දරුවෙකුගේ උගුරේ යමක් සිරවූ විට

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දරුවෙකුගේ උගුරේ යමක් සිරවූ විට

    මේ දවස් වල විවිධාකාර ආහාර කැබළි හිරවී දරැවන් ගණනාවක්ම මිය ගියා.අපරාදෙ මේ අය බේරා ගන්න හොදටම ඉඩ තිබුණා.වයස අවුරුද්දට අඩු දරුවෙකුගේ උගුරේ යමක් සිරවූ විට ඔබ කළ යුත්තේ මෙයයි.

    -කළබල නොවන්න
    -දරුවාගේ සහය ලබා ගැනීමට තමා පිළිබද විශ්වාසය තබන්න
    -නොසන්සුන් දරැවාගේ මුඛය තුළට ඇගිළි දමා එම දෙය ගැනීමට උත්සාහ නොකරන්න....
    - දරුවාගේ ශරීරය තම නුපුරැදු අතට ගන්න (රූපයේ ඇති පරිදි)

    18301392_1190273391082680_6506630079705537366_n.jpg

    මෙහිදී හිස සහ ගෙළ අත්ලෙහි ආරක්ෂිතව රදවාගන්න.
    -ඉන්පසු තම සුපුරුදු අතෙහි අත්ලෙහි අඩියෙන් පිට පහර 5 ක් අඛන්ඩව ලබා දෙන්න (මෙම පහරදීම් ලබා දිය යුත්තේ පිටිපස උරපතු දෙක අතරටය (in between 2 Scapula)
    මෙම පහරදීම් දීමේදී ගැස්මක් ඇතිව සිදුකළ යුතුය
    -සිරවී ඇති දෙය ඉවත්වුනිදැයි බලන්න
    -සිරවී ඇති දෙය ඉවත් නොවුනේනම් පපුව මැදට තෙරපීම් 5 ක් දෙන්න. මෙය මාරුවෙන් මාරුවට අඛන්ඩව සිදු කරන්න.
    දරුවා අසාධ්‍ය තත්වයට පත්වුවහොත් කළ යුතු දෙය.....................
    -දරුවාගේ පාදයේ යටි පතුලට හෝ අතෙහි ඉහළ භාහුවට තට්ටු කර ප්‍රතිචාරය බලන්න
    ප්‍රතිචාරයක් නැතිනම්
    -තම කම්බුල දරවාගේ නාසය සහ මුඛය අසල තබාගෙන හුස්ම වැටෙනවාදැයි බලන අතර ඇස්දෙකෙන් පපු ප්රවදේශය උස්පහත් වේදැයි තත්පර 5 - 10 ක් පමණ බලන්න
    -දරැවා හුස්ම ගන්නේ නැතිනම් වහාම දරුවාගේ කට සහ නාසය දෙකම තම මුඛය තුළට රදවා හුස්ම වාර 5 ක් ලබා දෙන්න . එක් හුස්මක් ලබා දීමට එක තත්පරයක් ගන්න.
    -ඉන්පසු
    පපු තෙරපුම් වාර 15 ක් ලබා දෙන්න..
    ඇගිළි 2 ක් පපුව මධ්ය්යේ තබා සෙන්ටි මීටර් 4 ක් ගැඹුරට යනසේ තෙරපුම් ලබා දෙමින් ඉහිල් කරමින් පපු තෙරපුම් ලබා දෙන්න.
    ඉන්පසු හුස්ම වාර 2 කට පපු තෙරපුම් වාර 15 ක් අඛන්ඩව ක්‍රියාත්මක කරන්න.
    - අවම තරමින් විනාඩියක්වත් මෙම ප්‍රතිජීවණය සිදුකළ පසු ආධාර ඉල්ලා සිට්න්න .
    -මෙම පිළිවෙත අඛන්ඩව ක්‍රියාත්මක කරමින් රෝහල කරා දරැවා රැගෙන යන්න.
    මෙමගින් අකාලයේ මිය යන දරැවන් රැකගත හැකි බව තරයේ සිහි තබා ගන්න


    18301392_1190273391082680_6506630079705537366_n.jpg

    18403056_1190273501082669_7666037470655039185_n.jpg

    18402576_1190273444416008_7808268871521018682_n.jpg

    18274983_1190273421082677_6744899150404388213_n.jpg

    18222410_1190273477749338_191276570387539287_n.jpg


    SOURCE-FB
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Great useful Thread, Thanks very much.PAPER EKAKA THIBUNA AMERICAVE VADIPURA MARENA GANANAK BERA GATH DOCTOR KENEKUTA, IHALAMA SAMMANAYAK DEELA.AMERICAVATA NAM ALUTH SOYA GANIMAK LESA PILIGENA EMA DOCTOR TA SAMMANAYA DEELA THIYENNE EMA METHOD EKA SUCCESSFUL UNA NISA.----------METHOD EKA MEA THREAD EKE METHOD EKATA SAMANA UNATH PODI VENASAK THIBUNA. MEHIDI PITA PATTHATA[PENAHALI VALATA PITUPASIN] THATTU KIRIMA VENUVATA, OHUN KALEY , ATHIN[HAND] EKEN PRESS KIRIMAI.KIHIPA VATHAVAK EHEMA PRESS KALAMA , MARENNA YANA BABALA VADI GANANAK BERA GATTHA.MEDICINE VALA IHALAMA SAMMNAYAK EMA DOCTOR TA LABUNA. EMA METHOD EKA NISA.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MEETA AMATHARAVA SUNAMI TIME EKEDI KIHIPA DENEKMA BERA GENA THIBUNA ,HODATAMA AMARU WATER HIRA UNA AYA. ------------LEDAVA MUNIN ATHATA HARAVA, KAKUL DEKEN OSAVA ,OLUWA PAHALATA SITINA SEA, LEDAGE PITA PATTHATA THATTU KARALA KIHIPA DENEKMA BERA GENA THIBUNA. LEDAGE WEIGHT EKA VADI NAM,PUTUVAKA VADI VELA LEDAVA DANA HISATA HETTHU KARA PAHASUVEN KALA HAKA.[MUNIN ATHATAA HARAVA].
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    වැදගත් මචන් ඇත්තටම... ගොඩක් වටිනවා
    ලියපු ඒකාටයි උඹටයි දෙන්නටම ස්තුතියි.
    REP + 10