ඔයාගේ කාමරයත් එහෙමද
උපුටා ගැනීමකි මගේ නිර්මාණයක් නොවේ!
දැක්කම ඇහැට සනීප ගානට ඔබේ කාමරය පත් කරගන්නේ මෙහෙමයි
සාමාන්‍යයෙන් කොල්ලෙක්ගේ කාමරයක් කියන්නේ බොස්නියාව වගේ තැනක් නේ. ඒවාගේ ම කෙල්ලෙක්ගෙ කාමරයක් වුනත් ඔය ෆේස්බුක් එකේ ඉන්ස්ටා ෆොටෝ එකක් එහෙම දාන වෙලාවට ලස්සනට තිබ්බට, අනිත් ගොඩක් වෙලාවට තියෙන්නේ සිරියාව වගේනේ. හරි හරි දැන් කැති පොලු උස්සන් එන්න ඕනේ නැහැ. එහෙම කිව්වට ගොඩක් අයගේ කාමර ලස්සනයි.
ඒ මොනවා වුනත්, කාමරයක් උනාම ලස්සන වෙලා විතරක් මදි, ඒකෙ පිළිවෙල සහ පහසුව කියන කාරණාත් පැවතිය යුතුයි. කාමරයට ආවම ඔබව ඇවිලෙනවා වෙනුවට ඔබව නිවෙන්නට ඉඩක් ලැබෙන තැනක් වෙන්නට අවශ්‍යයි.
ඉතින් මෙන්න මේ නිසා අපි හිතුවා අපේ වර්තමාන කොල්ලෙක්ගේ/කෙල්ලෙක්ගෙ කාමරයක් මොන විදියට වෙනස් වුනොත් හොඳයිද කියලා බලන්න. පොඩ්ඩක් මේ දේවල් ගැනත් අවධානය යොමු කරලා බලන්නකෝ එහෙනං!
1. කේබල් මැනේජ්මන්ට්
බයවෙන්න එපා කැම්පස් සබ්ජෙක්ට් එකක් නෙවෙයි. දැන් ඔය ඔයාගේ නිතරම උවමනා වෙන කේබල් වයර් එහෙම තියෙනවානේ. ඒ කියන්නේ ෆෝන් චාජර් කේබල් එක, පවර් බෑන්ක් වයර්, තව කොම්පියුටරේට ආපු වැඩිපුර කේබල්, ඊට අමතරව තව අතිරේක මොන මොනාවායින් හරි එකතු වුනු වයර් වර්ග. ඒවා ඔක්කොම බොහොම පිළිවෙලට වෙන වෙනම ඔතලා එක පෙට්ටියක දාලා තියාගන්න පුලුවන්නම් වටිනවා.
මෙහෙම කලාම කේබල් වලට දුවිලි වැදිලා කේබල් ඔක්සිඩයිස් වෙන්නෙත් නැහැ. ඒ වගේම දුවිලි එකතු වෙලා කාමරේ අපිරිසිදු වෙන්නෙත් නැහැ. ඔයාටත් පහසුයි.
2. කේබල් වලටම තව සූටි අයිඩියා එකක්
තව ඔයා ගාව බයින්ඩර් ක්ලිප්ස් (Binder clips) එහෙම තියෙනවා නම් ඒවායින් හතරක් පහක් මේසෙට අමුණගෙන තියාගන්න. හදිස්සියකදී මෙන්න මේ විදියට කේබල් ටික පටලවා ගන්නේ නැතුව පහසුවෙන් ගන්න පුළුවන් තමන්ගේ උවමනාවට පාවිච්චි කරන්න එහෙම.
3. ඇඳ යට පොත් පෙට්ටිය
පොත් රාක්කයක් වෙනම තියෙනකොට මොකටද පොත් පෙට්ටියක් ඇඳ යටට කියලා ඔබ මගෙන් අහන්න පුළුවන්. ඒ වුනාට හැම වෙලාවේම ඔයා කැමති පොත් පත් ගන්න ඇඳෙන් නැගිටලා යන්න උවමනා වෙන්නේ නැහැ මෙහෙම වැඩක් කරන්න පුළුවන් නම්.
මේකට එච්චර වියදමක් යන්නේ නැහැ (ඇත්තටම වියදමක් යන්නෙම නැති තරම්). ඔය කොමියුනිකේෂන් වල එහෙම එයාලට ෆොටෝකොපි වලට ඕන කරන කොළ වර්ග එන පෙට්ටි තියෙනවා. ගොඩක් වෙලාවට ඒ අය මේවා විසික් කරනවා. මේ නිසා ඒ අයගෙන් ඔබ පෙට්ටියක් ඉල්ලුවොත් නොදී ඉන්න එකක් නැහැ. මේ පෙට්ටියේ තියෙන විශේෂත්වය තමා මේ පෙට්ටි වලට ලිඩ් එකක් එහෙම නැති නම් පියනක් වෙනම එන එක.
ඉතින් මේ වගේ පෙට්ටියක් තියාගෙන තමන් මේ දවස් වල කියවන්න කැමති පොත් දෙකක් තුනක් දාගෙන තියාගන්න එහෙම පුළුවන් කිසිම අවුලක් නැතිව. දුහුවිලි වැදිලා පොත් විනාශ වෙන්නෙත් නැහැ. ඔයාට කරදරේකුත් නැහැ.
අනිවා Lovely Home Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි
Subscribe
4. බිත්ති රිජිෆෝම් එක
මේසේ දිහා පොඩ්ඩක් බලන්න. ලැප් එකයි ෆෝන් එකයි විතරක් තියෙන්න ඕනේ මේසේ උඩට තව අඩු ඇඳයි අල්මාරියයි විතරයි නේද? ඒ තරමට බඩු. ඒ මදිවට ලෙක්චර්ස් එහෙම යනවා නම් ඒ නෝට්ස්, පත්තරවලින් කපාගත්තු පේපර් කටින්ස්, බිල්පත් සහ රිසිට් වගේ මේ ඔක්කොම මේසේ උඩ ගොඩ ගහලා නම් ඔයාට අපි කියන්නම් මේක ලේසියෙන්ම ගොඩ දාගන්න ක්‍රමයක්.
යන්න හාඩ්වෙයාර් එකකට. එහෙම නැත්තම්, ආර්පිකෝ එකක් ළඟ පාත නම් එහෙම එකකට යන එක තමා අයිඩියල්ම. ගිහින් ගන්න අඩි 3×3 විතර සයිස් වෙන රෙජිෆෝම් එකක්. මේක අඟල් බාගේ සිට අඟලක් අතර පළල වෙන එක වටිනවා. අමතක නොකර ගන්න තව ඩබල් ටේප් එකක්. අරගෙන ඇවිල්ල වටේට ඩබල් ටේප් අලවලා තමන්ට කැමති විදියකට බිත්තියට සෙට් කරගන්න. ආ දැන් හරිනේ?
ඔන්න තියෙනවා ඔයාට පින් බෝඩ් එකක්. දෙයියනේ කියලා තමන්ට අත්‍යවශ්‍ය ලියකියවිලි, රිසිට් පත් සහ කොල කෑලි වගේ දේවල් එහෙම තියෙනවා නම් පින් එකක් ගහලා බෝඩ් එකේ අලවාගන්න එකයි තියෙන්නේ. මේසේ හැඩි වෙන්නෙවත් අත්‍යවශ්‍ය දේවල් නැති වෙන්නෙවත් නැතිවෙයි..
5. රිමෝට් මැනේජ්මන්ට්
හිතන්න ඔයාගේ කාමරේ ටීවී එකක්, හයිෆයි සෙටප් එකක් එහෙම නැත්තම් සිලිං ෆෑන් එකේ රිමෝට් එකක් එහෙම තියෙනවා කියලා. ඒක තවමත් තියෙන්නේ මේසේ උඩ හරි ඇඳ උඩ නම්, ඔයාට පහසුවෙන්ම ඒවා පිළිවලට තියාගන්න පොඩි වැඩක් කරන්න පුළුවන්.
ගන්න පිට පැත්ත අලවන්න පුළුවන් වෙල්ක්‍රෝ (Velcro) කෑලි කිහිපයක්. රිමෝට් එකේ පෘෂ්ට ස්පර්ශ වෙන කොටස බලලා ඒකේ තැන් දෙකකින් විතර මේවා අලවාගත්තා නම් කිසිම කරදරයක් නැහැ, ඉන්පස්සේ ඔයාට පුළුවන් ඉතුරු කෑල්ල එක්කෝ බිත්තියක එහෙමත් නැතිනම් මේසයක කොනක හරි අලවාගන්න.
හරිම ලේසියි. වැඩ කරන්නේ නැති වෙලාවට අලවලා තියන්නත් පුළුවන්. ඉඩ යන්නේත් නැහැ. රිමෝට් එක කොහෙ තිබ්බද කියල හොය හොය ඉන්න වෙන්නෙත් නෑ.
6. කොණ්ඩ කටු කාන්දම
මේක නම් ගෑණු ළමයින්ට තමයි වටින්නේ. වෙළඳපොලේ කාන්දම් පටි කෑලි ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඒ නැතත් ඩබල් ටේප් එකක් ගහලා මෙහෙම කාන්දම් පටි කෑල්ලක් බිත්තියේ අලවාගන්න එක හරි සිම්පල් වැඩක්., ඔය ඉලෙක්ට්‍රික් ෂොප් එකක අයින් කරපු ස්පීකර් එකකින් ගලෝලා දාපු මැග්නට් එකක් වුනත් මේකට අවුලක් නැහැ. ඔයාට තියෙන්නේ කාමරේ ජනෙල් දැල යකඩ නම් මේ කාන්දම එයට අලවන්න.
ඊට පස්සේ නිතර නිතර අමතක වෙන ඔය ඉඳිකටු, අල්පෙනිත්ති, කොණ්ඩකටු එහෙම ඒකේ අලවාගෙන තියාගන්න පුළුවන්නේ.
7. දොරේ ඇඳුම් එල්ලන්න
ආ!! කලබල වෙන්න එපා. ඔයාගේ කාමරේ බිමත් ඔලිම්පික් කොඩිය වගේ රවුමට රවුමට සරම් ෂර්ට් එහෙම දාපු තැනක්ද? එහෙනම් කරන්න තියෙන්නේ මේකයි. ඔය පිටකොටුවේ හරි ප්ලාස්ටික් බඩු කඩ වල හරි ලේසියෙන්ම ගන්න තියෙන ප්ලාස්ටික් ඇඳුම් එල්ලන රැක් එකක් ගන්න. ඒක ගහන්න ඔයාගේ කාමරේ දොරේ ඇතුල් පැත්තේ. ඊට පස්සේ ඒකේ ඇඳුම් එල්ලන්න. බලන්නකෝ කාමරේ එළිවෙන හැටි. කවුරුත් දොර පිටිපස්සේ රැක් එකක් තියෙනවා කියලා දන්නෙත් නැහැනේ.
8. පුංචි පුංචි දැනමුතුකම්
මේවා මෙහෙම කියවෙනකොට අපි හිතුවා අලුත් අයිඩියාස් අස්සේ පුංචි දැනමුතු කම් ටිකකුත් දෙන්නම ඕනේ කියල. ඒ තමයි මෙන්න මේවා.
හැමදාම උදේට නැගිට්ටම ඇඳ හදන්න
උදේට ඇහැරිලා මුලින්ම කරන කාර්යය විදියට තමන්ගේ සයනය හදන එක නම් හරිම හොඳ වැඩක්. මොකද ඔයා එහෙම කරන එකෙන් ඔයාගේ පිරිසිදුකම වගේම කාමරේ පිළිවෙලත් ආරක්ෂා වෙනවා. මොකද කාමරයක පිළිවෙල කියන දේ පෙනෙන්නේ ඇඳ ඔයා හරියට හදලා තියෙන එකෙන් වීම.
ඇඳල ඉවර උන ඇඳුම් කාමරේ ගොඩ ගැහෙන්න දෙන්නෙ නැතිව වෙනත් තැනක එකතු කරල හෝදන්න
තවමත් කාමරේ වටේම එක එක ඇඳුම් එහෙම තියෙනවද? එහෙනම් දැන් මේ අලුත් දැනමුතුකම් එක්ක ඔයාගේ කාමරේටත් කිළුටු ඇඳුම් දාන බින් එකක් තියාගන්න කාලේ හරි. කරන්න තියෙන්නේ ඇඳුම් ටික දවස් කිහිපයකට සැරයක් එකතු කරලා තියලා, එක වරම හොඳින් හෝදලා දාන එකයි.
කාමරේ ඉඳන් කෑම කන එක පුරුද්දක් කරගන්න එපා
කාමරේ ඉඳගෙන ලැප් එකේ ෆිල්ම් එකකුත් දාගෙන කෑම කන එක ගොඩක් අයගේ පුරුද්දක් වෙලා. ඒ වුනත් කෑම කියන දේට කුඹි වගේ කෘමි ජාති එනවා. ඒ නිසා ඔවුන් කාමරේ බෝවුනොත් සොරි ඩොට් කොම් ම තමා.
ගත්ත දෙයක් ආපහු එතැනින්ම තියන්න
සරලම දේ තමා තමන් ගත්ත දෙයක් ආපහු අමතක නොකර එතනින් ම තියන එක. එතකොට අමුතුවෙන් කාමරේ සුද්ද කරන්න කියල දෙයක් එකතු වෙන්නේ නැහැ. අනික තමන්ට එහෙම තිබ්බා කියලා කරදරයක් වෙන්නෙත් නැහැනේ.
සරළ වටපිටාවක් ඇති කරගන්න
කාමරේ ඇතුලේ ෆ්‍රිජ්, ටීවී, කොම්පියුටර් සහ අල්මාරි එතනින් ගියාම එක්සර්සයිස් මැෂින් එහෙම තියාගෙන ඉන්න කට්ටිය නැත්තේම නැහැ. ඔයාගේ කාමරේ උපාංග සහ අයිතම ගණන වැඩිවෙන්න වැඩිවෙන්න වෙන්නේ කාමරේ එකතුවෙන දුහුවිලි සහ විවිධ අපද්‍රව්‍ය එක්කාසු වෙන එක. මේ නිසා පුළුවන් තරම් කාමරේ ඇතුලේ සැලසුම සරල කරගන්න උත්සහ කරන්න.
කාමරේ ඔබට පමණක් අයිති කලාපයක් බවට පත් කරගන්න
http://i.imgur.com/K9w5cHi.jpg
කාමරේට මොකටද ආපහු වෙන කට්ටිය කියලා ඕනෙම කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. නමුත් කාමරේට එන අයව අපිට නවත්තන්න බැහැනේ. ඒ මොනවා වුනත් කාමරයක් කියන්නේ බොහොම පුද්ගලික තැනක්. ඒ නිසා ඒ කාමරයේ පුද්ගලිකත්වය උපරිමෙන් ම රැකගන්නට ඔබ වගබලාගන්න ඕනේ.
මොකද දවස අවසානයේ වෙහෙස නිවාගන්න ඔබ එන කාමරය තමන්ට සුවදායක තැනක් බවට පත්කරගන්න එක නම් මහත්තයෝ ඔබේ වැඩක්.
අනිවා එකෙන් ගත්තේ දැකපු ගමන් මතක් උනේ එලකිරියේ අය තමයි ! ඒකයි දැම්මේ http://www.aniwa.lk/2017/03/23/1703231-tidy-room-tips/

Last edited:
කාමරේට යන්නෙත් නිදිමතේ, එන්නෙත් නිදිමතේ කොටින්ම කාමරේ කළුද සුදුද කියලවත් මතක නෑ