VPS එක්ක Kloxo Mr Web Hosting Control Panel එක Install කරගන්න ආකාරය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    VPS එක්ක Kloxo Mr Web Hosting Control Panel එක Install කරගන්න ආකාරය

    මේක තමයි Cpanel වලට සමකරන්න පුලුවන් එකම Free දෙන Web Hosting Control Panel එක. Cpanel දාගන්න සල්ලි නැතුව දුකෙන් ඉන්නවනම් ඒකම විසදුම Kloxo තමයි. අනිත් Free දෙන CP වලට වඩා මේක ගැටළු ගොඩක් අඩුයි. ඒ වගේම වැඩ කෑලි වැඩි මේක මාර ලස්සනයි.

    ඔන්න Kloxo Mr වල screenshot කිහිපයක්. මේ screenshot මන් ගත්තේ මගේම VPS සර්වර් එකෙන්.

    මේ තියෙන්නේ Panel එකට ලොග් වෙන තැන. ( background image එක Page එක Refresh වෙන පාරක් පාසා වෙනස් වෙනවා)

    KRGv18L.jpg


    tSAkpvq.jpg


    4FfH5ae.jpg


    9tQzYND.jpg


    ngIRVxT.jpg


    මේ තියෙන්නේ Panel එක. (මේ Image එක පැහැදිලි නැත්තම් වෙන Tab එකකින් Open කරලා එකේ උඩ ක්ලික් කරලා ලොකු කරලා බලන්න. ) මේ Panel එකේ background image එක ඔයාට කැමති විදියකට වෙනස් කරගන්න පුලුවන් අනිත් Free දෙන Panel වගේද බලන්න මේ Panel එක හැම දේම හොදට තියෙනවා.

    6HkgmHJ.jpg


    HSYnTCL.jpg


    5u7V05m.jpg


    QqAtl84.jpg


    මෙන්න මෙතනින් පුලුවන් Reseller Account එකක් හරි නැත්ම් Clients Account හරි හදන්න. Web Host එකක් කරන්න ඉන්නවනම් මෙතන තමයි ඔයාට ඕනේ වෙන්නේ.

    L8eImoh.jpg


    මෙතනින් තමයි Theme එක වෙනස් කරන්නේ. Panel එකේ background image එක වෙනස් කරගන්න ඕනම් එකත් මෙතනින් කරගන්න පුලුවන්.

    KCIdsd4.jpg


    මේ තියෙන්නේ පරණ Kloxo Theme එක මේක තමයි ඉස්සර තිබුණ Theme එක.

    zDowtEz.jpg


    Kloxo-MR Features

    Following are features which Kloxo-MR 6.5.1 final (stable) provides

    OS: Redhat/CentOS 5 and 6 (32bit and 64bit) or their variants
    Billing: AWBS, WHMCS, HostBill, TheHostingTool, AccountLab Plus, Blesta and BoxBilling (note: claim by billing's author)
    Web server: Nginx, Nginx-Proxy and Lighttpd-proxy, Hiawatha, Hiawatha-proxy and Httpd 24, beside Httpd and Lighttpd; also Dual and Multiple Web server *)
    Webcache server: Squid, Varnish, Hiawatha and ATS *)
    Php: Dual-php with php 5.3/5.4 as primary and php 5.2 as secondary; multiple-php *)
    PHP-type for Apache: php-fpm_worker/_event and fcgid_worker/_event; beside mod_php/_ruid2/_itk and suphp/_worker/_event
    Mail server: qmail-toaster instead special qmail (in progress: change from courier-imap to dovecot as imap/pop3) *)
    Database: MySQL or MariaDB
    Database Manager: PHPMyAdmin; Adminer, MyWebSql and SqlBuddy as additional **)
    Webmail: Afterlogic Webmail Lite, Telaen, Squirrelmail, Roundcube and Rainloop; Horde and T-Dah dropped
    FTP server: Pure-ftpd
    DNS Server: Bind and Djbdns; add Powerdns, MaraDNS, NSD, myDNS and Yadifa *)
    Addons: ClamAV, Spamassassin/Bogofilter/Spamdyke, RKHunter and MalDetect
    Fixed many bugs of Kloxo Official (including security issues)

    New features added in version Kloxo-MR 7.0.0 (a.k.a. Kloxo-MR 7)

    Version 6.5.1 change to 7.0.0 since 20 Aug 2014 (beta step)
    Web server: Hiawatha (since 28 Sep 2013) and Httpd 2.4 (since 20 Jun 2015); Dual (since 19 Jan 2016) and Multiple Web server (in progress)
    Webcache server: Squid, Varnish and ATS (Apache Traffic Server) (since 3 Oct 2013)
    DNS server: Powerdns, NSD, MyDNS and Yadifa (since 16 Sep 2013)
    Mail server: Dovecot (since 19 Jun 2016)
    Php: multiple Php versions
    * suphp base since 27 Jun 2014
    * fcgid base since 5 Jul 2015
    * php-fpm/spawning base since 24 May 2016

    Source https://github.com/mustafaramadhan/kloxo/tree/dev

    දැන් Install කරන හැටි කියලා දෙන්නම්.

    මුලින්ම Cent OS 6, 7 , Redhat 32bit or 64bit 1GB RAM හෝ ඊට වැඩි 10GB Disk වගේ තියෙන VPS එකක් ගන්න (අන්තර්ජාලයෙන් සොයාගත් හැටියට තමයි කිව්වේ.) අර ගත්තු VPS එකට Cent os 6, 7 Redhat 32bit or 64bit OS දෙකෙන් කැමති සංස්කරනයක් Install කරගන්න.

    0MSSIv6g.png


    AoDsH5R.png


    ඊට පස්සේ මෙතනට ගිහිල්ලා Putty Download කරගන්න.

    32-bit: https://the.earth.li/~sgtatham/putty.../w32/putty.exe
    64-bit: https://the.earth.li/~sgtatham/putty.../w64/putty.exe

    Putty Host Name එකට VPS එකේ IP එක දීලා Open ඔබන්න.

    gr2PkGi.png


    ඔය Security Aleat එක Yes ඔබන්න.

    Mz83O4C.png



    ඊට පස්සේ එනවා Windows වල CMD එක වගේ එකක් එකේ login as: කියන එක ඉදරියෙන් root කියලා Type කරලා Keyboard එකේ Enter ඔබන්න.

    ඊළගට root Password එක Type කරන්න. එකේ Type වෙනවා පෙන්නේ නැහැ එත් එතන වදිනවා. (Paste කරනවනම් එතන ක්ලික් කරලා Mouse එකේ Right ක්ලික් කර ගමන් Paste වෙනවා.) ඊට පස්සේ Enter ඔබන්න.

    root ලොග් උනාම මෙන්න මේ වගේ

    ZUFllZB.png


    පහත command එකෙන් එක Type කරලා Enter ඔබන්න.

    Kloxo Install කරන්න ක්‍රම දෙකක් තියෙනවා මේ තමයි පළමු ක්‍රමය මේ ක්‍රමය ටිකක් වෙලා යනවා.

    Code:
    yum update -y

    Code:
    yum install yum-utils yum-priorities vim-minimal subversion curl zip unzip -y

    Code:
    yum install telnet wget -y

    Code:
    setenforce 0

    Code:
    echo 'SELINUX=disabled' > /etc/selinux/config

    Code:
    wget https://github.com/mustafaramadhan/kloxo/raw/rpms/release/neutral/noarch/mratwork-release-0.0.1-1.noarch.rpm --no-check-certificate

    Code:
    rpm -ivh mratwork-release-0.0.1-1.noarch.rpm

    Code:
    yum clean all


    Code:
    yum update mratwork-* -y

    Code:
    yum install kloxomr7 -y

    Code:
    sh /script/upcp

    මෙන්න දෙවැනි ක්‍රමය උඩ command කිසිවක් භාවිතා නොකර පහත command එක Copy , Paste කරන්න එතකොට ලේසියෙන් Install කරගන්න පුලුවන්. මේක මගේ ලේසියට මම හදා ගත්ත එකක්.

    Code:
    wget https://raw.githubusercontent.com/Nadun21/Kloxo/master/install.sh --no-check-certificate
    chmod +x install.sh
    sh install.sh

    Source - https://github.com/Nadun21/Kloxo

    ඔය කොයි විදියට Install කලත් අවසානේ මෙන්න මේ විදියට එන්න ඕනේ එහෙම ආවේ නැත්තම් ඔයා හරියට Install කරගෙන නැහැ.

    cQP7Qsf.png


    Panel එකට ලොග් වෙන්න. ඔයාගේ VPS එකේ අන්තිමට :7778 එකතු කරලා ඒ ලිපිනයට යන්න
    උදා - xxx.xxx.xxx.xxx:7778

    Username - admin
    Password - admin ( Panel එකට ලොග් උන හැටියේ Password එක වෙනස් කර ගන්න තමයි ඉසෙල්ලා ම තියෙන්නේ)



    ගැටළු තියෙනවනම් අහන්න. නැත්තම් Kloxo Mr official Forum එකෙන් අහන්න
    https://forum.mratwork.com/

    Install කරගන්න බැරිනම් කරලා දෙන්න පුළුවන්. මට P.M එවන්න.

    මම මේක ලිව්වේ VPS එකක් අරන් වෙබ් සයිට් එකක් Host කරගන්න දන්නේ නැතුව මේ ගැන හොය හොයා ඉන්න අය වෙනුවෙන් එකයි මෙචර සරල භාෂාවෙන් ලියන්න හිතුවේ හැමෝටම තේරෙන්න.

    මේ තියෙන්නේ VPS ගැන මගේ කලින් ලිපි

    VPS එක්ක Sentora Web Hosting Control Panel එක Install කරගන්න ආකාරය

    Ubuntu / Debain VPS එකකට VNC Install කරගන්නා ආකාරය

    මේක බොහොම අමාරුවෙන් ලිව්වේ. මහන්සි වෙලා මේක කොපි කරනවනම් මේ ලිපියට Link එකක් දෙන්න අමතක කරන්න එපා.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මචන් මගේ ftp වැඩ කරන්නෙ නෑනෙ. pure-ftpd downgrade කලාම හරියනවා කියල තිබුන. එහෙම කලාව පස්සෙ වැඩ කලා. ඊට පස්සෙ වෙන වෙන දේවල් ටිකක් වැඩ කරන්නෙ නැතුව ගියා. හරි විදියට ftp හදාගන්න විදියක් දන්නවනම් කියපන්කෝ. centos 7.1, kloxo latest.

    https://yenpape.com/ftp-connection-refused-error-kloxo/
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    මචන් මගේ ftp වැඩ කරන්නෙ නෑනෙ. pure-ftpd downgrade කලාම හරියනවා කියල තිබුන. එහෙම කලාව පස්සෙ වැඩ කලා. ඊට පස්සෙ වෙන වෙන දේවල් ටිකක් වැඩ කරන්නෙ නැතුව ගියා. හරි විදියට ftp හදාගන්න විදියක් දන්නවනම් කියපන්කෝ. centos 7.1, kloxo latest.

    https://yenpape.com/ftp-connection-refused-error-kloxo/

    Panel එකේ අවුලක් වෙන්න බැහැ මේ විදියට කරන්න. Basic එකේ FTP Configure ඔබන්න.

    KsCsxpL.png


    Enable SSL/TLS ක්ලික් කරලා Update ඔබන්න.

    VeZHWI2.png


    ඊට පස්සේ hostname එකට IP එක දාලා FTP Username , Password දීලා බලන්න අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. මට ඔය අවුල උණා අලුත් එකේ පස්සේ හොයන් යනකොට තමයි වැඩේ තේරුනේ.

    ඔය අවුල උන වෙලාවේ මන් Filezila වලින් root එකට ලොග් වෙලා. එකේ /home/admin/ ගියානම් එතනින් පෙන්වනවා File Manger එකේ තියෙන Domain ටික Uplaod කරන්න ඕන Domain එක එකේ Dir Open කරලා ඒකට upload කළා මන්.

    සයිට් එක වැඩ කලේ නැත්තම්. Sever එකේ Switch Program වලින් hiwatha හරි nginx හරි දීලා. ඊළගට Services කියන එකේ hiawatha හෝ nginx Start කරන්න. එතකොට හරි ඕකත් ඔය අලුත් එකේ තියෙන අවුලක්

    qlXmWS0.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    බොහොම ස්තූතියි මචෝ. මම කරල බලන්නම්. තව දෙයක් අහන්න තියනවා. මගේ domain එකට google apps අරගෙන තියෙන්නේ. kloxo එකේ mx records දැම්මට වැඩ කරන්නෙ නෑ. හරි විදියට mx record දාගන්න විදියත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? admin account එකේ තමයි domain එක තියෙන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    බොහොම ස්තූතියි මචෝ. මම කරල බලන්නම්. තව දෙයක් අහන්න තියනවා. මගේ domain එකට google apps අරගෙන තියෙන්නේ. kloxo එකේ mx records දැම්මට වැඩ කරන්නෙ නෑ. හරි විදියට mx record දාගන්න විදියත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? admin account එකේ තමයි domain එක තියෙන්නේ.

    ලේසිම වැඩේ Cloudflare දාලා එකෙන් හදන එක මමත් හදලා තියෙන්නේ එහෙම.