අඩු මුදලින් නිවසේ සිට පිළිගත් ඇමරිකානු උ&#3508

Apr 26, 2017
871
103
0
Earth
අඩු මුදලින් නිවසේ සිට පිළිගත් ඇමරිකානු උ&#3508

මේකත් ඉස්සර මං හොයපු දෙයක් අන්තර්ජාලයෙන් ගත්තු එකක් නෙවේ. කරුණු කාරණා හැබැයි ඉස්සර ට වඩා වෙනස් වෙලා (ඉස්සර මට මතක හැටියට වියදමක් යන්නේ ම නෑ)

මේ විශ්වවිද්‍යාලයයේ නම University of the People (ජනතාවගේ විශ්ව විද්‍යාලයය). පිහිටලා තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ හැබැයි මේකෙ උපාධි අධ්‍යයනය කරන්න පුළුවන් Online ක්‍රමයට විතරයි.

දැන් ඔයාල හිතයි ඕන තරම් ඉන්ටර්නෙට් එකේ Online Colleges තියෙනවා හොර උපාධි දෙන මේකත් ඒ වගේ ද කියල.

ඇත්තෙන්ම නැහැ. මේ විශ්ව විද්‍යාලයය ඇමරිකානු රජයෙන් වගේම පහත සඳහන් ආයතන වලින් පිළිගත්ත වගේම ප්‍රමිතිකරණය(accredited) වූ එකක්

United States Department of Education
Council for Higher Education Accreditation
Distance Education Accrediting Commission
California Bureau for Private Postsecondary Education

ඒ වගේ ම මේක 100% ලංකාවෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන සභාවෙන්(UGC) පිළිගත් එකක්. අනිවාර්යයයෙන් ම UGC එකෙන් අහලත් බලන්න.

ඒ වගේම මේකෙ පාලන අධිකාරියෙ ඉතා ම පිළිගත් මහාචාර්යවරු ආචාර්යවරු ඉන්නවා.
UC Berkeley Chancellor Nicholas Dirks
Oxford Vice-Chancellor Sir Colin Lucas +++

ඒ වගේම UC Berkeley, Yale කියන ලෝකෙ අංක එකේ සුපිරි විශ්ව විද්‍යාල වගේ ම Microsoft ආයතනයත් මේ අය එක්ක එකතුයි උපාධි වැඩ සඳහා.

ලංකාවෙ කෙනෙකුට පරිගණක විද්‍යාව සම්බන්ධ ලෝකයේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයයක් වන UC Berkeley යන එක නම් හීනයක් (BSD Unix, SPICE , TCL, GIMP වගේම UNIX වලටත් පාදක වුණේ මෙහේ කරපු පර්යේෂණ)
ඔයා සාර්ථක විදියට UoP එකේ අවුරුදු 2 Associate Degree එක ඉවර කළොත් Bachelors Degree එක කරන්න UC Berkeley යන්න පුළුවන් :love:

අප්‍රිකාවෙ අය ට නම් Mircosoft එකෙන් Internships දෙනව

බටර් ගෑව ඇති දැන් වැඩේ ට බහිමු. පහත සඳහන් උපාධි පාඨමාලා හදාරන්න පුළුවන්

Undergraduate
Bachelor of Science Degree (B.S.) in Business Administration
Associate of Science Degree (A.S.) in Business Administration
Bachelor of Science Degree (B.S.) in Computer Science
Associate of Science Degree (A.S.) in Computer Science
Bachelor of Science Degree (B.S.) in Health Studies
Associate of Science Degree (A.S.) in Health Studies

Graduate
Master of Business Administration Degree (M.B.A)

මේවා ට ඇතුලත් වීමට සුදුසුකම්
අවුරුදු 18ට වැඩිවීම
උසස් පෙල නිමා කොට තිබීම
IELTS/TOEFL/PET තිබීම (London AL නම් අවශ්‍ය නැත)

ගාස්තු
ඇතුළත් වීමේ ගාස්තුව 60USD
ඉගැන්වීමේ ගාස්තු සම්පූර්ණයෙන් ම නොමිලේ

විභාග ගාස්තු
Associate Degree - 2000USD (අවුරුදු 2ටම)
Bachelors Degree - 4000USD (අවුරුදු 4ටම)
MBA - 2460USD

දැන් ඔයාල හිකයි පට්ට ගණන් නේද කියල ඒත් ඇමරිකාවෙ උපාධී පාඨමාලා වල ගණන් බැලුවාම මේ ගණන් නිකන් කිරි කජු වගේ

ඔයා ට මුදල් ගෙවන්න අපහසු නම් ශිෂ්‍යත්වයකට අයදුම් කරන්න පුළුවන්. http://www.uopeople.edu/tuition-free/our-scholarships/

හැබැයි පුතෝ ගෙදර උඩ බලන් ඉඳල නම් ගොඩයන්න බෑ.. Assignments, Exams, Quizzes ආදී එකී නොකී මෙකී හැම ලබ්බක්ම කරන්න වෙනව. ලේසිත් නෑ.

Health Studies degree එක කරනව නම් ලංකාවෙ ඉස්පිරිතාලෙක internship එකක් කරල රිපොට් එකක් ලියන්න ඕන

පරිගණක විද්‍යා BS උපාධිය ගත්තොත් Calculus, Discreet Mathematics තියනව. Artificial Intelligence, Machine Learning, Databases, Security, Networking සුපිරියටම තියනව. අනික Ivy League Professors ල හදපු curriculum http://www.uopeople.edu/programs/cs/degrees/cs-course-catalog/

මම මේ හැම දෙයක් ගැනම හොඳට හොයල බැලුව. මේක 200% නීත්‍යානුකූල වගේම ඉහළින් ම පිළිගත් විශවවිද්‍යාලයයක්.

ඔයාල බලයි මෙච්චර අඩුවට ඇමරිකානු උපාධි දෙන්නෙ කොහොමද කියල. එකක් මේක Not-for-Profit එනම් ලාභ බලාපොරොත්තු නොවන ආයතනයක්. අනික ඉගැන්වීම්.. ලංකුණු කිරීමි මේ සියල්ලම කරන්නෙ සුදුසුකම් ලත් Volunteers ල.

ගුරුවරු උගන්න්න ඕන නම්, ගණිතය අරහං නම්, රස්සාවක් බලාගෙන ම ඉගෙනගන්නවනම් අයින් වෙලා පයින් යන්න පුතී. ඒවට ඕන තරම් ආයතන ලංකාවෙ තියනව. අනික අවුරුදු ගණන් ඇද ඇද , ඕන වෙලාවට exam ලියල .. එහෙම නටන්න බෑ.. academic calendar එකට වැඩ කරන්න ඕන. ලංකාවෙ ළමයින් ගෙ පැටිකිරිය මම දන්න නිසා මම කියන්නෙ මේකට ලංකාවෙ ළමයි 100ක් enroll වුණොත් 5 දෙනකේ උපාධිය ගනී :no:

හිතල බලන්න. ගෙදර ඉඳන් එක්කො රස්සාවක් කරන ගමන් අඩු වියදමකින් පිළිගත් ඇමරිකානු උපාධියක් කරන්න ඔන්න අවස්ථාව


මම මීට කලිනුත් original thread දැම්ම ඔයාල ට දැනගන්න දේවල් එක්ක.. ඔයාලගෙ ප්‍රතිචාර වලින් දිරිමත් කරනවනම් ඒක මට හයියක් වගේ ම මේක bump වෙන්නත් උදව්වක්
 
Last edited:

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ගොඩක් වටිනවා බන්....උඹ මොකක්ද මේකෙ කරන ඩිග්රි එක ?
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ගොඩක් වටිනවා බන්....උඹ මොකක්ද මේකෙ කරන ඩිග්රි එක ?

    Issara (2012) wage karanna baluwa machan.. Ee dawaswala Accreditation thibbe nathi nisa kale naha...

    Eth Health Studies degree eka karanna nam dan asai... Balamu ithin

    Kisi dekata baya wenna epa.. Meke Syllabus hadanne Yale, NYU, Berkeley wage professors la. Microsoft HP walin internships hambenawa. Bill Gates ge foundation eken grants denawa.

    Anika UC Berkeley kiyanne lankawe A3 aran yanna puluwan university ekak newe. Ithin meke awrudu 2ke Associate Degree eka godadaththoth UC Berkeley yanna puluwan. UC Berkeley giya kianne Microsoft Intel IBM katha karala gedarata awilla ekkan yanne :P
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Issara (2012) wage karanna baluwa machan.. Ee dawaswala Accreditation thibbe nathi nisa kale naha...

    Eth Health Studies degree eka karanna nam dan asai... Balamu ithin

    Kisi dekata baya wenna epa.. Meke Syllabus hadanne Yale, NYU, Berkeley wage professors la. Microsoft HP walin internships hambenawa. Bill Gates ge foundation eken grants denawa.

    Anika UC Berkeley kiyanne lankawe A3 aran yanna puluwan university ekak newe. Ithin meke awrudu 2ke Associate Degree eka godadaththoth UC Berkeley yanna puluwan. UC Berkeley giya kianne Microsoft Intel IBM katha karala gedarata awilla ekkan yanne :P

    :yes:niyami bn,,,,,mamath job ekak karnwa eth Degree ekak karla na,,,:no:,,Computer Scince walta godk asai...English godak hondata na ekai baya...:confused:.... meke CS karnda godak asi ,,,,,:P
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    අපේ විවෘත විශ්ව විද්‍යාලයට වඩා හොඳ ඇති

    :rofl::rofl::rofl: විහිළු කරන්න එපා මාමෙ.. විවෘත විශ්ව විද්‍යාලයය හොඳයි.. ඒත් ඉතින් ඒක එක්ක මේක සසඳන්න බෑ :no: