දීර්ඝායු ලැබීමේ ක්‍රම 10 ක්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    දීර්ඝායු ලැබීමේ ක්‍රම 10 ක්

    මෙහි සඳහන් වන්නේ ගුප්ත හෝ අභිරහස් උපදෙස් සමූූහයක් නොවේ. දිගු කලක් කරන ලද පර්යේෂණ කීපයක සාර්ථක ප‍්‍රතිඵලය. සාම්ප‍්‍රදායික හා නූතන ජීවන රටාවලින් කුමක් තෝරා ගත යුතුදැයි සැකමුසුව පසුවන ඔබට පහත ක‍්‍රම 10 තුළින් පිළිතුරක් ලැබේදැයි සොයා බලන්න.

    1. කෑම බීම අඩු කිරීම – ආහාර ගන්නා ප‍්‍රමාණය සීමා වූ විට ආයු කාලය 35% කින් වැඩි වීම පමණක් නොව මස් පිඩුවල කි‍්‍රයාකාරිත්වයට ද එය බලපාන බව සොයාගෙන තිබේ. එහෙත් මෙම ආහාර ගැනීමේ සීමාව 40% ක් තරම් ප‍්‍රමාණයකින් පහත හෙළිය යුතු නැත. මේදය ලෙස සිරුරේ තැන්පත්ව තිබෙන කැලරි ප‍්‍රමාණය අඩු කර ගැනීමට නම් නිරතුරු කි‍්‍රයාශිලි විය යුතුය.

    2. ව්‍යායාම වැදගත් – ගැටලුව පැන නැඟී තිබෙන්නේ අධික ලෙස ආහාර ගැනීම නිසා නොවේ. අප ශරීරයට නිසියාකාර ව්‍යායාමයක් නොදීම නිසා ය. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ව්‍යායාම්වලින් ලැබෙන සහයෝගය ඉතා පැහැදිලිය. එමඟින් හෘදවාහිනී සැහැල්ලු කරන අතර රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයේ පවත්වා ගනී. මේද ප‍්‍රමාණය තුලනය වීම ද සිදු වේ. ව්‍යායාම නිසා ඊස්ට‍්‍රජන් හෝමෝනය සංසරණය වීම සීමා වීමෙන් ඇතැම් පියයුරු පිළිකා ද වළක්වා ගත හැකි ය.

    3. මව ගේ වයස අඩුවීම – තරුණ මව්වරුන්ට උපදින දරුවන් වසර 100 ට වඩා ජීවත් වන බව දැන් අනාවරණය කරගෙන තිබේ. විශේෂයෙන් ම මව ගේ වයස අවු: 25 ට අඩු කාලයේ දී උපදින දරුවන්ට මෙම තත්ත්වය බලපායි. 1890 – 1893 දක්වා උපත ලැබූ වයස 100 ට වැඩි පුද්ගලයන් 198 දෙනෙකු ආශ‍්‍රයෙන් කරන ලද පර්යේෂණයක දී මෙම කරුණ සොයාගෙන ඇත.

    4. ඔක්සිහාරක භාවිතය :- විටමින් සම්පූර්ණයෙන් ම ඔක්සිහාරක වන අතර දිගු කලක් ජීවත්වී මේ අවස්ථාව ඔබට ලබාදේ. ආහාර ජීර්ණය වන විට එහි අතුරු ඵලයක් ලෙස සිරුරේ සෛලවලට ඇතැම් විට හානි කරවන රසායනික ද්‍රව්‍යයක් නිපදවේ. ඔක්සිහාරක මඟින් කෙරෙන්නේ ඒ සඳහා ප‍්‍රතිරෝධකයන් වීමය. තද පැහැති එළවළුවල හා පලතුරුවල ඔක්සිහාරක අඩංගු ය.

    5. ප‍්‍රමාණවත් නින්ද : පැය 6 ට වඩා ගතවන නින්ද සෞඛයට හිතකර නොවේ. එහෙත් මෙයට ස්තී‍්‍ර / පුරුෂ භාවය ද වැදගත් වන බව මතක තබා ගත යුතුය. කාන්තාවක පිරිමියකුට වඩා වැඩි කාලයක් ජීවත් වීමේ රහස ඇය සාපේක්ෂව ගැඹුරු නින්දක් ලැබීමයි.

    6. අත්‍යවශ්‍ය ආහාර – ආහාර පාන මිලදී ගන්නා විට ශාක ද්‍රව්‍ය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. බෝංචි, ගෝවා, තිරිඟු, දොඩම්, සැමන්, සෝයා සෝස්, තේ, තක්කාලි, යෝගට්, වැනි ආහාර ශරීර සෞඛ්‍යයට යහපත් බලපෑම් ඇති කරයි.

    7. සිරුරේ කොලෙස්ටෙරෝල් ප‍්‍රමාණය : පුද්ගලයකු ගේ ජානවල ස්වභාවය අනුව ඔහු ගේ සිරුරේ අඩංගු කොලෙස්ටෙරෝල් අංශුවල ප‍්‍රමාණය වෙනස් වීමට පුළුවන. විශාල අංශුවලට වඩා කුඩා අංශු රුධිර නාල අවහිර කිරීමට බලපායි. ජානවල ස්වභාවය යහපත් නම් අංශු වඩා විශාල වේ. එවිට දිගු ජීවිත කාලයක් හිමිකර ගැනීමේ ඉඩ කඩ වැඩිය.

    8. වයසට අනුව නියමිත බර තිබීම – වයස අවු: 21 දී නියමිත බර ප‍්‍රමාණය තිබීම, වාසි සහගත ය. එමෙන්ම වඩා සෞඛ්‍ය සම්පන්න, නිරෝගී තරුණ අවධිය ආයුෂ ශක්තිය වැඩි කරයි.

    9. ධනාත්මක සිතිවිලි - ධනාත්මක චින්තනය යනු නිරෝගිමත් මානසික මට්ටමයි. එවැනි ලක්ෂණ සහිත පුද්ගලයන්ට හෘදයාබාධ වැළඳීමේ ඉඩකඩ ද ඉතා අඩු මට්ටමක පවතී.

    10. පරිවෘත්තීය ස්ථායිතාව : පරිවෘත්තීය කි‍්‍රයා යනු ජීවය පවත්වා ගැනීම සඳහා ජීව සෛලවල සිදුවන රසායනික කි‍්‍රයාවලියකි. මෙම කි‍්‍රයාවලිය මනුෂ්‍යයා තුළ ස්ථාවර මට්ටමක පවතින බැවින් මිනිසා ගේ ආයු කාලය වර්ධනය වීමේ ඉඩකඩ පවතී.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බේසික් අනුගමනය කරන තරමට විකට්ටුවේ ඉන්න පුළුවන්

    කොච්චර විකට් එකේ හිටියත් වැඩක් නෑ ලකුණු නැත්තං. සමහරු විකට් එකේ ඉන්නේ බෝල් 30 යි 40 යි එව්නාට ලකුණු 150 ක් විතර ගන්නවා. :lol: උදාහරණ - මහගම සේකර
     
    • Like
    Reactions: thelaa rox

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    රත්තරං;21439959 said:
    මේකට අනුවනම් මම උපරිමම 50ක් ඉදී. ඒ ඇති:):(:):(:):(

    :(
    දුක හිතෙන කථා කියන්න එපා. එළකිරි නම් රත්තරං, රත්තරං නම් වාහන නේ....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :(
    දුක හිතෙන කථා කියන්න එපා. එළකිරි නම් රත්තරං, රත්තරං නම් වාහන නේ....
    ඕකේ තියෙන කරුනු වලින් බන් එකයි දෙකයිනේ මට සෙට් වෙන්නේ. ඒවත් බාගෙට
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    රත්තරං;21440060 said:
    ඕකේ තියෙන කරුනු වලින් බන් එකයි දෙකයිනේ මට සෙට් වෙන්නේ. ඒවත් බාගෙට

    කොහොම නමුත් ආයුෂ වැඩි වේවායි ප්‍රාර්ථනා කරනවා