කොස්ගැට වලින් සොසේජස්

dog123

Well-known member
  • Sep 25, 2007
    2,808
    3,740
    113
    කොස්ගැට වලින් සොසේජස්

    368.png


    කොස්ගැට වලින් සොසේජස් හදන හැටි සොයා ගැනේ.ෆට්ට ඒ විදිහමයි පබ්ලිස් සිල්වාගේ අලුත්ම වට්ටෝරුව මෙන්න.

    පොළොස්‌ ටිකයි ගන්නව.

    ඒක හොඳට තම්බල පොඩිකර ගන්නවා.

    එයින් කිලෝ එකයි.

    ඊළඟට කඩල පිටි ග්‍රෑම් තුන්සීයයි බිත්තර දෙකයි.

    ඊට අවශ්‍ය ලුණු, ගම්මිරිස්‌, මිරිස්‌ කුඩු කහ, රම්පෙ කරපිංච අවශ්‍ය ප්‍රමාණයට හොඳට අඹරල අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍ර කරනවා.

    එතකොට අපි කට්‌ලට්‌ හදන්න ගන්න මිශ්‍රණය වගේ මිශ්‍රණයක්‌ හැදෙනවා.

    ඊට පස්‌සෙ දුහුල් රෙදි කෑල්ලක්‌ අරන් හොඳට මිරිකල අර මිශ්‍රණය අවශ්‍ය ප්‍රමාණයට සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ඇඟිල්ලක්‌ තරමට වෙන්න රෝල් කරල අර රෙදි කඩ මත අතුරනවා.

    ඊට පස්‌සෙ රෙදි කැබැල්ල එය වටා ඔතල දෙපැත්ත බඳිනවා.

    ඊළඟට මේක හුමාලයෙන් තම්බ ගන්නවා. එහෙම කරල නිවුනට පස්‌සෙ ශීතකරණයට දානවා.

    එහෙම තියල දවසකට පස්‌සෙ මේක එළියට අරන් අර රෙදිකඩ ලිහල ගත්තට පස්‌සෙ ඔය දැන් වෙළෙඳපොළේ තිබෙන සොසේජස්‌ ආකාරයේ සොසේජස්‌ එකක්‌ බවට මේ පොළොස්‌ මිශ්‍රණය පත්වෙලා තියෙනවා දැක ගන්න පුළුවන්.

    එහෙම නැත්නම් ඒ මිශ්‍රණයම පොඩි කෑලිවලට කපලා එවලෙම ගැඹුරු තෙලේ බැදල රසවත් ආහාරයක්‌ ලෙස අනුභව කරන්නත් පුළුවන්.

    info : https://goo.gl/HQs1qK
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒව කොස්ගැටද ඉකෙයි මං මෙච්චර කල් කිව්වෙ පොළොස් කියල :sorry: :sorry:
    එකෙක් කිව්වෙ නෑ වැරදියි කියල :( :(
    යනකං ඉඳල මිනිස්සු හිනාවෙන්න ඇති කොස්ගැට අඳුරන්නෑ කියල :( :(