උඹට දැන් හතළිහක්...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    උඹට දැන් හතළිහක්...

    ප්‍රේමයට කොයි තරම්
    කවි ලියා ඇති තරම්
    උඹ ඒ කවි අස්සෙ
    උන්නේම නැති තරම්
    උපමාවක් නැතුව
    හිතේ හංගාන උන්
    මේ කවිය උඹ නමින්
    අමුවෙන්ම ලියමි මං...

    අත් වැටක් නැති කන්ද
    නොවැටීම නගින හැටි
    උඹ කියා දුන්නේම
    නැගිටිමින් වැටි වැටි
    ඇස රුදා දෙනකල්ම
    මං කොතැන, සෙවූ හැටි
    අම්මෙකුට, අප්පෙකුට
    කැක්කුමට දෙවැනි නැති...

    මහා පිලොසොෆි වලින්
    කතා ලිය ලියා මං
    සෝදුපත් බැලුවෙ නම්
    උඹ උගත් ජීවිතෙන්
    ඉලක්කම් වලින් නම්
    හතළිහක්‌ උඹට දැන්
    හාදු නම් රත්තරන්
    පෙර වගෙයි ඉස්තරන්...

    අපි දෙන්න ජීවිතේ
    පාට එක් කල හැටිය
    ඇහුවොතින් කියා දෙයි
    උඹේ සුදු කෙස් කැටිය
    රත්තරනෙ එක වාගෙ
    නොවෙනස්ව ඇති සැටිය
    එක දේකි ඇත්තේම
    ඒ උඹේ ඇස් වැටිය...

    උඹට විතරයි ඇහැකි
    මගෙ හිත කියවන්ට
    ඉතින් ඉර හඳට මට
    බෑ උඹව සසඳන්ට
    බුදු බණෙහි තිබුනාට
    බැඳුම් අතහැර යන්ට
    රත්තරනෙ තනියෙන්ම
    බෑ නිවනට යන්ට....


    W.A.w.k.W (දෙව්රංඟි)
    02.20.2017
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාලෙකින් එළකිරි ඇවිත් අගේ ඇති නිර්මානයක් කරලා තියන්නේ අක්කේ. :)

    ඔහුද එළකිරියෙ නම්
    දන්නෙමී මමද ඔහු
    අති විසල් දැනුම ඇති
    සොයුරු හට සුභ පතමි

    සියලු දේ ඔබ පතන
    ඉටු වේවා පැතූ ලෙස
    ගෙවෙන හැම දවසක්ම
    තව තවත් නිරෝගිවි
    ගත කරන්නට අවැසි
    සියලු සැබ බල ලැබෙන ලෙස
    පතන්නෙමි ඉත සිතින්
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කාලෙකින් එළකිරි ඇවිත් අගේ ඇති නිර්මානයක් කරලා තියන්නේ අක්කේ. :)

    ඔහුද එළකිරියෙ නම්
    දන්නෙමී මමද ඔහු
    අති විසල් දැනුම ඇති
    සොයුරු හට සුභ පතමි

    සියලු දේ ඔබ පතන
    ඉටු වේවා පැතූ ලෙස
    ගෙවෙන හැම දවසක්ම
    තව තවත් නිරෝගිවි
    ගත කරන්නට අවැසි
    සියලු සැබ බල ලැබෙන ලෙස
    පතන්නෙමි ඉත සිතින්

    අගය කිරිල්ලට ස්තුතියි මල්ලි...අපොයි නැහැ, මේ මගේ පුද්ගලික අත්දැකීමට ලියුව එකක් නෙවේ, දන්නා විවාහක යුවලක් වෙනුවෙන් ලියු එකක්...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අගය කිරිල්ලට ස්තුතියි මල්ලි...අපොයි නැහැ, මේ මගේ පුද්ගලික අත්දැකීමට ලියුව එකක් නෙවේ, දන්නා විවාහක යුවලක් වෙනුවෙන් ලියු එකක්...

    :D අදහස් ලස්සනයි අක්කේ.
    අපි හැමෝම රස්සාව, සල්ලි වෙනුවෙන් ජීවිතේ වයසට යවද්දි අපේ ලගින්ම ඉන්න සොදුරුතමයින් ගෙන් ටික ටික ඈත් වෙනවා. :nerd: එයාට වයස අව්රුද්දක් ගත වෙන දවසෙදි මහා දුකක් හිතට දැනෙනවා. මෙයා වෙනුවෙන් මම ලග හිටියා මදි නේද, මෙයාට දැනෙන්න මම ආදරය කරා මදි නේද කියලා, ලබන අව්රුද්ද නම් මේ තරම් ඉක්මනට ගෙවෙන්න දෙන්න හොද නෑ කියලා මම මටම කියා ගන්නවා.

    (මට පුද්ගලිකව හිතෙන දෙයක්)
     
    Last edited:
    • Like
    Reactions: Dewrangi

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපෝ නින්ද යනවා
    නැගලා යන එකක් දාන්න කෝ ;)

    බොට නිදි මත නම් නොබලා හිටු.
    නැත්තං නිදි මත නැති වෙලාවක බලපිය.
    නැගලා යන එකක් ඕනි නම් ප්‍රයිවෙට් බස් එකකට නැගපිය :growl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටික ටික වයසට යන එක ගැන නම් දැන් ලාවට වගේ දුක හිතෙනවා..
    ඒක තව ටිකක් වැඩි උනාද මන්ද..:sorry:

     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    බොට නිදි මත නම් නොබලා හිටු.
    නැත්තං නිදි මත නැති වෙලාවක බලපිය.
    නැගලා යන එකක් ඕනි නම් ප්‍රයිවෙට් බස් එකකට නැගපිය :growl:
    අවුස්සන්න හලෝ කිව්වෙ :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බොට නිදි මත නම් නොබලා හිටු.
    නැත්තං නිදි මත නැති වෙලාවක බලපිය.
    නැගලා යන එකක් ඕනි නම් ප්‍රයිවෙට් බස් එකකට නැගපිය :growl:

    යකා නැගපු ටොමයියගෙන් ඔය අහගත්තේ නැගල යන්නම...:lol:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අවුස්සන්න හලෝ කිව්වෙ :P

    අවුස්සන්න කුණු කුඩයක්ද...අර ටොම් මල්ලි කිව්වත් වගේ බොලාට තියෙන්නේ ප්‍රයිවෙට් බස් එකක නැගලා අජිත් මුතුකුමාරනගේ සින්දුවක් අහන්න....:P:P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටික ටික වයසට යන එක ගැන නම් දැන් ලාවට වගේ දුක හිතෙනවා..
    ඒක තව ටිකක් වැඩි උනාද මන්ද..:sorry:


    වටේ ඉන්න හැම කෙනාගේම වයසට යෑම ගැන දැනෙනවා මල්ලි. (අම්මා, තාත්තා, වයිෆ්) අපි හැමෝම එකම ලූප් එකක් ඇතුලේ කැරකෙනවා නේද කියලා හිතෙනවා. බුදු හාමුදුදරුවෝ මේ ලූප් එකෙන් පිට පනින හැටි කියලා දීලවත් අපි ඒ ගැන හදාරනවා මදි කයලා හිතෙනවා. :nerd:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලබා

    :D අදහස් ලස්සනයි අක්කේ.
    අපි හැමෝම රස්සාව, සල්ලි වෙනුවෙන් ජීවිතේ වයසට යවද්දි අපේ ලගින්ම ඉන්න සොදුරුතමයින් ගෙන් ටික ටික ඈත් වෙනවා. :nerd: එයාට වයස අව්රුද්දක් ගත වෙන දවසෙදි මහා දුකක් හිතට දැනෙනවා. මෙයා වෙනුවෙන් මම ලග හිටියා මදි නේද, මෙයාට දැනෙන්න මම ආදරය කරා මදි නේද කියලා, ලබන අව්රුද්ද නම් මේ තරම් ඉක්මනට ගෙවෙන්න දෙන්න හොද නෑ කියලා මම මටම කියා ගන්නවා.

    (මට පුද්ගලිකව හිතෙන දෙයක්)

    ඇත්ත මල්ලි....අපි කාටවත් වයසට යන එක නවත්තන බැරි උනත්, අපි ආදරය කරන අයත් එක්ක ජිවත් වෙනකාලය වැඩි කරන්න අපි උත්සාහ ගන්න ඕනේ...නැතිනම් අපි රේස් දුවල හැරිලා බලද්දී ඉතිරි වෙන දෙයක් නැහැ...