නැවත ඉපදීමේ හේතුව?
ලිපිය දිග නිසා ටැබ් එක ක්ලෝස් කරලා දන්න එපා යාලුවනේ.
විනාඩි කීපයක් අරන් කියවන්න ඔක්කොම.
ඔයාට කවදා හරි අද මේ කියවපු එකේ වටිනාකම දැනේවි.
බම්ප් එකකුත් දාලම යන්න අනිත් අයටත් බලන්න. බුදු සරණයි!
“ගසක මුල නිරුපද්‍රිතව ස්ථිරව ම පවත්නා කල්හි උඩින් ඒ ගස කැපුයේ ද නැවත ලියලන්නාක් මෙන්, අර්හත්මාර්ගඥානයෙන් නො නසන ලදුව තෘෂ්ණානුශය පවත්නා කල්හි සත්ත්වයා මළේ ද පඤ්චස්කන්ධ සංඛ්‍යාත මේ දුඞඛස්කන්ධය නැවත නැවත උපදීය”
තථාගතයන් වහන්සේ විසින් මේ ගාථාවෙන් දක්වා තිබෙන්නේ මැරෙන සත්ත්වයා ගේ නැවත නැවත ඉපදීමේ හේතුව ඒ සත්ත්වයා තුළ පවත්නා තණ්හාවය කියාය.
තණ්හාව නිසා සත්ත්වයා නැවත නැවත උපදිනවාය යන මෙය ඉතා ගැඹුරු කරුණෙකි. මෙය තේරුම් ගත හැකි වීමට තරමක් දුරටවත් පරමාර්ථ නාමරූප ධර්ම පිළිබඳ දැනුමක් තිබිය යුතු ය. ඒවා ගැන කොහෙත් ම දැනුමක් නැති අයට මෙබඳු කරුණු ගැන නියම දැනුමක් ඇති කර ගත නො හැකි ය.
එක් සත්ත්වයකුට නාමකාය – රූපකාය කියා දෙ කයක් ඇත්තේ ය. සම් – මස් - ඇට – නහර ආදියෙන් මැවුණු ඖදාරික ශරීරය රූපකාය ය. ඒ රූපකාය පාලනය කරමින් ඒ ඒ ක්‍රියාවල යොදවමින් රූපකාය තුළ ම පවත්නා විඤ්ඤාණධාතු පරම්පරාව නාම කාය ය. ඒ දෙකින් රූපකය දිරා බිඳී යන්නකි. එක් භවයක රූප කාය අනික් භවයකට සම්බන්ධ වීමක් ද නැත්තේ ය.
එබැවින් ඒ රූප කය සත්ත්වයා ගේ අප්‍රධාන කොටස ය. විඤ්ඤාණ ධාතු පරම්පරාව එසේ දිරා නැතිවී යන්නක් නො වේ. අප මෙහි විඤ්ඤාණ ධාතු නාමයෙන් කියන්නේ චිත්තචෛතසික පරම්පරාව ය. ශරීරය දිරා හොඳට ම දුබල වී ඇති මහල්ලා ගේ සන්තානයෙහි ද තරුණයන් ගේ සන්තානයෙහි මෙන් ම බලවත් වූ චිත්ත චෛතසික ධර්ම පහළ වන්නේ ය.
සමහර මහල්ලන් තුළ තරුණයන් තුළ පහළ වන ඒවාටත් වඩා බලවත් තණ්හා - මාන – දෘෂ්ටි - ක්‍රෝධ – ඊර්ෂ්‍යාදි චෛතසික ධර්ම හට ගන්නා ලකුණු පෙනේ. රූපකාය මෙන් විඤ්ඤාණ ධාතු පරම්පරාව දිරා දුබල නො වන බව එයින් හොඳට ම තේරුම් ගත හැකි ය. ජාතියෙන් ජාතියට භවයෙන් භවයට සම්බන්ධ වන්නේත් ඒ විඤ්ඤාණ ධාතු පරම්පරාව ය.
එය කෙළවර වන්නේ සියලු කෙලෙසුන් නසා රහත්ව පිරිනිවන්පානා දිනක දී ය. චිත්ත පරම්පරාවක අවසාන සිත රහතන් වහන්සේ ගේ චුති චිත්තය ය. මෙසේ ජාතියෙන් ජාතියට සම්බන්ධ වෙමින් පවත්නා විඤ්ඤාණ ධාතු පරම්පරාව සත්ත්වයකු ගේ ප්‍රධාන කොට්ඨාසය ය.
සෑම සත්ත්වයකුටම මමය කියා සලකන තමා ගේ පඤ්චස්කන්ධය පවත්වා ගැනීමට මහත් ආශාවක් ඇත්තේ ය. ජීවිතාශාවය කියනුයේ ද එයට ය. එය ආශාවල් අතුරෙන් ඉතාම බලවත් ආශාව ය. කොතෙක් කල් ජීවත් වුවත් සත්ත්වයා හට ජීවත් වීම ඇති වන්නේ නො වේ. එබැවින් ඒ ආශාව සංසාරය සේම දික්ය.
දිරා දුබල වීමෙන් හෝ රෝගාදි අනික් හේතුවකින් හෝ විඤඤාණ ධාතු පරම්පරාවේ පැවැත්මට නුසුදුසු තත්ත්වයට ශරීරය පැමිණිය හොත් ඒ ශරීරයේ විඥාන ධාතු පහළවීම නවතින්නේ ය. මරණය යි කියනුයේ එයට ය. සත්ත්වයා විසින් ආත්මය කොට සලකා තදින් ඇලුම් කරන පඤ්චස්කන්ධය නැතිවී යාම සිඳී යාම තරම් නපුරක් වශයෙන් සලකන අනිකක් සත්ත්වයකුට නැත. පඤ්චස්කන්ධය සිඳී යාමට තරම් සත්ත්වයා බියවන අන් කරුණක් ද නැත. එබැවින් අවීචිමහා නරකයේ ඉන්නා සත්ත්වයා පවා මරණයට බිය වන බව කියා තිබේ.
ජීවත් වීමට ආශාව වූ බලවත් තෘෂ්ණාව සත්ත්වයා ගේ විඤ්ඤාණධාතු පරම්පරාව හා නිරතුරුව අනුශය වශයෙන් පවත්නා බැවින් ඒ තණ්හාබලවේගය නිසා ශරීරයට අනතුරු වූයේ ද එය ඇසුරු කොට පැවති විඥානධතු පරම්පරාව නො සිඳී අලුත් තැනකට පැමිණේ. තෘෂ්ණාව බලවේගය නොමැති නම් එය සිදු නො වේ. තෘෂ්ණාව නැවත නැවත ඉපදීමේ හේතුව ය යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ එහෙයිනි. “විඤ්ඤාණධාතු පරම්පරාව අලුත් තැනකට පැමිණීමය” යි. කියනුයේ මැරුණ තැනැත්තා ගේ ශරීරයේ පැවති විඥානය ම අනික් තැනකට යාමය. මැරෙන තැනැත්තා ගේ ශරීරයෙහි ඇති වූ අන්තිම විඤ්ඤාණය ළඟට ඇති විය යුතු විඥානය අන් තැනක පහළ මය. ඉදිරියට ස්කන්ධ පරම්පරාව පවත්වා ගැනීමේ ආශාව ප්‍රහීණ බැවින් රහතුන් ගේ විඥාන ධාතු පරම්පරාව පිරි නිවීමෙන් සිඳී යන්නේ ය.
නැවත නැවත ඉපදීමෙහි හෙවත් සංසාරප්‍රවෘත්තියෙහි එක ම හේතුව තණ්හාව නො වේ. ඊට තවත් බොහෝ හේතු ඇත්තේ ය. පටිච්චසමුප්පාදාංග සියල්ල ම සංසර ප්‍රවෘත්තියේ හේතු ය. තථාගතයන් වහන්සේ විසින් නැවත නැවත ඉපදීමේ හේතුව කොටින් දැක්වීම් වශයෙන් ආර්ය සත්‍ය දේශනාවෙහි හා තවත් නොයෙක් සූත්‍රවල නැවත නැවත ඉපදීමේ හේතුව වශයෙන් තණ්හාව දක්වා වදාරා තිබේ.
තණ්හාව සංසාර ප්‍රවෘත්තියේ ;හ්තුව බව තේරුම් ගෙන එය නැසුවහොත් එයින් නැවත නැවත ඉපදීම් වශයෙන් පවත්නා වූ සංසාර දුඞඛය කෙළවර වේ. තෘෂ්ණාව නැසුවහොත් සංසාර ප්‍රවෘත්තියට ඇත්තා වූ අනික් හේතුහු සත්ත්වයා නැවත ඉපදවීමට සමත් නො වෙති. එබැවින් තෘෂ්ණාව සංසාර ප්‍රවෘත්තියේ ප්‍රධාන හේතුව බව කිය යුතු ය. අවිද්‍යාවත් නැවත නැවත ඉපදීමේ හේතුවක් බව ද්වයතානුපස්සනා සූත්‍රයෙහි මෙසේ වදාරා තිබේ.
“ජාති මරණසංසාරං යෙ වජන්ති පුනප්පුනං
ඉත්ථ භාවඤ්ඤථා භාවං අවිජ්ජා යෙව සා ගතී
අවිජ්ජාහයං මහා මොහො යෙනිදං සංසිතං චිරං
විජ්ජාගතා ච යෙ සත්තා නා ගච්ඡන්ති පුනබ්භවං”
මේ ගාථාවල වචන අනුව ඒවාට අර්ථ දීම දුෂ්කර ය. එසේ කළහොත් කාරණය අවුල් වන්නේ ය. ඒ නිසා ඒවායේ අදහස පමණක් දක්වනු ලැබේ. ඒ මෙසේය:
“මේ මිනිස් භවය හා තවත් නොයෙක් භව ඇත්තා වූ ඉපදීම මැරීම ඇත්තා වූ සත්ත්වයන් නැවත නැවත පැමිණීමේ හේතුව අවිද්‍යාව ය. අවිද්‍යා නම් වූ මේ මහා මෝහය නිසා චිරකාලයක් සත්ත්වයෝ සසර සැරිසැරූහ. අර්හත්මාර්ගඥාන සංඛ්‍යාත විද්‍යාවෙන් අවිද්‍යාව නැසූ රහත්හු නැවත භවයකට නො යන්නාහු ය.”
ලෝකෝත්තර මාර්ග විද්‍යාව උපදවා අවිද්‍යාව නැසුවහොත් එයින් ද සංසාරය කෙළවර වේ. එබැවින් අවිද්‍යාවත් සංසාර ප්‍රවෘත්තියේ ප්‍රධාන හේතුවකි. සංසාරය පැවැත්වීමේ උත්සාහය ඇති වන්නේ තණ්හාව නිසා ය. තණ්හාව ඇති වන්නේ අවිද්‍යාව නිසා ය. අවිද්‍යා තෘෂ්ණා දෙකින් සංසාර ප්‍රවෘත්තියට ළඟින් හේතු වන්නේ තණ්හාව ය. අවිද්‍යාව හේතු වන්නේ දුරිනි. එබැවින් සංසාර ප්‍රවෘත්තියට ළඟින් හේතුවන තණ්හාව වඩා ප්‍රධාන සැටියට සැලකිය හැකි ය. එබැවින් තථාගතයන් වහන්සේ සංසාර ප්‍රවෘත්තියේ හේතුව වශයෙන් තණ්හාව වැඩි ගණනක් ස්ථානවල වදාළ සේක. කර්මයත් නැවත නැවත ඉපදීමේ එක් ප්‍රධාන හේතුවකි. එබැවින් ද්වයතානුපස්සනා සූත්‍රයෙහි:
“උපධිනිදානා පභවන්ති දුක්ඛා
යෙකෙචි ලොකම්හි අනෙකරූපා,
යො වෙ අවිද්වා උපධිං කරොති
පුනප්පුනං දුක්ඛ මුපෙති මන්දො”
යනු වදාරා ඇත්තේ ය. මේ ගාථාවෙහි උපධි යන නාමයෙන් දැක්වෙන්නේ කර්මය ය. එබැවින් අටුවාවෙහි “උපධිපච්චයාති සාසවකම්මපච්චයා, සාසවකම්මං හි ඉධ උපධීති අධිප්පෙතං” යි කීහ.
”ලෝකයෙහි අනේක ප්‍රකාර වූ යම් දුඞඛයක් වේ නම් ඒ දුක් කර්මය හේතු ;කාට හටගන්නේ ය. යමෙක් අවිද්‍යාවෙන් කර්ම රැස් කෙරේ නම්, ඒ බාලයා නැවත නැවත දුකට පැමිණෙන්නේය” යනු ගාථාවේ තේරුම ය. මේ ගාථාවෙහි දුඞඛයයි දක්වන්නේ නැවත නැවත ඉපදීම් වශයෙන් ලබන්නා වූ ස්කන්ධපරම්පරාව ය. විශුද්ධි මාර්ගයෙහි, එන:
“කම්මා විපාකා වත්තන්ති විපාකො කම්ම සම්භවො,
තස්මා පුනබ්භවො හොති එවං ලොකො පවත්තති”
යන ගාථාවෙන් දැක්වෙන්නේ ද ඒ කරුණ ම ය. “කර්මය හේතු කොට විපාකයෝ පවත්නාහ. විපාකය කර්මය හේතු කොට ඇතියක. එහෙයින් නැවත ඉපදීම වේය, මෙසේ ලෝකය පවත්නේය” යනු ඒ ගාථාවේ තේරුම ය.
සත්ත්වයාහට ස්කන්ධ පරම්පරාව පවත්වා ගැනීමට කොපමණ ඕනෑකම තුබුණත් තමා ගේ විපාක වශයෙන් නැවත භවයෙහි ප්‍රතිසන්ධි ඇති කරන කර්මයක් නැති නම්, ඔහුට නැවත ඉපදිය නො හැකි ය. මරණින් ඔබ්බට චිත්ත පරම්පරාව ගෙන යාමට කර්මය තිබිය යුතු ය. එබැවින් කර්මයත්, නැවත ඉපදීමේ ප්‍රබල හේතුවක් බව කිය යුතු ය. තෘෂ්ණාව ක්ෂය කළ තැනැත්තාට කර්ම තිබියදී ම ඉපදීම කෙළවර වන බැවින් කර්මය තෘෂ්ණාවට වඩා ප්‍රධාන හේතුවක් වශයෙන් නො කිය හැකි ය. මරණයෙන් චිත්ත පරම්පරාවට නො සිඳෙන්නේ තණ්හාවේ බලයෙනි. සුගතියට හෝ දුර්ගතියට පැමිණෙන්නේ කර්ම බලයෙනි. පුනරුත්පත්තියේ ප්‍රධාන හේතු වශයෙන් අවිද්‍යා තෘෂ්ණා කර්ම යන තුන ම කිය යුතු ය.
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහ නාහිමි
ලිපිය දිග නිසා ටැබ් එක ක්ලෝස් කරලා දන්න එපා යාලුවනේ. විනාඩි කීපයක් අරන් කියවන්න ඔක්කොම.