ප්‍රශ්ණ සෙට් එකක්ම තියෙනව සිංහලු දන්න කෙනෙක් පැහැදිලි කල්ල දෙන්න. තහනං ගහ ගැන තමා ප්‍රශ්න ටික

1. තහනං ගහ කියන්නෙ ඇත්තටම තියෙන/තිබ්බ ගහක්ද ? නැත්තං වෙන මොකක් හරි දේකට ව්‍යවහාර කරන metaphor එකක්ද ? එහෙම නං මොකේටද තහනං ගහ කියන්නෙ ?

2. පත්තර වල නං තියෙනව තහනං ගහේ ගෙඩි කන්න ගිහිං මාට්ටු වගේ වාර්තා. ඒ වගේ තැන් වල තහනම් ගහේ ගෙඩි කනව කියල කියල තියෙන්නෙ sex කරනවට නේද ? නැත්තං වෙන මොකේට හරිද ?

3. ආදම් සහ ඒව කෑව කියන්නෙ තහනම් ගහේ ගෙඩිනෙ ? ඊට පස්සෙ නේ මනුස්සය mortal වුනේ ? එතකොට එතන ආදම් සහ ඒව කලා කියන්නෙ මොකක්ද ? ඇත්තම ගහකිං ගෙඩි කාපු එකද ? නැත්තං sex කල එකද ? නැත්තං වෙන මොකක් හරිද ? කොලවරියගෙන් අහපුවාම ඌ නං කිව්වෙ sex කරන්න නෙමේ නං ලිංගේන්ද්‍රියන් මවන්නෑනෙ ඉතිං sex කරන්නම තමා මවල තියෙන්නෙ කියල. ඒක ඇත්තද ?

4. එතකොට tree of knowledge කියන්නෙ මොකක්ද ? (film වල අහල කියනව අහල තියේ) ඒත් මේ තහනම් ගහටමද ? ඒකෙන් ගෙඩි කෑවාම මොනා හරි දැනගත්ත කියලනෙ කියන්නෙ ? දැනගත්තනං ඒ මොකක් ගැනද ?

5. මේ කතාවෙ කොහෙට හරි සර්පයෙක් සම්බන්ධ වෙනවද ? ඒකත් කොහෙ හරි පිල්ම් එකක දැක්ක වගේ මතකයි හරියට ශුවර් නෑ. සම්බන්ධ වෙනවනං සර්පය මොන විදිහටද සම්බන්ධ වෙන්නෙ ?

මෙහෙමයි ඕවට උත්තර දෙන්න තරම් ලොකු දැනුමක් නැහැ..එත් බයිබලේ තියෙන එවන් උබට මූලාශ්‍ර දෙන්නම්..ඇත්ත හරි බොරු හරි ඔකේ තියෙන ටික තමයි කතාව...
1. තහනං ගහ කියන්නෙ ඇත්තටම තියෙන/තිබ්බ ගහක්ද ? නැත්තං වෙන මොකක් හරි දේකට ව්‍යවහාර කරන metaphor එකක්ද ? එහෙම නං මොකේටද තහනං ගහ කියන්නෙ ?

ඇත්තට තිබ්බද දන්නේ නැහැ බන්...බයිබලේ තියෙනවා ඒදන් උයන මැද ගසක් තිබ්බාය..ඒ ගසේ ගෙඩි කන්න එපා කියල ඔවුන්ට කිව්වා කියල...
8 දෙවි සමිඳාණන් වහන්සේ පූර්ව දිශාවේ, ඒදන්හි උයනක් තනා තමන් මැවූ මනුෂ්‍යයා එහි පිහිටෙවු සේක. 9 තවද, උන් වහන්සේ දැකුම්කලු, ප්‍රණීත පලදෙන සියලු ගස් ද උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ-නරක අවබෝධ කිරීමේ ගස ද භූමියෙන් හටගන්නට සැලැසූ සේක.
10 උයනට ජලය සැපයීම සඳහා ඒදන් ප්‍රදේශයෙන් ගඟක් ගලා ගියේය. උයනින් පිටත දී එය අතු ගංගා සතරකට බෙදිණි. 11 පළමු වන අතු ගංගාවේ නම පිෂොන් ය; මුළු හවීලා පෙදෙස වටා ගලා යන ගංගාව එය වේ; ඒ පෙදෙසෙහි රත්රන් ඇත. 12 එහි ඇති රත්රන් අමිශ්‍ර ය; ගන්ධරස හා නඛමාණික්‍ය ද එහි ඇත. 13 දෙ වන අතු ගංගාවේ නම ගීහොන් ය; එය මුළු කූෂ් ප්‍රදේශය වටා ගලා යයි. 14 තෙ වන අතු ගංගාවේ නම ටයිග්‍රීස් ය; එය අෂුර් දේශයට පෙරදිගින් ගලා බසියි. සතර වන අතු ගංගාව යුප්‍රටීස් ය.
15 ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක. 16 තවද, උන් වහන්සේ මිනිසාට අණ කරමින්, ''උයනේ සියලු ම ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත. 17 එහෙත්, හොඳ-නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතු ය; නුඹ යම් දවසක ඒ ගසින් කන්නෙහි ද ඒ දවසෙහි මරණය නුඹට ඒකාන්ත ය''යි වදාළ සේක.
2. පත්තර වල නං තියෙනව තහනං ගහේ ගෙඩි කන්න ගිහිං මාට්ටු වගේ වාර්තා. ඒ වගේ තැන් වල තහනම් ගහේ ගෙඩි කනව කියල කියල තියෙන්නෙ sex කරනවට නේද ? නැත්තං වෙන මොකේට හරිද ?

ඒ කියන්නේ ඉතින් පත්තර කාරයොනේ...සාමාන්යෙන් එහෙම කියනවා නම් තමයි...එත් එකෙන් අදහස් වෙන්නේ කරන්න නුසුදුසු දෙයක් කරා වගේ සීන් එකක් නේ 
3. ආදම් සහ ඒව කෑව කියන්නෙ තහනම් ගහේ ගෙඩිනෙ ? ඊට පස්සෙ නේ මනුස්සය mortal වුනේ ? එතකොට එතන ආදම් සහ ඒව කලා කියන්නෙ මොකක්ද ? ඇත්තම ගහකිං ගෙඩි කාපු එකද ? නැත්තං sex කල එකද ? නැත්තං වෙන මොකක් හරිද ? කොලවරියගෙන් අහපුවාම ඌ නං කිව්වෙ sex කරන්න නෙමේ නං ලිංගේන්ද්‍රියන් මවන්නෑනෙ ඉතිං sex කරන්නම තමා මවල තියෙන්නෙ කියල. ඒක ඇත්තද ?

6 ස්ත්‍රිය ද ගස පෙනුමට කෙතරම් රමණීය ද පල කෙතරම් ප්‍රණීත ද නුවණ වැඩුමට කෙතරම් කදිම ද කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවා ය. තමා සමඟ සිටි සිය සැමියාට ද ඉන් සමහරක් දුන් විට ඔහු ද කෑවේ ය. 7 එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් පෑදී තමන් නග්න ව සිටි බව ඔව්හු තේරුම්ගත්හ. එබැවින් ඔව්හු අත්තික්කා කොළ එකට මසා ඉණ වැසුම් සාදාගත්හ.
4. එතකොට tree of knowledge කියන්නෙ මොකක්ද ? (film වල අහල කියනව අහල තියේ) ඒත් මේ තහනම් ගහටමද ? ඒකෙන් ගෙඩි කෑවාම මොනා හරි දැනගත්ත කියලනෙ කියන්නෙ ? දැනගත්තනං ඒ මොකක් ගැනද ?

මේක වෙන්න ඇති...ඔය කියල තියෙන්නේ දැනුම ලැබෙනවා කියල 
5. මේ කතාවෙ කොහෙට හරි සර්පයෙක් සම්බන්ධ වෙනවද ? ඒකත් කොහෙ හරි පිල්ම් එකක දැක්ක වගේ මතකයි හරියට ශුවර් නෑ. සම්බන්ධ වෙනවනං සර්පය මොන විදිහටද සම්බන්ධ වෙන්නෙ ?

ඔව්..සර්පයෙක් තමයි ඒ ගහේ ගෙඩි කෑවහම සත්‍ය අවබෝධ වෙනවා කියල කියන්නේ..සර්පයා නිරූපණය කරන්නේ එයාලට ඇති වුන කුතුහලය ඇයි මේ ගහේ ගෙඩි කන්න එපා කිව්වේ..කාල බලමු වගේ සීන් එකක්...වරදට පෙළඹෙන්න ඇති වෙන පරික්ෂාව 
1 දෙවි සමිඳාණන් වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. ඌ ස්ත්‍රියට කතා කොට, ''උයනේ කිසි ම ගහක ගෙඩි කන්නට එපා කියා දෙවියන් වහන්සේ කළ තහනම ඇත්ත දැ''යි ඇසී ය. 2 ස්ත්‍රිය සර්පයාට උත්තර දෙමින්, ''උයනේ ඕනෑ ම ගහක ගෙඩි කන්නට අපට අවසර ඇත. 3 එහෙත්, උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්නටත්, ඒවාට අත ගසන්නටත් දෙවියන් වහන්සේ අපට තහනම් කර ඇත. එසේ කළොත් අප මැරෙනවාම ය''යි කීවා ය.
4 එවිට සර්පයා පිළිතුරු දෙමින්, ''සැබැවින් ම ඔබ මැරෙන්නේ නැත. 5 ඔබ ඒ ගසේ ගෙඩි කන දවසේ දී ඔබගේ ඇස් පෑදී, දෙවියන් හා සමාන වී, ඔබත් හොඳ-නරක අවබෝධ කරගන්න බව දෙවියන් වහන්සේ දන්න නිසා එසේ වදාළ සේකැ''යි කී ය.