අපිට අමතක වුණු අපේ කෑම
අවුරුදු මේසෙ රසවත් කරන්න, කුරක්කන් තලපයි වැව් මාළු ආනමකුයි හදා ගන්න
“අම්මෙ?”
“ඇයි මොකද?”
“මෙදා පාර කිරි බත් කන්න තියෙන්නෙ උදේ නිසා…”
“ඔව්…”
“රෑට වෙන මොනව හරි හදමුකො. නිකං ගමේ කෑමක්. අර ඉස්සර ආච්චි ඉන්න කාලෙ හදන්නෙ, කුරක්කන් තලප වගේ. අනේ අම්මෙ”
මෙදා සැරේ අළුත් අවුරුද්දට, කාලෙකින් නොකාපු රස කෑමක් කන්න ඕන කියල හිතුණ නිසාමයි, ඊයෙ හැන්දෑවෙ අම්මා ෆ්‍රී වෙනකං ඉඳල මම පොඩි යෝජනාවක් දැම්මෙ. වැඩේ කියන්නෙ, ඕක ඇහිච්ච තාත්තත් මගේ පැත්තටම කතාකළා කියන්නකො.
“මම හොඳ කුරක්කන් පිටි ටිකක් ලුණුගම්වෙහෙර අක්කලගෙ දිහායින් ගෙන්න ගන්නම්” තාත්තා එක පිම්මට පොරොන්දු වුණා.
“හ්ම්ම්… ඒනම් ඉතිං මම රොබාට කියන්නම් ගඟෙන් අල්ලපු අළුත් කොරලි, වැව් මාළු ටිකක් ගේන්න කියල නේ අම්මෙ. එහෙම හොඳයි නේ?”
“එහෙම නම් හොඳයි තමයි. ඒත්…”
“ඇයි අම්මේ?”
“නෑ, මට මතක් වුණේ අපේ අම්මා කුරක්කන් තලපවලට හදපු ආනමේ රස. මතක් වෙද්දිත් කට කෙළ උනනව. වැව් මාළු ආනමනෙ. උණු උණුවෙ මේසෙට එද්දි තලප නෙවෙයි බත් හැළියකට වුණත් වග කිව්ව හැකි.
ඔය, ඒ දවස්වල ඉඳපු අපේ තාත්තගෙ යාලුවෙක්නෙ වැව් මාළු ගෙනැත් දෙන්නෙ. මනුස්සයගෙ නම කළු අයියා. ගමේ දඩයක්කාරයා. මතකෙ හැටියට මිනිහම තමයි රා පෙරන වැඩ, මී වද කඩන වැඩ එහෙමත් කළේ. ඉතිං අවුරුද්ද කිට්ටු කරද්දි මී පැණි බෝතලයයි, කිතුල් පැණි බෝතලයයි, දඩමස් මුලක් හරි කොරලි වැලක් හරියි වරදින්නෙ නෑ. අම්මා මස්, මාළු වැඩේට එච්චර කැමැති නැති නිසා අයියටයි තාත්තටයි තමයි ඕවා තෝරල බේරලා උයන පිහන රාජකාරිය භාර වුණේ.
ඔයාලගෙ තාත්තලගෙ දිහායින් අළුත් අවුරුද්දට කුරක්කන්, බඩ ඉරිඟු ගෝනි හත අටකුත් එන නිසා, අපේ අම්මට තිබ්බෙ ඒව අඹරල පිටි ගන්න විතරයි. ඇඳිරි වැටීගෙන එද්දි එළියෙ කුස්සිය ළඟ ලොකු දර ලිපක් හැදෙනව. හැබැයි ලිප ගිනි මොලවපු ගමන් ඇතිලිය ලිපේ තියන්නෙ නෑ. ඉස්සෙල්ලම දර හොඳට ඇවිළෙන්න අරිනව. එහෙම ඇවිලීගෙන යද්දි තමයි මැදඟිල්ලක් උසට වතුර පුරවපු වැලමිට.ක් (ඇඟිලි තුඩු සිට වැලමිට තෙක්) පළල (විෂ්කම්භය) ඇතිලිය ලිපේ තියන්නෙ. දර ඇවිලිලා ගිනි අඟුරු එක්ක, ගින්න මද වේගෙන එද්දි වතුර ටිකත් හොඳ ගානට උතුරලා. අන්න එතකොට තමයි ඇතිළියට කුරක්කන් පිටි හුණ්ඩු 4ක් දාලා ගණන් බලන්නෙ හැබැයි පිටි දාන පරක්කුවට අනිත් අතට හැඳි මිට අරගෙන කූරු ගාන්න ඕන. නැත්නම් හරියට එන්නේ නැහැලු. හොඳට හැඳි ගාගෙන යද්දි පිටි මදි කියල තේරුනොත්, අම්මා අල්ලට අරගෙන තව පිටි දානව. පිටි පදම හරි ගියත් හරි ඒ ගැම්මටම ළඟට ගන්නෙ ලුණු පොල් කට්ට. අත් ගුණේද මන්දා එයා ලුණු නම් දාන්නෙ එක පාරයි. සාමාන්‍යයෙන් අල්ල පිරෙන්න ගත්තු ලොකු ලුණු අහුරක් වගේ.
[කුරක්කන් පිටි හුණ්ඩුවකට වතුර කෝප්ප 5යි (හැබැයි වතුර උතුරල නටන්න ඕන). ලුණු, කපල මේස හැන්දයි (රස අනුව තව දා ගන්න). මිශ්‍රණය, මද ගින්නෙ හැඳි ග ගා තලපෙ හදා ගන්න.]
ඒ අතරට අයියයි තාත්තයි කොරලි ටික සුද්ද කරල රෑට ඉදෙන කුරක්කන් තලප කන්න ආනමට ඕන අඩුම කුඩුම ටිකත් ලෑස්ති කරනව. හෝදපු මාළු කූරි ඉරි ගහල ගොරක, අබ, සුදු ළුෑණු, රම්පෙ කරපිංච, මිරිස් තුනපහ, කහ, ලුණු කලවමක පදම් වෙද්දි අම්මා ඇවිත් කරන්නෙ ඒකට ගණන් බලල වතුර දාන එක තමයි. සාමාන්‍යයෙන් කොරලි ඇතිලියත් තලප ඇතිලිය වගේම ලොකුයි. මාළු කූරිත් අටක් දහයක් ඇතුළෙ. ඇතිලියෙ උඩ ගැට්ට ගාවට වතුර දාලා ලිපේ තිබ්බාම පැය භාගයක් යන්නෑ හොද්ද නටාගෙන එන්න. අන්න එතකොට බැදල අඹරපු පොල් තලියකුයි, තෙල් පොඩ්ඩකුයි එකතු කරල හොඳට හැඳි ගානව. ඊට පස්සෙ ඉතින් ඇතිලියෙ මැදක් වෙනකම් හිඳෙන්න ඇරලා බාන එක අයියටයි තාත්ටයි බාරයි.
වැඩේ කියන්නෙ එ් වෙනකොට තලප හැළිය බාලා පොල් කටු හැන්දක සයිස් ගුලි දෙක ගානෙ කෙහෙල් කොළවලට බෙදල මේසෙ උඩ. අයියා පැට්‍රල් මැක්ස් එක ගහල උළු වස්සෙ එල්ලන අතරට තාත්තා මාළු ඇතිලිය ගෙනැල්ලා කෑම මේසෙ මැද්දෙ ලණු දරන්න උඩින් තියෙනව. හම්මේ… සුවඳ…..
මට අද වගේ මතකයි පළවෙනි පාර තලප කන්න ගිහින් කටේ අලව ගත්ත හැටි. අයියයි අක්කලයි හිනා වුණත් එක්ක. තාත්තා මට ආදරෙයිනෙ. එයා තමයි කියල දුන්නෙ හොදි බේරෙන තලප ගුලි ගිලින විදිය. හ්ම්ම්...”
අම්මගෙ කතාව පුංචි හීල්ලිල්ලක් එක්ක ඉවර වුණා. ඒ අතරට තාත්තත් එයාගෙ අතීතයට ගිහින්. සාලෙ ලයිටුත් නිවල නිසා මාත් කුරක්කන් තලපයි වැව් මාළු ආනමයි එක්ක මගේම ලෝකෙක තනි වුණා…
අනේ කවද හරි මටත් මගේ පොඩි එවුන්ට ඔය වගේ ගමේ කතාවක් කියන්න පුළුවන් වුණා නම්!
අවුරුදු මේසෙ රසවත් කරන්න, ‘මෙනේරි බතකුයි කට්ට සම්බෝලයකුයි’ හදාගන්න
“හානේ… ඒ, මේං බලන්නකො. මෙන්න, කොළඹ පුතා අළුත් අවුරුද්දට මෙහේ ඇවිත්”
“හෑ.. කෝ බලන්න, මයෙ අම්මේ..., කොල්ල රැවුල වව..ලා, කොණ්ඩෙ වව..ලා. දැන් හරි හැඩයිනෙ අප්පා. හා හා ඒකට කාරි නෑ මයෙ කොල්ල, ඔතනින් ඈඳි ගත්ත නං. මේහ්.. කොල්ලට බොන්න වෑවර ගෙඩියක් කපාන වරෙන්කො ඉතිං”
කියන්න සන්තෝසයි යාළු ලුණුගම්වෙහෙර නැන්දලයෙ දිහාවට ගොඩවෙන්න හම්බවුණේ නෑ, උණුසුම් පිළිගැනීම. ආයෙ එපා කියන්නයැ, මාමටයි නැන්දටයි වැඳලම තමයි මම ගෙට ගොඩවුණේ.
ඉස්සර ඉඳන්ම මට තිබ්බ පුරුද්දක් තමයි, ගියපු ගමන් කුස්සයිට රිංගන එක. මොකද හතර වටින් හේන කොරටු නිසා කොයි වෙලාවෙ වත් කෑම බීම වරදින්නෙ නෑ. ඉතිං ඒ පුරුද්දට මම, මාමයෙ කතා බහට කණ දෙන ගමන් හෙමිහිට කුස්සියට ගියා.
නැන්දා පිළ උඩ තියාගෙන කුරුම්බා ගෙඩිය කපනව. වටපිට බලපු මම හොරාට ළඟ තිබ්බ ලොකු මුට්ටිය ඇරලා බැලුවා. හප්පොච්චියෝ, මොනවදෝ බතක් වගේ එකක්. සුවඳේ බෑ. ඊටත් කටට කෙල උනන්නෙ එහා පැත්තෙන් තියෙන කට්ට සම්බෝලෙ දැක්කාම.
“ආං කොල්ල, ලොකු වුණාය කියල පරණ ගති නං පොඩ්ඩක්වත් ඇරිලා නෑ” ෂැහ්, බතට කෙළහලනව, නැන්දට මාට්ටු කියන්නකො. වෙලාවට එයාලා මගේ හැටි දන්නව. අවුලක් නෑ, ෂේප්!
“මයෙ පුතා මේක බීලා හිටින්නකො. තිබහ යන්ට ඇරලා, වැවෙන් නා ගමු. ඊට පස්සෙ බැරියැ බත් ගිලින්න. මම හීන් සැරේට ලිප අවුලල බත රත් කරන්නම්”
“හා නැන්දෙ, ඒත් මොනවද මේ බත්. නිකං කිරිබත් වගේ. හැබැයි කහ පාටයිනෙ”
“ආ… පුතා, මේ ඇවිල්ලා මෙනේරි බත්. හරි ගුණයි. ඇරත්, ඇඟටත් හරි හයියයි. කොළඹ පැත්තෙ ඕව හොයාගන්න නැතුව ඇතිනෙ. මම පුතාට ගෙනියන්නත් ගෝනියක් ගහල දෙන්නම්”
“ඒත් නැන්දෙ මේවා උයන්නෙ කොහොමද? මම දන්නෑනෙ”
“ආ.. පුතා නොදන්නව වුණාට මොකෝ, අම්ම දන්නව ඇතිනෙ. හ්ම්ම්… ඒකට කමක් නෑ, එහෙනම් අහගන්නකො.
මුලින්ම මෙනේරි හාල් හොඳට හෝදල ගරාගන්න ඕන. මොකද හීං ඇට ධාන්‍යෙ නිසා ගල් වැලි එමටයි. ඊට පස්සෙ ඉතිං මුට්ටියට දාලා ඔය බත් උයනව වගේම තම්බ ගන්නයි තියෙන්නෙ. වතුර දාන කොට මෙනේරි හුණ්ඩුවකට වතුර කෝප්ප 4ක් වගේ දැම්ම නං හරි මයෙ පුතේ. විනාඩි 10, 15 යද්දි වතුර බාගෙට හිඳිලා බත තැම්බීගෙන එනකොට... හැඳි මිටෙන් පොඩ්ඩක් කූරු ගාලා බලා ගන්න ඕන බතේ තෙත ගතිය හොඳට තියෙනවද කියල. ඒං හරි කියන්නෙ පොල් දාන්න කියාපු වෙලාව. හැබැයි එකක් මතක තියා ගන්න, පොල් කලින් ගාලා තියා ගත්තා වගේ නෙවෙයි, පොල් ටිකට ලුණු දාලා පදම් කරන්නත් ඕන. මොකද පස්සෙ ලුණු එකතු කළාට මෙනේරි බතේ රස හරියට එන්නෙ නෑ. ඔතනදි පුතේ මෙනේරි හුණ්ඩුවකට පොල් බෑයක වත් පොල් දාන්න ඕන. ලුණු නම් තේ හැන්දක් වගේ දැම්ම නම් ඇති. ඊට පස්සෙ ඉතිං බතේ වතුර හිඳිලා හොඳට ඉදෙනකම් කූරු ගාන්ට වෙනව”

“මෙනේරි බත් උණු උණුවෙං ගිලිනව නම් ඉතිං හොඳ හැටි උම්බලකඩ, කොච්චි මිරිස් දාපු කට්ට සම්බෝලයක් තමයි. ඒත් මාමානං නිවෙන්ට ඇරලා කිතුල් පැණි එක්කත් දෙසා බානව”
“හා, මයෙ පුතා දැන් යන්නකො වැවට, නා ගන්න. ඉක්මට ආවොත් කට්ට සම්බෝලෙ එක්ක මෙනේරි බත් ගිලල, කටේ සැර මැකෙන්න කිතුල් පැණි එක්කයි, වැලි හකුරු එක්කයිත් රස බැලුව හැකි ඔන්න!”
Source: yamu.lk

Last edited: