නැව්_තුනක්_තියෙන_ලාංකික_ව්‍යාපාරිකයා

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    නැව්_තුනක්_තියෙන_ලාංකික_ව්‍යාපාරිකයා

    නැව් තුනක් තියෙන ලාංකික ව්‍යාපාරිකයා

    image_1f7236954d.jpg

    ඔහු එක් නෞකාවක නොවී නෞකා ත්‍රිත්වයකම හිමිකරුවකු වන්නේය. ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය නමැති ඒ අපූරු මිනිසා ගැන අප මීට පෙර විස්තර කතා කොට තිබේ. ලාෆ්ස් සමාගමේ සභාපතිවරයා වන වෑගපිටිය යනු අද වන විට ආසියානු කලාපයේ නැගී එන ධනවත් චරිතයකි. ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් මේ අපූරු ව්‍යවසායකයා සතු නෞකා ත්‍රිත්වය ගැන සහ ඒවා හිමිකර ගත් අරුමය ගැන කියැවෙන්නේ මෙසේය.

    image_0501ff53ff.jpg

    නෞකා ත්‍රිත්වයකම හිමිකාරිත්වය අද ඔබ සතුයි. මෙය ඔබගේ සිහින සැබෑවීමක්ද?

    කොහෙත්ම නැහැ. මෙය උපාය මාර්ගික කළමනාකරණ පරමාර්ථයක ඵලයක්. ඒ වගේම ඉලක්කයකට අනුව යන ගමනක ප්‍රතිඵලයක්. එළැඹෙන වසර පහ ඇතුළතදී නෞකා විස්සක (20) පමණ හිමිකාරිත්වය දැරීම ලාෆ්ස් සමාගමේ අරමුණයි.

    ඒ උපාය මාර්ගික පරමාර්ථය ඔබ වටහා ගත්තෙ මොන වගේ හේතු සාධක නිසාද?

    මේ ලෝකයේ ආර්ථිකය බටහිර සිට නැගෙනහිරට ගලා එමින් පවතින බවට, පසුගිය වසර පහේදී ලෝක ආර්ථික විද්‍යාඥයන් මෙන්ම විශ්ලේෂකයන් පුරෝකථනය කළ දෙයක්. ඇමරිකාව, යුරෝපය ප්‍රමුඛ බටහිර රටවල් ​ලෝක ආර්ථික මර්මස්ථානයේ කිරුළ දරා ගෙන සිටියා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථිකය පිළිබඳ 2014 වාර්තාවේ ප්‍රකාශ වන පරිදි 2025 වන විට ලෝකයේ දළ ජාතික නිෂ්පාදනයෙන් 48% ක් නිෂ්පාදනය වන්නේ ආසියාවේ. ලෝක ජනගහනයෙන් 51% ක් පමණ සිටින්නෙත් ආසියාවේ. එනිසා ලෝක ආර්ථික මර්මස්ථානය දැන් බටහිරින් නැගෙනහිරට ගලා එමින් පවතින බව කියන්න පුළුවනි. ඊට ප්‍රධානම හේතුව වන්නේ ආසියානු කලාපයේ රටවල ආර්ථික වර්ධනයේ වේගය සහ ජනගහන වර්ධනයයි. එමෙන්ම ඊට සාපේක්ෂව අප ශ්‍රී ලංකාව සිටින්නේ ආසියාවේ බලවත්ම ආර්ථික මර්මස්ථාන ද්විත්වයකට මැදිවයි. එකක් ඉන්දියාව. අනෙක චීනය. සියයට 6 ක පමණ දළ දේශීය නිෂ්පාදනයක් අඛණ්ඩව මේ රටවල් පවත්වාගෙන යනවා.

    චීනය සහ ඉන්දියාවේ ආර්ථිකය අපට බලපාන්නෙ කොහොමද?

    දැන් මේ ආර්ථික ප්‍රගමනයේ වෙනස්වීම සිදුවන්නේ ඉන්දියන් සාගරය හරහායි. ඉන්දියන් සාගරය දෙස විපරම් කළාම අප සිටින්නේ ඉන්දියාවට පාමුලින්. චීනයට මැදිව. මෙන්න මේ කලාපයේ තමයි ඉන්දියානු සාගරයේ ආර්ථික සංසිද්ධිය සිද්ධ වන්නෙ. එහි මර්මස්ථානය වන්නේ ශ්‍රී ලංකාවයි. ආසියානු ආර්ථික මර්මස්ථානයේ උපාය මාර්ගික ස්ථානය වන්නේ ශ්‍රී ලංකාවයි. එනම් තවදුරටත් ප්‍රකාශ කළොත්, සාගරයේ ක්‍රියාකාරිත්වය සිදුවන්නෙ නෞකා මගින්. එහිදී අපගේ ක්‍රියාවලිය වන්නේ බල ශක්තිය බෙදා හැරීමයි. චීනයට අවශ්‍ය බලශක්තිය එන්නේ ඉන්දියන් සාගරය හරහායි. බල ශක්ති ප්‍රවාහනය ගුවනින් නෙවෙයි සිදුවන්නෙ. එනිසා තමයි අපි මේ සංකල්පයට ගියේ.

    මුලින්ම හිමිකරගත්තෙ මොන වගේ නැවක්ද?

    ලෝකයේ ඇති ගෑස් ප්‍රවාහනය කරන නෞකා අති විශාල ප්‍රමාණයේ ඒවායි. ඒවා වෙතින් ​ටොන් 40,000 ක් 50,000 ක් පමණ ගෙන යා හැකියි. නමුත් අපි මේ කලාපයට ඵලදායි වන නෞකා යොදා ගැනීමට කටයුතු කළා. අපේ මුල් නෞකාවේ ටොන් 7000 ක පමණ ගෑස් ප්‍රවාහනය කළ හැකියි. එය අපි මිලදී ගත්තෙ ජපානයෙන්. මේ නෞකා වසර පහකට වතාවක් සම්පූර්ණයෙන්ම නවීකරණය කළ යුතු වෙනවා. ඒක ලෝක නාවික ගමනා ගමනයේ නීතියක්. අනෙක් නෞකා දෙකත් ඒ විදියයි. ජපානයෙන් මිලදී ගත් ඒවායි.

    මේ නැවක වටිනාකම ​කෙපමණ මුදලක් වුණාද?

    ගෑස් චැලෙන්ජර් නැව මුලින්ම අප මිලදී ගත්තෙ (2014) දී පමණ. එය ඩොලර් මිලියන 5.75 ක් පමණ වුණා. 2015 දී ගෑස් සක්සස් නැව අප සතුවුණා. එය ඩොලර් මිලියන 4.4 ක් පමණ වුණා. අලු‍තින්ම ගත්ත නැව මිලදී ගත්තෙත් ජපානයෙන්. වානිජමය වශයෙන් එය ඇත්තටම වාසිදායක වූ බව කියන්න පුළුවනි. එනිසා මේ නැව් 20 ක් ගන්න යන අරමුණ අහසින් ආ සංකල්පයක් නෙවෙයි. දකුණු ආසියානු කලාපයේ තියෙන ​ලොකුම ආනයන - අපනයන පර්යන්තය හදන්නෙ හම්බන්තොට වරාය කලාපයේ. 2018 අප්‍රේල් මාසයෙන් පසුව මේ කලාපයේ ධාරිතාව මෙහෙයවීමට අඩු තරමින් නැව් 20 ක්වත් අවශ්‍යයි. ඉන්දියන් සාගරය අප රට වටේ තිබුණත් අපට නැව් ​ඉතා අල්පයි. සිංගප්පූරුව පුංචි රටක් වුණත් නෞකා හිමියන් බොහෝමයි. නැව් බොහෝමයි.

    image_8a10eb7758.jpg

    ඒ කියන්නෙ මේ නෞකා නතුකර ගැනීමේ ඔබ සතු සංකල්පය අද ඊයෙක ඔබට ඇතිවූවක් නොවෙයි?

    ඇත්තෙන්ම ඔව්. මම මුලින්ම රැකියාව කළේ සාමාන්‍ය පුහුණුවන්නකු ලෙස ලංකා නැව් සංස්ථාවේ. දියුණු ආර්ථිකයන් දෙකක් මැද තියෙන, රට වටේ මුහුදක් තිබිලත් අපට නැව් නැහැ. පුංචිම සිංගප්පූරුවට නැව් විශාල ප්‍රමාණයක් සතුයි. අතීතයේදී පරාක්‍රම රජු නැව් හමුදාවක් රැගෙන බුරුමයට ගිය කතා පවා අපි අහලා තිබුණට වත්මනෙහි එය යථාර්ථයක් වුණේ නැහැ. කවදාහරි අපට ඒ යථාර්ථය ප්‍රායෝගික කර ගත හැකිය යන අරමුණ නොතිබුණාම නොවෙයි.

    මීළඟට ඔබ ගුවන්යානා මිලදී ගැනීමක් කරාවිද?

    අප රට තුළ භාවිතයට ගත හැකි, සංචාරක කර්මාන්තයට උචිත ගුවන් යානයක් ගැනීම එතරම් අපහසු දෙයක් නෙවෙයි. එවැනි ගුවන් යානයක් මේ නෞකාවක් තරමට මිල වන්නේ නැහැ. මෙවැනි නෞකාවක් මිලදී ගන්නා මුදලින් එවැනි යානා හතරක් විතර ගත හැකියි. රට ඇතුළෙ පරිහරණය වන එවැනි ගුවන්යානා මෙම නැවක තරමට මිල අධික නැහැ.

    ඔබ සතු මෙම නෞකාවල සේවය කරන්නෙත් ශ්‍රී ලාංකීය සේවක පිරිසක්ද?

    සියයට සීයක්ම ශ්‍රී ලාංකීය ජාතිකයන්. මෙවැනි නැවක නියමුවා ගෑස් ප්‍රවාහනය ගැන ඉතා පළපුරුදු අයෙකු විය යුතුයි. එමෙන්ම මේ නැව් ගමනා ගමනයේදී භාවිත කරන අපද්‍රව්‍ය (කැළිකසළ) මුහුදට දාන්න බැහැ. ඒක තහනම්. ඒ සියලු‍ ආරක්ෂණ කටයුතු ගැන හිතලා තමයි අපි මේ නාවුක කටයුතු සිදුකරන්නෙ. හම්බන්තොට හරහා 2018 දී ලොකුම ගෑස් පර්යන්තය ඉදිවුණාම ලොකු නෞකා වලින් ගෑස් ප්‍රවාහනය කොට අප සතු කුඩා නෞකා මගින් මේ කලාපය පුරා බෙදාහැරීම වඩා ඵලදායක කටයුත්තක්. දැනට බංග්ලාදේශයේ ස්ථාපිත එරට තෙවැනි විශාලතම ගෑස් සමාගම පිහිටුවීමට අපට හැකිවුණා. ඉදිරියේදී එය තව තවත් පුළුල් කටයුත්තක් කොට රටට වඩා ඵලදායී ශක්තියක්වීම අපගේ පරමාර්ථයයි.

    සඳුන් ගමගේ

    logo-dld.jpg
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    dath dostharalatath naw thinawa
    mehema businees thawa ona lankawata
    hambanthota open karaddi Singapore government eken discount dunna patta widihata ships walata lankawatama goda yanna puluwan HUB ekak widihata wada karala & IT wage ewagen eth Singapore walin discount dunna nam oka open karaddi aniwa amathilata salli denna deparak un hithanne naha hambanthota slow karanna. deyiyane kiyala wii atayak tharram podi idak ratakin danya waraga export karala diyunu wenna puluwan kiyala hithan un inne lankwe thama.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    වෑගපිටිය ධම්මික පෙරේරාව අල්ලනවා දවසක ධම්මිකට වඩා වෑගා ගේ විශන් එක හොදයි ධම්මික ගොඩක් බලන්න අනුන්ගේ බිස්නස් ශෙයාර්ස් වලින් ඒ කම්පනි අල්ලනනේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වෑගපිටිය ධම්මික පෙරේරාව අල්ලනවා දවසක ධම්මිකට වඩා වෑගා ගේ විශන් එක හොදයි ධම්මික ගොඩක් බලන්න අනුන්ගේ බිස්නස් ශෙයාර්ස් වලින් ඒ කම්පනි අල්ලනනේ

    ඌ මුලින් ගොඩ ගියේ jackpot machine වලින් ප්‍රේමදාස ඒවා තහනම් කරට පස්සේ casino වලින් , යුද්දේ කලේ වටිනාකමට වඩා අඩු ගානට trade උන shares වලින් පට්ටට ගොඩ ගිය කට්ටිය 2009 ඉදන් 2011 වෙනකන් CSE එක කාලයක් ලෝකේ වැඩිම gain එකක් තින market එක. උන් හැම පැත්තටම support ඡන්ද වලදී. මහින්ද මිනිස්සුන්ට වෙඩි තිබ්බේ මුගේ factory එක බේර ගන්න තමයි media වලින් මුල් කලේ නමක් වත් කිව්වේ නැහැ factory එකේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    dammika da?
     
    ඔව් ධම්මිකගේ ජල්තර වැඩ තමයි වැඩි හැබැයි දැන් නම් අනිත් බිස්නස් වලින් එන ආදයම වැඩීලු කැසිනෝ ඔක්කොමගෙන්ම එන ආදයමට වඩා ධම්මිකට දේශපාලන සපොර්ට් එක හොදට ලැබෙනවා මොන ආන්ඩුවෙන් උනත් මිනිහා ලොකු පුටු වල ඉන්න උන්ට චන්ද වලට අත දිග ඇරලා වියදම් කරනවා :yes:
     
    u wedda ban sampath bank eka ehema rock karala gatthe u neda
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වෑගපිටිය ධම්මික පෙරේරාව අල්ලනවා දවසක ධම්මිකට වඩා වෑගා ගේ විශන් එක හොදයි ධම්මික ගොඩක් බලන්න අනුන්ගේ බිස්නස් ශෙයාර්ස් වලින් ඒ කම්පනි අල්ලනනේ

    වෑගපිටිය කවදහරි හැරී ජයවර්ධන ව නම් pass කරයි බන්.. හැබැයි දම්මිකව pass කරන්න බැ බන්.. දම්මිකට මොන company ද බන් නැත්තේ.. ඌට හැම මගුලම දැන් තියනව.. tile companies , grout companies, aluminium companies, hydro power plant, banks, finance companies, consumer goods company, hotels, plantation companies.. වෑගපිටියට දම්මිකගෙ තරම් පැතිරුන business නැ බන්.. ඒකයි අවුල..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    ඕක මොකක්ද නැව් තියෙන දත් දොස්තර කෙනෙකුත් ඉන්නේ..... :rofl::P

    Car Van kaarayo naw 2 thunak gaththaa..
    lorry kaarayoe thawa lorry wadi karagaththaa..
    thani bus kaarayo bas Dusim ganan gaththaa...
    Aka karanna bari un Aduma tharame hondama Bus Root eka aragaththaa
    okkoma maha rajaano inna kaale thamai...:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වැගපිටිය කියන්නේ මොකෙක්ද බං අපේ චතුර අය්යියගේ අප්පච්චිට නැව් ම 7 තියෙනවා
     
    • Like
    Reactions: shenat

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    ඌ මුලින් ගොඩ ගියේ jackpot machine වලින් ප්‍රේමදාස ඒවා තහනම් කරට පස්සේ casino වලින් , යුද්දේ කලේ වටිනාකමට වඩා අඩු ගානට trade උන shares වලින් පට්ටට ගොඩ ගිය කට්ටිය 2009 ඉදන් 2011 වෙනකන් CSE එක කාලයක් ලෝකේ වැඩිම gain එකක් තින market එක. උන් හැම පැත්තටම support ඡන්ද වලදී. මහින්ද මිනිස්සුන්ට වෙඩි තිබ්බේ මුගේ factory එක බේර ගන්න තමයි media වලින් මුල් කලේ නමක් වත් කිව්වේ නැහැ factory එකේ

    Very true. Danno danithi munge weda.
     
    • Like
    Reactions: pissupoosa jr.

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    දේශපාලනයේන් පහර නොදුන්නොත් මේ මනුස්සය ලොකු ගමනක් යනවා සහ ශ්‍රී ලාංකිකයන්ට ලොකු සේවයක් කරයි.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    s

    ඌ මුලින් ගොඩ ගියේ jackpot machine වලින් ප්‍රේමදාස ඒවා තහනම් කරට පස්සේ casino වලින් , යුද්දේ කලේ වටිනාකමට වඩා අඩු ගානට trade උන shares වලින් පට්ටට ගොඩ ගිය කට්ටිය 2009 ඉදන් 2011 වෙනකන් CSE එක කාලයක් ලෝකේ වැඩිම gain එකක් තින market එක. උන් හැම පැත්තටම support ඡන්ද වලදී. මහින්ද මිනිස්සුන්ට වෙඩි තිබ්බේ මුගේ factory එක බේර ගන්න තමයි media වලින් මුල් කලේ නමක් වත් කිව්වේ නැහැ factory එකේ

    මචන් ධම්මික වේවා අනිත් කෙනා වේවා අසාධාරණ විදිහට හම්බ කරන අය නෙවෙයි නේ.... ඉතින් shares අල්ලනවා ඒ හින්දා උට වඩා අරූ පට්ට කියන එක තේරුමක් නෑ... මොනාවා කරත් උන් බන් ඩයල්
     
    Last edited: