ශර්ට් අත නවමු. ෆැශන් ටිප්ස්

ශර්ට් අත නවමු. ෆැශන් ටිප්ස්

ඔන්න මචංලා මේ මගේ පස්වෙනි ෆැශන් ටිප්ස් නූල. ගියපාර නූලක මම කිවුවා ශර්ට් අත නවන හරි විදිය ගැන කියනවා කියලා. අද ඒ ගැන කථා කරන්න තමයි මේ ලෑස්තිය.

1.jpg

අපි මුලින්ම හිතමු ඇයි ශර්ට් අතක් නවන්නෙ කියලා.

ඇත්තටම ශර්ට් අත නවලා අඳිනවා කියන එක බොහොම සරල ක්‍රියාවක්. ඒත් එයින් ඔබ තුලින් බාහිරට සංඥා කරන දේ බොහෝමයක් වෙනවා. ඔබ බරපතල වූ කාර්යක නියැලෙන විට ශර්ට් අත නැවීම තුල බාහිරට කරන ප්‍රකාශනය වගේම ඔබ යම් කටයුත්තක් අවසන්කර ශර්ට් අත ඉහලට නවා රිලැක්ස් වීම දක්වා යමක් ශර්ට් අත නැවීම යන ක්‍රියාව තුල බාහිරට හඳුනාගත හැකි. ශර්ට් අත නැවිම තුල ඔබේ ෆෝමල් ඇඳුමට එක් කරන එක්තරා අමුතුම ආකර්ශනයක් වෙනවා. ඒ වගේම ඔබට යම් ලෙසකින් රස්නය පවතින අවස්ථාවක, යම් කිසි බරපතල වැඩකට යොමුවන අවස්ථාවක හෝ ශර්ට් අත දිගට තබාගත යුතු නොවන ඕනෑම අවස්ථාවක එය නැවිය හැක. ඉතින් ඒ සඳහාද ක්‍රම විධි කිහිපයක් තියනවා. අපි එකින් එක කථා කරමු.



1. Master Sleeve Roll

22.jpg

ඇත්තෙන්ම මෙය තමයි බොහොමත්ම කැපී පෙනෙන්නා වූ ආකර්ශනීයම ක්‍රමය. එහිදී පලමු නැම්ම cuff එක අතෙහි වැලමිට දෙසට එන ලෙසින් නවන්න. පසුව ඊ ලඟ නැම්ම cuff එක වැසෙන සේ නවන්න. මෙහිදී ශර්ට් එකේ cuff එක ශර්ට් එකට වඩා තරමක් තද පැහැයක් නම් එය තවත් ආකර්ශනීය ලෙස දිස්වනු ඇත.



2. Aifa Roll

11.jpg

ශර්ට් අතෙහි බොත්තම් සියල්ල නිදහස් කර cuff එක එක වරක් ඉහලට නවා එම ප්‍රමාණයටම දෙවන වරත් ඉහලට නවන්න. මෙම ක්‍රමයේදී අත නිදහස් වී පෙනිය යුත්තේ 1/4ක් පමණි. ඔබේ අත් එතරම් දිගු නැතිනම් මේ ක්‍රමය ඔබට වඩා ගැලපෙනු ඇති.




3. Basic Roll

33.jpg

බොහෝ දෙනා ශර්ට් අත සාමාන්‍ය ක්‍රමය මෙය වේ. cuff එක වරක් නවා ඒ ප්‍රමාණයෙන් වැලමිට දක්වා පමණක් නවන්න.



4. High Roll

444.jpg

මෙයද Basic Roll ලෙසින්මය. වෙනස ඇත්තේ මෙහි තවත් නැම්මක් වැලමිටන් උඩට එයි. බාහු හොඳින් වැඩුනු ජිම් යන අයියලාට වඩාත්ම ගැලපෙන ක්‍රමය මෙයයි.:lol::lol: එසේම තරමක් බරපතල කාර්යකට යොමුවන විට වඩා සුදුසු වන්නේද මේ ක්‍රමයයි.
 
Last edited:
5. Garter Roll

???.jpg

මේ තරමක් පැරණි ක්‍රමයකි. බෙල්ට් එකක් අධාරයෙන් ශර්ට් අත ඉහලට සිටින සේ රඳවා බෙල්ට් පටිය වැසෙන ලෙසින් ශර්ට් අතෙහි පහලට නැම්මක් තබයි.

ඉතිං වැදගත් කියලා දෙයක් තිබ්බනම් රෙප්+ පාරක් දීලම යන්න මචංලා...
 
Last edited:

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    1,2 තමයි ඕනා තැනකට. 3,4,5 දැන් කාලේ යන්නේ නැහැ නේද.
    tfs :)
     
    1,2 තමයි ඕනා තැනකට. 3,4,5 දැන් කාලේ යන්නේ නැහැ නේද.
    tfs :)

    තවම 3 ක්‍රමේ නම් ගොඩක් පාවිච්චි වෙනවා මචෝ. 4 නම් ටිකක් අඩුයි. 5 නම් දැන් භාවිතා වෙන්නෙම නැති තරම්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල.. :) ඕවගෙන් දැනගන හිටියේ සාමාන්‍ය ක්‍රමය විතරයි.
    මම නම් පුද්ගලිකව ශර්ට් අත් නවන්න ආස නෑ. අත් දිග නම් ඒක ඒ විදිහට අදිනවා නැත්තං අත්කොට ශර්ට් එකක් අදිනවා.

    +25
     
    Last edited:
    එල.. :) ඕවගෙන් දැනගන හිටියේ සාමාන්‍ය ක්‍රමය විතරයි.
    මම නම් පුද්ගලිකව ශර්ට් අත් නවන්න ආස නෑ. අත් දිග නම් ඒක ඒ විදිහට අදිනවා නැත්තං අත්කොට ශර්ට් එකක් අදිනවා.

    +25

    එල එල මචෝ... :) :):)