බොනව නම් මෙන්න

බොහෝ දෙනා විසින් නිතර භාවිතා කරන මත්පැන් පිළිබඳව බොහෝ දෙනා නොදත් ආයුර්වේදයේ සඳහන් තතු අද ඔබ වෙතට.
ආයුර්වේදයේ මදාත්‍ය යනුවෙන් හැඳින්වෙන මෙහි මදය යනු මත්බවයි.අත්‍ය යනු සීමාව ඉක්මවිමයි.මේ අනුව වැඩිවූ මත්ගතිය යන අර්ථය මෙයින් කියවේ.එහෙයින් අයතා ක්‍රමයෙන් පානය කලාවූ ඒ මත්පැනින් මත්බව ඇතිවේ.
ආයුර්වේදයේ සඳහන් වන පරිදි මත්පැන් පානය තහනම් නොවේ.එහෙත් එසේ පානය කිරීමට යම් ක්‍රමවේදයක් දක්වා ඇත.එය මෙසේය.ඇල්වතුර නා සඳුන් කල්කය ඇගේ ගා මල්මාලා පැළද කටගැස්ම වශයෙන් මස්මාළු ගෙන බුඳිමින් මත්පැන් බිමෙන් ලෙඩ හට නොගන්නා බවත්, නුවණ සහිත මනස විනාශ නොවන බවත් සැලකිය යුතුය. පහන් සිතින් යුක්තව, සිය ප්‍රකෘතියට අනුකුලව, ගැළපෙන මිතුරන් හා එක්ව, සැහැල්ලු වුද, ආහාරයක් අනුභව කරමින්,ඉතා සුළු ප්‍රමාණයකින් මත්පැන් බිම සෞඛ්‍යට හිත මද්‍ය පානයේ නියම පිළිවෙත බවද වැඩිදුරටත් කියවේ. මෙසේ සඳහන් කරන ලද මත්පැන් පානයෙන් උපදනා මත්බව කොටස් 04ක් යටතේ විස්තර කොට ඇත.
ප්‍රථම මදය
මෙම පළමු අවස්ථාවට පැමිණි විට බුද්ධිය,මතක ශක්තිය,ප්‍රීතිය,සැපය,යන මේවා සමඟ කෑමබිම පිළිබඳ ආශාව මෙන්ම කියුම් ගැයුම් පිළිබඳ ශක්තියද වැඩිදියුණු වේ.
ද්විතිය මදය
මධ්‍ය ප්‍රමාණයෙන් මත්වූ පුද්ගලයා අව්‍යක්ත නුවණ ඇත්තේය.සිය ප්‍රකෘතියට අනුගත නොවූ ක්‍රියාද ඇත්තේය.නොසන්සුන් වෙයි.නිදිමතින් පසුවේ.
තෘතීය මදය
මත්බවේ තුන්වන අවස්ථාවට පැමිණි විට පිස්සෙකු හා සමාන වේ.ඔහු විසින් නොකළයුතු දේ කරමින් කාමයේ වරදවා හැසිරීමට පෙළබේ.ගුරුන්ට හා දෙමාපියන්ට ගෞරව නොකරයි.සගවා සිටින රහස්ද කියැවේ.
චතුර්ථ මදය
මද්‍යයේ සතරවැනි අවස්ථාවට පැමිණි විට මත්වූ පුද්ගලයා බිඳුණු ලීයක් හා සමාන වේ.කලයුතු දේ නොකළයුතු දේ තේරුම්ගත නොහැකි වේ.මළකඳකටත් අන්‍ය වූ මළකඳකි.බුදධිමතුන් විසින් මෙවැනි වූ කලයුතු දේ නොකළයුතු දේ නොදන්නාවූ,බොහෝ උවදුරු ඇත්තාවූ මත්බවට නොපිවිසේ.
මෙකි කරණු අනුව ඔබත් මත්පැන් පානය කරන්නෙක් නම් හෝ ඔබ දන්නා අයකු මත්පැන් පානය කරන්නෙක් නම් ඔහු/ඇය සිටිනා තත්වය වටහා දෙන්නට උත්සුක වන්න.
මිනිසා විසින් අහාරයකින් තොරව(හිස්බඩ) හෝ කටගැස්මකින් තොරව නිතර භාවිතා කරන්නාවූ මත්පැන ඒකාන්තයෙන්ම අතිශයින් දරුණු වූ රෝගයන් ඇතිකරයි.එපමණක්ද නොව ඉක්මන් මරණයද ඇති කරන්නේය

Last edited: