සිලිකන් ජෙල් පැකට් වීසි කරන්න එපා සොන්නය&#3549

Uaremylove

Banned
Feb 20, 2017
65
21
0
සිලිකන් ජෙල් පැකට් වීසි කරන්න එපා සොන්නය&#3549

සිලිකන් ජෙල් පැකට් වලින් ගතහැකි අපූරු ප්‍රයෝජන

images


ඔබ සපත්තු බෑග් වැනිදේ මිලදී ගත් විටදී තිබුන ජෙලිබෝල සහිත පැකට්ටු මතකද? :angry:
ඔබ ඒවා මෙතෙක් කල් විසි කලාද? ඒවායින් තවත් ගතහැකිව තිබුන වාසි පිලිබද ඔබ නොදන්නවාද? මෙම ලිපිය කියවීමෙන් පසුව ඔබ විසිකිරීමට පෙර දෙවරක් හිතා බලනු ඇති.
ඇත්තටම මේ ජෙලි බෝල පැකට් හරිම ප්‍රයෝජනවත්.
මේ ලිපියෙන් ප්‍රයෝජනවත්වන අවස්ථා 10 ක් පිලිබද සදහන් කරනවා.

1. තෙමුනු ජංගම දුරකථන වියලා ගැනීමට :angry:

ජංගම දුරකථනය ජලයෙන් තෙමුනා නම් එහි බැටරිය, මෙමරි කාඩය ඉවත්කර සිලිකා ජෙල් පැකට් කීපයක් ඇති භාජනයක රැයක් තබන්න.
උදෑසන වන විට සියළුම ජලවාෂ්ප උරාගෙන ජංගම දුරකථනය වියලිව තිබේවි.

ltb6llu.jpg


2 . රැවුල කපන රේසර් තල ජීව කාලය දිගු කිරීම :angry:

රේසර් කියන්නේ භාවිතා කිරීමේදී නිතරම ජලයෙන් සෝදනු ලබන්නක්.
මේ නිසාවෙන් තලය ඉක්මනට මල කන්න පුළුවන්.
නමුත් මේ සිලිකා ජෙල් සහිත පැකට් කීපයක් ඔබේ රේසර් දැමූ පෙට්ටියට ජෙලි පැකට් කීපයක් දැමීම මගින් ජල වාෂ්ප උරාගෙන තලය මල කෑමෙන් වලක්වා ගෙන කැපුම් හැකියාව කල් පවත්වා ගන්න පුළුවන්.

nu65ih2.jpg


3. මීදුම බැදුනු වාහන විදුරු :angry:

වාහනයේ ඩෑෂ් බෝඩ් එක මත සිලිකා පැකට් කීපයක් තැබීමෙන් විදුරුවෙහි මීදුම් බැදීම අවම කර ගන්න පුළුවන්.

r7m4800.jpg


4. ඔබේ ඇදුම් බෑග වියලිව තබන්න. :angry:

ඔබේ ඇදුම් බෑගය වියලිව තබන්නට එයට ජෙල් පැකට් කීපයක් දමන්න

hz21a56.jpg


5. කැමරාවේ විදුරු වල මීදුම බැදීම වලක්වන්නට :angry:

කැමරාවක විදුරුවෙහි ජල වාශ්ප බැදීම නිසාවෙන් පැහැදිලි පින්තූර ගැනීමට නොහැකි කරනවා.
කැමරා බෑගයට පැකට් කීපයක් දැමීමෙන් මෙය නැතිකර ගන්න පුළුවන්.

cyribs9.jpg


6. පින්තූර ආරක්ෂා කිරීමට :angry:

බොහොමයක් පින්තූර කල්යන විටදී විනාශ වනවා. ජල වාශ්ප නිසාවෙන් බොහොමයක් ඡායාරූප විනාශ වේ.
සිලිකා ජෙල් පැකට් කීපයක් දැමීම මගින් ජලවාෂ්ප නැතිකර ඡායාරූප කල් පැවතීම වැඩිකර ගන්න පුළුවන්.

bm81d0x.jpg


7. ඖෂධ, කුලුබඩු සත්ව ආහාර වියලිව තැබීමට :angry:

පෙලි පැකට් කීපයක් රෙදි කඩක ඔතා ස්පර්ෂ නොවන විදියට තියන්න.

spices_clipped_rev_3.png


8. පැරණි පොත්වන පුස් ගද නැති කිරීමට :angry:

පුස්ගද එන පොත් බෑගයකට දමා එයට සිලිකා පැකට් කීපයක් දමා පැය විසි හතරක් තැබීමෙන් පුස් ගද පැරණි ගද නැතිකර ගන්න පුළුවන්.

c4f3shp.jpg


9. ඉක්මනින් මල බැදෙන දේ ආරක්ෂා කිරීමට :angry:

ඉක්මනින් මල බැදෙන පිහි වැනි දේ ආරක්ෂා කිරීමට පෙට්ටියකට දමා සිලිකා පෑකට් කීපයක් තබන්න.
මල කෑමෙන් ආරක්ෂා වන අතර දිගුකල් පවතී.

cma6ff7.jpg


10. රිදි ආභරණ අවපැහැ ගැන්වීම වැල්ක්වීමට :angry:

රිදී ආභරණ කාලයක් යන විට ඉක්මනින් අවපැහැ ගැන්නෙවා.
නමුත් ඔබේ රිදි ආභරණ තබන පෙට්ටියට සිලිකා පැකට් කීපයක් දැමීමෙන් මෙය සම්පූර්ණයෙන් මෙන් නැතිකර ගත හැකියි.

u604qvt.jpg



සිලිකන් ජෙල් පැකට් වීසි කරන්න එපා සොන්නයෝ :angry::angry::angry:


Source
 
  • Like
Reactions: mnw and blue_in_rio

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    සිලිකා ජෙල් පැකට් එකක් කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද?
    unlimited I guess.
    when they are saturated by absorbing water, heat them / keep them under sun light to evaporate absorbed water, and you are good to use them again
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    සිලිකන් ජෙල් පැකට් වලින් ගතහැකි අපූරු ප්‍රයෝජන



    සිලිකන් ජෙල් පැකට් වීසි කරන්න එපා සොන්නයෝ :angry::angry::angry:




    Its Silica Gel you ass wipe