මළවුන් හතලිස් නව දෙනෙකු සමග රාත්‍රියක්
මළවුන් හතලිස් නව දෙනෙකු සමග රාත්‍රියක්
දිනය 2017 අප්‍රියෙල් 4 වනදාය .කොළඹ හෝටලයක පැවතුණු මංගල උත්සවයකට සහභාගී වී හෝටලයෙන් පිටතට මා පැමිණෙන විට රාත්‍රී 11 ට ආසන්න වී තිබුණි .ගාල්ල දෙසට යන බස් රථයකින් කළුතරට ගොස් කටුකුරුන්දේ වසන මගේ ඥාතියෙකුගේ නිවසේ රාත්‍රිය ගත කොට පසුදා උදැසන ගෙදර යාම මගේ සැලැස්ම විය .ලේක්හවුස් වටරවුම දක්වා පා ගමනින් ගිය මා එහි බස් නැවතුමක නතර වී බල සිටියේ ගාල්ල දෙසට යන බස් රථයක් එනතුරුය. පැය භාගයකට ආසන්න වෙලාවක් බලා සිටි නමුත් බස් රථයක් නොපැමිණියෙන් මා සිටියේ තරමක් නොසන්සුන්වය .මගේ නොසන්සුන් තාවය වැඩි කිරීමට බස් නැවතුමේ සිටි තරුණියද හේතුවූ බව අවංකව ඔබට කිව යුතුය.තරමක සුරුපිනියක් වූ ඇය මා හා කතා බහට වැටී ඉන්පසු යෝජනා කළ ඇතැම් දේ මෙහි ලිවීමට නොහැකිය. අවුරුදු විසිපහක් තිහක් පමණ වයසැති කතක් මහා රාතියේ තනිවම බස් නැවතුමකට වී සිටින්නේ මන්දැයි තීරණය කිරීම පාඨකයන්ට භාර කරමි .ඇගෙන් ගැලවී යාම සඳහා පැමිණෙන ඕනෑම බස් රථයක නැගීමට මා අවසානයේ තීරණය කළෙමි. එම තීරණය ගෙන වැඩි වෙලාවක් ගත වුයේ නැත . වාසනාවකට කලුපාට බෙන්ස් මෝටර් රථයක් පැමිණ මා ඉදිරිපස නතර කළේය .
"අද හිල්ටන් එකේ තිබුණු වෙඩින් එකේ හිටිය මට මතකයි. කොහාටද යන්නේ ?" රියදුරු අසුනේ සිටි පුද්ගලයා ඇසීය
" මං යන්නේ මතුගමට . ඔබ තුමා කොහෙටද යන්නේ ? " මා විමසීමි .
"මං නම් යනවා දොඩන්ගොඩට යනකං. කැමතිනම් නගින්න . මමත් මේ වෙඩින් එකේ ඉඳල එන්නේ "
මා හනික රථයට නැග්ගේ ඔහුට බලවත් ලෙස ස්තුති කරමිනි. රියදුරා වනාහි බස් නැවතුමේ අටවා තිබු උගුලෙන් ගලවා ගැනීමට මගේ මියගිය සීයා විසින් එවන ලද දුතයෙකු විය හැකියයිද මට සිතුණේය.එසේ සිතුණේ පැරණි අත්දැකීම් කීපයක් නිසාය.ඒවා විස්තර කිරීමට මේ අවස්ථාව නොවේ. පසු අවස්වථාක ඒ පිළිබඳව ලියමි.
.ආසනයේ හරිබරි ගැසී වාඩිවීමෙන් පසු රියදුරා දෙස බැලීමි . ඔහු උසය, මහතය .මැදියම් වයස පසු කරමින් සිටියේය. .ඔලුවේ එකම කෙස් ගසක්වත් තිබුනේ නැත . ඔහු කලුපාට කලිසමක් සහ සුදු කමිසයක් පැළඳ සිටියේය. මා රථයට නංවා ගැනීමෙන් පසු ඔහු වේගයෙන් රිය ධාවනය කළ නිසාදෝ මා සමග එකම වචනයක්වත් කතා කිරීමට ඔහු උනන්දු වුයේ නැත .මංගල උත්සවය ගැන මා වචනයක් දෙකක් කී නමුත් ඔහු කිසිදු පිළිතුරක් නොදුන් බැවින් මමද නිහඬව සිටියෙමි .
රියැදුර දෙසින් කිසියම් දුර්ඝන්ධයක් පැමිණෙන බව දැනුනේ ටික වෙලාවක් ගතවූ විටය.එවැනි දුර්ඝන්ධයක් මෙයට පෙර මට දැනී තිබුණේ කලකට පෙර දියේ ගිලී මියගිය ගම්වාසියෙකුගේ අවමගුලකදීය ..රියදුරා මිණී එම්බාම් කරන්නෙක්ද? නැතහොත් මෝටර් රථයේ කොතැනක හෝ මළමිනියක් සඟවාගෙන යන මිනී මරුවෙක්ද? මොහුගේ සැලැස්ම මිනී මැරුමට මා පටලවා බේරී යන්නටද? මගේ ඔලුව යකාගේ කම්මල බවට මොහොතකින් පත් විය . බස් නැවතුමේ සිටි තරුණියගේ උගුලට අසු වී නම් මෙයට වඩා හොඳයයි සිතුණි . මේ මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේදැයි නැවත නැවත කල්පනා කළෙමි.
රියදුරා මගේ සිත කියවන්නට ඇතැයි මට සිතුණේ මගේ ආසනය අසලවූ කවුළුව ඔහු විවුර්ත කළ හෙයිනි. ඊ ළඟ විනාඩියේදී සුළඟ විසින් දුර්ඝන්ධය පිස දැමු හෙයින් මගේ සිත තරමක් සන්සුන් විය.
මෝටර් රථය ගමන් කරන්නේ ගාලු පාරේ නොව වෙනත් දිසාවකට බව මට වැටහුනේ ඇස් වාට්ටුව හන්දිය දුටු විටය. ඊ ළඟ මොහොතේ එය වෝඩ් පෙදෙස දෙසට හරවා ගමන් කොට විශාල මන්දිරයක් ඉදිරිපස නවතනු ලැබිණ. " බොස්ව දාගෙන යන්න තියෙනවා .ඒකයි නැවැත්තුවේ." කී රියදුරා වාහනයෙන් බැස රථයේ පිටුපස වම් පැත්තේ දොර විවුර්ත කළේය. ඊ ළඟ මොහොතේ නිවසේ ගේට්ටුව විවුර්ත වූ අතර ජාතික ඇඳුමින් සැරසුණු උස පුද්ගලයෙකු පැමිණ රථයට ගොඩ විය .වහා දොර වැසු රියදුරා රියදුරු අසුනට පැමිණ රථය පැදවීම ආරම්භ කළේය.
"සර් ! දොඩන්ගොඩ කොයි හරියේද ? දැකල නම් පුරුදුයි " පිටුපසට හැරී මා 'බොස් ' ගෙන් විමසුවේ ඔහුගේ වාහනයේ ඔහු සමග සුහද කතා බහක නොයෙදී ගමන් කිරීම අපේ සංස්කෘතියට නොගැලපෙන නිසාය.
"අඳුන ගන්න බැරි උනාද ? මං ජේ .ආර්. ජයවර්ධන . "
ජේ ආර් ? ඔහු මියගියේ 1996 දී බව මට සිහිවිය .මා සිහි විසඥ නොවුනා පමණය .
මගේ මුලු සිරුරම අයිස් සේ සීතල වී ගිය අතර ඊළඟ මොහොතේ හිස මුදුනේ සිට යටිපතුල් දක්වාම දහදියෙන් පෙඟී යනු දැනුණි. හදවතේ ගැස්ම ඉහල ගොස් නැගුනු හඬ රියදුරාටද ඇසෙන්නට ඇත . මේ විපත්තියෙන් ගැලවීමට ඇති එකම මග මෝටර් රථයෙන් එලියට පැනීම පමණය .
" එලියට පැනල දැන්ම අපේ ලෝකෙට එන්න හදන්න එපා. අනික දොරවල් ලොක් කොරල තියෙන්නේ"
ජේ.ආර්.ගේ ගොරෝසු කටහඬ අවවාදයකට වඩා තර්ජනයක ස්වරුපයෙන් යුක්ත විය .
ඔහු නැවත කතා කළේය. එහෙත් සැර බාල කොටය .
" මිස්ටර් රණවීරගේ ! තමුසේ බය වෙන්න අවශ්‍ය නැහැ. තමන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ . අනික තමුසේ වගේ පුංචි මිනිහෙකුට හානියක් කරලා මට තියෙන ප්‍රයෝජනය මොකක්ද ? මං තමුසෙව ගෙන්න ගත්තේ නිකම් නෙවෙයි.තමුසේ අපක්ෂපාත බ්ලොග් රයිටර් කෙනෙක් නිසා . මන් තමුසෙගෙ 'සුදු කුකුළා' කියවල සෑහෙන්න පැහැදුනා "
එයට පිළිතුරු දීමට මා උත්සාහ කළද කවුරුදෝ බෙල්ල හිරකරගෙන සිටින්නාක් මෙන් මට දැනුණේය.
"බ.....බ .........බ......බය.........නැ.....නැ .........ද්ද.......ස.....ස...සර්........."තවත් විනාඩි ගණනකට පසු කීවෙමි "
'"මොකට බය වෙනවටද? " බය වෙන්න ඕනේ පණ පිටින් ඉන්න අයටනේ අයිසේ "
"ස...ස .....සර්.... අභාවප්‍රාප්ත වෙලා දැන් ....දැන්...... අ....අවුරුදු ගානක් වෙනවා . ඔබ තුමා පණපිටින් ඉන්නකොටත් රටෙන් බාගයක්ම බයෙන්....බයෙන් ..... හිටියේ......සර්ට ආයි පණ ඇවිල්ල තියෙනවා දැක්කොත් මුළු රටටම නු....නු...ල් ....නුල් බඳින්න වෙනවා ."
"හොහ්, හොහ් හොහ් හොහ් " හිනහව නවතා ගැනීම ජේ.ආර්. ට තරමක් අසීරු විය ."
වැටුණු උගුලෙන් බේරීමට කිසිදු මගක් නැති බව ක්‍රමයෙන් පැහැදිලිවන්නට විය .වෙන දෙයක් උනාවේ කියා අන්තිමට හිත හදා ගත් මා ජේ.ආර්.ගේ අවතාරය සමග කතා බහ කිරීමට තීරණය කළෙමි.
" ඉතින් ස...ස....සර් මාව ගෙන්න ගත්තේ මො......මො......මොකද කියල කියනවනම් "
"දැන් මේ යන්නේ මළවුන්ගේ රැස්වීමකට . එතන ඉන්නවා මැරිච්ච ප්‍රසිද්ධ දේශපාලකයෝ 50 දෙනෙක්. තමුසේ මාත් එක්ක ඇවිල්ල ඒ ගැන ආටිකල් එකක් ලියනවා . එතැනදී බණ්ඩාරනායක , ප්‍රේමදාස එන්.එම් , කොල්වින් , විජේවීර , විජය කුමාරතුංග කාරිය හම්බ වෙන්නත් පුළුවන් . ආ ප්‍රභාකරනුත් ඒවි.
මළවුන්ගේ රැස්වීමකට ගොස් ආපසු පණපිටින් ඒමට ලැබේදැයි මා කල්පනා කළා පමණය .ජේ.ආර්. යලිත් කතා කළේය . " බය වෙන්න දෙයක් නැහැ . මගේ ඩ්‍රයිවර් තමුසෙව මතුගමට ගිහිල්ලා දායි ."
.ලේඛකයෙකු එඩිතර විය යුතු බව මතක් වුයේ එවිටය . එඩිතර මාධ්‍ය වේදීන් යුධ බිමට ගොස් කරන ලද වාර්තා කිරීම් නොවන්නට මිනිසුන්ට කියවන්නට වෙන්නේ පත්තර කන්තෝරුවල සිට ලියන අතේ රෝල්ය. අනෙක් අතට මට මේ අවස්ථාව දීම ගැන මා ජේ.ආර්ට සදා ණයගැති විය යුතු නොවේද?
source http://sudukukula.blogspot.com/2017/05/blog-post.html#gpluscomments