ලන්දේගෙදර_ඉසිවරයා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලන්දේගෙදර_ඉසිවරයා

මෙය මාගේ ලිපියක් නොවන අතර මෙහි ඇති සත්‍ය අසත්‍ය මා නොදනිමි. එනමුදු මෙය සංවාදයට විවෘතයි. ඔබ අපගේ සියලුම විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන මේ ඇති සත්‍ය හෝ නැත්නම් අසත්‍ය සොයමු.


අතට බේත් බැඳ ඇස් සුවකරන ලන්දේගෙදර ඉසිවරයා



පාණදුරේ ඩන්ස්ටන් සේනාරත්න මහතා බොහෝ කාලයක් ඕමානයේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වූවෙකි. දිනක් ඔහුට දකුණු ඇසේ වෙනසක් දැනෙන්නට විය. එය පිටින් බලන්නකුට නොතේරුණද ඇහැ ඇතුළෙන් වතුර බින්දුවක් වැටෙනවා වැනි දැනීමකි. එරට වෛද්‍යවරයකු හමු වූ විට කීවේ දෘෂ්ටි විතානයට ලේ ගලන බැවින් ලේසර් කළ යුතු බවය. එයින් සුවයක් දැනුණ ද ටික කලකින් ලෙඩේ යළි මතුවිය. ඉන්පසු විස්තරය සේනාරත්න මහතා ‘සිළුමිණ‘ට කීවේ මෙසේය.
“පස් වතාවක් ලේසර් අල්ලලා ඉන්ජෙක්ෂන් ගැහුවා ඕමානෙදි. පස්සේ කීවා දැන් කරන්න දෙයක් නෑ කියලා. මම ලංකාවට ආවත් කළේ ඒකමයි. වෛද්‍යවරු කීවේ ප්‍රතිකර්මවල බලය තියෙන්නේ මාස 4 ක් 5ක් විතරයි කියලායි. ඒත් මම ආයේ රට ගියා. කීවා වගේම ආයෙත් ඇහැ ඇතුළේ සත්තු යනවා වගේ දැනුණා. ආයෙත් ලංකාවෙදී ලේසර් හත් වාරයයි ඉන්ජෙක්ෂන් හතයි ඇහැට එන්නත් කළා. දකුණු ඇහැ යන්තම් හොඳ වෙද්දී වම් ඇහැටත් ලෙඩේ ආවා. ඒකට ලේසර් 8 වතාවයි, ඉන්ජෙක්ෂන් 7යි. අන්තිමට වම් ඇහැ පේන්නෙම නෑ. 2006 රස්සාවෙන් අස්වෙලා ලංකාවට ආවා.

1-1.jpg


දවසක් වම් ඇහේ ලොකු මොකක්ද වුණා කියලා මට දැනුණා. වෛද්‍යවරයා කීවා දෘෂ්ටි විතානය ගැලවිලා ලොකු ඔපරේෂන් එකක් කරන්න වෙයි, සම්පූර්ණ සාර්ථක වෙයිද කියන්න බෑ කියලා. නැතත් ඇහැ නරක් වුණොත් අයින් කරන්න වෙන නිසා අපි ලක්ෂ ගාණක් වැයකරලා පැය තුනහමාරක ශල්‍ය කර්මයක් කළාම ඡායාව වගේ පෙන්න ගත්තා. ඔහොම ඉද්දී 2015 නොවැම්බරයේ පිටරට මගේ යාළුවෙක් කියලා ලන්දේගෙදර දයාබන්දු වෙද මහත්මයා ළඟට ආවා. බෙහෙත් බැඳලා සති තුනෙන් ඡායාව පෙනුණු ඇහෙන් හොඳට පේන්න ගත්තා.“
අප යන විට වැඩි සුවයක් ලැබූ අය රාත්‍රී ආහාරය සකසමින් සිටියහ. රෝගීහු පහළොස් දෙනෙක් පමණ නිදහසේ සැරිසැරූහ. හොඳින් ඇස් නොපෙනෙන අයට පෙනෙන අයගේ නොමඳ සහාය ලැබේ. වෙද මහතා නිහඬව රෝගියකුගේ අතේ මහපටැඟිල්ල තෙලින් පොඟවා කොළ පැහැ සම්බෝලයක් වැනි යමක් නියපොත්ත මතත්, ලූනු සුද්ද කරන විට යොදාගන්නා මහපටැඟිල්ලේ තුඩ කොටසේත් තවරා බුලත් කොළයකින් ඔතා බැන්ඩේජ් පටියකින් ගැසුවේය. වැඳ ආචාර කළ රෝගියා ද කතා බහින් තොරව කාමරයට ගියේය. අපේ පුදුමය දුටු වෙද මහතා, “හා… දැන් කතා කරමු“ කියා සිනාසුණේය.
“බෙහෙත් කරද්දි කතා කරන්නේ නැද්ද?“ මම විමසීමි.
“මේක ඇත්තටම කෙමක්. කෙම් වලදී කතාව තහනම්“ වෙද මහතා පැහැදිලි කළේය.
“ඇස්වලට නෙවෙයිද බෙහෙත් ගාන්නේ“
“ඇස්වලට සම්බන්ධ ස්නායු, නිල ගොඩක් පිහිටන්නේ අතෙයි කකුලෙයි මහපටැඟිලි වල. වම් ඇහේ අසනීපවලට දකුණු අතේත්, දකුණු ඇහේ නම් වම් අතේත් බෙහෙත් බඳිනවා. අතෙයි කකුලේ දෙකේම බැඳලා ප්‍රතිඵල ඉක්මන් කරන්නත් පුළුවන්. රාත්‍රී කාලය තමයි බෙහෙත බඳින්න සුදුසුම. එතකොට කතාබහ කරන්න අවශ්‍යත් නෑනේ. නැත්නම් උදේ 9 සිට මධ්‍යාහ්න 12 වන තුරු ස්නායු හොඳින් ක්‍රියාකාරී නිසා ඒ වෙලාවටත් පුළුවන්. හැබැයි බෙහෙත් බඳින තුරු රෝගියා වගේම මමත්, බෙහෙත අතේ තිබෙන තුරු රෝගීයාත් කතා කරන්න හොඳ නෑ.

බේත කරන කාලය තුළ කංකුං, මුගුණුවැන්න, අළුකෙසෙල්, රතුඅල, ඌරුමස්, හරක්මස්, මෝර- මඩු මාළු සහ කරවල, මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි තහනම්. මළ ගෙවල්, කොටහළු ගෙවල්, වැදුම්ගෙවල් කිළි අහුවෙන්නත් බෑ. තහනම් දේවල් කරලා වැඩ වරද්දගත් අයත් ඉන්නවා. ගෙදර සාමාන්‍ය කිළිවලින් ප්‍රශ්නයක් නෑ. වයස අනුව කොස් එහෙම වැඩිය කෑවොත් ප්‍රතිඵල ප්‍රමාද වෙන්න බලනවා. පොළොස් නම් ගුණයි.“ වෙද මහතා විස්තර කියන අතර බේත් වර්ගය පිළිබඳ අපට කීවේ ඉන්ද්‍රාණි විජේසූරිය වෙද හාමිනේ ය.

2-1.jpg



“මේ රහස් බේත හදන්න අවශ්‍ය කොළ වර්ග ගේන්නේ සිංහරාජේ පැත්තෙන්. කොළ වර්ග බයිසිකලේ තියාගෙන එද්දි අවශ්‍යතාවක් වුණොත් කතා කරන්නේ බයිසිකලෙන් බැහැලා. දවසක් තඩි කූඩැල්ලන් අට දෙනෙක් මගේ කකුල්වල එල්ලිලා. ඒත් බේත අල්ලන් ඉන්නතුරු කතා කළේ නෑ. එහෙම ගෙනැත් විශේෂ බේත් ගලක අඹරලායි මිශ්‍රණය හදාගන්නේ. පහුගිය පෑවිල්ලට මේ පැළෑටි වේලිලා ගිහින් තිබුණා. සමහරු කැළෑ ගිනිතියද්දී මේවා විනාශ වෙනවා. එහෙම දිගටම වුණොත් ලෝකේ කොහේවත් මේ විදිහට ඇස් හොඳ කරන්න බේතක් නැතිවෙයි.“
එසේ ඇය අනතුරු අඟවන අතර වෙද මහතා අපට මේ වෛද්‍ය කර්මයෙන් සුව කළහැකි ඇස් රෝග වර්ග පිළිබඳ පැහැදිලි කළේය. “අපේ සීයා සර්වාංගත්, සර්ප විෂ සඳහාත් වෙදකම් කළා. තාත්තා මේවාට යොමු වුණේ නෑ. ඒත් අපේ මාමා වෙදකම දිගටම කරගෙන ගියා. මමත් මුලදි මේ ගැන උනන්දු වුණේ නෑ. ඒත් පස්සේ හිතුණා පෙනීම ලබාදෙන එක පිනක් කියලා. ඒ නිසා ඇස් රෝග සඳහා ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. මේ බේතෙන් පුළුවන් ඇස්වල වතුර, කඳුළු ගැලීම, ඇස්වල කොරපොතු, ඇස් සිදුරුවීම, දිගු කාලීන අන්ධබව (ග්ලූකෝමා), උපන් වපර, මස් දලු, ජානමය අන්ධබව, ඇසේ නහරවල ලේ කැටි හිරවීම, ඇස් ඉදිමීම වැනි ඕනෑම රෝගයක් සුව කරන්න. තව ලෙඩක් තිබෙනවා. ඇස් රතුවෙලා යකෙකුගේ වගේ එළියට පනිනවා. ඒවා පවා අපේ බේතෙන් හොඳ වෙනවා. සමහරුන් එනවා රතිඤ්ඤා වලින් ඇස් පිච්චිලා. ඒත් ස්නායුව තිබුණ නිසා අප දවස් 20 න් හොඳ කළා. ඇස් තැලිලා, පරම්පරා 7කට වරක් අන්ධ වෙලා එන අය අපෙන් බේත් ගන්නවා. කාචයට උඩින් එන පටලය ලේසර් කරන්නේ නැතුව දවස් 10 න් වගේ ඉවත් වෙනවා මේ බේතෙන්. තව දරුවෙක් ආවා ඇස්වලට පනුවෝ විදලා හිල්වෙලා කියලා. ලංකාවේ බැරි නිසා ඉන්දියාවේ ගෙනියන්න හිතාගෙන. මේ බේතෙන් දින 10න් ලෙඩේ හොඳ වුණා. තවත් අය එනවා ඇහේ රොඩු පාවෙනවා වගේ කියලා. ඒක කල්ගත වුණොත් ඇස් පෙනීම නැතුව යනවා. එය මාස එකහමාරෙන් හොඳ කරනවා. ලෝකේ රටවල් ගණනාවක ගිහින් හොඳකරගන්න බැරිවුණු විදේශිකයන් පවා අප ළඟට එනවා ඇස් රෝගවලට බේත් ගන්න.“
එවන් විවිධ රෝගවලට නේවාසිකව ප්‍රතිකාර ගන්නා කීපදෙනකු සමඟ අප කතා කළෙමු. ඉන් ඉතා විශේෂ වූයේ අවුරුදු 33 යුවතියකි. ඇගේ යහපත වෙනුවෙන් නම්ගම් සඳහන් නොකරමු. “අවුරුදු හත අටකට කලින් දුර පේනවා අඩුවක් දැනිලා කන්නාඩි ගත්තා. ඒත් දිගටම පෙනීම අඩු වුණා. වෛද්‍යවරුන් කීවා මට අවරුදු 15-16 කාලේ ඉඳන් මේ ‘රෙටිනා පිග්මන්ටෝසා‘ ලෙඩේ තියෙන්න ඇති, දිගටම පෙනීම අඩුවෙලාම යයි කියලා. මේ වෙදමහත්මයා ගැන තොරතුරක් දැනගන්න ලැබිලා එනකොට මීදුමක් මැද්දේ ඉන්නවා වගේ, කිසි දෙයක් පේන්නේ නෑ. මේ වෙද්දි මාස 10 ක් විතර බේත් කරනවා. දැන් ඇස්වල වටෙන් පේනවා. මැද තාම මීදුම වගේ. ඒකත් තව ටික දවසකින් හොඳ වෙයි.“
ඇගේ සිරුරේ යම් තත්ත්වයක් නිසා සුවවිමේ වේගය අඩු බවකි වෙදමහතා කීවේ. අවරුදු 76 ක් වූ ඌවතැන්නේ පී. වී. එම් ධර්මසේන මහතා සිය ප්‍රගතිය ගැන මෙසේ පැවසුවේය. “මාව ගෙනාවේ කණවැල අල්ලගෙන. කිසිම දෙයක් පෙනුණේ නෑ. බෙහෙත් බැඳලා සුමාන දෙක යද්දි මට ඡායාව වගේ පේන්න ගත්තා. දැන් හොඳටම පේනවා. වම් ඇහැ තවත් ටිකක් හදාගන්නයි මම ඉන්නේ. බුදුබව අත්වෙන්න ඕනෑ මේ වෙද මහත්තයාට අපේ ඇස් පාදනවට“ ගාල්ලේ පද්මා රත්නපාල මහත්මියද ග්ලූකෝමා තත්ත්වයෙන් වසර පහක් පමණ දුක්විඳි අයෙකි. “මම ඇවිත් දවස් 8ක්. ග්ලූකෝමායි ඇහේ ප්‍රෙෂරුයි කියල ඉස්පිරිතාලෙන් කීවා. මේ බේත බැන්දාම ඇස්වල ඉඳන් ඇඟිලිවලට මොනවාදෝ ඇදෙනවා වගේ දැනෙනවා.“ මර්සි ඇග්නස් පෙරේරා මහත්මිය කීවේ බේත් බැන්ද පසු ඇඟිල්ලේ ඇනුණු කටුවක් ඇදෙනවා වැනි කැක්කුමක් පැය දෙක තුනක් තිබී හොඳවන බවයි. “හතළිස් ඇඳිරිය, හැට ඇඳිරිය ඇති අයට ද කන්නාඩි නොදමා සිටීමට මේ බේත හේතුවන බව කී වෙද මහතා පාසල් වියේ දරුවන්ගේ ඇස් අමාරු දින 10කින් පමණ හොඳ කළ හැකි යැයිද පැවසුවේ උදාහරණයක් සපයමිනි.
නුගේගොඩ බාලිකා විදුහලක දැරියකගේ මවගෙන් ඒ තොරතුරු අපි ඇසුවෙමු. “දුවට වයස 14 යි. පාඩම් කරද්දි ඇස් බොඳයි කීවා. මම හිතුවා කන්නාඩි දාන්න ආසාවට කියලා. වෛද්‍යවරුන් කීවා ග්ලූකෝමා කැරටිකෝනස් කියන ලෙඩේ තියෙන්නේ කාච දාන්න ලක්ෂ කීපයක් යයි කියලා. ඒත් දූගේ ඇස් දෙක නිසා අපි කැමති වෙලා ඉද්දි වෙද මහත්තයා ගැන ආරංචි වුණා. මාස තුනක් විතර බේත් බැන්දට පස්සේ දොස්තරලා කීවා හරි පුදුමයි ලෙඩේ සියයට 75 ක් හොඳවෙලා කියලා. වම් ඇහැ හොඳටම හොඳ නිසා අපි මගදි නැවැත්තුවා. පස්සේ ආයේ බැලුවාම වෙනස් නිසා වෙද මහත්තයාට කීවාම ඒගොල්ලන් හොඳයි කියන තුරු ඉවසීමෙන් බේත් කරන්න කියලා තේරුම් කළා. දැන් අනෙක් ඇහැත් සියයට 75ක් හොඳවෙලා. තව ටික දවසකින් ඒකත් සම්පූර්ණ වෙයි.“
3.jpg

මෙවැනි සේවයක් නියම කළ මිලකින් තොරව රෝගියා දෙන පඬුරකින් සෑහී ඉටුකිරීම වෙනුවෙන් ලන්දේගෙදර දයාබන්දු වෙද මහතා, පාරම්පරික අක්ෂි වෛද්‍ය, දේශබන්ධු, දේශාභිමානී, ජනතා පුත්‍ර, ශිරෝමනී හා වෛද්‍ය විද්‍යා දර්ශනවේදී යන ගෞරව සම්මාන රැසකින්ද, ඔහුගේ බිරිඳ ඉන්ද්‍රාණි විජේසූරිය වෙද හාමිනේ දේශාභිමානී, ජනතා ප්‍රසාදිනී, වීරමාතා ආදී සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබේ. එදිනෙදා ඇස් දැවිල්ලට තැම්බුණු තේකොළ කුඩා පොට්ටනියකින් ඇස් තවා, පිපිඤ්ඤා පෙති දෙකක් ඇස් පියන් මත තබන්නැයි වෙද හාමිණේ අත්බේතක් ද කීවාය.
“අපේ පරම්පරාවටම දියවැඩියාව. මගේ නංගිගේත් මල්ලිගේත් ඇස් පෙනීම නැතිවයි ජීවිත කෙළවර වුණේ. මගේත් කළු ඉංගිරියාවට ලේ බින්දු ඇවිත් වැහුණා. ලේසර් කළා. ඒක හරියට සියුම් නහර වෙල්ඩින් කරනවා වගේ වැඩක්. තව එකක් පිපුරුවොත් අයෙත් ලේසර් කරන්න ඕනා. කොළඹ නගර සභාවෙන් විශ්‍රාම ගියාට පස්සේ වීරකැටියේ ගෙදරදි කුඹුරේ තෙල් ගහලා ඇස් රතුවෙලා බෙහෙත් අරන් හොඳ වුණා. පස්සේ දවසක ඒ වැඩ බලන් ඉඳලා ආයේ රතු වුණා. බේත් ගත්තට පස්සේ ඒ ඇහේ නහය පැත්තෙ අගිස්සෙන් කහපාට කුඩක් වගේ අාවා. ඉස්පිරිතාලෙන් ඇහැ නරක්වෙලා කියලා අයින් කළා. අනෙත් ඇහෙත් ලේ බින්දු එනවා දැනිලා බොඳ වෙන්න ගත්තා. පස්සේ වෙදමහත්තයා ළඟට ආවා. කලින් ඇහැ ඉවත් නොකළා නම් සනීප කරන්න තිබුණා කියලත් වෙද මහත්තයා කීවා. මාස එකහමාරක් බේත් බඳිද්දී බොඳ ඇහේ තත්ත්වය වෙනස් වුණා. දවසක් උදේ ලන්දේගෙදර නයනාරෝග සුව අසපුවේ අඹ ගහේ මල් පිපිලා, ඒවායේ කිනිති වෙන්වෙලා තියෙන හැටි පවා පේනකොට මට දැනුණේ පුදුම සතුටක්.“


අරුණි මුතුමලී. සේයා රූ- සාලිය රූපසිංහ. උපුටා ගැනීම | සිළුමිණ පුවත්පත
 

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    Address:

    ‘සිළුමිණ‘ පාඨකයන්ගේ නෙත සුව පිණිස අපි ලන්දේගෙදර වෙද මහතා සොයා මහරගම පමුණුව පාරේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගියෙමු. එහිදී ඇසු දුටු කතා තහවුරු කර ගැනීමට ගැලනිගම අධිවේගී මාර්ගය අසල පාණදුර පාරේ ලන්දේගෙදර නයනාරෝග සුව අසපුවේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා අක්ෂි රෝගීන් පිළිබඳ සොයා බැලුවෙමු.
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ඇස් පෙනීම අඩු උනහම අතේ බෙහෙත් බඳිනවා කියලා නන් අහලා තියෙනවා.
    මේ වෙද මහත්තයා ඉන්නේ කොහෙද ???
     

    ranranish

    Member
    Jun 12, 2007
    25
    0
    1
    පෝරිසාදයා;21386763 said:
    Address:

    ‘සිළුමිණ‘ පාඨකයන්ගේ නෙත සුව පිණිස අපි ලන්දේගෙදර වෙද මහතා සොයා මහරගම පමුණුව පාරේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගියෙමු. එහිදී ඇසු දුටු කතා තහවුරු කර ගැනීමට ගැලනිගම අධිවේගී මාර්ගය අසල පාණදුර පාරේ ලන්දේගෙදර නයනාරෝග සුව අසපුවේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා අක්ෂි රෝගීන් පිළිබඳ සොයා බැලුවෙමු.
    weda mahatha hamu viya haki lipinayak labadenna