අපි නොදන්න රුසියාව-15
2025 වර්ෂය වන විට රුසියානු හමුදාව සතුව පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානා,නවතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල සහ බොහෝවිට ලොව පළමු අධිධ්වනික මිසයිල තිබේවි.කෙසේවෙතත් වර්තමාන ආර්ථික අර්බුදය සහ බටහිර සම්බාධක සැලකිය යුතු අයුරින් ආරක්ෂක අමාත්‍යාංශයට ලැබෙන මුදල් ප්‍රමාණය අවම කර තිබෙන බව විශේෂඥයින් පවසයි.
රුසියාවේ වර්තමාන යුදෝපකරණ වැඩසටහන රූබල් ට්‍රිලියන 22ක් හෙවත් ඩොලර් බිලියන 392ක් විශාල එකක් වන අතර එය 2020දී අවසන් කිරීමට නියමිතය.මෙම මුදල රූබල් ට්‍රිලියන 30 එන ඩොලර් බිලියන 536 දක්වා වැඩි කිරීමට ක්‍රෙම්ලිනයට අවශ්‍යව තිබුණද ආර්ථික අර්බුදය හමුවේ එය සිදුකිරීමට හැකිවේද යන්නේ විශේෂඥයින්ගේ විවාදයට ලක්වන කරුණකි.
හමුදා ප්‍රතිසම්පාදන වැඩසටහනේ එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ සුකොයි ටී-50 පස්වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානයයි.Eksport Vooruzheniy (Arms Export) නම් සඟරාවේ කතෘවරයාට අනුව නම් මෙම වර්ගයේ ගුවන් යානා 50ක් හෝ නිපදවන්නට මුදල් රුසියානු රජය සතුව නැත.ආර්ථික අර්බුදය හමුවේ සුකොයි ටී-50 යානා සුලු ප්‍රමාණයක් නිපදවන්නට රජය පියවර ගනිවි.මේ නිසා රුසියාවේ ඉදිරිපෙල ගුවන් ප්‍රහාරකයින් සහ සටන්කරුවන් ලෙස තවත් වසර ගණනක් සේවය කරන්නට සුකොයි-34 සහ සුකොයි-30එස් එම් යානාවලට සිදුවේවි.
ඉදිරි කාලයේදී ගුවන් හමුදාවට ටීයූ-160එම්2 උපාය මාර්ගික බෝම්බ හෙළන යානා සහ ටීයූ-22එම්3එම් තත්ත්වයට උසස් කල ටීයූ-20එම්3 යානා 30ක් ලැබේවි.රුසියාව සැලසුම් කල ඊළඟ පරම්පරාවේ උපායමාර්ගික බෝම්බ හෙළන යානය කරළියට පැමිණීම ඊළඟ දශකයේ අවසානය වන තෙක් කල් යනු ඇත.
අමාටා චැසිය මත පදනම්ව යුද ටැංකි ඇතුලුව රථ කිහිපයක් මේවන විට නිෂ්පාදනය කර තිබේ.ටී-14 අමාටා යුද ටැංකියක් රූබල් මිලියන 250ක් හෙවත් ඩොලර් මිලියන 4.5ක් වේ.එහි සම්මත සංස්කරණය සතුව මි.මී.125 ප්‍රධාන අවියක් තිබුණද මි.මී.152ක අවියක් ගෙන යා හැකි අයුරින් උසස් කිරීමට පුලුවනි.
ටී-14 යුද ටැංකියේ ප්‍රහාරක වේගය මිනිත්තුවට උණ්ඩ 10කි.ප්‍රහාරයක ඵලදායි දුර සැතපුම් 4.3ක් එනම් කි.මී. 7කි.සංසන්දනය කිරීමේදී එක්සත ජනපදයේ එම්1 ඒබ්‍රම්ස් යුද ටැංකියේ ඵලදායි දුර කි.මී. 4.6ක් වේ.
උපායමාර්ගික මිසයිල බලකාය ඉදිරියේදී නවතම අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල වලට හිමිකම් කියාවි.මිසයිල ලබාදීම වසර 5ක් තුල ඇරඹේවි යැයි විශ්වාස කෙරේ.දන්නා තරමින් ආරක්ෂක අමාත්‍යාංශය එවැනි මිසයිල 46ක් ලබාගැනීමට අදහස් කර තිබේ.
මිසයිලවලට අමතරව රුසියාව දැනට Barguzin නම් දුම්රිය මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරන මිසයිල පද්ධතියක් දියුණු කරමින් සිටියි.එම වැඩසටහන 2020දී අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
ආර්ථික අර්බුදය නාවුක හමුදාවටද තදින් බලපා තිබේ.ජ්‍රොජෙක්ට් 23560 ලිඩර් පන්තියේ වැඩසටහන අතහැර දැමීමටද ප්‍රොජෙක්ට් 23000ඊ/Shtorm ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඉදිකිරීමේ කටයුතු 2030 දශකය තෙක්ද කල්දමන්නට සිදුව තිබේ.මෙම නෞකාව ප්‍රහාරක යානා 90ක් ඇතුලුව පස්වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානායේ නාවුක සංස්කරණයක්ද ගෙන යා හැකි අයුරින් සැලසුම් කර තිබේ.මෙම වසර තුල යුද නැව් කිහිපයක් සහ ප්‍රොජෙක්ට් 955 බොරෙයි පන්තියේ සබ්මැරීනද රුසියානු නාවුක හමුදාවට ලැබීමට නියමිතය.
රුසියානු හමුදාව වසර කිහිපයක් ඇතුලත අතිධ්වනික අවිවලින් සන්නද්ධ කිරීමට වැඩසටහනක් දියත් කර තිබෙන බව එරට ආරක්ෂක අමාත්‍යාංශ වක්‍රාකාරව ප්‍රකාශ කර තිබේ.ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් පරිදි "මූලිකමය නව අතිධ්වනික අවි පද්ධති,බුද්ධිමත් රොබෝ පද්ධති,නවතම භෞතික මූලධර්ම පදනම් කරගත් අවි සහ ඊළඟ පරම්පරාවේ සාම්ප්‍රදායික අවි පද්ධති සහ හමුදා උපකරණ සංවර්ධන අවසන් කිරීම සහ හමුදාවට සැපයීම"යන වැකියෙන් ඒ බව සනාථ වේ.
පසුගිය අත්හදා බැලීම්වලදී රුසියාවේ නවතම Tsirkon ප්‍රති-නෞකා මිසයිලය පැයට සැතපුම් 5625 /පැයට කි.මී. 9000ක වේගයක් ලබා ගැනීමට සමත්වූ බව කියවේ.කෙසේ වෙතත් ටාස් පුවත් සේවය හෝ ආරක්ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු හෙළිකරන්නේ නැත.තවද මෙම පුවත සම්බන්ධව නිල තහවුරු කිරීමක්ද නොමැත.විශේෂඥයින් කියන්නේ මෙම වාර්තා සත්‍යය නම් Tsirkon මිසයිලය විසින් වාර්තා බිද හෙලා ඇති බවයි.රුසියාව සහ එක්සත් ජනපදය අතර නිල නොවන අවි තරඟය සඳහා අතිධ්වනික තාක්ෂණය හේතුවී තිබේ.
ශබ්දයේ වේගය මෙන් 8-10 ගුණයක් වේගයෙන් ගමන් කල හැකි මිසයිලයක් නිපදවන පළමු රටට සමකාලීන රේඩාර් පද්ධතිවලට පවා අනාවරණය නොවී ප්‍රහාර දියත් කල හැකිය.එවැනි මිසයිලයක් අතරමගදී බිම හෙළීමට සමත් පද්ධති ලොව නොපවතින අතර නුදුරු අනාගතයේදී නිර්මාණය වේවි යන්න පවා සැක සහිතය.
Source:rbth.com
-HarshaLulzSec-

නවතම ගුවන් යානා

Tu-160 යානයක්
Tu-22M3M යානයක්
නවතම ගොඩබිම් පද්ධති
අමාටා චැසිය මත පදනම්ව යුද ටැංකි ඇතුලුව රථ කිහිපයක් මේවන විට නිෂ්පාදනය කර තිබේ.ටී-14 අමාටා යුද ටැංකියක් රූබල් මිලියන 250ක් හෙවත් ඩොලර් මිලියන 4.5ක් වේ.එහි සම්මත සංස්කරණය සතුව මි.මී.125 ප්‍රධාන අවියක් තිබුණද මි.මී.152ක අවියක් ගෙන යා හැකි අයුරින් උසස් කිරීමට පුලුවනි.
ටී-14 යුද ටැංකියේ ප්‍රහාරක වේගය මිනිත්තුවට උණ්ඩ 10කි.ප්‍රහාරයක ඵලදායි දුර සැතපුම් 4.3ක් එනම් කි.මී. 7කි.සංසන්දනය කිරීමේදී එක්සත ජනපදයේ එම්1 ඒබ්‍රම්ස් යුද ටැංකියේ ඵලදායි දුර කි.මී. 4.6ක් වේ.
T-14 අමාටා යුද ටැංකියක්
නවතම මිසයිල
උපායමාර්ගික මිසයිල බලකාය ඉදිරියේදී නවතම අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල වලට හිමිකම් කියාවි.මිසයිල ලබාදීම වසර 5ක් තුල ඇරඹේවි යැයි විශ්වාස කෙරේ.දන්නා තරමින් ආරක්ෂක අමාත්‍යාංශය එවැනි මිසයිල 46ක් ලබාගැනීමට අදහස් කර තිබේ.
මිසයිලවලට අමතරව රුසියාව දැනට Barguzin නම් දුම්රිය මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරන මිසයිල පද්ධතියක් දියුණු කරමින් සිටියි.එම වැඩසටහන 2020දී අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
Barguzin rail-mobile combat missile system
නාවුක ශක්තිය
ආර්ථික අර්බුදය නාවුක හමුදාවටද තදින් බලපා තිබේ.ජ්‍රොජෙක්ට් 23560 ලිඩර් පන්තියේ වැඩසටහන අතහැර දැමීමටද ප්‍රොජෙක්ට් 23000ඊ/Shtorm ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඉදිකිරීමේ කටයුතු 2030 දශකය තෙක්ද කල්දමන්නට සිදුව තිබේ.මෙම නෞකාව ප්‍රහාරක යානා 90ක් ඇතුලුව පස්වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානායේ නාවුක සංස්කරණයක්ද ගෙන යා හැකි අයුරින් සැලසුම් කර තිබේ.මෙම වසර තුල යුද නැව් කිහිපයක් සහ ප්‍රොජෙක්ට් 955 බොරෙයි පන්තියේ සබ්මැරීනද රුසියානු නාවුක හමුදාවට ලැබීමට නියමිතය.
Shtorm ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ආදර්ශනයක්
අතිධ්වනික අවි

..