මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්
fake වලින් කියන්න ඕන නෑ බන්, මගේ ජීවිතේ මම ලබපු හැම දුකක්ම මම උපේක්ෂාවෙන් දරාගත්ත බන් එත් බන් මේක ආමාරුයි. මැරෙන්න තරම් හිතට දුකයි, කෑ ගහල අඩන්න පුළුවන් වයසක නෙවි නිසා , කියන්න කෙනෙක් නැති නිසාත් මෙතන ලියල තියනවා.
"ආයෙමත් මෙහෙම message කරන්න call කරන්න එපා. මම බදින්න ඉන්නේ. අපේ ගෙවල් වලින් හොයල. ඔයා මනුස්ස හදවතක් තියෙන කෙනෙක් නම් මට පාඩුවේ සතුටින් ඉන්න දෙන්න , මට හොදින් ඉන්න දෙන්න" මේ තියෙන්නේ මට අද හවස ලැබුන අන්තිම text එකේ කෑල්ලක්.
මම හැමදාම මගේ සතුටට වඩා හිතුවේ එයාගේ සතුට ගැන ආදරේ කරා මගේ ජීවිතේටත් වඩා එත් ඇයි බන් එහෙම. මම කවදාවත් මෙයාට වෛර කරන්නේ නෑ මට එහෙම කරන්නත් බෑ. හදවතින්ම ආදරේ කරන දේ හදවතින්ම පතන දේ ලැබෙනවාලු එත් එහෙම උනේ නෑ බන්. මම කවදාවත් තව කෙනෙක්ගේ feeling එක්ක සෙල්ලෙම් කරලා නෑ , හැම දේකදිම අවංක උනා ඇයි බන් මටම මෙහෙම උනේ.
proposal වලින් ගෙවල් වලින් හොයල බදින උනාට කියන්න තියෙන්නේ හොදට හොයන්න බදින්න කලින් බොහෝ විට තමන්ගේ සතුටත් නැති කරන් තව කෙනෙක්ගේ ජීවිතයක් , සතුටක් නැති කරන දෙයක් වෙන්න ඇති ඔය කරන්න හදන්නේ.
මම මගේ ජීවිතේ ඍණ ගණන් වලින් පටන් ගෙන හදාගෙන ගොඩ ආව කෙනෙක් බන් , ආදරෙන් මම අද පැරදුනා මචං