අරියඥාණ හිමිගේ බුදු සසුන සෝදාපාළුව

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
අරියඥාණ හිමිගේ බුදු සසුන සෝදාපාළුව

රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත

රාජගිරියේ අරියඥාණ හිමි:

... භික්ෂුව කියන්නේ ගින්දරක් කියලා බුදුරජානන් වහන්සේ දේශනා කරනවා. තේරුණාද? ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි හොයන්න යන්න අදාල නැහැ. ...

රාජගිරියේ අරියඥාණ හිමි:

... නමුත් ඒ බුදුරජානන් වහන්සේ එහෙම දේශනා කලත් කිසිම වෙලාවක පුතේ ඔබලා ස්වාමීන් වහන්සේගේ වැරදි හොයන්න යන්න එපා. ...

ඉහත වීඩියෝවේ විනාඩි 54යි තත්පර 59න් පමණ ඉදිරියට රාජගිරියේ අරියඥාණ හිමි:

... ඒ නිසයි බුදුරජානන් වහන්සේ කාසායකණ්ඨකටත් දන් දෙන කාරණය තුල කියන්නේ කොතනකදවත් ස්වාමීන් වහන්සේලාගේ සීලය හොයන්න යන්න එපා. ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන්න එපා. ඒක අපිට අදාල නැහැ. උන් වහන්සේ වැරදි කලොත් උන් වහන්සේලා ඒවා අරගෙන යාවි. ඒ නිසා බුදුරජානන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මොන වැරැද්ද දැක්කත් ගිහි කෙනෙක්ට ඒක ඇඟිලි ගහන්න යන්න [එපා කියලා]. සංඝයා අරමුණු කරගෙන ඔබ දන් දුන්නා නම් සංඝයා අරමුණු කරගෙන ලැබෙන්නා වූ දානය අපට ලැබෙනවා. එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ...
රාජගිරියේ අරියඥාණ හිමියන් පවසන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි නොසෙවිය යුතුය, භික්ෂූන් වහන්සේලාගේ මොන වැරැද්ද දැක්කත් ගිහියන්ට එය අදාල නැතිය, භික්ෂූන් වහන්සේලාගේ වැරදි සොයන්න යෑමෙන් අප්‍රමාණ අකුසල් සිදුවේ ආදී අදහස් ධර්මයට සහ විනයට නොගැළපෙන්න අධාර්මික සහ අවිනය ප්‍රකාශයි. සමාජයක එවන් අදහස් පැතිරවීම අසත්පුරුෂ සමාජයක් නිර්මාණය කිරීමට හේතු වෙනවා. ගිහි පැවිදි බොහෝ පිරිස් එවන් අදහස් නිසා නොමඟ යනවා, පරිහානියට පත්වෙනවා. යම් පුද්ගලයෙක් අන් අයගේ ලාභාන්තරයට හේතු වන එවන් අදහස් ඇතිව ඉන්නවා නම් එය එම පුද්ගලයාගේ මිත්‍යා දෘෂ්ටියක් වන අතර එය එම පුද්ගලයා නිරයේ හෝ තිරිසන් සතෙකු ලෙස ඉපදීමට හේතු වෙනවා. එවන් අදහස් පැවසීම සහ පිළිගෙන ඊට අනුරූපව ක්‍රියා කිරීම සම්මා සම්බුද්ධ සාසනය වහ වහා අතුරුදහන් කිරීමට හේතුවක්.

බුදුරජානන් වහන්සේ දේශනා කර ඇති සූත්‍ර සහ විනය කරුණු දෙස එකවර නොබලා විමසුවත් යම් නොමඟ යන භික්ෂූන් වහන්සේ නමක් හෝ භික්ෂූන් වහන්සේලා පිරිසක් සුමඟට යොමුකිරීමට ගිහියන්ට කටයුතු කල හැකි නම් එසේ කිරීම එම භික්ෂූන් වහන්සේගේ හෝ භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය පිණිසත්, එම භික්ෂූන් වහන්සේ හෝ භික්ෂූන් වහන්සේලා එසේ අභිවෘද්ධියට පත්වීම ගිහියන්ගේ අභිවෘද්ධිය පිණිසත්, එවිට එය සම්මා සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය පිණිසත් හේතු වන බව වටහා ගන්න පුළුවන්.

අනෙකුත් භික්ෂූන් විසින් තමන්ට ඔවදන් දීම ගැන ඔවදන් ලබන භික්ෂූන් විසින් කෙසේ සලකනවාද, කෙසේ ඒ ගැන කටයුතු කරනවාද යන්නට අනුව අසත්පුරුෂයින් එක්ව වසනා ආකාරය සහ සත්පුරුෂයින් එක්ව වසනා ආකාරය ගැන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දෙවන පණ්ණාසකයේ පුග්‌ගල වර්ගයේ එකාදසම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/188 ] සඳහන් වෙනවා.

එම සූත්‍රයට පරිදි අසත්පුරුෂයින් කෙසේ එක්ව වසනවාද යත්: තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් අන් තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් තමන්ට ඔවදන් නොදේවා යැයි හිතනවා, තමනුන් ඔවුන්ට ඔවදන් නොදෙන්නෙමැයි හිතනවා, තමන්ට ඔවදන් දෙනවා නම් ඒ ඔවදන් දෙය අය තමන්ට අහිතානුකම්පීවයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, හිතානුකම්පීව නොවෙයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, එම කීම් ප්‍රතික්ෂේප කරන්නෙමැයි හිතනවා, කියන කෙනාව වෙහෙසට පත් කරන්නෙමැයි හිතනවා, එම වැරදි තමන්ගේ ඇතැයි දැක්කත් ඊට පිළියම් නොකරන්නෙමැයි හිතනවා.

එම සූත්‍රයට පරිදි සත්පුරුෂයින් කෙසේ එක්ව වසනවාද යත්: තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් අන් තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් තමන්ට ඔවදන් දේවා යැයි හිතනවා, තමනුන් ඔවුන්ට ඔවදන් දෙන්නෙමැයි හිතනවා, තමන්ට ඔවදන් දෙනවා නම් ඒ ඔවදන් දෙය අය තමන්ට හිතානුකම්පීවයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, අහිතානුකම්පීව නොවෙයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, එම කීම් මනා යැයි පිළිගන්නෙමැයි හිතනවා, කියන කෙනාව වෙහෙසට පත් නොකරන්නෙමැයි හිතනවා, එම වැරැදි දැක ඊට පිළියම් කරන්නෙමැයි හිතනවා.

එම සූත්‍රයට අනුව භික්ෂූන් වහන්සේලා අන් භික්ෂූන් වහන්සේලාගේ අවවාද කෙරෙහි සත්පුරුෂයින් එක්ව වාසය කරන ආකාරයට අනුව කෙසේ එළැඹිය යුතු දැයි වටහා ගන්න පුළුවන්. එම සූත්‍රයෙහි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාගේ වැරදි නිවැරදි කිරීම ගැන විස්තර සඳහන් වී නැහැ. එනමුත් ගිහි වේවා, පැවිදි වේවා තමා තුල ඇති වරදින් මිදීමටත්, තමා මතු වරද කිරීමට යොමු වීමෙන් වැලැක්වීමටත්, තමා තුල නැති ගුණ වඩා ගැනීමටත්, තමා තුල ඇති ගුණ තව තවත් වඩා ගැනීමටත් ඉහත සූත්‍රයේ සඳහන් පරිදි සත්පුරුෂයින් ලෙස වාසය කිරීම උපකාරී වන බව එම සූත්‍රය මනා සේ විමසන පුද්ගලයින්ට වටහා ගත හැකියී. එපරිදි විමසා දකින පුද්ගලයෙක් තමා ගිහි උවත් පැවිදි උවත්, තමාව යම් අයහපතකින් මුදවනවා නම්, තමාට යහපතක් උදාකරනවා නම් ගිහි වේවා පැවිදි වේවා, එසේ තමාව අයහපතින් මුදවන, තමාට යහපත උදා කරන පුද්ගලයින්ගේ ඊට අදාල ක්‍රියාවන් කවර හේතුවක් නිසා නුසුදුසු යැයි දකින්නද?

යම් පුද්ගලයෙක් තමා ගිහි වේවා, පැවිදි වේවා අන් ගිහි හෝ පැවිදි අයව වරදින් මුදවාලීමට හේතු වන, ඔවුන්ගේ අභිවෘද්ධියට හේතු වන ඔවුන්ගේ වැරදි නිවැරදි කිරීමට කටයුතු කරන අන් ගිහි හෝ පැවිදි පුද්ගලයින්ගේ ක්‍රියාව නුසුදුසු යැයි අන් අයට පවසනවා නම් එසේ පවසන එම පුද්ගලයා අන් අයගේ අභිවෘද්ධියට හානි වන පරිදි සිතන පුද්ගලයෙක්. අන් අයගේ අභිවෘද්ධියට හානි වන පරිදි සිතන බැවින් එම පුද්ගලයා අන් අය කෙරෙහි අහිතානුකම්පී පුද්ගලයෙක්. අහිතානුකම්පී පුද්ගලයාට සතුරු සිත් එළැඹ පවතිනවා. සතුරු සිත් එළැඹ පැවැත්ම මිත්‍යා දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටියෙන් යුතු අයට මරණින් මතු නිරය හෝ තිරිසන් යොනිය උරුම බව බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවා. එසේ අන් අයගේ ලාභාන්තරයට කටයුතු කිරීම අහිතානුකම්පී බවක්, සතුරු සිත් ඇති බවක්, මිත්‍යා දෘෂ්ටියක් හා මරණින් මතු නිරය හෝ තිරිසන් යොනිය උරුම වීමට හේතුවක් බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ ශීලස්කන්ධ වග්ගයේ ලොහිච්ච සූත්‍රයට [ http://thripitaka.org/view/sp/sp1/556 ] අනුව වටහා ගත හැකියී.

මිලින්ද ප්‍රශ්න වල දැක්වෙන පරිදි මිලින්ද රජතුමා විසින් නාගසෙන හිමියන්ගෙන් කොපමණ අංගයන්ගෙන් යුත් භික්ෂූන් අරහත්ඵලය සාක්ෂාත් කරන්නේ දැයි ඇසූ විට ඊට පිලිතුරු දුන් නාගසෙන හිමියන් අරහත්ඵලය සාක්ෂාත් කිරීම පිණිස භික්ෂූන් සතු විය යුතු අංගයන් බොහෝ ගණනක් පවසා තිබෙනවා. ඒ බොහෝ වූ අංගයන් අතුරෙන් වෘෂභයාගේ ගත යුතු අංග හතරෙන් හතර වන අංගය ගැන විස්තර කිරීමේදී නාගසෙන හිමියන් මෙසේ පවසා තිබෙනවා:

පුන ච පරං මහාරාජ ගොරූපො යෙන කෙනචි වාහියමානො වහති එවමෙව ඛො මහාරාජ යොගිනා යොගාවචරෙන ථෙරනවමජ්‌ඣිමභික්‌ඛූනම්‌පි ගිහිඋපාසකස්‌සාපි ඔවාදානුසාසනී සිරසා සම්‌පටිච්‌ඡිතබ්‌බා.
එය සිංහල මිලින්දප්‍රශ්නය නම් පොතේ 564 පිටුවේ [ http://thripitaka.org/view/other/milinda1970/584 ] මෙසේ දැක්වෙනවා:

තවද, මහරජානෙනි, වෘෂභතෙම යම් කිසිකෙනෙකුන් විසින් උසුලවනු ලබන්නේ ම උසුලන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ථෙර නවක මධ්‍යම භික්ෂූන්ගේ ද ගෘහස්ථ උපාසකඋපාසිකාවන්ගේ ද අවවාදානුශාසනාතොමෝ මස්තකයෙන් පිළිගත යුත්තේ ය.
[ ඉංග්‍රීසි පරිවර්තනය: The Questions of King Milinda - Part II, T. W. Rhys Davids, 1894, p. 333, http://thripitaka.org/view/sbe/vol36/361 ]
[ පාලි (රෝමන් අක්ෂර): The Milindapañho, Vilhelm Trenckner, 1880, p. 397, http://thripitaka.org/view/trenckner/milinda1880/405 ]

භික්ෂූන්ගේ පමණක් නොව ගිහි උපාසකඋපාසිකාවන්ගේ අවවාදානුශාසනාත් භික්ෂූන් විසින් සිරසින් පිළිගත යුතු යැයි ඉහත පරිදි ධර්මයෙහි අඩංගුව පවතිනවා. මෙම ලිපියේ මුලින් දක්වන ලද විස්තර කිරීම් වලට අනුව අර්ථ ලෙසිනුත් එය එසේම විය යුතු යැයි දැකිය හැකියී. එසේ ඇති විට පැවිදි පිරිස ගිහියන්ට වඩා උතුම් බැවින් ගිහියන් විසින් පැවිද්දන්ගේ හරි වැරදි සොයන්න යෑම අදාල නැතය ආදී කථා අනර්ථය පිණිස පවත්නා අධර්ම අවිනය කථාවන් මිස අර්ථය පිණිස පවත්නා ධර්මට විනයට ගැළපෙන කථාවන් නොවේ.

එබැවින් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාල නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන යහපත උදෙසා පවතින කථා නොවෙයි. බුදු සසුන මෙසේ යැයි ඔවැනි අධර්ම අවිනය මතයන් පැතිරවීම බුදු සසුන තුල මානයෙන් මත්ව තමන්ගේ උසස් බව ගැන හිතනා අඥාණ භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, ධර්මය විනය ලෙස අධර්ම අවිනය කරුණු දේශනා කොට ගිහියන්ගෙන් තමන්ට එල්ල විය හැකි චෝදනාවන්ගෙන් තමන්ව රැක ගැනීමට එය පිටිවහලක් කරගන්නා භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, බුදු සසුන තුල නොයෙක් ආකාරයේ දුසිල්වත් ක්‍රියා කරන භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා. එපරිද්දෙන් එය ගිහි පැවිදි දෙපිරිසේම අහිත පිණිස සහ බුදු සසුන වහ වහා අතුරුදන් වීමට හේතුවක් වෙනවා.

Skylark
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Garu Svamin Vahansa Mata meya pahadili kara denu Manavi.[1]Sasanaye dan sitina Ihala nayaka Hamuduruvan Pahala Hamuduruvange varadi penva nivaradi nokaranne nam, pahala Hamuduruvo digatama ema varade badenava nedha? [2]pahala Hamuduru kenek athin gihiyek vana thamanta varadak unothin, eya penva deema varadakdha? [3]KAHA PATA SIURAK ADHA GATH PAMANIN, KENEKU BIKKSHUVAK VANNE NATHA, KIYA BUDUN VAHANSE DESANA KALA NEDHA? EMA NISA KAHA PATA SIURU ADHA GENA VARADI KARANA VITA , OHUNATA BIKKSHUN YAI KIYANNA BAHA NEDHA? FOR EXAMPLE----------SAMAHARA AYA KAHAPATA SIURA ADHA GENA, RAHASIGATHAVA GAHANU AYA SAMAGA LINGIKA SAMBADHATH PAVATHVA GENA YAI.BUDUN VAHANSE DESANA KARA ATHI PARIDI, KAHA PATA SIURAK ADHA GATH PAMANIN OHUN BIKKSHUN VANNE NATHA KIYALA KIWWE MEA VAGE AYATA NEDHA? MATA PAHADILI KARA DENU MANAVI.
 
Last edited:

Superuser

Member
Aug 30, 2015
723
73
0
එම සූත්‍රයට අනුව භික්ෂූන් වහන්සේලා අන් භික්ෂූන් වහන්සේලාගේ අවවාද කෙරෙහි සත්පුරුෂයින් එක්ව වාසය කරන ආකාරයට අනුව කෙසේ එළැඹිය යුතු දැයි වටහා ගන්න පුළුවන්. එම සූත්‍රයෙහි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාගේ වැරදි නිවැරදි කිරීම ගැන විස්තර සඳහන් වී නැහැ. එනමුත් ගිහි වේවා, පැවිදි වේවා තමා තුල ඇති වරදින් මිදීමටත්, තමා මතු වරද කිරීමට යොමු වීමෙන් වැලැක්වීමටත්, තමා තුල නැති ගුණ වඩා ගැනීමටත්, තමා තුල ඇති ගුණ තව තවත් වඩා ගැනීමටත් ඉහත සූත්‍රයේ සඳහන් පරිදි සත්පුරුෂයින් ලෙස වාසය කිරීම උපකාරී වන බව එම සූත්‍රය මනා සේ විමසන පුද්ගලයින්ට වටහා ගත හැකියී. එපරිදි විමසා දකින පුද්ගලයෙක් තමා ගිහි උවත් පැවිදි උවත්, තමාව යම් අයහපතකින් මුදවනවා නම්, තමාට යහපතක් උදාකරනවා නම් ගිහි වේවා පැවිදි වේවා, එසේ තමාව අයහපතින් මුදවන, තමාට යහපත උදා කරන පුද්ගලයින්ගේ ඊට අදාල ක්‍රියාවන් කවර හේතුවක් නිසා නුසුදුසු යැයි දකින්නද?

කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ මේවට තමයි. වෙනද වචනවල තේරුම ටක්කෙටම හොයන මිනිහාට කියන්න දෙයක් නැති උනාම "ගිහි වේවා පැවිදි වේවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න" කියල කියවන්නා නොමග යවන්න හදනවා.

ඔය දාල තියෙන සූත්‍රයේවත් ත්‍රිපිටකයේ වෙන කිසිම තැනකවත් ගිහියන් විසින් උපසම්පදා භික්ෂූන් වහන්සේලාට උපදෙස් දීමක් ගැන සඳහන් වෙලා හෝ බුදුරජාණන් වහන්සේ හෝ වදාරා නැත්තේ රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ දේශනා කරපු කාරණය නිසාම තමයි. උපසම්පදා භික්ෂුණීන් වහන්සේලාට පවා උපසම්ප
දා භික්ෂූන්ට අවවාද කිරීම නොකළ යුතු දෙයක් බවට පණවලා තියෙද්දී ගිහියන් දෙන උපදෙස් ගැන කවර කතාද? සාමණේරයන් වහන්සේ පවා ගින්දරක් බවට දහමේ සඳහන් වෙන කොට ගිහි අපි ඒ ගින්දර අල්ලන්න ගිහින් පිච්චේන එකද නැත්තම් ආලෝකයක් කරගන්න එකද හොඳ කියල බුද්ධිමතුන්ට වැටහේවි.

රාජගිරියේ අරියඥාන තෙරුන්ගේ මේ ධර්ම දේශනාව ගිහියන් ගැන කරුණාවෙන් ලබා දීපු අවවාදයක්. ඒ ගැන තවත් වටහාගන්න අවශ්‍ය අය අරියඥාන තෙරුන්ගේ ධර්ම දේශනාව සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරත්වා!

ස්කයිලාක් සහ ඔහුගේ පාප මිත්‍රයන්ගේ බාල හැසිරීම ගැන එළකිරි එකේ අය හොඳට දන්නා බව, ඔවුන්ගේ පව් වැඩෙන පව්කම් වලට අනිත් සාමාජිකයන් සහයෝගය නොදැක්වීමෙන් පෙනෙනවා. මේ සංවාද අලුතින්ම කියවන අයත් මේ පුද්ගලයින් ගැන විමසා බලා, දිග හෑලි වලට හෝ අදාළ නොවන සූත්‍ර උපුටා දැක්වීම් වලට රැවටී නොමග නොයයි කියල ප්‍රාර්ථනා කරනවා.
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
වෘෂභයාගේ ගත යුතු අංග හතරෙන් හතර වන අංගය ගැන විස්තර කිරීමේදී භික්ෂූන් විසින් එපරිද්දෙන් අවවාදානුශාසනාවන් මස්තකයෙන් පිළිගැනීම යන කරුණට අනුරූපී වූ සද්ධර්ම සෙනාධිපති වූ ශාරිපුත්‍ර තෙරණුවන් විසින් පවසන ලද ගාථාවක්ද නාගසෙන හිමියන් මිලින්ද රජතුමාට ගෙන හැර දක්වා තිබෙනවා. එහි මුල් පේළි දෙක මෙසේයි:

තදහු පබ්‌බජිතො සන්‌තො, ජාතියා සත්‌තවස්‌සිකො,
සොපි මං අනුසාසෙය්‍ය, සම්‌පටිච්‌ඡාමි මත්‌ථකෙ.

එම පේළි දෙක "මනුෂ්‍යජාතියෙන් සත්හවුරුදු වූ සත්පුරුෂගුණයෙන් යුක්ත වූ එදවස්හි ම පැවිදි වූ ඒ ලදරු සාමණෙරතෙම ද මට ධර්මයෙන් අනුශාසනා කරන්නේ වී නම්, මම මාගේ ශිරොමස්තකයෙන් පිළිගන්නෙමි යි." ලෙසින් සිංහලට පරිවර්ථනය වී තිබෙනවා. අග්‍රශ්‍රාවක සැරියුත් හිමියන් විසින් තමන් වහන්සේ එසේ අවවාදානුශාසනාවන් සිරසින් පිළිගන්නා බව පවසන ලද මිලින්ද ප්‍රශ්න වල සඳහන් එම ගාථා පද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සගාථ වග්ගයේ දෙවපුත්‌ත සංයුත්‌තයේ නානාතිර්ථය වග්ගයේ ඇති සුසීම සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp7/148 ] පිළිබඳ විස්තර අඩංගු සාරත්ථප්පකාසිනී සංයුත්තනිකායට්ඨකථාවන්හි දෙවපුත්තසංයුත්තවණ්ණනාවේ [ http://thripitaka.org/view/shb/vol16/117 ] දැකිය හැකියී.

Skylark
 
C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83

    ස්කයිලාක් සහ ඔහුගේ පාප මිත්‍රයන්ගේ බාල හැසිරීම ගැන එළකිරි එකේ අය හොඳට දන්නා බව, ඔවුන්ගේ පව් වැඩෙන පව්කම් වලට අනිත් සාමාජිකයන් සහයෝගය නොදැක්වීමෙන් පෙනෙනවා. මේ සංවාද අලුතින්ම කියවන අයත් මේ පුද්ගලයින් ගැන විමසා බලා, දිග හෑලි වලට හෝ අදාළ නොවන සූත්‍ර උපුටා දැක්වීම් වලට රැවටී නොමග නොයයි කියල ප්‍රාර්ථනා කරනවා.

    Absolutely Brother.........!!!!!!!
     
    • Like
    Reactions: Superuser
    Jul 5, 2012
    1,773
    265
    0
    භික්ෂූන්ගේ පමණක් නොව ගිහි උපාසකඋපාසිකාවන්ගේ අවවාදානුශාසනාත් භික්ෂූන් විසින් සිරසින් පිළිගත යුතු යැයි ඉහත පරිදි ධර්මයෙහි අඩංගුව පවතිනවා. මෙම ලිපියේ මුලින් දක්වන ලද විස්තර කිරීම් වලට අනුව අර්ථ ලෙසිනුත් එය එසේම විය යුතු යැයි දැකිය හැකියී. එසේ ඇති විට පැවිදි පිරිස ගිහියන්ට වඩා උතුම් බැවින් ගිහියන් විසින් පැවිද්දන්ගේ හරි වැරදි සොයන්න යෑම අදාල නැතය ආදී කථා අනර්ථය පිණිස පවත්නා අධර්ම අවිනය කථාවන් මිස අර්ථය පිණිස පවත්නා ධර්මට විනයට ගැළපෙන කථාවන් නොවේ.

    එබැවින් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාල නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන යහපත උදෙසා පවතින කථා නොවෙයි. බුදු සසුන මෙසේ යැයි ඔවැනි අධර්ම අවිනය මතයන් පැතිරවීම බුදු සසුන තුල මානයෙන් මත්ව තමන්ගේ උසස් බව ගැන හිතනා අඥාණ භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, ධර්මය විනය ලෙස අධර්ම අවිනය කරුණු දේශනා කොට ගිහියන්ගෙන් තමන්ට එල්ල විය හැකි චෝදනාවන්ගෙන් තමන්ව රැක ගැනීමට එය පිටිවහලක් කරගන්නා භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, බුදු සසුන තුල නොයෙක් ආකාරයේ දුසිල්වත් ක්‍රියා කරන භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා. එපරිද්දෙන් එය ගිහි පැවිදි දෙපිරිසේම අහිත පිණිස සහ බුදු සසුන වහ වහා අතුරුදන් වීමට හේතුවක් වෙනවා.

    Skylark

    100% Agreed!:yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kahapata Siurak adha gath pamanin Bikshu Kenek vanne natha.-------said by Budun Vahanse.
     
    Jul 5, 2012
    1,773
    265
    0

    කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ මේවට තමයි. වෙනද වචනවල තේරුම ටක්කෙටම හොයන මිනිහාට කියන්න දෙයක් නැති උනාම "ගිහි වේවා පැවිදි වේවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න" කියල කියවන්නා නොමග යවන්න හදනවා.

    ඔය දාල තියෙන සූත්‍රයේවත් ත්‍රිපිටකයේ වෙන කිසිම තැනකවත් ගිහියන් විසින් උපසම්පදා භික්ෂූන් වහන්සේලාට උපදෙස් දීමක් ගැන සඳහන් වෙලා හෝ බුදුරජාණන් වහන්සේ හෝ වදාරා නැත්තේ රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ දේශනා කරපු කාරණය නිසාම තමයි. උපසම්පදා භික්ෂුණීන් වහන්සේලාට පවා උපසම්ප
    දා භික්ෂූන්ට අවවාද කිරීම නොකළ යුතු දෙයක් බවට පණවලා තියෙද්දී ගිහියන් දෙන උපදෙස් ගැන කවර කතාද? සාමණේරයන් වහන්සේ පවා ගින්දරක් බවට දහමේ සඳහන් වෙන කොට ගිහි අපි ඒ ගින්දර අල්ලන්න ගිහින් පිච්චේන එකද නැත්තම් ආලෝකයක් කරගන්න එකද හොඳ කියල බුද්ධිමතුන්ට වැටහේවි.

    රාජගිරියේ අරියඥාන තෙරුන්ගේ මේ ධර්ම දේශනාව ගිහියන් ගැන කරුණාවෙන් ලබා දීපු අවවාදයක්. ඒ ගැන තවත් වටහාගන්න අවශ්‍ය අය අරියඥාන තෙරුන්ගේ ධර්ම දේශනාව සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරත්වා!

    ස්කයිලාක් සහ ඔහුගේ පාප මිත්‍රයන්ගේ බාල හැසිරීම ගැන එළකිරි එකේ අය හොඳට දන්නා බව, ඔවුන්ගේ පව් වැඩෙන පව්කම් වලට අනිත් සාමාජිකයන් සහයෝගය නොදැක්වීමෙන් පෙනෙනවා. මේ සංවාද අලුතින්ම කියවන අයත් මේ පුද්ගලයින් ගැන විමසා බලා, දිග හෑලි වලට හෝ අදාළ නොවන සූත්‍ර උපුටා දැක්වීම් වලට රැවටී නොමග නොයයි කියල ප්‍රාර්ථනා කරනවා.

    6.2.1.5. දාරුකම්‌මික සූත්‍රය

    5. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගමෙහි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසනසේක. එකල්හි දාරුකම්මික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් දාරුකම්මික ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක: ගැහැවිය, තාගේ කුලයෙහි දන් දෙනු ලැබේ දැයි. වහන්ස, මාගේ කුලයෙහි දන් දෙනු ලැබේ. යම් ඒ මහණෙක් ආරණ්‍යක වෙත් නම්, පිණ්ඩපාතික වෙත් නම්, පාංසුකූලික වෙත් නම්, රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු වෙත් නම්, වහන්ස, එබඳු මහණුන් කෙරෙහි මවිසින් දන් දෙනු ලැබේ ය යි.

    ගැහැවිය, කාමභෝගී වූ පුත්‍ර සම්බාධ සයනයෙහි වෙසෙන ගිහි වූ කසී සඳුන් වළඳ කරණ මල්ගඳවිලෙවුන් දරණ රන් රිදී ඉවසන තා විසින් ‘මොහු රහත්හ කියා හෝ මොහු රහත්මගට පිළිපන්හ’යි කියා හෝ තෙල කරුණ දත නො හැකි වේ.

    (1) ගෘහපතිය, ආරණ්‍යක වූ ද මහණ උඩනු වූයේ නැඟි මානනළ ඇතියේ චපල වූයේ දොඩමලු වූයේ විසිරගිය තෙපුල් ඇතියේ නට සිහි ඇතියේ සම්‍යක්ප්‍රඥා නැතියේ සමාහිත නො වූයේ භ්‍රාන්ත සිත් ඇතියේ ප්‍රාකෘතික (ස්වභාවික නොදැමුනු) ඉන්ද්‍රිය ඇත්තේ වෙයි ද, මෙසේ හෙ තෙම එ කරුණෙන් ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, මහණ ආරණ්‍යක වූයේ ද උද්ධත නො වූයේ ද නැඟි මානනළ නැතියේ අචපල වූයේ දොඩමලු නො වූයේ නො විසුරුණු වදන් ඇතියේ එළඹ සිටි සිහි ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ සමාහිත වූයේ එකඟ සිත් ඇතියේ ඇවුරූ ඉඳුරන් ඇතියේ වේ ද, මෙසේ හෙතෙම එ කරුණින් පැසැසිය යුත්තේ ය.

    (2) ගෘහපතිය, ග්‍රාමාන්තවිහාරි (ගම්වැසි) නමුදු මහණ උඬනු වූයේ ... මෙසේ හේ ඒ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය ග්‍රාමාන්තවිහාරී නමුදු මහණ උද්ධත නො වූයේ ... මෙසේ හෙතෙම එ කරුණින් පැසැසිය යුත්තේ ය.

    (3) ගෘහපතිය, පිණ්ඩපාතික වූ ද මහණ උද්ධත වූයේ ... මෙසේ හෙතෙම එ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය, පිණ්ඩපාතික වූ ද මහණ අනුද්ධත වූයේ ... මෙසේ එ කරුණින් හෙතෙම ප්‍රශංසාර්‍හ වෙයි.

    (4) ගෘහපතිය, නිමන්ත්‍රණ ඉවසන්නා වූ ද මහණ උද්ධත වූයේ ... මෙසේ හේ ඒ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය, නිමන්ත්‍රණ ඉවසන සුලු වූ ද මහණ අනුද්ධත වූයේ ... මෙසේ ඒ කරුණින් හෙතෙම ප්‍රශංසාර්‍හ වෙයි.

    (5) ගෘහපතිය, පාංශුකූලික වූ ද මහණ උද්ධත වූයේ ... මෙසේ හෙතෙම එ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය, පාංශුකූලික වූ ද මහණ අනුද්ධත වූයේ ... මෙසේ හේ එකරුණින් ප්‍රශංසාර්‍හ වෙයි.

    (6) ගෘහපතිය, ගිහියන් දෙන චීවරධර වූ ද මහණ උද්ධත වූයේ උද්ගත මානනළ ඇතියේ චපල වූයේ දොඩමලු වූයේ විසිරුණු වදන් ඇතියේ නට සිහි ඇතියේ මනා නුවණ නැතියේ සමාහිත නො වූයේ විභ්‍රාන්ත සිත් ඇතියේ ප්‍රාකෘතික වූ ඉන්ද්‍රියයන් ඇතියේ වේ ද, මෙසේ හේ එ කරුණින් ගැරැහිය යුතු වෙයි. ගෘහපතිය, ගෘහපතිචීවරධර වූ ද මහණ අනුද්ධත වූයේ උද්ගත මානනළ නැතියේ චපල නො වූයේ දොඩමලු නො වූයේ නො විසිරුණු වදන් ඇතියේ එළඹසිටි සිහි ඇතියේ මනා නුවණ ඇතියේ සමාහිත වූයේ එකඟසිත් ඇතියේ සංවෘත ඉන්ද්‍රියයන් ඇතියේ වේ ද, මෙසේ හේ එ කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි.

    ගෘහපතිය, එහෙයින් ම තෝ සඟුන් කෙරෙහි දන් දෙව. සඟුන් කෙරෙහි දන් දෙන තාගේ සිත පහන් වන්නේ ය. එබඳු තෝ පහන් සිත් ඇතියේ සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයට පැමිණෙන්නෙහි යි.

    වහන්ස, තෙල මම අද පටන් කොට සඞ්ඝයා කෙරෙහි දන් දෙන්නෙමි යි.

    :D:D:D:D:D:D
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;21255599 said:
    6.2.1.5. දාරුකම්‌මික සූත්‍රය
    ...
    (1) ගෘහපතිය, ආරණ්‍යක වූ ද මහණ උඩනු වූයේ නැඟි මානනළ ඇතියේ චපල වූයේ දොඩමලු වූයේ විසිරගිය තෙපුල් ඇතියේ නට සිහි ඇතියේ සම්‍යක්ප්‍රඥා නැතියේ සමාහිත නො වූයේ භ්‍රාන්ත සිත් ඇතියේ ප්‍රාකෘතික (ස්වභාවික නොදැමුනු) ඉන්ද්‍රිය ඇත්තේ වෙයි ද, මෙසේ හෙ තෙම එ කරුණෙන් ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, මහණ ආරණ්‍යක වූයේ ද උද්ධත නො වූයේ ද නැඟි මානනළ නැතියේ අචපල වූයේ දොඩමලු නො වූයේ නො විසුරුණු වදන් ඇතියේ එළඹ සිටි සිහි ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ සමාහිත වූයේ එකඟ සිත් ඇතියේ ඇවුරූ ඉඳුරන් ඇතියේ වේ ද, මෙසේ හෙතෙම එ කරුණින් පැසැසිය යුත්තේ ය.

    (2) ... මෙසේ හේ ඒ කරුණින් ගැරහිය යුතු වෙයි. ... මෙසේ හෙතෙම එ කරුණින් පැසැසිය යුත්තේ ය. ...
    ...
    ...

    (6) ... මෙසේ හේ එ කරුණින් ගැරැහිය යුතු වෙයි. ... මෙසේ හේ එ කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි.
    ...

    :D:D:D:D:D:D

    සාදු! සාදු! සාදු!

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ ඡක්ක නිපාතයේ මහා වර්ගයේ දාරුකම්මික සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp15/194 ] සඳහන් පරිදි ගිහියන් විසින් ඒ ඒ කරුණු වලට අනුව භික්ෂූන් වහන්සේලාව ගැරහීම කල යුතු යැයි වැනි දහම් කරුණු බුදුරජානන් වහන්සේ විසින් නොපවසා තිබුනා නම් බුදු සසුනේ උපන් අඥාණ භික්ෂූන් බුදු සසුන වහ වහා අතුරුදන් කරනවා. බුදුරජානන් වහන්සේ විසින් දාරුකම්මික සූත්‍රයේ සඳහන් පරිදි ගිහියන්ට භික්ෂූන් වහන්සේලාව ගැරහිය යුතු යැයි පවසා තිබීමෙනුත් බුදුරජානන් වහන්සේ ධර්මය අඩුවක් නැතිව පූර්ණ සේ දේශනා කර ඇති බව ගම්‍ය වෙනවා.

    නිර්මල බුද්ධ වචනයම බැබැලේවා! සාදු! සාදු!
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අංග අටකින් සමන්විත භික්ෂූවට උපාසකයෝ කැමති වෙත් නම් අප්‍රසාදය දන්වන්නේ යැයි බුදුරජානන් වහන්සේ පවසා ඇති අයුරු ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයේ දුතිය පණ්ණාසකයේ සති වග්ගයේ අප්පසාදප්පසාද සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp16/377 ] සඳහන්. ඊට අනුව ගිහියන්ට අලාභය පිණිස උත්සාහ කරයි නම්, ගිහියන්ට අනර්ථය පිණිස උත්සාහ කරයි නම්, ගිහියන්ට ආක්‍රොෂ කරයි නම්, ගිහියන් ගිහියන් හා බිඳුවයි නම්, බුදුන්ගේ අයුණු කියයි නම්, දහම්හි අයුණු කියයි නම්, සඟුන්ගේ අයුණු කියයි නම්, අගොචරයෙහිදු භික්ෂූව දකිත් නම් එම අංග අටින් සමන්විත භික්ෂූවට උපාසකයෝ කැමති වෙත් නම් අප්‍රසාදය දන්වන බව සඳහන්.

    එම අප්‍පසාදප්පසාද සූත්‍රයට අනුවත් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාල නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන කථා නොවන බව දැකිය හැකියී.

    රාජගිරියේ අරියඥාණ හිමි පවසන පරිදි භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැතය ආදී අධර්ම අවිනය මතයන් ධර්මය සහ විනය යැයි සමාජයේ පැතිරවීම ගිහි පැවිදි දෙපිරිසේම අහිත පිණිස සහ බුදු සසුන වහ වහා අතුරුදන් වීමට හේතුවක් වෙනවා.

    Skylark
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ගරහනවා කියල අදාල පුද්ගලයා නැති තැනක්ම හොයාගෙන ගිහින් ගරහන්න කියල නම් ත්‍රිපිටකයේ සදහන් වෙලා නැතුව ඇති නේද? :rofl:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    වචනයක් අල්ලගන දඟලන මෝහයෙන් අන්ධ වුණ Skylkrak ආයෙත් පෝස්ට් එකක් දාලා
    අපි නම් ඕව තඹ සතේකට ගනන් ගන්නේ නෑ

    අයාලේ ගිය මගේ ජීවිතය ධර්ම මාර්ගයට ගත්තේ අරියඥාණ හාමුදුරුවන්ගේ බණ විතරයි
    ඒ නිසා මිත්‍යාදුෂ්ඨිකයන්ගේ කතා අපි ගනන් ගන්නේ නෑ....
     
    පෙර පින තියෙන්නත් එපැයි හැබෑ ධර්මය දැකගන්න. ක්ෂන සම්පත්තිය තියෙන කාලෙක ඉපදිලාත්, සද්ධර්ම ප්‍රතිරූපකයෙකුට රැවටුනා කියලා කෙසේ නම් දැනගන්නද? අහෝ හිපෝ නොදිටි මොක්පුර!
    :D:D
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ජිංතක ජිල්ලබකිට;21255599 said:
    6.2.1.5. දාරුකම්‌මික සූත්‍රය
    සාදු! සාදු! සාදු!

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ ඡක්ක නිපාතයේ මහා වර්ගයේ දාරුකම්මික සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp15/194 ] සඳහන් පරිදි ගිහියන් විසින් ඒ ඒ කරුණු වලට අනුව භික්ෂූන් වහන්සේලාව ගැරහීම කල යුතු යැයි වැනි දහම් කරුණු බුදුරජානන් වහන්සේ විසින් නොපවසා තිබුනා නම් බුදු සසුනේ උපන් අඥාණ භික්ෂූන් බුදු සසුන වහ වහා අතුරුදන් කරනවා. බුදුරජානන් වහන්සේ විසින් දාරුකම්මික සූත්‍රයේ සඳහන් පරිදි ගිහියන්ට භික්ෂූන් වහන්සේලාව ගැරහිය යුතු යැයි පවසා තිබීමෙනුත් බුදුරජානන් වහන්සේ ධර්මය අඩුවක් නැතිව පූර්ණ සේ දේශනා කර ඇති බව ගම්‍ය වෙනවා.

    Skylark

    ආයෙමත් සර්පයා වැරදි කොණෙන් අල්ලාගෙන වගේ. ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට ගැරහිය යුතුයි කියලා දාරුකම්මික සූත්‍රයේ කිසිසේත්ම සඳහන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දාරුකම්මිකගේ දානයට සාංඝික අර්ථය ලබා දෙන්නයි දාරුකම්මික සූත්‍රය දේශනා කළේ.

    බුදුරදුන් හමුවීමට පෙර දාරුකම්මික ගෘහපතියා දානය පිරිනැමුවේ ඔහු විසින් තෝරාගත් සංඝයා වහන්සේලාට පමණයි. ඔහුට වැටහෙන විදිහට යම් භික්ෂුවක් ආරණ්‍යක/පිණ්ඩපාතික/පාංශුකූලික හෝ අර්‍හත් හෝ ඒ මගට පිවිස සිටී නම් පමණයි ඔහු එම භික්ෂුවට දානය පිරිනැමුවේ.

    ’ගෘහපතිය, ඔබගේ කුලයෙහි දානය දෙනු ලැබේද?’’ ’’ස්වාමීනි, මාගේ කුලයෙහි දානය දෙනු ලැබේ. එයද යම් ඒ භික්‍ෂහු ආරඤ්ඤක වූවෝද, පිණ්ඩපාතික වූවෝද, පාංශුකූලික වූවෝද, අර්‍හත් හෝ ඒ මගට පිළිපන්නාහු හෝ වෙත්ද, එබඳුවූ භික්‍ෂූන් කෙරෙහි දානය දෙනු ලැබේ.’’

    http://pitaka.lk/
    නොයෙක් දේවල් මැද, කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන දාරුකම්මිකට රහතන් වහන්සේලා හෝ රහත් මගට පිළිපන් අය කවුරුන්ද කියලා දැනගන්න එක ඉතාම දුෂ්කර වැඩක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

    ’’ගෘහපතිය, ගිහිවූ, කාමභෝගීවු, පුත්‍රයන්ගෙන් ගැහැට ඇත්තාවූ, කසී සඳුන් පරිහරණය කරන්නාවූ, මල් ගඳ විලවුන් දරන්නාවූ, මිළ මුදල් ඉවසන්නාවූ, ඔබ විසින්, මේ රහත්හුය, මේ රහත් මගට පිළිපන්නෝයයි දැනගැනීම අමාරුවෙන් කටයුතුය.
    ආරණ්‍යක වුනත්, ගමක වාසය කළත්, පිණ්ඩපාතික වුනත්, ආරාධනා ලබා දන් ලැබුවත්....... භික්ෂූන් වහන්සේ නමකගේ ගුණය තීරණය වෙන්නේ උන්වහන්සේගේ හැසිරීම මත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

    ’’ගෘහපතිය, ආරඤ්ඤකවූද, උඩඟුවූ, මාන්නය ඇති, චපලවූ, මුඛරවූ, විසුරුන වචන ඇති, මුළාවූ සිහි ඇති, කල්පනා නැති, එකඟවූ සිත් නැති, මුලාවූ සිත් ඇති, ප්‍රකෘති ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් නින්‍දා ලබයි.
    ’’ගෘහපතිය, ආරඤ්ඤකවූ, උඩඟු නොවූ, මාන්නය නැති, චපල නොවූ, මුඛර නොවූ, විසුරුන වචන නැති, එළඹ සිටි සිහි ඇති, කල්පනා ඇති, එකඟවූ සිත් ඇති, එළඹ සිටි සිත් ඇති, සංවරවූ ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් ප්‍රශංසා ලබයි.
    මෙහි "නින්දා ලබයි", "ප්‍රශංසා ලබයි" කියන වචන ඇතුලත් වෙලා තියෙනවා, මේ වචන වැරදියට අල්ලාගෙන පවු පුරවගන්න කලින් සූත්‍රයේ ඉතිරි ටිකත් කියවලා වටහාගන්න ඕනේ.
    නොයෙක් දේවල් මැද, කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන දාරුකම්මිකට සංඝයා වහන්සේලාගේ හරි වැරදි නොසොයා සාංඝික කොට දන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

    ’’ගෘහපතිය, මෙසේ ඔබ සංඝයා කෙරෙහි දන් දෙව. ඔබ විසින් සංඝයා කෙරෙහි දන් දෙනු ලබන්නේ සිත පහදින්නේය. ඒ පැහැදුනාවූ සිත් ඇති ඔබ කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය.’’ ’’ස්වාමීනි, මම අද පටන් සංඝයා කෙරෙහි දන් දෙන්නෙමි.’’
    පූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේ මේ පිළිබඳව තවත් පැහැදිලි කරලා තියෙනවා.

    තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත. සංඝරත්නයට දෙන තැනැත්තා දෙන්නේ සිල්වතුන්ට ය. සංඝයාට දෙන දානය දුශ්ශීලයන්ට අසුවුවත් එයින් දායකයා ගේ පිනට හානියක් නැත. මක්නිසාද ? දායකයා දෙන්නේ දුශ්ශීලයන්ට නොව සංඝයාටය , සංඝයා සිල්වත් ය.

    එසේම දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවේ කියැවෙන පරිදි සංඝයාට ගරු කළ හැකි තැනැත්තාට රහතන් වහන්සේ නමකට දෙන දානයට වඩා සඟින් ලබාගත් දුශ්ශීලයකුට දෙන දානය මහත්ඵලය. එය එසේ වන්නේ එය
    සාංඝික දානයක් වෙන බැවිනි.

    රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් ලියූ” ධර්ම විනිශ්චය” මහඟු ග්‍රන්ථයෙන් මෙසේ ඉතා ව්‍යාකූල ලෙස අප සිතන ගැටලු සහගත ධර්ම කරුණු පැහැදිලි කර ගැනීමට අවශ්‍ය අවබෝධය ධර්මයට අනුකූලව දක්‍ෂිණවිභංග, දාරුකම්මික ආදී සූත්‍ර අනුසාරයෙන් පෙන්වා දෙති.

    http://www.lakehouse.lk/budusarana/2014/01/01/tmp.asp?ID=fea05
    පුද්ගලයන්ගේ ගුණ නුගුණ නොසොයා සාංඝික කර දන් දෙන්න කියලා දාරුකම්මික සූත්‍රයේ තිබෙනවා. එත් එක්කම යම් යම් හැසිරීම් නිසා සංඝයා වහන්සේ නින්දා ලබයි, ප්‍රශංසා ලබයි කියලත් එම සූත්‍රයේම තිබෙනවා. එහෙනම් වැරදියට වටහාගත් කෙනෙකුට දානය පිළිගන්වන ගමන් උනත් සංඝයා වහන්සේට නින්දා කිරීමට මේ සූත්‍රයේ වචනාර්ථයෙන් කිසිම බාධාවක් නැහැ. නින්දා කළ යුතු කාලය අවස්ථාව සූත්‍රයේ සඳහන් නොවෙන නිසා වැරදියට වටහාගත් කෙනෙක් සංඝයාගේ ඇස නොගැටෙන වෙබ් අඩවියක් හෝ ෆෝරම් එකක් උනත් නින්දා කිරීම සඳහා තෝරාගන්න පුළුවන්. නමුත් සතර අගතියෙන් අගතියට නොයා බුද්ධිමත්ව බලන කෙනෙකුට මේ සූත්‍රයේ සැබෑ අරුත වටහා ගැනීම අමාරු දෙයක් නෙවෙයි.

    ධර්මයේ ඉගැන්වීම් පිටු දස දහස් ගණනක පැතිර තිබුනත් ඒ එක් කරුණක්වත් අනෙක් කිසිම කරුණක් සමග පරස්පර විරෝධී වන්නේ නැහැ. උපසම්පදා භික්ෂුණීන් වහන්සේලාට පවා උපසම්පදා භික්ෂූන්ට අවවාද කිරීම නොකළ යුතු දෙයක් බවට පණවලා තියෙද්දී ගිහියන් දෙන උපදෙස් ගැන කවර කතාද? බුදුරජාණන් වහන්සේ භද්දවග්ගිය කුමාරවරුන්ටත් දේශනා කළේ අනුන් ගැන සෙවීමට වඩා තමන් ගැන සෙවීම උතුම් බවයි. දාරුකම්මික සූත්‍රයේ "නින්දා ලබයි", "පැසසුම් ලබයි" ලෙස සඳහන් වී තිබුණත් ඒවා කළයුත්තේ කවුරුන් විසින් කුමන අවස්ථාවකද කියා සඳහන් වී නැහැ. ධර්මයේ සංගත බව දැනගෙන එම වචන දිහා බැලුවොත් වැටහේවි ඒවා යොදාගෙන ඇත්තේ "මේ සංඝයාවහන්සේ මේ ගුණයෙන් උතුම් වෙයි" , "මේ ගුණයෙන් උතුම් නොවෙයි" කියන අර්ථය ලබාදීමට වෙනත් භාෂා ව්‍යවහාරයක් භාවිතා කිරීමක් ලෙස පමණක් බව.

    ස්කයිලාක්වත්, ඔහුගේ පිරිසවත්, මේ සංවාද කියවන වෙන කිසිවෙක්වත් භාෂාව අල්ලා ගෙන අකුසල් රැස්කර නොගනීවා කියල ප්‍රාර්ථනා කරනවා.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Quote:
    තවද, මහරජානෙනි, වෘෂභතෙම යම් කිසිකෙනෙකුන් විසින් උසුලවනු ලබන්නේ ම උසුලන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ථෙර නවක මධ්‍යම භික්ෂූන්ගේ ද ගෘහස්ථ උපාසකඋපාසිකාවන්ගේ ද අවවාදානුශාසනාතොමෝ මස්තකයෙන් පිළිගත යුත්තේ ය.
    [ ඉංග්‍රීසි පරිවර්තනය: The Questions of King Milinda - Part II, T. W. Rhys Davids, 1894, p. 333, http://thripitaka.org/view/sbe/vol36/361 ]
    [ පාලි (රෝමන් අක්ෂර): The Milindapañho, Vilhelm Trenckner, 1880, p. 397, http://thripitaka.org/view/trenckner/milinda1880/405 ]

    භික්ෂූන්ගේ පමණක් නොව ගිහි උපාසකඋපාසිකාවන්ගේ අවවාදානුශාසනාත් භික්ෂූන් විසින් සිරසින් පිළිගත යුතු යැයි ඉහත පරිදි ධර්මයෙහි අඩංගුව පවතිනවා. මෙම ලිපියේ මුලින් දක්වන ලද විස්තර කිරීම් වලට අනුව අර්ථ ලෙසිනුත් එය එසේම විය යුතු යැයි දැකිය හැකියී. එසේ ඇති විට පැවිදි පිරිස ගිහියන්ට වඩා උතුම් බැවින් ගිහියන් විසින් පැවිද්දන්ගේ හරි වැරදි සොයන්න යෑම අදාල නැතය ආදී කථා අනර්ථය පිණිස පවත්නා අධර්ම අවිනය කථාවන් මිස අර්ථය පිණිස පවත්නා ධර්මට විනයට ගැළපෙන කථාවන් නොවේ.

    පින්වත් ස්කයිලාක්,

    ඔබතුමා මේ දවස් වල මිළින්ද ප්‍රශ්නයෙන් සැහෙන්න උදාහරණ ගන්න එකේ සහ ත්‍රිපිටකය ගැන ලොකු දැනුමකුත් ඔබතුමාට තියෙන එකේ මං කලින් අහපු පොඩි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැතුව මග අරින්නේ ඇයි. මිළින්ද ප්‍රශ්නය කියන්නේ ථෙරවාද ත්‍රිපිටකය හා සමානව ධර්මය දැනගන්න පුළුවන් තැනක් නම් ඒ දෙකේ ඉගැන්වීම් සමාන වෙන්න ඕනේ නේද.

    ඔබතුමා ආකාශය ගැන විස්තර දැනගන්න මිළින්ද ප්‍රශ්නය ඉදිරිපත් කරනවා, හැබැයි ඒක නිවැරදිද කියලා කියන්නෙත් නැහැ, ඒ බව ඇහුවමත් ලිස්සලා යනවා.

    මිළින්ද ප්‍රශ්නයේ තියෙන විදිහට ආකාශය අහේතුජයි කියලා ථෙරවාද ත්‍රිපිටකයේත් සඳහන් වෙනවද, නැත්නම් අහේතුජ එකම දේ නිවන පමණයි කියලද ථෙරවාද ත්‍රිපිටකයේ තියෙන්නේ.

    Quote:
    Originally Posted by Skylark
    පින්වත් ex-muslim Ahmed,

    ඉහත ඔබ සඳහන් කරණ ලද අවකාශය ගැන විස්තර ටිකක් හමු වුනා. කියවා බලන්න.
    Quote:
    "මහරාජානෙනි, ලොකයෙහි මොහු දෙදෙනෙක් අකර්මජ වූහ. අනුතුජ වූහ. කවර දෙදෙනෙක් ද? යත්-මහරජානෙනි, ආකාශය අකර්මජ ය. අහෙතුජ ය. අනුතුජ ය. මහරජානෙනි, නිර්වාණය අකර්මජ වූයේ ය. අහෙතුජ වූයේ ය. අනුතුජ වූයේ ය. මහරජානෙනි, මොහු දෙදෙන වනාහි අකර්මජ වූහ. අහෙතුජ වූහ. අනුතුජ වූහ"යි වදාළසේක.
    මිලින්ද ප්‍රශ්න: නිර්වාණවිමතිච්ඡෙදන ප්‍රශ්නය [ http://thripitaka.org/view/other/milinda1970/386 ]

    In English: Rhys Davids, 1894, 65th Dilemma. What is there that is without a cause? [ http://thripitaka.org/view/sbe/vol36/131 ]

    Skylark

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අංග අටකින් සමන්විත භික්ෂූවට උපාසකයෝ කැමති වෙත් නම් අප්‍රසාදය දන්වන්නේ යැයි බුදුරජානන් වහන්සේ පවසා ඇති අයුරු ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයේ දුතිය පණ්ණාසකයේ සති වග්ගයේ අප්පසාදප්පසාද සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp16/377 ] සඳහන්. ඊට අනුව ගිහියන්ට අලාභය පිණිස උත්සාහ කරයි නම්, ගිහියන්ට අනර්ථය පිණිස උත්සාහ කරයි නම්, ගිහියන්ට ආක්‍රොෂ කරයි නම්, ගිහියන් ගිහියන් හා බිඳුවයි නම්, බුදුන්ගේ අයුණු කියයි නම්, දහම්හි අයුණු කියයි නම්, සඟුන්ගේ අයුණු කියයි නම්, අගොචරයෙහිදු භික්ෂූව දකිත් නම් එම අංග අටින් සමන්විත භික්ෂූවට උපාසකයෝ කැමති වෙත් නම් අප්‍රසාදය දන්වන බව සඳහන්.

    එම අප්‍පසාදප්පසාද සූත්‍රයට අනුවත් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාල නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන කථා නොවන බව දැකිය හැකියී.

    රාජගිරියේ අරියඥාණ හිමි පවසන පරිදි භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැතය ආදී අධර්ම අවිනය මතයන් ධර්මය සහ විනය යැයි සමාජයේ පැතිරවීම ගිහි පැවිදි දෙපිරිසේම අහිත පිණිස සහ බුදු සසුන වහ වහා අතුරුදන් වීමට හේතුවක් වෙනවා.

    Skylark

    බුදුරජාණන් වහන්සේ අප්පසාදප්පසාද සූත්‍රය දේශනා කළේ සංඝයා වහන්සේලාටයි, ගිහියන්ට නොවෙයි. ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට ප්‍රසාදය හෝ අප්‍රසාදය දක්වන අවස්ථා අටක් එහි ඇතුලත්. නමුත් එසේ ප්‍රසාදය/අප්‍රසාදය දැක්විය යුතුයි කියා ගිහියන්ගෙන් ඉල්ලීමක් කර නොමැති මෙන්ම එසේ ප්‍රසාදය/අප්‍රසාදය දැක්වීමේ ආනිසංස හෝ ආදීනවද දේශනා කර නැහැ. සංඝයා වහන්සේට හික්මීමට බුදුරජාණන් වහන්සේ විනය නීති පැණවූවත් ගිහියන්ට ධර්ම දේශනා කිරීමේදී ගිහියන් මෙසේ සිටිය යුතුයි කියා බුදුරජාණන් වහන්සේ නීති පණවා නැහැ. යම් ක්‍රියාවක ආනිසංස සහ ආදීනව හේතු ඵල ධර්මානුකූලව පෙන්වාදීමක් තමයි ගිහියන්ට දේශනා කළ ධර්මයේ දකින්න තිබෙන්නේ. අප්පසාදප්පසාද සූත්‍රයේ, දාරුකම්මික සූත්‍රයේ හෝ ත්‍රිපිටකයේ වෙන කිසිම තැනක භික්ෂූන් වහන්සේලාගේ වැරදි සෙවීමෙන් ගිහියන්ට ලැබෙන අනුසස් දේශනා කොට නැහැ. අප්පසාදප්පසාද සූත්‍රයත් භික්ෂූන් වහන්සේලාව විවේචනය කිරීමට ගිහියන්ට ලබා දුන් අවසර පතක් නෙවෙයි.

    මහණෙනි, අටඟෙකින් සමන්වාගත මහණහට උපාසකයෝ කැමැති වෙත් නම් අප්‍ර‍සාදය දන්වන්නාහ. කවර අටඟෙකින් යත්:
    ........
    මහණෙනි, දහම් අටකින් සමන්වාගත මහණහට උපාසකයෝ කැමැති වෙත් නම් ප්‍ර‍සාදය දන්වන්නාහ. කවර අටකරුණෙකින යත්:
    ........

    http://www.thripitakaya.org/tipitakaya/Index/544?s=10868
    අප්පසාදප්පසාද සූත්‍රයේ ඇතුලත් වන්නේ ගිහි සමාජයේ හැසිරීම පිළිබඳ සංඝ සමාජය දැන සිටිය යුතුයි කියා බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් දුටු ධර්මයක්. සංඝයා වහන්සේගේ යම් හැසිරීම් නිසා ගිහි සමාජය උන්වහන්සේලාට ප්‍රසාදය හෝ අප්‍රසාදය පල කරාවි කියා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එය සමාජයේ ස්වාභාවයක්. නමුත් ගිහියන් කැමති නම් පමණක් ඔවුන් සංඝයා වහන්සේට ප්‍රසාදය හෝ අප්‍රසාදය පල කරයි කියාත් බුදුරජාණන් වහන්සේ වදාරනවා.
    ගිහියනට අලාභය පිණිස උත්සාහ කෙරෙයි. ගිහිනට අනර්ථය පිණිස උත්සාහ කෙරෙයි. ගිහිනට ආක්‍රොෂ කෙරෙයි, පරිභව කෙරෙයි, ගිහියන් ගිහියන් හා බිඳුවයි. බුදුන්ගේ අයුණු කියයි, දහම්හි අයුණු කියයි, සඟුන්ගේ අයුණු කියයි, අගොචරයෙහිදු ඔහු දකිති. මහණෙනි, මේ අටඟින් සමන්වාගත මහණහට උපාසකයෝ කැමැති වන්නාහු නම් අප්‍ර‍සාදය දන්වන්නාහ.

    ගිහීයන්ගේ අලාභය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට අනර්ත්වය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට ආක්‍රොෂ නො කෙරෙයි, පරිභව නො කෙරෙයි, ගිහියන් ගිහියන් හා නො බිඳුවයි, බුදුන්ගේ ගුණ කියයි, දහම්හි ගුණ කියයි, සඟුන්ගේ ගුණ කියයි, ගොචරස්ථානයෙහිදු ඔහු දකිති. මහණෙනි, උපාසකයෝ කැමැති වෙත් නම් මේ අටකරුණින් සමන්වාගත මහණහට ප්‍ර‍සාදය දන්වන්නාහු යි.
    සංඝයා වහන්සේට ප්‍රසාදය හෝ අප්‍රසාදය දැක්වීමට ගිහියන් තුල ඇතිවන කැමැත්ත සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ගිහියන්ගේ ප්‍රඥාව මතයි. එනම් එම ක්‍රියාවේ අනුසස් හෝ ආදීනව පිළිබඳ ගිහියා තුල ඇති අවබෝධය මතයි. ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාව විවේචනය කිරීමේ ආනිසංශයක් මුළු ත්‍රිපිටක ධර්මයේම නොමැති බවත්, ධර්මයේ සඳහන් වන්නේ එහි ආදීනව පමණක් බවත් දකිනා ගිහියාට එසේ විවේචනය කිරීමට කැමැත්තක් ඇති වන්නේ නැහැ. මේ අතර කෙනෙක්ගේ යහපත් ගුණයෙහි පැසසීමේ අනුසස් ධර්මයේ දකින ගිහියා තුල එසේ කිරීමෙන් කුසල් වඩා ගැනීමට කැමැත්තක් ඇතිවෙන්නත් පුළුවන්. සංඝයා යහමගට ගැනීමේ සැබෑ උවමනාවක් ඇති කෙනාට එය ධර්මානුකූලව සහ විනයානුකූලව සිදු කළ හැකි එකම ක්‍රමය ලෙස දහමේ සඳහන් වන්නේ භික්ෂූභාවයට පැමිණ එම විවේචනයන් සිදු කිරීමයි.

    සංඝයා වහන්සේට එල්ලවෙන බොහෝ විවේචන දෙස බැලුවොත් ඒවා ඡන්දය, ද්වේශය, භය, මෝහය කියන සතර අගතිය පදනම් කරගත් ඒවා බව පෙනෙනවා, ස්කයිලාක් සහ ඔහුගේ පිරිසගේ විවේචන ඊට හොඳ උදාහරණ කියලා කියන්න පුළුවන්.