මම මානසික ලෙඩෙක් මි.
හැඳින්වීම
හැම මනුස්සයාම කුමන හෝ ආකාරයක මානසික ලෙඩෙක් කියලා අහලා තිබුනට, අද වෙනකල් ඒක වචනයේ පරිසමාප්තියෙන්ම තේරුං ගන්න පුළුවන් කමක් මට තිබුනෙ නෑ. අපි කරන කියන හැමදේම කොහොමත් පිස්සුවක් තමා කියන සාමාන්‍ය ආකල්පයක් එක්ක කොහොමත් මට ඇති පිස්සුවක් නෑ කියන හැඟීමෙන් තමා මෙච්චර කල් ජීවත් වුනේ.
පිස්සුව හඳුනාගත් අවස්ථාව
මට ඊයෙ දවස විශේෂ දවසක්. මගෙ සමීපතම කීප දෙනෙක් දන්නවා හේතුව. මම ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්නත්, හැමදේම අළුතින් පටන් ගන්නත් හිතුවා. හිතුවා වගේම මම පෞද්ගලිකව ලොකු පියවරක් තිබ්බා. පිටින් කෙනෙක්ට දකින්න බැරි ඒ මූලික පියවරේදි මම කරපු එකම දේ තමා යම් පුද්ගලයෙක්ව හඳුනාගැනීම. වෙන කවුරුවත් නෙවේ, මම හඳුනාගන්න උත්සහ කරේ මාවමයි. මේකත් පිස්සුවක් වගේ සමහර අයට හිතෙන්න පුළුවන්. නමුත්, මම යෝජනා කරනවා ඔය හැමෝටම තමන් කවුද කියලා අඳුරගෙන ජීවත් වෙන්න කියලා. මම ඒක කරපු හැටි වෙනම ලිපියකින් විස්තර කරන්නම්. (වැදගත්: Personal SWOT Analysis) තමන් “වටේ ඉන්න අය කවුද කියලා අඳුරගෙන තමා ජීවත් වෙන්නෙ” කියලා post share කරන ඔයාලට පුළුවන්ද “මම කියන සතා හොඳට අඳුරගෙන තමා මම ජීවත් වෙන්නෙ” කියලා කටක් ඇරලා කියන්න?
මගේ දුර්වලතා හදුනාගන්න මම දරපු වෑයමේදි මට මතක් වුනා මෙහෙම දෙයක්. “මම හැමදාමත් මොකක් හරි වැඩක් කරනකොට, ගොඩාක් ලොකුවට හිතාගෙන, අනිත් අයව පුදුම කරවන මට්ටමෙන් මේක කරන්න ඕන කියලා, ගොඩාක් ලොකුවට හිතලා, සංකීර්ණ විදියට වැඩේ පටං ගන්නවා. නමුත් මට නියමිත කාලය ඇතුලත වැඩේ කරගන්න බැරිව අවසානෙට බාගෙට හදපු දෙයක් අටවලා පෙන්නනවා. බලපු කෙනා ඒකෙ ඇතුලෙ තියන සංකීර්ණ බව හඳුනාගන්න බැරිව මට අනිත් අයට සාපේක්ෂව ගොඩක් අඩු තක්සේරුවක් දෙනවා. මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මම කරපු ඇගයීම් වැඩ, විෂය බාහිර වැඩ ඔය වගේ හැම දේකදිම මට ඔය දේ වුනා. ඉස්කෝලෙ කාලෙං පස්සෙ මගෙ ඩිප්ලෝමා, උපාධියේ වැඩ, ප්‍රොජෙක්ට්, ඇගයීම්, පැවරුම්, job, freelance වැඩ, ඔය හැම එකකදිම මට දෙයියනේ කියලා ඔය දේම වුනා. අවසානෙට බලද්දි, මට වඩා ඒ දේ ගොඩක් බාල විදියට කරපු අය මට වඩා තක්සේරුවක් අරං.
දුර්වලතාවයේ මෑතකාලීන මතකයක්/උදාහරණයක්
සමහර අවස්ථා වල අනිත් අයට මම උදව් කරනවා ඒ ගොල්ලන්ගෙ ඇගයීම් කරන්න. එක පාරක් සරල ගේම් එකකින් ඉගෙනගත්ත න්‍යායන් ටික පෙන්නන්න තිබුන ඇගයීමකදි මට වඩා ගොඩක් දුර්වල ළමයෙකුට මම පැය කිහිපයකින් ගොඩාක්ම ප්‍රාථමික මට්ටමේ ගේම් එකක් අටවලා දුන්නා; එයාට ඒක තනියම කරගන්න කිසිම අදහසක් නැති නිසා. මගෙ ගේම් එක මම ගොඩාක් සංකීර්ණව සැලසුම් කරලා, සර් උගන්නපු සිද්ධාන්ත වලට අමතරව තව ඊට අදාලව තියන වෙනත් සිද්ධාන්ත අන්තර්ජාලය හරහා හොයාගෙන, ඒවා ගේම් එකකට දාන්නෙ කොහොමද කියලා සැලසුම් කරලා, ඒ හැම දෙයක්ම සංකීර්ණව හිතලා නිර්නමාණය කරගෙන යද්දි අවසාන සතියෙ මට කාලය මදි වගේ දැනුනා. ඒ නිසා මම සර් කියපු විදියට ගේම් එකේ කොටස් (mission/level) දෙකක් නැතිව, එකක් විතරක් හැදුවා. අන්තිමට බලද්දි, මගෙ විතරයි එක එක කොටසක් විතරක් තියෙන්න හදලා තියෙන්නෙ. නමුත් මට කරපු කොටස පිළිබඳව ලොකු විශ්වාසයක් තිබුනා. සර් බලාපොරොත්තු වෙනවට වඩා ගොඩක් දේවල් මේකෙ තියන නිසා මට හොඳම ළකුණක් ලැබෙයි කියලා මොකද මම තිබුණ කාලය සම්පූර්ණයෙන්ම යොදවලා, දිවා රෑ නිදි වරාගෙන මට පුළුවන් උපරිම දෙයක් කලා. නමුත් පෙන්නලා ඉවර වෙනකොට සර්ගෙ එකම ප්‍රශ්ණය වුනේ, “මෙච්චරද තියෙන්නෙ?” කියන එකයි. අන්තිමට ළකුණු එනකොට මට ළකුණු 49කුත් මම අටවලා දුන්න ගේම් එකට මට වඩා 20කට ආසන්න ළකුණකුත් ලැබිලා තිබුනා. ඉතිං මෙච්චර දවසක් සර්ට හිතිං බැන බැන හිටියා මම මේ මනුස්සයාට මම කරලා තිබුන හරියක් තේරුං ගන්න බැරි වුනා නේද කියලා.
මගේ දුර්වලතාව මම හිතාගෙන හිතපු හැටි
මම පොඩි වැඩක් වුනත් කරන්නෙ මගෙ වැඩේ දැක්කම, දකින කෙනා ඒ තුලින් මම කවුද කියන එක හඳුනාගනියි කියලා. පොඩි වැඩක් වුනත්, උපරිමයෙන් කරලා තියනවා කියන ඒ ඇගයීමට, තක්සේරුවට මම ගොඩක් කැමතියි. හැම වැඩකම නියමිත නිමා කලයුතු කාලය (deadline) ලංවෙනකොට මට මගේ වැඩේ ඉවරයක් දකින්න බෑ. මම හිතාගෙන හිටියෙ, මට හරියට කාලය කළමනාකරණය කරගන්න බෑ, එහෙමත් නැතිනම්, මට කරන වැඩේට විතරක් අවධානය යොමු කරගෙන කරන්න බෑ. ඒ නිසයි මට නියමිත කාලය තුල වැඩේ ඉවර කරගන්න බැරි කියලා. නමුත් පහුගිය අවුරුද්ද දෙක තුල මම මගේ අවධානය බිඳෙන/ඇබ්බැහි කාරක ස්වභාවයක් පෙන්නුම් කරන දේවල් සේරම මා කෙරෙං ඈත් කරා. උදා: TV බලලා නෑ අවුරුද්දකිං, ගේම් එකක් ෆෝන් එකට හරි ලැප්ටොප් එකට හරි දාගෙන නෑ අවුරුදු දෙකකින් විතර, ෆිල්ම් ගන්නෙ නෑ යාළුවෝ දුන්නට වත්. ෆේස්බුක්, යූටියුබ් වගේ website block කරලා තිබ්බා කාලයක්ම. ඒත් ඒ කිසිම දේකිං මගේ වැඩ කටයුතු වෙනස් වුනේ නෑ පෙරේදා උපාධියේ අවසාන ව්‍යාපෘතිය ඉදිරිපත් කරනකල්ම. ඉතිං මං හිතුවා මේකට හේතුව හොයාගන්න.
ඇත්තම හේතුව
සොයන්නාට හම්බවේ කියනවා වාගෙ මටත් හොයාගෙන හොයාගෙන යනකොට අහම්බෙන් වගේ මගේ ගැටළුවට පිළිතුරක් ලැබුණා. සාමාන්‍යයෙන් වැඩ පමාවී ඉවර කරන අය(procrastinatorලා)ට මේ කියන මානසික රෝගී තත්වය තියන බව සමීක්ෂණ වලින් හෙලි වෙලා තියනවලු ඒක සෑම පස්දෙනෙකුගෙන්ම එක් අයෙකුට තිබිය හැකි තත්වයක් ලු, ඊට අමතරව bipolar disorder කියන තත්වය වුනත් ඇති වෙන්න පුළුවන් ලු මේ හරහා. ඉතින් එහෙම වෙන්න හේතුවත්, ඒකෙන් ඉවත් වෙන හැටි ගැනත් මම අධ්‍යනය කරලා, මම කල යුතු ප්‍රතිකාර තීරණය කලා. ඒ ගැන වැඩි විස්තර කියන්න ඕන නෑ කියලා හිතෙනවා. කුතුහලයක් වගේ තියනවා නම්, මේ ලිපි දෙක බලන්න. [1] [2] මට තනිවම මේ තත්වය පාළනය කරගන්න පුළුවන් කියලා හිතෙනවා. ඉස්සරහට මම වඩාත් සාර්ථක මනුස්සයෙක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
මම හඳුනාගත්තෙ මට තියන එක මානසික රෝගී තත්වයක් විතරයි. මානසික ලෙඩක් කීවම, ගොඩක් අය හිතන්නෙ විකාර කියව කියවා හැසිරෙන, තමන් ඇඳගෙන ඉන්න ඇඳුම ගැන වත් අවධානයක් නැති කෙනෙක්ව. ඒ නිසා ගොඩක් අය කැමති නැහැ තමන්ට මානසික ලෙඩක් තියනවද කියලා හිතන්න වත්. අපිට හිතාගන්න වත් බැරි තරමේ මානසික රෝග ගොඩක් තියනවා. ගොඩක් අය දන්නෙ නෑ පොඩි පොඩි සරල දේවල් පවා මානසික රෝග විදියට ගනං ගැනෙනවා කියලා. මට අද එකක් හම්බුනා වගේ ඔයාලටත් ඔයාලගෙ හැසිරීම්, අඩුපාඩු සහ දුර්වලතා මොනවද කියලා තනියම අවබෝධ කරගන්න පුළුවන් නම්, ඔයාලට මොකක් හරි මානසික රෝගී තත්වයක් තියනවද කියලා ගූගල් දෙයියන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. එහෙම නැති නම්, මානසික වෛද්‍යවරයෙක් හමුවෙලා හෝ පෞද්ගලික උපදේශන සේවා සපයන කෙනෙක් හරහා මූලික අදහසක් ගන්න පුළුවන්.
දුර්වලතා මානසික රෝග විය හැකි ආකාරය
හිතාගන්න වත් බෑ, නිතර ෆේස්බුක් එන්න තියන ආසාවත් මානසික රෝගයක්, ඒ වගේම ඔබ නිතර සිහිනෙන් බියට පත්වන අයෙක් නම්, ඔබට තවත් මානසික රෝගයක් තියනවා. ඔබට නිතර වැඩිපුර නින්ද යනවා නම්, නිතර අඩුවෙන් නින්ද යනවා නම්, යම් යම් පුද්ගලයන් තදින් නුරුස්නා ස්වභාවයක් ඇත්නම්, ඒ වගේ දේවල් වුනත් මානසික රෝගයක් වෙන්න පුළුවන්. මේ වගේ අපේ එදිනෙදා ජීවිතේ හැසිරීම් වලින් බහුතරයක්ම මානසික රෝගී තත්වයක් නිසා වෙන්න පුළුවන්. ඒවා හරියටම මේ ටිකයි කියලා ලැයිස්තු ගත කරන්න අමාරු තරම් ප්‍රමාණයෙන් ඉහලයි. ඒ නිසා හොදම දේ තමා, තමන්ගේ අඩුපාඩු සහ දුර්වලතා මොනවද කියලා තමන් විසින්ම තීරණය කිරීම (මොකද ඕනම කෙනෙක්ට වඩා තමන් ගැන දන්නෙ තමන් විතරයි) සහ ඒ දේවල් එහෙම වෙන්නෙ ඇයි කියලා අන්තර්ජාලයෙන් හෝ ඒ පිළිබඳ දන්න කෙනෙක්ගෙන් හෝ අහලා දැනගැනීම.
මානසික රෝග වලට පිළියම
පොඩි පොඩි මානසික රෝග තියන අයට ඒ මානසික ලෙඩ තියාගෙනම ප්‍රශ්ණයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්. ඒත්, අපි අපේ රෝගී තත්ව නොදැන ජීවත් වීම තුල අපිට නොදැනීම යම් යම් අවස්ථා වල රෝගී තත්වය උත්සන්න වීම නිසා අපිටත්, සමහර විට අපෙන් අනිත් අයටත් නරකක් වෙන්න පුළුවන්. ඒ වගේම මානසික රෝග වලින් ඉවත් වීමෙන්, අපිට වඩා හොඳ සාර්ථකත්වයක් කරා පහසුවෙන් යන්න පුළුවන් කියලා තමයි ඒ පිළිබඳ පර්යේෂණ පවත්වපු අය කියන්නෙ. මානසික රෝග වලට ගොඩක් වෙලාවට තියෙන්න මානසික ප්‍රථිකර්ම විතරයි. තවත් සමහර වෙලාවට අපේ වත් පිලිවෙත් සහ පරිසරය වෙනස් කරලත් මේ දේවල් වලින් ඈත් වෙන්න පුළුවන්. තවත් සමහර අවස්ථා වල පෙති සහ පැණි ලෙස ඇති ඖෂධ භාවිත කරලා මේ තත්ව පාළනය කරගැනීමට රුකුලක් ගන්නත් පුළුවන්. ඒකට නම් ඉතිං විශේෂඥයෙක්ගේ උපදෙස් ගන්න වෙනවා. ඒක මහ පිස්සුවක් කියලා හිතනවා නම්, ඒකත් පිස්සුවක්.
- ජොසී.
සෑහෙන්න කියෙව්වා. Sources දාන්න කම්මැලියි.
Blog එක: indunilchamara.wordpress.com
"හැම මනුස්සයෙක්ම කුමන හෝ ආකාරයකින් මානසික ලෙඩෙක්."
හැඳින්වීම
හැම මනුස්සයාම කුමන හෝ ආකාරයක මානසික ලෙඩෙක් කියලා අහලා තිබුනට, අද වෙනකල් ඒක වචනයේ පරිසමාප්තියෙන්ම තේරුං ගන්න පුළුවන් කමක් මට තිබුනෙ නෑ. අපි කරන කියන හැමදේම කොහොමත් පිස්සුවක් තමා කියන සාමාන්‍ය ආකල්පයක් එක්ක කොහොමත් මට ඇති පිස්සුවක් නෑ කියන හැඟීමෙන් තමා මෙච්චර කල් ජීවත් වුනේ.
පිස්සුව හඳුනාගත් අවස්ථාව
මට ඊයෙ දවස විශේෂ දවසක්. මගෙ සමීපතම කීප දෙනෙක් දන්නවා හේතුව. මම ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්නත්, හැමදේම අළුතින් පටන් ගන්නත් හිතුවා. හිතුවා වගේම මම පෞද්ගලිකව ලොකු පියවරක් තිබ්බා. පිටින් කෙනෙක්ට දකින්න බැරි ඒ මූලික පියවරේදි මම කරපු එකම දේ තමා යම් පුද්ගලයෙක්ව හඳුනාගැනීම. වෙන කවුරුවත් නෙවේ, මම හඳුනාගන්න උත්සහ කරේ මාවමයි. මේකත් පිස්සුවක් වගේ සමහර අයට හිතෙන්න පුළුවන්. නමුත්, මම යෝජනා කරනවා ඔය හැමෝටම තමන් කවුද කියලා අඳුරගෙන ජීවත් වෙන්න කියලා. මම ඒක කරපු හැටි වෙනම ලිපියකින් විස්තර කරන්නම්. (වැදගත්: Personal SWOT Analysis) තමන් “වටේ ඉන්න අය කවුද කියලා අඳුරගෙන තමා ජීවත් වෙන්නෙ” කියලා post share කරන ඔයාලට පුළුවන්ද “මම කියන සතා හොඳට අඳුරගෙන තමා මම ජීවත් වෙන්නෙ” කියලා කටක් ඇරලා කියන්න?
"අත්තානං උපමං කත්වා"
මගේ දුර්වලතාවමගේ දුර්වලතා හදුනාගන්න මම දරපු වෑයමේදි මට මතක් වුනා මෙහෙම දෙයක්. “මම හැමදාමත් මොකක් හරි වැඩක් කරනකොට, ගොඩාක් ලොකුවට හිතාගෙන, අනිත් අයව පුදුම කරවන මට්ටමෙන් මේක කරන්න ඕන කියලා, ගොඩාක් ලොකුවට හිතලා, සංකීර්ණ විදියට වැඩේ පටං ගන්නවා. නමුත් මට නියමිත කාලය ඇතුලත වැඩේ කරගන්න බැරිව අවසානෙට බාගෙට හදපු දෙයක් අටවලා පෙන්නනවා. බලපු කෙනා ඒකෙ ඇතුලෙ තියන සංකීර්ණ බව හඳුනාගන්න බැරිව මට අනිත් අයට සාපේක්ෂව ගොඩක් අඩු තක්සේරුවක් දෙනවා. මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මම කරපු ඇගයීම් වැඩ, විෂය බාහිර වැඩ ඔය වගේ හැම දේකදිම මට ඔය දේ වුනා. ඉස්කෝලෙ කාලෙං පස්සෙ මගෙ ඩිප්ලෝමා, උපාධියේ වැඩ, ප්‍රොජෙක්ට්, ඇගයීම්, පැවරුම්, job, freelance වැඩ, ඔය හැම එකකදිම මට දෙයියනේ කියලා ඔය දේම වුනා. අවසානෙට බලද්දි, මට වඩා ඒ දේ ගොඩක් බාල විදියට කරපු අය මට වඩා තක්සේරුවක් අරං.
දුර්වලතාවයේ මෑතකාලීන මතකයක්/උදාහරණයක්
සමහර අවස්ථා වල අනිත් අයට මම උදව් කරනවා ඒ ගොල්ලන්ගෙ ඇගයීම් කරන්න. එක පාරක් සරල ගේම් එකකින් ඉගෙනගත්ත න්‍යායන් ටික පෙන්නන්න තිබුන ඇගයීමකදි මට වඩා ගොඩක් දුර්වල ළමයෙකුට මම පැය කිහිපයකින් ගොඩාක්ම ප්‍රාථමික මට්ටමේ ගේම් එකක් අටවලා දුන්නා; එයාට ඒක තනියම කරගන්න කිසිම අදහසක් නැති නිසා. මගෙ ගේම් එක මම ගොඩාක් සංකීර්ණව සැලසුම් කරලා, සර් උගන්නපු සිද්ධාන්ත වලට අමතරව තව ඊට අදාලව තියන වෙනත් සිද්ධාන්ත අන්තර්ජාලය හරහා හොයාගෙන, ඒවා ගේම් එකකට දාන්නෙ කොහොමද කියලා සැලසුම් කරලා, ඒ හැම දෙයක්ම සංකීර්ණව හිතලා නිර්නමාණය කරගෙන යද්දි අවසාන සතියෙ මට කාලය මදි වගේ දැනුනා. ඒ නිසා මම සර් කියපු විදියට ගේම් එකේ කොටස් (mission/level) දෙකක් නැතිව, එකක් විතරක් හැදුවා. අන්තිමට බලද්දි, මගෙ විතරයි එක එක කොටසක් විතරක් තියෙන්න හදලා තියෙන්නෙ. නමුත් මට කරපු කොටස පිළිබඳව ලොකු විශ්වාසයක් තිබුනා. සර් බලාපොරොත්තු වෙනවට වඩා ගොඩක් දේවල් මේකෙ තියන නිසා මට හොඳම ළකුණක් ලැබෙයි කියලා මොකද මම තිබුණ කාලය සම්පූර්ණයෙන්ම යොදවලා, දිවා රෑ නිදි වරාගෙන මට පුළුවන් උපරිම දෙයක් කලා. නමුත් පෙන්නලා ඉවර වෙනකොට සර්ගෙ එකම ප්‍රශ්ණය වුනේ, “මෙච්චරද තියෙන්නෙ?” කියන එකයි. අන්තිමට ළකුණු එනකොට මට ළකුණු 49කුත් මම අටවලා දුන්න ගේම් එකට මට වඩා 20කට ආසන්න ළකුණකුත් ලැබිලා තිබුනා. ඉතිං මෙච්චර දවසක් සර්ට හිතිං බැන බැන හිටියා මම මේ මනුස්සයාට මම කරලා තිබුන හරියක් තේරුං ගන්න බැරි වුනා නේද කියලා.
මගේ දුර්වලතාව මම හිතාගෙන හිතපු හැටි
මම පොඩි වැඩක් වුනත් කරන්නෙ මගෙ වැඩේ දැක්කම, දකින කෙනා ඒ තුලින් මම කවුද කියන එක හඳුනාගනියි කියලා. පොඩි වැඩක් වුනත්, උපරිමයෙන් කරලා තියනවා කියන ඒ ඇගයීමට, තක්සේරුවට මම ගොඩක් කැමතියි. හැම වැඩකම නියමිත නිමා කලයුතු කාලය (deadline) ලංවෙනකොට මට මගේ වැඩේ ඉවරයක් දකින්න බෑ. මම හිතාගෙන හිටියෙ, මට හරියට කාලය කළමනාකරණය කරගන්න බෑ, එහෙමත් නැතිනම්, මට කරන වැඩේට විතරක් අවධානය යොමු කරගෙන කරන්න බෑ. ඒ නිසයි මට නියමිත කාලය තුල වැඩේ ඉවර කරගන්න බැරි කියලා. නමුත් පහුගිය අවුරුද්ද දෙක තුල මම මගේ අවධානය බිඳෙන/ඇබ්බැහි කාරක ස්වභාවයක් පෙන්නුම් කරන දේවල් සේරම මා කෙරෙං ඈත් කරා. උදා: TV බලලා නෑ අවුරුද්දකිං, ගේම් එකක් ෆෝන් එකට හරි ලැප්ටොප් එකට හරි දාගෙන නෑ අවුරුදු දෙකකින් විතර, ෆිල්ම් ගන්නෙ නෑ යාළුවෝ දුන්නට වත්. ෆේස්බුක්, යූටියුබ් වගේ website block කරලා තිබ්බා කාලයක්ම. ඒත් ඒ කිසිම දේකිං මගේ වැඩ කටයුතු වෙනස් වුනේ නෑ පෙරේදා උපාධියේ අවසාන ව්‍යාපෘතිය ඉදිරිපත් කරනකල්ම. ඉතිං මං හිතුවා මේකට හේතුව හොයාගන්න.
ඇත්තම හේතුව
සොයන්නාට හම්බවේ කියනවා වාගෙ මටත් හොයාගෙන හොයාගෙන යනකොට අහම්බෙන් වගේ මගේ ගැටළුවට පිළිතුරක් ලැබුණා. සාමාන්‍යයෙන් වැඩ පමාවී ඉවර කරන අය(procrastinatorලා)ට මේ කියන මානසික රෝගී තත්වය තියන බව සමීක්ෂණ වලින් හෙලි වෙලා තියනවලු ඒක සෑම පස්දෙනෙකුගෙන්ම එක් අයෙකුට තිබිය හැකි තත්වයක් ලු, ඊට අමතරව bipolar disorder කියන තත්වය වුනත් ඇති වෙන්න පුළුවන් ලු මේ හරහා. ඉතින් එහෙම වෙන්න හේතුවත්, ඒකෙන් ඉවත් වෙන හැටි ගැනත් මම අධ්‍යනය කරලා, මම කල යුතු ප්‍රතිකාර තීරණය කලා. ඒ ගැන වැඩි විස්තර කියන්න ඕන නෑ කියලා හිතෙනවා. කුතුහලයක් වගේ තියනවා නම්, මේ ලිපි දෙක බලන්න. [1] [2] මට තනිවම මේ තත්වය පාළනය කරගන්න පුළුවන් කියලා හිතෙනවා. ඉස්සරහට මම වඩාත් සාර්ථක මනුස්සයෙක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
"මටද මැන්ටල් ය. ඔබටද එසේ වියහැක."
ඔබේ දුර්වලතාමම හඳුනාගත්තෙ මට තියන එක මානසික රෝගී තත්වයක් විතරයි. මානසික ලෙඩක් කීවම, ගොඩක් අය හිතන්නෙ විකාර කියව කියවා හැසිරෙන, තමන් ඇඳගෙන ඉන්න ඇඳුම ගැන වත් අවධානයක් නැති කෙනෙක්ව. ඒ නිසා ගොඩක් අය කැමති නැහැ තමන්ට මානසික ලෙඩක් තියනවද කියලා හිතන්න වත්. අපිට හිතාගන්න වත් බැරි තරමේ මානසික රෝග ගොඩක් තියනවා. ගොඩක් අය දන්නෙ නෑ පොඩි පොඩි සරල දේවල් පවා මානසික රෝග විදියට ගනං ගැනෙනවා කියලා. මට අද එකක් හම්බුනා වගේ ඔයාලටත් ඔයාලගෙ හැසිරීම්, අඩුපාඩු සහ දුර්වලතා මොනවද කියලා තනියම අවබෝධ කරගන්න පුළුවන් නම්, ඔයාලට මොකක් හරි මානසික රෝගී තත්වයක් තියනවද කියලා ගූගල් දෙයියන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. එහෙම නැති නම්, මානසික වෛද්‍යවරයෙක් හමුවෙලා හෝ පෞද්ගලික උපදේශන සේවා සපයන කෙනෙක් හරහා මූලික අදහසක් ගන්න පුළුවන්.