අසිරිමත් ඉරානය !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අසිරිමත් ඉරානය !

    මුස්ලිම් කිව්වහම "සමහරුන්ට" එක පාරටම හිතට එන්නේ නූගත්, අනුවණ,
    දඩබ්බර, යල් පැනගිය අදහස් තියෙන පිරිසක් විදිහට.

    ඉරාන "ඉස්ලාමීය" ජනරජය කිව්වහමත් අපේ හිතේ මැවෙන්නේ ඒ තරම් හොඳ
    පින්තූරයක් නම් නෙවෙයි. හැබැයි හිතන තරම්ම-ම යකා කළු නැහැ.

    attachment.php


    • මෑතකදී දියුණු රොබෝ ව්‍යාපෘතියක් මේ කියන ඉස්ලාමීය ජනරජයෙන් ලෝකෙට බිහිවෙනවා (Surena)

    • 10 වෙනියට, සැටලයිට් නිෂ්පාදනය කරලා තමන්ටම කක්ෂගත කරගන්න පුළුවන් රටවල් අතරට ඉරානය එනවා

    • මුළු මැදපෙරදිගින්ම පළවෙනියට සතෙක්ව (බැටළුවෙකු) ක්ලෝන කරනය කරනවා(Royana)

    • 2016 දී ලෝකයේ 6 වෙනියට නැනෝ තාක්ෂණය ගැන වැඩිම publications ඉරානයට තියෙනවා.

    • Super Computers, හයිඩ්‍රිජන් කාර්, ලේසර් තාක්ෂණය....වගේ තව ගොඩක් දේවල් **තමන්ම** නිපදවනවා

    ඉරානය කියන්නෙ අනික් මුස්ලිම් රටවල් එක්ක ගත්තහම..... උගතුන්ගෙන්
    පිරිච්ච රටක්.

    attachment.php


    සමහර අරාබි රටවල් එක්ක ගත්තහම කලාවට තහංචි අඩු තැනක්.
    පහුගිය අවුරුද්දේ (2016) හොඳම foreign film එක බිහිවුණේත් ඉරානයෙන් (The Salesman).
    2011 වසරෙත් (A Separation), 1998 දී (Children of Heaven) ත් එහෙම්මමයි.

    attachment.php


    ඉරානීය ෆිල්ම් හොයාගෙන ගිහිල්ල බලන පිරිසක් (මාත් ඇතුළුව) මේ ලෝකේ
    ඉන්නවා ;)

    අපි හැමෝම ආදරය කරන Game of Thrones music එක හැදුවෙත් (Ramin
    Djawadi)
    , Ebay හොයාගත්තෙත් (Pierre Omidyar) ඉරානීය සම්භවයක් තියෙන අය
    තමයි.
    ඉරාන කාන්තාවන්ටත් සෞදියට වඩා නිදහසක් තියෙනවා. ඉගෙන ගන්න,
    වාහන එළවන්න. ෆිල්ම් වල රඟපාන්න ලොකු තහංචි නෑ.


    attachment.php


    හැබැයි ඇඟ වැහෙන්න, කොණ්ඩයය වැහෙන්න අඳුම් අඳින්න ඕනේ. අමතක
    කරන්න එපා.. මේක තාමත් ඉස්ලාමීය ජනරජයක් !

    attachment.php


    මේ ඉන්නේ Field Medal එක දිනපු ලෝකේ පළවෙනි කාන්තාව. මේක ගණිතයේ
    නෝබෙල් තෑග්ගට සමාන තෑග්ගක් විදිහට සැළකෙනවා. මෙයත් ඉරාන
    ජාතිකයෙක්.

    ඉරානය(ඒ කාලේ පර්සියාව)කියන්නේ මුළු ලෝකෙන්ම තියෙන පරණ-ම
    ශිෂ්ඨාචාරයක්. මෙහෙදී බිහිවුණු Zoroastrianism කියන්නේ ලෝකයේ පරණම
    ආගමක්.

    පර්සියාව, ආර්යයන්ගේ උපන්බිම කියලත් මතයක් තියෙනවා.

    මේගොල්ලන්ගේ උගත්කම අවුරුදු දහස් ගණනක් පුරාවට අක්මුල් විහිදිච්ච එකක්.
    ලෝකයේ ඉරණම වෙනස් කරපු විද්‍යාඥයින් රැසක් මේ පර්සියානු දේශයෙන්
    බිහිවෙලා තියෙනවා

    attachment.php


    Ibn-Sīnā කියන්නේ නවීන වෛද්‍ය විද්‍යාවේ පියා කියලත් සමහරු කියනවා.
    ලෝකයේ මුල්ම වෛද්‍ය විද්‍යාත්මක පොත් මෙයා අතින් බිහිවෙලා තියෙනවා.

    Ibn Mūsā al-Khwārizmī කියන්නේ අංක ගණිතයේ බිංදුව කියන සංකල්පය
    වැඩිදියුණු කරපු කෙනෙක්. මෙයාගේ නම ලතින් වලින් Algoritmi කියලා
    හැඳින්වූවා. අපි හැමෝම දන්න Algorithm ආවේ ඔය විදිහට.

    6+-+An+illustration+from+al-Biruni%5C%27s+astronomical+works%2C+explains+the+different+phases+of+the+moon..jpg


    ඒ වගේම Al-Biruni, Al-Farabi, Ibn Zakariya, Nasir al-Tusi, Qutb al-Shirazi
    වගේ එකී මෙකී නොකී....කීර්තිමත් විද්‍යාඥයෝ රැසක්
    ලෝකෙ පලවෙනි Wind Mill එක, කෘතිම ඇස වගේ අති විශාල සොයාගැනීම් රැසක්
    ලෝකෙට දායාද කරලා තියෙනවා.

    ලංකාවේ උමා ඔය ව්‍යාපෘතියෙත් වැඩ කරන්නේ ඉරානීය ඉංජිනේරුවෝ තමයි.

    attachment.php


    කලින් හිටපු ජනාධිපති (Mahmoud Ahmadinejad) පවා ඉංජිනේරුවෙක්..
    ගුරුවරයෙක්
    (හැබැයි ඉතිං එයා ආගමික මිත්‍යාවල[12th imam] එල්ලිලා හිටපු කෙනෙක්..මේ ඔක්කොම කියන්න ඉඩ
    මදි)


    ගොඩක් රටවල් වලදී වගේම පර්සියාවේ ඉස්ලාමය පැතිරෙන්න සැළකිය යුතු
    හේතුවක් වුණේ-ත් කඩුවේ බලය, බලහත්කාරයෙන් ආගමට හැරවීම-ම තමයි.

    කලාපයේ අනික් රටවල් වගේම මේගොල්ලන්වත් අරාබීන් යටත් කරගන්නවා.

    හැබැයි පර්සියානුවෝ කවදාවත් අරාබිකරනය උනේ නැහැ. අරාබීන්ට යට
    ගහන්න බැරි තරම්... කලාවෙන්, විද්‍යාවෙන් පෝෂණය වෙච්ච තමන්ගේම
    පොහොසත් සංස්කෘතියක් මේ අයට තිබුණා.

    attachment.php


    ඒ නිසාම ඉස්ලාමීය පර්සියානුවන් විදිහට මේ අය ටිකෙන් ටික එලියට එන්න
    ගත්තා. අරාබි වෙනුවට පර්සියානු භාෂාව (ෆාර්සි) නැවත භාවිතා කරන්න ගත්තා.

    Islamic Golden Age කාලෙ අනික් අරාබි රටවල පවා විශිෂ්ඨ විද්‍යාඥයෝ හිටියා.
    ඒත් අරාබිකරනයත් එක්ක ඒ දැනුම එන්න එන්නම මොටවෙන්න ගත්තා.

    ඒත් අද දක්වා ඉරාන වැසියන් ඒ රැල්ලට ඒහෙම්පිටින්ම නතුවුණේ නැහැ.
    මේ චින්තනය බටහිරට එරෙහි සටනේදී ඉරාන වැසියන්ට ලොකු හයියක් වෙනවා.

    attachment.php


    අදටත් ඉරානයේ රජ පුටුවේ ඉන්න පූජකවරයා (Ali Khamenei) විද්‍යාවේ තියෙන
    වටිනාකම තේරුම් ගත්තු කෙනෙක්.

    ඇමරිකාව නිතරම මාධ්‍ය වල කියන්නේ ත්‍රස්ථවාදයෙන් ලෝකෙට තියෙන තර්ජන
    ගැන. නමුත් ISIS, තලේබාන්. අල්-ක්වයීදා...මේ කිසිම තර්ජනයක් වැඩි කල්
    තියෙන්නෙ නැහැ.

    ඇමරිකාවට, තමන්ගෙ "ලෝකෙට ලොක්කා සීට්" එකට තියෙන ලොකුම තර්ජනය
    තමයි රුසියාව, චීනය.... ඊට පස්සෙ ඉන්නෙ වෙන කවුරුත් නෙවෙයි ඉරානය !
    මේවා අද හෙට නැතිවෙලා යන තර්ජන නෙවෙයි.

    මීට කලින් ඇමරිකාවට හරහට හිටපු, සෝවියට් රුසියාව, ලිබියාව, ඉරාකය,
    සිරියාව ඇෆ්ඝනිස්ථානයට මොකද වුණේ කියලා අපි හැමෝම දන්නවා

    කලාපයේ ඉතුරු...සෞදි අරාබිය, ඊජිප්තුව, ජෝර්දානය වගේ අය ඇමරිකාවේ
    හුරතලුන් වගේ තමයි ඉන්නෙ.

    හැබැයි බටහිර බලවේග මොන තරම් තරහ වුණත් ඒ කාටවත් "මේ වෙනකං"
    වට්ටන්න බැරිවුණ රටක් තමයි ඉරානය කියන්නේ.

    1979 තමයි ඉරානය බටහිරට විරුද්ධව පළවෙනි වෙඩිමුරය තියන්නේ.
    ඒ වෙනකම් හිටපු බටහිර ගැති, දූෂිත නායකයෙකු (Shah) අයින් කරන්නේ.
    (ෂා රජුගෙ හොඳ වැඩ නැතුව නෙවෙයි. ඒත් ඔය ඔක්කොම කියන්න මෙතන ඉඩ මදි)

    ෂා ගෙන් පස්සේ ආපු නායකයොන්ට මුල් කාලේ රට සංසුන් කරන එක ලේසි උනේ නෑ.

    attachment.php


    ඉතිං රටේ අලුත ඇතිවුණ මේ බල අරගලයෙන් ප්‍රයෝජන ගන්න තවත් කෙනෙක්
    මාන බලාගෙන හිටියා. ඒ තමයි..අපි හැමෝම දන්න සදාම් හුසේන්
    1980 මෙයා හිටි හැටියෙම ඉරානයට ආක්‍රමණය කරනවා. මේ වැඩේට
    ඇමරිකානු-බටහිර සහයත් සදාම් හුසේන්ට ලැබුණා.

    ඒත් කවුරුත් නොහිතන විදිහට ඉරාන වැසියෝ තමන්ගේ නායකයෝ වටා
    එකතු වෙලා ඉරාක හමුදා සම්පූර්ණයෙන්ම පරාද කරනවා. රටේ සීමා
    රැකගන්නවා.
    (හැබැයි ඉතිං මේකෙදි ඉරාන පූජකයෝ, තමන්ගේ මිනිස්සුන්ව ආගමින් උමතු කරලා බිම් බෝම්බ ප්‍රදේශ
    හරහා ඇවිද්දපු හැටි ආදී විස්තරත් හොයාගෙන කියවන්න)


    ඒත් මේකෙදි ඇමරිකාව දැන දැනම, ඉරාකය...තහනම් රසානික අවි පාවිච්චි
    කරනවා...මිනිස්සු දහ දුක් විඳලා පණ ඇද ඇද ඉඳලා මැරිලා යනවා. මුළු
    යුද්ධයෙන් ඉරානයේ මිනිසු ලක්ෂ 5 කට වඩා ප්‍රමාණයක් නැතිවෙනවා.

    attachment.php


    ඉතිං හැමෝම තමන්ට එරෙහි වෙච්ච ලෝකයක, තමන් ඉන්න අසරණ
    තත්වය ගැන ඉරාන නායකයන්ට වැටහෙනවා.
    වෙන කාටවත් ආපහු තමන්ට තර්ජනය කරන්න බැරි වෙන්න නං තියෙන්න
    එකම එක විසඳුමයි.

    ඒ තමයි න්‍යෂ්ටික අවි !

    Nuclear Weapons කිව්වහම අපි හැමෝටම මතක් වෙන්නේ ලෝක විනාසය
    ගැන.
    ඒත් ඇමරිකාව, ඉන්දියාව, පකිස්තානය, ඊශ්‍රායලය, උතුරු කොරියාව මේ
    හැමෝම Nuclear Weapons හදන්නේ ලෝක බලවතුන්ට ගහන්න
    බලාගෙන-ම නෙවෙයි.

    ඇයි එහෙම කියන්නේ ?.......මෙහෙම ගමුකෝ

    ඉරානය.... මුළු ඇමරිකාවම සමතලා වෙන්න nuclear attack එකක්
    කරගත්තා කියමු ? එහෙම උනත් මුහුදේ සම්මැරීන් එකකින් හරි
    ක්ෂණිකව න්‍යෂ්ඨික ප්‍රති-ප්‍රහාරයක් ආපහු ඉරානයට එල්ල කරන්න
    ඇමරිකාවට පුළුවන් (second strike capability).

    මේ හැකියාව ලෝකෙ දියුණු රටවල් හැමෝටම තියෙනවා. ඒ නිසා මුලින්ම
    Nuclear attack කරලා....ඉල්ලගෙන කන එක ගොඩක් අවස්ථා වලදී තේරුමක්
    නැති වැඩක්

    එහෙනං මොකටද න්‍යෂ්ටික අවි ?

    ඒවා ඕනෙ වෙන්නේ.....කවුරු හරි පහර දෙන්න හැදුවොත් පෙන්නලා බය
    කරන්න 🙂(deterrence)

    ඒ නිසා තමයි පකිස්ථානය, ඉන්දියාව න්‍යෂ්ඨික අවි තනාගත්තේ. මේ කවුරු
    හරි අනික් රට ආක්‍රමණය කරලා පරාදවෙන තැනටම ආවොත්...අන්තිම කාඩ්
    එක විදිහට තමයි ඕක ඕනේ වෙන්නේ.
    (පකිස්තානයේ A Q Khan බටහිර බුද්ධි අංශ වලින් මැරුම් නොකා න්‍යෂ්ඨික තාක්ෂණික සැළසුම්
    හොරකම් කරපු හැටි ගැනත් ඕනෙ නං හොයාගෙන කියවන්න)

    ඉරානයේ කතාවත් ඔච්චරයි. 1953 ඡන්දයෙන් සාධාරණ විධියට පත් වුණ
    තමන්ගේ අගමැතිව (Mohammad Mosaddegh) ඇමරිකානු-බ්‍රිතාන්‍ය බුද්ධිඅංශ (CIA,
    MI6)
    එකතු වෙලා බලයෙන් පහකරනවා

    ඊට පස්සේ ඇමරිකානු-බ්‍රිතාන්‍ය හමුදා...ඉරානයට අල්ලපු වැටේ ඉරාකයත්
    ඇෆ්ඝනිස්ථානයත් ආක්‍රමණය කරනවා. ඒ රටවල ඇමරිකානු හමුදා කඳවුරු
    පිහිටවනවා. මුහුදේ ඇමරිකානු යුධ නැව් නැංගුරම් දානවා.

    attachment.php


    ඉතිං එහෙම බැලුවහම න්‍යෂ්ටික වෙන්න(going nuclear) ඉරානයට ඉතාම
    සාධාරණ හේතු තියෙනවා.
    ඒ නිසාම න්‍යෂ්ථික බෝම්බ අරගෙන දුර යන්න පුළුවන් මිසයිලත් ඉරාන
    විද්‍යාඥයෝ දියුණු කරනවා (Shahab-3), යුරේනියම් වෙන් කරන්න සමත් ලේසර්
    තාක්ෂණය දියුණු කරනවා.

    හැබැයි ඉරානය න්‍යෂ්ථික බලය හොයාගෙන යන මේ ගමන දිහා ඇමරිකාව-බටහිර රටවල්
    නිකං බලගෙන හිටියෙ නැහැ.
    (මතක ඇති ඒ කාලෙ ඉරාන තෙල් නැව් වලට ලංකාවට වත් එන්න නොදී තිබුණු හැටි)

    මේ අය ඉරානයට ආර්ථික සම්බාදක දානවා. භාණ්ඩ විකුණන එක
    නවත්තනවා.
    හැබැයි මේකෙන් ඉරානය සැලෙන්නෙ නෑ. පිට රටින් import කිරීම වෙනුවට
    **තමන්ම** පුළු පුළුවන් විදිහට සංකීර්ණ විද්‍යා භාණ්ඩ පවා හදාගන්නවා.

    attachment.php


    මුළු මැදපෙරදිග කලාපයෙන්ම අංක 1 යුධ බලවතා වෙන්නේ ඊශ්‍රායලය.
    එගොල්ලන්ට දැනටමත් සෑහෙන්න දියුණු Nuclear weapons project එකක්
    තියෙනවා.

    attachment.php


    එහෙම න්‍යෂ්ථික වෙන්න හදපු සිරියාවටත්(Operation Orchard), ඉරාකයටත්
    (Operation Opera) වැඩි කල් යන්න කලින්ම ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් හොඳ රස
    ආහාර ලැබුනා.

    ඉතිං හොඳටම පැහැදිලියි....මැදපෙරදිග වෙන කිසිම රටකට න්‍යෂ්ථික අවි
    බලය ලැබෙනවට ඊශ්‍රායලය කැමැති නැහැ.

    හිටි හැටියේ ඉරාන න්‍යෂ්ඨික විද්‍යාඥවරු, ඉංජිනේරුවන්, මහාචාර්‍යවරු මහ
    දාවාලේ ඉරාන අගනුවර (Tehran) පවා ඝාතනය වෙනවා.

    attachment.php


    ඒ ඝාතන කවදාවත් විසඳුනේ නැහැ. ඒවට වග කියන්න ඕනෙ මිනීමරුවෝ
    කවදාවත් අහු වුණෙත් නැහැ.

    ඉතිං මේ කාර්‍යක්ෂමතාව සාර්ථකත්වය නිසාම මේ ඝාතන Meir Dagan ගේ
    ඊශ්‍රායල බුද්ධි අංශයේ (Mossad) වැඩක් කියලත් සැක කරනවා.
    ඒත් මේ මොන ප්‍රශ්න ආවත් ටිකින් ටික මේ අය න්‍යෂ්ටික බලයට ලංවුණා.
    හැබැයි කරදර එතනින් නැවතුනේ නැහැ !

    ආපහු 2010 දී ඉරාන පරිගණක පද්ධතිය පුරාවට පැතිරුණු වෛරස්(worm)
    එකක් එලියට එනවා(stuxnet). මේක එදා මෙදාතුර හම්බවුණු සංකීර්ණතම....විශාලතම worm එකක් විදිහට තමයි සැළකෙන්නේ.

    මේකෙ තියෙන සංකීර්ණත්වය නිසාම මේකත් ඇමරිකානු-ඊශ්‍රායල ගිණුමටම බැර වෙනවා.

    අපි හැමෝම ආසාවෙන් කියවපු චන්දන මෙන්ඩිස් පරිවර්ථනය කරපු ෂර්ලොක්
    හෝම්ස් පොතේ

    " ඔබට කියන්න වොට්සන්......මොරියාටි පනින්න හැදූ හැටිත්, මං
    ඔහුව අල්ලගත්තු හැටිත් පොතක ලියා තැබුවා නම්... එක අමරණීය
    කතන්දරයක් වේවි "

    - අන්තරාය අඩවියක

    කියලා තිබුණා මතක ඇති.

    බටහිර රටවල් ඉරානය න්‍යෂ්ටික වෙන එක නවත්තන්න හදපු හැටිත්, ඉරාන
    නායකයෝ ඒවාට එරෙහිව, සෑහෙන තරම් සාර්ථක තීරණ ගත්තු හැටි ගැනත්
    කියන්න තියෙන්නෙ ඕකම තමයි :)

    කෙනෙක්ට ජීවිත කාලයක් පුරාවට ආසාවෙන් හදාරන්න පුළුවන් දේවල්.... මේ
    ඉරාන බටහිර කඹ ඇදිල්ල(outsmarting) ඇතුලේ තියෙනවා.

    ඉරානය පාලනය වෙන්නෙ න්‍යෂ්ඨික උමතුව හැදුනු පිස්සු පූජකයෝ (Atomic
    Ayatollah)
    කියලා බටහිර මාධ්‍ය වලින් පෙන්නුවට, ඒවාට අදාල තීරණ
    ගැනෙන්නෙ උගත් බුද්ධිමත් පිරිසක් අතින් කියල "හිතන්න" පුළුවන්.

    attachment.php


    ඉරානයේ න්‍යෂ්ඨික ව්‍යාපෘතිය අඩපණ කරන්න, විද්‍යාඥයන් ඝාතනය කරන්න
    මූලික වෙච්ච සමහර දරුණුම ඊශ්‍රායල බුද්ධි අංශ නායකයො (කලින් කියපු Meir
    Dagan)
    පවා මේකට එකඟ වෙනවා.

    ඉතිං දැන් තේරෙනවා ඇති. ඉස්ලාමීය පරිසරයක් තිබුණු පලියට අපිට සෞදි
    අරාබිය ගැන කිරන තරාදියෙන්ම ඉරානය ගැන බලන්න බැහැ.

    attachment.php


    මාධ්‍ය වලින් පෙන්නන ප්‍රතිරූපයට වඩා....මේ පුංචි ලිපියෙන් විස්තර කරාට
    වඩා......හරිම ලස්සන උරුමයක් මේ රටට තියෙනවා. :)

    හැබැයි ලංකාවේ අපි දන්න මුස්ලිම්(ඒ ගොඩක් අය සුන්නි) යාළුවෙකුගෙන් අහලා
    බලන්න ඉරානය ගැන.

    attachment.php


    ඒ අය.... ඉරාන වැසියෝ (ශියා නිසා) මුස්ලිම් කියන එක වත් පිළිගන්න සූදානම්
    නැහැ 😉

    ඒ කොහොම උනත්.. තුර්කිය වගේ, ඉස්ලාමයෙන්... ආගමික පරිසරයෙන්
    මිදුනු දවසක ලෝකෙට දැනටත් වඩා සුන්දර දේවල් දායාද කරන්න පුළුවන්
    මිනිස්සු ඉරානයේ ඉන්නවා


    කැමති නං අසිරිමත් ඊශ්‍රායලය ! ත් කියවලා බලන්න :D
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    iran girls la godak igena gannawa europe wala . goni billo seen eka nam iran wala naha .
    lankawe muslim ganu wage newei , normal dress tamai adinne
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,106
    113
    Gotham City
    මුස්ලිම් අයගෙන් මොළකාරයො ඉන්නෙ ඉරානෙ තමා. අනෙක් අරාබි තෙල් මත පදනම් වෙච්ච කටාර් ඩුබායි ,බහ්‍රෙන් වගෙ රටවල් වල ඒ රවල් වල ජාතිකයන් වෙලා ඉන්න බොහො අයත් ඉරාන සංක්‍රමණිකයන්. උදාහරනයක් විදියට කටාර් වල ඉන්නවා ඉරානි-කටාරි කියලා හඳුන්වන කට්ටියක්. මෙ අයගෙ තමා හම පැහැපත් පාටකට තියෙන්නෙ. නියම කටාරිලා කළු ඩයල්. අනෙක් උන් යෙමන් වගෙ රටවල් වලින් ආපු අය.
    එත් බිස්නස් අල්ලගෙන ඉන්න බහුතරය ඉරානි-කටාරි ලා. ඩුබායි වලත් ,අනෙක් අරාබි තෙල් සහිත රටවල් වලත් තත්වෙ ඔක තමා.
    මට යූ කේ වල ස්ටඩි කරපු එකෙක් කිව්වා උන්ගෙ කැම්පස් එකෙ ලෙචාලාගෙන් 3 වෙනියාට වැඩිම ලෙචාලා හිටියෙ ඉරානි ඩයල් කියලා.
    ඊශ්‍රායලයට විරුද්ධව ගෙමක් දෙන්න ලඟින් හරි ඉන්න මුස්ලිම් රට ඉරානියන්ලා විතරයි.
    ඉරානියන්ලාගෙ භාසාව අරාබි නෙමෙ පර්සියන්.
    ඒ වගෙම ඇමරිකාවෙ උනත් ඉන්නවා හොඳ ඉරාන ජාන මිශ්‍ර අය ,
    ප්‍රිස්න් බ්‍රෙක් ,ගෙම් ඔෆ් ත්‍රොන්ස් සවුන්ඩ්ට්‍රැක් හදපු රමීන් ජවාඩි එහෙම කෙනෙක්.
    ආමීර් මොක්‍රි කියලා ඉන්නවා කැමරමන් කෙනෙක්. ඔය ට්‍රාන්ස්ෆොමර්ස් චිත්‍ර පට වල සිනෙමා ෆොටොග්‍රැෆර්.

     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අම්මෝ කාලෙකින් සුපිරි පෝස්ට් එකක් දාල..
    කලින් ⁣එව්ව වගෙම පට්ට මචං..!!!
    උඹේ ⁣ත්රෙඩ් රෙජි: වෙන්න කලින් ඉදලම කියෙව්වා...
    Tfs..!
     
    • Like
    Reactions: Rumeshzoysa

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සැහෙන කාලෙකින් නේද මචන්?
    උඹේ ලිපි නම් හැමදාම අසාවෙන් කියවන්න පුළුවන්.
    වෙලාවක් තියනවා නම් තව ලිපි දාපන් මචන්..
    හැමදාමත් වගේ පට්ටම ලිපියක්.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අසිරිමත් ඉරාණය කන්න හදන්නේ ඇමරිකාවෙන් ලගදීම නෝ.කෝ උන් එක්ක තියෙන අවුලත් ඉරාණය පිටින් යන ලයින් එකක් තියෙන්නේ :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නියමයි සහෝදරයා
    ගොඩ කාලෙකින්
    මන් හිතුවේ ත්‍රඩ් නොදම ඉදි කියල
    මෙහෙම හරි කමක් නැ මාසෙට එකක් හරි දාන්න
    හරි වටිනා දේවල් මේවා
    ++++++++