90%ක්_ගැහැණුන්ට බස් වලදී අතවර
"කෝච්චියේ හොඳටම සෙනග පිරිලා. ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. අල්ලගන්න තැනක්වත් නෑ. මම මිනිස්සුන්ට තෙරපි තෙරපි හිටියේ. මම ඇඳගෙන හිටියේ ටිකක් කොට ගවුමක්. එකපාරට මට මගේ බඩට පහලින් මොකක්දෝ වෙනසක් දැනුන. අමාරුවෙන් අතගාල බලන කොට මිනිහෙක් මගේ ගවුමට උඩින් අතදාල අල්ලාගෙන ඉන්නවා."
දිනපතාම පානදුරේ සිට කොළඹ බලා රැකියාවට යන ඒ යුවතිය, දුම්රියේදී තමන්ට සිදුවූ අතවර හෙළි කළේ එළෙසිනි.
මේ තරුණිය පවසන පරිදි එය කිසිසේත්ම අහඹු සිදුවීමක් නොවේ. (සංදේශයට සවන්දෙන්න)
"හැමදාම වගේ මොකක් හරි හිරිහැරයක්. එක දවසක් මම කෝච්චියේ අල්ලගන්න තැනක් නැතිව දෙපැත්තට විසිවෙනකොට මගේ දෙපැත්තේ හිටපු මිනිස්සු දෙන්නෙක් මගේ පියයුරු අල්ලනවා," ඇය පැවසුවේ දැඩි අසරණ ස්වරයකින්."මම උන්ගේ අත්වලට ගැහුවා. එකෙක් මට ඔරවල, "මොකද තමුසෙට වෙලා තියෙන්නේ' කියල මට බැන්නා."
එදින ඇයට අත්විඳින්නට වූ හිරිහැරය එතැනින් නිමාවූයේ නැත."කෝච්චියේ ඉඩ නෑ. ඒත් මම සෙනග අස්සෙන් රිංගලා පොඩ්ඩක් එහාට ගිහිල්ල අමාරුවෙන් වෙන තැනක හිටගත්තා. ඊට පොඩ්ඩකට පස්සේ බලනකොට තව එකෙක් මගේ බඩටත් පහලින් අත තියාගෙන."
කලක් තමන් සමඟ එකට දුම්රියේ ගමන්ගත් මිතුරිය වෙනත් රැකියාවක් සොයාගැනීමෙන් අනතුරුව තමන්ට එල්ල වන හිරිහැර උග්‍ර වූ බව ඈ පැවසුවේ, "හැබැයි කෝච්චියේ යන්න බෑ කියල බස් එකේ ගියා කියල කිසිම වෙනසක් නෑ," යැයි ද පෙන්වා දෙමිනි.
මෙය කිසිසේත්ම ශ්‍රී ලංකාවේ එක් තරුණියක පමණක් මුහුණ දෙන හුදෙකලා අත්දැකීමක් නොවේ.
ජාතික පොලිස් කොමිසමේ සභාපති මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ පසුගියදා බීබීසී සංදේශයට පැවසූ පරිදි පොලිසියේදීත්, විශ්ව විද්‍යාලයේදීත්, මාධ්‍ය ආයතන ඇතුළු බොහෝ සේවා ස්ථානවලදීත් ශ්‍රී ලංකාවේ කාන්තාවෝ නිරන්තරයෙන් ලිංගික අතවරවලට මුහුණ දෙති.
මග තොටේදී සහ වැඩපොලේදී සිදුවන හිරිහැර දැන් කෙතරම් සුලභ වීද යත්, එය ලාංකීය සමාජය තුළ 'සාමාන්‍ය දෙයක්' බවට පත් වෙමින් තිබේ.සිය දියණියන්ගේ ආරක්ෂාව පිණිස ළමා වියේ සිට හැකි සෑම පියවරක්ම ගන්නා දෙමාපියන්ට බොහෝ විට සිය දියණියන් සමාජයේ දී මුහුණ දෙන මේ හිරිහැර ගැන අවබෝධයක් නැත.විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක හෙළි කළ අත්දැකීමක් මේ.
"දවසක් මම යාලුවෙක් එක්ක බස් එකේ යද්දී වැඩිහිටි මිනිහෙක් ළඟ වාඩි වුනා. මගේ යාලුවා ඒ ළඟ සීට් එකක වාඩි වුනා. ටික වෙලාවකින් එහා සීට් එකේ හිටපු මිනිහට දාඩිය දාල අමුතු විදියකට හැසිරෙනවා," ඈ එම සිදුවීම ආවර්ජනය කළේ සමස්ත සමාජය දෙසට ම එල්ලවූ කළකිරීම මුසු ස්වරයකිනි.
"මම හැරිලා බලනකොට ඒ මිනිහ මා දිහා බලාගෙන සීට් එකේම ස්වයං වින්දනයේ යෙදෙනවා. මම කෑගැහුවා. අන්තිමට ඒ මිනිහ බස් එකෙන් බැස්සේ 'උඹ පොඩි එකෙක් නිසා මම අතාරිනවා.
නැත්නම් බලාගනින් උඹට කරන දේ' කියාගෙන."ඇතැම්විට සිය සමීපතමයින්ගේ ලිංගික හිරිහැරවලට ලක්වීමට සිදුවන බවද ඒ ශිෂ්‍යාව සඳහන් කළේ, "යුනි එකේදී දවසක් මගේ යාලුවෙක් මට මූණටම කිවුව මම උඹ ගැන හිතල සෙල්ෆ් ෆන් එකක් ගන්නවා කියල,"යනුවෙනි.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනවල කාන්තාවට එරෙහි ලිංගික හිංසනය පිළිබඳ මෑතදී විශේෂ සමීක්ෂණයක් පැවැත්වුන ද ඉන් අනතුරුව ඒ පිළිබඳව ගැනුණු ක්‍රියාමාර්ග කවරක් දැයි මෙතෙක් හෙළි වී නැත.
රටක නීති සම්පාදන ක්‍රියාවලිය භාරව සිටින පාර්ලිමේන්තුවේ පවා කාන්තාව මුහුණ දෙන අත්දැකීමේ වෙනසක් නැති බව උපේක්ෂා ස්වර්ණමාලී (පබා) හිටපු මන්ත්‍රීවරිය ද පසුගියදා බීබීසී සංදේශයට කියා සිටියාය.
මේ තවත් කාන්තාවක මහමගදී මුහුණ දුන් අත්දැකීමකි.
"දවසක් යාලුවෙක් එක්ක පාරේ යනකොට එකපාරටම මිනිහෙක් මගේ පස්ස මිරිකගෙන ගියා. හොඳටම පරක්කු වෙලා වැඩට දුවන කොට මිනිස්සු අනන්තවත් කුණුහරුප කියල අපහාස කරනවා."
ගමේ දීත්, නගරයේදීත්, මහමගදීත්, දුම්රියේ හෝ බස් රියෙදීත් දිනපතාම ශ්‍රී ලංකාවේ කාන්තාවෝ විශාල පිරිසක් මෙසේ වචනයෙන් හෝ ලිංගික හිංසනයට ගොදුරු වෙති.
"මා හිතන්නේ ලංකාවේ හැම ගැහැනියක්ම වචනෙකින් හරි පිරිමින්ගෙන් හිරිහැරයට ලක් වෙලා තියෙනවා කියලා. සමහරු ලැජ්ජාව නිසා කියන්නේ නෑ. සමහරුන්ට ඒක පුරුද්දටම ගිහිල්ලා," දුම්රියේදී නිරන්තරයෙන් අතවරවලට ගොදුරුවන තරුණිය පැවසුවේ දැඩි වේදනාබරිතවය.කෙසේ නමුත්, පුරුෂයන්ට ම වරද පටවනු වෙනුවට, අන් බොහෝ සමාජවලට වඩා ලාංකීය සමාජයේ ඇතැම් පුරුෂයන් මෙතරම් ලිංගික අසහනයකින් පෙළෙන්නේ ඇයි දැයි සමාජය තුළ පුළුල් සංවාදයක් මතු විය යුතු බව ඇගේ අදහසය.
"ඇත්තටම පිරිමි මෙතරම් අසහනයෙන් ඉන්නේ ඇයි? කෙල්ලෙක්ගේ කකුලක් දැකපු ගමන් ඇවිස්සෙන්නේ ඇයි? තමන් දන්නේ නැති අඳුරන්නේ නැති කෙල්ලෙක්ගේ ඇඟට අත තියන්න පිරිමියෙක්ට සිද්ධ වෙන්නේ ඇයි? කෙල්ලෙක්ව රේප් කරලා මරලා දාන්නේ ඇයි? අපේ අධ්‍යාපනේ අවුලද? සෙක්ස් එඩියුකේෂන් නොතිබීමද? අපේ සංස්කෘතියේ අවුලද? අපේ චින්තනයේ අවුලද?"
තමන් හිංසනයට ලක්වූ අවස්ථාවලදී කිසිදු පුරුෂයකු එය වැළකීමට මැදිහත් නොවූ බව ද ඇය සඳහන් කළේ කනගාටුව සහ කණස්සල්ල මුසු ස්වරයකිනි.කාන්තාවන්ට සාපේක්ෂව ප්‍රමාණාත්මකව අඩු වුවද, ශ්‍රී ලංකාවේ ඇතැම් පුරුෂයන් ද කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ ලිංගික හිරිහැරවලට ලක්වීමේ අවස්ථා තිබෙන බව ද ඇය අවසන් වරට සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන බව සිය සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.එහෙත් ඒ අතරින් පොලිසියේ සහය පතන්නේ අතවරයට ලක්වන කාන්තාවන්ගෙන් සියයට හතරකට ආසන්න පිරිසක් පමණක්ය යන්න දීපව්‍යාප්තව සිදු කළ සිය සමීක්ෂණයේදී හෙළි වූ බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සඳහන් කරයි.
"ලිංගික අතවරයන් මූලික මානව හිමිකම් හිමිකම් උල්ලංඝනය කිරීමක් වන අතර, කාන්තාවන්ට සහ ගැහැණු ගැහැණු ළමුන්ට කායිකව, මානසිකව සහ ආර්ථිකව වෙනස්කම් කෙරෙන සංස්කෘතියට දායක වෙයි," යනුවෙන් ද ඒ පිළිබඳව UNFPA ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වේ.
පොදු ප්‍රවාහනයේදී, සේවා ස්ථානවලදී සහ මහමගදී මුහුණදෙන ලිංගික හිංසනයට මුහුණදුන් තරුණියන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවයට ද සිය වේදනාබර අත්දැකීම හෙළිකළහ.
පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් ලිංගික අතවරවලට මුහුණදීමේ ගැටලුව ජාතික ප්‍රමුඛතාවක් ලෙසින් හඳුනාගෙන එය වැළැක්වීම සඳහා වූ "ඇය සුරැකි ගමනකද" වැඩසටහන සඳුදා කොළඹදී ආරම්භ කෙරුණි.UNFPA ආයතනය, ශ්‍රී ලංකාවේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව වැඩසටහන දියත්කිරීම සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශයේ ප්‍රධානී සහකාර පොලිස් අධිකාරිනී එල්ජී අමරසේන, ලිගික අතවරවලට ලක්වන කාන්තාවන් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නාය.
'119 අමතන්න'
"මම හිතන්නේ මෙතන මම ඇහුවොත් කිසි කෙනෙක්ට කියන්න බැරිවෙයි මට නම් එහෙම වෙලා නැහැ කියල. අපිට පොඩි ඇඟිල්ලකින් හරි හිංසනයක් වෙලා තියෙනව," ඇය සඳහන් කළාය.
සහකාර පොලිස් අධිකාරිනී එල්ජී අමරසේනඑබැවින් 119 දුරකතන අංකය හෝ සැකකරු පිළිබඳව විස්තර දන්නේ නම් 1938 සහ 2444444 අංකවලට අමතා තමන්ට සිදුවන අතවර පිළිබඳව සිය කාර්යාංශයට දැනුම්දෙන මෙන් සහකාර පොලිස් අධිකාරිවරිය කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කළාය.
වින්දිතයා මෙන්ම ඒ අසල සිටින පුද්ගලයන්ද කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අතවර සම්බන්ධයෙන් ඉදිරිපත්වීමේ අවශ්‍යතාවය ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.
පොදු ප්‍රවාහන සේවාවන්හිදී ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණදෙන ලිංගික අතවර සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යයනය, ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳව දත්ත රැස්කරන ප්‍රථම පියවර බවත් UNFPA ආයතනය වැඩිදුරටත් පවසයි.