~e~පුස්තකාලය - ගෙවලා ගන්නකම්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ~e~පුස්තකාලය - ගෙවලා ගන්නකම්

    3161csw.png

    මෙතන පීඩීඑෆ් share වෙනවා:dull: - ඇයි පීඩීඑෆ් Share කරන්නේ? :angry:
    අපගේ පුස්තකාල නූලේ ප්‍රමුඛ වූ අරමුණ මෙලෙස උඩුගත කරන ලද පොත් ඔබ වෙත් ගෙන ඒම නොවේ. එනමුදු එම නූලේදී එකතු වූ අති විශාල පොත් පත් ප්‍රමාණයක් සඳහා වන පිළියෙල වූ "ඊ පොත්" පීඩීඑෆ් සහ ඊපීයුබී යන ෆයිල් වර්ග මගින් එක තැනකොට ගෙන ඔබ වෙත ඉදිරිපත් කරන්නේ වඩාත් පහසුව පිණිසමය.

    ප්‍රථමයෙන්ම මෙම ග්‍රන්ථ රචනා කළ කතුවරුන් සහ ප්‍රකාශන ආයතන සිහි කරන්නේද හදපිරි ප්‍රණාමයෙනි.:yes:
    දෙවන ස්තූතිය:- තවකෙකෙකුගේ දැනුම වෙනුවෙන් මුද්‍රිත පොත ස්කෑන් කළ අයටත් ඊ පුස්තකාලය වෙත ගෙන ආ අයටත්.
    ඔබලාගේ දැනුම තව තවත් වඩවාගැනීමට අවස්ථාව උදා වේවා...!
    මෙම ඊ පොත් කිසිසේත් කතුවර-ප්‍රකාශකගේ අවාසියකට හේතුවන්නක් නොවන බව මා විස්වාස කරන්නේ පෞද්ගලිකව මා මිළදී ගත් පොතක් කියවන කෙනෙකු නිසාය (පුස්තකාලයේ පොත්ද ඇතුලත්ව ). මෙම පොත් සහ යාවත්කාලීන වන කැමතිම පොත් වලට ලැබෙන කොමෙන්ටු වලින් අපට වඩාත් සිත්ගන්නා පොත් ටික මා මිළදී ගනු ඇත. ඒ e වර්ශන් කියවීම මා හට නුපුරුදු දෙයක් නිසාවෙනි.

    එනමුදු විශාල පරම්පරාවක් වීදුරු තිරයකින් පොත් පත් කියවීමෙ නැඹුරුවක් දක්වයි. සැබවින්ම පොත් කියවීමේ හුරුවක් නැති අය වුවද කියවීමේ හුරුවක් ඇති කරගන්නේ දැන් දැන් තාක්ෂණය සමග ආ ටැබ් කින්ඩ්ල් අදී උපකරණ හා හරිහරියට ගැටෙමිනි. ඉතාම ඉකමනින් මෙරට පොත් ප්‍රකාශකයාට පොත් මුද්‍රණය කරන අතරේ e වර්ශන් විකුණීම ප්‍රචලිත කිරීමට සිදුවනු ඇත. එය දැන් ඉතා වේගයෙන් වෙනත් රටවල පැතිරී අවසානය.

    ඉතින් අද පොත් කියවීම ආසාවක් කරගන්නා ඔබ හෙට දිනයේ ඊ පොත් නැතිනම් මුද්‍රිත පොතක් මිලදී ගනු නිසැකය. ඒ කියවීමේ පුරුද්ද අපිට හොඳක්ම ගෙන දෙනු ඇත. අපගේ අරමුණ කියවන පරපුරකි. කියවන පරපුරක සැබවින්ම රචකයා හෝ ග්‍රන්ථ ප්‍රකාශකයාට අවාසියක් නොව වාසියක්ම සිදුවනු ඇත. හොඳ කෘති තව තවත් ඉල්ලීම් වලට භාජනය වෙවි. කතුවරුන්ට ලැබෙන ලොකුම තෑග්ග වන්නේ කියවන පරපුරක හොඳ නොහොඳ ඇසීමය.

    ඉදිරියෙදී ඔබ මිළදී ගන්නා පොත්පත්ද අප සියල්ලෝ සමග බෙදාගනු ඇතැයි යන විස්වාසයක් මා හට ඇත. වෙනදාට වඩා වැඩියෙන් පොත් මිළදී ගන්නෝද වෙනදට වඩ අඩුවෙන් මිළදී ගත් පොත් ලස්සනට රාක්ක වල පරණ කරන්නෝද බලපොරොත්තු වෙමි.

    ඔබ අලුතින් මිළදී ගන්නා පොතේ මුල් පිටුවේ ඡායාරූපයක් පළකිරීමත් කියවූ පසු ඔබේ විචාරයත් බලාපොරොත්ති වෙමි.


    පොත් ගැනම කතාකරන්න එන්න ප්‍රධාන පිටුවට.
    අලුත් පොත් මොනවද, හොඳ පොත් මොනවද, ගන්නෙ කොහෙන්ද,පරණ පොත් ගන්න තැන්. පොත් ගැන රිවීව්, ඔබට හමුවෙන ලස්සන කෝට්ස් ගැන කතා කරමු
    එමු ඇතුලට link
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්තූතියි එක වචනයකින් හෝ ආශිර්වාද කල සහ ක්‍රියාකාරීව නූල පුරා රැඳී සිටි ඔබටත්.:cool::yes:

    පොත් ගැන කතා කරන්නේ මෙන්න මේ ප්‍රධාන නූලේ. ඉල්ලීම් කතා බස් එහෙම.
    http://www.elakiri.com/forum/showthread.php?t=1798127


    කියවපු පොත් වල තිබුනු මතකයේ රැඳුණු දේවල් මේ නූලෙ ලියන්න...
    මේ නූල පොත් ගන්නවට අමතරව ඒවායේ කන්ටෙන්ට් විතරක් දාමු


     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ලින්ක් එක එබුවම එක්සෙල් ශීට් එකකට යන්නේ බන්, කෙලින්ම drive එකට නෙවේද යන්න ඕනේ :oo:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    මේ ලින්ක් එක එබුවම එක්සෙල් ශීට් එකකට යන්නේ බන්, කෙලින්ම drive එකට නෙවේද යන්න ඕනේ :oo:


    යටින් link එක තියෙන්නෙ අවුලක් නෑනෙ

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උපුලෝ ඩ්‍රයිව් එකේ සමහර පොත් ඩුප්ලිකේට් වෙලා නේද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං මන් ගොඩක් කලෙක ඉදන් නෙට් එකේ තියන pdf කියවනවා සිංහල නවල් එනම් මනම් එහෙම. උබ අප්ලෝඩ් කරලා තියන ඔක්කොම පොත් මන් කියලත් තියනව සුජීවගේ පොත් ඇරෙන්න. The Reader's Place nhala novels sl අන්ලිමිටඩ් ඕවගේ අප්ලෝඩ් වෙච්ච පොත් තමයි ගොඩක් තිබ්බේ මුලින් උබ දාල තියෙන්නෙත්ති ඒවා තමයි ගොඩක්. ඒ අය ඕව උප්ලෝඩ් කරලා තින්නත් මහන්සියක් වෙලා කට්ටක් කාල එක නිසා මේ විදියට ත්‍රෙඩ් එක දානකොට උන්ටත් ස්තුතියක් දාපන්.... අන්න ඒ ගුණයත් එන්නේ පොත් කියවපු නිසාම කියල උබටත් හිතෙයි... මන් මේ කියපු දේ වැරැද්දක් කියල හිතට ගන්න එපා.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචං මන් ගොඩක් කලෙක ඉදන් නෙට් එකේ තියන pdf කියවනවා සිංහල නවල් එනම් මනම් එහෙම. උබ අප්ලෝඩ් කරලා තියන ඔක්කොම පොත් මන් කියලත් තියනව සුජීවගේ පොත් ඇරෙන්න. The Reader's Place nhala novels sl අන්ලිමිටඩ් ඕවගේ අප්ලෝඩ් වෙච්ච පොත් තමයි ගොඩක් තිබ්බේ මුලින් උබ දාල තියෙන්නෙත්ති ඒවා තමයි ගොඩක්. යුතුකමක් විදියට ත්‍රෙඩ් එක දානකොට උන්ටත් ස්තුතියක් දාපන්.... අන්න එතකොට තමයි එක නියම පොත්
    :yes: aniwa. kanawa me. edit karannm :yes:kala
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පාස්වර්ඩ් දාන්නේ ඇයි :oo:
    පාස්වර්ඩ් එක මේකේ මුල් පිටුවේ දානවා. ජීටී අයියට ගේන් එකක් එන්නයි කොහෙ හරි අපතයෙක් wena site ekakata ඇදලා දැම්මොත් පාස්වර්ඩ් මාරු කරන්නයි:oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාස්වර්ඩ් එක මේකේ මුල් පිටුවේ දානවා. ජීටී අයියට ගේන් එකක් එන්නයි කොහෙ හරි අපතයෙක් wena site ekakata ඇදලා දැම්මොත් පාස්වර්ඩ් මාරු කරන්නයි:oo:
    ඒක හොඳයි තමා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :yes: aniwa. kanawa me. edit karannm :yes:kala

    අපි කට්ටිය අලුතින් අප්ලෝඩ් කරන පොත් වෙන් එකෙක් කවද හරි උන්ගේ සයිට් එකක දනකොටත් ගත්තේ එලකිරියෙන් එළකිරි උපුල්පිඩින් ගෙන් කියලා දාවි.....:yes::yes: නියම පොත් වල හරය ගත්ත එකෙක් නම්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පාස්වර්ඩ් එක මේකේ මුල් පිටුවේ දානවා. ජීටී අයියට ගේන් එකක් එන්නයි කොහෙ හරි අපතයෙක් wena site ekakata ඇදලා දැම්මොත් පාස්වර්ඩ් මාරු කරන්නයි:oo:

    ඉතින් බන් පාස්වර්ඩ් එක හැමෝටම පෙන්ඩ දැම්මම ඉතින් තේරුමක් නෑනේ කොහොමත් :baffled::baffled: