### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

    ඔන්න ඉතින් ගොඩ කාලෙකින් ත්‍රෙඩ් සිරිස් එකක් පටන් ගන්න යන්නේ,,,, :love::love::love:
    කලින් මම දාල තියෙන අපේ කැදැල්ල අපිම හදමු සිරිස් එකේ තව එකක් විදිහට මේක හදුන්වන්නත් පුළුවන්...:P:P:P

    මේ තියෙන්නේ අපේ කැදැල්ල අපිම හදමු ත්‍රෙඩ් සිරිස් එකේ විස්තර.

    අපේ කැදැල්ල අපිම හදමු 1
    අපේ කැදැල්ල අපිම හදමු 2
    අපේ කැදැල්ල අපිම හදමු 3


    ඉතින් දැන් ගොඩක් ඒවා වෙනස් වෙලා.:angry::angry::angry:
    ඒ නිසා අයෙත් අලුතෙන් ටිකක් පටාන් ගමු. :eek::eek::eek::eek:

    01. ඉඩමක් තෝරා ගැනීම

    SiteSelection.jpg


    මේ ගැන ගොඩක් ත්‍රෙඩ් තියෙනවා,
    ඒ නිසා ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැ, ඊටත් වඩා දැන් හම්බෙන ඉඩමක ගෙවල් හදනවා ඇරෙන්න, අපි කැමති ඉඩම් හොයා ගන්න එක අමාරු වැඩක්...

    02. අවබෝදයක් ගන්න...

    know_the_diabasics_ss_1.jpg


    මුලින්ම බෙසික්ස් දැන ගන්න ඕනේ,
    ඒ කිවේ, තමන්ට සල්ලි කොච්චර තියෙනවද, තමන්ට ඕනේ මොන වගේ ගෙයක්ද, කොච්චර කාලෙකින් කරන්න පුලුවන්ද / ඕනෙද?
    ගෙයක් හදන ස්ටෙප් මොනවද, අන්න ඒවගේ ඒවා...

    03. plan එක.

    5213f653937a0461f6fd40687eeca24a.jpg


    මේක නම් පුළුවන් තරම් තමන්ම මැදිහත් වෙලා අදින එක හොදයි, නැත්නම් කඩේකට ගිහින් තියෙන plan වලින් එකක් තෙරුවම පස්සේ කාලෙක එක එක ප්‍රශ්න. ඒ නිසා මුලින් කටු සටහනක් ගහල, නෝනලා, අම්මලා එක්ක කතා කරලා, එකට හරි යන එකක් අන්දවා ගන්න....

    plan එක අදිද්දී කාට හරි කියලනේ ඇදව ගන්නේ, හැබැයි සමහරු අදිනවා සයිට් විසිට් එකක්වත් නැතුව,
    ඒ කියන්නේ කාගේ හරි plan එකක් පොඩ්ඩක් වෙනස් කරලා ඇදලා දීලා ලොකු ගානක් කඩා ගන්නවා...

    එහෙම නෙවෙයි, අදින එකා එක්ක ඉඩමට යන්න, වලක් කපලා පස් ටික බලන්න. (පරණ එකේ තියෙනවා ස්ටෙප්) , ඉඩමේ බැවුම හොයන්න, අහල පහල වත්තකට පැනලා ළිදක් හොයාගෙන වෝටර් ලෙවෙල් එක බලන්න.... කුණු කාණු තියෙන හැටි බලන්න, ලයිට් වයර් යන හැටි බලන්න....

    04. ඊලග එක ගෙයක් / බිල්ඩිමක් හදන ස්ටෙප් ටික දැන ගන්න. නැත්නම් බාස්ලා ඔළුවට ඇත හොදනකල් දන්නේ නැ... ඒ නිසා අපි දැන් කතා කරමු ස්ටෙප් එකින් එක/.//

    05. ඉඩම ලෙවල් කර ගන්න...

    hqdefault.jpg


    ඉඩමේ බැවුම වැඩිනම්, වලවල් කදු තියෙනවා නම් ඉඩම ලෙවල් කර ගන්න. එහෙම කරද්දී කාණු තියෙන දිහාට බැවුම තියා ගන්න, නැත්නම් වතුර බස්සන්න ගියාම අනාතයි. හැම ඉඩමම ලෙවල් කරන්න එපා, සමහර plan තියෙනවා underground පාර්ටිෂන් තියෙන, හැබැයි මම කතා කරන්නේ සරල, බිල්ඩින් ගැන විතරයි, ඒ නිසා රෙද්ද උස්සගෙන එන්න එහෙම එපා...



    05. ඊළගට ඉඩම ඇතුලේ ගේ තියාගන්න.


    231markers.jpg


    ඒ කිවේ සෙට්ටින්ග් අවුට් එක. ගේට්ටුව දාන තැන හිතල, වාහන නවත්ත්වන්න ඉඩ තියාගෙන ගේ ඉඩම ඇතුලේ ඔබා ගන්න. පිටිපස්සෙන් අඩුම අඩි 6ක් , සයිඩ් වල කෙටිම පැත්ත අවම අඩි 6ක් වගේ වෙන්න තියා ගන්න. නැත්නම් ජනෙල් ඇරියම අල්ලපු ගෙදර එකා සාලේ ඉන්නවා වගේ වෙයි. ඒ අඩුම. පුළුවන් තරම් ගේට් එක පැත්තෙන් හා ඉස්සරහින් ඉඩ තියා ගන්න.

    06. දැන් තියෙන්නේ ෆවුන්ඩේෂන් දාගන්න.


    මේ මගේ හදන ගෙදර


    3Q2ehNF.jpg


    කලින් ත්‍රෙඩ් වල කියල තියෙනවා වර්ග දෙක,
    ඒ නිසා යේ කියන්න යන්නේ නැ,
    ඒ උනාට මම නම් තත්තු දෙකේ ගේකට රෙකමන්ඩ් කරන්නේ බේස් වලවල් දාල කෝලම් ගිහින්, ඒ අතර අඩුම තරමේ එළියේ බිත්ති වලට වත් කළු ගල් බැම්ම යන්න....

    සාමානයෙන් (සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍යයෙන් හරිද) අඩි 3 x 3 බේස් එකක් දාල, අගල් 14 කළු ගල් බැම්මක් අඩි 1 1/2 ක් ගබුරේ ඉදලා දාගත්තනම් හැමදේටම හොදයි. හැබැයි ඉඩමේ පස්, වතුර වගේ සාදක මත මේක වෙනස් වෙන්න පුළුවන්....

    07. ෆවුන්ඩේෂන් වලට යන ගණන්...

    මෙන්න මේක තමයි බයානකම.
    මේක හොදටම දැන ගන්න....

    සාමාන්‍යයෙන් කළු ගල් බැම්ම බදින්නේ දික් අඩි වලට.
    ඒ කියන්නේ අගල් 14 පළල (සමහරු 12 , ඒ නිසා හරියටම අහන්න) , අඩියක් උස බැම්මක් , දික් අඩි එකක් බදින්න යන මුදල.

    සාමාන්‍යයෙන් දික් අඩි (අගල් 14) එකක් රු. 70 - 90 අතර වෙනවා...
    ගල් බැම්ම කියුබ් එකක් බදින්න මේ විදිහට තමයි අමුද්‍රව්‍ය යන්නේ. (කියුබ් එකක් කියන්නේ ගැන අඩි 100 ක් ).

    6cS29Ms.png


    මේකෙ මැටිරියල් වල මිල ගණන් පුරවලා ඔයාටම පුළුවන් යන වියදම හොයා ගන්න.

    ඊළගට බේස සහ කෝලම් කොන්ක්‍රීට් වලට.
    සාමාන්‍යයෙන් වලවල් කපාගෙන බේස් එකක් දාන්න 4250 - 5250 අතර වෙනවා.
    එකට වල කැපීම, කම්බි කපා, නවා , බැදීම හා ප්ලින්ත් මට්ටමට කොන්ක්‍රීට් කිරීම ඇතුලත්.
    1:2:4: (සිමෙන්ති, වැලි, ගල්) කොන්ක්‍රීට් එකක් එකට යොදා ගන්න.
    එකට යන ගල් වැලි සිමෙන්ති මෙන්න මේ වගේ,


    yZCUbvA.png


    දැන් දන්නවානේ ෆවුන්ඩේෂන් වලට යන මුළු වියදම හදා ගන්න..

    08. දිග මනින කොට.

    s-l300.jpg


    දිග මනින කොට බාස්ට වෙනම දිග මනින්න කියන්න, ඊට පස්සේ අපි වෙනම දිග මැනලා සමානද බලම්ම..... නැත්නම් බාස්ට ටේප් එක දුන්නොත් අගල් 3 , අඩිය කරලා පස්ස බලයි...

    අදට මේ ඇති , ගෙයක මුල ඉදල ඇගට යනකල්ම මේ විදිහට හදමු. අනික පුළුවන් තරම් බාස්ලට කොන්තරාත් දෙන්න. දවසේ පඩියට ගන්නම එපා, කරපු වැඩ බලලා, ගණන් හදලා හැම වෙලේම 10,000 ක් අතේ තියාන ඉතිරි ගාන දෙන්න, වැඩිපුර දෙන්න එපා...

    ඊළගට හැම ස්ටෙප් එකකටම යන ගාන කලින් හදා ගමු, මේ වගේ,

    pZYaOuJ.png


    JKITHg1.png


    cos8u21.png



    ඒ ස්ටෙප් එක ඉවර උනාම ඇත්තටම ගියපු ගාන හදමු,, වෙනස බලමු/./// මේ තියෙන්නේ බිම කොන්ක්‍රීට් එකට ගියපු ඇත්ත ගාන...

    VWJ7gnJ.png


    මාත් මේ දවස් වල ගෙදර හදනවා, මේ තියෙන්නේ මගේ රෙකොර්ඩ් වල ෆොටෝ ටිකක්.
    ඒ විදිහට ගියාම මාර ලේසි,

    වියදම් වෙන හැම සතෙටම මේ වහේ රෙකොර්ඩ් එකක් වෙනම තියා ගන්න...\

    dQAeZLi.png


    ගෙවල් හදන එක අමාරු නැ මෙහෙම දිගටම ගියොත්,
    ඉදිරියට ඉක්මනටම හමුවෙමු...
    ජයවේවා......



     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජයවේවා.ඉක්මනටම ගේ හදාගෙන පදිංචියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    පොඩි දෙයක් තියෙනවා.
    කළුගල් බැම්ම උඩින් අර ගඩොල් බැඳලා තියෙන්නේ කොන්ක්‍රීට් දාන්න වෙන්න ඕනි.ඔය වැඩේ කරන්න එපා මචන්.කාලයක් යනකොට ඔය ගඩොලට පොළවෙන් උනනවා.ඊට පස්සේ ඒක බිත්ති දිගේ උඩට එනවා.එතකොට බිත්ති වල පහල කොටස සවුත්තු වෙල පේන්ට්,පොටි ඔක්කෝම පිපිලා වැඩේ අප්සට් යනවා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,499
    16,303
    113
    වෙරි ගුඩ් පොස්ට් මචන්. අලුතින් ගෙයක් හදන කෙනෙක්ට ගොඩක් ප්ර්යෝජනවත් ත්‍රෙඩ් එකක්. හිමින් සැරේ ඉතිරි ටිකත් දාන්න. :love:
    අපේ පැලත් පොඩ්ඩක් මෝඩිපයි කරා. අන්තිමට බාස්ලව මැරුවේ නැති ටික විතරයි. :P
    මේවගේ එකක් දාපු එක හොදයි සිරාවට.. :yes: +
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    RePost බුවා;21383487 said:
    ආලෝඕ....
    උබට පින්සිද්ද වෙන්න යන්තම් 125 කට මලක් කඩාගෙන ඉන්නවා....

    :cool::cool: Apiwa mathaka eka gana Sathuthui Macho :yes: Jaya !!!:cool: