අවුරුදු කාලේ වියදම් පාලනේ කරන්නේ මෙන්න මෙ
අවුරුදු කාලේ වියදම් පාලනේ කරන්නේ මෙන්න මෙහෙමයි රාළේ
දැන් වෙනකොට සිංහල අවුරුදු අසිරිය එහෙන් මෙහෙන් පේන්න පටන් අරගෙන තියෙන්නේ. කොහා ඇවිත් සිංදු කිව්වේ නැතත් පොඩ්ඩක් එළියට පහළියට බැහැලා බලනකොට අවුරුදු අසිරිය හැම තැනම. ඒ කිව්වේ හැම කඩේකම සේල් සේල් කියලා බඩු විකුණන්න පටන් අරගෙන, පේමන්ට් එකේත් බඩු විකුණන පොඩි පොඩි තාවකාලික පොට් පිරිලා, මිනිස්සු හැම ටවුමකම සූ ගාලා, එතකොට රතිඤ්ඤා අනං මනං විකුණන පොඩි කඩත් වැහි වැහැලා කියන එක තමා. හැබැයි ඉතින් අපි හැමෝම දන්න දේ තමයි සේල් කියලා විකුණන ඒවත් වෙනදට වඩා ගණන් ගිහින් කියලා. ඉතින් මේ ආර්ථිකේත් එක්ක කොහේදෑ අවුරුදු කන්නේ? එහෙම හිතන හැමෝටම ප්‍රැක්ටිකල් ටිප්ස් ටිකක් තමයි මේ දෙන්න යන්නේ.
1. අවුරුදු ෂොපින් කරන්න අවුරුදු එනකල් ඉන්න එපා!
මෙන්න මේක තමයි පළවෙනිම කාරණේ. දැන් සිංහල අලුත් අවුරුද්දට සෑහෙන ඇඳුම් කැඩුම් ගන්න වෙනවනේ. ඒ කියන්නේ අවුරුද්දට අඳින්න නැකැත් පත්තරේ තියෙන පාටට මැච් වෙන ඇඳුමයි, අවුරුදු ඉවරවෙලා ඔෆිස් අඳින්න අලුත් ඇඳුමයි, ඉන් පස්සේ තෑගි දෙන්න තව ඇඳුම්, ඔහොම කීයක් ජාතිද. එතකොට තව ඉතින් තෑගි බෝග, ගෙදරට ඕන දේවල් අනං මනං ගන්න වෙනවනේ අවුරුද්දට. ඉතින් අපි කියන්නේ පරණ වෙන්නේ නැති මේ වගේ දේවල් ගන්න අප්‍රේල් මාසේ එනකල් ඉන්න එපා. මාර්තු අග වෙනකල් ඉන්නත් එපා. මාර්තු මුලම ෂොපින් පටන් ගන්න. මෙහෙම කිව්වට ඉතින් අපේ අය්යලා ෂොපින් තියාගන්නේ අනිවා අප්‍රේල් දොළහ හවස තමයි. ඒකෙන් වෙන්නේ අපි වෙළඳ මහත්තුරුන්ට වැඩිපුර ගෙවන එක. එහෙම ඕන නෑනේ බොස්. පොඩ්ඩක් කලින් ප්ලෑන් කරගන්න තමයි තියෙන්නේ ෂොපින් වැඩේ. මේකේ තව වාසියක් තමයි කාලේ සහ කේන්තිය ඉතුරුව. ඒ කියන්නේ කණ පැලෙන්න සෙනඟ අස්සේ හිරවෙන්නෙ නැතුව බඩු ටික අරගෙන එන්නත් පුලුවන් අවුරුදු ෂොපින් මාසයක් තියලා කලොත්.
2. එහෙම කලින් ෂොපින් කරන්න සල්ලි කෝ?
Avurudu Cash Hacks
Source – tellychakkar.com
අන්න ඒකත් බොන්න වෙන ප්‍රශ්නයක්. ඇයි ගොඩක් දෙනා ෂොපින් කරන්න බලාගෙන ඉන්නේ අවුරුද්දට වැඩිපුර හම්බුවෙන බෝනස් එක දිහා, එහෙම නැත්තං අප්‍රේල් පඩිය කලින් දෙන එක දිහානේ. හැබැයි ඊට වඩා හොඳ නැද්ද පොඩි ප්ලෑනකට වැඩ කලොත්? ඒ කියන්නේ අවුරුද්දේ පළවෙනි මාස දෙක තුනේදී සාමාන්‍ය ගාණක් අවුරුදු කන්න කියලා වෙන් කරලා තියාගත්තොත්? එතකොට බෝනස් හම්බුවෙන ඒවා ඉතුරු කරගන්නත් පුලුවන්. මේවා ලියන තරමට කරන එක ලේසි නෑ තමයි. හැබැයි වුවමනාව සහ මූල්‍යමය විනය තියනවා නං බැරිත් නෑ.
3. අවුරුද්දට ගෙදරට ඕන බඩු මුට්‍ටු
මෙන්න මේක බොන්න වෙන ප්‍රශ්නයක් බවට පත්වෙන්නේ බඩු අරගෙන බිල අතට ආවට පස්සේ. හැබෑටම ඇයි අවුරුදු කාලෙට මෙච්චර බඩු ගණන් වැඩි? එහෙම තමයි හැමෝම අහන්නේ. හේතුව ඉතින් ඉල්ලුම සහ සැපයුම සීන් එක තමා. කොහොම හරි දැන් සිංහල අවුරුද්දට උයන්න පිහන්න ඕන කරන බඩු අවුරුද්දට මාසෙකට කලින් ගන්න බෑනේ. බැරිද? පුලුවන්, නරක් වෙන්නෙ නැති, කල් ඉකුත් වෙන්නෙ නැති බඩු. එහෙම නොවෙන ඒවා ගන්න වෙන්නේ අවුරුදු ලං කරලම තමයි. හැබැයි මෙතනදී සුපර් මාකට් වලින් එහෙම බඩු ගන්න එක හොඳ ඔප්ෂන් එකක් වෙනවා. ඒ තමයි පොදුවේ මාකට් එකේ ගණන් වැඩි බඩු වුනත් අවුරුදු කාලෙට පොඩි හරි ඩිස්කවුන්ට් පාරක් එක්ක ගන්න පුලුවන් වීම. හැබැයි හරියට හොයලා බලලා වැඩේ කරන්න ඕන. මොකද හැමදේටම ඩිස්කවුන්ට් ලැබෙන්නෙත් නෑ. හොඳම දේ තමයි මාකට් එකේ පොදු මිල ගණන් එක්ක හැම වෙලේම තමන් බඩු ගන්න තැන මිල ගණන් සසඳන එක. කට්ටක් තමයි. හැබැයි ඉතින් කීයක් හරි ඉතුරු කර ගන්න පුලුවන්.
අනිවා Glorious History & Culture Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි
4. සල්ලි පුච්චන රතිඤ්ඤා
රතිඤ්ඤා නැති සිංහල අලුත් අවුරුද්දක් කියන්නෙ හරියට නත්තල් ගස් නැති නත්තලක් වගේ කියන එක තමයි සාමාන්‍යයෙන් තියෙන මතය. මොකද සිංහල අලුත් අවුරුදු එනවා කියලා දැනෙන්න ගන්න එක කාරණයක් තමයි එහෙන් මෙහෙන් ඇහෙන රතිඤ්ඤා පුපුරන සද්දේ. හැබැයි දැන් දැන් තව ප්‍රතිවිරුද්ධ මතයක් ගොඩනැඟෙමින් තියෙනවා රතිඤ්ඤා වලට විරුද්ධව. සමහරු කියද්දී සල්ලි පුච්චන එක අපරාදයක් කියලා, තවත් සමහරු කියනවා ගෙවල් වල ඉන්න අහිංසක සත්තු බය කරන්න මොකට ඕවා පත්තු කරනවද කියලා. ඒ කොහොම වුනත් රතිඤ්ඤා ගන්න ඕන නම් ඒක තමන්ගේ තීරණයක්. හැබැයි අපි යෝජනා කරන වියදම අඩු කරගන්න පුලුවන් උපක්‍රමයක් තියෙනවා. පුලුවන් නම් රතිඤ්ඤා තොග වෙළඳුන්ගෙන්ම ගන්න. පොඩ්ඩක් විපරම් කරලා ඒ අයව හොයාගන්න පුලුවන්. එහෙම නැතිනම් ලඟම තියෙන පාර අයිනේ රතිඤ්ඤා තට්‍ටුවෙන් ගන්නෙ නැතුව, පොඩ්ඩක් ලොකුවට තියෙන ෂොප් වල ගණන් එක්ක සසඳලා බලන්න. ගොඩක් වෙලාවට රතිඤ්ඤා තට්‍ටුවල ගණන් වැඩිවෙන්න තියෙන ඉඩ වැඩියි.
5. මාසේ මැද හම්බුවෙන මාසෙ අග පඩිය
මෙන්න මේක තමයි ගොඩක් දෙනෙක් අවුරුදු කාලා දිරවගන්න බැරි තැනට එරෙන පොට. බෝනස් දෙන්න තියෙන කම්මැලිකමට ගොඩක් කොම්පැණි වලින් කරන කට්ට වැඩක් තමයි මාසෙ පඩිය මාසෙ මැද දෙන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාසේ අන්තිමට දෙන පඩිය හරි ඒකෙන් කොටහක් හරි මාසේ මැද්දේ අවුරුදු කන්න කියලා දෙනවා. එතකොට අපේ පිංවතුන් මොකද කරන්නේ, සොමිය ඉතිරෙන්න සුදිය දානවා. ඊට පස්සේ මාසේ ඉතුරු ටික ගෙවාගන්න වෙන්නේ රිම් එකෙන් නැත්තං ලෝන් එකෙන් තමයි. අන්න ඒ නිසා පඩිය හරි පඩියෙන් කොටහක් හරි කලින් දුන්නා කියලා සුද්දා වගේ වියදං කරලා හරියන්නෙ නෑ. තමන්ගේ මාසේ ප්ලෑන් එක බලලා, අනික් අත්‍යාවශ්‍ය වියදම් වලට අයින් කරලා තමයි කරන මගුලක්. එහෙම නැතිනම් ඉතින් අර උඩින් කියපු කලින් මාස වල කොටහක් වෙන් කරන වැඩේ හොඳයි.
6. සිංහල අවුරුද්ද එන්නේ අවුරුද්දකට එක පාරනේ මචං
මෙන්න මේ ආකල්පේ පොකැට් එකට බොහොම බයානකයි. බෝතලයක් ගන්න ගියත් අතේ තියෙන ගාණ මදි නං ණයට හරි ගන්නේ “අවුරුදු කන්නේ මාස දොළහකට සැරයක්නේ මචං” කියලා. වෙන අවුරුද්දට බඩු මුට්‍ටු ගන්න ගියත් එමම තමයි. හැබැයි මේ විදියට හිතන කොට වියදම් රොකට් වේගෙන් අහසට නගින්නේ දන්නෙත් නැතුව. අමතක කරන්න එපා, අවුරුදු කන්නේ අවුරුද්දට එක පාරක් වුනාට අවුරුද්දේ අනික් දවස් ගාණ හුළං බීලා ඉන්න බෑනේ. රෝල ගහන එක අපේ ජාතික හැකියාවක් වුනත්, රෝල ගහන්නෙ නැතුව මාසෙ අදින එක අනාගතේට ඉතුරුවක්.
7. අවුරුදු කන එක කන්න ඕන සුපිරියටම!
සුපිරියටම අවුරුදු කන එක කිසීම අවුලක් නෑ, සුපිරියට හම්බු කරන ඩයල් එකකට. එහෙම නැතුව තමන්ගේ ආදායමට දරන්න බැරි විදියට අවුරුද්දට වියදම් කරන්න හේතු ඕන තරම් තියෙන්න පුලුවන්. එකක් තමයි අර අවුරුදු කන්න ඕනැයි කියන සතුට, ආතල් එක. තවත් කාරණයක් තමයි ෂෝ එක. ඉතින් මේ කාරණා දෙකම ගැන කියන්න තියෙන්නේ තේරුමක් නෑනේ බ්‍රෝ කියලා තමයි. මොකද අවුරුදු කන එකේ හැබෑ සතුට තියෙන්නේ යක්ස ගාණක් වියදම් කරලා එක එක ජාති හැට හැත්තෑවක් මේසෙට තියෙන එකේ නෙවෙයි. කිරිබතකුයි ලුණුමිරිසකුයි තිබ්බත්, ගෙදර හැමෝම එකට එකතු වෙලා අවුරුදු කනවා නං ඒ සතුට ලැබෙයි. අහල පහල ගෙවල් වලට පිඟන් යවනකොට ෂෝ එකට බොරු වියදම් කරන කෙනෙක්ට නං කියන්න තියෙන්නේ, අහල පහල අය කලෙක්ෂන් දාලා අවුරුද්දේ ඉතුරු මාස ටික ගෙවාගන්න සපෝට් කරන්නෙ නෑ කියන එක තමයි. අහල පහලට යවන කෑම පිඟානක්ට බොරු ෂෝ ඕන නෑ, පිරිසිදුවට කන්න පුලුවන් විදියට හොඳ හිතින් කිරිබත් කෑල්ලක්, අලුවා කෑල්ලක් විතරක් තිබ්බත් හොඳටම ඇති.
8. සුපර් මාකට් එකෙන් ගත්තු කෝ කිස් සහ ඔයිල් කේක්!
දැන් කාලේ ගෙදරක කොකිස් ගෙඩියක් බැදගන්න, කැවුම් ගෙඩියක් බැදගන්න පුලුවන් නෝනලා මහත්තුරු නෑනේ. ඒකට ඉතින් නෝනලා මහත්තුරුන්ට බැණලා හරියන්නෙත් නෑ තමයි. කොහොම වුනත් ඒ හින්දම දැන් ස්ටයිල් එක තමයි සුපර් මාකට් එකෙන් අවුරුදු කෑම මේසේ කැවිලි ටිකත් ගේන එක. ඒක අවුලක් නෑ. හැබැයි වියදම් පිරිමහන්න ඕන නං ඒක තේරුමක් නැති වැඩක්. එක්කෝ තමන් ට්‍රැඩිෂනල් කෑමක් දෙකක් හදන්න ඉගෙන ගන්න ඕන. ඒක ලැජ්ජාවක් නෙවෙයි, ගෑණු පිරිමි බේදයක් නැතුව මොන ලොකු රස්සාවක් කරන ඩයල් එකකට වුනත් එහෙම කෑමක් හදාගන්න පුලුවන් වීම ආභරණයක්. එහෙම බැයි නං තමන්ගේ පවුලේ ඉන්න ආච්චියෙක්ට, නැද්දෙක්ට හරි අම්මට හරි කියලා කැවිලි ටික හදාගත්තත් කමක් නෑ. ඒත් බැරි නම් ඔය තදාසන්න ප්‍රදේශ වලින් පොඩ්ඩක් එහාට යනකොට ඕන තරම් ඉන්නවා මුදලක් දීලා ගෙදරම කැවිලි ටික හදවලා ගන්න පුලුවන් අම්මලා, ආච්චිලා. ආන්න ඒ කෙනෙක්ට ඕඩරේ දෙන්න. පිරිසිදුවට, රසට, අඩු ගාණට වැඩේ කරගන්න පුලුවන්.
9. පොකැට් එකට ෂේප්මන්ට් එකක් දාන ගමන්ම පවුලේ සහජීවනේ වැඩිකරගන්න
අවුරුදු කාලෙට අනිවා බලාපොරොත්තු වෙන්න පුලුවන් දෙයක් තමයි නෑදෑ හිතමිතුරන්ගේ පැමිණීම. දැන් අපි ඉන්නේ අම්මලා තාත්තලා එක්ක මහගෙදර නං තත්ත්වේ තව දරුණුයි. ඇයි දෙපැත්තේම පවුල් වල කට්ටිය අවුරුද්දට මහගෙදර එනවනේ. ඇත්තටම අවුරුද්දට කන්න බොන්න දෙන්න ලෝස් වෙන්න ඕන නෑ. හැබැයි නෑදෑ කණ්ඩායම් දහයකට දහපාරකට කෑම වේල් දහයක් දෙනවා කියන්නේ සෑහෙන්න වියදම් යන වැඩක්. ඊට වඩා ඒ වියදම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගන්න පුලුවන් මේ නෑදෑ කණ්ඩායම් දහය එකතු කරලා කෑම වේල් එක පාර තුනහතරකටවත් සෙට් කරගත්තා නං. කෑම වගේම බීම සම්බන්ධයෙනුත් ඒක සෑහෙන්න ඉතුරුවක් වෙයි.
අනික අමතක කරන්න එපා. නෑදෑයෝ සෙට් දහයක් දහපාරකට එනවට වඩා, මේ අයගෙන් පුලුවන් තරම් කට්ටිය එකට මුණගැහෙනකොට පවුලේ සහජීවනේත් ආය පට් පට් ගාලා වැඩි වෙනවනේ ආයුබොවන්ඩ!
එහෙමනං හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරලා, පොකැට්‍ටුවටත් ආතල් දැනෙන
සුභ අලුත් අවුරුද්දක්!
උප්ටා ගැනීමකි http://www.aniwa.lk/2017/03/25/1703251-avurudu-cash-hacks/

eelaga auruddatawath mehema plan karanna one 