යුදෙව් වධ කඳවුරු වල නාසි පර්යේෂණ

Kushan.Chavinda

Active member
  • Sep 23, 2016
    362
    176
    43
    යුදෙව් වධ කඳවුරු වල නාසි පර්යේෂණ

    mengele.jpg


    වෛද්‍ය මෙන්ගෙලේ

    මේ ඉන්නෙ අපේ කතානායකය.පොඩි එකෙක් වගෙ හිටියට පර්යේෂණ විශාල ප්‍රමානයක් කරේ මෙයා තමා

    මෙ තියෙන්නෙ වදකාගාර හා එවා මුදවාගත් හමුදා


    Majdanek කඳවුර – 1944 ජූලි 23 සෝවියට් හමුදා මගින්
    Auschwitz කඳවුර – 1945 ජනවාරි 27 සෝවියට් හමුදා මගින්
    Buchenwald කඳවුර – 1945 අප්‍රේල් 11 ඇමරිකානු හමුදා විසින්
    Bergen-Belsen කඳවුර – 1945 අප්‍රේල් 15 බ්‍රිතාන්‍ය හමුදා විසින්
    Dachau කඳවුර – 1945 අප්‍රේල් 29 ඇමරිකානු හමුදා විසින්


    අපි කතාවට බහිමු


    arbeit-macht-frei-e1492495091122.jpg


    “වැඩ කිරීමෙන් නිදහස ලැබේ”

    දෙවන ලෝක යුද්ධ සමය මානව ඉතිහාසයේ ඉතිරි වුණු කළු පැල්ලමක්. වියරු පාලකයන් කීපදෙනෙකුගේ අනුවණකම් නිසාත්, කුරිරු ආශාවන් නිසාත්, මිලියන ගණනක් මිනිසුන් මිහිමතින් අතුගෑවී ගියා. ජන කොටස් සහමුලින්ම සමූල ඝාතනය වුණා. ඒ අතරින් නාසීන් අතින් ඝාතනය වූ යුදෙව්වන් ගණන පමණක් මිලියන 6ත් 11ත් අතර වනවා.

    යුරෝපය පුරා සිටි යුදෙව්වන් ඇතුළු සුළු ජන කොට්ඨාශ බොහොමයක් නාසීන් විසින් ‍රැඳවුම් කඳවුරු වල සිර කරනු ලැබුවා. මෙම කඳවුරු වල සිටි බොහොමයක් සිරකරුවන් ආහාර අහේනියත්, අධික වෙහෙසත් නිසා මියගියා. පාලනය කළ නොහැකි තරමට වසංගත රෝග ‍රැඳවුම් කඳවුරු තුළ පැතිරුණා. නාසීන් එම රෝගයන් පාලනය කළේ බැ‍රැක්ක ගණන් රෝගීන් ඝාතනය කිරීමෙන්.


    74-47277-e1492495126342.jpg


    වධ කඳවුරු තුළ මියගිය සිරකරුවන්

    මෙකල නාසි පක්ෂයේත්, ජර්මනිය ඇතුළු යටත් රටවලත් පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් පරිපූර්ණ ආර්ය ජාතියක නිර්මාණය ආදී විව්ධ කාරණා සඳහා වෛද්‍ය පර්යේෂණ ‍රැසක් සිදුකළා. මේ සඳහා විද්‍යාගාර මීයන් බවට පත්වූයේ ‍රැඳවුම් කඳවුරු වල රඳවා සිටි සිරකරුවනුයි. යුරෝපය පුරාම සිට පැමිණි යුදෙව්වන්, රෝමේනි ගෝත්‍රිකයින් (යුරෝපීය අහිකුණ්ඨිකයින්), ස්වදේශික පෝලන්ත ජාතිකයින්, රුසියානු යුද්ධ සිරකරුවන් පමණක් නොව ජර්මානු සිරකරුවන් ද ප්‍රධාන ලෙසම මෙම පර්යේෂණ වලට යොදාගැනුණා.

    ‍තෝරාගත් සිරකරුවන් අතර වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන් ද සිටියා. පර්යේෂණ වලට යොදාගැනීමේ දී මේ සිරකරුවන් කිසිවෙකුගේ කැමැත්ත විමසනු ලැබුවේ නැහැ. ඇතැම් පර්යේෂණ වලට සිරකරුවන් යොදාගැනීමට ප්‍රථම ඔවුන්ව ඝාතනය කරනු ලැබුවා. ඝාතනය නොකරනු ලැබූ සිරකරුවන් පර්යේෂණ වල ප්‍රතිඵල ලෙස සදාකාලික ආබාධිතයින් බවට පත්වූ අතර, වඩා වාසනාවන්ත සිරකරුවන් තවත් දුක් නොවිඳ මරණයට පත්වුණා. නාසීන් සිරකරුවන් මත සිදුකළ පර්යේෂණ කොටස් කීපයකට වර්ග කළ හැකියි. නියුරෙම්බර්ග් නඩු විභාගයන්හි දී හෙලි වුණු ආකාරයට ඒවා පහත පරිදි යි.


    නිවුන්නන් යොදාගනිමින් සිදු කළ පර්යේෂණ

    lungvex.jpg


    වෛද්‍ය මෙන්ගෙලේ නිවුන්නන්ගේ පෙනහැලි පරිමාව පිළිබඳව පර්යේෂණයක් සිදු කරමින්


    අවුච්විට්ස් ආදී වධ කඳවුරු තුළ නිවුන් දරුවන් යුවළ යොදාගෙන පර්යේෂණ බොහොමයක් සිදුකෙරුණා. මෙම පර්යේෂණ වල අරමුණ වූයේ සර්වසම නිවුන්නන් අතර වන ජානමය සමානකම් සහ අසමානකම් පෙන්වීමටත්, මිනිස් සිරුරකට කෙතරම් කෘත්‍රීම ලෙස බලපෑම් සිදු කර වෙනස්කම් කළ හැකිද යන්නත් පෙන්වීමටයි. මෙම පර්යේෂණ බොහොමයක් අවුච්විට්ස් වධ කඳවුරේ වෛද්‍ය ජෝසෆ් මෙන්ගෙලේ යටතේ සිදු වුණා. 1943ත් 1944ත් අතර කාලයේ දී අවුච්විට්ස් හි නිවුන් යුගල් 1500ක් පමණ මේ සඳහා යොදාගෙන තිබුණා.නිවුන් දරුවන්ගේ රුධිරය එකිනෙකා අතර මාරුකරමින්, වෙනස් වර්ණ සහිත ඇස් ඇති නිවුන් දරුවන්ගේ ඇස් වලට ඩයි වර්ග එන්නත් කරමින්, එසේම නිවුන්නන් සැත්කම් මාර්ගයෙන් එකට තබා මසා, ඔවුන් බද්ධ වේදැයි බලමින් සිදු කළ මෙම පර්යේෂණ වලින් දිවි ගලවාගත්තේ දරුවන් 200ක් පමණ පිරිසක් පමණයි.


    පටක බද්ධ කිරීමේ පර්යේෂණ


    මෙම පර්යේෂණ බොහොමයක් සිදු කෙරුණේ 1942 – 1943 අතර කාලයේ ප්‍රධානකොටම රෙවන්ස්බ්‍රක් ‍රැඳවුම් කඳවුර මූලික කරගෙනයි. මේ සඳහා පාදක වුණේ යුද්ධය නිසා බොහොමයක් ජර්මානු සොල්දාදුවන් ආබාධිත තත්ත්වයට පත්වීමයි. මෙහිදී මාංශ පේශී, සහ අස්ථි බද්ධය සම්බන්ධ පර්යේෂණ සිදු කෙරුණු අතර, විනාශ වූ ස්නායු නැවත වර්ධනය පිළිබඳව ද සිරකරුවන් යොදාගෙන විවිධ පර්යේෂණ සිදු කෙරුණා. යොදාගත් සිරකරුවන්ගේ අස්ථි කොටස්, මාංශ පේශීන්, සහ ස්නායු සැත්කම් ආධාරයෙන් ඉවත් කෙරුණේ ඔවුන්ව නිර්වින්දනය කිරීමෙන් ද තොරවයි. මෙම සැත්කම් නිසා ඒවාට භාජනය වූ සිරකරුවන් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වුණා


    වඳභාවය ඇතිකරන පර්යේෂණ


    ඇඩොල්ෆ් හිට්ලර් රෝගයන්ගෙන් තොර පරිපූර්ණ ආර්ය වර්ගයක් පිළිබඳව සිහින මැවූවෙක්. මෙහි එක පියවරක් ලෙස ජානමය ආබාධිත සහිත පුද්ගලයන් දරුවන් බිහිකරනු වැළැක්වීම සඳහා ඔවුන්ගේ අවසරයකින් තොරව ඔවුන්ව ස්ථිරව වන්ධ්‍යාකරණයට ලක් කළ හැකි නීතියක් හඳුන්වා දී තිබුණා. මෙම නීතිය යටතේ 1933 සිට ජනගහනයෙන් 1%ක පමණ ප්‍රතිශතයක් වන තරුණ පිරිස් වන්ධ්‍යාකරණයට ලක් කෙරුණා. ඔවුන් සියළු දෙනාම පාහේ මානසික රෝග, සහ අඳභාවය ආදී ශාරීරික දුර්වලතා හා විකෘතිතා පෙන්වූ අයයි.


    inmates-nazi-concentration-camps.jpg


    නාසි වද කඳවුරු වල සිටි ළමුන්


    1941 සිට 1945 දක්වා කාලයේ රවන්ස්බ්‍රක්, අවුච්විට්ස් ආදී ‍රැඳවුම් කඳවුරු වල වෛද්‍ය ක්ලෝබර්ග් ගේ මූලිකත්වයෙන් සිදුවුණා. මෙහිදී සිරකරුවන් යොදාගෙන මූලිකවම සිදු කෙරුණේ විශාල ජනසංඛ්‍යාවක් වන්ධ්‍යාකරණයට ලක් කළ හැකි සාර්ථක උපක්‍රමයක් සොයාගැනීමයි. 300, 000 පමණ සිරකරුවන් පිරිසක් මේ සඳහා යොදාගැනුණු අතර විකිරණ ප්‍රතිකාර ක්‍රම, සැත්කම්, සහ රසායනික ක්‍රම මේ සඳහා අත්හදා බැලුණා.

    පර්යේෂණ ප්‍රතිඵල වලින් අයඩයින් සහ සිල්වර් නයිට්‍රේට් සාර්ථක බවට සොයාගැනුණු නමුත්, ගැබ්ගෙල පිළිකා, සහ රුධිර වහනයන් වැනි අතුරු ප්‍රතිඵල නිසා එම ක්‍රමය වෙනුවට විකිරණය මගින් ප්‍රජනක සෛල විනාශ කර දැමීම තොරාගැනුණා. මෙහි ප්‍රතිඵලය වූයේ පර්යේෂණ වලට යොදාගත් සිරකරුවන් විකිරණ පිළිස්සීම් වලට භාජනය වීමයි.


    මස්ටර්ඩ් ගෑස් පර්යේෂණ


    image-20150416-5657-1jnb1b5-e1492495295968.jpg


    මස්ටර්ඩ් වායු පිළිස්සීම්


    ‘මස්ටර්ඩ් වායුව’ යන ප්‍රසිද්ධ නාමයෙන් හැඳින්වෙන ඩයික්ලෝරො ඩයිඑතිල් සල්ෆයිඩ් නම් රසායනය සම මත සහ පෙනහැලි වල දරුණු පිළිස්සුම් ඇතිකරන, ඉතාමත් විෂ සහිත ද්‍රව්‍යයක්. මෙම රසායන ද්‍රව්‍යය මෑතක් වන තුරුත් රසායනික යුද්ධ උපක්‍රමයක් ලෙස භාවිතයට ගැනුණා.ජර්මානු සොල්දාදුවන් යුද්ධයේ දී මෙම රසායනිකයන් මගින් දරුණු ලෙස ආබාධිත තත්ත්වයට පත් වූ නිසා එයට ප්‍රතිකාරයක් සොයාගැනීම අත්‍යවශ්‍ය වුණා. ඒ සඳහා පර්යේෂණ කටයුතු වලට භාවිතා කෙරුණේ 1939 සිට 1945 අතර කාලයේ නාසි වධ කඳවුරු වල සිරකර සිටි යුදෙව්වනුයි. එම සිරකරුවන්ව මස්ටර්ඩ් වායුව යොදාගනිමින් දරුණු පිළිස්සුම් වලට ලක් කළ අතර, ඔවුන්ගේ පිළිස්සුම් තුවාල මත විවිධාකාර ඖෂධ වර්ග ආලේප කරමින් වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව පර්යේෂණ සිදු කරනු ලැබුවා.

    මෙම ලිපියෙහි සඳහන් කෙරුණේ නාසීන් විසින් රඳවා සිටි සිරකරුවන් මත අත්හදා බලන ලද පර්යේෂණ ක්‍රමයන් කීපයක් පමණයි. තවත් බොහොමයක් ඉතාම කෲර සහ අමානුෂික පර්යේෂණ ඔවුන් විසින් මිලියන ගණනක් අහිංසක යුදෙව්වන් සහ තවත් ජන කොටස් මත සිදු කරන්නට යෙදුණා.




    REP+ ටිකකුත් දෙන්නෝ :P

    Roar Sinhala මගින් උපුටා ගන්නා ලදි..



     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රුසියන්,ඇමෙරිකන්,යුදෙව් බේගල් ඕවා.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කාලයක් ලංකාදීප පත්තරෙත් මේ දෙවෙනි ලෝක යුද්දේ කාලේ උන යුද අපරාද ගැන ලිපි පෙළක් ගියා.අවුට්ස්විච් වදකාගාරේ මේ දොස්තර මිනිසුන් යොදාගෙන ඉතා කුරිරු පරික්ෂණ කරලා තියෙනවා.ඒ වගේ දේවල් ලෝකේ සිද්ධ වුනාද කියල විස්වාස කරන්නත් අමාරුයි.අනේ මන්ද මිනිස්සු මොන හිතකින් මේවා කරනවද කියල.අපටනම් සතෙකුටවත් පොඩි ගල් කැටයකින් ගහන්නවත් හිතෙන්නේ නෑ. ඔබට ස්තුතියි මේ තොරතුරු අපි සමග ෂෙයාර් කරගත්තාට.තවත් හොඳ ත්‍රෙඩ් දාන්න දිරිය ශක්තිය ලැබේවා.:cool:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    තම්බියොත් ඔහොම මේ ලෝකෙන් තුරන් වෙලා යනවනම්
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    Buchenwald සිරකදවුර ගැන ලියවුන පොතක් තියෙනව naked among wolves කියලා.ඒක සිංහලට පරිවර්තනය කරල තියෙනව "වෘක්‍රයන් අතර නග්නව" කියල.ලස්සන පොතක්.යුධ කදවුරු වල උන අමානුෂිය දේවල් ගැන ලොකු විස්තරයක් ඒ පොතේ තියෙනවා.එ වගේම Buchenwald සිරකරුවො සිරගේ ඇතුලේ ඇති කරන කැරල්ල ගැනත් ඒකේ විස්තර තියෙනවා.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ගොඩක් වටින තොරතුරක් මචන්. තෑන්ක් යූ. රෙප්+ උඹ ඉල්ලුවත් නැතත් රෙප් දෙනවා. :yes:
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    aurudu 100k issarahata medical science diwunu una oya pareekshana nisa...nattam api thamath 2017 level eke inne...e kale Aids tibbanam ekatath behethak hoyagannawa..paw itin minissu..........german karayo hoda mola karayo..:rolleyes: