Engine oil වල සැඟවුන ඇත්ත මෙන්න

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,907
    11,649
    113
    Engine oil වල සැඟවුන ඇත්ත මෙන්න

    Engine oil වල සැඟවුන ඇත්ත මෙන්න

    landscape-1458059973-best-motor-oil-brands.jpg


    එන්ජින් ඔයිල් (engine oil / lubricant) යනු වාහනයට අත්‍යාවශ්‍ය දෙයක් බව අප කවුරුත් දන්නා දෙයකි. එන්ජිමේ ක්‍රියාකාරිත්වය නියම අයුරින් පවත්වා ගැනීමට තම වාහනයට ගැලෙපන එන්ජින් ඔයිල් වර්ගය තොරාගත යුතුය. ඒ සඳහා උදව් විය හැකි කරුණු කීපයක් මෙම ලිපියෙන් ඉගෙන ගමු.

    හැකි සෑම විටම වාහනය සමග එන අත්පොතේ (User guide Handbook) සඳහන් වන එන්ජින් ඔයිල් වර්ගය engine-oilතෝරා ගන්න. එම අත්පොතේ සඳහන් උපදෙස් පිළිපැදීම, වාහනයේ කල්පැවත්මට හේතුවන කාරණයකි.
    නිෂ්පාදකවරයා විසින් නිර්දේශ කරන ලද සේවා කාල පරාසයන් අනුව එන්ජින් ඔයිල් මාරු කරන්න.

    නිෂ්පාදකවරයා විසින් නිර්දේශ කරන ලද API ප්‍රභේදය භාවිතා කරන්න. මෙහිදී API යනු කුමක්ද කියා පළමුව විමසා බලමු. API යනු American Petroleum Institute යන ආයතනය මගින් නිකුත් කරන තත්ව සහතිකයකි. එම තත්ව සහතිකයේ S අකුරින් දැක්වනුයේ පෙට්රල් (Gasoline) එන්ජින් සඳහා නිකුත් කරන ලද තත්ව සහතිකය වන අතර C අකුරුන් ඩීසල් එන්ජින් සඳහා නිකුත් කරන ලද තත්ව සහතික දැක්වේ. මේ අනුව අප වාහනයේ එන්ජින් එක අනුව ගැලපෙන API වර්ගයේ එන්ජින් ඔයිල් ලබා ගත යුතුය. උදාහරණයක් ලෙස API – SJ ලෙසසඳහන් වන්නේ පෙට්රල් එන්ජින් සඳහා සුදුසු ඔයිල් වර්ගයකි. එමෙන්ම API – CFයනු ඩීසල් එන්ජින් සඳහා නිපදවන ලද ඔයිල් වර්ගයකි.

    නිවැරදි SAE අගයෙන් යුත් ඔයිල් වර්ගය තෝරාගන්න. ‍මෙහිදී SAE යනු Society of Automobile Engineers නම් ආයතනය විසින්, තෙල් (ඔයිල්) වර්ගවල දුස්ස්‍රාවිතාවය (Viscosity) පිළිබඳව නිකුත් කරන සහතිකයකි. බොහෝ විට මෙය 10W-30, 15W-40 ආදී වශයෙන් දක්වනු ලැබේ. මෙයින් අදහස් වන්නේ මෙය බහු කාණ්ඩ තෙල් (multi-grade oil) ඒවා බවය. 30, 40, 50 ආදී වශයෙන් හෝ 10W, 20Wලෙස තනි ඉලක්කමක් සහිතව දැක්වෙන්නේ තනි කාණ්ඩ තෙල් (single grade oil) ය. බහු කාණ්ඩ තෙල් වල පසු ඉලක්කමෙන් එන්ජිම ප්‍රශස්ත උෂ්ණත්වයට (optimal temperature) පැමිණි පසු තෙල්වල දුස්ස්‍රාවීතා මට්ටම පෙන්වනු ලැබේ. පෙර අංකයෙන් දැක්වෙන්නේ, එන්ජිම ප්‍රශස්ත උෂ්ණත්වයට පැමිණීමට පෙර, එම තෙල්වල දුස්ස්‍රාවිතා මට්ටම පිළිබඳ මිම්මකි. සාමාන්‍ය අයෙකුට මේ පිළිබඳව අදහසක් ගැනීමට අසීරු විය හැකි බැවින්, නිෂ්පාදක‍යා විසින්, නිර්දේශ කරන ලද කාණ්ඩයක් තෝරා ගැනීම වඩා සුදුසුය. එසේ නොහැකි අවස්ථාවක තීරණයක් ගැනීමට පහත අදහස් වැදගත් වනු ඇත.

    SAE 5W-30

    සාමාන්‍යයෙන් ලංකාව ඝර්ම කලාපීය රටක් නිසා වාහනයේ එන්ජිම ඉතා ඉක්මණින් ප්‍රශස්ත උෂ්ණත්වයට (optimal temperature) ලඟා වේ. එනිසා SAE අංකයේ පෙර අගය ඉතා කුඩාවීම අවශ්‍ය නොවේ. නමුත් ඉතා විශාල වූ විට එන්ජිම නියමිත උෂ්ණත්වයට පත්වෙන තෙක්, කරකැවෙන කොටස් වෙත තෙල් ගමන් කිරීමට වැඩි කාලයක් ගත‍ වේ.

    පසු අගය විශාල වන තරමට අධික උෂ්ණත්වලදී හොඳ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන අතර පසු අගය කුඩා වන විට, අධික උෂ්ණත්වයන්ට ඔරොත්තු දෙන ස්වභාවය අඩුය.

    ඉහත කරුණු සැලකිල්ලට ගත් විට SAE 15W-40 සාමාන්‍යයෙන් සියළුම වාහන සඳහා සුදුසු යැයි නම් කළ හැක.

    අලුත් වාහන සඳහා 10W-30 වඩා සුදුසු විය හැක (නිශ්පාදකයාගේ නිර්දේශය අනුගමනය කරන්න)

    මදක් පැරණි වාහන එන්ජිමේ ගෙවීම් තත්වය වැඩිසඳහා 15W-50 සුදුසු යැයි නිගමනය කළ හැක.

    ඉහත නිර්දේශයන් සාමන්‍ය මෝ‍ටර් රථ සඳහා පමණි. අලුත් Hybrid වර්ගයේ වාහන සඳහා නොවේ. යම් හේතුවක් මත එන්ජින් ඔයිල් වර්ග 2ක් මිශ්‍රකිරීමට සිදුවන්නේ නම් (සාමාන්‍යයෙන් මෙවැන්නක් කිරීමට අවශ්‍ය නොවේ) එකම SAE කාණ්ඩයේ හා API වර්ගයේ ඒවා පමණක් මිශ්‍රකළ යුතුය.

    දැන් ඔබට එන්ජින් ඔයිල් ගැන යම් දැනුමක් ලැබෙන්න ඇතැයි සිතමි. එන්ජින් ඔයිල් මිලදී ගැනීමේදි, ඔයිල් වල නිශ්පාදක නාමය ගැන සැළකිළිමත් වනවාට ඉහත කරුණු ගැන සැළකිළිමත් වීම වැදගත් බව දැන් ඔබට වැටහෙනු ඇත.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,423
    113
    කොහෙන් හරි උස්සලා වැදගත් දෙයක් kiriya ට දාන එක වටිනවා, tnx මචං

    ඒක ඇත්ත, නමුත් ඔච්චර ගොඩක් කොපි පේස්ට් කරන්න පුළුවන් නම් කොපිකරගත්ත ලින්ක් එක කොපි පේස්ට් කරන්න බැරි නෑනෙ. එතකොට ලිපිය ලියපු කෙනාගෙ මහන්සියට එයාගේ බ්ලොග්/වෙබ් සයිට් එකට විසිට් එකක් හරි යයි නේ
     
    • Like
    Reactions: TheNewThinker

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,907
    11,649
    113
    ඒක ඇත්ත, නමුත් ඔච්චර ගොඩක් කොපි පේස්ට් කරන්න පුළුවන් නම් කොපිකරගත්ත ලින්ක් එක කොපි පේස්ට් කරන්න බැරි නෑනෙ. එතකොට ලිපිය ලියපු කෙනාගෙ මහන්සියට එයාගේ බ්ලොග්/වෙබ් සයිට් එකට විසිට් එකක් හරි යයි නේ

    Umbalagen mama rep illuweth na balanna kiwweth na kamathinan balanna :yes: