ලංකාවේ උපාධි කඩ සහ UGC හිල

Apr 26, 2017
871
103
0
Earth
ලංකාවේ උපාධි කඩ සහ UGC හිල

මේ පෝස්ට් එක CINEC, NSBM, SLIIT වගේ අපි දන්න කියන පිළිගැනීමක් තියන ඒවට අදාළ නැ සෝ කට්ටය සරම උස්සන් එන්න එපා ඕං :P

ඔයාල වැල්ලවත්තෙ ඉඳල කොල්ලුපිටිය වෙනකන් පාර දෙපැත්තෙ ගොඩනැගිලි වල උඩ තට්ටු දිහා එහෙම බල බල ගියොත් උපාධි දෙන පුද්ගලික ආයතන විශාල සංඛ්‍යාවක් හොයාගන්න පුළුවන්.

වර්ග අඩි 300ක් වත් ඉඩ නෑ මේවයෙ. ළමයිත් වැඩිය නෑ. සමහර ඒවට වෙබ් අඩවියක් වත් නෑ.

මට අදාළ ආයතන වල නම් මෙතන කියන්න බෑ. ඒත් දන්න අය දන්නව කියල හිතනව. ෂුවර් නැත්නම් බස් එකේ යනකොටවත් ටිකක් උඩ බලාගෙන යන්න. බලන් ගිහින් පේන නම් ටික ගූගල් කරලවත් බලන්න.

මේ ආයතන වල හොර උපාධි නැහැ එච්චරම(Diploma Mill වලින් ගන්න පුළුවන් ඒවා) අදාළ පිටරට විශ්ව විද්‍යාල UGC එකෙන් පිළිගත්තුව. (UGC එක පීළිගන්න විදේශ විශ්ව විද්‍යාල 18,000 වගේ තියෙනව). මේ අය උපාධි දෙන්නෙවල ඒ අතුරින් ඉන්දියන්, පිලීපීන් වගේ ම UK වල තියන හොර College වල ඒවත්.

මේවයෙ ඉන්න ආචාර්ය වරුන්ටත් තියෙන්නෙ ඔය වගේ ම Qualifications. එහෙම නැත්නම් අලවගත්ත Dr Title.

අපි කවුරුත් දන්න කියන එළකිරියෙ දි ම පුක්ෂණය වෙච්ච සමීර ද සිල්ව කොල්ලත් මේ PhD කඩේක උගන්නනවා... මතකනේ Dr Sameera ge xAurora Browser එක :rofl: PhD in Nuclear Warhead Command Control :baffled:

Untitled.png

ඉස්සර නම් මේවයෙ දුන්නෙ Bachelors degrees විතරයි. දැන් PhD ත් දෙනව මාර ජනප්‍රිය යි. බිස්නස් අයි ටී PhD තමා දැනට යන්නෙ හැබැයි මාකට් එක හැදුනාම ඉස්සරහට Engineering, Law වගේ PhD ත් එනව.

මේ අය ට මේ විදියට උපාධි දෙන්න පුලුවන් ඇයි? පිටරට නමගිය විශ්ව විද්‍යාල එකක්වත් මේ වගේ partner institute ලව්ව උපාධී දෙන්නෙ නෑ..(Edith Cowan Aussie 31st, Sheffield Hallam 89th UK... ලංකාවෙ නමගිය Private institute උනත් degree දෙන්නෙ මේ වගේ අය එක්ක). නමගිය විශ්ව විද්‍යාල මේ වගේ corrupt රටවල් වල උපාධි දීල උන්ගෙ නම කැතකරගන්නෙ නෑ. උන කරන්නෙ පිටරට වල් වල තමන්ගෙ ශාඛා දාන එක (carnegie mellon university in qatar, Monash in Malaysia)

---------------------------------------------------------------------------------------------------------------------------------

මොක්කද මේ UGC හිල?

ඔයාල UGC web site එකට ගිහින් බැලුවොත් පෙනෙයි එයාල පිටරට යුනිවසිටි පිළිගන්නෙ එක ක්‍රමයකට.. අදාළ යුනිවසිටිය පිළිගන්න නම්

1. Commonwealth Universities Yearbook
(Published by Association of Commonwealth Universities)
2. International Handbook of Universities
(Published by International Association of Universities)

කියන පොත් දෙකෙන් එකක නම තියෙන්න ඕන. ඒකත් එක්තරා ආකාරයක විහිළුවක් මොකද IAU එකේ තියන ඕනම එකක් අනික් එකේ අනිවාර්යයෙන්ම තියනව(හේතුව වැටහෙයි කියවන් යනකොට)

අපි Commonwealth පොත අකාරිමු මොකද ඒකෙ තියෙන්නෙ බ්‍රිතාන්‍යය කිරීටය යටතේ තිබ්බ රටවල් සුළු ගානක විශ්ව විද්‍යාල විතරයි.

අපි බලමු විශ්ව විද්‍යාල 18000+ තියන IAU පොත. ඒක ප්‍රින්ට් වර්ෂන් ගන්නවනම් පොත රුපියල් ලක්ෂයක් වෙනව :baffled: නෙට් එකේ PDF හොයන්න එපා. නෑ.
ඕකට විශ්ව විද්‍යාල වල නම් ඇතුළත් කරන විදිය දන්නවද? IAU එකෙන් ලෝකෙ හැම රටකම උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධ බලය තියන ආයතන වලින් (ලංකාවෙ UGC එක වගේ) ඒ රටේ ආණ්ඩුව පිළිගත් විශ්ව විද්‍යාල වල ලැයිස්තුවක් ගන්නවා. ඊට පස්සෙ අදාළ විශ්ව විද්‍යාල වල වෙබ් අඩවි වලින් විස්තර හොයල පොතේ දානව :baffled: (ෂුවර් නැත්නම් IAU / WHED site එකේ බලන්න). එගොල්ල අදාළ උපාධි වල ප්‍රමිතිය, වලංගු භාවය.. ආචාර්යවරුන්ගේ මට්ටම ඔය මුකුත් හොයන්නෙ නෑ)

ඔයාල දන්නව ඇති පිලීපීනය කියන්නෙ අන්ත දූෂීත රටක්. එයාලගෙ UGC එක වගේ එකේ ලොක්කා පහුගිය වසරක අස් කළා.. හේතුව? මිනිහා සල්ලි වලට උපාධි සහතික දෙන Degree Mill එකක් රන් කරල.(මීඩියා කාරයො තමා එළි කලේ) (නිව්ස් එක නෙට් එකෙන් හොයාගන්න). ඕකෙන් ම තේරෙනව නේද දූෂිත රටවල අධ්‍යාපන අායතන වල පිළිගැනීමේ ප්‍රමිතිකරණයේ කෙරුවාව. එහෙම අය පිළිගත්තු ආයතන වල නම් ලැයිස්තු අරන් තමා එයාල පොත හද්නනෙ. :baffled:

අනිත් එක අවශ්‍ය වෙන්නෙ අර විශ්ව විද්‍යාලයය පොතේ තියන එක විතරයි.. ඒවයෙ අවුරුද්දෙ Bachelors දුන්නත් BSc in coconut scraping කියල උපාධි දුන්නත් ඒවා ලංකාවේ නීතියෙන්ම වලංගුයි (UGC පනත අනුව)

දැන් ලංකාවෙ උපාධි කඩකාරයො කරන්නෙ UGC එකට ලියුම් ලියනව අපි දෙන උපාධිය ඔයාල පිළිගන්නව කියල. ආණ්ඩුවෙන් ලියුම එනව ඔයාලගෙ උපාධිය දෙන විශ්ව විද්‍යාලයය අර පොතේ තියනව ඒ නිසා පිළිගන්නව කියල. ඒ පිළිතුරු ලියුම

මුන් රාමු කරල එල්ලනව. වෙබ් සයිට් එකේ දානව UGC Approved, UGC Accredited(UGC එකෙන් කරන Accreditation එකකුත් නෑ) කියල. ළමයි පිළිගන්නව ඉතින්.

SLMC/GMOA එකට ඔයාල කොච්චර බැන්නත් එයාල ඕවට වැට බැඳල තියෙන්නෙ.. UGC approved පළියට ඔය 18,000 වන විශ්ව විද්‍යාල අතුරින් ඕන එකකට ගිහින් MBBS/MD දාල එන්න බෑ පශ්චාත් උපාධි ගන්නත් බෑ... UGC මෙතඩ් එක ඔච්චර ෂුවර් නම් වෛද්‍ය සභාවෙ අයට තමන් පිළිගන්න ලිස්ටි එකක් වෙනම හදාගන්න ඕන නෑනෙ?

ඉතින් මේකට මොකක්ද කරන්න පුළුවන්? අහවල් පොතේ තිබ්බ පළියට valid කියන එක නවත්තන්න ඕන.
ලෝකෙ පිළිගත්ත Accreditation agency වලින් accreditation කරපු ඒවා විතරක් පිළිගන්න ඕන.
කවුරුහරි ආයතනයක් ඔය වන්නි කැලේ අප්‍රිකාවෙ තියන එකකින් උපාධි දෙන්න අවසර ඉල්ලුවොත් UGC කට්ටිය (විශ්වවිද්‍යාල ආචාර්ය වරු 2ක 3ක් එක්ක) අදාළ වි.වි ට ගිහිල්ල විමර්ශනය කරල හොයල බලල අවසර දෙන්න ඕන (අදාල වියදම් ආයතනය දැරිය යුතුය)

බාල උපාධි ඕන කරම් තියන ඉන්දියාවෙත් පිටරට උපාධි පිළිගන්නෙ නෑ ලේසියෙන් (https://ravilochansingh.com/2015/09...ees-can-be-injurious-to-your-career-in-india/)

(මේ දවස්වල පොඩ්ඩක් ෆ්‍රී එකයි මේ :rolleyes:)
IAU පොත ගන්න සල්ලි නැති අයට මෙන්න ඒකෙ index එක https://ufile.io/pqp9x
 
Last edited:
  • Like
Reactions: kolavari

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    The Times Higher Education World University Rankings 2016-2017 :)

    University of Colombo

    Ranking :- 801

    https://www.timeshighereducation.co...gth/-1/sort_by/rank/sort_order/asc/cols/stats

    වර්ල්ඩ් රෑන්ක් වලින් බලන්න බැ බන් හොද නරක ලංකාවේ සමහර යුනිවර්සිටි තියෙනවා හොන්ඩා බයික් එන්ජිම දාලා ෆෝමියුලා කාර් නව නිපැයුම් විදිහට හදපු :yes:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    වර්ල්ඩ් රෑන්ක් වලින් බලන්න බැ බන් හොද නරක ලංකාවේ සමහර යුනිවර්සිටි තියෙනවා හොන්ඩා බයික් එන්ජිම දාලා ෆෝමියුලා කාර් නව නිපැයුම් විදිහට හදපු :yes:

    මේ ඒවට ඇරගන්න ඕන නම් බුරි ත්‍රෙඩ් එකේ ඇරගන්න හා ද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ ඒවට ඇරගන්න ඕන නම් බුරි ත්‍රෙඩ් එකේ ඇරගන්න හා ද?

    කියලා තියෙන ඒවා නම් 100% ඇත්ත ඒවගේම තමයි ආණ්ඩුවේ කියලා ප්‍රමිතියකුත් නැ rmb එකේ වාහන ලයිෂන් ට්‍රැල් එකේදී ලංගම ප්‍රයිවට් කියලා නැ ට්‍රැල් එක පාස් කරන්න සල්ලි ගන්නවා, හැම දේම ඒවගේ ඒවගේ තමයි, ප්‍රයිවට් ආණ්ඩුවේ කියලා වෙනසක් නැ ලංකාවේ අද්‍යපනය සහා අද්යාපන ආයතන වල ප්‍රමිතියක් කිසි දෙයක් නැ, සමහරු හිතන් ඉන්නවා ආණ්ඩුවේ ඒවාට වැඩිය ප්‍රයිවට් ඒවා ගුණාත්මක බැවින් වැඩි කියලා තව සමහරු හිතන් ඉන්නවා ප්‍රයිවට් ඒවාට වැඩිය ආණ්ඩුවේ ඒවා ගුණාත්මක බැවින් වැඩි කියලා කොහොම උනත් ඔය කිසිම එකකින් රටක් දියුණු වෙන්න තරම් ප්‍රමිතියක් නැ, නමුත් ඕවගෙන් සහතික ගන්න ය නම් මොන මොනවා හරි කරලා ආදායමක් හදා ගනීවි, ලංකාවේ තැන සහතික වලට මිසක් වැඩේ පුලුවන්ද කියලත් නෙමේ :dull:
     
    Eeka nam aththa ithin. :baffled:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    ඒකියන්නෙ අපි වගේ අනාත සිහලුන්ටත් PHD එකක් ගන්න පුලුවන් වෙයිද??:D PHD එකක ප්‍රයිස් කොහොමද බ්‍රෝ :D
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඒකියන්නෙ අපි වගේ අනාත සිහලුන්ටත් PHD එකක් ගන්න පුලුවන් වෙයිද??:D PHD එකක ප්‍රයිස් කොහොමද බ්‍රෝ :D

    PhD නම් ගාණ සැරයි බ්‍රෝ... දන්න විදියට නම් 18,000 USD ඕන. :baffled:
    ආණ්ඩුවෙ කරන්න නම් කොළඹ මං හිතන්නෙ රුපියල් වලින් ලක්ෂ 3යි යන්නෙ... යුරෝප් ඇමරිකා ඔසී වගේ ගියින් ආචාර්ය උපාධි කරන එක තමා හොඳම... එහෙම බැරි නම් ආණ්ඩුවෙ කැම්පස්...
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපි කවුරුත් දන්න කියන එළකිරියෙ දි ම පුක්ෂණය වෙච්ච සමීර ද සිල්ව කොල්ලත්

    :dull:

    kauda ban me "Sameera De Alwis" kiyanne?
    mage linked in profile eketh innawa :shocked:

    Sameera De Alwis PhD DBA,EnCE,CEH,CHFI,GCIH,IAM,IEM,GCFE,GREM
    Lead Advisor, Lead Computer/Cyber/Net Forensics Investigator [High-Tech Crime Investigation Unit]

    https://www.linkedin.com/in/sameera-de-alwis-phd-dba-ence-ceh-chfi-gcih-iam-iem-gcfe-grem-5887349/

    mata porage pattam tika dakkama sihi nathi wenna giya :sorry::sorry::sorry:
     
    මූ මචං මානසික ඩයල් එකක්. 2009 හරි 2008 හරි මූ ලෝකෙට වෙබ් බ්‍රව්සර් එකක් හඳුන්වා දුන්නා. මූ කිව්වෙ තනිකර ඒක Assembly language එකෙන් ලිව්ව කියල.
    ලංකාවෙ උනුත් උඩදාගෙන ගිය සිය රට දේ සිරි සැප දේ කියල
    බැලින්නම් මූ කරල තියෙන්නෙ වැඩිය ප්‍රසිද්ධ නැති Maxthon browser එක අරන් ඒක edit කරල string replace එකක් කරල නම විතරක් වෙනස් කරල
    මූ පජාත වුණා ඇප නැති වෙන්නම.. ලංකාව අන්තර්ජාතිකව පජාත වුණා.. මොකෝ Maxthon කරන උන්ටත් සිද්ධිය ආරන්චි වෙලා.

    මූ පස්සෙ අතුරුදහන් වෙලා හිටිය.. පස්සෙ මෑතකදි Winsys එකෙයි ESOFT එකෙයි ඉගැන්නුව.

    මුගේ ෆුල් සීවී එක බලපන්.. උඹේ පණ යයි.

    https://about.me/dr.sameera.de.alwis
     
    appata siri ehema seen ekak da :shocked:

    pissu hadenawa pora dala thiyana ewata.

    ee kiyanne me porata thiyanawa kiyana ewa aththata ma nadda? :oo:

    https://xaurora.wordpress.com/

    top post eka Elakiri eka gana. :rofl:

    matath nikan click una porage basha hasurana wilashayen mokak hari wenasak. mokada okkoma ewa "thaniyama" karala thiyenne. :dull:
    pora kiyana dewal porage profile ekata galapenne na wage man dakka. :dull:
     
    ඕක නෙට්වර්කින් ගැන නම් මොනාහරි දන්නව... මහරාජා එක‍ෙ නෙට්වර්ක් සයිඩ් එකේ වැඩ කළේ...
    Nuclear warhead command control PhD :rofl: අනේ උකේ