නාසි විශේෂ බලකා මෙහෙයුම්
මුසෝලිනී මුදාගැනීම:1943 සැප්තැම්බර් මස 12 දා ඉතාලියේ පැසිස්ට් ඒකාධිපති බෙනීටෝ මුසෝලිනී නිවාස අඩස්සියේ සිටියදී මුදා ගැනීමට ජර්මන් කමාන්ඩෝ සෙබලුන් කණ්ඩායමකට හැකිවිය.මෙම ලිපිය ඒ සිද්ධිය සම්බන්ධව ලියූවකි.
කාලයත් සමග දෙවන ලෝක යුද්ධය ඉතාලිය සහ මුසෝලිනීගේ අවාසි ගෙන දෙන අයුරින් සිදුවන්නට විය.ග්‍රීසියට සහ ඇල්බේනියාවට එරෙහිව සංග්‍රාම පරාජයන් අත්කර දුන් අතර උතුරු අප්‍රිකාවේ සටන් වැදී සිටි ඉතාලි හමුදාවල තත්ත්වයද අයහපත් විය.තම නායකයාගේ දුර්වලතාවල ප්‍රතිඵල ඉතාලි ජනතාවට මත පැටවෙන්නට පටන් ගත්තේය.1943 ජනවාරි මස 20 දා මුසෝලිනී සිය විදේශ අමාත්‍යවරයා වන ගලියාස්සොව් චියානෝ මුණ ගැසිණි.ගලියාස්සොව් චියානෝ මුසෝලිනීගේ බෑණා විය.ඔහු යුද්ධය ප්‍රතික්ෂේප කල අයෙකි.චියානෝ මුසෝලිනීට කියා සිටියේ මිත්‍ර පාර්ශ්විකයන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ කොන්දේසිවලට එකඟ වන ලෙසයි.නමුත් මුසෝලිනී එම අදහස මුලුමනින්ම ප්‍රතික්ෂේප කලේය.1940 ජූනි 10 දා ඉතාලිය ප්‍රංශයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.එම සිද්ධියෙන් පසුව චියානෝ තම දින පොතේ මෙලෙස සටහනක් තබයි"මම දුකින් පසුවෙමි.ඉතාම දුකින්.අවදානම ඇරඹුණා.සමහර විට දෙවියන් ඉතාලියට උදව් කරාවි".1943 පෙබරවාරි 5 දා චියානෝගේ මාමා එනම් මුසෝලිනී විසින් චියානෝව සේවයෙන් පහකරයි.
දූපත් වාසීන්ගේ උණුසුම් පිළිගැනීම මධ්‍යයේ 1943 ජූලි 10 දා මිත්‍ර හමුදා සිසිලියට ගොඩ බසින ලදි.එම වසරේ අගෝස්තු මස මැද භාගයේදී ජර්මන් හමුදා සිසිලිය නම් දූපතෙන් පළා යන්නේ මෙසීනා නම් පටු සමුද්‍ර සන්ධිය හරහාය.ඔවුන්ගේ නැවතුම වූයේ ඉතාලියයි.අමතර හමුදා එවන්න යැයි සිය මිතුරා වූ ඇඩොල්ෆ් හිට්ලර්ගෙන් ඉල්ලා සිටියද ජර්මන් හමුදා නැගෙනහිර පෙරමුණේ ස්ටාලින්ග්‍රාඩ් සටනෙන් පරාජය වී දුර්වල අඩියක පසුවීම නිසා මුසෝලිනීට උදව් ලැබුණේ නැත.
1943 ජූලි 19 දා මිත්‍ර හමුදාවල බෝම්බ හෙළන යානා ඉතාලියේ රෝම නගරයට බෝම්බ හෙළීමෙන් සිවිල් වැසියන් දහසක් පමණ මරණයට පත්විය.මිත්‍ර හමුදා විසින් සිසිලිය ආක්‍රමණය කිරීමත් සමග ඉතාලිය අවදානම් සහගත තත්ත්වයකට පත්වූ නිසා ෆැසිස්ට් මහා සමුළුවක් සූදානම් කරන්නට මුසෝලිනී එකඟ විය.එවැනි සමුළුවක් පැවැත්වූයේ 1939 වර්ෂයෙන් පසුව බවයි සඳහන් වන්නේ.1943 ජූලි 24 පස්වරු 5 සිට පසුදින පෙරවරු 3 දක්වා එම හමුව පැවැත්විණි.එහි අරමුණ වූයේ වර්තමාන තත්ත්වයට විසඳුමක් සොයාගැනීමයි.මුසෝලිනීගේ හිටපු විදේශ අමාත්‍යවරයෙක් වූ ඩිනෝ ග්‍රෑන්ඩි එහිදී විසඳුම ලෙස ඉදිරිපත් කරන ලද්දේ මුසෝලිනී සන්නද්ධ හමුදාවල ප්‍රධානී තනතුරෙන් පහ කිරීමයි.එදින මුසෝලිනී පැය 2ක වේගවත් කතාවක් කරන ලද්දේ තම මිතුරු ෆැසිස්ට් සාමාජිකයින් සටන් කිරීම සඳහා පොළඹවා ගැනීමටයි.නමුත් ඔහුගේ කතාව බීරි අලින්ට විණා වාදනය වැන්නකි.පැය දහයක පමණ වාදවිවාද වලින් පසුව සිදුකල ඡන්ද විමසීමෙන් 19-8 ලෙස (තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ)ග්‍රෑන්ඩිගේ විසඳුම පිළිගන්නා ලදි.මුසෝලිනීට එරෙහිව ඡන්දය ප්‍රකාශ එක් අයෙක් වූයේ ඔහුගේ බෑණා වූ ගලියාස්සොව් චියානෝය.
මුසෝලිනී දෙසතියකට වරක් ඉතාලි රජු හමුවීම වන අතර එදිනම ඔහු එම හමුවට සහභාගී විය.එදින පැවැත්වූ ඡන්දය එතරම් ගණන් නොගත් මුසෝලිනීට අවසානයේ රජුගේ තීරණය පරිදි සිය තනතුර අහිමිවිය.වික්ටර් එමෑනුවෙල් රජුගේ නියෝග පරිදි මුසෝලිනී අත් අඩංගුවට ගෙන සිරභාරයට පත් කරන ලදි.ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ පියෙට්‍රෝ බැඩෝග්ලියෝ නම් ෆැසිස්ට් නොවන නායකයෙකි.ඒ ගැන ඉතාලි ජනතාව සතුටු විය.රජු විසින් මෙම 59 හැවිරිදි ඒකාධිපතියා තනතුරෙන් පහ කරන විට කීවේ ""මේ මොහොතේ ඉතාලියේ වඩාත් වෛරයට බඳුන්වූ පුද්ගලයා මුසෝලිනී බවයි".
1943 සැප්තැම්බර් 8 වනදා මිත්‍ර හමුදා ඉතාලි ප්‍රධාන භූමියට ඇතුලුවිය.ඉතාලිය මිත්‍ර පාශ්විකයින් සමග එක්වූ අතර 1943 ඔක්තෝම්බර් 13දා ජර්මනියට් එරෙහිව යුද ප්‍රකාශ කරයි.රජු සහ ඔහුගේ රජය රෝමය අතහරින අතර රටේ උතුරු කොටස ජර්මානුවන්ට නතුවන්නට ඉඩ දෙයි.ඒ අතරතුර මුසෝලිනී නිවාස අඩස්සියේ තබන ලදි.කලින් කලට ඔහු රදවා තිබූ ස්ථානය වෙනස් කල බව සඳහන් වේ.1943 අගෝස්තු මස 26දා ඔහුව මධ්‍යම ඉතාලියේ අබෘස්සොව් ප්‍රදේශයේ ග්‍රෑන් සාසොව් කඳුකරයේ පිහිටා තිබූ කැම්පෝ ඉම්පැරටෝව් හෝටලයේ රදවා තැබීමට නියම විය.සැප්තැම්බර් මස 12 දා ඔහු ඉතා පහසුවෙන්ම නිදහස් වී යන්නේ මෙම හෝටලයේ සිටියදීය.
හෝටලය අමුත්තන්ගෙන් තොර එකක් විය.මුසෝලිනීට සිරකාරයෙකුට මෙන් නොව අමුත්තෙක් ලෙස සලකන්න යැයි ආරක්ෂකයින්ට කියා තිබිණි.ඔහු උදරයේ වේදනාවක් ගැන පැමිණි කරන්නට විය.
මුසෝලිනී අත් අඩංගුවට ගත් බව සැලවූ වහාම ඔහුව මුදාගැනීමේ මෙහෙයුමක් සිදුකරන්නට හිට්ලර් තීරණය කර තිබිණි.ඒ සඳහා හිට්ලර් තෝරාගෙන තිබුණේ වයස අවුරුදු 35 වූ වොෆන් එස් එස්(නාසි පක්ෂයේ සන්නද්ධ අංශය) කැප්ටන්,ජැග්වර්බන්ඩ් 502 නම් (ලුහුබැද යෑමේ කණ්ඩායම 502)ඒකකයේ අණදෙන නිලධාරියා වූ ඔටෝ ස්කුර්සනිය.ඔහු ජර්මන් හමුදාවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ සාමාජිකයෙක් විය.
මුසෝලිනී මුදාගත යුතුමයි සහ සීඝ්‍රයෙන්..."
-ඇඩොල්ෆ් හිට්ලර් ගෙන් කැප්ටන් ඔටෝ ස්කුර්සනි වෙත
නියෝගය ලැබෙන අවස්ථාවේ ඔටෝ ස්කුර්සනි සිටියේ බර්ලිනයේ හෝටලයක විවේක සුවයෙනි.එකෙනෙහිම ඔහු රස්ටන්බර්ග් වෙත වාර්තා කරන ලදි.ඔහුත් සමග වෙනත් ඒකකවල නිලධාරීන් පස්දෙනෙක්ද එහි කැදවා තිබිණි.එහිදී හිටලර් විසින් එම නිලධාරීන්ගෙන් ප්‍රශ්න අසන්නට විය.අවසානයේදී ඉතාලි ජනතාව ගැන ඔවුන්ගේ අදහස විමසීය.අනෙක් නිලධාරින් පස්දෙනා ඊට ප්‍රතිචාර ලෙස අක්ෂ-පාර්ශ්විකයන්ගේ එකමුතුව ගැන කියවෙන වැදගැම්මකට නැති ප්‍රකාශ සිදුකරන ලදි.ස්කුර්සනි ඔහුගේ ඕස්ට්‍රියානු සගයා දෙස බලා මෙසේ කීවේය."නායකතුමනි ,මම ඕස්ට්‍රියානුවෙක්,ඉතාලිය කෙරෙහි අපගේ ආකල්පය පළමු ලෝක යුද්ධය සහ දකුණු ඕස්ට්‍රියාව ඔස්සේ පුර්ව නිගමනය කර තිබේ."
හිටලර් ,ස්කුර්සනි හැර අනෙක් නිලධාරින් ප්‍රතික්ෂේප කරන ලදි.ස්කුර්සනි හට හිට්ලර්ගෙන් අතිශය රහසිගත නියෝගයක් ලැබුණි.නව ඉතාලි රජය නුදුරේදීම මිත්‍ර පාර්ශ්විකයන්ට යටත් වන බව දැන සිටි හිට්ලර් වහාම මුසෝලිනී මුදාගන්නා ලෙස ස්කුර්සනිට නියෝග කරන ලදි.මෙම මෙහෙයුම (Operation Eiche) ඔපරේෂන් ඕකා නමින් හඳුන්වන ලදි.ස්කුර්සනි සහ ඔහුගේ පිරිස ලුෆ්ට්වැෆ( දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මනියේ ගුවන් හමුදාව)ජෙනරල් කර්ට් ස්ටුඩන්ට් හට සෘජුව වාර්තා කරන ලදි.ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදිය හැකි පුද්ගලයා වූයේ කර්ට් ස්ටුඩන්ට්ය.මුසෝලිනී සොයාගැනීම ගේ උත්සාහය අවස්ථා ගණනකදී අසාර්ථක විය.අගෝස්තු මාසයේ අගදී ස්කුර්සනි ට ලැබුණු බුද්ධි තොරතුරකින් කියවුනේ මුසෝලිනී කැම්පෝ ඉම්පැරටෝව් හෝටලයේ රදවා සිටින බවයි.එය මුහුදු මට්ටමේ සිට අඩි 6,300ක් උසින් පිහිටි භූමියකි.පැරෂූට්වලින් ගොඩබැසීමටද භූමිය සුදුසු නොවීය.කලින් කරන ලද ගුවන් නිරීක්ෂණවලින් එළිදරවු වූයේ හෝටලය පිටුපස කුඩා විවෘත භූමියක් තිබෙන බවයි.ග්ලයිඩර් යොදාගෙන ජර්මන් කොමාන්ඩෝ සෙබලුන් කණ්ඩායමක් එම භූමියට ගොඩබැස්සවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ස්කුර්සනි හට වැටහිණි.අවසානයේ ජීවිත අවධානමේ හෙළා එම උපක්‍රමය ක්‍රියාත්මක කරන්නට කටයුතු පිළියෙල විය.
මෙහෙයුම සඳහා DFS 230 වර්ගයේ ග්ලයිඩර් දොලහක් පිළියෙල කෙරිණි.ඊට සමකාලීනව මේජර් හාන්ස් මෝර්ස් විසින් පැරෂූට් බලකාය මෙහෙයවීය.අවශ්‍ය අවස්ථාවක අතිරේක පිරිස් බලය සැපයීම ඔවුන්ගේ කාර්යය විය.ඊට අමතරව විශේෂ පුද්ගලයෙක් තමන් සමග රැගෙන යාමට ස්කුර්සනි ක්‍රියා කලේය.ඒ ඉතාලි පොලිසියේ ජෙනරල් ෆර්ඩිනැන්ඩෝ සොලෙටිය.ඔහුව මෙහෙයුමට එක් කරගත්තේ හෝටලයේදී ඉතාලි ආරක්ෂකයින් කිසිදු වෙඩි හුවමාරුවකින් තොරව පාලනය කරගැනීමටයි.1943 සැප්තැම්බර් 12 දා එනම් ඉතාලි සටන් විරාමය ප්‍රකාශයට පත් කර දින හතරකට පසුව ඔපරේෂන් ඕකා ඇරඹිණි.ඒ වහාම ප්‍රශ්නයක් මතුවිය.මන්ද ග්ලයිඩර් අදාල ස්ථානයට ලගා වූයේ ප්‍රමාදවීය.පෙරවරු 7ට පිටත්ව යෑමට තිබුණද එය පස්වරු 1 දක්වා ප්‍රමාද වූ අතර ගුවන් ගත කිරීමේදී ග්ලයිඩර් දෙකක් මිත්‍ර හමුදාවල ගුවන් ප්‍රහාර හමුවේ කඩා වැටුණි.කෙසේ හෝ අවසානයේ ග්ලයිඩර් ගොඩබෑ යුතු ප්‍රදේශයට ලගා විය.
නිරීක්ෂණ යානා වලින් සපයා දුන් ඡායාරූපවලට වඩා ගොඩබෑ යුතු භූමිය වෙනස් බව ස්කුර්සනිට වහා තේරුම් ගියේය.භූමිය ගුවන් යානයක් ගොඩබෑමට තරම් සමතල එකක් නොවූ අතර තැනින් තැන ගල් විසිරී තිබිණි.හෝටලය ඉදිරියේ යම් තරමක සමතල භූමියක් දිස්විය. ස්කුර්සනි තම යානයේ නියමුවාට කියා සිටියේ හැකි තරම් හෝටලයට ආසන්නයේ යානය පහත් කරන ලෙසයි.එක් ග්ලයිඩරයක් අනතුරට ලක්වී කිහිපදෙනෙක් තුවාල ලැබීය. ස්කුර්සනි පැමිණි ග්ලයිඩරය හෝටලයට අඩි 30 දුරින් ගොඩබාන ලදි.සියලු යානා ගොඩ බෑමෙන් පසුව ජෙනරල් ෆර්ඩිනැන්ඩෝ සොලෙටි ඇතුලු අතලොස්සක් වූ කොමාන්ඩෝ සෙබලුන් හෝටලයට කඩා වැදුණි.
හෝටලයට ඇතුල්වන විට ජෙනරල් ෆර්ඩිනැන්ඩෝ සොලෙටි වෙඩි තබන්න එපා කියමින් ඉතාලි ආරක්ෂකයින් ව්‍යාකූලත්වයට පත් කරන ලදි.මේ නිසා දෙපිරිස අතර කිසිදු වෙඩි හුවමාරුවක් සිදුනොවීය.ඉහළ මාලයට යෑමට පෙර ස්කුර්සනි එහි සිටි රේඩියෝ ක්‍රියාකරවන්නාට සිය තුවක්කු මිටෙන් පහරදී රේඩියෝව උදුරාගන්නා ලදි.එහිදී ඔහුට මුසෝලිනීගේ කාමරය සොයාගත හැකි විය."නායකතුමනි,අපගේ නායකයා(හිට්ලර්) මාව එවන ලදි! ඔබ නිදහස්!" යනුවෙන් මුසෝලිනී ඉදිරියේ ස්කුර්සනි ප්‍රකාශ කරන ලදි.මුසෝලිනී ජනේලයෙන් පිටතට දෑස් යොමුකර නවතා තිබූ ග්ලයිඩර් දෙස බලා මෙසේ ප්‍රකාශ කරන ලදි. "මම දැන සිටියා මගේ මිත්‍රයා ඇඩොල්ෆ් හිට්ලර් මාව අතහැර නොදමන බව".
කෙටි ගුවන් ගත වීමක් සහ ගොඩබෑමක් සහිත ෆීස්ලර් ස්ටෝර්ච් වර්ගයේ ගුවන් යානයක් හෝටලයට ආසන්න ප්‍රදේශයක රදවා තිබූ අතර ස්කුර්සනි විසින් රේඩියෝ පණිවුඩයක් දී එම යානය හෝටල් භූමියට ගොඩබස්සවන ලෙස නියෝග කලේය.ෆීස්ලර් ස්ටෝර්ච් යානය කෙටි සහ ගල් සහිත භූමියේ අසීරුවෙන් ගොඩබාන ලදි.ඒ කාලය තුල තමන් මුදාගැනීමට පැමිණි ජර්මන් සෙබලුන්ට ස්තුතියි කරමින් ඡායාරූපවලට පෙනී සිටින්නද මුසෝලිනී අමතක නොකලේය.
ඔටෝ ස්කුර්සනි විසින් මුසෝලිනීව ගුවන් යානයට ඇරලවන ලදි.ගල් සහිත භූමියක ගොඩබෑම තරම්ම එහි සිට ගුවන් ගතවීමද අසීරු කටයුත්තක් විය.තවද මෙම ෆීස්ලර් ස්ටෝර්ච් යානය නිර්මාණය කර තිබුණේ පුද්ගලයින් දෙදෙනෙකුට ගමන් කල හැකි පරිදිය.ස්කුර්සනිද එම ගුවන් යානයටම ගොඩවිය.මෙම මෙහෙයුම අසාර්ථක වූයේ නම් ස්කුර්සනි හට හිට්ලර් කිසිම සමාවක් නොදෙනු ඇත.මිනිසුන් තිදෙනෙක් සහිතව කඳු මුදුනක තිබූ යානයේ පිටුපස තටු ජර්මන් සෙබලුන් දොලොස්දෙනා විසින් අල්ලාගෙන සිටියහ.සංඥාවක් දුන් වහාම ඔවුන් යානය අතහරින ලදි.සම්පුර්ණ එන්ජින් බලය යොදා නිම්නයේ පහළට ඇදී ගිය යානයේ එක් රෝදයක් ගලක වැදුණි.ගුවන් යානය ක්‍රමයෙන් පල්ලම් බැසීම බලා සිටි ජර්මන් සෙබලුන් සිතන්නට ඇත්තේ එය යානයේ අවසානය වනු ඇතැයි කියා වුවද ගුවන් නියමුවා යානය ඉහළ නංවාගන්නට සමත්විය.හෝටල් භූමියේ ඉතිරි වූ ජර්මන් සෙබලුන් පාගමනින් පළාගිය බව සඳහන් වේ.
රෝමය ආසන්න ගුවන් පථයකට මුසෝලිනී රැගත් යානය ගොඩබසින ලදි.එහිදී ඔහුව වෙනත් ගුවන් යානයකට මාරු කර වියානා වෙත රැගෙන ගියේය.එම දිනයේදීම ඔහු සිය බිරිද රිචෙල් සහ දියණිය එඩා සිටින මියුනිච් නගරය බලා ගුවනින් පියාසර කලේය.දින දෙකකට පසුව මුසෝලිනී හිටලර් හමුවේ.මුසෝලිනී සමග වියානා වෙත ගිය ඔටෝ ස්කුර්සනි හට හිට්ලර්ගෙන් කැදවීමක් ලැබුණි.අද නුඹ ඉතිහාස ගතවන මෙහෙයුමක් සිදුකලා යනුවෙන් එහිදී හිට්ලර් ප්‍රකාශ කරන ලදි.ඔටෝ ස්කුර්සනි නයිට්වරුන්ගේ කුරුසයෙන් පිදුම් ලැබූ අතර මේජර් නිලය දක්වා උසස් වීමක්ද ලැබීය.
හිට්ලර්ගේ නියෝගය මත මුසෝලිනී ජර්මන් පාලනය යටතේ තිබූ උතුරුදිග ඉතාලියට ගියේය.එහි ග්‍රාඩා විල ආශ්‍රිත සාලෝ නගරය කේන්ද්‍ර කරගෙන ෆැසිස්ට් ජනරජයක් පිහිටුවා තිබූ අතර එහි රූකඩ පාලකයා ලෙස මුසෝලිනී කටයුතු කරන ලදි.එහිදී තමාට එරෙහිව කටයුතු කල තම බෑණා,ගලියාස්සොව් චියානෝ ඇතුලු පිරිස ගැන තීරණයක් ගැනීමට මුසෝලිනී ක්‍රියා කලේය.තම දියණියගේ කන්නලව්ව පවා ගණනකට නොගත් ඔහු තම බෑණා වූ ගලියාස්සොව් චියානෝ ඇතුලුව තවත් පස්දෙනෙක් 1944 ජනවාරි 11දා වෙඩි තබා ඝාතනය කරන ලදි.ඔවුන්ට කරන නින්දාවක් ලෙස පුටුවල හිදුවා දෑත් ගැටගසා පිටුපසින් වෙඩි තබන්නට නියම කෙරිණි.ගලියාස්සොව් චියානෝගේ අවසන් වචන වූයේ "ඉතාලිය දිගු කල් වැජඹේවා" යන්නයි(ගලියාස්සොව් චියානෝ දේශපාලනඥයින් සමග පැවැත්වු හමුවීම් ගැන තොරතුරු ඔහුගේ දින පොතේ සටහන් කර තිබිණි.මුසෝලිනී සහ හිට්ලර් සමග පැවැත්වූ සාකච්ඡාවල විස්තර ඒ අතර තිබිණි.මෙම තොරතුරු නාසි පාලනතන්ත්‍රය අපහසුතාවයට පත් කරන ඒවා වූ බැවින් ඒවා අලෙවි කර තම ස්වාමියා මුදාගන්නට ඇය උත්සාහ කල බව සඳහන් වේ.නමුත් ඇය ඊට අසමත් වේ.සැමියාගේ ඝාතනයට දින දෙකකට පෙර ඇය ස්විස්ටර්ලන්තයට පළා ගියාය.එහිදී ඇය සිය ස්වාමිපුරුෂයාගේ දින පොත්ද රැගෙන ගොස් තිබේ.ඒවා 1946 වර්ෂයේදී ප්‍රසිද්ධියට පත් කෙරේ.ඇගේ පුත්‍රයා When Grandpa Had Daddy Shot යන නමින් පොතක් පසුකාලයේදී පළකරයි)
අලුතින් ලද නිදහස වැඩි කල් බුක්ති විදින්නට මුසෝලිනීට ඉඩ ලැබෙන්නේ නැත.තමන් රූකඩයකට වඩා දෙයක් නොවන බව ඔහු පසුව තේරුම් ගනියි.1945 ජනවාරි මාසයේ ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබේ.
'Seven years ago, I was an interesting person. Now, I am little more than a corpse… Yes, madam, I am finished. My star has fallen. I have no fight left in me. I work and I try, yet know that all is but a farce…. I await the end of the tragedy and — strangely detached from everything — I do not feel any more an actor. I feel I am the last of spectators.’
නිවාස අඩස්සියෙන් නිදහස ලබා මාස දහනමයකට පසුව මුසෝලිනී,ඔහුගේ අනියම් බිරිද වූ ක්ලාරා පැටචි ඇතුලු පිරිසක් ස්විස්ටර්ලන්තයට පළා යෑමට උත්සාහ දරන ලදි.නමුත් ඉතාලි ජනතාව ඉදිරියේ ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය.මුසෝලිනී ලුෆ්ට්වෆ කබායක් සහ හෙල්මටයක් පැලද වෙස්වලාගෙන සිටිමුත් 1945 අප්‍රේල් 28 දා ලොම්බ්‍රඩිහි කොමො විල ආසන්නයේ දී ඔහු සහ ක්ලාරා පැටචි වෙඩි ප්‍රහාරයකට ලක්විය.ඔවුන්ගේ දේහයන් මිලාන් නගරයට යවන ලදි.එහිදී මල සිරුරු වලට වද බන්ධන පනවා මුත්‍රා කර දෙපාවලින් එල්ලා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන ලදි.
මුසෝලිනී සහ ක්ලාරා පැටචි ගේ මළ සිරුරු
නාසි ජර්මනියේ අමාත්‍යවරයෙක් වූ ජෝසෆ් ගෝබල්ස් විසින් එවන ලද කැමරා කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම ආවරණය කරන ලදි.මෙහෙයුමේ සමහර කොටස් තවමත් යූටියුබ් වෙබ් අඩවියෙන් සොයාගත හැකිය.
Source:historyinanhour.com
-HarshaLulzsec-
නාසි විශේෂ බලකා මෙහෙයුම්-මුසෝලිනී මුදාගැනීම
මුසෝලිනී මුදාගැනීම:1943 සැප්තැම්බර් මස 12 දා ඉතාලියේ පැසිස්ට් ඒකාධිපති බෙනීටෝ මුසෝලිනී නිවාස අඩස්සියේ සිටියදී මුදා ගැනීමට ජර්මන් කමාන්ඩෝ සෙබලුන් කණ්ඩායමකට හැකිවිය.මෙම ලිපිය ඒ සිද්ධිය සම්බන්ධව ලියූවකි.
බෙනීටෝ මුසෝලිනී
පසුබිම
කාලයත් සමග දෙවන ලෝක යුද්ධය ඉතාලිය සහ මුසෝලිනීගේ අවාසි ගෙන දෙන අයුරින් සිදුවන්නට විය.ග්‍රීසියට සහ ඇල්බේනියාවට එරෙහිව සංග්‍රාම පරාජයන් අත්කර දුන් අතර උතුරු අප්‍රිකාවේ සටන් වැදී සිටි ඉතාලි හමුදාවල තත්ත්වයද අයහපත් විය.තම නායකයාගේ දුර්වලතාවල ප්‍රතිඵල ඉතාලි ජනතාවට මත පැටවෙන්නට පටන් ගත්තේය.1943 ජනවාරි මස 20 දා මුසෝලිනී සිය විදේශ අමාත්‍යවරයා වන ගලියාස්සොව් චියානෝ මුණ ගැසිණි.ගලියාස්සොව් චියානෝ මුසෝලිනීගේ බෑණා විය.ඔහු යුද්ධය ප්‍රතික්ෂේප කල අයෙකි.චියානෝ මුසෝලිනීට කියා සිටියේ මිත්‍ර පාර්ශ්විකයන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ කොන්දේසිවලට එකඟ වන ලෙසයි.නමුත් මුසෝලිනී එම අදහස මුලුමනින්ම ප්‍රතික්ෂේප කලේය.1940 ජූනි 10 දා ඉතාලිය ප්‍රංශයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.එම සිද්ධියෙන් පසුව චියානෝ තම දින පොතේ මෙලෙස සටහනක් තබයි"මම දුකින් පසුවෙමි.ඉතාම දුකින්.අවදානම ඇරඹුණා.සමහර විට දෙවියන් ඉතාලියට උදව් කරාවි".1943 පෙබරවාරි 5 දා චියානෝගේ මාමා එනම් මුසෝලිනී විසින් චියානෝව සේවයෙන් පහකරයි.
මුසෝලිනීගේ විදේශ අමාත්‍ය සහ ඔහුගේ දියණියගේ ස්වාමිපුරුෂයා වූ ගලියාස්සොව් චියානෝ
මුසෝලිනී තනතුරෙන් පහ කිරීම
දූපත් වාසීන්ගේ උණුසුම් පිළිගැනීම මධ්‍යයේ 1943 ජූලි 10 දා මිත්‍ර හමුදා සිසිලියට ගොඩ බසින ලදි.එම වසරේ අගෝස්තු මස මැද භාගයේදී ජර්මන් හමුදා සිසිලිය නම් දූපතෙන් පළා යන්නේ මෙසීනා නම් පටු සමුද්‍ර සන්ධිය හරහාය.ඔවුන්ගේ නැවතුම වූයේ ඉතාලියයි.අමතර හමුදා එවන්න යැයි සිය මිතුරා වූ ඇඩොල්ෆ් හිට්ලර්ගෙන් ඉල්ලා සිටියද ජර්මන් හමුදා නැගෙනහිර පෙරමුණේ ස්ටාලින්ග්‍රාඩ් සටනෙන් පරාජය වී දුර්වල අඩියක පසුවීම නිසා මුසෝලිනීට උදව් ලැබුණේ නැත.
1943 ජූලි 19 දා මිත්‍ර හමුදාවල බෝම්බ හෙළන යානා ඉතාලියේ රෝම නගරයට බෝම්බ හෙළීමෙන් සිවිල් වැසියන් දහසක් පමණ මරණයට පත්විය.මිත්‍ර හමුදා විසින් සිසිලිය ආක්‍රමණය කිරීමත් සමග ඉතාලිය අවදානම් සහගත තත්ත්වයකට පත්වූ නිසා ෆැසිස්ට් මහා සමුළුවක් සූදානම් කරන්නට මුසෝලිනී එකඟ විය.එවැනි සමුළුවක් පැවැත්වූයේ 1939 වර්ෂයෙන් පසුව බවයි සඳහන් වන්නේ.1943 ජූලි 24 පස්වරු 5 සිට පසුදින පෙරවරු 3 දක්වා එම හමුව පැවැත්විණි.එහි අරමුණ වූයේ වර්තමාන තත්ත්වයට විසඳුමක් සොයාගැනීමයි.මුසෝලිනීගේ හිටපු විදේශ අමාත්‍යවරයෙක් වූ ඩිනෝ ග්‍රෑන්ඩි එහිදී විසඳුම ලෙස ඉදිරිපත් කරන ලද්දේ මුසෝලිනී සන්නද්ධ හමුදාවල ප්‍රධානී තනතුරෙන් පහ කිරීමයි.එදින මුසෝලිනී පැය 2ක වේගවත් කතාවක් කරන ලද්දේ තම මිතුරු ෆැසිස්ට් සාමාජිකයින් සටන් කිරීම සඳහා පොළඹවා ගැනීමටයි.නමුත් ඔහුගේ කතාව බීරි අලින්ට විණා වාදනය වැන්නකි.පැය දහයක පමණ වාදවිවාද වලින් පසුව සිදුකල ඡන්ද විමසීමෙන් 19-8 ලෙස (තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ)ග්‍රෑන්ඩිගේ විසඳුම පිළිගන්නා ලදි.මුසෝලිනීට එරෙහිව ඡන්දය ප්‍රකාශ එක් අයෙක් වූයේ ඔහුගේ බෑණා වූ ගලියාස්සොව් චියානෝය.
වික්ටර් එමෑනුවෙල් රජු
ඉතාලිය තුල වඩාත් වෛර කල පුද්ගලයා
මුසෝලිනී දෙසතියකට වරක් ඉතාලි රජු හමුවීම වන අතර එදිනම ඔහු එම හමුවට සහභාගී විය.එදින පැවැත්වූ ඡන්දය එතරම් ගණන් නොගත් මුසෝලිනීට අවසානයේ රජුගේ තීරණය පරිදි සිය තනතුර අහිමිවිය.වික්ටර් එමෑනුවෙල් රජුගේ නියෝග පරිදි මුසෝලිනී අත් අඩංගුවට ගෙන සිරභාරයට පත් කරන ලදි.ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ පියෙට්‍රෝ බැඩෝග්ලියෝ නම් ෆැසිස්ට් නොවන නායකයෙකි.ඒ ගැන ඉතාලි ජනතාව සතුටු විය.රජු විසින් මෙම 59 හැවිරිදි ඒකාධිපතියා තනතුරෙන් පහ කරන විට කීවේ ""මේ මොහොතේ ඉතාලියේ වඩාත් වෛරයට බඳුන්වූ පුද්ගලයා මුසෝලිනී බවයි".
1943 සැප්තැම්බර් 8 වනදා මිත්‍ර හමුදා ඉතාලි ප්‍රධාන භූමියට ඇතුලුවිය.ඉතාලිය මිත්‍ර පාශ්විකයින් සමග එක්වූ අතර 1943 ඔක්තෝම්බර් 13දා ජර්මනියට් එරෙහිව යුද ප්‍රකාශ කරයි.රජු සහ ඔහුගේ රජය රෝමය අතහරින අතර රටේ උතුරු කොටස ජර්මානුවන්ට නතුවන්නට ඉඩ දෙයි.ඒ අතරතුර මුසෝලිනී නිවාස අඩස්සියේ තබන ලදි.කලින් කලට ඔහු රදවා තිබූ ස්ථානය වෙනස් කල බව සඳහන් වේ.1943 අගෝස්තු මස 26දා ඔහුව මධ්‍යම ඉතාලියේ අබෘස්සොව් ප්‍රදේශයේ ග්‍රෑන් සාසොව් කඳුකරයේ පිහිටා තිබූ කැම්පෝ ඉම්පැරටෝව් හෝටලයේ රදවා තැබීමට නියම විය.සැප්තැම්බර් මස 12 දා ඔහු ඉතා පහසුවෙන්ම නිදහස් වී යන්නේ මෙම හෝටලයේ සිටියදීය.
හෝටලය අමුත්තන්ගෙන් තොර එකක් විය.මුසෝලිනීට සිරකාරයෙකුට මෙන් නොව අමුත්තෙක් ලෙස සලකන්න යැයි ආරක්ෂකයින්ට කියා තිබිණි.ඔහු උදරයේ වේදනාවක් ගැන පැමිණි කරන්නට විය.
කැම්පෝ ඉම්පැරටෝව් හෝටලය 1943 වර්ෂයේ දිස්වූ අයුරු
ඔපරේෂන් ඕකා
මුසෝලිනී අත් අඩංගුවට ගත් බව සැලවූ වහාම ඔහුව මුදාගැනීමේ මෙහෙයුමක් සිදුකරන්නට හිට්ලර් තීරණය කර තිබිණි.ඒ සඳහා හිට්ලර් තෝරාගෙන තිබුණේ වයස අවුරුදු 35 වූ වොෆන් එස් එස්(නාසි පක්ෂයේ සන්නද්ධ අංශය) කැප්ටන්,ජැග්වර්බන්ඩ් 502 නම් (ලුහුබැද යෑමේ කණ්ඩායම 502)ඒකකයේ අණදෙන නිලධාරියා වූ ඔටෝ ස්කුර්සනිය.ඔහු ජර්මන් හමුදාවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ සාමාජිකයෙක් විය.
"ඔබ වෙනුවෙන් මා සතුව ඉතා වැදගත් මෙහෙයුමක් තිබේ..මුසෝලිනී මුදාගත යුතුමයි සහ සීඝ්‍රයෙන්..."
-ඇඩොල්ෆ් හිට්ලර් ගෙන් කැප්ටන් ඔටෝ ස්කුර්සනි වෙත
ඇඩොල්ෆ් හිට්ලර් සහ බෙනීටෝ මුසෝලිනී
නියෝගය ලැබෙන අවස්ථාවේ ඔටෝ ස්කුර්සනි සිටියේ බර්ලිනයේ හෝටලයක විවේක සුවයෙනි.එකෙනෙහිම ඔහු රස්ටන්බර්ග් වෙත වාර්තා කරන ලදි.ඔහුත් සමග වෙනත් ඒකකවල නිලධාරීන් පස්දෙනෙක්ද එහි කැදවා තිබිණි.එහිදී හිටලර් විසින් එම නිලධාරීන්ගෙන් ප්‍රශ්න අසන්නට විය.අවසානයේදී ඉතාලි ජනතාව ගැන ඔවුන්ගේ අදහස විමසීය.අනෙක් නිලධාරින් පස්දෙනා ඊට ප්‍රතිචාර ලෙස අක්ෂ-පාර්ශ්විකයන්ගේ එකමුතුව ගැන කියවෙන වැදගැම්මකට නැති ප්‍රකාශ සිදුකරන ලදි.ස්කුර්සනි ඔහුගේ ඕස්ට්‍රියානු සගයා දෙස බලා මෙසේ කීවේය."නායකතුමනි ,මම ඕස්ට්‍රියානුවෙක්,ඉතාලිය කෙරෙහි අපගේ ආකල්පය පළමු ලෝක යුද්ධය සහ දකුණු ඕස්ට්‍රියාව ඔස්සේ පුර්ව නිගමනය කර තිබේ."
ඔටෝ ස්කුර්සනි
හිටලර් ,ස්කුර්සනි හැර අනෙක් නිලධාරින් ප්‍රතික්ෂේප කරන ලදි.ස්කුර්සනි හට හිට්ලර්ගෙන් අතිශය රහසිගත නියෝගයක් ලැබුණි.නව ඉතාලි රජය නුදුරේදීම මිත්‍ර පාර්ශ්විකයන්ට යටත් වන බව දැන සිටි හිට්ලර් වහාම මුසෝලිනී මුදාගන්නා ලෙස ස්කුර්සනිට නියෝග කරන ලදි.මෙම මෙහෙයුම (Operation Eiche) ඔපරේෂන් ඕකා නමින් හඳුන්වන ලදි.ස්කුර්සනි සහ ඔහුගේ පිරිස ලුෆ්ට්වැෆ( දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මනියේ ගුවන් හමුදාව)ජෙනරල් කර්ට් ස්ටුඩන්ට් හට සෘජුව වාර්තා කරන ලදි.ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදිය හැකි පුද්ගලයා වූයේ කර්ට් ස්ටුඩන්ට්ය.මුසෝලිනී සොයාගැනීම ගේ උත්සාහය අවස්ථා ගණනකදී අසාර්ථක විය.අගෝස්තු මාසයේ අගදී ස්කුර්සනි ට ලැබුණු බුද්ධි තොරතුරකින් කියවුනේ මුසෝලිනී කැම්පෝ ඉම්පැරටෝව් හෝටලයේ රදවා සිටින බවයි.එය මුහුදු මට්ටමේ සිට අඩි 6,300ක් උසින් පිහිටි භූමියකි.පැරෂූට්වලින් ගොඩබැසීමටද භූමිය සුදුසු නොවීය.කලින් කරන ලද ගුවන් නිරීක්ෂණවලින් එළිදරවු වූයේ හෝටලය පිටුපස කුඩා විවෘත භූමියක් තිබෙන බවයි.ග්ලයිඩර් යොදාගෙන ජර්මන් කොමාන්ඩෝ සෙබලුන් කණ්ඩායමක් එම භූමියට ගොඩබැස්සවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ස්කුර්සනි හට වැටහිණි.අවසානයේ ජීවිත අවධානමේ හෙළා එම උපක්‍රමය ක්‍රියාත්මක කරන්නට කටයුතු පිළියෙල විය.
DFS 230 ග්ලයිඩරයකින් බැස එන ජර්මන් සෙබලුන් පිරිසක්
මෙහෙයුම සඳහා DFS 230 වර්ගයේ ග්ලයිඩර් දොලහක් පිළියෙල කෙරිණි.ඊට සමකාලීනව මේජර් හාන්ස් මෝර්ස් විසින් පැරෂූට් බලකාය මෙහෙයවීය.අවශ්‍ය අවස්ථාවක අතිරේක පිරිස් බලය සැපයීම ඔවුන්ගේ කාර්යය විය.ඊට අමතරව විශේෂ පුද්ගලයෙක් තමන් සමග රැගෙන යාමට ස්කුර්සනි ක්‍රියා කලේය.ඒ ඉතාලි පොලිසියේ ජෙනරල් ෆර්ඩිනැන්ඩෝ සොලෙටිය.ඔහුව මෙහෙයුමට එක් කරගත්තේ හෝටලයේදී ඉතාලි ආරක්ෂකයින් කිසිදු වෙඩි හුවමාරුවකින් තොරව පාලනය කරගැනීමටයි.1943 සැප්තැම්බර් 12 දා එනම් ඉතාලි සටන් විරාමය ප්‍රකාශයට පත් කර දින හතරකට පසුව ඔපරේෂන් ඕකා ඇරඹිණි.ඒ වහාම ප්‍රශ්නයක් මතුවිය.මන්ද ග්ලයිඩර් අදාල ස්ථානයට ලගා වූයේ ප්‍රමාදවීය.පෙරවරු 7ට පිටත්ව යෑමට තිබුණද එය පස්වරු 1 දක්වා ප්‍රමාද වූ අතර ගුවන් ගත කිරීමේදී ග්ලයිඩර් දෙකක් මිත්‍ර හමුදාවල ගුවන් ප්‍රහාර හමුවේ කඩා වැටුණි.කෙසේ හෝ අවසානයේ ග්ලයිඩර් ගොඩබෑ යුතු ප්‍රදේශයට ලගා විය.
කැම්පෝ ඉම්පැරටෝව් හෝටලය මධ්‍යම ඉතාලියේ පිහිටා තිබිණි
නිරීක්ෂණ යානා වලින් සපයා දුන් ඡායාරූපවලට වඩා ගොඩබෑ යුතු භූමිය වෙනස් බව ස්කුර්සනිට වහා තේරුම් ගියේය.භූමිය ගුවන් යානයක් ගොඩබෑමට තරම් සමතල එකක් නොවූ අතර තැනින් තැන ගල් විසිරී තිබිණි.හෝටලය ඉදිරියේ යම් තරමක සමතල භූමියක් දිස්විය. ස්කුර්සනි තම යානයේ නියමුවාට කියා සිටියේ හැකි තරම් හෝටලයට ආසන්නයේ යානය පහත් කරන ලෙසයි.එක් ග්ලයිඩරයක් අනතුරට ලක්වී කිහිපදෙනෙක් තුවාල ලැබීය. ස්කුර්සනි පැමිණි ග්ලයිඩරය හෝටලයට අඩි 30 දුරින් ගොඩබාන ලදි.සියලු යානා ගොඩ බෑමෙන් පසුව ජෙනරල් ෆර්ඩිනැන්ඩෝ සොලෙටි ඇතුලු අතලොස්සක් වූ කොමාන්ඩෝ සෙබලුන් හෝටලයට කඩා වැදුණි.
හෝටල් භූමියට ගොඩබෑ ජර්මන් DFS 230 ග්ලයිඩර් කිහිපයක්
හෝටලයට ඇතුල්වන විට ජෙනරල් ෆර්ඩිනැන්ඩෝ සොලෙටි වෙඩි තබන්න එපා කියමින් ඉතාලි ආරක්ෂකයින් ව්‍යාකූලත්වයට පත් කරන ලදි.මේ නිසා දෙපිරිස අතර කිසිදු වෙඩි හුවමාරුවක් සිදුනොවීය.ඉහළ මාලයට යෑමට පෙර ස්කුර්සනි එහි සිටි රේඩියෝ ක්‍රියාකරවන්නාට සිය තුවක්කු මිටෙන් පහරදී රේඩියෝව උදුරාගන්නා ලදි.එහිදී ඔහුට මුසෝලිනීගේ කාමරය සොයාගත හැකි විය."නායකතුමනි,අපගේ නායකයා(හිට්ලර්) මාව එවන ලදි! ඔබ නිදහස්!" යනුවෙන් මුසෝලිනී ඉදිරියේ ස්කුර්සනි ප්‍රකාශ කරන ලදි.මුසෝලිනී ජනේලයෙන් පිටතට දෑස් යොමුකර නවතා තිබූ ග්ලයිඩර් දෙස බලා මෙසේ ප්‍රකාශ කරන ලදි. "මම දැන සිටියා මගේ මිත්‍රයා ඇඩොල්ෆ් හිට්ලර් මාව අතහැර නොදමන බව".
හෝටලයට ආසන්නයේම පහත් කරන ලද ග්ලයිඩරයක්
කෙටි ගුවන් ගත වීමක් සහ ගොඩබෑමක් සහිත ෆීස්ලර් ස්ටෝර්ච් වර්ගයේ ගුවන් යානයක් හෝටලයට ආසන්න ප්‍රදේශයක රදවා තිබූ අතර ස්කුර්සනි විසින් රේඩියෝ පණිවුඩයක් දී එම යානය හෝටල් භූමියට ගොඩබස්සවන ලෙස නියෝග කලේය.ෆීස්ලර් ස්ටෝර්ච් යානය කෙටි සහ ගල් සහිත භූමියේ අසීරුවෙන් ගොඩබාන ලදි.ඒ කාලය තුල තමන් මුදාගැනීමට පැමිණි ජර්මන් සෙබලුන්ට ස්තුතියි කරමින් ඡායාරූපවලට පෙනී සිටින්නද මුසෝලිනී අමතක නොකලේය.
මුසෝලිනී හෝටලයෙන් පිටතට පැමිණෙන අයුරු
මෙහෙයුමට සහභාගී වූ පිරිස සහ මුසෝලිනී ඡායාරූපයකට පෙනී සිටිමින්
මුසෝලිනී,ස්කුර්සනි ඇතුලු පිරිස හෝටලයෙන් පිටත්ව යන අයුරු
මුසෝලිනී ඇරලවීමට යොදාගත් ෆීස්ලර් ස්ටෝර්ච් වර්ගයේ ගුවන් යානයක්
ඔටෝ ස්කුර්සනි විසින් මුසෝලිනීව ගුවන් යානයට ඇරලවන ලදි.ගල් සහිත භූමියක ගොඩබෑම තරම්ම එහි සිට ගුවන් ගතවීමද අසීරු කටයුත්තක් විය.තවද මෙම ෆීස්ලර් ස්ටෝර්ච් යානය නිර්මාණය කර තිබුණේ පුද්ගලයින් දෙදෙනෙකුට ගමන් කල හැකි පරිදිය.ස්කුර්සනිද එම ගුවන් යානයටම ගොඩවිය.මෙම මෙහෙයුම අසාර්ථක වූයේ නම් ස්කුර්සනි හට හිට්ලර් කිසිම සමාවක් නොදෙනු ඇත.මිනිසුන් තිදෙනෙක් සහිතව කඳු මුදුනක තිබූ යානයේ පිටුපස තටු ජර්මන් සෙබලුන් දොලොස්දෙනා විසින් අල්ලාගෙන සිටියහ.සංඥාවක් දුන් වහාම ඔවුන් යානය අතහරින ලදි.සම්පුර්ණ එන්ජින් බලය යොදා නිම්නයේ පහළට ඇදී ගිය යානයේ එක් රෝදයක් ගලක වැදුණි.ගුවන් යානය ක්‍රමයෙන් පල්ලම් බැසීම බලා සිටි ජර්මන් සෙබලුන් සිතන්නට ඇත්තේ එය යානයේ අවසානය වනු ඇතැයි කියා වුවද ගුවන් නියමුවා යානය ඉහළ නංවාගන්නට සමත්විය.හෝටල් භූමියේ ඉතිරි වූ ජර්මන් සෙබලුන් පාගමනින් පළාගිය බව සඳහන් වේ.
ස්කුර්සනි විසින් මුසෝලිනීව ගුවන් යානයට ඇරලවන අයුරු
මුසෝලිනී රෝමයට රැගෙන ගිය ෆීස්ලර් ස්ටෝර්ච් ගුවන් යානය
මුසෝලිනී ගුවන් යානය තුල අසුන් ගෙන
රෝමය ආසන්න ගුවන් පථයකට මුසෝලිනී රැගත් යානය ගොඩබසින ලදි.එහිදී ඔහුව වෙනත් ගුවන් යානයකට මාරු කර වියානා වෙත රැගෙන ගියේය.එම දිනයේදීම ඔහු සිය බිරිද රිචෙල් සහ දියණිය එඩා සිටින මියුනිච් නගරය බලා ගුවනින් පියාසර කලේය.දින දෙකකට පසුව මුසෝලිනී හිටලර් හමුවේ.මුසෝලිනී සමග වියානා වෙත ගිය ඔටෝ ස්කුර්සනි හට හිට්ලර්ගෙන් කැදවීමක් ලැබුණි.අද නුඹ ඉතිහාස ගතවන මෙහෙයුමක් සිදුකලා යනුවෙන් එහිදී හිට්ලර් ප්‍රකාශ කරන ලදි.ඔටෝ ස්කුර්සනි නයිට්වරුන්ගේ කුරුසයෙන් පිදුම් ලැබූ අතර මේජර් නිලය දක්වා උසස් වීමක්ද ලැබීය.
බෙනීටෝ මුසෝලිනී සහ ඔටෝ ස්කුර්සනි
වර්තාමනයේ කැම්පෝ ඉම්පැරටෝව් හෝටලය ගුවනට දිස්වන අයුරු
හිට්ලර්ගේ නියෝගය මත මුසෝලිනී ජර්මන් පාලනය යටතේ තිබූ උතුරුදිග ඉතාලියට ගියේය.එහි ග්‍රාඩා විල ආශ්‍රිත සාලෝ නගරය කේන්ද්‍ර කරගෙන ෆැසිස්ට් ජනරජයක් පිහිටුවා තිබූ අතර එහි රූකඩ පාලකයා ලෙස මුසෝලිනී කටයුතු කරන ලදි.එහිදී තමාට එරෙහිව කටයුතු කල තම බෑණා,ගලියාස්සොව් චියානෝ ඇතුලු පිරිස ගැන තීරණයක් ගැනීමට මුසෝලිනී ක්‍රියා කලේය.තම දියණියගේ කන්නලව්ව පවා ගණනකට නොගත් ඔහු තම බෑණා වූ ගලියාස්සොව් චියානෝ ඇතුලුව තවත් පස්දෙනෙක් 1944 ජනවාරි 11දා වෙඩි තබා ඝාතනය කරන ලදි.ඔවුන්ට කරන නින්දාවක් ලෙස පුටුවල හිදුවා දෑත් ගැටගසා පිටුපසින් වෙඩි තබන්නට නියම කෙරිණි.ගලියාස්සොව් චියානෝගේ අවසන් වචන වූයේ "ඉතාලිය දිගු කල් වැජඹේවා" යන්නයි(ගලියාස්සොව් චියානෝ දේශපාලනඥයින් සමග පැවැත්වු හමුවීම් ගැන තොරතුරු ඔහුගේ දින පොතේ සටහන් කර තිබිණි.මුසෝලිනී සහ හිට්ලර් සමග පැවැත්වූ සාකච්ඡාවල විස්තර ඒ අතර තිබිණි.මෙම තොරතුරු නාසි පාලනතන්ත්‍රය අපහසුතාවයට පත් කරන ඒවා වූ බැවින් ඒවා අලෙවි කර තම ස්වාමියා මුදාගන්නට ඇය උත්සාහ කල බව සඳහන් වේ.නමුත් ඇය ඊට අසමත් වේ.සැමියාගේ ඝාතනයට දින දෙකකට පෙර ඇය ස්විස්ටර්ලන්තයට පළා ගියාය.එහිදී ඇය සිය ස්වාමිපුරුෂයාගේ දින පොත්ද රැගෙන ගොස් තිබේ.ඒවා 1946 වර්ෂයේදී ප්‍රසිද්ධියට පත් කෙරේ.ඇගේ පුත්‍රයා When Grandpa Had Daddy Shot යන නමින් පොතක් පසුකාලයේදී පළකරයි)
ජීවිතයේ අවසන් සමයේ මුසෝලිනී නායකත්වය හෙබවූ ඉතාලි සමාජවාදී ජනරජය
ඉතාලි සමාජවාදී ජනරජයේ නිල ධජය
මුසෝලිනීගේ දියණිය එඩා සහ ඇගේ ස්වාමිපුරුෂයා වූ ගලියාස්සොව් චියානෝ
අලුතින් ලද නිදහස වැඩි කල් බුක්ති විදින්නට මුසෝලිනීට ඉඩ ලැබෙන්නේ නැත.තමන් රූකඩයකට වඩා දෙයක් නොවන බව ඔහු පසුව තේරුම් ගනියි.1945 ජනවාරි මාසයේ ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබේ.
'Seven years ago, I was an interesting person. Now, I am little more than a corpse… Yes, madam, I am finished. My star has fallen. I have no fight left in me. I work and I try, yet know that all is but a farce…. I await the end of the tragedy and — strangely detached from everything — I do not feel any more an actor. I feel I am the last of spectators.’
මුසෝලිනී සිය රිචෙල් බිරිද සහ දරුවන් සමග මුසෝලිනීට දකුණුපසින් දියණිය එඩා හිදගෙන සිටියි
නිවාස අඩස්සියෙන් නිදහස ලබා මාස දහනමයකට පසුව මුසෝලිනී,ඔහුගේ අනියම් බිරිද වූ ක්ලාරා පැටචි ඇතුලු පිරිසක් ස්විස්ටර්ලන්තයට පළා යෑමට උත්සාහ දරන ලදි.නමුත් ඉතාලි ජනතාව ඉදිරියේ ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය.මුසෝලිනී ලුෆ්ට්වෆ කබායක් සහ හෙල්මටයක් පැලද වෙස්වලාගෙන සිටිමුත් 1945 අප්‍රේල් 28 දා ලොම්බ්‍රඩිහි කොමො විල ආසන්නයේ දී ඔහු සහ ක්ලාරා පැටචි වෙඩි ප්‍රහාරයකට ලක්විය.ඔවුන්ගේ දේහයන් මිලාන් නගරයට යවන ලදි.එහිදී මල සිරුරු වලට වද බන්ධන පනවා මුත්‍රා කර දෙපාවලින් එල්ලා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන ලදි.
මරා එල්ලා දමන ලද මුසෝලිනී ඇතුලු පිරිස,වමේ සිට දෙවැන්නා මුසෝලිනීය තුන්වැන්නා ඔහුගේ අනියම් බිරිද ක්ලාරා පැටචිය
මුසෝලිනී සහ ක්ලාරා පැටචි ගේ මළ සිරුරු
ක්ලාරා පැටචි

Last edited:

..