තීන්ත ආලේප කරගන්න උපදෙස්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    තීන්ත ආලේප කරගන්න උපදෙස්

    මේ වෙනකොටත් අහල පහල අවුරුදු අසිරිය ටික ටික පේන්න පටන් අරගෙන. කොහොමත් තව ටික දවසකින් ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරලා, ජනෙල් වලට දොර වලට අලුතින් කර්ට්න් එහෙම දාලා වෙනසක් කරලා ගන්න හැමෝම ලැහැස්ති වෙනවනේ. හැබැයි හිතෙන්නේ නැද්ද මේ ගමන්ම ගෙදර තීන්ත ටිකකුත් ගාලා දැම්මනං හොඳයි කියලා? කොහොමත් ගෙදර තීන්ත ගාපු බිත්ති මේ වෙනකොට සෑහෙන්න අවපැහැ ගැන්විලා නං, තීන්ත පොතු ගැලවෙනවා නං ඒ කියන්නේ අනිවා තීන්ත ගාන්න කාලේ හරි කියන එක තමයි. කොහොමත් අලුතින්ම තීන්ත ගෑවහම ගෙදරට එන එලිය වෙන මොකක් කරලාවත් ගන්න බැහැනේ. ඉතින් මේ කියන්න යන්නේ ගෙදර තීන්ත ගාන්න හිතනවා නං අනිවා සැලකිලිමත් වෙන්න ඕන කාරණා 7 ක් ගැන.



    1. නෝනට ගැලපෙන පාට


    ගාන්නේ මොන පාටද කියලා හිතන එකනේ මූලිකම වැඩේ. සාමාන්‍යයෙන් ඉතින් කියන්නේ නෝනට ගැලපෙන පාට ‍තෝරගන්න කියල වුනාට, ඊට වඩා කරුණු කාරණා බලන්න වෙනවා ගෙදරට ගාන පාට ‍තෝරනකොට. සෑහෙන්න වෙලාවට ලා පාට, මධ්‍යස්ථ දුඹුරු වගේ වර්ණයන්, එතකොට බේජ් හරි සුදු හරි තමයි ගොඩක් දෙනා ගෙදරට ගාන්න ‍තෝරගන්නේ. මේ වගේ පාට වලින් අර ගේ ඇතුළේ ඉඩ වැඩිකරලා පෙන්වන ගතියක් තියෙනවා. හැබැයි සාලෙටයි, කාමරවලටයි එකම පාටම ගාන එක පොඩ්ඩක් බෝරින්. කාමර ඇතුළට වඩා පැහැපත්, ඇහැට ප්‍රිය වර්ණයන් පාවිච්චි කරන්න පුලුවන්.

    කොහොමත් තීන්ත කඩේ මල්ලිගෙන් හරි තීන්ත බාසුන්නැහේගෙන් හරි ඉල්ලගන්න කලර් පැලට් එකෙන් බලලනේ කලර්ස් ‍තෝරන්නේ. එහෙම පාට ‍තෝරනකොට පරිස්සං වෙන්න ඕන ඉන්ටීරියර් ඩිසයින් එකටත් ඒ ‍තෝරන පාට මැච් කරගන්න. එක්ස්පර්ට්ලා නං කියන්නේ සාලෙක වගේ පාට ගානකොට වඩාත්ම විශාල අලංකරණය, ඒ කියන්නේ කලාලයක් හරි බිත්තියේ තියෙන මියුරල් එකක් හරි, සෝෆා සෙට් එක හරි දිහා බලලා ඒකට ගැලපෙන්න පාට මැච් කරන්න කියලා තමයි. ඒ පාටම ගාන්න නෙවෙයි කියන්නේ, ඒකට ගැලපෙන්න පාට මැච් කරන්න කියලා!



    2. ඊලඟට ගැලපෙන තීන්ත වර්ගයක් ‍තෝරගන්නත් ඕනනේ

    සාමාන්‍යයෙන් නම් ගෙදරට ගාන්න ඕන පාට තීරණය කරන්නෙත් ගාන්නේ මොන තීන්ත වර්ගෙද කියලා ‍තෝරාගත්තට පස්සේ තමයි. එතකොට මොන බ්‍රෑන්ඩ් එකේ තීන්තද ගෙදරට ගාන්නේ කියලා ගොඩක් වෙලාවට තීරණය කරන්නේ එක්කෝ බාසුන්නැහේ, එහෙමත් නැතිනම් තීන්ත කඩේ අය්යා. ඒක හරියන්නේ නෑ. අපි ඇත්තටම ගෙදරට ගාන්න තීන්ත වර්ගයක් ‍තෝරාගන්නකොට මුලින්ම හිතන්න ඕන දේ තමයි මේ තීන්ත වර්ගය සෞඛ්‍යාරක්ෂිතද කියන එක. එහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා.

    ඉස්සර ඒ තරම් සැලකුවේ නැතත්, දැන් වෙනකොට තීන්ත වර්ග වල ඊයම් තිබීම මිනිස්සුන්ට වගේම පරිසරයටත් ඉතාමත්ම අහිතකරයි කියන එක හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම නියම ප්‍රමිතියට නිෂ්පාදනය නොකරන, ඊයම් සහ වෙනත් විෂ රසායන අඩංගු තීන්ත ගාලා තියෙන ගෙදරක ඉන්න අයට පිළිකා වගේ ලෝකේ තියෙන භයානක ලෙඩ රෝග හැදුනත් පුදුම වෙන්න දෙයක් නෑ. එතකොට ශරීරගත වෙන ඊයම් නිසා හැදෙන්න පුලුවන් පිළිකා විතරක් නෙවෙයි. විශේෂයෙන්ම මොළය සම්බන්ධ ගැටළුකාරී තත්වයන් සෑහෙන්න ඇති වෙන්න පුලුවන්. කොහොමත් කලින් හඳුනා නොගත්තොත් අනිවා මරණයෙන් කෙළවර වෙන ලෙඩ තමයි ඊයම් විෂ වීම නිසා හැදෙන්නේ. ආන්න ඒ නිසා ‘උසස් ප්‍රමිතිය’ කියලා තීන්ත ටින් එකේ ගහලා තිබුණු පලියට ගන්නෙ නැතුව, නියමිත ප්‍රමිති සහ තත්ව සහතික තියෙනවද කියලා ෂුවර් කරගන්න ඕන. විශේෂයෙන්ම Lead Safe Paint හෙවත් ඊයම් සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තර තත්ව සහතිකය තියෙනවාද කියලා බලන එක හොඳයි.

    ඒ වගේම ඔය VOC කියලා කියන අධිකතර වාෂ්පශීලී කාබනික සංයෝගයන් අපි ‍තෝරගන්න පේන්ට් වල තියෙනවද කියලත් බලන්න ඕන. මොකද VOC වලටත් සෑහෙන්න සෞඛ්‍ය ගැටළු ඇති කරන්න පුලුවන් නිසා.



    3. තීන්ත ගාන්න කලින් වැඩේට රෙඩි වෙන්න ඕනනේ

    සමහර ගෙවල් වල තීන්ත ගාන්න පටන් ගත්තට පස්සේ ආයි බෝම්බයක් පිපිරුවා වගේ තමයි. සමහර වෙලාවට ගෙදර බඩු මුට්‍ටු එහෙමත් ගන්න දෙයක් නෑ. එහෙම වෙන්නේ පරිස්සම සහ පෙර සූදානම නැති නිසා තමා. ඒ හින්දා තීන්ත ගාන්නේ බාසුන්නැහේ නං ඒ මහත්තයට ඕන විදියට වැඩේ කරගනී කියලා ඉඳලා හරියන්නෙ නෑ. මූලිකවම තීන්ත ගාන්න ඕන කරන අවකාශයේ තියෙන ගෘහ භාණ්ඩ අනං මනං ඔක්කොම අයින් කරලා දාන එක වඩාත් නුවණට හුරුයි. ගොඩක් දෙනා කරන්නේ බඩු මුට්‍ටු අයින් කරන්නේ නැතුව ඒවා රෙදි වලින් හරි පත්තර කඩදාසි වලින් හරි වහලා දාන එක. හරියට ප්‍රවේසමට කරන්න පුලුවන් නං කමක් නෑ. හැබැයි අයින් කරන්න පුලුවන් නං වඩාත් හොඳයි.

    අනික බිමට එලන්න ඕන පරණ ඇඳ රෙදි ටිකක් හරි පරණ පත්තර කොළ හරි. බිම තීන්ත ඉහිරුවලා පස්සෙ පණ දාගෙන සුද්ද පවිත්‍ර කරනවට වඩා මුල ඉඳන්ම බිම පරිස්සං කරගෙන තීන්ත ගාන එක හොඳයිනේ. අනික පොළවත් බිත්තියත් අතර ලී පටියක් (skirting) එහෙම ගිහින් තියෙනවා නං ඒකත් බොහොම පරිස්සමට ආවරණය කරන්න ඕන. මොකද ඒකේ තීන්ත හැලුණට පස්සේ යවන එක හෙනම ගේමක් නිසා. හොඳම වැඩක් තමයි ඔය ලී පටි, උලුවහු, ජනෙල් රාමු ආවරණය වෙන්න මාස්කින් ටේප් ගහන එක. මාස්කින් ටේප් ගැහුවට ලීයේ කිසිම පැල්ලමක් හිටින්නෙත් නෑ. හිතේ කරදරයක් නැතුව හිතේ හැටියට පේන්ට් කරලා පස්සෙ මාස්කින් ටේප් ගලවලා දාන්නත් පුලුවන්.

    උපුටා ගැනීම http://www.aniwa.lk/2017/03/25/1703254-paint-your-house-multilac/
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පේන්ට් බෑන්ඩ් විදියට ඩියුලක්ස් - සීඅයිසී පේන්ට් හොඳයි. durablity.

    කෝස්වේ පේන්ට් ඊළඟට

    ඔය ඇඩ් දාලා ඊයම් අඩුයි කියන මල්ටිලැක් වල දිගු කල් පැවැත්ම ගැන ප්‍රශ්න තියෙනවා :dull:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට මෙහෙම සීන් එකක් උනා ඩියුලක්ස් ගෑව ගෙදර එක කාමරේකට මදි උනා. හත් ඉලව්වයි කිව්වලු බඩු නෑ. එකට නිපෝලැක් ගෑවා.
    ඩියුලක්ස් පාට පිච්චෙනවා ඉක්මනට. ෆොටෝ එකක් එහෙම ගලවලා බැලුවම පේනවා.සීන් එක හොඳට. ඒ වැහිච්ච ටිකට වඩා අනිත් තැන් වල පාට පිච්චිලා කියල. නිපොලැක් එකේ එක වෙන්නේ හෙමින්.