සිංහරාජය අසබඩ සුන්දර සිංහරාජ ආරන්ය සේනාස

gepa

Well-known member
  • සිංහරාජය අසබඩ සුන්දර සිංහරාජ ආරන්ය සේනාස

    දවසේ ඕනිම වෙලාවක මීදුමෙන් බරවුනු සෞම්‍ය දේශගුනයකින් හෙබි සිංහරාජ වන පෙතේ මායිමේ පිහිටි සිංහරාජ ප්‍රාන්ත ආරන්ය අති සුන්දර බිම්කඩකි.
    SZqjTmK.jpg

    සතර අතින් ගලාහැලෙන නිල් දිය දහරා ,දවස පුරාවටම මීදුමින් වැසි පවතින වටපිටාව මෙහි යන එන අයගේ නෙත් සිත් පැහැරගන්නවා නො අනුමානයි.

    ආරනය භූමියේ ඇති පුංචි ලෝකාන්තය වගේම ආරන්‍ය ඇතුලතින් සිංහරාජ කැලේ ඇතුලට ගියෝතින් ඔබට සුන්දර දිය ඇල්ලක් නරඹන්න යන්නත් හැකියාව තියනවා..

    රක්වානේ ඉඳන් සිංරාජේට යන පාරේ වංගු දහ පසු කරමින් අති සුන්දර මාර්ගයක් දිගේ තමයි සිංහරජ ආරන්‍ය වෙත එන්න තියෙන්නේ

    DgMkEwWh.jpg

    l1k7gOQh.jpg

    පොඩ්ඩ පොඩ්ඩ වංගු දහය දිගේ ඉදිරියට යන කෙනෙක්ට පහලින් කුරුමුට්ටන් සේ පෙනෙන බිම්කඩවල් සහ ඈතින් ඇතට දිස්වෙන මනරම් කඳු යායවල් නෙතට රසඳුනක්.ඒ වගෙම මාර්ගය දෙපසින් වැටි තියන ජලදහරා මේ මාර්ගයට අමුතු ගතියක් එකතු කරලා තියනවා.
    KJA01S9h.jpg

    QbmQht1h.jpg

    FlEDHZJh.jpg

    රක්වානේ ඉඳන් වංගු දහය එහෙම පහු කරලා සූරියකඳ පැත්තට කිලෝ මීටර් එකොලහක් විතර එනකොට කඩමුදුන හංදිය හම්බවෙනවා.එතැන් පටන් තවත් කිලෝමීටර් දෙකක් පමන දුර යනකොට තමයි ඔබට මේ සිංහරාජ ප්රායන්ත ආරන්යක සේනාසනය මුනගැහෙන්නේ.

    yrHoATbh.jpg

    .මේ පාරෙත් සිංහරාජ වන පෙතෙන් ගලා එන ජලදාරා වලින් පොහොසත් උනු දිය ඇල්ලක් වගේම ස්වභාවික ජල තටාකයක් දැක ගන පුලුවනි.අයිස් කැට තරම් සීතල දිය පාරේ මේ ජල තටාකයට බැහැලා නා කියාගන්න නම් මේ දිය පාර පංකාදුයි.

    OqEz35wh.jpg

    kCmVADWh.jpg

    පසෙකින් සිංහරාජ වන පියසටත් තවත් පසෙකින් කදුහෙල් පන්තියකටත් වට වෙලා තමයි මේ ආරන්ය පිහිටන්නේ.හවසේ වැඩි හරියක් මීදුමෙන් බරව පවතින නිසා මේ ආරන්යත භූමිය දවසේ හැම වෙලාවකම morning අසිරියක් සිරිගන්වනවා.

    06uMdKXh.jpg

    vWQ7JwRh.jpg

    pLi2lHKh.jpg

    2QvXXhnh.jpg

    වල් දිවුල් ,බදුල්ල, වල්ල පට්ටා වගේ ශාඛ වර්ග මේ භූමියේ ඕබට දැකගන්න පුලුවනි.ඒ වගේම දිවියන් ගෝනුන් මුවන් වගේම විශගෝර සර්පයනුත් මේ භූමියේ සැරිසරනවා.

    UASqodth.jpg

    fEhPN1uh.jpg

    ආරන්ය භූමිය වටාම දිය පහරවල් ස්වභාවික ජල පොකුනු දකින්න පුලුවනි.ඒ වගේම මෙහි යන එන සංචාරකයන්ට පුංචි ලෝකාන්තයකුත් මෙහි ආවොත් දකින්න පුලුවනි.

    Eu6JAyUh.jpg

    oD9pWtKh.jpg

    50wmKofh.jpg

    ආරනය භූමියේ ඉඳන් ඇතුලට වන්නට සිංහරාජ මහ වනයේ මැදි පිහිටි දිය ඇල්ලකටත් මේ සේනාසන භූමියේ ඉඳන් ලඟා වෙන්න් පුලුවන් මාර්ගයක් පවතිනවා.ඒ සඳහා වනයට පිවිසීමට නම් අවසරයක් නෑ.මොකද ඒ ගමන ටිකක් විතර අවදානම් ගමන්ක් නිසා.

    q2AJnLWh.jpg

    නගරයේ කටෝර පරිසරයෙන් මිදිලා නිද්හසේ පරිසරයේ සුව පහස විඳගන්න වගේම සිත පහන් කරගන්නත් හොඳ සංචාරක නවාතැනක් හොයන කොයි කාටත් මේ සිංහරාජ වන පියස අයිනේ පිහිටන සිංහරාජ ආරනය සේනාසනය හොඳ නවාතැනක් වෙනවා නො අනුමානයි.

    තවත් සංචාරක සටහනකින් හෝ අදෝ වාත පෝස්ට් එකකින් හමු වෙමු..එතෙක් ඔබට ජය සතුට සාමය..ලැබුවා වූ අලුත් අවුරුද්ද එලකිරි වැසියන්ට ජය්න් ජයම වේවා

    Last edited:

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    ආරනය භූමියේ ඉඳන් ඇතුලට වන්නට සිංහරාජ මහ වනයේ මැදි පිහිටි දිය ඇල්ලකටත් මේ සේනාසන භූමියේ ඉඳන් ලඟා වෙන්න් පුලුවන් මාර්ගයක් පවතිනවා.ඒ සඳහා වනයට පිවිසීමට නම් අවසරයක් නෑ.මොකද ඒ ගමන ටිකක් විතර අවදානම් ගමන්ක් නිසා.

    මචං, ඇත්තටම අවසරේ දෙන්නෙ නැත්තෙ අවධානම් නිසා නොවෙයි. දිය ඇල්ලට යන පාර දිගේ අනවසර විදියට මැණික් ගරනව. මමත් 2010 දි මේ ආරණ්‍යට ගියා. දිය ඇල්ල ලගට යන්න දෙන්න බෑ කිවුව. ඒත් අපි ගියපු අය පන්සලේ වෙන පැත්තකින් කැලේට ගිහින් දියඇල්ල ලගට ගියා. යන පාර දෙපැත්තෙ දිගටම මැණික් ගරන්න වලවල් කපල. සිවුරු කෑලි වලින් තමයි අට්ටාල ගැට ගහල තිබ්බෙ. :confused:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    මාර ලස්සන පැත්තක්, යන එව්ං පොලිතින් නං දාන්න එපා, වෙන එකෙකුට දාන්න දෙන්නත් එපා.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මචං, ඇත්තටම අවසරේ දෙන්නෙ නැත්තෙ අවධානම් නිසා නොවෙයි. දිය ඇල්ලට යන පාර දිගේ අනවසර විදියට මැණික් ගරනව. මමත් 2010 දි මේ ආරණ්‍යට ගියා. දිය ඇල්ල ලගට යන්න දෙන්න බෑ කිවුව. ඒත් අපි ගියපු අය පන්සලේ වෙන පැත්තකින් කැලේට ගිහින් දියඇල්ල ලගට ගියා. යන පාර දෙපැත්තෙ දිගටම මැණික් ගරන්න වලවල් කපල. සිවුරු කෑලි වලින් තමයි අට්ටාල ගැට ගහල තිබ්බෙ. :confused:

    සිරාවට... "සිවුරු කෑලි වලින් තමයි අට්ටාල ගැට ගහල තිබ්බේ" කියන එකේන් උඹ මොකක්ද අදහස් කරේ..
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    සිරාවට... "සිවුරු කෑලි වලින් තමයි අට්ටාල ගැට ගහල තිබ්බේ" කියන එකේන් උඹ මොකක්ද අදහස් කරේ..

    මන් ඇහින්ම දැකපු දෙයක්. කැලේ ඇතුලෙ ජාවාරම කරන්න වෙනම සෙට් එකක් ඉන්නව. සමහරවිට ආරණ්‍යයේ හාමුරුවෙ ජාවාරම ගැන දන්නවා. ඒත් කෙලින්ම සම්බන්ධ වෙන්නෙ නෑ. අපිත් එක්ක ගිය සූරියකන්දෙ යාළුවෙක් කිව්වෙ, හාමුදුරුවෙ වැඩේට support කියල. ඒකයි කැලේ ඇතුලට යන්න දෙන්නෙ නැත්තෙ. දිය ඇල්ල ලගට 200m ක් වත් දුර නෑ. මම මේක දැක්කෙ 2010 දි. දැන් තත්වය කොහොමද දන්නෙ නෑ.
     
    gepa

    Well-known member
  • මන් ඇහින්ම දැකපු දෙයක්. කැලේ ඇතුලෙ ජාවාරම කරන්න වෙනම සෙට් එකක් ඉන්නව. සමහරවිට ආරණ්‍යයේ හාමුරුවෙ ජාවාරම ගැන දන්නවා. ඒත් කෙලින්ම සම්බන්ධ වෙන්නෙ නෑ. අපිත් එක්ක ගිය සූරියකන්දෙ යාළුවෙක් කිව්වෙ, හාමුදුරුවෙ වැඩේට support කියල. ඒකයි කැලේ ඇතුලට යන්න දෙන්නෙ නැත්තෙ. දිය ඇල්ල ලගට 200m ක් වත් දුර නෑ. මම මේක දැක්කෙ 2010 දි. දැන් තත්වය කොහොමද දන්නෙ නෑ.

    අප්පට සිරි එහෙම සීන් එකක් දන්නේ නෑනේ..කොහොම උනත් ආරන්යේ ලෛට් ගන්නේ නම් මේ දිය ඇල්ලේ වතුර පාර හරස් කරලා කියලා දැනගන ලැබුනා
     
    අඩෝ..:(