..::[කාණුවල Carp මාළු පීනන සුපිරිසිදු ජල නගරය(The Water City | Gujo)]:

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ..::[කාණුවල Carp මාළු පීනන සුපිරිසිදු ජල නගරය(The Water City | Gujo)]:

    LTAogFQ.jpg


    Gujo මේ නගරය පිහිටලා තියෙන්නේ ජපානයේ ටෝකියෝ වල ඉදල 400km විතර ඈතින්, ජපානය කොහොමත් සාම්ප්රදායික පාරිසරික භාවිතයන් වලට ප්‍රසිද්දයි නෙහ් :love: මේ city එක ඒකට නියම උදාහරණයක් ගංගා, ජල උල්පත් සියවස් ගණනාවක් පුරාවට අති පිරිසිදුව නගරය හරහා ගලා යනවා. :cool:

    cUFgwaL.jpg


    Gojo නගරය වර්ගකිලෝමීටර් 1,031 km² වපසරියක පැතිරී තිබෙනවා මුළු ජනගහනය 43,960. සාමානය උෂ්ණත්වය 7°C. :):)

    මෙහි විශේෂත්වය 17 ශතවර්ෂයේ දක්නට ලැබූන අපවිත්‍ර නොවූ ජලය සහිත ඇල මාර්ග සහිත උල්පත් තවමත් ඒ ආකාරයෙන්ම මෙහි වෙසෙන ජනතාව පරිහරණය කිරීමයි.

    දෛනික ගෘහස්ථ භාවිතයට සහ ගිනි ආරක්ෂාවට මෙම ඇළ මාර්ග සංකීර්ණ පද්ධතියක ඉදිකර ඇත්තේ 1660 වර්ෂයේදී. 1652 වසරේ සිදුවූ ගින්නකින් මෙම නගරයට දරුණු හානි සිදිවු පසුව මෙම ජල ඇළ මාර්ග මෙම පද්ධතිය ඉදි කරන ලදී. :yes::yes:

    මේ නගරයේ වීදි ඔස්සේ ගමන් කරද්දී ඔබට බොහෝ සාම්ප්රදායික mizu fune හොයා ගන්න පුළුවන් වෙනවා, ඒවාට water boats කියලත් කියනවා, මේවා පාරිසර හිතකාමී පද්ධතියන් ස්වාභාවීක උල්පත් ජලය යොදාගෙන මේක හදල තියෙන්නේ ඉහල කොටසෙන් ජලය පානය කිරීමටත් පහල කොටසින් එළවලු සේදීමට රෙදි සේදීමටත් භාවිතා කරනවා. :cool::cool:

    iI0iCbS.jpg


    FqXGipS.jpg



    මේ mizu fune එකට පාදක වෙලා තියෙන්නේ ඉපැරණි Sogi Sui water spring සහිත විහාරයේ තිබෙන සියවස් ගණනාවක් එක දිගට සුපිරිසිදු ජලය පවත්වාගෙන යාමට ජලය කොටස් තුනකට බෙදා භාවිතා කිරීමේ මුලධර්මයයි :nerd::nerd:

    UPIrkW0.jpg


    0ac6aKd.jpg


    මේකේ කොටස් තුනයි මේ උල්පතේ පලවෙනි කොටස බීමට,දෙවන කොටස එළවලු සේදීමට සහ බීම වර්ග සිසිල් කිරීමට තුන් වෙනි කොටස රෙදි සීදීමට :):)

    මේ නගරය වීදි හරහා ඇල මාර්ග රැසක් ගමන් කරනවා. Yoshida කියන ගංගාවෙන් තමයි මේ ඇල මාර්ග පටන් ගන්නේ.
    නගරය හරහා ගලා බසින Yoshida ගංගාව

    HDQVsvN.jpg


    xOaGbQR.jpg


    මෙම ජලය ගමන් කරන ඇල මාර්ග කොච්චර පිරිසිදුයිද කියනවා නම් මේවගේ කාෆ් මාළු ඉන්නවා, :D:yes:

    cgSScUf.jpg


    Ss603oO.jpg


    utYVa4B.jpg


    y6yxl9V.jpg


    HUjOiBx.jpg


    vadE1MB.jpg


    1jvxsms.jpg


    1AzcaM5.jpg



    තව වැදගත් දෙයක් වෙන්නේ මේ කාෆ් මාළු යොදාගෙන මේ ජල පද්දතිය පිරිසිදු කරගන්නවා මේ නගරයේ මිනිස්සු ඒක පාරම්පරිකව රැකගෙන එන ක්‍රමයක්,(සමස්තයක් ලෙස ජපානයේ සෑම ප්‍රදේශයකම මේ ක්‍රමය වඩා ප්‍රසිද්දයි කියනවා)
    කුස්සියේ පිගන් හොදද්දී කෑම වර්ග කෙලින්ම මේ ඇල මාර්ගයට එක වීම වැලක්වීමට මේක කරන්නේ, මේ ගෙවල් වල වෙනම කොටසක් තියනවා කාෆ් මාළු ඉන්න ඒක එක්තරා ආකාරකය ස්වභාවික ජල පෙරනයක් විදියට ක්‍රියා කරනවා. මේ කාෆ් මාළු කෑම අපදව්‍ය ආහාරයට ගැනීමෙන් පසුව තමයි ප්‍රධාන ඇල මාර්ගයට වතුර එක් වන්නේ.
    මේ video එකේ හොදට පැහැදිලි වෙනවා මේ ක්‍රියාවලිය :yes::yes:



    මේ ඇළමාර්ගය මත ඉදිකෙරුණ වේදිකාවක් මේකෙදි එළවලු හෝදන වැඩ කරනවලු

    78k8fpE.jpg


    v6bkbgK.jpg



    බීමට පිරිසිදු උල්පත් ජලය :cool:

    UQfvGLq.jpg


    lYTWRsL.jpg


    නගරබද වැසියන් ඇළ මාර්ග පිරිසිදු හා ජලය නැවුම් ලෙස තබා ගැනීමට සහයෝගයෙන් කටයුතු කරනවා, ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිපලයක් විදියට අවුරුදු සියගණනක් මේ විදියට සුපිරිසිදු ලෙස ජලය පරිහරණය කරන්න ඔවුන්ට හැකි වෙලා තියෙනවා .

    42a9hav.jpg






    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න

    jUcs6.gif
     
    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    patta lassanai bn
    You must spread some Reputation around before giving it to Executer again.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    නියමයි බන්. කාෆ්ලා ඇති කරන්න ආස හිතුනා.
    You must spread some Reputation around before giving it to Executer again.