මිල්ක්ෂේක් රෙසිපි 12 ක්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මිල්ක්ෂේක් රෙසිපි 12 ක්

    මිල්ක්ෂේක්ස්… ලොකු පොඩි කවුරුත් බොන්න කැමතිම බීමක්. තිබහට වගෙම පොඩි බඩගින්නක් නිවාගන්නත් මේ මිල්ක්ෂේක් කියන්නෙ අපූරු ගැලපිල්ලක්. නැවුම් කිරි වලට අපි ආස ඕනම පළතුරක් හෝ කැමති දෙයක් එකතු කරල අපි කැමති තාලෙට හිතත් පිපාසයත් නිවන රසවත් මිල්ක්ෂේක් එකක් හදාගන්න හැටියි අනිවා අපි අද කියන්න හදන්නෙ. සරලව පහසුවෙන් හදාගන්න පුලුවන් ඒව වගේම, ටිකක් විතර වැඩි දියුණු වෙච්ච මිල්ක්ෂේක් රෙසිපිත් තියෙනව. කියවලම බලන්නකො.



    1. Chocolate Milkshake

    Milkshake recipes
    Source – atastyadventure.com
    චොකලට් අයිස්ක්‍රීම් කප් 2
    කිරි කප් 1\4
    චොකලට් සෝස් මේස හැඳි 3


    සියල්ල එකට බ්ලෙන්ඩ් කරගන්න. චොකලට් කුඩු උඩින් ඉස පිලිගන්වන්න.



    2. Vanilla Milkshake

    Milkshake recipes
    Source – kitchenaid.com
    වැනිලා අයිස්ක්‍රීම් කප් 2
    කිරි කප් 1\4
    වැනිලා මේස හැඳි 1


    සියල්ල එකට බ්ලෙන්ඩ් කරගන්න.



    3. Strawberry Milkshake

    Milkshake recipes
    Source – blogthingsimages.com
    ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් කප් 2
    කිරි කප් 1\4
    ෆ්‍රෙශ් ස්ට්‍රෝබෙරි කප් 1


    සියල්ල එකට බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් ස්ට්‍රෝබෙරි වලට අමතරව කුඩාවට කැපූ ස්ට්‍රෝබෙරි කිහිපයක් උඩින් දමා පිලිගන්වන්නත් පුලුවන්.

    අනිවා Delicious Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂


    email address


    Subscribe


    4. Chocolate Banana Milkshake

    Milkshake recipes
    Source – foodviva.com
    චොකලට් අයිස්ක්‍රීම් කප් 2
    චොකලට් කිරි කප් 1\4
    කෙසෙල් ගෙඩි 2


    සියල්ල එකට බ්ලෙන්ඩ් කරගන්න. චොකලට් කුඩු උඩින් ඉස පිලිගන්වන්න.



    5. Boozy Banana Milkshake

    Milkshake recipes
    Source – noshon.it
    චොකලට් හෝ වැනිලා අයිස්ක්‍රීම් කප් 2
    චොකලට් හෝ වැනිලා කිරි කප් 1\4
    කෙසෙල් ගෙඩි 2
    රම් මේස හැඳි 2
    සියල්ල එකට බ්ලෙන්ඩ් කරගන්න. වෙනම රම් ස්වල්පයක් සමඟ මිශ්‍ර කරගත් චොකලට් කුඩු උඩින් දමා පිලිගන්වන්න.



    6. Pina Colada Milkshake

    Milkshake recipes
    Source – tastespotting.com
    වැනිලා යෝගට් කප් 2 (මෙශරින් කප්)
    අන්නාසි කැබලි කප් 1
    පොල් ක්‍රීම් මේස හැඳි 1
    රම් මේස හැඳි 2


    සියල්ල එකට බ්ලෙන්ඩ් කරගන්න. උඩින් අන්නාසි කැබලි ඉස පිලිගන්වන්න.



    7. Mexican Chocolate Milkshake

    Milkshake recipes
    Source – cbc.ca
    චොකලට් අයිස්ක්‍රීම් කප් 2
    කිරි මේස හැඳි 4
    මිල්ක්මේඩ් මේස හැඳි 2
    කුරුඳු කුඩු තේ හැඳි 1\4


    සියල්ල එකට බ්ලෙන්ඩ් කරගන්න. උඩින් රතු සීනි ඉස පිලිගන්වන්න.



    8. Cookies and Cream Milkshake

    Milkshake recipes
    Source – kitchme.com
    චොකලට් හෝ බටර් කුකීස් කප් 1
    වැනිලා අයිස්ක්‍රීම් කප් 2
    කිරි කප් 1\2


    කුකීස් ටික කිරි කප් 1\4ක පෙඟෙන්න තබා අයිස්ක්‍රීම් සහ ඉතිරි කිරි සමඟ බ්ලෙන්ඩ් කරන්න. කුඩු කරගත් කුකීස් ඉස පිලිගන්වන්න.



    9. Chocolate Peanut Butter Milkshake

    Milkshake recipes
    Source – recipeshubs.com
    චොකලට් අයිස්ක්‍රීම් කප් 2
    කිරි කප් 1\2
    පීනට් බටර් කප් 1\2


    සියල්ල එකට බ්ලෙන්ඩ් කරන්න. රෝස්ට් කරගත් රටකජු සහ මී පැණි උඩින් ඉස පිලිගන්වන්න.



    10. Mocha Milkshake

    Milkshake recipes
    Source – sobeys.com
    චොකලට් අයිස්ක්‍රීම් කප් 1
    කොෆී අයිස්ක්‍රීම් කප් 1
    කිරි කප් 1\4
    චොකලට් සෝස් මේස හැඳි 3
    හෝ
    චොකලට් අයිස්ක්‍රීම් කප් 2
    කිරි කප් 1\4
    සාදාගත් ක්ෂණික කෝපි කප් 1\4
    චොකලට් සෝස් මේස හැඳි 2


    සියල්ල බ්ලෙන්ඩ් කර චොකලට් කුඩු උඩින් ඉස පිලිගන්වන්න.



    11. Mango and Honey Milkshake

    Milkshake recipes
    Source – daburhoney.com
    ඉදුණු අඹ කප් 1
    වැනිලා අයිස්ක්‍රීම් කප් 2
    කිරි කප් 1\4
    මී පැණි මේස හැඳි 2


    මී පැණි හැර අනෙක් සියල්ල බ්ලෙන්ඩ් කරගන්න. මී පැණි උඩින් දමා පිලිගන්වන්න.



    12. Sugar Caramel Cashew Shake

    Milkshake recipes
    Source – barbarabakes.com
    සීනි මේස හැඳි 2
    වැනිලා අයිස් ක්‍රීම් කප් 1
    කිරි කප් 1\4
    වතුර මේස හැඳි 2
    කුඩාවට කපාගත් රෝස්ටඩ් කජු මේස හැඳි 2


    වතුර මේස හැඳි 1 දමා සීනි කැරමල් කරගන්න. එයට කිරි ටික එක් කර මිශ්‍ර කරගෙන අයිස්ක්‍රීම් සමඟ බ්ලෙන්ඩ් කරගන්න. කජු උඩින් ඉස පිලිගන්වන්න.


    Uputa ganeemaki