සෝවහන් වීමට අනිච්ච, දුක්ඛ, අනත්ත සරලව
අපි දන්නවා පෘතක්ජනයෙක් සෝවහන් පලයෙන් ආර්ය භූමියට පිවිසෙන්නේ අනිච්ච, දුක්ඛ හා අනත්ත යන තිලකුනු වැටහීමෙන්. පාරමිතා පූර්ණ වූ ඕනෑම අයෙකුට මෙම තිලකුනු අවබෝධ කර ගන්නට අපහසු නෑ.
අපි ඉපදුනු දවසෙ ඉදන් කරන්නෙ සතුටක්/සැපක් සොයන එක. ඒ වෙනුවෙන් තමයි අප කාලය ශ්‍රමය වැය කරන්නේ. කුඩා ළමයෙක් පාසල් යන්නෙ, ඉගෙනගෙන උසස් අධ්‍යාපනය කරන්නෙ, අන්තිමට රැකියාවක් කරන්නෙ සල්ලි හොයල සතුට විඳින්න. මේ සතුට/සැප වෙනුවෙන් අපි අපේ මුළු ජීවිතයම කැප කරනව. මහන්සි වෙනව කවදා හරි තමන්ට සැප ලබා ගන්න.
අපි ගොඩක් මිල මුදල් තියෙන අය දිහා බලල කල්පනා කරනව ඔවුන් කොතරම් සැපකින් සතුටකින්ද ඉන්නෙ කියල. හැබැයි විදසුන් ඇසකින් ඔවුන් දෙස බලන්න. එතකොට වැටහෙයි බිල් ගේට්ස්ගෙ ඉඳන් සියලු රාජ්‍ය නායක වරු හා ප්රභූවරු පවා තවමත් ඔවුන් සතු නොවූ සතුටක් සොයන බව.
ඔබ අවට සිටින ලොකු ලොකු සල්ලි කාරයන් දෙස මදක් බලන්න. අවුරුදු 60/70 පැන්නත් ඔවුන් තවමත් මුදල් ඉපැයීමට මහන්සි වෙනව.
දැන් ඇත්තටම මොකක්ද මේ සිද්ද වෙලා තියෙන්නෙ? ඇයි ලෝකයේ මිනිස්සු කොච්චර ධනය තිබුනත් තෘප්තිමත් වෙන්නෙ නැත්තෙ? මේකට හේතුව තමයි මේ ලෝකයේ දේවල් වලින් කොච්චර අපි ආශ්වාද විඳින්න උත්සහ කලත් අපට ඒ ආශ්වාද කැමැත්ත ඉශ්ඨ කර ගන්න බෑ කියන එක.
කොච්චර චිත්‍රපට බැලුවත් පූර්ණ වශයෙන් සතුටට පත් වෙන්න බෑ. ඒ වෙලාවට යම් ආශ්වාදයක් ලැබෙනව මිසක් පූර්ණ සතුටට පත් වෙන්න බෑ. කොච්චර ගීත ඇහුවත්, කොච්චර රස ආහාර ගත්තත් අපට මදි.
ඉතින් අපි මේ ජීවිත කාලයම කරන්නෙ ඈත මිරිගුවක් දැකල මිරිගුවක් පසුපස හඹා යාමක්. මිරිඟුව දකින දකින වාරයක් පාසා හිතට ආශ්වාදයක් එනව. ඒ ආශ්වාදය පූර්ණ කරගන්න ලොකු මහන්සියක් දරාගෙන සමහරු දුවනව, සමහරු ඇවිදිනව, සමහරු බඩගානව. තද අව්වෙන් ශරීරය පිච්චෙනව, නමුත් මිරිඟුව දකින විට දැනෙන තාවකාලික ආශ්වාදය නිසා ඒ පිච්චෙන එක දුකක් විදියට දැනෙන්නෙ නෑ. ජීවිත කාලයම මේ විදියට මිරිඟුව පසුපස හඹා ගියත් වතුර ලැබෙන්නෙ නෑ. ඒ කියන්නෙ වතුර බොන්න ඕනේ කියල හදාගත්ත කැමැත්ත ඉශ්ඨ වෙන්නෙ නෑ කවදාවත්. මොකද ඒ තියෙන්නෙ ඇත්තටම වතුර තියෙන සාර භූමියක් නොවෙයි. එතන තියෙන්නෙ නිස්සාර වූ කාන්තාර භූමියක් පමණයි. මේ නිසාම අපිට කවදාවත් සතුට ලඟා වෙන්නෙ නෑ.
දැන් අනිච්ච කියන්නෙ කුමක්ද? අනිච්ච යනු මිරිඟුව පස්සෙ ගිහින් කවදාවත් වතුර බොන්න ඕනෙ කියන කැමැත්ත ඉශ්ඨ නොවෙන බව. මිරිඟුව පස්සෙ ගිහින් කවදාවත් කැමැත්ත ඉශ්ඨ කර ගන්න බෑ මොකද එතන සාර භූමියක් නෑ. නිස්සාර භූමියක් පමණයි එතන තියෙන්නෙ කියන එක තේරුම් ගත්ත කෙනා 'අනත්ත' තේරුම් ගන්නව. නිස්සාර භූමියක වතුර හොයන් යන මේ වැඩෙන් වෙන්නෙ අව්වට පිච්චිලා ජල පිපාසාවෙන් දුකට පත් වෙන එක පමණයි යන්න තේරෙනව. දුක්ඛ යනු එයයි.
මේ සරල අවබෝදයට පත් වුනු කෙනා සෝවහන් ආර්ය ශ්‍රාවකයෙක් වෙනව. ඔහු සතර අපායෙන් නිදහස්. ඔහු මෙතෙක් කල් ආශ්වාද පසුපස හඹා ගිය ගමනේ වේගය අඩු කරනව. ඔහු නිවන් දුටු කෙනෙක්. දුටු නිවන සාක්ෂාත් කිරීමට ඔහු කාලය කැප කරනව.
තවත් ලිපියක් සමඟ නැවත හමුවෙමු!

Last edited: