දුටුගැමුණු රජුගේ නැගණිය
දුටුගැමුණු රජුගේ නැගණිය
මාතර තාරකා කොටුවේ ප්‍රදර්ශනයට තබා ඇති වසර දෙදහසක් පමණ පැරණි මැටි පාත්‍රයක මතුපිට ලියූ අභිලේඛනයකින් කාවන්තිස්ස මහ රජුගේ දියණියක මෙන්ම දුටුගැමුණු මහ රජුගේ නැගණියක පිළිබඳ ඉතාම දුර්ලභ තොරතුරක් හෙළිවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩවිතාන මහතා මේ පිළිබඳව කළ පර්යේෂණවලින් මෙම දුර්ලභ සාක්ෂිය අනාවරණය කරගෙන ඇත. තිස්සමහාරාම කාවා කැණීම් ව්‍යාපෘතිය පසුගිය කාලයේදී තිස්සමහාරාමයේ සර්වෝදය වත්ත ප්‍රදේශයේ කළ කැණීම්වලින් හමුවී ඇති මෙම මැටි පාත්‍ර කැබැල්ල මාතර තාරකා කොටුව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
කාවන්තිස්ස මහ රජුට හා විහාරමහාදේවියට ගැමුණු හා තිස්ස නමින් පුතුන් දෙදෙනෙක් සිටි බව මහාවංශය කියයි. කාවන්තිස්ස රජුගේ අන්‍ය බිසවකගේ පුතෙක් ලෙස දීඝාභය නම් කුමරෙක් ගැනද මහාවංසයේ සඳහන් වේ. කාවන්තිස්ස රජුට දූවරුන් සිටි බවක් මහාවංශයේ සඳහන් නොවුණත් ඒ පිළිබඳ සාක්ෂියක් දීපවංශයේ සඳහන් වේ. ‘මේ වනවිට කාවන්තිස්ස මහ රජුගේ දියණියවරුන් සියලු දෙනාම භික්ෂුණියන් වී සිටියහ’ යනුවෙන් දීපවංශයේ සඳහන් තොරතුරට අනුව කාවන්තිස්ස රජුට දියණිවරුන් කිහිප දෙනකු සිටි බවට තහවුරු වී ඇත. දීපවංශයෙන් පමණක් අනාවරණය වූ මෙම සාක්ෂිය මතෛක් කිසිදු සෙල් ලිපියකින් තහවුරු වී නොතිබුණි.
මාතර තාරකා කොටුව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති මෙම මැටි පාත්‍රයේ සඳහන් විස්තරවලට අනුව එහි ‘අ ය ති ශ හ ක්ධි ත’ ලෙස සඳහන් පාඨයෙහි ‘අ ය ති ශ’ යනු කාවන්තිස්ස මහ රජු බවට ඉතිහාසඥයෝ හා පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති. ‘ක්ධි ත’ යනු දුව යන්නට යෙදෙන පදයයි. අවාසනාවට මෙම අභිලේඛන කොටසේ කාවන්තිස්ස මහ රජුගේ දුවගේ නම සඳහන් කොටස කැඩී ගොස් ඇති නිසා ඇයගේ නම හෙළිකර ගැනීමට නොහැකි වී ඇත. විහාර මහා දේවියට දූවරුන් සිටියේ නම් මහාවංසකරු එය මහත් අභිරුචියෙන් වර්ණනා කරනු නිසැකය. කාවන්තිස්ස මහ රජුට විහාර මහ දේවිය නම් වූ අග බිසවට අමතරව තවත් බිසෝවරුන් සිටි බව වංස කතාවෙන් තහවුරු වන නිසා මෙහි සඳහන් දියණිය කාවන්තිස්ස රජු අන්‍ය බිසවකගෙන් ලත් දුවනියක ලෙස පිළිගත හැකිය. දීපවංසයෙන් පමණක් ආවරණය වන මෙම අතිශය දුර්ලභ තොරතුරු අභිලේඛනයකින් තහවුරු වන ප්‍රථම අවස්ථාව මෙය බවට මේ පිළිබඳව පර්යේෂණය කළ බුද්ධි නාගොඩවිතාන මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර පර්යේෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකරයි.
කමල් විජේහේවා මහතා (ගාල්ල) විසින් ලක්බිම පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය කාලීනව වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.