සනීපාරක්ෂක තුවා වෙනුවට භාවිතා කල දේවල්

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සනීපාරක්ෂක තුවා වෙනුවට භාවිතා කල දේවල්

    කාන්තාවන් සනීපාරක්ෂක තුවා වෙනුවට භාවිතා කල දේවල්


    නිතරම වගේ දහසක් වැඩ රාජකාරි වල නිරත වන කාන්තාවන්ට මානසික සහ කායික සුවතාවය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා ඔවුන්ට සනීපාරක්ෂක තුවා මඟින් ඉටු වන්නේ අපමණ මෙහෙයක්. අද කාලේ නිතරම ඒ ගැන වෙළඳ දැන්වීම් ගොඩක් යනවා ඔවුන් පැකිලීමකින් තොරව සතුටින් මල් වතු මැදින් දුවන නැත්තම් වේදිකාවේ නටන, වැස්සේ තෙමෙන වගේ අවස්තාවන් ගැන. හැබැයි තාමත් ලංකාවේ සමහර ගැමි පළාත් වල මේ සනීපාරක්ෂක තුවා පාවිච්චිය එතරම් ප්‍රචලිත නැහැලු. (ප.ලි. මට පස්සේ මතක් වුනේ කතාවක් තියෙනවා එක ගමක ට්‍රිප් එකක් යද්දී ගෑනු කෙනෙක් කඩේකින් සනීපාරක්ෂක තුවායක් ඉල්ලුවහම මුදලාලි ඒවානම් නෑ පාන් භාගයක් දෙන්නද කියල අහපු) කෙසේ නමුත් මෙම තුවා 1888 අවුරුද්දේ තමයි නිපදවල තියෙන්නේ. ඉතින් ඊට කලින් කාන්තාවන්ට ඒ වෙනුවට නොයෙකුත් දේවල් භාවිතා කරන්න වෙලා තියෙනවා.

    10 - රෙදි කැබලි

    paper-towels-or-rags-2.jpg


    ඉතින් ගොඩ දෙනෙක්ට සනීපාරක්ෂක තුවායක් නැත්තම් මොකද කරන්නේ කියල හිතුවොත් රෙදි කැබැල්ලක් තමයි කෙලින්ම ඔලුවට එන්නේ. වාර්තා වන විදිහට අඩුම තරමේ 10 වන ශත වර්ෂයේ ඉඳලවත් කාන්තාවන් ලෙ ගමනය නවත්වන්න රෙදි කැබලි පාවිච්චි කරලා තියෙනවා. රෙදි කැබැල්ලක් දිගු කාලයක් තබා ගන්නත් පුළුවන් නිසා ඔවුන් එය නැවත නැවත සෝදමින් පාවිච්චි කලාලු. මෙම ක්‍රමය 19 වන ශතවර්ෂය දක්වාම පාවිච්චි වුනා කියලයි කියන්නේ. නමුත් සනීපාරක්ෂක තුවා ගැන ඇති නොදැනුවත් භාවය රටේ ආර්ථික තත්ත්ව තත්ත්වය වැනි කරුණු මත අදටත් මෙම ක්‍රමය පාවිච්චි කරන අය ඉන්න පුළුවන්.

    9 - පැපිරස්

    lite-papyrus.jpg


    අතීත ඊජිප්තුවේ කාන්තාවන් මෘදු කරන ලද පැපිරස් සනීපාරක්ෂක තුවා විදිහට පාවිච්චි කරලා තියෙනවා කියලා අනුමාන කරනවා. ඊජිප්තුවේ ස්භාවිකව වැවෙන පැපිරස් ඔවුන් නොයෙක් දේවල් වලට භාවිත කරලා තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන්ම භාවිතා කරලා තියෙන්නේ භාවිතා කරලා තියෙන්නේ ලිවීමටයි. මේ පැපිරස් පත්‍ර මෘදු කරන්න කාන්තාවන් වතුරෙන් සේදීමට ලක් කරලා තියෙනවා. එමඟින් ඇති වෙන ස්භාවික ඇලෙන සුළු ස්භාවය නිසා පැපිරස් පත්‍ර කිහිපයක්ම එකට අලවා තබා ගැනීමටද හැකියාව ලැබෙනවලු. මෘදු බව නම්‍යශීලි බව සහ ලබා ගැනීමට ඇති පහසුව නිසා මෙය ඉතාමත් හොඳ සනීපාරක්ෂක තුවායක් වෙන්න පුළුවන් කම තිබුනලු. නමුත් මෙහෙම හරියටම පාවිච්චි කලාද කියලා තහවුරු කර ගන්න සාක්ෂි නම් නෑ. මොකද ඔවුන් බොහෝ ලේඛන කටයුතු පැපිරස් පත්‍ර වලම කරපු නිසා ඒවා අතීතයත් එක්කම වැළලිලා ගිහින් ඇති.

    8 - වූල්

    wool.jpg


    අතීත ග්‍රීකයේ වූල් සනීපාරක්ෂක තුවා විදිහට පාවිච්චි කරලා තියෙනවලු. සාමාන්‍යයෙන් අතීතයේ කරපු මෙවැනි දේවල් ගැන අපිට කරන්න පුළුවන් අනුමාන කිරීම විතරක් වුනත් මේ පිළිබඳවනම් පොඩි සාක්ෂියක් තියෙනවා. වූල් සනීපාරක්ෂක තුවා වෙදකමක් විදිහට හිපොක්‍රටිස් විසින් ලියලා තියෙනවලු. ඒ වගේම වූල් කියන්නේ ග්‍රීකය සතුව තිබු සම්පතක් වගේම එය සනීපාරක්ෂක තුවායක් විදිහට පාවිච්චි කිරීම තර්කානුකුල දෙයක්.

    7 - දේවදාර පොතු

    4-12.jpg


    මේකනම් ඇහෙද්දීම ටිකක් වේදනා සහගතයි. නමුත් ඇමරිකන් ස්වදේශික කාන්තාවන් මේ දේවදාර පොතු සනීපාරක්ෂක තුවා විදිහට මෙන්ම පොඩි ළමයින්ට ඩයපර් විදිහටත් පාවිච්චි කරලා තියෙනවලු. පොත්තක් කියපු ගමන් පිට මතක් වෙන එක දෙයක් තමයි එහි ඇති රළු ස්භාවය. ඉතින් මේ දේවදාර පොතු වලත් e රළු ස්භාවය තිබුනත් වෙනත් විශේෂ ගුණාංග කිහිපයකුත් තියෙනවා. එහි ඇති බර අඩු බව සහ හීනි ස්භාවය ඉන් ප්‍රධානයි. තවත් ප්‍රධානම වශයෙන් එය උරාගන්නා සුළුයිලු. ඉතින් ටිකක් සුවපහසු බව අඩු උනත් උවමනා වැඩේ කරගන්න ඔවුන් තාමත් වෙලා තියෙනවා.

    6 - මී හරක් හම

    hideonclothesline.jpg


    ඇමෙරිකාවේ උතුරු ඩකොටා වල අරිකරා ගෝත්‍රික කාන්තාවන් මි හරක් සම සනීපාරක්ෂක තුවා විදිහට පාවිච්චි කරලා තියෙනවලු. ස්වදේශික ඇමරිකානුවන්ට මීහරකා කියන සත්ත්වයා කිහිප ආකාරයකින්ම ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. මස් ආහාර සඳහාත් සමහර අස්ථි කොටස් පිහි ආයුධ සඳහාත් සමහර අස්ථි කොටස් රත් කිරීමෙන් මැලියමුත් තව අං කෝප්ප සහ නොයෙකුත් ඩේ ගබඩා කිරීමටත් නහර දුනු දිය සහ ඇඳුම් මැසිමට නුල් වශයෙනුත් ඔවුන් පාවිච්චි කලාලු. ඇඳුම් මහන්න රෙදි වශයෙන් මි හරක් සම පාවිච්චි කරලා තියෙනවා. තව බෑග් එහෙමත් හදාගන්නවලු. ඉතින් මේ මීහරක් හම පදම් කරන්න මුලින් යම් වැඩ කොටසක් කරන්න වෙනවා. කවදා හරි කැලේක අතරමන් වුනොත් මේ දේවල් ප්‍රයෝජනවත් වෙයි. මුලින් මි හරකගෙන් හම ගැලෙව්වට පස්සේ වතුරේ හෝදලා දිග හරිමින් රෝම ඉවත් කිරීමට හොඳින් සුද්ද කරනවා. ඊට පස්සේ එය වේලීමට හොඳින් දුම් ගසනවා. එහෙම කරන්නේ ගිනි ගොඩට උඩින් එල්ලලා ගිනි සහ රස්නය මගින් හොඳින් වේලෙන්නටත් දුම මගින් හම තවත් වැඩි දියුණු වෙන්නටත්ලු. මෙම ක්‍රියාවලිය අවසානයේ හොඳින් නැමෙන සුළු මෘදු හමක් ඔබට සනීපාරක්ෂක තුවායක් විදිහට පාවිච්චි කිරීමට ලැබෙනවා වගේම දේවදාර ගහේ පොතු එක්ක සසඳද්දී ගොඩක් සුව පහසුයි කියල කියනවා.

    5 - මුහුදු හතු

    Sea-Sponge.jpg


    අතීතයේ වෙරල බඩ ප්‍රදේශ වල් ජිවත් වුනු කාන්තාවන් මුහුදු හතු තමන්ගේ සනීපාරක්ෂක තුවාය විදිහට පාවිච්චි කරලා තියෙනවා. නමුත් කෙලින්ම මුහුදෙන් ගත්ත දෙයක් ඒ විදිහට භාවිතා කිරීම තුල ඇති ආරක්ෂාකාරී බවනම් ගැටළු සහගතයි. මේ අවුරුදු දහස් ගණනකට පමණ පෙර භාවිතා කල ක්‍රමයක් නිසා මේ ගැන වැඩි විස්තර හොයා ගන්න එක ගොඩක් අමාරුයිලු. ඒ නිසා ඒවායේ ඇති අනතුරු සහගත ස්භාවය සහ පාවිච්චි කිරීමට පෙර යම් ක්‍රමයකට සකසා ගත්තද කියන කරුණ හොයා ගන්න අමාරුයි. නමුත් පසුව කරන ලද පරීක්ෂණ වලින් එලි වෙලා තියෙනවා බැක්ටීරියා ඊස්ට් සහ අනෙක් අනතුරුදායක ඩේ මත මෙම ක්‍රමය සෞක්‍යදායක නෑ කියලා. ඒත් තාමත් සමහර ආයතන මේ මුහුදු හතු සනීපාරක්ෂක තුවා විදිහට විකිණීම සිදු කරනවලු. ඔවුන් ඉතින් විශේෂ පිරිසිදු කිරීම් සහ විෂබීජ නැසීම් කරනවා ඇති. නමුත් අතිතයේනම් එතරම් දියුණු ක්‍රම නොතිබුණු නිසා සමහර විට පාවිච්චියට පෙර උණු වතුරේ රත් කිරීමටකට ලක් කරන්න ඇති. නමුත් නව පරීක්ෂණ වලට අනුව එය ප්‍රමාණවත් නොවන නිසා ඒ නිසා බැරි වෙලාවකවත් දුපතක වගේ අතරමන් වුනොත් දැක්ක ගමන් අරන් පාවිච්චි කරන්න එපා.

    4 - තණකොළ

    field-1853614__340.jpg


    අප්‍රිකාවේ සහ ඇමරිකාවේ සිටි කාන්තාවන් තණකොළ සහ එළවලු තන්තු මගින් නිපදවා ගත පෑඩ් සනීපාරක්ෂක තුවා විදිහට පාවිච්චි කරලා තියෙනවා. නමුත් මෙම ක්‍රමය එතරම් සුව පහසුනම් නැහැලු. මොකද සමහර තණකොළ පාවිච්චි කිරීමට සුදු තරම් මෘදු වුනත් වැඩිහරියක් තණකොළ කසන සුළු රළු වියලි සහ වේදනා සහගතයි. ඉතින් තණකොළ මේ විදිහට පාවිච්චි කරන්න හොඳ දෙයක් නෙවෙයි. හැබැයි තාමත් අප්‍රිකාවේ කාන්තාවන් අතර සනීපාරක්ෂක තුවා භාවිතය එතරම්ම ප්‍රචලිතනම් නෑ.

    3 - කඩදාසි

    8-12.jpg


    අතීත ජපානයේ කාන්තාවන් කඩදාසි රෝලක් අදාළ ප්‍රදේශයේ තබා කමා කියලා ( කාම සුත්‍රයට අදාළ නොවේ ) වෙළුම් පටියකින් ඔතල තියෙනවලු. නමුත් මේවා දවසට දහ පාරක් විතර මාරු කරන්න වුනාලු. ඔවුන් වශී ලෙස හැඳින් වූ හොඳම තත්ත්වයේ කඩදාසි ක්‍රි.ව 800 පමණ වන විට ඉතා වේගයෙන් නිපදීම සිදු වෙලා තියෙනවා. ඒවා හැදු ආකාරය සහ එයට ලබා ගත් ශාක වල ඇති විශේෂතා මත මෙම කඩදාසි හොඳින් කල්පවතින සැහැල්ලු උරාගන්නා හැකියාවක් ඇති ශක්තිමත් කඩදාසි වෙලා තියෙනවා. නමුත් එහෙම වෙලත් දවසකට දහ පාරක් විතර මාරු කරන්න වෙච්ච නිසා අද කාලේ කඩදාසි නම් හදිසියකට පාවිච්චි කරන්න එතරම් සුදුසු වෙන එකක් නෑ.

    2 - හා ලොම් හම

    9-14.jpg


    ඉස්සර කාන්තාවන් හාවන්ගේ ලෝම සහිත සමත් සනීපාරක්ෂක තුවායක් විදිහට භාවිතා වුනා කියල සඳහන් වෙනවා. නමුත් ඇති සාක්ෂි ප්‍රමාණය ඉතාමත් සීමිත නිසා ඒක හරියටම තහවුරු කර ගන්න ලැබිල නෑ. නමුත් ස්වදේශික ඇමරිකානුවන් සහ අප්‍රිකානු ගෝත්‍ර නොයෙක් දේවල් වලට සතුන්ගේ සම් භාවිතා කල නිසා මෙය සිදු වූ දෙයක් වීමට හොඳ හැකියාවක් තියෙනවා. එලසම හා හමේ ඇති මෘදු බව සහ නම්‍ය ශීලි බව නිසත් තමන්ගේ මාසික ලේ ගලන එක පාලනය කරන්න ඒවා පාවිච්චි කලානම් ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.

    1 - මුකුත් නෑ... (මොකක්)

    10-14.jpg


    19 වන සියවසේ යුරෝපිය කාන්තාවන් ඒ ස්භාවික විදිහට සිද්ධ වෙන දේට එහෙම වෙන්න ඇරලා නිදහසේ ගලාගෙන යන්න ඉඩ දුන්නලු. ඒ ඉතින් ගොඩක් දුරට පාවිච්චි කරන්න දෙයක් නොතිබුණු නිසාත්.. නැත්තම් තිබුනත් මිලට ගැනීමට හැකියාවක් නැති වීම නිසාත් නැත්තම් ගෙදර තිබෙන රෙදි ඉරා පාවිච්චි කිරීම එකල වියදම් අධික වීම නිසාත් වෙන්න පුළුවන්. මොකද දුප්පත් කාන්තාවන් තමයි මේ අයුරින් ගොඩක් ඉඳලා තියෙන්නේ. හැබැයි ඉතින් 19 වන ශත වර්ෂයේ යුරෝපිය කාන්තාවන් පමණක් නෙවෙයි ඊටත් අතීතයේ ඉඳලම මේ විදිහට කිසිම දෙයක් භාවිතා නොකරපු අය ඉඳලා තියෙනවා වගේම අදත් ඉන්නවලු. සමහර අයට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට හැකියාව දැනුම තිබුනත් භාවිතා නොකරන බව සඳහන් වෙනවා.

    source - Listverse
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    [

    1 - මුකුත් නෑ... (මොකක්)

    10-14.jpg


    19 වන සියවසේ යුරෝපිය කාන්තාවන් ඒ ස්භාවික විදිහට සිද්ධ වෙන දේට එහෙම වෙන්න ඇරලා නිදහසේ ගලාගෙන යන්න ඉඩ දුන්නලු. ඒ ඉතින් ගොඩක් දුරට පාවිච්චි කරන්න දෙයක් නොතිබුණු නිසාත්.. නැත්තම් තිබුනත් මිලට ගැනීමට හැකියාවක් නැති වීම නිසාත් නැත්තම් ගෙදර තිබෙන රෙදි ඉරා පාවිච්චි කිරීම එකල වියදම් අධික වීම නිසාත් වෙන්න පුළුවන්. මොකද දුප්පත් කාන්තාවන් තමයි මේ අයුරින් ගොඩක් ඉඳලා තියෙන්නේ. හැබැයි ඉතින් 19 වන ශත වර්ෂයේ යුරෝපිය කාන්තාවන් පමණක් නෙවෙයි ඊටත් අතීතයේ ඉඳලම මේ විදිහට කිසිම දෙයක් භාවිතා නොකරපු අය ඉඳලා තියෙනවා වගේම අදත් ඉන්නවලු. සමහර අයට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට හැකියාව දැනුම තිබුනත් භාවිතා නොකරන බව සඳහන් වෙනවා.
    [/SIZE][/B]​

    source - Listverse

    :baffled::baffled:
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    Issara lankawe owwa hadunwala dunna kaale, kumburu wada karana gaanu owwa use karalu, kumburata ambula aran yanakota oluwa uda thiyaganda. Mokada ewwa nomilelu dunne, product eka promote karanda.

    ara wadeta wada mehema oluwe thiyagena yanna meka maru kiyala a gaanu kattiyata therunalu, a gollange wada katayuthuth ekka.

    Aththa boru danne na, marketing igena ganna kaale example case ekak widiyata ohoma ekak awa
     
    Last edited: