අරියඥාණ හිමිගේ කෙළෙස් පටලැවිල්ල
රාජගිරියේ අරියඥාණ හිමි නිවන් අනුසස් කොට ඇති උතුම් සීල ගුණය කෙළෙස් ධර්මයක් යැයි වරදවා අර්ථ දැක්වීම
පහත දැක්වෙන්නේ "රැවුල සහ කණ්නාඩිය" යන මාතෘකා ඇතිව දිවයින පුවත් පතේ පළව ඇති සහ "අතහැරීම 1, මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යන නමින් ප්‍රකාශයට පත් කර ඇති පොතකද අඩංගු ලිපියක වාක්‍ය කිහිපයක්. නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga [ http://www.elakiri.com/forum/showthread.php?t=1781783 ] ත්‍රෙඩ් එකෙන් උපුටා ගන්නා ලදී.
Quote
රැවුල සහ කණ්නාඩිය
http://www.maharahathunwadimagaosse....aharima-01-15/
ගෞතම සම්බුද්ධ ශාසනය ඇතිවෙලා, ...
... ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි. මෙහිදී මාන්නය ඇතිවීම ස්‌වභාවිකය.
...
...
ඔබ කණ්‌ණාඩිය අතහරින්න. එවිට රැව්ලත් ඔබට අතහැරේවී. විනයකින් තොරවම ඔබත් හික්‌මේවි. මේ සියල්ලටම සතිය සහ සිහිය මෙන්ම අවංක බවද අවශ්‍යමයි.
Unquote
ඉහත දක්වන ලද "ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි." යන්නෙහි රාජගිරියේ අරියඥාණ හිමියන් "කෙළෙස් ධර්මයකි" යැයි පවසා ඇත්තේ නිවන් පිණිස හේතු වන උතුම් සීල ගුණයට. ආර්යය මාර්ගයේ හික්මෙන පුද්ගලයන් තුල තමාගේ ඇති සීලය හේතුවෙන් යම් යම් අවස්ථාවන්හිදී මානය ඇති විය හැකියී. නමුත් එපමණකින් විනය දැඩි සේ රැකීම කෙළෙස් ධර්මයක්ය, විනයෙන් තොරව හික්මේවි යන අර්ථයන් මතු කිරීම ආර්යය මාර්ගයේ හික්මෙන අය බෙහෙවින්ම මුලාවට පත් කිරීමක්.
අණුමාත්‍ර වරදෙහි බිය වන්න යැයි බුදුරජානන් වහන්සේ නැවත නැවත පවසා තිබෙනවා. ඊට එක් උදාහරණයක් ලෙස ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ මහාවග්ගයේ සතිපට්ඨාන සංයුත්තයේ අමත වග්ගයේ පාතිමොක්‌ඛ සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp11p1/362 ] දැක්විය හැකියී. එහි මෙසේ සඳහන්:
එහි පරියන්ත සීලය විස්තර වන්නේ මෙබඳු සේ:
පටිසම්භිදාමග්ගප්පකරණයේ සීලමය ඥානය [ http://thripitaka.org/view/sp/sp29/104 ] ගැන විස්තරයේ "න ලාභපරියන්තං", "න යසපරියන්තං", "න ඤාතිපරියන්තං", "න අඞගපරියන්තං", "න ජීවිතපරියන්තං" ලෙසින් අපරියන්ත සීලය විස්තර වෙනවා. ජීවිත හේතුවෙන් වත් තමන් සමාදන් වන ලද ශික්ෂා පද බිදින්න සිතක් වත් නැති බව කියවෙන ඒ උතුම් සීලය උතුම් සීලයක්ම ලෙස දැකිය යුතුව පැවතියදී "ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි." යැයි සලකා උතුම් සිල් රැකීම කෙළෙස් ධර්මයක් හැටියට දැකීම නොමනා දැකීමක්මයි.
යම් අයෙකුට පරියන්ත සීලය නිවන් පිණිස නොපවතී, අපරියන්ත සීලය නිවන් පිණිස පවතී යන කාරණාවන් ගැන පටිසම්භිදාමග්ගප්පකරණයෙන් ගෙන හැර දක්වන ලද කරුණු පිළිබඳව වැඩි දුරටත් විමසා බැලීමට උවමනා නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ එකාදසක නිපාතයේ නිස්සයවග්ගයේ පඨම උපනිස [ http://thripitaka.org/view/sp/sp17/618 ], කිමත්ථිය [ http://thripitaka.org/view/sp/sp17/612 ] හා න චෙතනාකරණීය [ http://thripitaka.org/view/sp/sp17/614 ] ආදී සූත්‍ර විමසා බැලිය හැකියී. නිවනට රුකුල් දෙන ධර්මතාවයන් කෙසේ එකිනෙකට රුකුල් දෙන්නේද, නිවනට බාධා වන ධර්මයන් ඇති විට එම ධර්මයන් කෙසේ නිවනට බාධා කරන්නේද යන්න එම සූත්‍ර වල සඳහන්. එම සූත්‍ර වල දැක්වෙන කුශලශීලයෝ, අවිප්‍රතිසාරය, ප්‍රමොදය, ප්‍රීතිය, ප්‍රශ්‍රබ්ධිය, සුඛය, සමාධිය, යථාභූතඥානදර්ශනය, නිර්වෙදය, විරාගය, විමුක්තිඥානදර්ශනය යන ධර්මතාවයන් දක්වා ඇති පිළිවෙල සහ ඒ ඒ ධර්මයන් අන් ධර්මයන් අනුසස් කොට ඇති ස්වරූපය මනා කොට විමසා බලා ධාරණය කර ගැනීම බොහෝ වටිනවා. බුදුරජානන් වහන්සේ නොයෙක් අයුරින් නිවන් මඟ දේශනා කර ඇති සූත්‍ර වල අර්ථ සසඳා බලා එම අර්ථයන් මනා සේ වටහා ගැනීමට එය බෙහෙවින් රුකුල් වෙනවා. එය ධර්මය ප්‍රතිවෙධ කිරීමට රුකුල් දෙනවා.
පරියන්ත සීලය නිවන් පිණිස නොපවතී, අපරියන්ත සීලය නිවන් පිණිස පවතී යන පටිසම්භිදාමග්ගප්පකරණයේ සඳහන් විස්තර පරිද්දෙනුත් "ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි." යැයි කීම බුදුරජානන් වහන්සේ යම් ආකාරයකට ශික්ෂා පද සමාදන්ව රැකීම නිවන් පිණිස හේතු වේ යැයි පැවසුවාද, ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් බව දැකිය හැකියී. උතුම් සීලය කෙළෙස් ධර්මයක් සේ සලකා එය "මහ රහතුන් වැඩි මඟ" ලෙස දැකීම විපරීත දැකීමක්. උතුම් සීලය කෙළෙස් ධර්මයක් සේ සැලකීම "මහ රහතුන් නොවැඩි මඟ" ලෙස දැකීම උචිතයි.
Skylark

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ සීලමය ඥානය [ http://thripitaka.org/view/sp/sp29/104 ] ගැන විස්තරයේ පරියන්ත සහ අපරියන්ත සීලය ලෙස සීලයේ බෙදීමක් විස්තර කෙරෙනවා.මහණ, එහෙයින් මෙහි ලා තෙපි කුසල්දහම්හි මුල ම පිරිසිදු කරවු. කුසල්දහමුන්ගේ මුල කිමෙක් ද යත්: මහණ තෙපි මෙහි ප්‍රාතිමොක්ෂසංවරයෙන් සංවෘත ව ආචාරගොචරසම්පන්න ව අණුමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නාසුලු ව වෙසෙවු. සිඛපදෙහි සමාදන් ව හික්මෙවු. මහණ, යම්කලෙක තෙපි ප්‍රාතිමොක්ෂසංවරයෙන් සංවෘත ව ආචාරගොචරසම්පන්න ව අණුමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නාසුලු ව වෙසෙන්නහු නම් සිඛපදෙහි සමාදන් ව හික්මෙවු නම් මහණ, එකල තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා සිවුසීවටන් වඩාන්නහු.
එහි පරියන්ත සීලය විස්තර වන්නේ මෙබඳු සේ:
එහි අපරියන්ත සීලය විස්තර වන්නේ මෙබඳු සේ:මෙබඳු ශීලයෝ කැඩුණාහු සිදුරු වූවාහු සබල (කබර) වූවාහු කලමාෂ (කැලැල්) වූවාහු දාසව්‍යයෙන් නො මිදුණාහු විඥයන් විසින් නො පසස්නා ලද්දාහු (තෘෂ්ණාදෘෂ්ටි දෙකින්) පාරාමෘෂ්ට වූවාහු සමාධිය පිණිස නො පවත්නාහු අවිප්‍රතිසාරයට කරුණු නො වුවාහු ප්‍රාමොදයට කරුණු නො වුවාහු ප්‍රීතියට වස්තු නො වුවාහු (කායචිත්ත) ප්‍රශ්‍රබ්ධියට වස්තු නො වුවාහු සුඛයට වස්තු නො වුවාහු (උපචාර අර්පණ) සමාධියට වස්තු නො වුවාහු යථාභූතඥානදර්ශනයට වස්තු නො වූවාහු ඒකාන්තනිර්වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස නො පවත්නා හු ය. ...
මෙබඳු ශීලයෝ අඛණ්ඩ වූවාහු අච්ඡිද වූවාහු අශබල වුවාහු අකලමාෂ වූවාහු අදාස වූවාහු විඥයන් විසින් ප්‍රශස්ත වූවාහු (තෘෂ්ණාදෘෂ්ටීන්) පාරාමෘෂ්ට නො වූවාහු (උපචාරඅපර්ණ) සමාධිය පිණිස පවත්නාහු විප්‍රතිසාරයට වස්තු නො වුවාහු ප්‍රාමොද්‍යයට වස්තු වුවාහු ප්‍රීතියට වස්තු වුවාහු (කායික චෛතසික) සුඛයට වස්තු වූවාහු සමාධියට වස්තු වුවාහු යථාභූතඥානදර්ශනයට වස්තු වූවාහු ඒකාන්තයෙන් නිර්වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස පවත්නා හු ය.