ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කෙසේ ද?

monson

Well-known member
  • May 7, 2007
    25,671
    28,703
    113
    ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කෙසේ ද?

    තනි පුද්ගල අයිතියක් යටතේ හෝ හවුල්කරුවන් යටතේ පවත්වාගෙන යනු ලබන හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා බලපාන නීතිමය මූලාශ්‍රය සපයනු ලබන්නේ 1918 ව්‍යාපාර නාම ආඥා පනත මඟිනි. එහි විස්තර කෙරෙන ආකාරයට තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම ව්‍යාපාර පිහිටුවා ඇති ග්‍රාම නිලධාරී වසමට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදුකර ගත හැකිය. එය සිදු කරනු ලබන ක්‍රියා පටිපාටිය මෙසේය. ව්‍යාපාරය ආරම්භ කළ දින සිට දින 14ක් ඇතුළත ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ අංශය මඟින් ව්‍යාපාර ලියාපදිංචියට අදාළ ඉල්ලුම් පත්‍රයක් ලබාගත යුතුය. මෙම ඉල්ලුම් පත්‍රය ලබා ගැනීමට නම් ඔබ විසින් ලිඛිත ඉල්ලීමක් ලිපියක් මඟින් සිදුකළ යුතු අතර ග්‍රාම නිලධාරී වසමට අදාළ ග්‍රාම නිලධාරින්ගෙන් ව්‍යාපාරයක් කරගෙන යනු ලබන බවට සහතිකයක් ද සමඟ එම ඉල්ලීමේ ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදිය යුතුය. එසේ ග්‍රාම නිලධාරීන්ගෙන් සහතිකයක් ලබා ගැනීමට ප්‍රධානතම හේතුව වන්නේ කෙනෙකුට වංචනික ලෙස ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නොමැතිව වුවද තමන්ගේ නමින් ව්‍යාපාරයක් පවතින බව පවසා ව්‍යාජ ලියාපදිංචියක් සිදු කිරීම වළක්වා ගැනීමටය. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ ඍජුවම වැඩ කරන රජයේ නිලධාරියා වන්නේ ග්‍රාම නිලධාරිතුමාය. ඔහු විසින් සනාථ කර සපයනු ලබන ලියවිල්ලට අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ලියාපදිංචි කිරීමට අදාළ අයදුම් පත්‍රය ලබා දේ. ඉන්පසු එම අයදුම් පත්‍රය නිසි පරිදි පුරවා ග්‍රාම නිලධාරි මඟින් සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ අංශයට භාරදිය යුතුය. මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් වන්නේ පෙර කිසිවකු ලියාපදිංචි කර ඇති ව්‍යාපාර නාමයක් ඔබ නමින් නැවත ලියාපදිංචිය සඳහා භාර නොගැනීමයි. එනම් “සියදිසි ප්‍රින්ට් හවුස්” යන නම භාවිත කර කිසියම් අයකු ව්‍යාපාරයක් ලියාපදිංචි කර පවත්වාගෙන යන්නේ නම් එම ව්‍යාපාර නාමයට භාවිත කර තවත් අයකුට ව්‍යාපාරයක් ලියාපදිංචි කර පවත්වාගෙන යාමට නොහැකිය. නීතිය මඟින් එවැනි අවසරයක් ලබා නොදෙන අතර පෙර ලියාපදිංචි කර ඇති නාමයක් ඔබගේ ව්‍යාපාරයට ද යොදා ඇත්නම් එය ලියාපදිංචිය සඳහා භාර නොගැනේ. එහෙයින් ව්‍යාපාර නාමය තීරණය කිරීමේදී එය මේ වන විට භාවිත නොකරන ලද ව්‍යාපාර නාමයක් විය යුතුය.

    කිසියම් අයකු ව්‍යාපාර නාමයක් සහිතව ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ද එය ලියාපදිංචි කර නොමැති නම් සහ එම ව්‍යාපාරයේ නාමය එම ව්‍යාපාරය පවත්වාගෙන යන අයගේ සම්පූර්ණ නම ද නොවන්නේ නම් එම නම තවත් අයකුට තමාගේ ව්‍යාපාර නාමය ලෙස භාවිත කළ හැකිය. එහිදී එම ව්‍යාපාරය ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ලැයිස්තුවේ ඇතැමෙක් නොවන නිසා එම ව්‍යාපාරිකයින් දෙදෙනාගෙන් ලියාපදිංචිය සඳහා ලිපිලේඛන පළමුව ඉදිරිපත් කරනු ලබන තැනැත්තාට එය තමන්ගේ ව්‍යාපාරය බවට සනාථ කර ලියාපදිංචිය සිදුකර ගත හැකිය. එවිට එම නාමයම භාවිත කරමින් කලින් ව්‍යාපාරය පවත්වාගෙන ගිය තැනැත්තා ඔහු එය ලියාපදිංචි කර නොමැති නිසා එම ව්‍යාපාරය නීතියට පටහැනිව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන අයකු බවට පත්වේ. එම නිසා යම් අයකු ව්‍යාපාරයක් ආරම්භ කර දින 14ක් ඇතුළත සිය ව්‍යාපාර නාමය ලියාපදිංචි කරගැනීමෙන් මෙම අසීරුතාවය මඟහරවා ගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස “සංජීව නමැති පුද්ගලයා කලින් මා සඳහන් කළ ව්‍යාපාර නාමය භාවිත කර නුගේගොඩ, විජේරාම ප්‍රදේශයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. එම ව්‍යාපාර නාමය වන ‘සියදිසි ප්‍රිනට් හවුස්’ යන ව්‍යාපාර නාමය නීතියට අනුව (1918 ව්‍යාපාර නාම ආඥා පනතට අනුව) ආරම්භ කර දින 14ක් ඇතුළත ලියාපදිංචි කර නොමැත. එය නීති විරෝධි වේ.

    කනිෂ්ක නමැත්තා ද නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ එම ව්‍යාපාර නාමයම භාවිත කර ඉතාමත් මෑතකදී ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යන්නේ නම් ඔහු එය 1918 ව්‍යාපාර නාම ආඥා පනතේ සඳහන් ආකාරයටම ආරම්භ කර දින 14ක් ඇතුළත එම ව්‍යාපාරය ලියාපදිංචිය සඳහා ලියවිලි ඉදිරිපත් කර ලියාපදිංචි කළහොත් සංජීව නමැත්තාට ‘සියදිසි ප්‍රින්ට් හවුස්’ යන ව්‍යාපාර නාමය තවදුරටත් භාවිත කළ නොහැකිය.

    එම නිසා වඩාත් සුරක්ෂිත ක්‍රමය වන්නේ ව්‍යාපාරයක් ආරම්භ කළ සැණින්ම එහි අනන්‍යතාවය ලබා ගැනීම සඳහා ලියාපදිංචි කිරීමයි.

    ඉහත සඳහන් කළ ආකාරයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නියමිත ලිපි ලේඛන භාර දීමෙන් අනතුරුව “ලියාපදිංචි ගාස්තු ලෙස කිසියම් මුදලක් ගෙවීමට සිදුවේ. එම මුදල ගෙවීමෙන් පසුව ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය ලබාගත හැකිය. ඉන්පසු එම සහතිකය ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයේ ප්‍රදර්ශනය වන පරිදි එල්ලා තැබිය යුතුය.

    බොහෝ ව්‍යාපාරිකයින් මේ ලියාපදිංචි කිරීමේ වැදගත්කම නොදන්නා නිසා තම ව්‍යාපාර ලියාපදිංචි කිරීම ගැන සැලකිල්ලක් නොදක්වයි. එය ඔවුන් විසින්ම තම ව්‍යාපාරය පුළුල් කිරීමට තිබෙන මාර්ගය අවහිර කරගැනීමකි. ව්‍යාපාරය සංවර්ධනය කිරීම සඳහා බැංකු ණය ලබා ගැනීමේදී ද ඔවුන් අවධානය කරනු ලබන ප්‍රධානතම සාධකය වන්නේ ව්‍යාපාරය ලියාපදිංචිද නැද්ද යන්න පිළිබඳවයි. රජය මඟින් සුළු පරිමාණ ව්‍යාපාරිකයින් නඟා සිටුවීමේ ව්‍යාපෘතින්වලදී ඔවුන්ට මූල්‍යාධාර හෝ ද්‍රව්‍යාධාර ලබාදීමේදී ද ව්‍යාපාරය ලියාපදිංචි නැද්ද යන්න සොයා බැලීම සිදු කරන්නේ අදාළ ප්‍රතිලාභය නිවැරැදිම පුද්ගලයා ලබාදීම සඳහාය. එම නිසා කුමන ආකාරයේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියත් එය ලියාපදිංචි කර විධිමත් ආකාරයකට පවත්වාගෙන යාම වඩාත් වැදගත් වේ. ඒ තුළින් විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ව්‍යාපාරිකයාට ලබාගත හැකිය.

    business.jpg

    ලියාපදිංචි කිරීමේ ආදර්ශ ආකෘති පත්‍රයක් අද ලිපියේ අප විසින් පළ කිරීමට බලාපොරොත්තු වනුයේ ඔබට එය වඩාත් සරළ කටයුත්තක් බවට ඒත්තු ගැන්වීමය. පහතින් දක්වා ඇත්තේ ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබෙන ආකෘති පත්‍රය වේ. මෙය නිසි ලෙස පුරවා භාරදීමෙන් ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කර ගැනීමට ඔබට අවස්ථාව ඇත.

    - Oxford college of business school හි ව්‍යාපාර හා ගිණුම්කරණය පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රවීන දේශක සුගත් ලියනගේ

    pg44_1.jpg

    - http://www.silumina.lk/2017/05/13/සල්පිල/ව්‍යාපාරයක්-ලියාපදිංචි-කරන්නේ-කෙසේ-ද

    හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?

    පසුගිය සතියේ ලිපියෙන් අප ඉදිරිපත් කළේ හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුමක් පිළි‍ෙයල කරන ආකාරය සහ හවුල් ගිවිසුම තුළ ඇතුළත් කළයුතු කොන්දේසි පිළිබඳවයි. මෙවර ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන්නේ හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචිය සම්බන්ධව ව්‍යාපාරිකයන් තුළ ඇති සාම්ප්‍රදායික මත පිළිබඳවයි.

    හවුල් ව්‍යාපාරයක් නොව ඕනම ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් එහි අයිතිකරුවන්ට වාසියක් මිස අනර්ථයක් සිදු නොවේ. ලියාපදිංචි කිරීම සිදු කළහොත් ඒ වෙනුවෙන් විශාල මුදලක් රජයට ගෙවීමට සිදු නොවේ.

    හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි නොකර සිටිය හැකි ද?

    හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම පිළිබඳව සාම්ප්‍රදායික මතය වී තිබෙන්නේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම තුළින් රජයට විශාල මුදලක් ගෙවීමට සිදුවන බවයි. එම නිසා බොහෝ කුඩා පරිමාණ හවුල් ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන හවුල්කරුවෝ තම හවුල් ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට මැලිකමක් දක්වති. ඔවුන් සිදුකරනු ලබන්නේ රජයට බදු වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදුවේ යැයි සිතා ය. ඇත්තවශයෙන් ම එය සාම්ප්‍රදායික මතයකි. කිසිසේත්ම ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම තුළින් විශාල මුදලක් රජයට ගෙවීමට සිදුවන්නේත්, බදු වශයෙන් රජයට විශාල මුදලක් ගෙවීමට සිදුවන්නේත් නැත.

    හවුල් ව්‍යාපාරයක් නොව ඕනම ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් අයිතිකරුවන්ට වාසියක් මිස අනර්ථයක් සිදු නොවේ. බොහෝ විට ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ පෙනී ගිය කරුණක් වන්නේ ඉතාමත් සුළු ප්‍රාග්ධනයක් සහිතව ආරම්භ කළ ඇතැම් ව්‍යාපාරිකයින් තම නිවසේ සිටම එම ව්‍යාපාර කටයුත්ත සිදු කරමින් එදිනෙදා ජීවත්වීම සඳහා යම් කිසි මුදලක් උපයා ගැනීම පමණක් සිදු කරන බවයි. ඔවුන්ගේ ආකල්පය වී තිබෙන්නේ ලියාපදිංචි කිරීම සිදු කළහොත් ඒ වෙනුවෙන් විශාල මුදලක් රජයට ගෙවීමට සිදුවන බවයි. එය වැරදි ආකල්පයකි.

    ඕනෑම ව්‍යාපාරයක් තුළින් සිදු කරනු ලබන්නේ මිනිසාට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ හා සේවා අලෙවි කිරීමයි. උදාහරණයක් ලෙස ඔබ මාළු මිලට ගැනීමට යන්නේ ඔබගේ නිවස අසල තිබෙන ‍ ‘මාළු ලෑල්ලට වීමට පිළිවන. එසේත් නැතහොත් නගරයේ ඇති සුපිරි වෙළෙඳ සලට වීමට පිළිවන. මෙම ස්ථාන දෙකෙන් ඕනෑම තැනකින් ඔබගේ අවශ්‍යතාවය ඉටු කරගත හැකි ය. නමුත් වෙනස වන්නේ ‘මාළු ලෑල්ලේ’ තබා අලෙවි කරන මාළු සුපිරි වෙළෙඳසැලේ මාළුවලට වඩා ඉතා නැවුම් නැතහොත් අලුත් මාළු ව‍‍‍ූවත් ඔහු දිනෙත් දින දියුණුවන බවක් දක්නට නොලැබීමයි. එයට හේතුව වන්නේ ව්‍යාපාරය පුළුල් කිරීම සම්බන්ධයෙන් ඔහු තුළ ඇති ඍණාත්මක ආකල්ප විය හැකිය. නමුත් සුපිරි වෙළඳසල පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයා මීට වසර ගණනාවකට කලින් ඉතාමත් පහළ මට්ටමකින් ව්‍යාපාරය ආරම්භ කළ අයකු විය හැකි ය. ඔහුගේ ආකල්ප වඩාත් දියුණු නිසා ව්‍යාපාරය ලියාපදිංචි කර වඩාත් විධිමත් ලෙස දියුණු කර අද වනවිට සුපිරි වෙළෙඳ සලක් දක්වා වර්ධනය කරනු ලැබුවා විය හැකි ය.

    හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සම්බන්ධ සාම්ප්‍රදායික මත‍.

    හවුල් ව්‍යාපාරය ලියාපදිංචි කිරීමෙන් වාසි විශාල ප්‍රමාණයක් ලබාගත හැකි ය. ඉන් ප්‍රමුඛතම කාරණය වන්නේ හවුල් ව්‍යාපාරයේ අයිතිය තහවුරු වීමයි. එනම් ව්‍යාපාරය ලියාපදිංචි කිරීමෙන් එම ව්‍යාපාරයේ නීත්‍යානුකූල අයිතිකරුවන් වන්නේ එම හවුල් ව්‍යාපාරයේ හවුල් කරුවන් ය. ඊට අමතරව සමාජීය වශයෙන් ‍යම් පිළිගැනීමක් ව්‍යාපාරයට හිමිවේ.

    ඇතැම් අවස්ථාවල දී රජය මඟින් කුඩා කර්මාන්තකරුවන් හෝ කුඩා ව්‍යාපාරිකයන් දිරි ගැන්වීමේ අරමුණින් යම් යම් සහන ලබාදිය හැකි ය. එනම් අඩු පොලී සහිත ණය, ආධාර එනම් මූල්‍ය ආධාර හෝ ද්‍රව්‍ය ආධාර යනාදී වශයෙන් තම ව්‍යාපාරය දියුණු කර ගැනීමට ආධාර ලබා දෙනු ලබන අවස්ථා ඇත. මෙහිදී රජය අවධානය යොමු කරන මූලික ම කාරණාව වන්නේ එම ව්‍යාපාරය ලියාපදිංචි කර තිබෙනවාද නැද්ද යන්න පිළිබඳවයි. එය‍ට හේතුව වන්නේ එම ව්‍යාපාරයට පැහැදිලි අයිතිකරුවකු සිටිය යුතු වීමයි.

    පසුගිය වසරේ මාගේ මිතුරක් වන ‘තේමිය අමරතුංග’ හමුවීමට මා ගියේ ඔහු විසින් ප්‍රචාරක දැන්වීම් නිර්මාණය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව දැනගන්නට ලැබීමෙන් අනතුරුවය. මා ඔහු සමඟ සාකච්ඡා කර බැනර් කිහිපයක් ඔහු ලවා නිර්මාණය කරගත් අතර ඔහු තම කටයුත්ත සිදු කරන්නේ ඔහුගේ නිවස තුළය. කිසිදු නාම පුවරුවක් හෝ ව්‍යාපාරික නාමයක් එහි නොතිබිණි. ඔහු සමඟ කළ කතාබහ අවසානයේ ඔහු නිගමනය කළේ ව්‍යාපාරය කරනු ලබන ආකාරය වෙනස් කළ යුතු බවයි. ඔහු සමඟ කළ සංවාදය ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නේ ව්‍යාපාර ලියාපදිංචිය සම්බන්ධයෙන් ‍ෙබාහෝ අය දරන මතය දුරු කර ලීමටත් එය දුරු කිරීමෙන් ව්‍යාපාර සාර්ථක කරගැනීමට හැකි වන බවත් සනාථ කර පෙන්වීමයි.

    සංවාදයෙන් උපුටා ගත් කොටසක්

    ලියනගේ :- තේමිය කොහොමද ව්‍යාපාර කටයුතු‍?

    තේමිය :- හොඳයි කොහොම හරි එදාවේල හොයාගන්න වැඩ ටිකක් තියෙනවා.

    ලියනගේ :- ඉතිං කඩේ නම තියෙන ලොකු බෝඩ් එකක් දාලා Business ටිකක් වැඩි කරගන්න පුළුවන්නේ.

    තේමිය :- ඕවා කරදර වැඩ. ඊට පස්සෙ ඕවටත් මාස්පතා සල්ලි ගෙවන්න වෙනවනෙ. මේ එන වැඩ ටික කරගෙන ගියාම කාල බීල ඉන්න මට ඇති.

    ලියනගේ :- ව්‍යාපාරය ලියාපදිංචි කරල එහෙමද තියෙන්නෙ?

    තේමිය :- පිස්සුද? ඒක මහ වදයක්. ලියාපදිංචි කළාට පස්සෙ රජයටත් ගානක් ගෙවන්න වෙනවනේ. ඊට පස්සෙ නිකං වියදමක් විතරයි.

    ඉන්පසු ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් ඔහුට ලැබෙන ප්‍රතිලාභ සහ ලියාපදිංචියෙන් පසු ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට අවශ්‍ය පියවර පිළිබඳව මම ඔහු දැනුවත් කළෙමි. ජංගම ගිණුමක් ආරම්භ කරන ආකාරයත් ඉන්පසු බැංකුව සමඟ ගනුදෙනු කළ යුතු ආකාරයත් ඔහුට පැහැදිලි කර දුන්නෙමි.

    මීට දින දෙකකට පමණ ඉහතදී නැවතත් ඔහු මට මුණගැසී පවසා සිටියේ මා කියූ කටයුතු ඒ ආකාරයෙන් ම සිදුකළ බවත් දැන් පෙරටත් වඩා ව්‍යාපාර කටයුතු සාර්ථක බවත් ය.

    එම ප්‍රායෝගික උදාහරණය මා ඔබට ඉදිරිපත් කළේ ඔබ කරනු ලබන ව්‍යාපාරයම තවත් බොහෝ අය සිදුකරනු ලබන නමුත් ඔබ තවමත් ව්‍යාපාරය ආරම්භ කළ අවධියේ ය. නමුත් ඔබගේ ව්‍යාපාර කටයුත්තම කරනු ලබන තවත් අයකු දිනෙන් දින ව්‍යාපාරය දියුණු කර ගනී. එයට හේතුව වන්නේ ඔබගේ ව්‍යාපාරය විධිමත් ආකාරයට පවත්වාගෙන නොයාමයි. විධිමත් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ මූලික පියවර වන්නේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමයි. ව්‍යාපාරය ලියාපදිංචි කරන ආකාරය පිළිබඳව අපි ලබන ලිපියෙන් සාකච්ඡා කරමු.

    - http://www.silumina.lk/2017/05/06/සල්පිල/හවුල්-ව්‍යාපාරයක්-ලියාපදිංචි-කරන්නේ-කෙසේද

    හවුල් ගිවිසුමක් ඇති කරගන්නේ කෙසේ ද?

    හවුල් ගිවිසුමක් යනු කුමක් ද?

    සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී ඒ සඳහා බලපාන නීතිරීති සම්පාදනය කරනු ලබන්නේ 1890 හවුල් ආඥා පනත මඟිනි. එහි ඇතුළත් වන කොන්දේසි මොනවාද යන්න පිළිබඳව පසුගිය සතියේ ලිපියෙන් සාකච්ඡා කළෙමු. එම පනතේ නීතිරීති ඒ ආකාරයෙන් ම පිළිපැදිය නොහැකි නම් හවුල්කරුවන්ට අවශ්‍ය ආකාරයට හවුල්කරුවන් සියලුම දෙනා එකඟවු කොන්දේසි සමූහයට අනුව “හවුල් ගිවිසුමක්” මඟින් ව්‍යාපාර කටයුතු කරගෙන යා හැකිය. එය ලිඛිත ගිවිසුමක් නම් වඩාත් හොඳය. එයට හේතුව වන්නේ හවුල්කරුවන් අතර ගැටලු ඇති නොවීමයි.

    හවුල් ගිවිසුමක් තුළ ඇතුළත් කළ යුතු කරුණු මොනවාද?

    හවුල් ගිවිසුමක් පිළියෙල කිරීමේ වැදගත්කම වන්නේ හවුල්කරුවන් අතර ඇතිවිය හැකි ගැටුම් අවම කර ගනිමින් වඩාත් පහසු ආකාරයට ව්‍යාපාරය පාලනය කිරීමට හැකියාව ලැබීමයි. එම නිසා හවුල් ගිවිසුමක් තුළ ඇතුළත් කළයුතු ප්‍රධානතම කරුණ වන්නේ හවුල්කරුවන් අතර ගැටලු ඇති විය හැකි ප්‍රධානතම කරුණ වන ප්‍රාග්ධනය (අරමුදල්) සපයා ඇති ආකාරය, ලාභ අලාභ බෙදා ගන්නා ආකාරය ඇතුළු අනෙකුත් පරිපාලන කටයුතු සිදුකරන ආකාරයත් එහි ඇතුළත් කළ යුතුය. එහි ඇතුළත් කළ යුතු ප්‍රධානතම කරුණු කිහිපයක් පහත පරිදි පෙන්වා දිය හැකිය.

    1. සියලුම හවුල්කරුවන් ව්‍යාපාරයට යොදා ඇති සම්පත්වල වටිනාකම. (මෙහිදී මුදල්වලට අමතරව යොදනු ලබන අනෙකුත් සම්පත් ද ප්‍රාග්ධනය ලෙස සැලකිය යුතුය.)

    2. හවුල්කරුවන් අතර ලාභ පාඩු බෙදාගන්නා ආකාරය කෙසේද?

    3. නව හවුල්කරුවකු බඳවා ගැනීමේදී හවුල්කරුවන් කටයුතු කරන ආකාරය.

    4. සිටින හවුල්කරුවකු ඉවත්ව යාමේදී හවුල්කරුවන් කටයුතු කරන ආකාරය.

    5. හවුල්කරුවන් විසින් හවුල් ව්‍යාපාරයන් ලබාගන්නා වේතනවල (වැටුප්) වටිනාකම සහ ඒවා වාර්තා කරන්නේ කෙසේද?

    6. හවුල්කරුවන් යොදා ඇති අරමුදල් සඳහා (ප්‍රාග්ධනය) ව්‍යාපාරය විසින් පොලියක් ගෙවන්නේ ද සහ එසේ ගෙවන්නේ නම් එහි වාර්ෂික හෝ මාසික පොලී ප්‍රතිශතය.

    7. හවුල්කරුවකු අතිරේකව ප්‍රාග්ධනය ලෙස සම්පත් ව්‍යාපාරයට යෙදීමේදී ඒ සඳහා ගෙවන පොලී පිළිබඳව.

    8. හවුල්කරුවන් ව්‍යාපාරයෙන් ගැනිලි (Drawings) හෙවත් සම්පත් ඔවුන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නේ නම් ඒ වෙනුවෙන් හවුල්කරුවන් ව්‍යාපාරයට ගෙවිය යුතු පොලිය.

    9. හවුල් ව්‍යාපාරය යම්කිසි දිනක විසුරුවා හැරීමට තීරණය කළහොත් එහිදී කටයුතු කළ යුතු ආකාරය. යනාදී හවුල් ව්‍යාපාරය සම්බන්ධයෙන් සියලුම හවුල්කරුවන් එකඟ වූ කොන්දේසි මාලාව “හවුල් ගිවිසුම” (partnership agreement) වේ. මෙවැනි ගිවිසුමක් පිළියෙළ කිරීමේදී එය ලිඛිත (written) ලියවිල්ලක ඇතුළත් කර සියලුම හවුල්කරුවන් අත්සන් තබා සහතික කළ විට එය හවුල් ඔප්පුවක් (Partnership Deed) පත්වේ. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යන විට එය ලිඛිත ගිවිසුමක් (agreement) මඟින් පවත්වාගෙන යාම වඩාත් යෝග්‍ය වේ. එයට හේතුව වන්නේ හවුල්කරුවන් අතර ඇතිවිය හැකි මතභේද අවම කරගැනීමට හැකිවීමයි. බොහෝ හවුල් ව්‍යාපාර අසාර්ථක වී ඇත්තේ අන් කිසිදු හේතුවක් නිසා නොව හවුල්කරුවන් අතර ලිඛිත ගිවිසුමක් නොතිබීම නිසාය.

    හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අනිවාර්යද?

    හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම අනිවාර්ය වන්නේ නැත. එසේ අනිවාර්ය නොවන්නේ සියලුම හවුල්කරුවන්ගේ නම් (සම්පූර්ණ නම්) ව්‍යාපාරයේ නම ලෙස භාවිතා කරන්නේ නම් පමණි. නමුත් ප්‍රායෝගික තත්වය මීට වඩා වෙනස්ය. සාමාන්‍යයෙන් හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් හවුල් ව්‍යාපාරයේ නම ලෙස භාවිතා කිරීම ප්‍රායෝගික වශයෙන් සිදු නොවේ.

    උදාහරණයක් ලෙස ගතහොත් “චමිල් කුමාර” යන අය සහ “මධුරංග සම්පත්” යන අය හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම් ඔවුන්ට ව්‍යාපාරය ලියාපදිංචි නොකර පවත්වාගෙන පවත්වාගෙන යාමට ද අවශ්‍ය නම් හවුල් ව්‍යාපාරයේ නම් ලෙස ඔවුන්ට ‍යොදා ගැනීමට සිදුවන්නේ ඔවුන්ගේ සම්පූර්ණ නම් වේ. එනම් ව්‍යාපාරයේ නම ලෙස චමිල් කුමාර මධුරංග සම්පත් භාවිතා කිරීමට සිදුවේ. ප්‍රායෝගික තත්වය එසේ සිදු නොවන නිසා ඔවුන්ගේ සම්පූර්ණ නම් වෙනුවට නමෙහි කොටසක් හෝ වෙනත් නමක් ව්‍යාපාරයේ නම ලෙස භාවිතා කළ හැකිය. එවිට අනිවාර්යෙන් ම ව්‍යාපාරය පටන් ගත් දින සිට දින 14ක් ඇතුළත ලියාපදිංචි කළ යුතුය.

    මෙහිදී ඔබට අවබෝධ කරගැනීමට යම් සංකීර්ණතාවයක් පැන නැඟිය හැකිය. එම සංකීර්ණතාවය වළක්වා ගැනීමට ඉහත උදාහරණයම වෙනස් ආකාරයකට විග්‍රහ කළ හැකිය. මධුරංග සම්පත් නමැති අය තමාගේ හෝටලයේ නම ලෙස “මධුරස හෝටලය” නැතහොත් “මධුරංග සම්පත් හෝටලය” යනාදි වශයෙන් නම භාවිතා කළද ලියාපදිංචිය අනිවාර්ය වේ. එයට හේතුව වන්නේ අයිතිකරුගේ සම්පූර්ණ නම පමණක් හැර අන් කිසිදු වචනයක් ව්‍යාපාරයේ නම ලෙස භාවිතා කළත් ලියාපදිංචි කිරීම අනිවාර්ය වන හෙයිනි. ඉහත ‘මධුරස’ යනු මධුරංග සම්පත්ගේ සම්පූර්ණ නම නොවේ. දෙවැන්න වන “මධුරංග සම්පත් හෝටලය” යන නම තුළ ඔහුගේ සම්පූර්ණ නම ඇතුළත් වී තිබුණත් “‍හෝටලය” යන කොටස ඇතුළත් කර ඇති නිසා ලියාපදිංචි කළ යුතුය.

    ඔබට දැන් හවුල් ගිවිසුමක් පිළියෙල කරන ආකාරයත් ඒවායේ ඇතුළත් කළ යුතු කාරණාත් පිළිබඳව මනා අවබෝධයක් ඇත. ඊට අමරතව හවුල් ව්‍යාපාරයකට නම යෙදිය යුතු ආකාරය පිළිබඳව ද මනා අවබෝධයක් ඇත. ඉදිරි ලිපිපෙළින් හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන ආකාරය සහ ඒ සඳහා ඔබ විසින් ඉදිරිපත් කළ යුතු ලියවිලි පිළිබඳව සාකච්ඡා කරමු. ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අනතුරුව සාකච්ඡා කරමු.

    - http://www.silumina.lk/2017/04/29/සල්පිල/හවුල්-ගිවිසුමක්-ඇති-කරගන්නේ-කෙසේ-ද
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තනි පුද්ගල අයිතියක් යටතේ හෝ හවුල්කරුවන් යටතේ පවත්වාගෙන යනු ලබන හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා බලපාන නීතිමය මූලාශ්‍රය සපයනු ලබන්නේ 1918 ව්‍යාපාර නාම ආඥා පනත මඟිනි. එහි විස්තර කෙරෙන ආකාරයට තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම ව්‍යාපාර පිහිටුවා ඇති ග්‍රාම නිලධාරී වසමට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදුකර ගත හැකිය. එය සිදු කරනු ලබන ක්‍රියා පටිපාටිය මෙසේය. ව්‍යාපාරය ආරම්භ කළ දින සිට දින 14ක් ඇතුළත ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ අංශය මඟින් ව්‍යාපාර ලියාපදිංචියට අදාළ ඉල්ලුම් පත්‍රයක් ලබාගත යුතුය. මෙම ඉල්ලුම් පත්‍රය ලබා ගැනීමට නම් ඔබ විසින් ලිඛිත ඉල්ලීමක් ලිපියක් මඟින් සිදුකළ යුතු අතර ග්‍රාම නිලධාරී වසමට අදාළ ග්‍රාම නිලධාරින්ගෙන් ව්‍යාපාරයක් කරගෙන යනු ලබන බවට සහතිකයක් ද සමඟ එම ඉල්ලීමේ ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදිය යුතුය. එසේ ග්‍රාම නිලධාරීන්ගෙන් සහතිකයක් ලබා ගැනීමට ප්‍රධානතම හේතුව වන්නේ කෙනෙකුට වංචනික ලෙස ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නොමැතිව වුවද තමන්ගේ නමින් ව්‍යාපාරයක් පවතින බව පවසා ව්‍යාජ ලියාපදිංචියක් සිදු කිරීම වළක්වා ගැනීමටය. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ ඍජුවම වැඩ කරන රජයේ නිලධාරියා වන්නේ ග්‍රාම නිලධාරිතුමාය. ඔහු විසින් සනාථ කර සපයනු ලබන ලියවිල්ලට අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ලියාපදිංචි කිරීමට අදාළ අයදුම් පත්‍රය ලබා දේ. ඉන්පසු එම අයදුම් පත්‍රය නිසි පරිදි පුරවා ග්‍රාම නිලධාරි මඟින් සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ අංශයට භාරදිය යුතුය. මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් වන්නේ පෙර කිසිවකු ලියාපදිංචි කර ඇති ව්‍යාපාර නාමයක් ඔබ නමින් නැවත ලියාපදිංචිය සඳහා භාර නොගැනීමයි. එනම් “සියදිසි ප්‍රින්ට් හවුස්” යන නම භාවිත කර කිසියම් අයකු ව්‍යාපාරයක් ලියාපදිංචි කර පවත්වාගෙන යන්නේ නම් එම ව්‍යාපාර නාමයට භාවිත කර තවත් අයකුට ව්‍යාපාරයක් ලියාපදිංචි කර පවත්වාගෙන යාමට නොහැකිය. නීතිය මඟින් එවැනි අවසරයක් ලබා නොදෙන අතර පෙර ලියාපදිංචි කර ඇති නාමයක් ඔබගේ ව්‍යාපාරයට ද යොදා ඇත්නම් එය ලියාපදිංචිය සඳහා භාර නොගැනේ. එහෙයින් ව්‍යාපාර නාමය තීරණය කිරීමේදී එය මේ වන විට භාවිත නොකරන ලද ව්‍යාපාර නාමයක් විය යුතුය.

    කිසියම් අයකු ව්‍යාපාර නාමයක් සහිතව ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ද එය ලියාපදිංචි කර නොමැති නම් සහ එම ව්‍යාපාරයේ නාමය එම ව්‍යාපාරය පවත්වාගෙන යන අයගේ සම්පූර්ණ නම ද නොවන්නේ නම් එම නම තවත් අයකුට තමාගේ ව්‍යාපාර නාමය ලෙස භාවිත කළ හැකිය. එහිදී එම ව්‍යාපාරය ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ලැයිස්තුවේ ඇතැමෙක් නොවන නිසා එම ව්‍යාපාරිකයින් දෙදෙනාගෙන් ලියාපදිංචිය සඳහා ලිපිලේඛන පළමුව ඉදිරිපත් කරනු ලබන තැනැත්තාට එය තමන්ගේ ව්‍යාපාරය බවට සනාථ කර ලියාපදිංචිය සිදුකර ගත හැකිය. එවිට එම නාමයම භාවිත කරමින් කලින් ව්‍යාපාරය පවත්වාගෙන ගිය තැනැත්තා ඔහු එය ලියාපදිංචි කර නොමැති නිසා එම ව්‍යාපාරය නීතියට පටහැනිව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන අයකු බවට පත්වේ. එම නිසා යම් අයකු ව්‍යාපාරයක් ආරම්භ කර දින 14ක් ඇතුළත සිය ව්‍යාපාර නාමය ලියාපදිංචි කරගැනීමෙන් මෙම අසීරුතාවය මඟහරවා ගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස “සංජීව නමැති පුද්ගලයා කලින් මා සඳහන් කළ ව්‍යාපාර නාමය භාවිත කර නුගේගොඩ, විජේරාම ප්‍රදේශයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. එම ව්‍යාපාර නාමය වන ‘සියදිසි ප්‍රිනට් හවුස්’ යන ව්‍යාපාර නාමය නීතියට අනුව (1918 ව්‍යාපාර නාම ආඥා පනතට අනුව) ආරම්භ කර දින 14ක් ඇතුළත ලියාපදිංචි කර නොමැත. එය නීති විරෝධි වේ.

    කනිෂ්ක නමැත්තා ද නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ එම ව්‍යාපාර නාමයම භාවිත කර ඉතාමත් මෑතකදී ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යන්නේ නම් ඔහු එය 1918 ව්‍යාපාර නාම ආඥා පනතේ සඳහන් ආකාරයටම ආරම්භ කර දින 14ක් ඇතුළත එම ව්‍යාපාරය ලියාපදිංචිය සඳහා ලියවිලි ඉදිරිපත් කර ලියාපදිංචි කළහොත් සංජීව නමැත්තාට ‘සියදිසි ප්‍රින්ට් හවුස්’ යන ව්‍යාපාර නාමය තවදුරටත් භාවිත කළ නොහැකිය.

    එම නිසා වඩාත් සුරක්ෂිත ක්‍රමය වන්නේ ව්‍යාපාරයක් ආරම්භ කළ සැණින්ම එහි අනන්‍යතාවය ලබා ගැනීම සඳහා ලියාපදිංචි කිරීමයි.

    ඉහත සඳහන් කළ ආකාරයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නියමිත ලිපි ලේඛන භාර දීමෙන් අනතුරුව “ලියාපදිංචි ගාස්තු ලෙස කිසියම් මුදලක් ගෙවීමට සිදුවේ. එම මුදල ගෙවීමෙන් පසුව ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය ලබාගත හැකිය. ඉන්පසු එම සහතිකය ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයේ ප්‍රදර්ශනය වන පරිදි එල්ලා තැබිය යුතුය.

    බොහෝ ව්‍යාපාරිකයින් මේ ලියාපදිංචි කිරීමේ වැදගත්කම නොදන්නා නිසා තම ව්‍යාපාර ලියාපදිංචි කිරීම ගැන සැලකිල්ලක් නොදක්වයි. එය ඔවුන් විසින්ම තම ව්‍යාපාරය පුළුල් කිරීමට තිබෙන මාර්ගය අවහිර කරගැනීමකි. ව්‍යාපාරය සංවර්ධනය කිරීම සඳහා බැංකු ණය ලබා ගැනීමේදී ද ඔවුන් අවධානය කරනු ලබන ප්‍රධානතම සාධකය වන්නේ ව්‍යාපාරය ලියාපදිංචිද නැද්ද යන්න පිළිබඳවයි. රජය මඟින් සුළු පරිමාණ ව්‍යාපාරිකයින් නඟා සිටුවීමේ ව්‍යාපෘතින්වලදී ඔවුන්ට මූල්‍යාධාර හෝ ද්‍රව්‍යාධාර ලබාදීමේදී ද ව්‍යාපාරය ලියාපදිංචි නැද්ද යන්න සොයා බැලීම සිදු කරන්නේ අදාළ ප්‍රතිලාභය නිවැරැදිම පුද්ගලයා ලබාදීම සඳහාය. එම නිසා කුමන ආකාරයේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියත් එය ලියාපදිංචි කර විධිමත් ආකාරයකට පවත්වාගෙන යාම වඩාත් වැදගත් වේ. ඒ තුළින් විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ව්‍යාපාරිකයාට ලබාගත හැකිය.

    business.jpg

    ලියාපදිංචි කිරීමේ ආදර්ශ ආකෘති පත්‍රයක් අද ලිපියේ අප විසින් පළ කිරීමට බලාපොරොත්තු වනුයේ ඔබට එය වඩාත් සරළ කටයුත්තක් බවට ඒත්තු ගැන්වීමය. පහතින් දක්වා ඇත්තේ ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබෙන ආකෘති පත්‍රය වේ. මෙය නිසි ලෙස පුරවා භාරදීමෙන් ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කර ගැනීමට ඔබට අවස්ථාව ඇත.

    - Oxford college of business school හි ව්‍යාපාර හා ගිණුම්කරණය පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රවීන දේශක සුගත් ලියනගේ

    pg44_1.jpg

    - http://www.silumina.lk/2017/05/13/සල්පිල/ව්‍යාපාරයක්-ලියාපදිංචි-කරන්නේ-කෙසේ-ද

    pattta mcn
     
    Similar threads