ජපන් වැසිකිළි

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ජපන් වැසිකිළි


    maxresdefault.jpg

    අද කතා කරන්න යන්නෙ ජපානයේ මිනිස්සු රෙන හැටි සහ රීල පුක හෝදන හැටි.

    ජපන්නු සුද්දො වගේ කඩදාසි වලින් පිහිදන්නෙ නෑ. අපි වගේ වතුර පාවිච්චි කරල හෝද ගන්න තමයි කැමති.

    හැබැයි ජපානේ ගොඩක් දේවල් වගේ මේක එච්චර සරළ නෑ. ජපන් වැසිකිළියක් කියන්නෙ ජපන් ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ඨ නිර්මානයක්.

    ජපානයේ වැසිකිළි වර්ග තුනක් තියෙනවා.


    1. වෂිකි (和式)


    14563433_330116290683233_2640073458232365995_n.jpg

    පළවෙනි එක "වෂිකි" කියල ජපන් බසින් හැඳින්වෙන, "squat toilet" කියල ඉංග්‍රීසියෙන් හැඳින්වෙන සාම්ප්‍රදායික වැසිකිළිය​. මේව ජපානයේ වැඩිපුර භාවිතා වෙන්නෙ ගම්බදව​. නාගරිකව ඇත්තෙම නැති තරම්.

    මේ වර්ගයේ වැසිකිළි කොන්ක්‍රීට් හෝ ලෑලි වලින් සැදූ වේදිකාවක සදන ලද සිදුරක තත්වයේ ඉඳල පෝසිලේන් වලින් සැදූ ජල මුද්‍රික තත්වය දක්වා විවිධ කොලිටියෙන් තියෙනවා.

    මේ වැසිකිළිය පාවිච්චි කරන්න ඕනෙ "ඇණ තබාගෙන ඉන්න​" ඉරියව්වෙන් ඉඳගෙන​. ජපන්නු අතර මේ ඉරියව්ව (වැසිකිළි නොයන අවස්ථා වලදී පවා) ඉතා ජනප්‍රියයි. වාඩි වෙන්න අසුනක් නැති තැනක ඕනම ලොකු ලොක්කෙක් මේ ඉරියව්වෙන් තමයි වාඩි වෙන්නෙ.

    බටහිර වෛද්‍ය විද්‍යාවෙන දැන් හොයාගෙන තියන විදිහට මේ ඉරියව්ව අර්ශස් ආදී රෝග රැසක් වලක්වන්න සමත්. අපි අතරෙන් මේ ඉරියව්ව වේගයෙන් නැති වී යමින් තිබුනත්, ජපනට ලේසියෙන් මුල් අමතක වෙන්නෙ නෑ.

    දියුණු තත්වයේ වෂිකි වැසිකිළියක වැසිකිළි පෝච්චියේ එක කෙළවරක පොඩි "හුඩ් එකක්" තියෙනවා. වාඩි වෙන්න ඕනෙ ඒ පැත්තට මුහුණ දාල​. ඒක තියෙන්නෙ මූත්‍රා විසිරී නොයාම සඳහා. ඒ වගේම සමහර තැන් වල වාඩි වෙද්දි සහ නැගිටිද්දි වරුවක් ගන්න පොඩි බටයක් හයි කරල තියෙනව​.

    ගොඩක් වෂිකි වල වැඩේ කරල හෝද ගන්න බිඩේ ෂවර් එකක් තියෙනවා. සාම්ප්‍රදායිකව නම් මේ සඳහා ලී බාල්දියක් තමයි පාවිච්චි කරන්නෙ. සමහර තැන්වල ටොයිලට් පේපර් රෝලකුත් හොයා ගන්න පුළුවන්.


    2. යෝෂිකි (洋式)


    14446005_330116314016564_6209133258604233604_n.jpg

    දෙවෙනි වර්ගය ජපන් බසින් "යෝෂිකි" ලෙසිනුත් ඉංග්‍රීයෙන් "flush toilet" ලෙසිනුත් හැඳින්වෙන බටහිර පන්නයේ වැසිකිළිය. මේක ලංකාවෙ දැන් බහුලව දකින්නට ලැබෙන කොමෝඩ් එක සහිත වැසිකිළියමයි.

    ජපානයේ මේ වර්ගයේ වැසිකිළි බහුලව තියෙන්නෙ පොදු ස්ථාන වල (දුම්.රිය පොළ හෝ ආපනශාලා වගේ).

    වැඩේ කරල හෝද ගන්න බිඩේ ෂවර් එකක් අනිවාර්‍යයෙන් තියෙනවා. විදේශිකයන් ගැන හිතල ටොයිලට් පේපර් රෝලකුත් තියල තියෙනවා.


    3. වොෂුරෙත්තො (ウォシュレット )


    14449964_330116337349895_4881089023527863163_n.jpg

    තුන්වෙනි එක තමයි ජපන් බසින් "වොෂුරෙත්තො" ලෙසත් ඉංග්‍රීසියෙන් "Japanese super toilet" ලෙසත් හැඳින්වෙන නවීන ජපන් වැසිකිළිය​.

    මේ වැසිකිළිය බැලූ බැල්මට සාමාන්‍යය යෝෂිකි වැසිකිළියක් වගේම තමයි. හැබැයි පුක හෝදන ආකාරය ඉතාමත් වෙනස්.

    මේකෙ හෝදන වැඩේ කරන්නෙ කොමෝඩ් එක ඇතුලෙ තියෙන පොඩි බටයකින් කෙලින්ම පුකට වතුර පාරක් විදීම මගින්. මේක සම්පූර්නයෙන්ම පාලනය වෙන්නෙ විදුලිබලයෙන් ස්වයංක්‍රීයව​. පාලන පුවරුවක් කොමෝඩ් එකේ පැත්තක තියෙනවා.

    14502740_330116387349890_4382334180229985392_n.jpg


    මේ වර්ගයේ වැසිකිළියක බේසික් ෆීචර්ස් තුනක් අනිවාර්‍යයෙන් තියෙනවා.

    1. පුක සේදීම සඳහා භාවිතා කරන පිටුපසින් එල්ලවන ජල ධාරාව​
    2. කාන්තාවන් මූත්‍රා කළ පසු සේදීම සඳහා ඉදිරිපසින් එල්ල වන ජල ධාරාව​
    3. ජල පහරේ සැර පාලනය​

    ඊට අමතරව සමහර වැසිකිළිවල මේ ෆීචර්ස් වලින් එකක් හෝ වැඩි ගණනක් තියෙන්නත් පුළුවන්.

    1. ජල පහරේ උෂ්නත්ව පාලනය​
    2. වැසිකිළි අසුනේ උෂ්නත්ව පාලනය
    3. රෙන ගමන් කම්මැලි හිතුනොත් අහගෙන ඉන්න සංගීත වාදනයක්
    4. ඒ සංගීතයේ හඬ පාලනය​
    5. ගඳ නැසීම සඳහා වායු සුවඳ කාරකයක් මුදා හැරීම​
    6. පඩයක් යන්න ගියොත් එහි ශබ්ධය කවර් කර ගැනීම පිණිස වාදනය කළ හැකි වැසිකිළිය ෆ්ලෂ් කරන හඬ අඩංගු වාදනයක්

    මෙකී නොකී ෆීචර්ස් ගණනාවක් මේ වැසිකිළි වල තියෙනවා.


    මේ වර්ගයේ වැසිකිළි නාගරිකව බහුලව දකින්න පුළුවන්. හෝටල් වල​, රැකියා ස්ථාන වල එහෙම මේවා තියෙනවා.

    14492469_330116410683221_2323622183437892894_n.jpg


    ජපන දියුණු වුනා කියල පුකෙන් සුද්ද වගේ වෙන්න කඩදාසි කෑලි වලින් පිහිනව වගේ වැඩ කරන්න ගිහින් නෑ. ජපන් මුතුන් මිත්තො කරපු විදිහටම බොහොම අභිමානවත් ව වතුරෙන් තමයි පුක හෝදගන්නෙ. හැබැයි ඊට වඩා දියුණු ක්‍රමයකට​.


    යූරිනල්

    14520589_330116430683219_4336426253817864702_n.jpg


    යූරිනල් හෙවත් මූත්‍රා කිරීම සඳහා පමණක් භාවිතා කරන ස්ථාන ලෝකයේ අනිත් ඒවට බෙහෙවින් සමානයි.

    නමුත් ජපානයේ හැම යූරිනල් එකකම අනිවාර්‍යයෙන් තියෙන දෙයක් තියෙනවා. ඒ මූත්‍රා කරන පුද්ගලයා අතේ තියෙන දෙයක් තැබීම සඳහා යූරිනල් එකට ඉහළින් තියෙන ජනෙල් පඩියක් වගේ පොඩි බැම්ම​. මලු අතින් කටින් එල්ලගෙන හුජ්ජ කරනවට වඩා මේක කොච්චර පහසුවක් ද කියල තේරෙන්න ඒක පාවිච්චි කරන්නම ඕනෙ. (ඉහළ​ පින්තූරෙන් ඔබට ඒ බැම්ම බලාගන්න පුළුවන්).

    හයවෙනි පින්තූරයේම තියෙන විදිහට ගොඩක් යූරිනල් වල පින්තූර ඇඳල එක එක "මළ විකාර​" කරල තියෙනවා.

    ඒ වගේම යූරිනල් වලට මූත්‍රා කරන පුද්ගලයන් ගේ "එල්ලය​" වැරදීමෙන් මූත්‍රා විසිරී යාමේ කරදරය අඩු කර ගන්න සමහර තැන් වල යූරිනල් වල පොඩි වීඩියෝ ගේම් එකක් තියෙනවා. ඒකෙ යූරිනල් එකේ මූත්‍රා කරන්න ඕනෙ තැන පෙන්නල තියෙනවා. හරි එල්ලයට මූත්‍රා කරද්දි ගේම් එකේ ලකුණු වැඩිපුර ලැබෙනවා. එල්ලය වරදිනකොට චාටර් මියුසික් එකක් වාදනය වෙන ගමන් ලකුණු කැපෙනවා. එතකොට වටේ ඉන්න ඔක්කොටම තේරෙනව මූ කෙලින් හුජ්ජ කරගන්න බැරි එකෙක් කියල​.

    සමහර යූරිනල් වල යූරිනල් එකේ අඩියෙ අයිස් කැට දාල තියෙනවා. ඒකෙ හේතුව නම් මම දන්නෙ නෑ. ගඳ නැති කිරීම සඳහා වෙන්න පුළුවන්.

    ඒ වගේම පොදු ස්ථාන වල තියෙන යූරිනල් වල එක ස්ථාවයක් අනිවාර්‍යයෙන්ම ආබාධිත පුද්ගලයෙක්ට භාවිතා කරන්න පුළුවන් විදිහට හදල තියෙන්නෙ. ඒක ජපානයේ නීතියක්.


    ජපානයේ වැසිකිළි වල විතරක් දකින්න පුළුවන් සමහර දේවල් තවත් තියෙනවා.

    තොයිරේ සුරිප්පා (トイレスリッパ)


    14520387_330116470683215_4728339322121842505_n.jpg

    ජපන්නු පිරිසිදු කමට ගොඩක් තැන දෙන ජාතියක්. ඉතින් වැසිකිළියට පාවහන් නැතිව යන්න උං කැමති නෑ. ඒ වගේම වැසිකිළිය අස්සෙ පාවහන් දාගෙන ගිහිල්ල ඒ පාවහන් වෙන තැන්වලට දාන්නත් උං කැමති නෑ. ඉතින් මොකද කරන්නෙ? වැසිකිළියටම වෙන් කරපු විශේෂ පාවහන් තියෙනවා. ඒවා හැඳින්වෙන්නෙ "තොයිරේ සුරිප්පා" නැත්තම් "toilet slippers" නමින් (හත්වෙනි පින්තූරයේ තියෙන්නෙ තොයිරේ සුරිප්පා යුවලක්).



    ඔතොෂිමේ​


    14449770_330116524016543_6336706537140342778_n.jpg


    ජපන් කාන්තාවන් ගොඩක් ලැජ්ජාශීලියි. ඉතින් මේගොල්ලො කැමති නෑ තමන් මූත්‍රා කරන සහ වැසිකිළියෙදි පිටවන වෙනත් ශබ්ධ එළියට ඇහෙනවට​. ඒ නිසා වැසිකිළිය පාවිච්චි කරද්දි ඒ ශබ්ධ කවර් කරගන්න වැසිකිළිය නිතර නිතර ෆ්ලෂ් කරන්න මේ අය පෙළඹෙනවා.

    නමුත් මේ වැඩෙන් ජලය ගොඩක් අපතේ යනවා. ඒ ප්‍රශ්නයට විසඳුමක් විදිහට ජපන් ඉංජිනේරුවන් හඳුන්වා දීලා තියෙනවා "ඔතොෂිමේ" හෙවත් "sound princess​".

    මේකෙන් කරන්නෙ වැසිකිළිය ෆ්ලෂ් කරන ශබ්ධය අඩංගු හඬ පටියක් වාදනය වෙන්න සැලැස්වීම​. දැන් කාන්තාවන් ගෙ ගෞරවයත් සුරැකිලා - ජලය අපතේ යන්නෙත් නෑ.


    ඒ වගේම​, ජපන් සංස්කෘතියේ තදින්ම තියෙන දෙයක් තමයි පිරිසිදු දේ සහ අපිරිසිදු දේ වෙන් කිරීම​. ඒ නිසා පුළුවන් හැමතැනදිම වැසිකිළිය සහ නාන කාමරය තියෙන්නෙ වෙන වෙනම​. ඉඩ කඩ ප්‍රශ්නයක් සහිත නාගරික තට්ටු නිවාස​, හෝටල් වගේ තැන් වල මේ දෙකට එකට තිබුනත්, සාමාන්‍යයෙන් "හොඳ ගෙයක්" හැටියෙට සැලකෙන් ගෙවල් වල සහ ඉඩ ප්‍රශ්නයක් නැති ගම්බද ගෙවල් වල මේ දෙක තියෙන්නෙ වෙන වෙනම​.

    ඉංජිනේරු වේදයේ වැදගත් සංකල්පයක් තමයි "attention to details" එහෙම නැත්නම්, කුඩා දේ පිළිබඳ අවධානය​. ඒ කියන්නෙ හැම පොඩි ප්‍රශ්නයක් ගැනම අවධානය යොමු කරල ඒ සියල්ලටම විසඳුම් දෙන එක තමයි සාර්ථක ඉංජිනේරු විසඳුමක් වෙන්නෙ.

    පාරිභෝගිකයා මුහුණ දෙන හැම තාක්‍ෂනික​, සංස්කෘතික, මානව​, ජීව විද්‍යාත්මක ගැටළුවක් ගැනම අවධානය යොමු කරල තමාගේ ප්‍රොඩක්ට් එක සැලසුම් කිරීමත් වැඩි දියුණු කිරීමත් සාර්ථක ඉංජිනේරුවෙක් ගෙ ලක්‍ෂනයක්.

    ජපන රෙන්න ගියත් ඒක අමතක කරල නෑ.

    http://paadadaasapuva.blogspot.com/2017/01/blog-post.html
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒකට අපේ ඒවා
    එකපාරක් පොදු එකකට ගිහිල්ලා ජබුක් ගාලා බඩු වැටෙද්දී වතුර රැවුලටත් එක්ක විසිවුණා :angry::angry:
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    දැන් කාන්තාවන්ගෙ ගෞරවයත් සුරැකිලා - ජලය අපතේ යන්නෙත් නෑ.
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    ඒකට අපේ ඒවා
    එකපාරක් පොදු එකකට ගිහිල්ලා ජබුක් ගාලා බඩු වැටෙද්දී වතුර රැවුලටත් එක්ක විසිවුණා :angry::angry:

    රැවුල කිව්වෙඋඩු රැවුලද..? යට රැවුලද...?