පැපොල්:Papaya

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,440
    6,613
    113
    Land of Lions
    මමත් වැඩේ පටන් ගත්තා, රෙඩ්ලේඩි ..... දැනට පැල 30ක් දැම්මා ටෙස්ටින් වලට ..... හරි ගියොත් අක්කර 2ක් දනවා..... සයිඩ් ඉන්වෙස්මෙන්ට් ඒකක් ව්දියට දැම්මේ.....


    පැපොල් : Papaya වගා කරමු

    Papaya.jpg


    හැදින්වීම
    පැපොල් ගස සම්භවයවී ඇත්තේ ඇමෙරිකාවේ නිවර්තන ප්‍රදේශයන්හීය. නමුත් එය බොහෝ කලක සිට ලෝකයේ සියලුම නිවර්තන රටවල වගා කරනු ලැබේ. විවිධ පාංශු හා පරිසර තත්ත්වයනට අනුව අනුවර්තනය වීමේ හැකියාව නිසාත් පහසුවෙන් වගා කල හැකිවීම සහ ඉක්මනින් ආදායම් ලබාගත හැකිවීම නිසාත් බෝගය මෙම ප්‍රදේශයන්හි අතිශයින් ජනප්‍රිය වගාවක් බවට පත්ව තිබේ.

    මෙය වසර පුරාම ඵල හටගන්නා පළතුරු වර්ගයකි. ශ්‍රී ලාංකිකයකු විසින් සාමාන්‍යයෙන් මසකදී ආහාරයට ගනු ලබන පැපොල් ප්‍රමාණය ග්‍රෑම් 200ක් පමණ වේ. මේ නිසා මෙය දෙවනි වන්නේ කෙසෙල් වලට පමණි. සියලු දෙනා විසින්ම ආහාරයට ගැනීම සඳහා ප්‍රිය කරනු ලබන පළතුරක් වුවද දේශීයව පවතින ඉල්ලුමට සරිලන අන්දමින් සැපයුමක් නොපවති. විදේශ විනිමය උපයා ගැනීමේ විශාල විභවයක් මේ වගාවට ඇත.

    අලුත් පැපොල් ලෙස එය වඩා ප්‍රිය වේ. පළතුරු සලාද, බිම, ජෑම් සෑදීම සදහාත් ආහාර වර්ග රසවත් කිරීම සඳහාත් ඉදුණූ පැපොල් යොදා ගනී. අමු පැපොල් ගෙඩි ව්‍යාංජනයක් ලෙසද යොදා ගනී. පැපොල් වලින් ලබා ගන්නා පැපේන් නොයෙකුත් නිෂ්පාදන සඳහා යොදා ගනී. එනම් චුයින්ගම්, සබන්, දත් සැකසීමේ ආලේප, ඖෂධ නිපදවීම සහ සම් පදම් කිරීමේ කර්මාන්තයන් සඳහාය.

    දැනට අප රටේ ඇස්තමේන්තුකර ඇති පැපොල් වගා වපසරිය හෙක්ටයාර 5000 - 5500 පමණ වේ. දැනට ශ්‍රී ලංකාවේ අනුරාධපුරය, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, මොණරාගල, පොලොන්නරුව, අම්පාර වැනි ප්‍රදේශ වලද මහවැලි එච්, ජී කලාප වලද වගා කරණු ලැබේ.


    ඖෂධීය ගුණ
    ඉදුණු සහ පිසින ලද පැපොල් ආහාර දිරවීම පහසු කරයි. රෝගීන්ගේ හා වැඩෙන ළමුන්ගේ ශක්තිය වඩවයි. මලබද්ධය නැති කරයි. ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලදී චර්ම රෝග, අර්ශස්, උගුරේ ආබාධ හා පණු රෝග වලට පැපොල් ගසේ ඇට, කොළ හා යුෂ ද භාවිතයට ගනී. මීට අමතරව ප්ලීහාව ඉදිමී ඇති රෝගීන්ට කරන ප්‍රතිකාර සඳහා පැපොල් යොදා ගනී.

    රත්න

    ratna7.png


    #මෙය ශ්‍රී ලංකාවේ බිහි කරන ලද ප්‍රථම පැපොල් ප්‍රභේදය වේ.
    #මෙහි පිරිමි ශාක නොමැති අතර ද්වීලිංගික ශාක සහ ස්ත්‍රී ලිංගික මල් සහිත ශාක ඇත්තේ 2 : 1 අනුපාතයටය.
    #ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 600 - 800 පමණ වේ.
    #වසරකදී ගෙඩි 40 ක් පමණ හටගනී.
    #අපනයනයට සුදුසුය. කදෙහි සම පරතරයෙන් ගෙඩි හටගනී.
    #පිට පොත්ත දැකුම්කළුය. පැල්ලම් රහිතය.
    #රතු පැහැති මදයක් ඇත.
    #මුදු පුල්ලි වෛරස් රෝගයට ප්‍රතිරෝධි නොවන අතර තෙත් කලාපයට නිර්දේශ කරනු නොලැබේ.


    රෙඩි ලේඩි

    Papaya.jpg


    #උසස් ගුණාත්මයෙන් යුත් වැඩි අස්වැන්නක් ලබාදෙන ආනයනික දෙමුහුම් ප්‍රභේදයකි.
    #කන්නයකදී ගෙඩි 30 - 40 පමණ ලබාගත හැක.
    #මෙහිදී පිරිමි ගස් නොමැත. ගැහැණු ගස් වල ගෙඩි රවුම්වන අතර ද්වීලිංගික ගස්වල ගෙඩි දිගැති හැඩයක් ගනී.
    #ගෙඩියක බර කිලෝ ග්‍රෑම් 1.5 - 2.0 දක්වා වේ.
    #මාංශලය රතු පැහැයක් ගනී.
    #මෙය මුදු ලප වෛරස් රෝගයට ඔරොත්තුදෙන බව දක්වා ඇත.


    දේශගුණික අවශ්‍යතා
    පහතරට තෙත් හා වියළි කලාපයේත් පහතරට අතරමැද කලාපයේත් මුහුදු මට්ටමේ සිට මීටර් 500 පමණ දක්වා වූ මැදරට ප්‍රදේශයන්හීත් සාර්ථකව පැපොල් වගා කල හැකිය. මෙම බෝගය විශාල උෂ්ණත්ව පරතරයක් පවතින ප්‍රදේශවල වගා කරනු ලැබේ. නමුත් පිනි බිංදු මිදෙන තරම් අඩු උෂ්ණත්වයක් පැවතීම වගාවට හිතකර නොවේ. කෙසේ වුවද බෝගයේ සාර්ථකත්වය සඳහා සෙන්ට්‍රිගේඩ් අංශක 28 - 35 පමණ පරිසර උෂ්ණත්වයක් පැවතීම වඩා හිතකරය. එසේම මෙවැනි වියළි ප්‍රදේශ වල පැපොල් වගාවන්හී ගෙඩි වඩා මිහිරි රසයකින් යුක්තය.

    දුර්වල කඳක් පැවතීම නිසාත් බෝගයේ වර්ධනය හා ඵල හටගැනීම සාර්ථකව සිදුවීම සඳහාත් පැපොල් වගාවන් තද සුලඟින් ආරක්ෂා කර ගැනීම වැදගත්ය.

    පස
    හොදින් ජලවහනය වන කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු සාරවත් ගැඹුරු පසක් තිබීම පැපොල් වගාව සඳහා ඉතා වැදගත් වේ. පසෙහි ස්වභාවික සාරවත් බව අඩු වුවද කාබනික හා අකාබනික පොහොර මැනවින් භාවිතා කර ජල සම්පාදනය කල හැකිනම් නිසරු පස් වල වුවද බෝගය වගා කළ හැකිය.

    පැපොල් ගසේ කඳ අවට දිගු කාලයක් ජලය රදා පැවතීම සුදුසු නොවේ. එසේම මුල් වර්ධනය වන ප්‍රදේශයෙහි ජලය රදා පැවතීම නිසා මුල් කුණුවී විනාශ වේ. ඒ නිසා පසේ භූ ජල මට්ටම පොළොව මතුපිට සිට සෙන්ටි මීටර් 90 - 120 පමණ ගැඹුරකින් පැවතීම බෝගයේ සාර්ථකත්වය සඳහා ඉතා වැදගත්ය. පැපොල් වගාව සඳහා තිබිය යුතු වඩා සුදුසු පාංශු පී.එච්. පරාසය 5.5 - 6.5 පමණ වේ.

    රෝපණ ද්‍රව්‍ය සකසා ගැනීම
    පැපොල් සිටුවීම සඳහා අවශ්‍ය පැල බහුල වශයෙන් නිෂ්පාදනය කරන්නේ බීජ මඟිනි. මීය අමතරව බද්ධ කිරීමෙන් හා පටක රෝපණය මඟින් පැල නිපදවා ගනී.

    බීජ නිෂ්පාදනය

    4.jpg


    වර්ගයට අනුකූල ලක්ෂණ සහිත බෝගයක් බලාපොරොත්තු වන්නේ නම් එම ප්‍රභේදයේම බීජ ලබාගත යුතුය. සාමාන්‍යයෙන් විවෘත පරාගනයකින් යුත් ඵලයකින් ලබාගන්නා බීජ වලින් අනුකූල ලක්ෂණ නොලැබෙන අතර 50% ක් පමණ පිරිමි මල් හටගන්නා ශාක ඇති විමට පුළුවන. එම නිසා එක ස්ථානයක පැල 3 - 4 සිටුවිය යුතුය. දෙමුහුම් ප්‍රභේදයක ඵලයකින් ලබා ගන්නා බීජ වලින් එම ලක්ෂණ සහිත ඵල ලබාගත නොහැක.

    පැපොල් මල් ස්වපරාගනය කිරීමෙන් බීජ නිෂ්පාදනය කල හැකිය. මෙහිදී ස්වපරාගනය කිරීම සඳහා ආවේනික ලක්ෂණ ඇති ද්වීලිංගික මල් ඇති ගස් තෝරා ගත යුතුය. මේ ද්වීලිංගික පුෂ්ප ආසන්නව පිහිටිය යුතුය. උදය කාලයේ සෙන්ටි මීටර් 9 x 6 පමණ ප්‍රමාණයේ තෙල් කඩදාසි බෑගයකින් ද්වීලිංගික පුෂ්පය වැසිය යුතුය. ද්වීලිංගික මල් පරාගනය කිරීමෙන්ද බීජ නිෂ්පාදනය කල හැකිය. එනම් පිපීමට ආසන්න ද්වීලිංගික පුෂ්පයක පරාග ඉවත් කර බෑගයකින් වැසිය යුතුයි. පසුව වෙනත් ද්වීලිංගික පුෂ්පයකින් පරාග ගෙන පරාග ඉවත්කල පුෂ්පයේ බෑගය ඉවත් කොට එම කලංකය මත පරාග තැම්පත්කර නැවත බෑගයකින් වැසිය යුතුය.



    බීජ නිස්සාරනය

    5.jpg


    ඉහත ක්‍රම වලට ගත් ඵල හොඳින් ඉදුණු පසු නෙලා ගත යුතුය. බීජ ඉවත්කර බීජය වටා ඇති ජෙලටීනමය සිවිය ඉවත් කොට හොඳින් සෝදා ගත යුතුය. මේ බීජ මද පවනේ වියලා ගතයුතු අතර. බීජ වල තෙතමනය 9% පමණ තිබිය යුතුය. වියලන ලද බීජ වාතය ඇතුලු නොවන සේ පොලිතීන් මලු වල සීල්කර ඇසිරිය යුතුය.

    මෙසේ සකස්කරගත් බීජ කාමර උෂ්ණත්වයේ ගබඩා කිරීමෙන් මාස 8 ක් අවුරුද්දක් අතර කාලයක් හොඳ ප්‍රරෝහන ශක්තියක් (80%) ඇතිව තබාගත හැක. ශීතකරණයක 15oC ගබඩා කිරීමෙන් වැඩි අවුරුදු 1 1/2 පමණ කාලයක් හොඳ ප්‍රරෝහණ ශක්තියකින් යුතුව බීජ කල්තබාගත හැක.


    බීජ පැල නිපදවා ගැනීම
    බීජ තවාන් කිරීම වැලි තවානක හා දෙවනුව පොලිතීන් බඳුන් වලද නැතහොත් කෙලින්ම බඳුන්වලද වගාකල හැකිය. වැලි තවානේදී පොලිතීන් බඳුනට මාරු කල යුතුය. බඳුන්වල තවාන් කිරීම සඳහා සෙන්ටි මීටර් 15 x 25 පොලිතීන් බෑග් සුදුසුය. බඳුන් මිශ්‍රණය සඳහා 1 : 1 : 1 මිශ්‍රණය එනම් වැලි, මතුපිට පස්, කොම්පෝස්ට් හෝ දිරූ ගොම පොහොර අවශ්‍යය. පැය 24ක් ජලයේ පොගවාගත් බීජ තවාන් කිරීමෙන් බීජ ප්‍රරෝහණය ඉක්මන් කරයි. දෙමුහුම් ප්‍රභේදයන්ගේ නම් එක් බීජයක් එක් පොලිතීන් බඳුනකට දැමිය හැකිය. සාමාන්‍යයෙන් බීජ 100ක බර ග්‍රෑම් 1.4 පමණ වේ. බීජ සෙන්ටි මීටර් 01 ගැඹුරට දැමිය යුතුය. වතුර වැඩියෙන් දැමීමෙන් වැලකිය යුතුය.

    දින 12 - 20 කාලයේදී බීජ ප්‍රරෝහණය වේ. බීජ පැල සාමාන්‍ය සෙවන ස්ථානයක තබන්න. බීජ පැල පත්‍ර 08 පමණ ඇති විට ක්ෂේත්‍රයේ සිටුවීම සුදුසු වේ. පැල සිටුවීමට දින 10 පමණ පෙර ක්‍රමයෙන් සූර්යාලෝකයට හුරු කිරීමෙන් පැල දැඩිකල යුතුවේ.



    ක්ෂේත්‍ර ස්ථාපනය

    පැපොල් වගාව සඳහා කාබනික ද්‍රව්‍ය අඩංගු ජලය හොඳින් බැසයන ගැඹූරු සාරවත් පසක් සුදුසු වේ. ජලය බැසයාම සඳහා සුදුසු කාණු පද්ධතියක් හා පස් සංරක්ෂණ ක්‍රමයක්ද අනුගමනය කරන්න. මේ සඳහා උස් පාත්ති සකස් කරගත හැකි අතර සිටුවීමේ රටාව අනුව පරතරයන් වෙනස් විය හැක.

    6.jpg


    පස හොදින් සීසා කැට පොඩිකර ගන්ත. පැල අතර මීටර් 2 - 3 ද පේලි අතර මීටර් 2 - 4 ක්ද වන ලෙස පැල සිටුවීම කල හැකිය. පැල සිටුවීම තනිපේලි දෙපේලි අන්දමට හතරස් හා ත්‍රිකෝණාකාර රටා ක්‍රමයන් අනුවද වගා කල හැකිය. ශ්‍රී ලංකාවේ බොහෝ දුරට මීටර් 2.0 x 2.5 මීටර් 2.5 x 2.5 හෝ මීටර් 2.5 x 3.0 හතරැස් ආකාරයට අනුගමනය කෙරේ. මේ අනුව හෙක්ටයාරයකට පැල 2000, 1600 හෝ 1333 අවශ්‍ය වේ. හෙක්ටයාරයකට බීජ අවශ්‍යතාවය ග්‍රෑම් 20 - 40 පමණ වන අතර මෙය ප්‍රභේදය අනුව වෙනස් වේ.

    වලක ප්‍රමාණය සෙන්ටිමීටර් 45 x 45 x 45 වේ. මෙම වලවල් දිරූ ගොම, කුකුල් පොහොර හෝ කොම්පෝස්ට් පොහොර කූඩ 3 ක් හා මතුපිට පස් සමඟ හොදින් කලවම්කර පිරවිය යුතුය.


    7.jpg


    අතුරු බෝග වගාව
    පැපොල් වගාව සමඟ වාර්ෂික බෝගවන මාළුමිරිස්, තක්කාලි, බටු වැන සොලනේසියේ කුලයේ බෝගද, බෝංචි වැනි රනිල කුලයේ බෝගද, රාබු වැනි කෙටිකාලීක බෝගද වගාකල හැකිය. නමුත් පිපිඤ්ඤා, අර්තාපල් සහ අලබෝග සමඟ වගා නොකල යුතුය.

    වියළි හා අන්තර් කලාපයේ ස්ථිර වගාවන් යටතේ (පොල්, අඹ වැනි බහු වාර්ෂික බෝග) අතුරු බෝගයක් ලෙස පැපොල් වගා කල හැක. පොල් සිටුවා අවු 02 ක් දක්වාත් සිටුවා අවු 25 පමණ ගතවූ පසුත් පැපොල් සිටුවීම සඳහා යොදා ගත හැකිය. මෙහිදී වතුර බැස යෑම ගැන සැලකිලිමත් විය යුතුය.

    පැල සිටුවිමට දින 02 කට පෙර නිර්දේශිත පොහොර ප්‍රමාණය වලට දමා පස් සමඟ කලවම් කරන්න. බඳුන් කරන ලද හා දැඩි කරගත් බීජ පැල සිටුවීමට පෙර බඳුනෙහි පොලිතීනය ගලවා පස් ඉහිරී නොයන ලෙස ප්‍රවේශමෙන් සිටුවිය යුතුය. පැලය සිටුවිය යුත්තේ පොළව මට්ටමට මදක් ඉහලිනි. නැතහොත් වලෙහි ජලය රැදීමට ඉඩඇත.

    එක් බීජ පැලයක් එක් වලක සිටුවීමට සුදුසු වේ. විවෘත පරාගනයෙන් ලබාගත් ඵල වල බීජ වලින් ලබාගන්නා පැල නම් පැල 03 ක් සිටුවිය යුතුය. ඒවායේ මල් හටගත් පසු පිරිමි ගස් ඉවත්කර එක් පැලයක් එක් වලකට සිටින සේ සකස් කරගන්න. බීජ පැල ‍ක්ෂේත්‍රයේ ස්ථාපනය කල පසු දිනකට දෙවරක් ජලය සැපයිය යුතුය. එසේම පැල සිටුවා මාසයක් පමණ කාලයක් ගතවන තෙක් ජල ඌනතාවයත් ඇති නොවීමට වගබලාගත යුතුය. පස වියලීම වලක්වා ගැනීමට වසුන් යොදාගත හැකිය. එය යොදා ගත යුත්තේ කඳට මදක් ඈතිනි.


    රසායනික පොහොර නිර්දේශය

    289wwbd.jpg


    පොහොර යෙදීම
    පැපොල් ගසට අධික වශයෙන් පොහොර උරා ගන්නා බැවින් කුඩා කාලයේ හා මේරූ පැපොල් ගස් සඳහා පොහොර යෙදීම අත්‍යාවශ්‍ය වේ. එමඟින් ගසේ හොද වර්ධන වේගයක් හා ථලදාවක් ලබාගත හැක. පසේ පී.එච්. අගය 5ට අඩු නම් එක් වලකට ඩොලමයිට් ග්‍රෑම් 500 බැඟින් යොදන්න. නමුත් මෙය කල යුත්තේ පැල සිටුවීමට සති 2කට ප්‍රථමවයි.

    තවද පැල සිටුවීමට සති 2 කට ප්‍රථම කාබනික පොහොර ප්‍රමාණයක්ද (දිරූ ගොම පොහොර නම් කිලෝ ග්‍රෑම් 10 හෝ කුකුල් පොහොර නම් කිලෝ ග්‍රෑම් 5ක්) යෙදිය යුතුය. මෙසේ කාබනික පොහොර යෙදීම මාස 6කට වතාවක්වත් යෙදීම ඉතාමත් යෝග්‍ය වන අතර ඌණතා රෝගද මඟහරවා ගත හැක.

    නිර්දේශිත රසායනික පොහොර යොදන විට පසේ තෙතමනය තිබිය යුතුය. ගසේ සිට අඩි 1 1 1/2 ක් ඈතින් සිට පත්‍ර විහිදී ඇති දුර ප්‍රමාණයට පොහොර යෙදීම සිදුකල හැක.

    නිර්දේශිත පොහොර යෙදීමේදී බිංදු ජල සම්පාදනය යටතේ පොහොර කාර්යක්ෂමව යෙදිය හැකි අතර කම්කරු ශ්‍රමය හා වියදම අඩුකර ගත හැක. පොස්පේට් ජලයේ දිය නොවන බැවින් ඒ සඳහා ජලයේ දියවන පොස්පේට් වර්ගයක් යොදාගත යුතු වේ.

    බිංදු ජල සම්පාදනයේදී එම මිශ්‍රනය ගස් සංඛ්‍යාව අනුව දින 03 කට වරක් ජල සම්පාදනයෙන් යවන්න. නමුත් පොස්ෆරික් අම්ලය මිලෙන් අධික නිසා එය වෙනුවට පොස්පේට් ප්‍රමාණය පසට එකතු කරගත හැක.


    ජල සම්පාදනය

    ජල හිඟතාවයක් ඇති වුවහොත් ගසේ වර්ධනයට හා අස්වැන්නට බලපායි. එම නිසා වියළි කාලයට ජලය සැපයීම වැදගත්ය. නමුත් වැසි දිනවල ජලය රදාපැවැත්ම වලක්වාගත යුතුවේ. මේ නිසා ගස් පාමුල සිට ක්‍රමයෙන් පිටතට බෑවුම් වන ආකාරයට පස් සකස් කරගත යුතුය.

    8.jpg


    වල් මර්ධනය
    කුඩා කල සිටම ක්ෂේත්‍රයේ වල් පැලෑටි වලින් තොරව තබා ගන්න. වැඩුනු වගාවක ගසේ මුල සිට සෙන්ටිමීටර් 90 පමණ වූ ප්‍රදේශය වල් පැලෑට් වලින් තොරව තබා ගතයුතුය.

    රෝග හා පළිබෝධ
    රෝග

    මුදු පුල්ලි වෛරස් රෝගය


    9.jpg


    #පළමුව ළපටි දළුවල කහ පැහැති පැල්ලම් ඇතිවී පසුව පත්‍ර විච්ත්‍රයන් බවට පත්වේ.
    #මෙයට අමතරව කොළ රැලි වැටේ. පත්‍ර වල පළල අඩු වී සමහර ස්ථානවල නාරටි පමණක් ඉතිරි වේ.
    #එසේම කදේ සහ පත්‍ර නටු වල තෙත් පුල්ලි හටගනී.
    #පැපොල් ගෙඩි වල මෙම රෝගය මුදු ලප අකාරයෙන් දැකිය හැක. මේ නිසා මෙය මුදු පුල්ලි වෛරසය ලෙස හඳුන්වයි.
    #මේ රෝගය කූඩිත්තන් විශේෂ ගණනාවක් මඟින්ද යුෂ මඟින්ද රෝගය පැතිරෙයි.


    පාලනය

    ආරම්භකල අවස්ථාවේ සිටම ඉතා ප්‍රවේශමෙන් වගාව නිරතුරුව පරීක්ෂා කරන්න.
    රෝගී ගස් නිශ්චිත වශයෙන් හඳුනාගත් විගස එම ගස් පුළුස්සා දමන්න.
    වගාවේ 20% පමණ වෛරස් රෝගය තිබේ නම් එම වගාවෙන් අස්වැන්න ලබාගෙන වගාව අවසන් කරන්න.


    ඇන්ත්‍රැක්ස්නෝස් රෝගය

    10.jpg


    #දිලීර නිසා හටගන්නා රෝගයකි. මෙය වැඩිපුර ඉදුණු ගෙඩි වලට වැලදේ.
    #මේ රෝගයේ ලක්ෂණයක් වන්නේ මේරිමට ආසන්න ගෙඩිවල පිට පැත්තේ තරමක් ගිලුනු ස්වභාවයක් ඇති කුඩා කවාකාර දුඹුරු පුල්ලි ඇති වීමයි.
    #ගෙඩි ඉදීමට පටන් ගැනීමත් සමඟ මේ පුල්ලි විශාල වී කළු පාටට හැරේ. පසුව එම ස්ථානය මත සුදු #පැහැති දිලීර හා රෝස පාට බීජානු දැකිය හැක.
    #දිලීරය නිසා මදය කුණුවී යයි.



    පාලනය

    #අස්වනු නෙලන විට ගෙඩිවලට සීරිම් හා තැලීම් ඇති නොවීමට වග බලා ගන්න.
    #මැන්කොසෙබ් හෝ ඩැකොනිල් වැනි දිලීර නාශකයක් යොදන්න.
    #එයට ටීපෝල් හෝ එවැනි තෛලෝද කාරකයක් සමඟ මිශ්‍ර කර ගෙඩිවලට ඉසින්න.
    #අස්වනු නෙලීමට සති 2 කට පමණ පෙර දිලීර නාශක යෙදීම නොකල යුතුය.



    පයිටොප්තරා රෝගය

    11.jpg


    මෙය පයිටොප්තරා දිලීරය නිසා ඇතිවන අතර මෙමඟින් හටගන්නා පුල්ලි තෙත් මෘදු කුණුවීමක් ඇති වී ඉතා සීග්‍රයෙන් මුලු ගෙඩියම කුණුවී පැතිරේ.

    පාලනය

    අස්වනු නෙලන විට ගෙඩිවලට සීරීම් හා තැලීම් ඇති නොවීමට වගබලා ගත යුතුය.
    මේ සඳහා මැන්කොසෙබ් හෝ ඩැකොනිල් වැනි දිලීර නාශකයක් යොදන්න. මෙයට ටීපෝල් හෝ එවැනි තෛලෝද කාරකයක් සමඟ මිශ්‍රකර ගෙඩි වලට ඉසින්න.
    අස්වනු නෙලීමට සති 02 පමණ පෙර දිලීර නාශක යෙදීම නොකල යුතුය.


    කොල පුල්ලි රෝගය

    12.jpg


    කොළ පුල්ලි රෝගය බොහෝ විට ඇස්පෙරිස්පොරියම් කැරිකේ ( AsperisporiumCaricae ) සහ කොරිනෙස්පෝරා ( CorynesporaSpp ) නැමති දිලීර නිසා ඇති වේ.

    #ඇස්නෙරිස්පෝරා කැරිකේ දිලීරය වැලදුන පත්‍රයන්හි පළමුව දිය ගැල්වුනු කවාකාර ලප පත්‍ර මතුපිට ඇති වේ.
    #පසුව එම ලප අළුපාටට හුරු දුඹුරු පැහැයට හැරේ.
    #පත්‍ර යටි පැත්තේ කළු පාට ලප දක්නට ලැබේ.
    #තදින් ආසාදනය වූ විට පත්‍ර හැකිලී දුඹුරු පාටවී හැලී යයි.
    #රෝගය ගෙඩිවලට වැලදුන විට මදක් ගිල්වු කවාකාර කළු පැහැති ලප ඇතිවේ.
    #නමුත් මේවා ඇතුලත කොටස් කුණුවීමක් සිදු නොවේ.
    #කොරිනෙස්පෙරා දිලීරය වැලදුනවිට පත්‍ර වල ලා දුඹුරු පැහැති කුඩා කවාකාර පැල්ලම් දක්නට ලැබේ.
    #මේවා පළමුව පහල පත්‍ර වල ඇතිවී ඉහල පත්‍රකරා යයි.
    #මේ පැල්ලම් වටා කහ පැහැති ප්‍රදේශයක් දක්නට ඇත.
    #වර්ෂාවත් සමඟ ඉක්මනින් ව්‍යාප්ත වේ.
    #මේ පැල්ලම් එකටවී විශාලවී පත්‍ර මැරී යාමටද ඉඩ ඇත.
    #රෝගය ගෙඩිවලට වැලදුන විට කුඩා තද පැහැති ගිල්ලුන ලප ඇති වේ.

    පාලනය

    #රෝගී පත්‍ර ඉවත්කර මැනෙබ්, ඩැකොනිල් හෝ මැන්කොසෙබ් වැනි දිලීර නාශකයක් ඉසින්න.
    #රෝගය තදින් පැතිරී ඇත්නම් එම දිලීරනාශක දින 10-14 අතර වතාවන් 2 හෝ 3 යොදන්න.



    මුල් කුණුවීම හා කඳ පාමුල කුණු වීම

    13.jpg


    මෙම රෝගය ප්‍රධාන වශයෙන් පසෙහි පවතින දිලීරයන් වන පීතියම් සහ පයිටොප්තරා විශේෂයන් මඟින් හටගනී.

    #වැඩුණු ගස්වල වයස්ගත පත්‍ර කහපාට වී කඩා වැටේ.
    #පසුව ගසේ සෙසු පත්‍රද ක්‍රමයෙන් මැලවී යයි.
    #මේ රෝගය පැහැදිලි වශයෙන් හඳුනාගත හැකිවන්නේ මේරූ පත්‍ර සියල්ල කඩා වැටුණු ආකාරයෙන් හා අග්‍රස්ථ පත්‍ර පමණක් කුඩාවට ඉතිරිව ඇති බව පැහැදිලිව පෙනේ.
    #මුල් වල කුණුවීමක් දැකගත හැක. අවසානයේදී ගස මැරී යයි.
    #පැල කුඩා අවධියේදී මේ රෝගයට පහසුවෙන් ගොදුරු වෙයි.
    #කඳ පාමුල කුණුවීමේදී පොත්තේ තෙත් කුණුවීමක් ඇති වේ. පසුව කළු පාටට හැරිය හැක. මෙහිදී ද පත්‍ර කහ පාට වී අවසානයේදී ගස මැරී යයි.

    පාලනය

    #මේ දිලීරය ජීවත් වන්නේ පසේ බැවින් තවාන් දැමීමේදී පස් ජීවානුහරණය කිරීම වැදගත්ය.
    #බීජ ද දිලීර නාශකයකින් ප්‍රතිකාර කර සිටුවිය යුතුය.
    #වගාව තුල ජලය රදා නොපැවතීමට අවශ්‍ය පියවර ගත යුතුය.
    #රෝගය පැතිරෙන අවස්ථාවලදී පොළව තෙමෙන සේ තිරාම් හෝ හෝමයි වැනි දිලීර නාශකයක් යොදන්න.



    පැපොල් වගාවේ පළිබෝධකයින්
    කොරපොතු කෘමීන්


    14.jpg


    කොරපොතු කෘමියා පොත්තේ ඇති යුෂ උරා බී විෂ සහිත ද්‍රාවනයක් පිට කිරීමෙන් මෙය සිදුවේ.
    එම ස්ථාන කොළ පාටට ඇති අතර අනික් ස්ථාන කහ පාටට තිබේ.
    මේ කෘමියාගේ හානිය සිදුවන්නේ ගෙඩි වලටය.
    රවුම් දුඹුරු පැහැති කොරපොතු වැනි කෘමි ඝනාවාස ගෙඩි මත තිබෙනු දක්නට ලැබේ.

    පාලනය

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් නොමැත.
    කලාතුරකිනන් අධික ලෙස ආසාධන තත්වය දක්නට ඇත.

    මයිටා හානිය

    බොහෝ විට දක්නට ඇත්තේ බීජ පැල වලය.
    මෙහිදී පත්‍ර යටි අතට නැමී හැකිලී කහ පැහැයක් ගනී.
    ආසාදනය වූ පත්‍ර යට පැත්තේ නාරටි දිගේ මයිටාවන් දැක ගත හැක.

    පාලනය

    නිර්දේශිත ගෙන්දගම් මිශ්‍රණය පත්‍ර යටි අතට ඉසීමෙන් මර්ධනය කල හැක.


    ඌනතා රෝග
    පැපොල් ගැට රෝගය


    15.jpg


    #බෝරොන් ශාකයට අවශ්‍ය පමණට පසෙහි නොතිබුන විට හා එය පසෙහි තිබුනද ශාකයට උරාගත හැකි තත්වයෙන් නොතිබීම නිසා ඇති වේ.
    #කුඩා ගස්වල පත්‍ර කහ පාට වේ. ගසේ අග්‍රස්ථයේ පත්‍ර කුරු වේ.
    #පැපොල් ගෙඩි මත ගැට වැනි නෙරීම් දක්නට ඇත.
    #ගෙඩිය මතුපිට ඝනකම් ස්වභාවයක් ඇති වේ.
    #ගෙඩිවල මදයේ ඇති සීනි ප්‍රමාණය අඩු වේ.
    #මතුපිටින් කිරි වැස්සීම සිදු වේ.
    #මැටි මිශ්‍ර සහ හුණු ප්‍රමාණය අධික පස් වලද, ජලය හොඳින් බැස නොයන ස්ථාන වල වගා කල ඇති ගස් වල මෙය දක්නට ඇත.
    #තවද හොඳින් දිරා නැති කුකුල් පොහොර යෙදීම නිසාද බෝරොන් මූලද්‍රව්‍ය ගසට ලබා ගැනීම අපහසුය.


    පාලනය

    #වියලි කාලයේදී පසට නිසි ලෙස ජලය එකතු කිරීමෙන් ද ශාකයට සුදුසු පාරිසරික පසක් සකස් කිරීමෙන් පාලනය කල හැක.
    #තවද පසේ තෙතමනය ඇති අවස්ථාවේ බෝරැක්ස් කුඩු 10 ග්‍රෑම් පසට යොදන්න.
    #මීට අමතරව රත්න වැනි ප්‍රත්රෝධී පැපොල් වර්ග වගා කිරීම



    ඵල වල විවිධ විෂමතාවයන්
    ඵල විකෘති වීම


    16.jpg


    #මෙය පාරිසරික හේතුන් මත සිදු වේ.
    #පරාගධානිය අස්වාභාවික ලෙස වර්ධනය වී ඵලයේ කොටසක් බවට පත් වේ.
    #රාත්‍රී කාලයේ අඩු උෂ්ණත්වයක් සමඟ අධික තෙතමනය සහ අධික නයිට්‍රිජන් ප්‍රමාණය මෙයට බලපායි.
    #මේ වැනි ගස් වලින් බීජ නිෂ්පාදනය සඳහා ඵල තෝරා නොගත යුතුය.


    17.jpg


    #හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.
    #ඵලය ඇතුලත කුහරයේ කුඩා ද්විතීක ගෙඩි හට ගැනීම සිදු වේ.



    නිසිලෙස පරාගනය නොවීමෙන් ඇති වන විෂමතාවය

    18.jpg


    #පරාග අවශ්‍ය පමණට කලංකය මත පතිත නොවීම නිසා නොයෙක් අසාමාන්‍යතා ඇති වේ.
    #මෙහිදී බීජ නොමැතිව ගෙඩි හටගනී.
    #සුළු බීජ පුමාණයක් පවතින විට ඒවා ඵලයේ කුහරයේ ඉහල කොටසට පමණක් සීමාවී පවතියි.
    #ගෙඩිය ඉදෙන විටදී බීජ පවතින ප්‍රදේශය සාමාන්‍ය පරිදි ඉදෙන අතර ‍අනෙක් කොටස ඉතා සෙමෙන් ඉදෙයි.



    ඵලයේ සුදු පැහැති බීජ ඇතිවීම

    19.jpg


    මේ සඳහා ද හේතුව සොය‍ගෛන නැත.
    බීජ හා මාංශලය පිටත ආවරණයට වඩා අඩු වේගයකින් පරිනත වීම මෙහිදී සිදු වේ.


    ඵල තුනී කිරීම
    ඇතැම් ගස් වල ගෙඩි එකිනෙකට ලන්ව පිහිටිය හැක. ගෙඩි වල විශාලත්වය වැඩිකර ගැනීම සඳහා ගෙඩි එකිනෙකට ගැටීමෙන් විරූපී හැඩයක් ඇතිවීම වලක්වා ගැනීම සඳහාත් කුඩා කාලයේදී ඵල තුනීකරන්න. මෙසේ ඉවත්කල යුතු ගෙඩි අතින් කඩා දමන්න.

    අස්වැන්න

    එක් ගසකින් වසරකදී ගෙඩි 30 - 40 පමණ ලබාගත හැකිය. ලබාගත යුතු අස්වැන්න තීරනය වන්නේ පසේ සාරවත් කම අනුව හා වගා පාලන කටයුතු මතය. පැපොල් වගාවක් ආර්ථික මට්ටමින් පවත්වාගත හැකි වන්නේ වසර 2 - 3 කාලයකි. මෙයට පසුව හටගන්නා ගෙඩි ප්‍රමාණයෙන් කුඩා වේ. ගස්වල උස වැඩි වීම නිසා අස්වනු නෙලීම අපහසු වේ.


    පසු අස්වනු තාක්ෂණය
    ශක්තිමත් හොඳින් වාතාශ්‍රය සිදුවන ප්ලාස්ටික් ඇසුරුම් පැපොල් ප්‍රවාහනය සඳහා සුදුසුය. සෑම පැපොල් ගෙඩියක්ම කඩදාසි වලින් ඔතා නටුව පහලට සිටින සේ තනි ස්ථරයක් ලෙස තැම්පත් කොට ප්‍රවානය කල යුතුය. අද වෙලඳපොලේ මේ සඳහා විශේෂිත ඇසුරුම්ද ඇත.





    source : https://www.doa.gov.lk/FCRDC/index.php/si/2015-09-22-05-59-42/32-papaw1
     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    maru ban, Dan Fruits and Vegi thamai godak suddo kanne. Lankawe un Unge Mac,kfc kawata. Avocado ehema Sahenna Kanawa suddo salad walata.
     

    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Math asai wadeta, puluwan nam pics update karanna,math gedara pela 3 kwage dala thiyenne ebay ekin aran damme seeds thailand red lady.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,440
    6,613
    113
    Land of Lions
    Math asai wadeta, puluwan nam pics update karanna,math gedara pela 3 kwage dala thiyenne ebay ekin aran damme seeds thailand red lady.

    මට පටන්ගන්න හිතුනේ මේ ෆර්ම් ඒකට ගිය වෙලේ.... :):):):):)
    fog1s2.jpg
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,440
    6,613
    113
    Land of Lions
    මොකක්ද ඔය වර්ගේ?දැන් අර ඉස්සර ලංකාවේ තිබ්බ ගස්ලබු වර්ග නැද්ද?

    mama nam damme red lady ban..... issara ewa nam dan adui..... gediya 4KG yanawa make ae nisa wade labai..... patta production eakak theynne.....
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    වටිනා විස්තරයක්

    වවනවා කියන්නේ ෆුල් හිතට relax දෙයක් තමයි :)

    ඕක අර පොත්ත හයිය වර්ගෙද බන්
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,440
    6,613
    113
    Land of Lions
    වටිනා විස්තරයක්

    වවනවා කියන්නේ ෆුල් හිතට relax දෙයක් තමයි :)

    ඕක අර පොත්ත හයිය වර්ගෙද බන්

    පට්ට රිලැක්ස්.....ඔව් බං.....
    ගෙඩියක් 3-4 Kg වගෙ යනව..... දැන් මර්කෙට් ඒකේ 1kg රු100 ..... උඩ විඩියෝ ඒකක් දෑම්ම කොහොමද ඒක production.....පට්ට ලාබයි.....
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    den wewili weda kranna amarui neda ban? minissu na hitiyath un kiyana ganan ahuwama uda yanava,anith eka horen kadanawa neda?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    පට්ට රිලැක්ස්.....ඔව් බං.....
    ගෙඩියක් 3-4 Kg වගෙ යනව..... දැන් මර්කෙට් ඒකේ 1kg රු100 ..... උඩ විඩියෝ ඒකක් දෑම්ම කොහොමද ඒක production.....පට්ට ලාබයි.....

    ඕව් හොදට කරගත්තොත් හොද income නේ :)

    ජය වේවා :)