිරීමටද උත්සහ කරලා තියෙනවා. කොමික් වලට වඩා වෙනස් දෙයක් කරන්න ඕනි නිසා Karl Mordo ව ෆිල්ම් එකේ දුෂ්ට චරිතයක් නොවුනේ කියලයි කියන්නේ:). හැබැයි Doctor Strange 2 ෆිල්ම් එකක් නිර්මාණය වුනොත්නම් ඔහුව අපිට බලාගන්න පුළුවන් සුපුරුදු කොමික් වල විදියටම.:nerd:


    zRZjXsU.jpg

    Kamar-Taj වලට එන Strange ට Ancient One ව මුණ ගැහෙනවා. ඒ වගේම Ancient One මේ වෙනකොටත් Strange ගැන හැම දෙයක්ම දන්නවා.:

    BHJgceY.jpg

    Ancient One ගෙන් Strange අහනවා අංශබාග වුන කෙනෙක්ව සුව කලද කියලා. Ancient One කියන්නේ තමා කලේ ඔහුට යථාර්තය කියා දුන්න පමණක් කියලයි. ඒ වගේම යමෙකු සහ ඔහුගේ ශරීරය පාලනය කල හැකි ආකාරයන් ගැනත්, යමෙකුගේ ආත්මය අලුතින්ම නිර්මාණය කර ශරීරය සුව කල හැකි බවත් Strange ට කරුණු පහදලා දෙනවා.නමුත් වෛද්‍ය විද්‍යව අනුව මේ දේවල් විස්වාස නොකරන Strange, Ancient One සමග තර්ක කරනවා.

    ZHPTD78.jpg

    ක්ෂණිකයෙන් Strange ගේ පපුවට පහරක් එල්ල කරන Ancient One කෙටි වෙලාවකට ඔහුව Astral Dimension (Multiverse එකක්) වලට යොමු කරනවා.

    iKsOLSC.jpg

    නැවත පැමිණි පසු Strange ව Ancient One විසින් Multiverse තුලට ඇතුලත් කරනවා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Multiverse කියන්නේ පවතින dimensions කිපයකගේම එකතුවක්:rolleyes:. Marvel Cinematic Universe වල Multiverse ගැන ඉස්සෙලම දකින්න පුළුවන් වෙන්නේ Ant-Man චිත්ර3පටයෙන්:yes:. ඒ Ant-Man, Quantum Realm වලට ඇතුල්වීමෙන්. අමතක අය මෙතනින් බලන්න. මේ චිත්ර[පටයන් පස්සේ Doctor Strange එකේදී තමයි අපිට අනිත් dimensions ටික හම්බවෙන්නේ. එහනම් බලමු දැන් මොනාද Multiverse වල තියන dimensions කියලා:D. දැනට MCU වල dimensions 5ක් ගැන සදහන් වුන. ඒ Earth Plane, Darkforce Dimension, Quantum Realm, Astral Dimension, Mirror Dimension සහ Dark Dimension.

    Earth Plane කියන්නේ සාමාන්යන ලෝකය මිනිසුන් ජිවත් වන. එක ගැන වැඩිය කියන්න ඕනි නැනේ.

    Darkforce Dimension එක ගැන සදහන් වුනේ Agent Carter ටීවී සිරිස් එකේදී..1940 ගණන් වලදී හොයා ගත්ත මේ Dimension එක ගැන තම කියන්න තරම් විස්තරයක් MCU එකේ සදහන් වුනේ නැ.:no:

    Quantum Realm කියන්නේ විශාල ලෙස හැකිලීම මගින් ප්ර විෂ්ට වෙන්න පුළුවන් dimension එකක්. මන් අර කලින් කිව්ව Ant-Man ෆිල්ම් එකේ ස්කොට් යන්නේ මේ dimension එකට:nerd:. මේ dimension එකට ගිය කෙනෙක්ට ආපහු එන්න බැ කියලයි Hank Pym කිව්වේ..හැබැයි ඒ අදහස වැරදි කියලා ස්කොට් පෙන්නලා දුන්න මේ dimension එකෙන් ආපහු ඇවිත්. Hank Pym ගේ බිරිදත් (Wasp) මේ dimension එකට ගියත් ආපහු අවේනම් නැ.:rolleyes:

    Astral Dimension කියන්නේ කෙනෙකුගේ ආත්මය ඔහුගේ හෝ ඇයගේ ශරීරයෙන් වෙන්ව පවතින dimension එකයි. මිට කලින් Ancient One පොඩි වෙලාවකට Strange ව යැව්වේ මෙන්න මේ dimension එකටයි.

    Mirror Dimension මුලදීම මන් කිව්වා වගේ සාමාන්යන ලෝකයේම යම් කිසි රාමුවකට කොටු වී භූ චලන හා ගුරුත්වාකර්ෂණය Dimension එකට සම්බන්ධ වු අයකු විසින් පාලනය කරීමේ හැකියාවක් තියන Dimension එකක්.

    Dark Dimension එක පාලනය කරන්නේ Dormammu විසින්. මේ Dimension එකෙන් මන්ත්රර බලයෙන් එහි බලය අරගෙන ආයු කාලය වැඩි කරගැනීමට මෙන්ම අමරණිය වීමටද හැකියාවක් තියෙනවා.

    ඔය විදියට තමයි Multiverse වල dimensions ගැන සදහන් වෙන්නේ..ඉස්සරහට dimensions වලට සම්බන්ධ වෙනකොට තවත් කියන්නම්.;) ඒ වගේම මේ කිසිම dimensions එකක් Earth Plane ඇරුනම සාමාන්යs පියවි ඇසට පෙනෙන්නේ නැ.:baffled: හරි එහෙනම් අයෙත් ෆිල්ම් එක පැත්තට හැරෙමු.


    7UzldCA.jpg

    Multiverse වලට ඇතුලත් වන Strange ඒ හැම dimensions එකක් තුලින්ම යනවා.


    73aLD7I.jpg

    සියලු දේ අවබෝද වුන Strange ඉල්ලා සිටිනවා Ancient One ගෙන් තමාට එය උගන්වන ලෙස නමුත් ඇය ඒක ප්ර තික්ෂේප කරනවා.


    lSE8RZy.jpg

    Orb of Agamotto වල සිටි Sanctum පාලකයින් පිටත්ව යනවා Ancient One සමග සාකච්ඡාවකින් පස්සේ. මෙතනට එන Karl Mordo කියනවා Strange තවමත් දොරල්ග සිටින බව. Ancient One කියන්නේ තවත් ගෝලයකුට වැරදි මාර්ගයේ යන්න බලය ලබා දෙන්න බැ කියලා. නමුත් Mordo කියන්නේ Kamar-Taj වලට දැන් Strange වගේ පුද්ගලයෙකු අවශ්ය1 වන කාලයයි කියලා.


    UOzWELI.jpg

    Strange ව සම්බන්ධ කරගන්න කැමති වන ඔවුන් ඔහුට කාමරයක්ද ලබා දෙනවා. ‘shamballa’ නමින් තුන්ඩුවක් Mordo, Strange ට දෙන අතර Strange අහනවා ඒ තමන්ගේ මන්ත්රbයද කියා. ඒ විට Mordo කියන්නේ එය WiFi pasword එක කියලා.:P


    Doctor Strange කොමික් වගේම ප්රාසස්ථ නව කතා වලටද සම්බන්ධ වෙලා තියෙනවා. නව කතා 4ක් තිබෙන අතර ඉන් 1986 නිකුත් වුන එක නව කතාවක නම Doctor Strange: Into Shamballa.:nerd:


    19zZL9E.jpg

    Ancient One යටතේ Strange ඔහුගේ මන්ත්රg බලය හැදෑරීම පටන් ගන්නවා. තමන්ගේ ඇගිලි පන නැති වීමෙන් එය සාර්ථක කරගන්න කුමක් කලයුතුද යන්න අසු විට Ancient One අගවන්නේ අධ්ය නය හා පුහුණුව කියලයි.


    p7IST9P.jpg

    ඒ අනුව මුලින්ම පොත් පාත් අධ්යOනය ආරම්භ කරන Strange පුස්තකාල බරව සිටින Wong හමුවෙන්න යනවා. Wong ඔහුව රැගෙන යනවා පාලකයින් සදහා වෙන් වුනු පොත් අංශයකට. එතැනදී ස්ට්රෙන්ගේ දකිනවා තවත් පොත් රක්කයක්. Wong කියන්නේ එය Ancient One ගේ පුද්ගලික පොත් එකතුවක් බවත් ඒ වගේම ඒ පොත්වල තියෙන දේවල් ගොඩක් සංකීර්ණ බවත්.
    ඉන් එක පොතක් අතට ගන්න Strange එහි පිටු දෙකක් ඉරා ඇති බවක් දකිනවා. එය නමින් Cagliostro බවත් එමගින් කාලය පළිබදව අධ්යවනය කල හැකි බව Wong පවසනවා.



    WvNX8Qv.jpg

    මේ අතර Kaecilius, Cagliostro පොතෙන් ඉරාගෙන ආව පිටු දෙක යොදාගෙන මන්ත්ර8 බලයෙන් තමන්ට ද්රෝKහී වුන Ancient One ව විනාශ කිරීමට පටන් ගන්නවා. ඒ ඔවුන් Dormammu ව පෘථිවියට කැදවීමෙන්.(මෙතැනදී Kaecilius ගේ නළලේ ඇති වෙන සලකුණ Dark dimension වල බලය ලැබීමෙන් ඇති වෙන සලකුණක්.)

    Kaecilius කියන්නේ Ancient One ගේ තවත් ශිෂයෙක්. Ancient One පෘථිවිය අනෙකුත් dimension මගින් ආරක්ෂාකිරීම සදහා Dark dimension බලය මගින් තම ආයු කාලය දීර්ඝ කරගන්නවා. මේ හේතුවෙන් Kaecilius හිතන්නේ Ancient One ලෝකයට සහ ඔවුන්ට ද්රෝරහී වුන කියලයි.:frown: පසුව තමයි ඔහු තවත් Masters of the Mystic Arts ශිෂ්යnයින් පිරිසක් එක්ක එයින් ඉවත් වී Ancient One විරුද්ධව සටන් කරන්නේ


    IgqRCAk.jpg

    Strange මන්ත්රe බලයෙන් ද්ර්වරයක් විවෘත කිරීමට පුහුනුවෙනවා. ඒ සදහා Sling Ring එක උපයෝගී කරගෙන තමන්ට යා යුතු ස්ථානය මනසින් සිතා ගත යුතු වෙනවා.


    4weKVyM.jpg

    නමුත් Strange හිතන්නේ තමන්ගේ දෑත් ප්රාීණවත් නැති නිසා තමාට මෙය නොකළ හි කියලා. එතනට එන Ancient One පෙන්වා දෙනවා අතක් නැතිව වුවත් එය කල හැකි බවත් තමන් යොදන බලයේ පාලනය යටත් කරගත යුතු බවත්.


    rEdk0ts.jpg

    Ancient One, Strange ව රැගෙන යනවා ද්වාරයකින් එවරස්ට් කදු මුදුනකට:shocked:. එහි තියෙන සීතල ම්නිසෙකුට උපරිම ලෙස ඉන්න පුළුවන් විනාඩි 13 යි ගල් ගැසී මිය යන තෙක්. නමුත් විනාඩි 2ක් ඇතුලත Strange හට කම්පනයක් ඇති වෙයි කියලා ඔහුව අතරමං කර Ancient One ද්වාරයකින් පිට වෙනවා නැවත ඔහුට තනියම පැමිණෙන ලෙස අගවමින්.


    m6gCsh2.jpg

    Strange ද්වාරයක් නිර්මාණය කරන්න කිපසරයක්ම උත්සහ කරනවා. පසුව ඔහු ගල් ගැසීමට ඔන්න මෙන්න තියෙද්දී ද්වාරය විවෘත කරගෙන නැවත පැමිණෙනවා.


    NtXNUmm.jpg

    Strange තමන්ගේ රැවුල සහ කොණ්ඩය කපා සුදානම් වෙන ආකාරයක් පෙන්නුම් කරනවා. මේ Strange ගේ කොමික් ස්වරුපයට සමාන ස්වරුපයක්. නැවත Wong හමු වීමට යන Strange ඉල්ලා සිටින්නේ ආත්ම ප්රෙක්ෂණයට අදාල පොත් පිලිබදව. නමුත් Wong එය ප්රnතිෂේප කරන්නේ Strange තවමත් ඒ සදහා සුදානම් වී නැත බව කියලා.

    BZHNteK.jpg

    එතනින් පිටත් වෙන Strange පසුව ද්වාරයන් උපයෝගී කොටගෙන එම පොත් සොරකම් කරගෙන අධ්යeනය කරනවා.

    මෙතැනදී අපිට දකින්න පුළුවන් Strange නිදාගෙන ඉද්දි ඔහුගේ ආත්මය ශරීරයෙන් වෙන් වී පොත් අධ්යාපනය කිරීමක්;). මෙතැනදී Strange සිටින්නේ මන් කලින් සදහන් කල Astral Dimension එකේ.


    eomFOby.jpg

    පසුව Ancient One , Strange කැදවාගෙන එනවා ඔවුන් පළමුව හමු වුන ස්ථානයට. Ancient One කියන්නේ Strange හැමදේම ඉක්මනින් ඉගෙන ගන්න බවත් ඒ සදහා පුහුණු විය යුතු ආරක්ෂාකාරී ස්ථානයක් තිබිය යුතු බවත්.
    ඉන්පසු Strange ව Mirror Dimension තුලට රැගෙන යන ඇය ඒ පිලිබදව විස්තරයක් Strange හට ලබා දෙනවා..( ඒ විස්තර ගැන අපි මිට කලින් කතා කලා.)

    XZkGRij.jpg

    Mordo සමග සටන් කලාව පිලිබදව අධ්යලනය කරන Strange ඒ අතරතුර Kaecilius සම්බන්ධව සියලු දේ දැන ගන්නවා.


    FxdOkfo.jpg

    නැවතත් පුස්තාලයට පැමිණෙන Strange එහි තිබු Cagliostro පොත ගෙන එය කියවීමට පටන් ගන්නවා.



    h1qIsO4.jpg

    පොත භාවිතා කරමින් ඔහු ඉදිරියේ තිබෙන ප්රකතිමතයෙන් Eye of Agamotto ගෙන පැළදගෙන එය විවෘත කිරමට සමත් වෙනවා.


    Xm6U5lP.jpg

    Eye of Agamotto භාවිත කරමින් කාලය හසරවීමට පටන් ගන්න Strange එම පොතෙහි ඉරා ගත් පිටු දෙක කාලය හරහා කියවිමටද හැකි වෙනවා.

    ඔන්න ඉතින් MCU වල තියන Infinity Stones හයෙන් පස්වෙනි Stone එකත් එලියට ආව:D. ඒ තමයි Time Stone එක:). ඒ වගේම Guardians of the Galaxy චිතරපටයේන් පස්සේ තමයි අලුත් stone එකක් ගැන හැදින්වෙන්නේ. Infinity Stones ගැන සදහනක් වුන නිසා ඒ ගැනත් කියලම ඉන්නම්;)..දන්නේ නැති අය ගොඩක් ඇතිනේ.

    Cosmic Entities කියන කණ්ඩායමක් තමයි මේ Infinity Stones නිර්මාණය කරලා තියෙන්නේ:rolleyes:. අතීතය කොච්චරද කියනවනම් විශ්වය නිර්මාණය වෙන්නත් කලින් ඉදලයි:dull:. මේ Infinity Stones හය (Space, Reality, Mind, Power, Time, සහ Soul stone) ඉතාම බලගතු වන අතර ඒවා එකට එකතු වුනොත් මුළු විශ්වයම පාලනය කරන්න පුළුවන් තරම් බලයක් ලැබෙනවා:nerd:.(අන්න එකයි Thanos මේවා පස්සෙන් පන්නන්නේ:P) MCU එකේ මේ දක්වා stones 5ක් ගැන සදහන් වෙනවා. ඒවා මොනවද කියලා ලාවට වගේ කියන්නම්;).

    Space Stone එක තමයි අපිට ඉස්සෙලම MCU එකේ දකින්න පුළුවන් වෙන්නේ. ඒ Thor චිත්රlපටයෙන්. මේ තියන බලය වෙන්නේ විශ්වයේ ඕනෑම ස්ථානයකට ක්ෂණිකව ප්ර3වේශවීමේ හැකියාවක් තිබීම:rolleyes:. මුලින්ම Odin සතුව තිබුණු ,ඒ stone එක දැන් තියෙන්නේ Asgard වල Heimdall ගේ රැකවරණයේ. මේ stone එකේ වර්ණය නිල්. ආධාරකය Tesseract

    Mind Stone එක අපට ඉස්සෙලම දකින්න පුලුවන් වෙන්නේ The Avengers චිත්ර්පටයෙන්. Thanos සතුව තිබුණු මේ stone එක ලෝකි ට ලබා දෙනවා පෘතුවිය සමග සටන් කරන්නට. ඊට පස්සේ HYDRA සහ S.H.I.E.L.D යටතේ මේ stone එක තියෙනවා. දැනට මේ stone එක තියෙන්නේ Vision ලග. (ඔහුගේ නළලේ:P). වර්ණය කහ පාට. ආධාරකය Scepter / Vision

    Reality Stone එක යොදා ගෙන කායබලය, බලශක්තිය, අසීමිත හැකියාව වැඩි කරගැනීම වගේ බලයන් කීපයක්ම ලබා ගන්න පුළුවන්:dull:. මේ stone එක Asgardians සතුව රහසිගත ප්රැදේශයක සගවා තිබුන අතර Malekith සමග සටනින් පස්සේ Taneleer Tivan එහෙමත් නැත්නම් The Collector අතට භාර කෙරුණි. ඒ වගේම මේ stone එක ඉස්සෙලම සහ අන්තිමට දකින්න ලැබුනේ Thor – Dark Wold චිත්ර5පටයේ. stone එකේ වර්ණය රතු පාට. ආධාරකය Aether

    Power Stone එක ගැන අපිට අහන්න ලැබෙන්නේ Guardians of the Galaxy චිත්ර2පටයෙන්. මේකේ තියන බලයෙන් මුළු ග්ර හලෝකයක් පවා විනාශ කරන්න පුළුවන්:shocked:. Ronan the Accuser සමග සටනින් පස්සේ Nova Corps වල සුරක්ෂිතව තැන්පත් කරලා තියන මේ stone එකේ පාට දම්. ආධාරකය Orb

    Time Stone එක තමයි අපිට මේ ෆිල්ම් එකේදී හම්බවෙන්නේ. අවරුදු ගණනාවක්ම Kamar-Taj තැන්පත් කරලා තියන මේ stone එකෙන් කාලය නැවැත්වීමේ, නැවත ආපස්සට ගැනීමේ සහ කාල වළල්ලක් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා;). stone එකේ පාට කොළ. ආධාරකය Eye of Agamotto

    ඉතුරු වෙලා තියෙන්නේ Soul Stone එක විතරයි:D. මන් හිතනවා Infinity War එකට කලින් ඒ stone එකත් එලියට එයි කියලා. ප්රoශ්නේ තියෙන්නේ කොයි ෆිල්ම් එකෙන්ද කියලා. Infinity War එකට කලින් MCU එකේ ෆිල්ම් 4ක් එන්න තියෙනවා එතනින් Guardians of the Galaxy Vol 2 සහ Thor : Ragnarok යන දෙකෙන් එකක් තියෙන්න තමයි ගොඩක් චාන්ස් එක තියෙන්නේ එත් Guardians of the Galaxy චිත්ර පටයේ අධ්යkක්ෂකවරයා කියලා තියෙනවා ඒ ෆිල්ම් එකේ Stone එකක් නැ කියලා. එහෙම වුනොත් බොහෝ දුරට Ragnarok එකේ තියේවි:rolleyes:. මේ Infinity Stones වලට MCU එකේදී ලැබෙන්නේ ලොකු තැනක්. චිත්රිපට 2කම plot එක stone එකක් වටා ගෙතුන:yes:. (Thor The Dark World සහ Guardians of the Galaxy). ඒ වගේම Infinity War චිත්ර පටය අනිවාර්යෙන්ම මේ stone 6 මුල් කරගෙන හැදෙන කතාවක්:D. ඒ නිසාමයි Marvel Studios ඔවුන්ගේ අලුත්ම Intro එකට මේ stone වල පාටත් එකතු කරලා තියෙන්නේ;). (දැකපු නැති ඇය බලන්න Intro එක 0:25 දී).
    හරි එහෙනම් අයෙත් කතාවට හැරෙමු ,



     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113

    cEJxyuI.jpg

    Strange පොතේ තියන විදයට මන්ත්‍ර ගලපද්දී එතනට එන Wong සහ Mordo ඔහුට බැන වදිනවා එක වැරදි වැඩක් ලෙසත් එය කිරීමෙන් තවත් dimensions විවෘත විය හැකි ලෙසත් සියලු දෙන එක කාල රාමුවකට කොටු විය හැකි බවත් කියා Strange අහනවා ඔවුන්ගෙන් අපි කව්රුද මේ කියලා. Wong කියන්නේ Avengers දෘශ්‍යමාන බලවේගත් එක්ක සටන් කර ලොව ආරක්ෂා කරන අතර අපි අදෘෂ්‍යමාන බලවේගත් එක්ක සටන් කර ලොව ආරක්ෂා කරන බව.

    MtZXjHl.jpg

    අවරුදු දහසකට කලින් Masters of the Mystic Arts වල පියා වන Agamotto ලොව වටා නගර තුනක (New York City, London සහ Hong Kong) Sanctum Sanctorum බිහි කර ලොවට අනෙක් dimensions වලින් එල්ල වෙන බලපෑම් වලට එරෙහිව ක්‍රියා කරලා තියෙනවා.ඒ වගේම මේ Kamar-Taj වලින් ඒ නගර තුනට දොරටු තුනක්ද තියෙනවා. මේ නගර තුනේ Sanctum මගින් එලක තුනක ආධාරයෙන් ලොව ආරක්ෂා වෙනවා. ඒ වගේම මේ Sanctum පාලනය හා ආරක්ෂා කරන්නේ අපි බව Mordo කියනවා.


    OSnn1Ch.jpg

    Strange අහනවා ආරක්ෂා කරනවා කියන්නේ Dormammu වගේ අයගෙන්ද කියලා. Mordo අහනවා ඒ වචනේ කොහෙද දැන් ගත්තේ කියලා. Strange කියන්නේ පොතෙන් දැන ගත්තේ කියලා. Wong කියන්නේ Dormammu ඔහුගේ Dark Dimension වලට සියලු ලෝක යටත් කරගන්න උත්සහ කරන බවත් ඒ අතර පෘථිවිය ප්‍රධ තැනක් ගන්නවා බවත්.Strange තේරුම් ගන්නවා Kaecilius පොතේ පිටු හොරකම් කලේ Dormammu ව සම්බන්ධ කරගෙන පෘථිවිය Dark Dimension තුලට ලබා දීමටයි කියලා.
    Mordo මෙතනදී පුදුම වෙලා වගේ අහන්නේ Cagliostro පොත අධ්‍යනය කිරීම හැමෝටම බැරි නිසා. එත් Strange ට ඒ පොත අධ්‍යනය කරන්න පුළුවන් වුන:dull:.

    2cdCRE4.jpg

    ඒ සමගම London Sanctum වල දොරටුව විවෘත වී Kaecilius පහර දීමට පටන් ගන්නවා. පහර දීමෙන් Strange, New York Sanctum තුලට විසි වෙනවා.

    1UgIZH8.jpg

    Sanctum තුලින් එලිය එන Strange ට තේරෙනවා ඔහු ඉන්නේ නිව්යෝක් නගරයේ Bleecker විදියේ බව.


    sxIxEkk.jpg

    නැවතත් Sanctum තුලට යන Strange දකිනවා ජනෙල (ද්වාර) තුනක්. මේ ද්වාර තුන විවෘත වෙන්නේ එකක කදුකරයක්ද අනෙකෙන් මුහුදක්ද අනෙකෙන් වනාන්තරයකද විදියටයි. ඒ වගේම මේ ද්වාර තුනේ වම් පැත්තෙන් ඒ ඒ ද්වාර වල අන්තය වෙනස් කරන්න පුළුවන් අගුලුවක් ද තියෙනවා.


    r7MYGLN.jpg

    උඩු මහලේ සැරිසරන Strange පළමු වතාවට දකිනවා විදුරු කුටියක තියන Cloak of Levitation

    කොමික් වලදී මේ Cloak of Levitation එක Strange ට ලැබෙන්නේ Ancient One ගෙන් තෑග්ගක් විදියට Dormammu ව පරාජය කිරීම හේතුවෙන. :yes:


    QHBoSBl.jpg

    New York Sanctum තුලට එන Kaecilius එහි ආරක්ෂකයව ඝාතනය කරනවා. පසුව Strange සමග සටනක් ඇති වෙනවා.


    TvAnVZt.jpg

    Kaecilius ගේ කණඩායමේ අය සමගද සටනක් ඇති වෙන අතර ඉන් එක අයෙකුව ද්වාරය හරහා කාන්තාරයකට ඇතුල් කිරීමට Strange හට හැකි වෙනවා. ඒ වගේන තව කෙනෙකු ද්වාරය හරහා වනාන්තරයකට ඇතුල් කිරීමට හැකි වෙනවා.


    zgLH7rj.jpg

    Kaecilius ගේ පහරක් සමග Strange ඇද වැටීමෙන් Cloak of Levitation තැම්පත් කරලා තිබුන විදුරු කුටිය බිදී යනවා.


    ke7Wbob.jpg

    තමා ස්වාමියාව සොයාගත් Cloak of Levitation එක Strange හට Kaecilius ව සිර කරගැනීමට උදව් වෙනවා.


    utrbS0b.jpg

    අල්ලාගත් Kaecilius, Strange ට කියනවා තමන් සටන් කරන හේතුව. Dark Dimension කියන්නේ කලලයෙන් ඔබ්බට ගිය ලෝකයක් බවත් එහි අමරණීයව ජිවත් විය හැකි බවත්. ඒ වගේම මේ ලෝකය Dark Dimension තුලට ලබා දීමට Dormammu හට උදව් කරන බවත් කියනවා.

    දෙයක් කියන්න අමතක වුන Agent Carter සීසන් 2 බලපු අයට මතක ඇති Darkforce එහෙමත් නැත්නම් Zero Matter ගැන:). මේ Darkforce එකට බලය ලැබෙන්නේ වෙනත් Dimension එකකින් කියලා සදහන් වුන. ඒ Dark Dimension තුලින්:yes:.


    DPrs9Sv.jpg

    Ancient One දීර්ග කාලයක් ජිවත් වී ඇති රහසත් හෙළිකරනවා. ඒ සමගම එතනට එන තවත් Kaecilius ගේ කණ්ඩායමේ අයකු වන Lucian විසින් Strange හට පහර දෙනවා.


    iFLNmzz.jpg

    ඉන් පසු Cloak of Levitation එක Strange ට පහර දීම වලක්වන අතර ද්වාරයක් නිර්මාණය කර Strange, ඔහු දෙවය කල Metro රෝහලට පැමිනෙනෙනවා.


    JccszRI.jpg

    දැඩි ලෙස තුවාල සිද වුන Strange, Christine ව සොයාගෙන එන අතර Christine විසින් Strange ව බේරාගැනීමට උත්සහ කරනවා.


    w7EUs3i.jpg

    සිහිය නැති වෙන Strange, Astral Dimension තුලට පිවිසෙනවා. Astral Dimension තුලින් පෘථිවි ලෝකයට ද්වාරයකින් එන Strange, Christine හට තමා ශරීරය සුව කිරීමට උදව් වෙනවා.

    මේ සිදුවීම Doctor Strange කොමික් වලත් සටහන් වෙලා තිබුන.;)


    FqmBkhC.jpg

    Cloak of Levitation එකත් සමග පොර බදින Lucian ශරීරයෙන් මිදී Astral Dimension තුලට ඇතුල් වෙනවා.
    Strange නිර්මාණය කල ද්වාරය හරහා රෝහලට එන ඔහු Strange සමග සටනක් ඇති වෙනවා.


    01z7dXt.jpg

    Strange සමග සටනින් පසු Lucian ගේ ආත්මය මිය යාමත් සමග ඔහුගේ ශරීරයත් මිය යනවා.


    cKCV2dD.jpg

    ඉන් පසුව Strange තමාට වුන දෙය ගැන Christine ට පැහැදිලි කරනවා. Strange ද්වාරය හරහා නැවත New York Sanctum වලට යනවා.


    zCH0QUf.jpg

    Strange එනකොට Kaecilius එතනින් පැන ගිහින්. එතනට එනවා Mordo සහ Ancient One. එතැනදී Ancient One කියනවා දැනටමත් London Sanctum බිදවැටිල ඉවර බවත් Hong Kong සහ New York Sanctum පමණක් Dark Dimension වලින් ආරක්ෂා වීමට ඇති බවත්.ඒ වගේම New York Sanctum වලට පහර දීමෙන් එහි පාලකයා මිය ගිය නිසා New York Sanctum වලට නව පාලකයෙක් විදියට Strange අවශ්‍ය බව පවසනවා.එතනදී Strange කියන්නේ තමන් Doctor කෙනෙකු බවත් ඔහු ජිවිත රැකිය යුතු මිසක් ජිවිත නැති කිරීම නොවේ කියලයි. (Strange අතින් Lucian මිය ගිය නිසා)


    Xe8mBO1.jpg

    ඒ වගේම Dark Dimension බලයෙන් Ancient One ගේ දිර්ගයුෂ පිලිබදව හෙළි කරනවා.ඒ සමගමත් Kaecilius නැවත පැමිණෙනවා New York Sanctum විනාශ කිරීමට. ක්‍රියාත්මක වෙන Strange, Mirror Dimension එකක් ඇති කරනවා එය විනාශ නොවීමට ඉඩ නොදී.


    WvTHKr5.jpg

    Sanctum එක ආරක්ෂා කිරීමට හා ඔවුන්ව Mirror Dimension වල කොටු කර තැබීමට එතනින් පලා යන Strange හා Mordo, New York නගරයේ විදියක නතර වෙනවා. Mordo කියන්නේ Kaecilius, Dark Dimension හා සම්බන්ධ වී ඇති නිසා Mirror Dimension වලට වඩා බලවත් වී ඇති වගේම එයින් පෘථිවි ලෝකයට බලපෑමක් එල්ල කල නොහැකි වුවත් අපව මරා දැමිය හැකි බවයි.

    YoJs4J1.jpg

    Strange ද්වාරයක් නිර්මාණය කර පලා යාමට උත්සහ කලත් Kaecilius ගුරුත්වාකර්ෂණය පාලනය කල නිසා ඔවුන් එයින් ඉවතට ගොස් බසයක හැප්පෙනවා.

    YhwSL0v.jpg

    මෙතැනිදී අපිට බලාගන්න පුළුවන් Cameo King. Stan Lee ඒ බස් එකේ මගියෙක් විදියට.


    2QINlkQ.jpg

    Strange නැවත වරක් ද්වාරයක් නිර්මාය කරන්න උත්සහ කලත් Kaecilius එය වළක්වනවා.


    IQX7g6o.jpg

    Mirror Dimension එක තුල Strange ව ලුහු බැද කොටුකරගන්න සමත් වෙන Kaecilius, Strange ගේ Sling Ring එකද ගෙන ඝාතනය කිරීමට තැත් කිරීමත් සමග Strange එතනින් ඉවත් කරන්න Ancient One සමත් වෙනවා.


    x4QWqcg.jpg

    එතනට එන Ancient One බලය පාවිච්චි කිරීමෙන් නළලේ මතු වන සලකුණ නිසා Mordo විශ්වාස කරනවා ඇය Dark Dimension වලින් බලය ලබාගෙන කියලා.


    Wx0WyZq.jpg

    ගුරුවරයෙක් ලෙස විශ්වාස කල නමුත් තමන් හට සහ ලෝකයට ද්‍රෝහිවුන බව Kaecilius, Ancient One ට පවසනවා. Dormammu හට රැවටී ඉන්න බවත් ඔහු ගැන කිසි දෙයක් Kaecilius නොදන්නා බවත් Ancient One පවසනවා.


    Q7BJRWJ.jpg

    Kaecilius හා Ancient One සටනකින් පස්සේ Kaecilius විසින් මන්ත්‍ර ආයුධයකින් Ancient One ගේ බඩට ඇන Strange ගෙන් පැහැර ගත්ත Sling Ring එකෙන් Mirror Dimension එකෙන් පෘථිවි ලෝකයට ද්වාරයක් නිර්මාණය කර Ancient One ව ඇතුල් කරනවා.
    ද්වාරය හරහා ගොඩනැගිල්ලකින් Ancient One පහලට වැටෙනවා.

     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    wKyQ7dg.jpg

    Strange, Ancient One ව රැගෙන යනවා ඔහු සේවය කල රෝහලට. Ancient One ගේ සැත්කමක් සිදු කිරීමට Christine ගෙන් උදව් ගෙන ඔහුත් සුදානම් වුනත් තවමත් ඔහුගේ අත අඩපන නිසා අතහැර දමනවා.


    R3RpzNk.jpg

    සැත්කම අතරතුරේ Ancient One, Astral Dimension තුලට ඇතුල් වූ බව දැනෙන Strange ඔහුද එය තුලට ඇතුල් වෙනවා.


    XaOVpOf.jpg

    Ancient One පිටුපස යන Strange ඇයගෙන් ඉල්ලා සිටිනවා ශරීරයට නැවතත් යන ලෙසත් එසේ නොගියොත් මිය යා හැකි බවත්.


    MMlYfrf.jpg

    Ancient One කියනවා Strange ගේ අනාගතය ඇය කවදාවත් දැක්කේ නැති බවත් Strange අසමත් වීමට ඇති බය නිසා සාර්ථක විය හැකි අවස්ථාවන් දැක ඇති බවත්.ඒ වගේම Pangborn සුව වුනේ Dark Dimension වල බලයෙන් බවත් තමන් Dark Dimension වලින් බලය ලබා ගැනීමට අකැමති බවත් පවසනවා.


    EFnu2Pz.jpg

    Astral Dimension තුලින් ඉවත් වෙන Ancient One මිය යනවා.



    qjTzt2r.jpg

    මේ කිසි දෙයක පැහැදිලිවිමක් නැති Christine, Strange ව විශ්වාස කරන්න පටන් ගන්නවා.


    P2AoXeZ.jpg

    මේ අතර Hong Kong වලට එන Kaecilius හා කණ්ඩායම Hong Kong Sanctum ආක්‍රමණය කරන්න සුදානම් වෙනවා. ඒවගේම Wong සහ Sanctum වල පිරිස Kaecilius ට එරෙහිව සටන් කිරීමට සුදානම් වෙනවා.


    Ud2RYqM.jpg

    නැවතත් Kamar-Taj වලට එන Strange, Ancient One මිය ගිය බව Mordo හට තහවුරු කරනවා. ඒ වගේම Mordo, Ancient One ගැන කලකිරීමකින් ඉන්නවා ඇය විසින්ම තහනම් කල අයාගෙන ඇය පෝෂණය වුන එකට. Strange කියනවා London Sanctum බිද වැටි ඇති බවත් New York Sanctum එක පහර දීමකට ලක් වී ඇති බවත්. ඒ වගේම Mordo ගේ මීලග ඉලක්කය Hong Kong Sanctum විය හැකි අතර ඔවුන්ට එරෙහිව සටන් කිරීමට Mordo ගේ සහය අවශ්‍ය බවත් පවසනවා.


    nQHbIp3.jpg

    ඒ අනුව Strange හා Mordo ද්වාරයකින් යනවා Hong Kong වලට. එනකොටත් Sanctum එක බිදවටිලා ඉවරයි. Dark Dimension එක දැනටමත් පෘථිවිය ආක්‍රමණය කරන්න පටන් අරන්


    f7luuYb.jpg

    Mordo කියනවා Dormammu ඇවිත් ඉවරයි, ප්‍රමාද වැඩි ඔහුව නතර කිරීමට කිසි දෙයක් දැන් නැති බව.


    itjNbyA.jpg

    Strange ට මේ වෙලාවේ මතක් වෙනවා Eye of Agamotto එක ඔහු එකේ Time Stone එක පාවිච්චි කරලා කාලය ආපස්සට හැරවීමට පටන් ගන්නවා.


    Dda0PCx.jpg

    Strange, Mordo ව කාලානුරූප කර Sanctum බේරාගැනීමට උත්සහ කරනවා. Kaecilius සහ ඔහුගේ කණ්ඩායමද කාලානුරූප වී Strange සහ Mordo අතර සටනක් ඇති වෙනවා. ආපස්සට ගිය කාලය නිසා Wong ට නැවත ප්‍රාණය ලැබෙනවා. (ටික වෙලාවකට කලින් Kaecilius සමග සටනේදී Wong මිය ගොස් තිබෙනවා)



    JZRwpmF.jpg

    මේ අතර ආපස්සට යන කාලය Sanctum පිපිරීමට තත්පර කීපයක් තිබියදී Kaecilius විසින් කාලය නතර කිරීමට සමත් වෙනවා.


    7099dqP.jpg

    Mordo නැවතත් Kaecilius සමග සටන් කරන්න පටන් ගද්දි Strange, Dark Dimension තුලට පියබා යනවා. Kaecilius හිතන්නේ Strange, Dormammu ගේ බලයට යටත් වුනා කියලා


    SkVDTo5.jpg

    Dark Dimension තුලට පිවිසෙන Strange, Time Stonre එක යොදාගෙන කාල වල්ලක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ යම කිසි වෙලාවකින් නැවත කාලය ආපස්සට ගොස් සිදු වූ දෙයම නැවත නැවත සිදුවීමයි.


    iAGIEQh.jpg

    Dormammu ඉදිරියට යන Strange තමන් ගනුදෙනුවකට පැමිණි බවක් පවසනවා

    මතක ඇතිනේ කලින් Civil War එකේ තිබ්බ ජනප්‍රිය දෙබස්. “Sometimes I Want To Punch You In Your Perfect Teeth”, “I Can Do This All Day.”වගේ;) . ඒ වගේම මේ ෆිල්ම් එකේ දෙබසක් ජනප්‍රිය වුනානම් වුනේ මේක “Dormammu, I've come to bargain!”:yes:


    3uc7yTN.jpg

    Strange මැරෙන්න ආව බව පවසන Dormammu ඔහුව මරා දමනවා. නමුත් කාල වළල්ල නිර්මාණය කල නිසා ඒ සිදු වීම නැවත නවතාත් සිදු වෙනවා. Strange ඒ හැම අවස්ථා වේම මිය යනවා.


    sMKOwge.jpg

    තමා කාල වළල්ල තුල හිර වී ඇති බව තේරුම් ගන්න Dormammu එයින් නිදහස් කරන ලෙස Strange ගෙන ඉල්ලනවා. Strange කියනාවා තමන් මෙය ඉවත් කරන්නේ තමන් සමග ගනුදෙනුව කලොත් පමණයි කියලා. ඒ අනුව Kaecilius ඇතුළු Zealots කණඩායම පෘතුවියෙන් රැගෙන යන ලෙසත් පෘථිවි ග්‍රහණයෙන් Dark Dimension ඉවත් කරන ලෙසත් Strange ඉල්ලීම් කරනවා. Dormammu ඊට කැමති වෙනවා.


    DZiAobv.jpg

    Strange නැවතත් පෘථිවියට පැමිණෙනවා. ඔහු එන්නේ ඔහු Dark Dimension තුලට යාමෙට පෙර සිටි කාලයටයි. Strange ඇවිත් Kaecilius ට පවසන්නේ තමන් Dormammu සමග ගනුදෙනුවක් කල බව.Kaecilius ඇතුළු කණ්ඩායම Dark Dimension තුලට ඇදීයනවා.


    SCMUKaY.jpg

    Strange කියනවා Kaecilius ට මුළු පොතම සොරකම් කරන්න තිබුනේ කියලා. එතකොටනම් හිනා වන්න් නැති Wong හිනා වෙන්න පටන් ගන්නවා.


    Bgwi9H7.jpg

    Strange නැවතත් කාලය ආපස්සට කර තිබු අකායටම සකස් කරනවා. Strange,Wong සමග Sanctum එකට යන්න සුදානම් වුනත් Mordo නතර වෙනවා. ඔහු කියන්නේ Ancient One වගේම හැමෝම නීති වලට පටහැනිව ක්‍රියා කල බවත් යාමට තෝර ගත් මාර්ගය වැරදි බවත්. ඒ අනුව ඔහු Masters of the Mystic Arts මගින්වෙන් වී යාමට තීරණය කරනවා.


    vLL2Gxv.jpg

    නැවතත් Kamar-Taj වලට එන Strange, Eye of Agamotto එක ප්‍රතිමතලයේ තැම්පත් කරනවා. මෙතනට එන Wong කියන්නේ Infinity Stone එකක් පැළදගෙන පාරේ ඇවිදින එක එතරම් හොද දෙයක් නෙවේ කියලයි

    මෙතැනදී තමයි Eye of Agamotto වල තිබුනේ Infinity Stone එකක් කියලා නිල වශයෙන් හැදින්වෙන්නේ:yes:. ඒ වගේම Strange දන්නෙත් නැ Infinity Stone එකක් කියන්නේ මොකද්ද කියලත්:P

    ඒ වගේම Ancient One ගේ මරණයත් Sanctum වල බිද වැටීමත් නිසා Multivese වලට එරෙහිව සුදානම් විය යුතු බවත් Wong පවසනවා.


    ToTt8jP.jpg

    NewYork Sanctum වලට එන Strange එහි පාලකයා විදියට ක්‍රියා කිරීමට පටන් ගන්නවා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Mid Credit Scene එක ට යමු:D. ෆිල්ම් එක ඉවර වුනේ Strange NewYork Sanctum වල පාලකයා විදියට ක්‍රියා කරන්න පටන් ගන්නකොටනේ. ඔන්න ඉතින් Strange ව හොයාගෙන Sanctum එකට ඇවිත් වෙනත් ලෝකයක කෙනෙක්:rolleyes:. Asgardin කෙනෙක්.


    DpCKxp1.jpg

    Strange හමුවෙන්න ඇවිත් Thor. Strange අහනවා තේ එකක් බොන්න. Thor කියනවා තේ බොන්න ආස නැ කියලා. Thor බොන්න ආස දේ අතට ලැබෙනවා බියර් වීදුරුවක් වගේම ඉවර වෙන්න වෙන්න නැවත පිරෙනවා:lol:..(ඔව් ඔව් මෙව්වා බලයෙන් තමා:P)

    කලින් Thor ෆිල්ම් එකක් පෘථිවියට ආවට පස්සේ Thor තේ වලට කැමති නැ කියන scene එකක් තිබුණා:rolleyes:. හරියටම මතක නැ කොතනද කියලා.


    aWZlWyV.jpg

    Strange කියනවා පසු ගිය කාලයේ වෙනත් ලෝකයන්ගෙන් පෘතුවියට තර්ජනයක් වුන ය ගැන හොයා බලද්දී Thor ගේ සහෝදරත් Loki ඒ අතර ඉන්නවා කියලත්. ඔහු නැවත නිව්යෝක් වලට ගෙනාවේ ඇයි කියලා අහනවා. Thor කියන්නේ එක දිග කතාවක් බවත්, තමන් තමා පියා සොයා පෘතුවියට පැමිණි බවත්. Strange අහනවා පියා සොයා ගත්තොත් සියලු Asgardian ලා නැවත Asgard වලට යනවද කියා. Thor ඊට එකග වන අතර strange එකග වෙනවා ඔවුන්ට උදව් කිරීමට

    මෙතැනදී අපිට ඇති වෙන එකම ප්‍රශ්නය තමයි Thor ගේ පියා එහෙමත් නැත්නම් Odin ඇයි පෘථිවියට අවේ කියලා:confused:. මෙතනදී Strange, Loki ව අරන් අවේ ඇයි කියලා Thor ගේ අහපුවම කියන්නේ එක ලොකු කතාවක් කියලා. මේ නිසා කියන්න පුළුවන් මේ සිදුවීම Thor Ragnarok චිත්‍රපටයේ මැද හරිය වගේ සිදුවීමක් කියලා.(Ant-Man ෆිල්ම් එකේ post credit scene එකේ සිදුවීම තිබුනෙත් Civil War එකේ මැද හරියේ වගේ). ඒ වගේම Doctor Strange, Thor Ragnarok චිත්‍රපටයේ බලාගන්න පුළුවන්. මන් හිතනවා cameo එකකට වඩා ලොකු කොටසකට ඉදි කියලා.:yes:

    Doctor Strange ෆිල්ම් එක එන්නත් කලින් Thor Ragnarok එකේ සෙට් එකේ අපි දැක්ක Thor, Strange ගේ Sanctum ලිපිනය එක්ක ෆොටෝ එකක්. එකෙන් කියන්න පුළුවන් Thor, Strange ව හම්බ වෙන්න එන්න කලින් දර්ශනයක් කියලා. දැකපු නැති අය බලන්න. ඒ වගේම Infinity Stones 6න් ඉතුරු වෙලා තියන Stone එකත් බොහෝ දුරට Thor මීලග ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්. ගොඩ දෙනෙක් කියනවා මේ stone එක Heimdall ලග තියෙන්නේ කියලා. එත් මටනම් එක ගැන විශවාසයක් නැ. මොකද දැනටමත් space stone එක තියෙන්නේ Asgard වල Heimdall ගේ ආරක්ෂාව යටතේ. Infinity Stones දෙකක් එක ලග තිය ගන්න එක භයානක නිසයි ඔවුන් Reality Stone එකත් Collector ට භාර දුන්නේ. මන් හිතන්නේ ඉතුරු වෙලා තියන soul stone එක පෘථිවියේ තියෙන්න පුළුවන්. මේ නිසයි Odin පෘථිවියට එන්නේ (Odin මේ stone එක ගැන දන්නවා කියලයි මන් හිතන්නේ:P). මොකද Reality stone එක නිසා Odin ට ඔහුගේ බිරිදයි පුතයි නැති වුන (Odin හිතන් ඉන්නේ Loki මැරිලා කියලා;)) ඒ නිසා Odin පෘථිවියට එනවා මේ soul stone එක පාවිච්චි කරලා නැති වුන අයව ආපහු ගෙන්වන්න හෝ වැරදි අතකට යන්න නොදී ආරක්ෂා කරන්න. Ultron සිදුවීමේ පස්සේ Thor යනවා Asgard වලට. Thor දැන ගන්නවා Odin නැති බව. Thor එනවා Loki එක්ක පෘථිවියට Odin හොයාගෙන. එකට උදව් ගන්න Thor යනවා Strange හම්බවෙන්න. ඕක මගේ තියරියක්. එක නිසා වරදින්න චාන්ස් එක ගොඩක් වැඩි :lol:. වැඩිය එක ගනහිතන්න එපා ඒ නිසා. :P



    Post Credit Scene එක Doctor Strange ෆිල්ම් එකට සම්බන්ධ එකක් වෙයි කියලනම් මන් හිතුවෙම නැ:no:..කොහම හරි මේකෙන් අපිට බලාපොරොත්තු තිය ගන්න පුළුවන් Doctor Strange දෙවැනි චිත්‍රපටයක් ගැනත්, Mordo ගේ මන් කලින් කිව්වා වගේ දුෂ්ට චරිතය ගැනත්.


    0y0LGAr.jpg

    Mordo එනවා Pangborn ව හමු වීමට. Mordo දන්නවා දැන් Pangborn ට ඇවිදීමට බලය ලැබුනේ කොහින්ද කියලා.


    VVe5gOs.jpg

    Mordo, Pangborn ට පහර දී Dark Dimension තුලින් ලබා ගත්ත බලය Pangborn ගෙන් ලබා ගන්නවා. ඉන් පසුව Pangborn ක්ෂණිකව අංශභාගයට ලක් වෙනවා. Mordo කියන්නේ මේ දේවල් පෘථිවියට ගැලපෙන්නේ නැ කියලයි.

    ඔන්න ඉතින් එකත් ඉවරයි. සාපේක්ෂව Doctor Strange චිත්‍රපටය Origin story එකක් විදියට හොදට තිබුනා. ගොඩක් දුරට Iron Man Origin story ට සමානයි. visual effects හොදටම තිබ්බ ෆිල්ම් එකක්. මේ අව්රුද්දෙ ඉදන් දිගටම MCU එකේන් අව්රුද්දට ෆිල්ම්ස් 3ක් එලියට එනවා:D. ඒ නිසා දැන් Universe එක එන්න එන්න ලොකු වෙනවා. ඊට අමතරව TV සිරිස් එහෙමත් මේකට ගොඩක් එකතු වෙයි. Doctor Strange ෆිල්ම් එකෙන් MCU එකට ලොකු සම්බන්ධයක් බලාගන්න පුළුවන් වුනේ නැ Mid Credit Scene එකයි පොඩි පොඩි easter eggs ටිකකුයි ඇරෙන්නේ. හැබැයි මිට පස්සේ එන හැම ෆිල්ම් එකේම ඒ දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ ෆිල්ම් එකිනෙකට සම්බන්ධ වෙන විදිය. ගිය පාර මට Civil War එකේ රිවිව් එකෙන් ෆිල්ම් එකට rating එකක් දෙන්න බැරි වුණා:sorry:. මට දෙන්න පුළුවන් 9/10 අගයක්:yes:. ඒ වගේම Doctor strange චිත්‍රපටයේ මගේ rating එක 8/10. එහෙනම් මීලග ෆිල්ම් එකේ හමුවෙමු. සුභ දවසක්.

     
    • Like
    Reactions: Kasippu Sira

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    fatta fatta ban.:cool::cool:.blan hitye enakan..mn godak welawata blanwa uba dapu thread wal view karala uba mewa thread dalada kiyala.. :D ;)

    You must spread some Reputation around before giving it to choppe again.
    :sorry::(
     
    • Like
    Reactions: choppe

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    හම්මේ චොප්පෙ අයියගේ review මාගලේ දාල :love:
    එල එල අහ්හ් කීප් ඉට් අප් දිගටම පුටේ +21 :cool:
     
    Last edited:
    • Like
    Reactions: choppe

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,783
    6,360
    113
    ගග අද්දර
    ෆිල්ම් එක බැලුවේ නෑ මචන් තවම... බැලුවම මේක කියවන්නම්....
    රෙප්++ එතකල්
    ජය වේවා...
     
    • Like
    Reactions: choppe

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,215
    13,103
    113
    33
    ෆින්ලන්ඩ්
    Pissu hadenawa...
    patta yako...
    Film 1a hadanawath ochara mahansi wen netuwa aethi...

    MAchang sirawata kiyanne. May ke link 1a Film 1a hadapu 1ta yawapun.
    ubata aduma gane Thanks karala hari email 1k aewai.

    Mage yaluwek Bit-defender antivirus 1y fault 1k step by step liayala aerala uta life time bit-defender licean 1k hamba una.
     
    • Like
    Reactions: choppe
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එලෝ
    රේප් දීලම කියවන්න ගත්තා:cool::cool:
    පට්ට රිවිව් එක ඈ
    ෆිල්ම් එකනම් බැලුවා
    vm එක දැක්කේ දැනුයි මචෝ
    උඹ දානකොට මම කියවන්න අරගෙන
    තැන්ක්ස් මචන් :cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: choppe