ලංකාව මෙතනින් ඉදිරියට යන්නනම්...
අපි දැන් ඉන්න තැන
උඹල අපි හැමෝටම පොඩි කාලෙ ඉදලම උගන්නල තියෙන්නෙ "ලංකාව තමයි ලෝකෙ උතුම්ම රට" කියල නෙ. ඒත් හොදට හිතල බැලුවොත් ඒක අමුම අමු බොරුවක් කියල තේරෙන්න ඕනෙ
කොහොමද බං ලංකාව උතුම්ම රට වෙන්නෙ මෙච්චර පරිසර දූශනයක් තියෙද්දි? මෙච්චර දරුණු මිනිස්සු ඉන්නකොට? මිනි මැරීම්, ස්ත්‍රී දූෂණ, සක්කිලි දේශපාලකයො එලිපිටම මෙච්චර හොරකම් කරන කොට? ජීවිතය එපා වෙලා සමහර උන් දිවිනසා ගන්නකොට? මට හිතෙන විදිහට ලංකාව කියන්නෙ ලෝකෙ තියෙන කාලකන්නිම රටක්. ලෝකෙ තියෙන සත්‍යවාදීම ආගම බෞද්ධාගම. ඒත් අපේ හාමුදුරුවරු ඒක පිටිපස්සෙ ඉදගෙන කරන වැරදි වැඩ බලපන්. බෞද්ධ කියා ගන්න ම්නිස්සු උනත් කොච්චර ආගමානුකූලව ජීවත් වෙනවද කියල පේනවනෙ
අපි ලෝකෙ අනිත් රටවල් එක්ක උනත් සංසන්දනය වෙන්නෙ කොච්චර පහත් විදිහටද බලපන්. ගොඩක් පිටරට මිනිස්සු Sri Lanka කිව්වම මේක රටක් ද? නගරයක් ද? කියලවත් දන්නෙ නෑ. අපේ කොච්චර දක්ෂ උන් හිටියත් උන්ට හරියට අත හිත දෙන්න රජයවත් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒව නිසා අපි කාටවත් impact එකක් ඇතිකරන්න පුලුවන් රටක් නෙමෙයි.
රට මෙතනින් ඉදිරියට යන්න නම්
1. මගේ මතය නම් අපේ රටට හෙනයක් වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ දූපත් මානසිකත්වය සහ මවාගත්ත සංස්කෘතියක හිර වෙලා ඉන්න හදන එක.
2. සංස්කෘතිය ගැන මගේ පෞද්ගලික අර්ථ දැක්වීම "Culture is something that evolves over the course of time. This evolution is based on people's behaviors and preferences that affects them through external influences" ඒත් අපේ ලංකාවෙ මිනිස්සු අතීතයේ එක කාලෙක තිබ්බ සංස්කෘතියක හිරවෙලා ඉන්නව. කාලය ගෙවිල ගියත්, කොච්චර බාහිර බලපෑම් ආවත්, forcefully අර සංස්කෘතියට වෙනස් වෙන්න දෙන්නෙ නෑ. වෙනසක් ගැන කතා කරන මිනිස්සුන්වත් නැති කරල දානව social media වලින්ම.
3. Social Media වැරදි ලෙස බාවිතය තමයි අනිත් එක. දැන් බලපන් මිනිහෙක් ට කිසිම privacy එකක් තියෙනවද? accidents, suicide cases, පවුල් ප්‍රශ්ණ කිසිම හිතක් පපුවක් නැතුව එක එක pages වලින් සහ රටේ ප්‍රධාන මාධ්‍ය වලින්ම එහෙම්මම එලියට දානව. කිසිම filter කිරීමක් නෑ. මේ දේවල් අදාල පවුල් වලට personally කොහොම බලපානවද කියල ශිෂ්ඨ විදිහට හිතන්නෙ නෑ. බලපන් දැන් මිනී මැරුමක් උනත් කොච්චර සාමාන්‍ය සිද්ධියක් වෙලාද කියල. ගානක් වත් නෑනෙ නැද්ද?
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, අපේ රටේ මිනිස්සු කොච්චර රටේ දියුනුවක්, රට ඉදිරියට යාමක් අවශ්‍යයි කිය කිය කෑගැහුවත් සංස්කෘතිය කියන මිරිඟුවට අහුවෙලා එ්ක වෙනස් කරන්නෙ නැති තාක්, අපි එකම තැන පල් වෙන, ඒකාකරී ජීවිතයන් ගතකරන මිනිස්සු ඉන්න දූපතක් විතරයි.
"We don't live our lives. We merely exist
" -K

හරියට අර බල්ලගේ නැට්ටේ මස් කට්ටක් එල්ලලා ඌ ඒක අල්ලන්න කැරකෙනවා වගේ තමා. ලෝකේ බලවත් රටවල් දිගටම දියුණු වේවි යනවා පොඩි අපි උන් පස්සෙන් දුවනව. ඕකේ ඉවරයක් නෑ හැමවෙලේම ලෝකේ කවුරුහරි රටක් අපිට වඩා ඉස්සරහින් ඉඳි. කොටින්ම ලංකාවෙන් හඳට මිනිහෙක් යවන තරමට අපි දියුණු උනත් අනික් උන් ඒ වෙද්දී සෞරග්‍රහ මන්ඩලේම ජනාවාස කරලා තියෙයි ඉතින් එදාටත් අපි අනික් උන්ට සාපේක්ෂව නොදියුණු රටක්ම වෙලා තියෙයි. 

හැබැයි මම රටට නෙමෙයි බැනල තියෙන්නෙ. ලංකාවෙ පිහිටීම, ස්වභාවික සම්පත් සහ දේශගුණය ගැන කිසිම වැරුද්දක් කියන්න බෑ. මගේ විරුද්ධත්වය තියෙන්න මිනිස්සුන්ගෙ ආකල්ප වලට හා system එකට.