හාට් කේස්, බයි පාස්, සිංහල බෙහෙත්

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    හාට් කේස්, බයි පාස්, සිංහල බෙහෙත්

    මෙහෙමයි මචන්ලා. මගෙ තාත්තට ඉස්සෙල්ලම හාට් ඇටැක් එකක් ආව 1999 දී. ගොඩක් අමාරු උනා. මට මතක විදිහට මාසයක් විතර හොස්පිට්ල් හිටිය. ඊට පස්සෙ කවදාවත් ලොකු අමාරුවක් ආවෙ නෑ. හැබැයි පොඩි පොඩි අමාරු නම් ආව. එක පාරක් කතා කරන්න බැරුව වචන ගොතගැහෙන්න ගත්ත. හොස්පිට්ල් හිටිය දවස් 4 ක් 5 ක් විතර. ඊට ගොඩ කාලෙකට පස්සෙ ආයෙ ඒකම ආව. කලින් තරම් ලොකුවට නෙමෙයි. ඒත් දවස් 4 ක් විතර නැවතිලා හිටිය. ආයෙ මේ ලඟකදී බඩේ කැක්කුමක් ආව. ගැස්ට්‍රයිටිස් කියල හිතුවෙ. බෙහෙත් වලට අඩු උනේ නැති නිසා නිකමට ECG එකක් ගත්තම එතන අවුලක් තිබුන. ආයෙ හොස්පිට්ල් හිටිය දවස් 4 ක් විතර. දැන් මාස 5 ක් විතර ඇති. දිගටම ක්ලිනික් ගියා. පෙරේද කියල තිබුන තාම හොඳටම හොඳ වෙලා නෑ. සමහර විට බයිපාස් එකක් කරන්න වෙන්න ඉඩ තියෙනව කියල. මගෙ නම් වැඩි කැමැත්තක් නෑ ඒකට. බයිපාස් එකටත් වෙයිටින් ලිස්ට් එකේ ඉන්න වෙනවනෙ. ඒ කාලෙ ඇතුලත සිංහල බෙහෙත් කරල බලන්න අදහසකුත් තියෙනව. උඹලගෙ අදහස් මොනවද? හොඳම දේ මොකද්ද? සාර්ථක විදිහට සිංහල බෙහෙත් කරන තැන් තියෙනව? කාට හරි අත්දැකීම් තියෙනවද? මොනවද කරන්න පුළුවන්?​
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    nodanee machan
    bump

    thanks bro

    anuradhapure gunawardhana weda mahaththaya hodai machan.

    උඹ හරියටම දන්නවද? කොහොමද බෙහෙත් කරන්නෙ? මාසෙකට සැරයක් යන්න ඕනෙද? එහෙම හොඳ කරල තියෙනවද? බොරු කාරයො හැමතැනම බන්. කරන දෙයක් හොයල බලල කරන්න ඕනෙ. උඹ විස්තර දන්නවද?
     
    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    ගොඩ වෙදකම් කරන්න යන්න එපා බන් බයිපාස් එකක් කරපං.එක තමයි හරියනම ප්‍රතිකාරය.
    3 පාරක් හැදිලා තියනවනම් 4 පාර ගොඩක් අමාරු වෙන්න පුළුවන්.පුළුවන් ඉක්මනට කරපන්.
    ප්‍රයිවට් කරනව නම් ලක්ෂ 5 වගේ යනවා මගේ හිතේ.
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    ගොඩ වෙදකම් කරන්න යන්න එපා බන් බයිපාස් එකක් කරපං.එක තමයි හරියනම ප්‍රතිකාරය.
    3 පාරක් හැදිලා තියනවනම් 4 පාර ගොඩක් අමාරු වෙන්න පුළුවන්.පුළුවන් ඉක්මනට කරපන්.
    ප්‍රයිවට් කරනව නම් ලක්ෂ 5 වගේ යනවා මගේ හිතේ.

    :yes: ප්‍රයිවට් නම් අමාරු තත්වයක් තියෙන්නෙ. කොළඹින් කලත් වෙයිටින් ලිස්ට් එකේ ඉන්න ඕනෙ. මාස 6ක් වත් ඉන්න වෙයි කියල තමයි කියන්නෙ. හැබැයි සමහර විට ඊට වැඩිය වැඩි වෙන්නත් පුළුවන්.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ගොඩ වෙදකම් කරන්න යන්න එපා බන් බයිපාස් එකක් කරපං.එක තමයි හරියනම ප්‍රතිකාරය.
    3 පාරක් හැදිලා තියනවනම් 4 පාර ගොඩක් අමාරු වෙන්න පුළුවන්.පුළුවන් ඉක්මනට කරපන්.
    ප්‍රයිවට් කරනව නම් ලක්ෂ 5 වගේ යනවා මගේ හිතේ.

    හරියටම හරි... මමත් කියන්න හැදුව විතරයි. ඔය එක එක ඒව කරන්න ගිහිල්ල ජීවිතේට අනතුරක් උනොත් උඹට එක ජීවිත කාලෙම හිතේ තියෙයි. උඹට සල්ලි හොයාගන්න අමාරු නම් ඉතින් ගොඩ වෙදකම් කරල බලපන්.. නැත්නම් වේටින් ලිසිට් ඉන්නෙ නැතුව ප්‍රයිවට් කරපන් ඉක්මනට.
    අර බැලූන් එකක් දාල බ්ලොක් වෙච්ච තැන ඕපන් කරන සීන් එකක් තියෙනව. ඒක නම් හාර්ට් එක ඒපන් කරන්නෙ නැතුව කරන එකක්. හැබැයි ඒක කරල අවුරුද් 10 ක් විතර යනකොට බයිපාස් එක ආයෙ කරන්න වෙනවා.
     
    thanks බ්‍රෝ. :yes: ගොඩ වෙදකම් කර කර ඉන්න නම් අයිඩියා එකක් නෑ.
     
    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    මචන් ඉස්සල්ලම හර්ද රෝග ඩොක්ට කෙනෙක්ට පෙන්නල ත්ත්තගේ තත්වේගැන හරියටම දැනගනින්.ජයවර්ධනපුර හොස්පිටල් එකේ වගේ කරනවානම් ගොඩක් අඩුවට කරගන්න පුළුවන් වෙයි.රජේ නිසා.
     
    ikman suwa pathanwa mchn tatta

    තැන්ක්ස් මචන්ලා
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    මෙන්න මේ වෙද මහත්තයාට පොඩ්ඩක් කතා කරලා බලන්න, මම දන්න කෙනෙක් නම් මේ වෙද මහත්තයාගෙන් බෙහෙත් අරන් නැහැ හැබැයි video එක බැලුවම genuine ගතියක් තියනවා. වෙද මහත්තයා කියන විදිහට එයා කරන්නේ පාරම්පරික හෙළ වෙදකම ආයුර්වේදය කලවම් වෙලා නැහැලු.

    වෙද මහත්තයාගේ නම විජයබණ්ඩාර ඒකනායක
    contact ඕන අය pm එකක් දාන්න නැත්නම් දෙරණට(Tv Derana) කතා කරලා අහගන්න.
    saho onenam me weda mahaththayata call ekak dila balanna.