එලකිරි කොල්ලන්ට..

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    එලකිරි කොල්ලන්ට..

    දැන් දැන් අසහන ත්‍රෙඩ් වැඩි වෙලා, ඕක ඉතින් අහන්නත් දෙයක්ද පාරක් ගානෙ රූම් කුලියට දෙන තැනුත් වැහි වැහැලනෙ. හරි ඕව වැඩක් නෑ.. කතාවට බහිමුකො.


    මෙකයි සීන් එක. සෙක්ශන් ගොඩක් තියෙනව,එක එක පොඩියට විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනව.

    1.කෙල්ලො :rofl:
    කොල්ලො නූල් දදා අඬනවනෙ මේකෙ කෙල හොටු පෙරං කෙල්ල දාල ගියා කියල, :growl:අමතක කරන්න බෑ කියල, තව එකෙක් කියනව බස් එකේ යනකොට කෙල්ලෙක්ගෙ අත වැදුනත් ඌ ඒ කෙල්ල එක්ක ලමයි හදන හැටි හිටං හිතෙන් දුර යනව ඊට පස්සෙ මනෝ පාර දාං ඉන්නව සති ගානක් යනකන් කියල:baffled:, තව එකෙක් කියනව වාහෙකින් ආවම ඌට එකෙක් නෙමෙයි 3,4දෙනෙක් සෙට් වෙනව උදේට එකයි රෑට එකයි කියල, තව එකෙක් කියනව ඌට කෙල්ලො ටෝක් කරල ඌව දාගන්නව කියල.. (එහෙමත් තිබ්බද දන්නෙ නෑ නූලක්..) තව එකෙක් කෙල්ලො නැතුව කාන්තාරෙට වතුර නැතුව වගේ හූල්ල හූල්ල ඉන්නව.. :dull:තව එකෙක් මේකෙම නූල් දාල රූම් ගැන අහල, කෙල්ලව රූම් දක්කන් ස්ට්‍රොබෙරි ස්ට්‍රිප්ස් කකා ගිහින් ෆෙට්ටි කඩල ලී අරන් ගෙවල් ගහන්න ගිහින් ඩේට් හැදිල නැතුව කෙල කරන් දැන් කිසිදෙයක් දන්නෙ නෑ වගේ නූල් දාන එවුනුත් නැතුව නෙමේ. :rolleyes:

    මේක මචන් සරලයි. උඹ පොලොවෙ පස් කාගෙන ඇඬුවත්, අත හරි අහවල් එක හරි බ්ලේඩ් එකකින් කපං එෆ්.බී ෆොටෝ දැම්ම කියලවත් ගිය එවුන් ඇවිත් දිගටම හිටියනම් ඉඩෝරෙටත් වහිනවනෙ. ගිය එකී ගියා එහෙම වුනේ හොඳට කියල හිත හදාගනින්. මොකද එහෙම වෙලා හරිගිය එවුන් ඉන්නෙ. මුහුදේ ඉන්නෙ එක මාලුව යැ.. සිම්පල්. පස්සෙ හොඳ කෙල්ලෙක් සෙට් වේවි. එතකන් ඉවසල ඉඳින්. හැමදා නියං එකදා වැහි වලාවේ කියනවනෙ.
    ඔය බස් එකේ යන එවුන්ගෙ චිච්චි අහවල් ඒවයෙ වැදුන පලියට හිතෙන් ඒකිට සුකල ලමයි හදන්න යන්න එපා. මේක මානසික ලෙඩක්.දොස්තරයෙක් හම්බවෙයං.ඔලුව කොහෙහරි වැදුනෙ නෑ නේද?ශුවර්ද?අනික උඹ මිශ්‍ර පාසලකට ගියානම් ඔය තත්වෙ හොඳවෙන්න ඉඩ තිබ්බ (සමහරවිට.)
    සල්ලිකාර කොල්ලොන්ට කෙල්ලො සෙට් වෙනව තමයි. හැබැයි ඉතින් ඕකට වාහනයක් තියෙන්න ඕන, සල්ලි තියෙන්න ඕනම කියල නෑ. පිලිවෙලකට ඇඳන් බස් එකේ ගියත් සෙට් වෙන තැනදි සෙට් වෙනව උඹ කලු කුමාරය උනත් වෙලාව හරිනම්. :rofl:
    උඹ පොර කියල හිතන්නෙ උඹට ලවු කරන කෙල්ලව කොහොමහරි කැමති කරන් රූම් දක්කං යන එකටනම් සිම්පල් උත්තරේ උඹ දෙකටම ගැලපෙන්නෙ නැති එකෙක්. කොටින්ම කිව්වොත් පී ඩයල් එකක්. උඹ අනුන්ට කරන ඒව උඹේ පස්සෙන් එනව එලව එලව.ඒක තමයි ඇත්ත කවුරු කොහොම කිව්වත්. ඒ නිසා ඔය පවු වලට කරගහල කෙල්ලට බබා හම්බුනාම ඒ ලෙවල් කරනගමන් දරු සුරතල් බලන්න පුලුවන් ගෙවල් වලින් පැනල ගිහිං. උඹට වැරදෙන තප්පරේ ඇති ජීවිතේම වන්දි ගෙවන්න. ඕක ඔලුවෙ තියාගනින්. උඹ කලුයි,කෙට්ටුයි හුඹහෙන් ඇදල දාල වගේ, සාගතේ හැදිච්ච් එකෙක් වගේ, අරූට වගේ මගෙ ඇඟ නැති නිසා තමයි මට කෙල්ලො නැත්තෙ කෙල්ලො නෑ නෑ කියල හිතල හිතෙන් තැවි තැවි කල්පනා කරල ජීවිතේ කාලකන්නි කරගන්න එපා කෙල්ලො නැති එවුන්. පුලුවන් කාලෙ කීයක් හරි ඉතුරු කරගනින් පොඩි ජොබක් හරි කරල. මොකද ඉස්සරහට එන්නෙ ඩිග්‍රි,මාස්ටර්ස් තියෙන හිතල වැඩක් කරන්න-කොමන් සෙන්ස් නැති පොතේ දැනුමත් කොලිෆිකේශන් ප්‍රොමෝට් කරල ජොබ් අල්ලගන්න සෙට් එකක් කිසිම ප්‍රැක්ටිකල් දැනුමක් නැති. ඉතුරුවක්, ඉන්න තැනක් කරන්න පොඩි ජොබක්වත් (මිකැනික්, පේන්ට්,කාපෙන්ටර්, බාස් වැඩ,එට්සෙ.. ) නැත්තන් උඹේ අනාගතේ අඳුරුවෙයි. ඒකට උඹේ අම්මවත් තාත්තවත් මල්ලිවත්, අක්කවත් පලි නෑ උඹම මිසක්. අර කියමනක් තියෙන්නෙ, දුප්පත්වෙලා ඉපදුනේ උඹේ වරදින් නෙමේ. ඒත් දුප්පත්ම වෙලා හිටියොත්, ඒක උඹේ වරදක් කියල. අන්න ඒ වැරැද්ද කරන්න එපා.
    ඒක මගේ උපදෙස.
    තව ටොපික් පසුවට.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    පිඟන් සෝදන්න ආපු අලී ලොව හොඳම අවන්හලේ සම හිමිකරු වූ හැටි

    ලොව හොඳම ආපන ශාලාව ලෙස සිව් වරක්ම නම් කෙරුණු කෝපන්හේගන් හි ‘නෝමා’ නමැති ආපන ශාලාවේ සම හිමිකාරිත්වය එහි මුළුතැන්ගෙයි පිඟන් සේදූ පුද්ගලයාට ලබා දීමේ පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා වෙනවා.

    කෝපන්හේගන් හි ‘නෝමා’ නමැති ආපන ශාලාවේ වත්මන් හවුල්කරුවකුවන හැට දෙහැවිරිදි අලී සොන්කෝ, ආපන ශාලාව විවෘත කළ දා පටන් එහි සේවය කරනවා.

    ඒ පිඟන් සෝදන්නා වශයෙන්.

    ගැම්බියාවේ සිට ඩෙන්මාර්කයට පැමිණි අලී සොන්කෝ සහ ආපන ශාලාවේ සේවය කළ තවත් කළමනාකරුවන් දෙදෙනෙකු ද එහි නව හවුල්කරුවන් ලෙස නම් කොට තිබෙනවා.

    වසර දාහතරකට පසු දැනට වසා දමා තිබෙන ‘නෝමා’ ආපන ශාලාව ලබන දෙසැම්බරයේ සිට ‘අර්බන් ෆාම්’ යන නමින් යළි විවෘත කිරීමට නියමිතය.

    “මේ ආපන ශාලාවේ හදවතත්, ආත්මයත් අලී” සති අන්තයේ නෝමා ආපන ශාලාවට එක්රැස් වූ මිතුරන් කණ්ඩායමක් අමතමින් එහි සුපවේදී රෙනේ රේඩ්සේපි පැවසීය.

    ‘නෝමා’ ආපන ශාලාව ලොව හොඳම ආපන ශාලාවට හිමි ජාත්‍යන්තර සම්මානය පළමුවරට දිනාගත්තේ 2010 වසරේදීය.

    වීසා බලපත්‍ර සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් හේතුවෙන් වසර තිස් හතරක් පුරා ඩෙන්මාර්කයේ වෙසෙන අලීට ලන්ඩනයේ පැවති සම්මාන උළෙලට සහභාගී වීමේ අවස්ථාව අහිමි විය.

    නමුත් ‘නෝමා’ ආපන ශාලාවේ සෙසු සාමාජිකයෝ අලී අමතක නොකිරීමට තරම් කාරුණික වූහ.

    සම්මානය ලබා ගන්නා අවස්ථාවේ ‘නෝමා’ කාර්ය මණ්ඩලය සිය මුළුතැන්ගෙයි පිඟන් සෝදන්නාගේ රුව සහිත ටී ෂර්ට්වලින් සැරසී සිටියහ.

    වීසා බලපත්‍ර සම්බන්ධයෙන් මතු වී තිබූ ගැටලුව වසර දෙකකට පසු විසඳුණු අතර ඉන් අනතුරුව ලොව හොඳම ආපන ශාලාවට හිමි සම්මානය යළි දිනාගත් අවස්ථාවේ සභාව අමතන ලද්දේ ද අලී විසිනි.

    කෝපන්හේගන් අගනුවරට පැමිණීමට පෙර ගැම්බියාවේ ගොවියෙකු වශයෙන් කටයුතු කළ අලී එවක ඩෙන්මාර්කයේ වෙබ් අඩවියක් වෙත පවසා තිබුණේ පිඟන් සේදීම තම ජීවිතයේ මෙතෙක් ලැබුණු හොඳම රැකියාව බවය.

    “මම මෙතන කොච්චර සතුටින්ද වැඩ කරන්නේ කියලා වචනයෙන් විස්තර කරන්න බැහැ.” යනුවෙන් කී අලී “වැඩ කරන්න හොඳම මිනිස්සු මෙතන ඉන්නේ. ඒ වගේම මම හැමදෙනා එක්කම යාළුයි. ඔවුන් මට විශාල ගෞරවයක් දක්වනවා. ඉල්ලන ඕනෑම උදව්වක් කරලා දෙන්න ඉදිරිපත් වෙනවා. මේක හොඳම රැකියාව කියලා කියන්න ඒ කරුණු හොඳටම ප්‍රමාණවත්” යැයි පැවසීය.



    ali-sonko-696x464.jpg


    17160694_10202716940360224_1954471124_n-696x464.jpg


    94900108_0720ed7e-82a5-4ec3-a6ab-7fa08d183116.jpg


    17197862_10202716939080192_1299509100_n.jpg
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd


    2.පඩශෝ
    මේකනම් ඉතින් වෙනම පැය ගානක් කතාකරන්න ඕන මාතෘකාවක්.
    කොහොම උනත්, මේක වාහන සම්බන්ධ හා ඇඳුම් පැලඳුම් සම්බන්ධ දෙයක් කිව්වොත් නිවැරදියි. උඹට කාර් එකක් හරි විශේෂයෙන් බයික් එකක් තියෙනවනම් කෙල්ලොන්ට පේන්න වීල් කරං, ඉන්දියන්, මැලේසියන්, ජපන් වල යනව වගේ වේගෙන් සද්දෙ දාං ගියා කියල උඹේ දැලට වැටෙන කෙල්ලෙක් නෑ. ඒ ඉස්සර. උඹ උඹවත්,පාරෙ යන අනික් මිනිස්සුන්වත්, වාහන වලටත් ඇනයක් වෙනව. පාරෙ යන මිනිස්සු කියන්නෙ "පිස්සෙක්, බූරුවෙක්, ඔලුවක් නැති එකෙක් කියල තමයි." උඹෙ අම්ම තාත්ත මතක් වෙනව උන්ට., ඒක ඔබ්වියස් නෙ. මතක තියාගනින් කොලඹ පාරවල්වල යන්න පුලුවන් උපරිම වේගෙ 70යි (unless otherwise mentioned) හැම වාහනේටම වගේ, මම දන්න තරමින්. ඒ නිසා නංගි පදින ඩියෝ, ප්ලෙශර් එකී මෙකී නොකී සුට්ටන් ස්කූටිත්, ජපන් බයික් වගේ යන්න හදන ඉන්දියන් ඩිස්කවරි, පල්සර් වගෙත්, ජපන් බයික් පදින එවුනුත් ගිනි පෙලෙල්ල ෆුකේ ගහගත්ත වගේ යන්න දඟලන එවුනුත් පරිස්සම් වෙයං. උඹට තියෙන්නෙ රෝද 2යි. පාරෙ යන්නෙ රෝද 3,4 වාහන, වැදුනොත් උඹ වැටෙනව එක්කො රෝද 3ඇතුලෙ යන එවුන් විසිවෙනව, ඊට පස්සෙ විසිවෙනව උඹව බයික් එකෙන්, 2.50 ලස්සන මැට් චයිනීස් හෙල්මට් එකේ පටිය ගැලවිල හෙල්මට් එක කුඩුවෙනව ගැලවිල විසිවෙල උඹේ ඔලුවට කලින්. ඒ නිසා ඔලුවක් ගන්න කලිනුත් ඔලුව පාවිච්චි කරපන්.
    රෝද 4ක යන එවුනුත් ඇල්ටො බුල්ටො, ක්විඩ් වලට නොස් ගහං ලැම්බොගිනි යනව වගේ පාරෙ යන අනික් වාහනවලට ගිනිගෙඩි නොදී පලයව්.ඊයෙ පෙරේද ගත්ත වෙසල්,2016 ප්‍රියස් වල තෙල් ඉතුරු කරගන්න බැට්‍රියෙන් යන්න ඕන කියල කොට කොට යන්න එපා.යන විදියට පලයව්. සමහරෙක් නිසා නීතියට වාහනෙ එලවන එකත් අමාරුවෙ..
    (මේක ලිව්වෙ මටත් ලඟදි ඇක්සිඩන්ට් එකක් සෙට් වුනා.හරියටම සෙට් වුනානම් ඩයල් එක කිරියට අඩු වෙනව :baffled::baffled:)
    ඒක නිසා පුතේ අම්ම තාත්ත ගැනවත් හිතල හිමින් පැදපන්. මොකද උඹල පියාඹන්න ගිහින් හොස්පිරිතාලෙ හිටියම ඒ මිනිස්සු තමයි ඒවට කටු කන්නෙ උඹල නිසා. ඒ නිසා එෆ් බී එකේ ඇක්සිඩන් වෙච්ච එවුන්ගෙ ෆොටෝ බලල අනේ මේ මොකද වෙලා තියෙන්නෙ, බුදු සරණයි මේ මල්ලිට, ආයෙ මෙහෙම දෙලක් වෙන්න එපා කිසි කෙනෙකුට කියල නිකන් බබාල වගේ ගොන් කොමෙන්ට් දාන්න එපා. ඒවා බලල හැදියව්, මෙහෙම වුනේ ඇයි කියල මනසින් හිතල බලපියව්. සිංහලය වඳ කරන්න හැම පරයම ට්‍රයි කරන කාලෙ උඹල විහින් නැහෙනව. 70ට අඩුවෙන් පලයව් බයික් වල. ඒක මගේ උපදෙස.
    තව ටොපික් පසුවට.
     
    • Like
    Reactions: Vandetta