සෝතාපන්න වීම යනු කුමක්ද?

Prabhaswara

Member
Feb 26, 2017
100
22
0
සෝතාපන්න වීම යනු කුමක්ද?

බෞද්ධ සමාජයේ තුල වර්තමාණයේ එකිනෙකා විවේචනය කරන ආකාරයක් පෙනී යන අතර එක් එක් අය තම තම සුඛ විහරණය උදෙසා විකෘති කල අත්තනෝමතික දේශණා බුදු බණ ලෙස හුවා දක්වන බවක් පෙනී යයි. නමුත් සාමන්‍ය සමාජයේ උපන් බෞද්ධ පෘතක්ජන කිසිවෙකුත් හරි බුදු දහම කුමක්ද යන්න නොදනී. ඔවුන් බුදු දහම ලෙස සිතන්නේ මල් පූජා කිරීම, දෙවියන්ට පින් දීම, පන්සිල් ගැනීම වගේ සරල දේවල් කිහිපයක්. අද වනවිට ඒ කුඩා කුඩා දේවල් පවා ගිලිහී ගොස් ඇති බවක් පෙනේ. කොළඹ ප්‍රදේශයේ අද වනවිට බොහෝ පන්සල් හිස් වී ගොස් ඇත. පිට පලාත් වල පවා පන්සල් යන පිරිසේ අති විශාල අඩුවක් පෙනෙයි.

එවක වෙසක් උත්සවය ඉතාමත් මනරම් ලෙස සැමරූ අපට, අද වනවිට වෙසක් බලනවා කියා ගෙදරින් පිටව ගියත් බලන්නට දෙයක් නොමැති තරම් තත්වයක් උදාවී තිබේ. අද වෙසක් කූඩු, කැරකෙන කූඩු, තොරණ් හදන්නේ ඉතා සුලු පිරිසක් පමණි. හදන පිරිසත් පරණ පරම්පරාවේ උදවිය බව පෙනී යයි. මෙයින් පෙනී යන්නේ බෞද්ධ ප්‍රතිපත්ති කෙසේ වෙතත් ආමිස පූජාව පවා සම්පූර්ණයෙන්ම වගේ නැති වී යන බවක්.

මීට හේතු විය හැක්කේ කුමක්ද? මා දකින ආකාරයට මීට හේතුව බුද්ධ දර්ශනය කිසි හරයක් නොමැති දුක් විඳින අය ගැන කියවෙන දහමක් බව බොහෝ දෙනාගේ පවතින මතය.

මෙම තන්තුව ආරම්භයක් පමණි. මා මෙම පාඩම් මාලාව කොටස් වශයෙන් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වනවා.

බුදු කෙනෙක් ලෝකයට පහල වනවිට එක් බෞද්ධයෙක්වත් මිහිපිට සිටින්නේ නැහැ. උන්වහන්සේ බණ කියන්නෙ අන්‍යාගමිකයන්ට. ඒ අය මුලින්ම බෞද්ධයෝ වෙන්නෙ සෝවහන් මාර්ගයට පිවිසීමෙන්. උප්පත්තියෙන් ලැබෙන බෞද්ධ කමක් ගැන ත්‍රිපිටකයේ සඳහන් නොවේ.

ආරම්භයක් ලෙස මා ඔබෙන් විමසන්නේ සෝතාපන්න වීම හෙවත් සෝවහන් වීම යනු කුමක්ද? ඒ පිලිඹද ඔබ දන්නා දේ පහතින් ඉදිරිපත් කරන්න.
 
Last edited:

Superuser

Member
Aug 30, 2015
723
73
0

මීට හේතු විය හැක්කේ කුමක්ද? මා දකින ආකාරයට මීට හේතුව බුද්ධ දර්ශනය කිසි හරයක් නොමැති දුක් විඳින අය ගැන කියවෙන දහමක් බව බොහෝ දෙනාගේ පවතින මතය.

අැත්තටම මේකට හේතුව කිසිම මතයක් නැතිකම. මතයක් ගොඩනගාගන්න වත් අවශ්‍යතාවයක් ගොඩක් දෙනෙක්ට නෑ. බොහෝ දෙනාට බුදු දහම කියන්නේ සීරියස් ගත යුතු එකක් නෙවෙයි. ඔවුන් ජීවත්වෙන සැබෑ ලෝකයේ කෝටියක් දේවල් අස්සේ අතරින් පතර අැහෙන විහිලුවක් වගේ එ්තරම් ගණන් ගත යුතු නැති දෙයක්.
 
Prabhaswara

Member
Feb 26, 2017
100
22
0
අැත්තටම මේකට හේතුව කිසිම මතයක් නැතිකම. මතයක් ගොඩනගාගන්න වත් අවශ්‍යතාවයක් ගොඩක් දෙනෙක්ට නෑ. බොහෝ දෙනාට බුදු දහම කියන්නේ සීරියස් ගත යුතු එකක් නෙවෙයි. ඔවුන් ජීවත්වෙන සැබෑ ලෝකයේ කෝටියක් දේවල් අස්සේ අතරින් පතර අැහෙන විහිලුවක් වගේ එ්තරම් ගණන් ගත යුතු නැති දෙයක්.

ඔබ නිවැරදි. දැන් බුදු දහම ෆේස් බුක් එකේ ඉන්න අයගෙ අවධානය හා අනුකම්පාව තමන් දෙසට ගන්න පෝස්ට් ශෙයාර් කිරිල්ලකට පමණක් සීමා වෙලා කියලයි මට පේන්නෙ. ඒ ශෙයාර් කරන බොහෝ පෝස්ට් වලත් තිබෙන්නෙ වැදි බණ. බුදුන් දේශණා කලා යයි සඳහන් වන බොහෝ වැකි ඒ පේජ් වල ඇඩ්මින්ලගෙ අත්තනෝ මත බව පෙනී යයි.

අප කල යුත්තේ නිර්මල බුදු දහම රට තුල ස්ථාපනය කිරීම. ඒක ගල් මුල්, පොලු මුගුරු අරන් අන්‍යාගමිකයන් මරා දැමීමෙන් කල හැක්කක් නොවේ. රටේ බහුතරයක් සෝවහන් ආදී මාර්ග ඵල වලට පත් වීමට උදව් කිරීමයි කළ යුත්තේ.

අවබෝධයෙන් තොර උප්පැන්නෙන් බෞද්ධ වූ අය අන්‍යාගම් වලට හැරීම සාමාන්‍ය දෙයක්. නමුත් සෝවහන් වූ කෙනෙක් කිසි දිනක අන්‍ය ශාස්තෲන් සරණ යන්නෙ නෑ. ඒ කියන්නෙ අප ආගම රැක ගන්න ඕනෙ ධර්මය ව්‍යාප්ත කිරීමෙන් මිසක් යුද්ධ කරල නෙවෙයි.
 
Last edited:

Superuser

Member
Aug 30, 2015
723
73
0
ෆේස්බුක් එකේ තත්වය නම් දන්නේ නෑ පාවිච්චියක් නැති නිසා. මම දැනට දරන මතය නම් අපි අනුන්වත් නිවැරදි කරගෙන තමනුත් නිවැරදි වෙන්න උත්සාහ කරන එක කිසිම තේරුමක් නැති දෙයක් කියන එකයි. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළමු වරට ලෝකය දැකපු හැටිත් අපි මෙනෙහි කරන්න ඔ්න.
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ආරම්භයක් ලෙස මා ඔබෙන් විමසන්නේ සෝතාපන්න වීම හෙවත් සෝවහන් වීම යනු කුමක්ද?

සොවහන් වීම යනු ආශ්වාද, ආදීනව, නිස්සරණය තතුසේ දැනීමයි.
 
Prabhaswara

Member
Feb 26, 2017
100
22
0
ෆේස්බුක් එකේ තත්වය නම් දන්නේ නෑ පාවිච්චියක් නැති නිසා. මම දැනට දරන මතය නම් අපි අනුන්වත් නිවැරදි කරගෙන තමනුත් නිවැරදි වෙන්න උත්සාහ කරන එක කිසිම තේරුමක් නැති දෙයක් කියන එකයි. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළමු වරට ලෝකය දැකපු හැටිත් අපි මෙනෙහි කරන්න ඔ්න.

නමුත් ධම්ම දානය ඉතා උතුම් දෙයක්. ලංකාවෙ ධර්මය අවබෝධයෙන් දන්න පිරිස් බොහෝ සිටිනවා. ඒ අය තම දැනුම අන් අය සඳහා දේශනා කරනවනම් ඒක ඉතා වටිනව. භාවනා ආතිය වැඩන ආකාරය, එහිදී මුහුන දෙන ගැටලු වගේ දේවල් මිනිස්සුන්ට ගොඩක් වටිනව.
 
sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සෝවාන් මාර්ගයට පිවිසෙන්න නම් මුලින් සෝතාවධානයේ පඥ්ඥා සුතමයේ ඥාණය ලබාගත යුතුයි.එම ඥාණය ලබාගන්න හැකි වෙන්නෙ සිරි සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන්ම පමණයි.එසේ සිරි සද්ධර්මය ශ්‍රවනය කළයුත්තේ ආර්‍යයන් වහන්සේ නමකගෙන් වන අතර ධර්මය ශ්‍රවනය කළ යුත්තේද උන්වහන්සේ අභිමුඛව සිටයි.එසේ සුතමය ඥාණය සහ පරතෝගෝශික ප්‍රත්‍යය ලබාගත් කෙනෙක් හට සෝතාපන්න මාර්ගයට පිවිසිය හැකි වේ.මෙලෙස සෝතාපන්න මාර්ගයේ ගමන් කර සෝතාපන්න ඵලයට පත්විය යුතුය.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    "සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ (06-11-2016)|(Season 08)1/30" යන මාතෘකා ඇතිව පළ කොට ඇති ඉහත වීඩියෝවේ විනාඩි 37යි තත්පර 35න් පමණ ඉදිරියට ආසන්නයේ වලස්මුල්ලේ අභය හිමි මෙසේ අකුරු හරඹයක් කරනවා:

    "... අන්න අනිච්ඡයි. මොකක්ද අනිච්ඡ කිව්වෙ? ඉච්ඡ කියනවා කැමැත්ත. ඉච්ඡාච, ඉච්ඡා භංගත්වය, ඉච්ඡාව. ඉච්ඡාව කියන්නේ කැමැත්ත. ඉච්ඡා සූත්‍රය, සංයුක්ත නිකායේ. ඉච්ඡාවට නැත්තං යමක්, ඒකට කියනවා අපි අනිච්ඡයි. එහෙනං මෙන්න මේ ලෝකෙ තියෙන සියළුම දේවල් කැමැත්තට නෑ, කැමැත්ත ඉෂ්ඨ කරන්නෑ, ඔක්කෝම අනිච්ඡයි. සියල්ල අනිච්ඡයි. අනිච්ච කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ, ඒකේ පෙන්නනවා සබ්බං අනිච්චං. සබ්බං අනිච්චං..."

    [සැලකිය යුතුයි: වලස්මුල්ලේ අභය හිමි වචන සහ අර්ථ පටලවා ගැනීම නිසා එහිමියන් පවසන ලද්ද ලිවීමේදී ඒ ඒ තැන් වල භාවිතා කළ යුත්තේ අනිච්ච යන වචනයද, නැත්නම් අනිච්ඡ යන වචනයද යන්න නිශ්චය කර ගැනීමට අපහසු නමුත් එහිමියන්ගේ පටලවා ගැනීම වඩාත් මද ලෙස පෙනේ යැයි සිතන ලද පරිද්දෙන් අනිච්ච සහ අනිච්ඡ යන වචන
    ඉහත ලිවීමේදී භාවිතා කරන ලදී. එහිදීද එහිමියන් අනිච්ඡ සහ ඉච්ඡ යන වචනයන් ගැන ඉච්ඡා සූත්‍රයද දක්වමින් පළමුව විස්තර කොට අවසානයේ එම අර්ථයන් අනිච්ච යන වචනයේ අර්ථය සමඟ අනිච්ච සූත්‍රයද දක්වමින් පටලවා ගන්නා අයුරු පෙනේ. ]

    පින්වත් ex-muslim Ahmed,

    එය එසේමයි. වලස්මුල්ලේ අභය හිමි ඇති කරනා අවුල ලිහුවේ නැත්නම් බොහෝ දෙනෙක් ඉන් අවුලෙන් අවුලට පත් වේවි.

    මම අසා බැලුවා අභය හිමි තිලක්ඛණය ගැන කියනා කරුණු ටිකකට. ඒ හාමුදුරුවෝ අනිච්ච යන චචනය අනිච්ඡ යන වචනය සමඟ පටලවාගෙන තවත් බොහෝ කාරණාත් පටලවාගෙන මහා පරිමාණයේ ව්‍යාකූලත්වයක් අන් අයට දේශනා කරනවා. අනිච්ච කියන්නේ නිච්ච යන වචනයේ විරුද්ධාර්ථය දෙන වචනය. අනිච්ඡ කියන්නේ ඉච්ඡ යන වචනයේ විරුද්ධාර්ථය දෙන වචනය.

    අනිච්ච කියන වචනය අන + ඉච්ඡ කියලා පද බෙදීම නිවැරදි නැහැ. ඉච්ඡ යන වචනයේ අර්ථය ගෙන එය ඉච්ච යන වචනයක අර්ථය යැයි දැක්වීමත් වැරදියී.

    මේ ත්‍රෙඩ් එකේම මුල් ලිපිය සහ මේ ත්‍රෙඩ් එකේම සමහර කමෙන්ටු කියවා බලන්නකෝ. අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම ඒ තැන්වලම දැකිය හැකියී.

    "හරකා තණ කයි" යන්නෙහි අර්ථය "හරකා තන කයි" යන්නෙහි අර්ථය යැයි අන් අයට කියාදෙන්න උත්සාහ ගන්නවා බඳුයි වලස්මුල්ලේ අභය හිමිගේ ක්‍රියාව.

    Skylark

    [උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21471977 ]

    Skylark
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    "සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ (06-11-2016)|(Season 08)1/30" යන මාතෘකා ඇතිව පළ කොට ඇති ඉහත වීඩියෝවේ විනාඩි 37යි තත්පර 35න් පමණ ඉදිරියට ආසන්නයේ වලස්මුල්ලේ අභය හිමි මෙසේ අකුරු හරඹයක් කරනවා:

    "... අන්න අනිච්ඡයි. මොකක්ද අනිච්ඡ කිව්වෙ? ඉච්ඡ කියනවා කැමැත්ත. ඉච්ඡාච, ඉච්ඡා භංගත්වය, ඉච්ඡාව. ඉච්ඡාව කියන්නේ කැමැත්ත. ඉච්ඡා සූත්‍රය, සංයුක්ත නිකායේ. ඉච්ඡාවට නැත්තං යමක්, ඒකට කියනවා අපි අනිච්ඡයි. එහෙනං මෙන්න මේ ලෝකෙ තියෙන සියළුම දේවල් කැමැත්තට නෑ, කැමැත්ත ඉෂ්ඨ කරන්නෑ, ඔක්කෝම අනිච්ඡයි. සියල්ල අනිච්ඡයි. අනිච්ච කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ, ඒකේ පෙන්නනවා සබ්බං අනිච්චං. සබ්බං අනිච්චං..."

    [සැලකිය යුතුයි: වලස්මුල්ලේ අභය හිමි වචන සහ අර්ථ පටලවා ගැනීම නිසා එහිමියන් පවසන ලද්ද ලිවීමේදී ඒ ඒ තැන් වල භාවිතා කළ යුත්තේ අනිච්ච යන වචනයද, නැත්නම් අනිච්ඡ යන වචනයද යන්න නිශ්චය කර ගැනීමට අපහසු නමුත් එහිමියන්ගේ පටලවා ගැනීම වඩාත් මද ලෙස පෙනේ යැයි සිතන ලද පරිද්දෙන් අනිච්ච සහ අනිච්ඡ යන වචන
    ඉහත ලිවීමේදී භාවිතා කරන ලදී. එහිදීද එහිමියන් අනිච්ඡ සහ ඉච්ඡ යන වචනයන් ගැන ඉච්ඡා සූත්‍රයද දක්වමින් පළමුව විස්තර කොට අවසානයේ එම අර්ථයන් අනිච්ච යන වචනයේ අර්ථය සමඟ අනිච්ච සූත්‍රයද දක්වමින් පටලවා ගන්නා අයුරු පෙනේ. ]

    [උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21471977 ]

    Skylark

    අනිච්ඡ හා අනිච්ච යනුවෙන් වචන දෙකක් නෑ. තියෙන්නේ අනිච්ඡ කියලා වචනයක් පමනයි. අනිච්ඡ යනු නිත්‍ය නෑ යන්න කියලා හිතන්නේ අශෘතවත් පෘතක්ජනයෙක් පමණයි. අනික චතුරාර්ය සත්‍ය වගේ දේවල් අනිත්‍ය වෙන්නේ නෑ.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මා පෞද්ගලිකව හිතන ආකාරයටනම්, සෝවාන් පුද්ගලයාශෙස පිටින් බලන්නකුට පෙනෙන නිශ්චිත හැඩයක් හෝ නිශ්චිත හැසිරීම් රටාවක් නෑ.
    ඒවෙනුවට අදාල පුද්ගලයතුල වැඩීඇති ශ්‍රද්දා,විරිය සති,සමාදි,පඥ්ඥාවලට අනුව චින්තන ධාරාවවෙනස්වෙනවා.
    තවත් විදියකින් කිව්වොත් , අමරත් සමනුත් සෝවාන්වෙලා කියමු.අමර නිතර ධාතු ආයතන ගැන හිතමින් ධර්ම මනසිකාරයෙන් ඉද්දී, අමර සල්ලිම හම්බ කරකර කර ඉන්නත් පුලුවන්.ඒත් ඔවුන් සැඩපහරට අසුවී ඇතිනිසා ජීවිතයේ මොන මොන හෝ අවදිවලදී මාර්ගයදිගේ නොදැනීම ඉදිරියට ඇදීයාමට පුලුවන්.

    දහම් ඇස පහල උනා(චක්කු0 උදපාදි ) කියලත් කියනවා, සෝවාන්වීමෙන් පටන්ගන්න ගමනට.තමුන්ගේ දහම් ඇසටපෙනෙනදේ කොච්චර අනිකාට කිව්වත් ,පෙන්නන්න හැදුවත් පේන්නේනෑ.ඔය පලමු වෙන් පහල උන දහම් ඇස තම්යි, අනිත් ඒවාට (ඥානන් උදපාදී, ප්ඥ්ඥ උදපාදී,විද්‍යා , ආලෝකෝ උදපාදීවලට ) ගාමක බලය වෙන්නේ

    සෝවාන් උන කෙනාට අනිච්ච,දුක්ඛ, අ.. ඒවගෙන් එකක් ප්‍රකටව වැටහෙනවා කියලත් කියනවා.කෙනෙක්ට අනිච්ච වැටහෙද්දී, තව කෙනෙක්ට අනත්ත.

    ඒතත්තවට පැමිනෙන අවස්තාවේ කෙනෙක්ට , කිසියම් සඥ්ඥාවක් දැනෙන අතරේ, තව කෙනෙක්ට මුකුත් නොදැනෙනවා කියලත් කියනවා..
    උදාහරනයක් ලෙස තමුන්ගේ බෙල්ල ගැලවිලා ගියාවගේ සමහරෙකුට දැනෙද්දී තව අයට යමක් පුපුරනවා වගේ සද්දත් ඇහෙනවලු.තවත් අයට එහෙම මොනවත් නොදැනී තියනවලු.
    "සහාව අස්ස දස්සන සම්පදාය" කියන්නේ ඒකට කියල තමයි දැනගන්න ලැබුනේ.
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    ඔබ නිවැරදි. දැන් බුදු දහම ෆේස් බුක් එකේ ඉන්න අයගෙ අවධානය හා අනුකම්පාව තමන් දෙසට ගන්න පෝස්ට් ශෙයාර් කිරිල්ලකට පමණක් සීමා වෙලා කියලයි මට පේන්නෙ. ඒ ශෙයාර් කරන බොහෝ පෝස්ට් වලත් තිබෙන්නෙ වැදි බණ. බුදුන් දේශණා කලා යයි සඳහන් වන බොහෝ වැකි ඒ පේජ් වල ඇඩ්මින්ලගෙ අත්තනෝ මත බව පෙනී යයි.

    අප කල යුත්තේ නිර්මල බුදු දහම රට තුල ස්ථාපනය කිරීම. ඒක ගල් මුල්, පොලු මුගුරු අරන් අන්‍යාගමිකයන් මරා දැමීමෙන් කල හැක්කක් නොවේ. රටේ බහුතරයක් සෝවහන් ආදී මාර්ග ඵල වලට පත් වීමට උදව් කිරීමයි කළ යුත්තේ.

    අවබෝධයෙන් තොර උප්පැන්නෙන් බෞද්ධ වූ අය අන්‍යාගම් වලට හැරීම සාමාන්‍ය දෙයක්. නමුත් සෝවහන් වූ කෙනෙක් කිසි දිනක අන්‍ය ශාස්තෲන් සරණ යන්නෙ නෑ. ඒ කියන්නෙ අප ආගම රැක ගන්න ඕනෙ ධර්මය ව්‍යාප්ත කිරීමෙන් මිසක් යුද්ධ කරල නෙවෙයි.

    :yes::yes::yes: