:::...කාලතරණය(Time travel) සත්‍යක්ද ? ...:::

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    :::...කාලතරණය(Time travel) සත්‍යක්ද ? ...:::

    time-traveler.jpg


    කාලතරණය කියල කියන්නේ කොච්චර කතා කළත් ඇති වෙන්නේ නැති ගොඩක් රසවත් මාතෘකාවක්. දවසින් දවස කාලතරණය පිළිබදව විවිධ අදහස් හා සංකල්ප ලෝකයට බිහිවෙනවා. ඒ නිසාම කාලතරණය කියන්නේ හැම මොහොතකම අලුත් සොයා ගැනීමක් විදියට කුතුහලයෙන් හොයලා බලන්න හිතෙන මාතෘකාවක්.

    කාලතරණයේ සිද්ධාන්ත හා සිත් ඇදගන්නා සුලු සිදුවීම් කිහිපයක් ගැන මේ ලිපියෙන් හොයලා බලමු.

    අද වන තෙක් සම්පූර්ණ සත්‍යක් යැයි පිළිගැනීමට නොහැකි හා සම්පූර්ණ අසත්‍යක් යැයි බැහැර කිරීමටද නොහැකි වූ මතවාද ලෝකයේ පවතිනවා.”කාලතරණය ” කියලා කියන්නෙත් ඒ වගේ දෙයක්. අසාමාන්‍ය විද්‍යාත්මක මතවාද බොහොමයක් වගේම මේ “කාලතරණය” පිළිබද සංකල්පයත් ලෝකයට පැමිණෙන්නේ විද්‍යා ප්‍රබන්ධ ඔස්සේ. විද්‍ය ප්‍රබන්ධ හුදෙක් නවකතාවකටම සීමා නොවන, යම් විද්‍යාත්මක සංකල්ප වල එකතුවක් විදියට නිර්මාණය වන්නක් නිසාම මෙවැනි අදහස් ලෝක අවධානය දිනාගැනීමට සමත් වනවා.

    විද්‍යා ප්‍රබන්ධ ඔස්සේ ලෝකයට දායාද කෙරුණු සංකල්ප සමහරක් සැබෑ වීමත් එයට තවත් හේතුවක්. ආතර් සී ක්ලාක් මහතාගේ විද්‍යා ප්‍රබන්ධ ඇසුරෙන් ඉදිරිපත් කෙරුණු “චන්ද්‍රිකා තාක්ෂණ ” සංකල්පය හරහා අද ලෝකයම එක යායක් බවට පත්ව තිබීම එයට හොදම නිදසුනක්.

    a10.jpg


    විද්‍යා ප්‍රබන්ධ රචක H.G. වෙල්ස් විසින් 1895 වර්ෂයේ දී රචිත “The Time Machine” (කාල යන්ත්‍රය) නැමැති විද්‍යා ප්‍රබන්ධය හරහා මෙම මතවාද මුලු ලෝකයේම ප්‍රචලිත වනවා.කාලතරණය පිළිබද Paradox නැතිනම් නිශ්චිත පැහැදිලී කිරීමක් කිරීමට අපහසු තැන් කිහිපයක් තිබෙනවා. ඉන් ප්‍රකට Paradox 3ක් පහත දැක්වෙනවා.

    1. Grandfather Paradox

    a1-1.jpg


    මින් අදහස් වන්නේ ඔබ යම් හෙයකින් අතීතයට කාලතරණය කලහොත් හා ඔබට ඔබේ සීයා හමුව ඔහුව ඝාතනය කළහොත් ඇතිවන සංසිද්ධිය පැහැදිලි කළ නොහැකි වීමයි. මන්දයත් ඔබේ සීයා ඝාතනය වූ විට ඔබේ පියාගේ උපතක් සිදු විය නොහැක. එවිට කෙසේවත් ” ඔබ” යන පුද්ගලයාට (කාලතරණය කළ තැනැත්තාට) පැවැත්මක් තිබිය හැකිද?

    2. Bootstrap Paradox

    a2.jpeg


    ඔබ කාලතරණය කරන විට 2017 වර්ෂයේ නිෂ්පාදිත තොප්පියක් ( හෝ ඕනෑම දෙයක්) රැගෙන ගියේ යැයි සිතන්න. එවිට ඔබ ඊට පෙර වර්ෂයක සිටියදී එම තොප්පියට පැවැත්මක් තිබෙනවාද? එය පැමිණියේ කොතනකින්ද? එහි නිෂ්පාදකයා කවුරුන්ද?

    මෙය තවත් විදියකින් පැහැදිලි කළ හැකියි. ඔබ මුලින් සදහන් කළ පරිදි ඔබේ සීයා හමුවට ගියා යැයි සිතන්න. එවිට ඔබේ පියාවත් උපත ලබා නැත. එවැනි පරිසරයක ” ඔබ” පැවැතිය හැකිද? ඔබේ නිර්මාපකයා කවුරුන්ද?

    මෙලෙස අතීතයට කාලතරණය කරන වස්තූන්ගේ නිර්මාපකයාගේ පැවැත්ම පැහැදිලි කළ නොහැකි වීම Bootstrap Paradox ලෙස හදුන්වනවා.

    3. Predestination Paradox

    a3-1.jpg


    ඔබ අනතුරකට ලක්ව තුවාල ලබනවා යැයි සිතන්න. ඔබට එම අනතුර සිදුවීම වැළැක්වීමට අවශ්‍යයි. එනිසා ඔබ අනතුර සිදුවන දිනයට පෙර දිනයකට කාලතරණය කරනවා. එහෙත් ඔබට එම අනතුර වැළැක්විය හැකිද? එම අනතුර වැළැක්වූවා නම් අද ඔබ අනතුරට ලක්වන්නේ නැත. එසේ නම් ඔබ ” අතීතයට කාලතරණය” කිරීමේ සිද්ධිය සිදු වන්නේද නැත. මේ ආකාරයට සිතා බලන්න. ඔබ මුලක් අගක් නැති දාමයක ( Loop ) සිරවනවා නේද? මෙය Predestination Paradox ලෙස හදුන්වනවා. මෙයට අනුව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔබ කාලතරණය කළද ඔබට අනාගතයට බලපෑම් ඇතිවන ලෙස කිසිවක් වෙනස් කළ නොහැකි බවයි.

    මේ පිළිබද තවත් මතයක් තිබෙනවා. ඇතැම් විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔබ අතීතයට කාලතරණය කළද ඒ සැබෑ අතීතය නොවන බවත් එහි ස්වරූපය රැගත් ඔබේ අතීතයට අදාළව ඔබේ මනස විසින් ම නිර්මාණය කරගත් සමාන්තර ලොවක් බවත්ය.

    කෙසේ වුවත් අදටත් විද්‍යාඥයින් මේ පිළිබදව පර්යේෂණ පවත්වන නමුත් “කාල යන්ත්‍රය” නිෂ්පාදනය නම් තවම සිහිනයකිනුදු සැබෑ වී නැත. ඇමරිකාව, රුසියාව හා ජර්මනිය යන රටවල් එලෙස කාලතරණය පිළිබද ව පර්යේෂණ පවත්වන රටවල් අතර ඉදිරියෙන් සිටිනවා. කාලතරණය අභියෝගයට ලක් කරන විවිධ Paradox බොහෝමයක් තිබෙන අතර ඔබත් නිර්මාණශීලී නම් Paradox නිර්මාණය කිරීමට උත්සාහ කරන්න.

    මේ ලිපිය කියවන ඔබට ගැටලුවක් ඇති. ඒ කලින් සදහන් කළ Paradox 3 ම අයත් වන්නේ අතීතයට කාලතරණය කිරීමේ සංකල්පයට වීම. අනාගතයට කාලතරණය කළ නොහැකිද?

    මෙය තරමක් ගැටලු සහගත දෙයක්. ඇතැම් විද්‍යාඥයින් එකහෙළාම පවසන්නේ අනාගතයට කාලතරණය කළ නොහැකි බවයි. ඔවුන් පවසන අන්දමට දැනට අප පසුකර ආ කාල පරාසය මත ගමන් කිරීම පිළිබදව තර්ක කළ හැකි නමුත් තවමත් බිහි නොවූ කාලයකටට ගමන් කළ නොහැකි බවයි. එය තරමක් පිළිගත හැකි අදහසක් බව ඔබටත් වැටහෙනවා ඇති.

    අනාගත කාලතරණය” ට වඩා “අතීතයට කාලතරණය” කිරීමේ සංකල්පය ප්‍රකට වීමට තවත් එක් හේතුවක් තිබෙනවා. එනම් ඉහත සදහන් කළ ඇතැම් කාලතරණ සාක්ෂි අපට හමුවන්නේ අතීත ඡායරූප හා ස්ථාන පරීක්ෂා කිරීමේදීයි. නමුත් තවමත් බිහිනොවූ අනාගතය ගැන අප පරීක්ෂණ සිදු කරන්නේ කෙලෙසද? මේ නිසාම බොහෝ විට විද්‍යඥයින් පෙළඹෙන්නේ අතීතයට කාලතරණය කිරීම සම්බන්ධව පරීක්ෂණ කිරීමටයි.

    මෙලෙස කාලතරණය කළ අයෙකු සිටීද? මේ වන විට එවැන්නෙකු හමුවී තිබේද යන්න ගැන දැනගැනීමට ඔබ තුළත් කුතුහලයක් ඇති. එවැනි සිදුවීම් කිහිපයක් ගැන ලොවපුරා විවිධ මතවාද ගොඩනැගී තිබෙනවා. ඉන් කිහිපයක් පහත දැක්වෙනවා.

    1. චීන සොහොන් කොතෙන් හමුවූ අත් ඔරලෝසුව

    a4-1.jpg


    2008 වසරේ දෙසැම්බර් මාසයේ දිනයක චීන ජාතික පර්යේෂකයින් පිරිසක් පිරිසක් වසර 400ක් පමණ පැරැණි සොහොන් කොතක් විවර කළ අවස්ථාවක එතුළ තිබී එතරම් පැරැණි සොහොන් කොතකින් කිසි ලෙසකත් අපේක්ෂා කළ නොහැකි යමක් හමුවනවා. ඒ ස්විස් අත් ඔරලෝසුවක්. එවන් යුගයක ස්විස් අත් ඔරලෝසුවක් භාවිතයේ තිබීම කිසිසේත්ම විය නිහැක්කක්. එහි වෙලාව 10:06 දී නතර වී තිබූ අතර එසේ නම් මෙහි මිහිදන් වූ පුද්ගලයා අනාගතයෙන් අතීතයට කාලතරණය කළ අයෙක්ද?

    a5.jpeg


    2. කැනඩා පාලම මත හමු වූ කාල යාත්‍රිකයා

    a6-1.jpg


    කැනඩාවේ සවුත් පාර්ක් බ්‍රිඩ්ජ් නැමැති පාලමේ නැවත විවෘත කිරීමේ උත්සවයකදී ලබාගත් ඡායරූපයක් ඉහත දැක්වෙනවා. මේ ඡායරූපය මුලු ලොවම ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වෙනවා, ඒ ඇයි?

    මේ ඡායාරූපයේ අදාළ වටපිටාවට හා අනෙකුත් පුද්ගලයන්ගේ බාහිර පෙනුමට නොගැලපෙන අයෙකු ඔබට හදුනාගත හැකිද?

    අව් කණනාඩිකින් හා කබායකින්ද ඇතුළත ටී ෂර්ටයකින්ද සැරසී සිටින එම පුද්ගලයා කාලයාත්‍රිකයෙක් ද?

    a7.jpeg


    නමුත් මෙයට අදාළව ඇතැමුන් තර්ක කරන්නේ එම පුද්ගලයාගේ සියලු ඇදුම් පැළැදුම් සිදුවීමට අදාළ වර්ෂයට සමගාමීව නිෂ්පාදනය ආරම්භ වී තිබූ බැවින් මෙය කාලතරණයට සම්බන්ධ කළ නොහැකි බවයි. නමුත් ඔහුගේ ඇදුම් පැළදුම් එම ස්ථානයට ආගන්තුක බව නම් සැබෑවක්.

    3. දුරකථන අතින් ගත් කතුන් දෙදෙනා

    a8-1.jpg


    1938 වර්ෂයේදී ලබාගත් ඉහත ඡායාරූපයේ එක් කාන්තාවක් ජංගම දුරකථනයකින් කතා කරන ආකාරය පැහැදිලිව දැක ගත හැකියි. ඊට ඉදිරියෙන් සිටින කාන්තාවද ජංගම දුරකථනයක් අතැතිව සිටින අයුරු දක්නට පුලුවන්. ජංගම දුරකථන භාවිතයට පැමිණ නොතිබූ එවන් අවධියක මෙම කාන්තාවන් දෙදෙනා අත එවැන්නක් තිබිය හැකිද? එසේනම් මොවුන් කාල තරණය කළ පුද්ගලයන්ද?

    එහෙත් ඒ වන විට ජංගම දුරකතන සංකල්පය බිහිව තිබූ බවත් ඒ පිළිබදව පර්යේෂණ මට්ටමේ උපකරණ නිපදවන්නට ඇති බවට කාලතරණය පිළි නොගන්නන් මත පළ කරනවා.

    මෙවැනි සිද්ධීන් හා ඒ ආශ්‍රිත මතවාද නම් බොහොමයක් සොයාගත හැකි වනවා. නමුත් “කාලතරණය” යන්න තවමත් නිශ්චිත විද්‍යාත්මක පර්යේෂණයකින් සනාථ වී නොමැති බවත් අප සිත් තබා ගත යුතු වනවා. එහෙත් අදත් හෙටත් කාලතරණය ගැන කරළියට එන අදහස් ලොවම පුදුමයටත් කුතුහලයටත් පත් කරවීම නම් නොවැළැක්විය හැක්කක්.


    wormhole716a.jpg


    time_traveler.jpg




    Source - refresh.lk​
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    tfs. bookmarked :D
    You must spread some Reputation around before giving it to Franklin EK again.
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    TFS

    අර 24 කියලා දෙමළ ෆිල්ම් එකක් තියෙනවා..එකෙත් තියෙන්නේ Time travel ගැන ..ඒකත් සුපිරි ෆිල්ම් එක ..

    ඒ වගේ ඔරලෝසුවක් තිබ්බනම් ..
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ARMY OF DARKNESS
    EDGE OF TOMORROW
    SOURCE CODE
    IDIOCRACY
    X-MEN: DAYS OF FUTURE PAST
    LOOPER
    BILL AND TED’S EXCELLENT ADVENTURE
    24
    ABOUT TIME
    DONNIE DARKO
    GROUNDHOG DAY
    THE TIME MACHINE
    PRIMER
    SAFETY NOT GUARANTEED
    PLANET OF THE APES
    PREDESTINATION
    TIMECRIMES
    TWELVE MONKEYS
    MIDNIGHT IN PARIS
    TERMINATOR 2: JUDGMENT DAY
    BACK TO THE FUTURE

    HODA Time Travel Movies Tikak balahalla..
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ARMY OF DARKNESS
    EDGE OF TOMORROW
    SOURCE CODE
    IDIOCRACY
    X-MEN: DAYS OF FUTURE PAST
    LOOPER
    BILL AND TED’S EXCELLENT ADVENTURE
    24
    ABOUT TIME
    DONNIE DARKO
    GROUNDHOG DAY
    THE TIME MACHINE
    PRIMER
    SAFETY NOT GUARANTEED
    PLANET OF THE APES
    PREDESTINATION
    TIMECRIMES
    TWELVE MONKEYS
    MIDNIGHT IN PARIS
    TERMINATOR 2: JUDGMENT DAY
    BACK TO THE FUTURE

    HODA Time Travel Movies Tikak balahalla..

    bookmarked thanks
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඒකාලෙ පෝන් තිබුනෙ නැත්තන් ටවර් නෑ
    සිග්නල් නැතුව කෝමද කතා කරන්නෙ
     

    Similar threads