අලුත් අවුරුද්දේ පලවෙනි අදෝනාව අරගෙනයි ආවේ මචන්ලා 
මට දැන් අවුරුදු 25ක්. මම දැඩි මතයක ඉන්නේ කවදාවත් බඳින්නේ නැහැ කියලා. මොකද මම කවදාවත් අපේ පවුලේ උනත් අම්මා තාත්තගේ සතුටක් දැක්කේ නැහැ. අදටත් වලි එයාලට වයස ගියත්. සමහර පුරුදු තාමත් එහෙමයි. මට එපා වෙලා තියෙන්නේ බන්. මම හුදෙකලාව ඉන්න කැමති ඒ නිසා ගොඩක්. බැඳීමක් පටන් අරන් තවත් වේදනා විඳින්න බැහැ. අද වෙනකම් මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා නැහැ. හැබැයි ගැහැණු පිරිමි යාළුවො ගොඩක් මට ඉන්නවා. ඒත් උන්ට කියලත් පෞද්ගලික ජීවිත තියෙනවනේ.
මේකයි මචන්, ඒත් මට ලොකුම ලොකු තනිකමක් දැනෙනවා බන්. දවල්ට එහම පොඩ්ඩක් නිදාගෙන නැගිට්ටෝත් එහෙම පුදුම පාළුවක් දැනෙන්නේ මැරෙන්න තරං. මේක නැති වෙන්න මං එක එක වෙනස්කම් කරන්න පුරුදු වෙනවා ජීවිතේ හැමදාම. ඒත් එහෙමයි කියල හැමදාම. හැබැයි මම බඳින්න නම් කැමති නැහැ බන්. එහෙම දැඩි මතයක ඉන්නවා නම් මෙහෙම අඬන එකත් වැරදියි බන්. අනේ මන්දා බන්. මේකයි මට කපල් දකිද්දී, කවුරුහරි මල් කඩනවා දකිද්දී අනේ මටත් කෙල්ලෙක් හිටියා නම් කියලා කවදාවත් හිතිලා නෑ බන්. තාම හිතිලා නැහැ. ඉස්සරහට ඒකත් කොහොම වෙයිද දන්නේ නැහැ. මට ඕන කාගෙහරි සමාගමක්. හැමෝටම වගේ. කවදාවත් දාලා නොයන.
මේක කියන්නේ අදත් පොඩි වෙනසක් ඕන හින්දා බන්. එපා වෙනවා. ජීවිතේම නොබැඳ ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඒක ලේසි වැඩක්ද, මම නම් හිතන්නේ හරිම අමාරු ඇති. මට ආසයි ළමයෙක් හදාගන්න. එතකොට මේ ගතිය නැතිවෙලා යයි ගොඩක් දුරට. මට උඹලා අත්දැකලා තියෙන දේවල් තියෙනවා නම් කියහල්ලා