අරියඥාණ හිමිගේ බුදු සසුන සෝදාපාළුව
රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත
රාජගිරියේ අරියඥාණ හිමි:
රාජගිරියේ අරියඥාණ හිමි:
ඉහත වීඩියෝවේ විනාඩි 54යි තත්පර 59න් පමණ ඉදිරියට රාජගිරියේ අරියඥාණ හිමි:
බුදුරජානන් වහන්සේ දේශනා කර ඇති සූත්‍ර සහ විනය කරුණු දෙස එකවර නොබලා විමසුවත් යම් නොමඟ යන භික්ෂූන් වහන්සේ නමක් හෝ භික්ෂූන් වහන්සේලා පිරිසක් සුමඟට යොමුකිරීමට ගිහියන්ට කටයුතු කල හැකි නම් එසේ කිරීම එම භික්ෂූන් වහන්සේගේ හෝ භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය පිණිසත්, එම භික්ෂූන් වහන්සේ හෝ භික්ෂූන් වහන්සේලා එසේ අභිවෘද්ධියට පත්වීම ගිහියන්ගේ අභිවෘද්ධිය පිණිසත්, එවිට එය සම්මා සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය පිණිසත් හේතු වන බව වටහා ගන්න පුළුවන්.
අනෙකුත් භික්ෂූන් විසින් තමන්ට ඔවදන් දීම ගැන ඔවදන් ලබන භික්ෂූන් විසින් කෙසේ සලකනවාද, කෙසේ ඒ ගැන කටයුතු කරනවාද යන්නට අනුව අසත්පුරුෂයින් එක්ව වසනා ආකාරය සහ සත්පුරුෂයින් එක්ව වසනා ආකාරය ගැන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දෙවන පණ්ණාසකයේ පුග්‌ගල වර්ගයේ එකාදසම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/188 ] සඳහන් වෙනවා.
එම සූත්‍රයට පරිදි අසත්පුරුෂයින් කෙසේ එක්ව වසනවාද යත්: තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් අන් තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් තමන්ට ඔවදන් නොදේවා යැයි හිතනවා, තමනුන් ඔවුන්ට ඔවදන් නොදෙන්නෙමැයි හිතනවා, තමන්ට ඔවදන් දෙනවා නම් ඒ ඔවදන් දෙය අය තමන්ට අහිතානුකම්පීවයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, හිතානුකම්පීව නොවෙයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, එම කීම් ප්‍රතික්ෂේප කරන්නෙමැයි හිතනවා, කියන කෙනාව වෙහෙසට පත් කරන්නෙමැයි හිතනවා, එම වැරදි තමන්ගේ ඇතැයි දැක්කත් ඊට පිළියම් නොකරන්නෙමැයි හිතනවා.
එම සූත්‍රයට පරිදි සත්පුරුෂයින් කෙසේ එක්ව වසනවාද යත්: තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් අන් තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් තමන්ට ඔවදන් දේවා යැයි හිතනවා, තමනුන් ඔවුන්ට ඔවදන් දෙන්නෙමැයි හිතනවා, තමන්ට ඔවදන් දෙනවා නම් ඒ ඔවදන් දෙය අය තමන්ට හිතානුකම්පීවයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, අහිතානුකම්පීව නොවෙයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, එම කීම් මනා යැයි පිළිගන්නෙමැයි හිතනවා, කියන කෙනාව වෙහෙසට පත් නොකරන්නෙමැයි හිතනවා, එම වැරැදි දැක ඊට පිළියම් කරන්නෙමැයි හිතනවා.
එම සූත්‍රයට අනුව භික්ෂූන් වහන්සේලා අන් භික්ෂූන් වහන්සේලාගේ අවවාද කෙරෙහි සත්පුරුෂයින් එක්ව වාසය කරන ආකාරයට අනුව කෙසේ එළැඹිය යුතු දැයි වටහා ගන්න පුළුවන්. එම සූත්‍රයෙහි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාගේ වැරදි නිවැරදි කිරීම ගැන විස්තර සඳහන් වී නැහැ. එනමුත් ගිහි වේවා, පැවිදි වේවා තමා තුල ඇති වරදින් මිදීමටත්, තමා මතු වරද කිරීමට යොමු වීමෙන් වැලැක්වීමටත්, තමා තුල නැති ගුණ වඩා ගැනීමටත්, තමා තුල ඇති ගුණ තව තවත් වඩා ගැනීමටත් ඉහත සූත්‍රයේ සඳහන් පරිදි සත්පුරුෂයින් ලෙස වාසය කිරීම උපකාරී වන බව එම සූත්‍රය මනා සේ විමසන පුද්ගලයින්ට වටහා ගත හැකියී. එපරිදි විමසා දකින පුද්ගලයෙක් තමා ගිහි උවත් පැවිදි උවත්, තමාව යම් අයහපතකින් මුදවනවා නම්, තමාට යහපතක් උදාකරනවා නම් ගිහි වේවා පැවිදි වේවා, එසේ තමාව අයහපතින් මුදවන, තමාට යහපත උදා කරන පුද්ගලයින්ගේ ඊට අදාල ක්‍රියාවන් කවර හේතුවක් නිසා නුසුදුසු යැයි දකින්නද?
යම් පුද්ගලයෙක් තමා ගිහි වේවා, පැවිදි වේවා අන් ගිහි හෝ පැවිදි අයව වරදින් මුදවාලීමට හේතු වන, ඔවුන්ගේ අභිවෘද්ධියට හේතු වන ඔවුන්ගේ වැරදි නිවැරදි කිරීමට කටයුතු කරන අන් ගිහි හෝ පැවිදි පුද්ගලයින්ගේ ක්‍රියාව නුසුදුසු යැයි අන් අයට පවසනවා නම් එසේ පවසන එම පුද්ගලයා අන් අයගේ අභිවෘද්ධියට හානි වන පරිදි සිතන පුද්ගලයෙක්. අන් අයගේ අභිවෘද්ධියට හානි වන පරිදි සිතන බැවින් එම පුද්ගලයා අන් අය කෙරෙහි අහිතානුකම්පී පුද්ගලයෙක්. අහිතානුකම්පී පුද්ගලයාට සතුරු සිත් එළැඹ පවතිනවා. සතුරු සිත් එළැඹ පැවැත්ම මිත්‍යා දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටියෙන් යුතු අයට මරණින් මතු නිරය හෝ තිරිසන් යොනිය උරුම බව බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවා. එසේ අන් අයගේ ලාභාන්තරයට කටයුතු කිරීම අහිතානුකම්පී බවක්, සතුරු සිත් ඇති බවක්, මිත්‍යා දෘෂ්ටියක් හා මරණින් මතු නිරය හෝ තිරිසන් යොනිය උරුම වීමට හේතුවක් බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ ශීලස්කන්ධ වග්ගයේ ලොහිච්ච සූත්‍රයට [ http://thripitaka.org/view/sp/sp1/556 ] අනුව වටහා ගත හැකියී.
මිලින්ද ප්‍රශ්න වල දැක්වෙන පරිදි මිලින්ද රජතුමා විසින් නාගසෙන හිමියන්ගෙන් කොපමණ අංගයන්ගෙන් යුත් භික්ෂූන් අරහත්ඵලය සාක්ෂාත් කරන්නේ දැයි ඇසූ විට ඊට පිලිතුරු දුන් නාගසෙන හිමියන් අරහත්ඵලය සාක්ෂාත් කිරීම පිණිස භික්ෂූන් සතු විය යුතු අංගයන් බොහෝ ගණනක් පවසා තිබෙනවා. ඒ බොහෝ වූ අංගයන් අතුරෙන් වෘෂභයාගේ ගත යුතු අංග හතරෙන් හතර වන අංගය ගැන විස්තර කිරීමේදී නාගසෙන හිමියන් මෙසේ පවසා තිබෙනවා:
[ පාලි (රෝමන් අක්ෂර): The Milindapañho, Vilhelm Trenckner, 1880, p. 397, http://thripitaka.org/view/trenckner/milinda1880/405 ]
භික්ෂූන්ගේ පමණක් නොව ගිහි උපාසකඋපාසිකාවන්ගේ අවවාදානුශාසනාත් භික්ෂූන් විසින් සිරසින් පිළිගත යුතු යැයි ඉහත පරිදි ධර්මයෙහි අඩංගුව පවතිනවා. මෙම ලිපියේ මුලින් දක්වන ලද විස්තර කිරීම් වලට අනුව අර්ථ ලෙසිනුත් එය එසේම විය යුතු යැයි දැකිය හැකියී. එසේ ඇති විට පැවිදි පිරිස ගිහියන්ට වඩා උතුම් බැවින් ගිහියන් විසින් පැවිද්දන්ගේ හරි වැරදි සොයන්න යෑම අදාල නැතය ආදී කථා අනර්ථය පිණිස පවත්නා අධර්ම අවිනය කථාවන් මිස අර්ථය පිණිස පවත්නා ධර්මට විනයට ගැළපෙන කථාවන් නොවේ.
එබැවින් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාල නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන යහපත උදෙසා පවතින කථා නොවෙයි. බුදු සසුන මෙසේ යැයි ඔවැනි අධර්ම අවිනය මතයන් පැතිරවීම බුදු සසුන තුල මානයෙන් මත්ව තමන්ගේ උසස් බව ගැන හිතනා අඥාණ භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, ධර්මය විනය ලෙස අධර්ම අවිනය කරුණු දේශනා කොට ගිහියන්ගෙන් තමන්ට එල්ල විය හැකි චෝදනාවන්ගෙන් තමන්ව රැක ගැනීමට එය පිටිවහලක් කරගන්නා භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, බුදු සසුන තුල නොයෙක් ආකාරයේ දුසිල්වත් ක්‍රියා කරන භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා. එපරිද්දෙන් එය ගිහි පැවිදි දෙපිරිසේම අහිත පිණිස සහ බුදු සසුන වහ වහා අතුරුදන් වීමට හේතුවක් වෙනවා.
Skylark

... භික්ෂුව කියන්නේ ගින්දරක් කියලා බුදුරජානන් වහන්සේ දේශනා කරනවා. තේරුණාද? ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි හොයන්න යන්න අදාල නැහැ. ...
රාජගිරියේ අරියඥාණ හිමි:
... නමුත් ඒ බුදුරජානන් වහන්සේ එහෙම දේශනා කලත් කිසිම වෙලාවක පුතේ ඔබලා ස්වාමීන් වහන්සේගේ වැරදි හොයන්න යන්න එපා. ...
ඉහත වීඩියෝවේ විනාඩි 54යි තත්පර 59න් පමණ ඉදිරියට රාජගිරියේ අරියඥාණ හිමි:
රාජගිරියේ අරියඥාණ හිමියන් පවසන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි නොසෙවිය යුතුය, භික්ෂූන් වහන්සේලාගේ මොන වැරැද්ද දැක්කත් ගිහියන්ට එය අදාල නැතිය, භික්ෂූන් වහන්සේලාගේ වැරදි සොයන්න යෑමෙන් අප්‍රමාණ අකුසල් සිදුවේ ආදී අදහස් ධර්මයට සහ විනයට නොගැළපෙන්න අධාර්මික සහ අවිනය ප්‍රකාශයි. සමාජයක එවන් අදහස් පැතිරවීම අසත්පුරුෂ සමාජයක් නිර්මාණය කිරීමට හේතු වෙනවා. ගිහි පැවිදි බොහෝ පිරිස් එවන් අදහස් නිසා නොමඟ යනවා, පරිහානියට පත්වෙනවා. යම් පුද්ගලයෙක් අන් අයගේ ලාභාන්තරයට හේතු වන එවන් අදහස් ඇතිව ඉන්නවා නම් එය එම පුද්ගලයාගේ මිත්‍යා දෘෂ්ටියක් වන අතර එය එම පුද්ගලයා නිරයේ හෝ තිරිසන් සතෙකු ලෙස ඉපදීමට හේතු වෙනවා. එවන් අදහස් පැවසීම සහ පිළිගෙන ඊට අනුරූපව ක්‍රියා කිරීම සම්මා සම්බුද්ධ සාසනය වහ වහා අතුරුදහන් කිරීමට හේතුවක්.... ඒ නිසයි බුදුරජානන් වහන්සේ කාසායකණ්ඨකටත් දන් දෙන කාරණය තුල කියන්නේ කොතනකදවත් ස්වාමීන් වහන්සේලාගේ සීලය හොයන්න යන්න එපා. ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන්න එපා. ඒක අපිට අදාල නැහැ. උන් වහන්සේ වැරදි කලොත් උන් වහන්සේලා ඒවා අරගෙන යාවි. ඒ නිසා බුදුරජානන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මොන වැරැද්ද දැක්කත් ගිහි කෙනෙක්ට ඒක ඇඟිලි ගහන්න යන්න [එපා කියලා]. සංඝයා අරමුණු කරගෙන ඔබ දන් දුන්නා නම් සංඝයා අරමුණු කරගෙන ලැබෙන්නා වූ දානය අපට ලැබෙනවා. එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ...
බුදුරජානන් වහන්සේ දේශනා කර ඇති සූත්‍ර සහ විනය කරුණු දෙස එකවර නොබලා විමසුවත් යම් නොමඟ යන භික්ෂූන් වහන්සේ නමක් හෝ භික්ෂූන් වහන්සේලා පිරිසක් සුමඟට යොමුකිරීමට ගිහියන්ට කටයුතු කල හැකි නම් එසේ කිරීම එම භික්ෂූන් වහන්සේගේ හෝ භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය පිණිසත්, එම භික්ෂූන් වහන්සේ හෝ භික්ෂූන් වහන්සේලා එසේ අභිවෘද්ධියට පත්වීම ගිහියන්ගේ අභිවෘද්ධිය පිණිසත්, එවිට එය සම්මා සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය පිණිසත් හේතු වන බව වටහා ගන්න පුළුවන්.
අනෙකුත් භික්ෂූන් විසින් තමන්ට ඔවදන් දීම ගැන ඔවදන් ලබන භික්ෂූන් විසින් කෙසේ සලකනවාද, කෙසේ ඒ ගැන කටයුතු කරනවාද යන්නට අනුව අසත්පුරුෂයින් එක්ව වසනා ආකාරය සහ සත්පුරුෂයින් එක්ව වසනා ආකාරය ගැන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දෙවන පණ්ණාසකයේ පුග්‌ගල වර්ගයේ එකාදසම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/188 ] සඳහන් වෙනවා.
එම සූත්‍රයට පරිදි අසත්පුරුෂයින් කෙසේ එක්ව වසනවාද යත්: තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් අන් තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් තමන්ට ඔවදන් නොදේවා යැයි හිතනවා, තමනුන් ඔවුන්ට ඔවදන් නොදෙන්නෙමැයි හිතනවා, තමන්ට ඔවදන් දෙනවා නම් ඒ ඔවදන් දෙය අය තමන්ට අහිතානුකම්පීවයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, හිතානුකම්පීව නොවෙයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, එම කීම් ප්‍රතික්ෂේප කරන්නෙමැයි හිතනවා, කියන කෙනාව වෙහෙසට පත් කරන්නෙමැයි හිතනවා, එම වැරදි තමන්ගේ ඇතැයි දැක්කත් ඊට පිළියම් නොකරන්නෙමැයි හිතනවා.
එම සූත්‍රයට පරිදි සත්පුරුෂයින් කෙසේ එක්ව වසනවාද යත්: තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් අන් තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් තමන්ට ඔවදන් දේවා යැයි හිතනවා, තමනුන් ඔවුන්ට ඔවදන් දෙන්නෙමැයි හිතනවා, තමන්ට ඔවදන් දෙනවා නම් ඒ ඔවදන් දෙය අය තමන්ට හිතානුකම්පීවයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, අහිතානුකම්පීව නොවෙයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, එම කීම් මනා යැයි පිළිගන්නෙමැයි හිතනවා, කියන කෙනාව වෙහෙසට පත් නොකරන්නෙමැයි හිතනවා, එම වැරැදි දැක ඊට පිළියම් කරන්නෙමැයි හිතනවා.
එම සූත්‍රයට අනුව භික්ෂූන් වහන්සේලා අන් භික්ෂූන් වහන්සේලාගේ අවවාද කෙරෙහි සත්පුරුෂයින් එක්ව වාසය කරන ආකාරයට අනුව කෙසේ එළැඹිය යුතු දැයි වටහා ගන්න පුළුවන්. එම සූත්‍රයෙහි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාගේ වැරදි නිවැරදි කිරීම ගැන විස්තර සඳහන් වී නැහැ. එනමුත් ගිහි වේවා, පැවිදි වේවා තමා තුල ඇති වරදින් මිදීමටත්, තමා මතු වරද කිරීමට යොමු වීමෙන් වැලැක්වීමටත්, තමා තුල නැති ගුණ වඩා ගැනීමටත්, තමා තුල ඇති ගුණ තව තවත් වඩා ගැනීමටත් ඉහත සූත්‍රයේ සඳහන් පරිදි සත්පුරුෂයින් ලෙස වාසය කිරීම උපකාරී වන බව එම සූත්‍රය මනා සේ විමසන පුද්ගලයින්ට වටහා ගත හැකියී. එපරිදි විමසා දකින පුද්ගලයෙක් තමා ගිහි උවත් පැවිදි උවත්, තමාව යම් අයහපතකින් මුදවනවා නම්, තමාට යහපතක් උදාකරනවා නම් ගිහි වේවා පැවිදි වේවා, එසේ තමාව අයහපතින් මුදවන, තමාට යහපත උදා කරන පුද්ගලයින්ගේ ඊට අදාල ක්‍රියාවන් කවර හේතුවක් නිසා නුසුදුසු යැයි දකින්නද?
යම් පුද්ගලයෙක් තමා ගිහි වේවා, පැවිදි වේවා අන් ගිහි හෝ පැවිදි අයව වරදින් මුදවාලීමට හේතු වන, ඔවුන්ගේ අභිවෘද්ධියට හේතු වන ඔවුන්ගේ වැරදි නිවැරදි කිරීමට කටයුතු කරන අන් ගිහි හෝ පැවිදි පුද්ගලයින්ගේ ක්‍රියාව නුසුදුසු යැයි අන් අයට පවසනවා නම් එසේ පවසන එම පුද්ගලයා අන් අයගේ අභිවෘද්ධියට හානි වන පරිදි සිතන පුද්ගලයෙක්. අන් අයගේ අභිවෘද්ධියට හානි වන පරිදි සිතන බැවින් එම පුද්ගලයා අන් අය කෙරෙහි අහිතානුකම්පී පුද්ගලයෙක්. අහිතානුකම්පී පුද්ගලයාට සතුරු සිත් එළැඹ පවතිනවා. සතුරු සිත් එළැඹ පැවැත්ම මිත්‍යා දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටියෙන් යුතු අයට මරණින් මතු නිරය හෝ තිරිසන් යොනිය උරුම බව බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවා. එසේ අන් අයගේ ලාභාන්තරයට කටයුතු කිරීම අහිතානුකම්පී බවක්, සතුරු සිත් ඇති බවක්, මිත්‍යා දෘෂ්ටියක් හා මරණින් මතු නිරය හෝ තිරිසන් යොනිය උරුම වීමට හේතුවක් බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ ශීලස්කන්ධ වග්ගයේ ලොහිච්ච සූත්‍රයට [ http://thripitaka.org/view/sp/sp1/556 ] අනුව වටහා ගත හැකියී.
මිලින්ද ප්‍රශ්න වල දැක්වෙන පරිදි මිලින්ද රජතුමා විසින් නාගසෙන හිමියන්ගෙන් කොපමණ අංගයන්ගෙන් යුත් භික්ෂූන් අරහත්ඵලය සාක්ෂාත් කරන්නේ දැයි ඇසූ විට ඊට පිලිතුරු දුන් නාගසෙන හිමියන් අරහත්ඵලය සාක්ෂාත් කිරීම පිණිස භික්ෂූන් සතු විය යුතු අංගයන් බොහෝ ගණනක් පවසා තිබෙනවා. ඒ බොහෝ වූ අංගයන් අතුරෙන් වෘෂභයාගේ ගත යුතු අංග හතරෙන් හතර වන අංගය ගැන විස්තර කිරීමේදී නාගසෙන හිමියන් මෙසේ පවසා තිබෙනවා:
එය සිංහල මිලින්දප්‍රශ්නය නම් පොතේ 564 පිටුවේ [ http://thripitaka.org/view/other/milinda1970/584 ] මෙසේ දැක්වෙනවා:පුන ච පරං මහාරාජ ගොරූපො යෙන කෙනචි වාහියමානො වහති එවමෙව ඛො මහාරාජ යොගිනා යොගාවචරෙන ථෙරනවමජ්‌ඣිමභික්‌ඛූනම්‌පි ගිහිඋපාසකස්‌සාපි ඔවාදානුසාසනී සිරසා සම්‌පටිච්‌ඡිතබ්‌බා.
[ ඉංග්‍රීසි පරිවර්තනය: The Questions of King Milinda - Part II, T. W. Rhys Davids, 1894, p. 333, http://thripitaka.org/view/sbe/vol36/361 ]තවද, මහරජානෙනි, වෘෂභතෙම යම් කිසිකෙනෙකුන් විසින් උසුලවනු ලබන්නේ ම උසුලන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ථෙර නවක මධ්‍යම භික්ෂූන්ගේ ද ගෘහස්ථ උපාසකඋපාසිකාවන්ගේ ද අවවාදානුශාසනාතොමෝ මස්තකයෙන් පිළිගත යුත්තේ ය.