සබරගමුව දුම්රිය මග.
ලංකාවේ පටු ආමාන දුම් රිය මාර්ග (2’6”)තිබුනෙ දෙකයි.
එකක් නානුඔය සිට නුවර එළිය හරහා රාගල(උඩුපුස්සැල්ලාව දුම් රිය මාර්ගය ) . අනික මරදාන සිට අවිස්සාවේල්ල හරහා යටියන්තොට. මරදාන - අවිස්සාවේල්ල කොටස 1902 දීත්, අවිස්සාවේල්ල යටියන්තොට කොටස 1903 දීත් විවුර්ත උනා. කැලණි වැලි මාර්ගය කියල නිල වශයෙන් හදුන්වන්නෙ මරදාන - අවිස්සාවේල්ල දුම් රිය මාර්ගය.
ඒ කාලයේ පැවති තේ සහ රබර් වගාවන්ගේ අස්වැන්න ප්රවාහනය කරන්න උපකාරයක් විදිහට සුදු පාලනාධිකාරිය මේ මාර්ගය 1912 දී රත්නපුර දක්වා දීර්ඝ කරනවා. මේම කොටස හැදින්වුනේ රත්නපුර දිගුව නමින්. ඉන්පසු මේ මාර්ගය ඕපනායක දක්වා දිගු කෙරෙනවා. මේ කොටස හැදින්වෙන්නෙ පැල්මඩුල්ල දිගුව නමින්. 1916 දී වැඩ ආරම්භ කල මෙම කොටස 1919 දී තමයි අවසන් කරල තියෙන්නෙ.
පැල්මඩුල්ල දිගුව කියල හැදින්වුවට මෙම මාර්ගය පැල්මඩුල්ල හරහා යන්නේ නැහැ. මුලින් පැල්මඩුල්ල හරහා යන්න නියමිතව තිබ්බත් ඒ පලාතේ තිබ්බ වගුරු සහිත ස්වභාවය නිසා අවසාන වශයෙන් මේ මාර්ගය ඉදිවන්නේ රත්නපුර - තිරිවානාකැටිය- දෑල-වටාපත-කහවත්ත හරහා ඕපනායක දක්වා.
මෙලෙස අවිස්සාවේල්ල සිට රත්නපුර හරහා ඕපනායක දක්වා ඉදිකෙරුනු මාර්ගය තමා සබරගමුව දුම් රිය මාර්ගය කියල හදුන්වන්නේ.
අවිස්සාවේල්ල ඕපනායක දුම් රිය මාර්ගය පටු ආමාන ලෙස ඉදිකරපු එක බෙහෙවින්ම විවාදාත්මකයි. මේ මාර්ගයේ දෑල- ඕපනායක කොටස හැර අනිත් සෑම කොටසක්ම දිවෙන්නෙ තැනිතලා මාර්ගයේ. අප්රිකානු රටකට සකසපු දුම් රිය මාර්ග සහ එන්ජින් ලංකාවෙ ගෙනත් හයි කලා කියල කතාවක් තියෙනව, ඒත් තහවුරු වෙලා නෑ.
දෙවන ලෝක යුද්ධ සමයේ ඇති වුන ගල් අගුරු සහ අනිකුත් සම්පත් හිගයත්, මාර්ගස්ථ ප්රවාහනය දියුනු වීමත් සමග 1941 වන විට අවිස්සාවේල්ල - යටියන්තොට කොටස වැසී යනවා.
අවිස්සාවේල්ල-ඕපනායක අවසන් මගී දුම් රිය 1976 අප්රේල් 14 වෙනිදා ධාවනය වෙනවා. අවසන් වරට මෙම මාර්ගයේ දුම් රියක් ඩ්ධාවනය වෙන්නේ 1976 දෙසැම්බර් 31 වෙනිදා. එයින් පසුව මෙම මාර්ගය සදහටම ගලවා ඉවත් කෙරෙනව. මේ සදහා යම් යම් දේශපාලන බලපෑම් පැවතියා කියලත් මත තියෙනව. ඒත් ඉතා මන්දගාමී මෙම මාර්ගය අද යුගයට කිසිසේත්ම ගැලපෙන්නෙ නෑ.
සබරගමුව දුම් රිය මාර්ගයේ බොහෝ දුම් රිය ස්තාන , බඩු ගබඩා සහ මාර්ගයේ පස් ගොඩැලි තවමත් දැක ගන්න පුලුවන්. ඒත් මේ මාර්ගය ආය දුම් රිය දාවනයට යොදා ගනී ය කියන සිහිනය සිහිනයක්ම පමණයි.
මෙම මාර්ගයේ අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා දුම් රිය ස්තාන සහ ඒවායේ අක්ශර සංකේත පහත පරිදියි.
අවිස්සාවේල්ල (AWS), ගැටහැත්ත(GTH), ඇහැලියගොඩ(EHY), පරකඩුව,(PKD) කුරුවිට(KWT), රත්නපුර (RPR), තිරිවානාකැටිය(TRK), දෑල(DAL), වටාපත(WPT), කහවත්ත(KHW), ඕපනායක (OPK).
මීට අමතරව උප දුම් රිය ස්තාන සහ රේල් කාර් නැවතුම් ගනනාවක් මේ අතර පිහිටා තිබුනා.
ඉතිරිව පැවති අවිස්සාවේල්ල - මරදාන අතර පටු ආමාන දුම් රිය මාර්ගය ද්විත්ව ආමාන දුම් රිය මාර්ගයක් බවට 1991 -1997 අතරෙදී පත් කෙරුනා. ඒත් දුර්වල නඩත්තුව නිසා පටු ආමන දුම් රිය භාවිතය එතරම් පලදායී උනේ නෑ. 1998 න් පමන පසුව මෙම මාර්ග කොටස පුලුල් ආමාන මාර්ගයක් බවට පූර්ව කාලීනව පත් කෙරුනා.
සබරගමුව දුම් රිය මාර්ගයේ භාවිතා වූ දුම් රිය එන්ජින්.
Class K1 (4-4-0 T) වාශ්ප
Class J1/J2 (4-6-4T) වාශ්ප
Class N1 ඩීසල් හයිඩ්රොලික්
Class N2 ඩීසල් හයිඩ්රොලික්; මෙම එන්ජිම සාලාව තුනී ලෑලි කම්හල සදහා ගෙන්වන ලද්දකි. අවිස්සාවේල්ලෙන් එපිට ධාවනය වූ බවට සාදක නොමැත.
Class P1 ඩීසල් හයිඩ්රොලික්
Class H1 (2-4-0+0-4-2T) වාශ්ප , මෙම විශේෂිත ගැරට් එන්ජිම උඩුපුස්සැල්ලාව මාර්ගයේ දාවනයට ගෙන්වන ලදී. එම මාර්ගය 1948 දී ගලවා ඉවත් කිරීමෙන් පසු කැලණි වැලි මාර්ගයේ බඩු දුම් රියක් සදහා යොදවා ඇත.
Class V1 Rail cars; මූලික වශයෙන් යටියන්තොට මාර්ගයේ ධාවනය වී ඇත. සබරගමුව මාර්ගයේ මද කලක් යොදවා ඇත.
Class V2 Rail cars.
මෙම දුම් රිය එන්ජින් අතරින් V1, H1 යන දුම් රිය එන්ජින් සහ රේල් කාර් දැනට සුනුබුන් වශයෙන් හෝ දක්නට නැත.
මේ තියෙන්නෙ මෙම දුම් රිය මාර්ගය භාවිතා උනු කාලේ ගත්ත ජායාරූප සහ එන්ජින් වල ජායාරූප.
V2 331 දරන රේල් කාරය. නාරාහේන්පිට දුම් රිය ස්තානයේදී. මෙම රේල්කාරය පසුකාලීනව ප්රතිශ්ථාපනය කරන ලද අතර මෙම චායාරූපය මෑත කාලීනව ගන්න ලද එකකි. (අයිතිය : කලර් රේල් වෙබ් අඩවිය )
J1 264 දරන දුම් රිය එන්ජිම කුරුවිට ප්රදේශයේදී, අයිතිය ලෙස් නික්සන් මහතා.
H1 293 දරණ දුම් රිය එන්ජිම නුවර එළිය දුම් රිය ස්තානයේ. මෙම එන්ජිම සබරගමුව මාර්ගයේදී ගත් ජායාරූප දක්නට නැත.(කේලන්ඩ් ජායාරූප එකතුව සතුයි )
N2 732 දරණ දුම් රිය එන්ජිම මරදාන සහ කොටුව අතරදී. මෙම එන්ජිම දැනට කඩුගන්නාව දුම් රිය කවුතුකාගාරයේ තබා ඇත.
K1 106 දරණ දුම් රිය එන්ජිම මරදාන දුම් රිය අංගනයේ දිරාපත් වෙමින්. මෙම චායාරූපය පැරණි එකක් වන අතර මෙම එන්ජිම මේ වන විට ඉතාමත් තදින් දිරාපත් වී ඇත. මෙම පන්තියේ ඉතිරිව ඇති එකම දුම් රිය එන්ජිම මෙයයි.
N1 566 දරන දුම් රිය භාන්ඩ ගැල් ඇමිනූ දුම්රියක් සමග මරදාන දුම් රිය ස්තානයේදී, 1977 වසර. අයිතිය පීටර් හොජ් මහතා.
K1 106 දුම් රිය මරදානේදී. අයිතිය පීටර් හොජ් මහතා. 1970 දශකය.
J1 පන්තියේ එන්ජිමක් සහිත බඩු දුම් රියක් රත්නපුර සහ අවිස්සාවේල්ල අතර, අයිතිය බැසිල් රොබර්ට්ස් මහතා.
පැරණි තිරිවානාකැටිය දුම් රිය ස්තානය, ජායාරූපය බැසිල් රොබර්ට්ස් මහතා.
සබරගමුව මාර්ගයේ ධාවනය වන බඩු දුම් රියක් ඇහැලියගොඩට ආසන්නව. පසෙකින් දිස්වන්නේ රත්නපුර කොලබ 122 මාර්ගයයි. ජායාරූපය බැසිල් රොබර්ට්ස් මහතා.
පැරණි රත්නපුර දුම් රිය ධාවනාගාරය. ජායාරූපය ජෝන් ටිල්මන් මහතා.
V2 332 දරණ රේල් කාරය වටපත සහ දෑල අතර කොටසේ දාවනය වෙමින්. ජායාරූපය ඹසිල් රොබර්ට්ස් මහතා.
N2 231 දරණ එන්ජිම සහිත බඩු දුම් රියක් අවිස්සාවේල්ලෙන් රත්නපුර දෙසට ඇති කොටසේ. මම කොටස වර්තමානයේ මහා මාර්ගයක් බවට පත්ව ඇත. ජායාරූපය ලෙස් නික්සන් මහතා.
J1 291 දරණ දුම් රිය එන්ජිම අවිස්සාවේල්ල පැරණි දුම් රිය ස්තානයේ. පසෙකින් පෙනෙන් බඩු ගබඩාව පිහිටි තැන දැන් නව දුම් රිය පල ඉදිව ඇත. ජායාරූපය ට්රොස්ට්ස්කී ට්රැවල්ස් වෙබ් අඩවිය.
P1 527 දරණ දුම් රිය එන්ජිම විහාරමහා දේවී උද්යානයේ අත්හැර දමා තිබියදී. මෙම එන්ජිම දැනට කඩුගන්නාව දුම් රිය කවුතුකාගාරයේ ප්රතිශ්ථාපනය කර ඇත.
රත්නපුර දුම් රිය ස්තානය විවුර්ත කල වසරේදී ගත් ජායාරූපයක්.
රත්නපුර දුම් රිය ස්තානය 1970 දශකයේදී. ජායාරූපය ඕස්ට්රේලියන් දුම් රිය ලෝලීන්ගෙ සංගමයේ නිල සගරාවෙන් උපුටා ගන්නා ලද්දකි.
දැන් තියෙන සුන් බුන් වල ජායාරූපත් මගේ ගාව තියෙනවා. වෙනම දාන්නම්. මේ දුම් රිය මාර්ගය ගැන මම පුද්ගලිකව ගොඩක් උනන්දුවක් දක්වනවා, ඒ නිසා පුරස්න තියේනම් උත්තර දෙන්න පුලුවන්.
මෙහි සදහන් කරුණු කරුණාකර උපුටා පල කිරීමෙන් වලකින්න. මහන්සි වෙලා ලිව්වේ.

Last edited: